Tuesday, May 26, 2015

වට්ටක්කා සූප්පු කිරීම

අඳුරන කීපදෙනෙකුගේ ගෙවල් වල ජනෙල් අස්සට එබූ ලීෆ්ලට් කොල හත අටක් ඇරෙන්නන්ට වැඩි පබ්ලිසිටියක් නොදී පටන් ගත්තත් දැන් කඩේට ටික ටික සෙනඟ ගොඩවේ. තිලකේගෙන් හම්බවුනු ලොකු සීගිරි කොළේ වියදම් කර කඩේට අලුත් බෝඩ් ලෑල්ලක් ඇඳ ගැනීමට හැකි විය. රසිකොලොජිස්ට් සහ කිචීත් ඇවිත් විෂ් කර ගියේය. නෙලුම්යායේ නෝටිස් බෝඩ් එකෙත් ලීෆ්ලට් කෑල්ලක් එල්ලලාය. ඒක දැකලාත් සෙනඟ ආවේය. තැන්කියු වේවා!

පැමිණිය හැකි පාරිභෝගිකයන් ගැන අයිඩියා එකක් හරියටම නැති නිසා තාමත් වැඩිපුර හදන්නේ දොඩම් වීදුරු අයිස් කෝපි වගේ කාටත් හරියන දේවල්ය. බැනුමක් බලාගෙනම අයිස් කෝපි එකට බ්රැන්ඩි පොඩ්ඩක් දැම්මේත් යන විදිය පොඩ්ඩක් පරික්ෂා කරන්නටය. හැබැයි කඩේට එන සමහර පාරිභෝගිකයෝ (පොඩ්ඩක් හොයලා බැලුවාම) හිස්බඩම සැන්ඩි නැතුව ගල් කාල ගහන අයයි. අයට අයිස් කෝපි වැඩක් නැති බව ඉකොනොමැට්ටාට තේරේ. වුනත් සැර දේවල් විකුණනන්නට තාම පාන්දර වැඩිය. කොහොම වුනත් දැනට තේරෙන හැටියටනම් එන අය වැඩි දෙනෙකුට ඕනෑ කරන්නේ කටට රසට කෑමකි. කොත්තුවේ ඇත්තේ බිත්තරද, චිකන්ද නැත්නම් එළවළුද කියාත් චිකන් හලාල් නැද්ද කියාත් වද වෙන පාටක් නැත.

අපේ පාරිභෝගිකයන්ට කරන සැලකීමක් ලෙස පහතින් ඇත්තේ යනගමන් සූප්පු කරකර යන්නට නොමිලේ චුවිංගම් එකකි

***
සිංහල භාෂාවේ එකම වචනයට වෙනස් අරුත් තිබේ. උදාහරණයක් ලෙස මුදල් පසුම්බිය සඳහා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පර්ස් එක කියා කියමු. දම්ගැටමාලාවේ ඇති මේ අර්ථයම දෙන තවත් වචනයක් අද බොහෝ විට අසභ්‍ය වචනයක් ලෙස භාවිතා වේ. මේ අයුරින්ම අසභ්‍ය වචනයක් ලෙස පාර්ලිමේන්තුව හැර වෙනත් තැන් වලත් වට්ටක්කා යන අර්ථයෙන් පාර්ලිමේන්තුවේත් භාවිතා වන තවත් වචනයකට ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයට අනුව පලය, ගෙඩිය, වට්ටක්කා ආදී අරුත් රැසක් ඇත. ඒ නිසා වචන වල අරුත් පටලවා නොගෙන හරියට තේරුම් ගැනීම පුරවැසි වගකීමකි. (විශේෂ ස්තුතිය: ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක හා විශ්ලේෂක, හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මැතිතුමා. වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.)


https://www.facebook.com/lokayasahalokayo


කෙසේ වුවත් මෙසේ වෙනස් වචන භාවිතා කරමින් හෙළුවෙන් වැනීමේදී වාසුට වුනාක් මෙන් යම්යම් පටලැවිලි සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස පහත දෙබස් වල නිල් පැහැයෙන් ඇති වචන සඳහා හිටපු ඇමති තුමාගේ වචන ආදේශ කර බලන්න.
පළමු සිදුවීම:
 බන්දුසේනගේ කලවයේ සැරවා ගෙඩියකි. බන්දුසේන දොස්තර ගාවට යයි.
බන්දුසේන: ඩොක්ටර් මගේ මේ කකුලේ සැරවා ගෙඩියක් හැදිලා
 දොස්තර: කෝ බලන්ඩ එහෙනං පොඩ්ඩක් ගෙඩිය පෙන්නන්ඩ.
බන්දුසේන ලජ්ජාවෙන් දොස්තරගේ මුහුණ බලා සිටී.
 දොස්තර: මොකද ඇඹරෙන්නේ? ලැජ්ජා වෙන්නැතුව සරම උස්සල ඕක පෙන්නනවා.
බන්දුසේන සරම උඩටම උස්සා වෙන ගෙඩියක් පෙන්නීමට සැරසේ.
 දොස්තර: ඔය මොකද කරන්නේ? මම කිවුවේ සැරවා ගෙඩිය පෙන්නන්ඩ කියලා.
බන්දුසේන සැරවා ගෙඩිය පෙන්නයි. දොස්තර එය පරික්ෂා කරයි.
 දොස්තර: මේකට නිකං බෙහෙත් දාල හරියන්නේ නෑ. ගෙඩිය කපලා දාන්න වෙනවා.
බන්දුසේන: මොකක්ද දොස්තර මහත්තයා කිවුවේ?
 දොස්තර: ගෙඩිය කපන්ඩම වෙනවා.
බන්දුසේන කලන්තේ දා වැටේ.
දෙවන සිදුවීම:
බන්දුසේන දෙල්කඳ පොලට යයි.
බන්දුසේන: කීයද මේ වට්ටක්කා කිලෝ එකක්?
 පළමු වෙළෙන්දිය: අසූවයි මහත්තයා, ගන්ඩ බඩු හොඳයි.
බන්දුසේන: හොඳටම වැඩියි. වට්ටක්කා කිලෝ එකකට අසූවක් දීලා මං කොහොමද දෙදාස් පන්සීයෙන් බජට් එක බැලන්ස් කරන්නේ? හතළිහක් දෙන්ඩද?
පළමු වෙළෙන්දිය: වාතයක් නොවී යන්ඩ මහත්තයා. අපිට දාන්නෙත් හැටට.
බන්දුසේන: තියාගන්නවා තමුසෙගෙ වට්ටක්කා.
පළමු වෙළෙන්දියට මළ පනී. බන්දුසේන පතෝල ප්‍රහාරයක් පමණක් කා යන්තම් මාරුවේ. ඔහු දැන් වෙනත් වෙළෙන්දියක ළඟය.
බන්දුසේන: කීයද මේ වට්ටක්කා කිලෝ එකක්?
 දෙවන වෙළෙන්දිය: හැත්තෑවයි මහත්තයා.
වට්ටක්කා ටිකක් නරක් වී තිබුණත් බන්දුසේන වාද නොකර කිලෝවක් ගැනීමට තීරණය කරයි.
 දෙවන වෙළෙන්දිය: කිලෝ එකට පොඩ්ඩක් වැඩියි. හැත්තෑ පහක් දෙන්න මහත්තයා.
බන්දුසේන: පොඩ්ඩක් ඉන්ඩ. මේ පර්ස් එක එළියට ගන්නකන්.
බන්දුසේන කමිසය යටින් අත දා සරමේ වාටියේ රඳවා ඇති මුදල් පසුම්බිය ගැනීමට සැරසේ.
 දෙවන වෙළෙන්දිය: තියාගනින් උඹේ කුණු xxx.
එවර බන්දුසේනගේ මූණට කුණු වට්ටක්කා කෑල්ලකි.
තුන්වන සිදුවීම:
බන්දුසේන අප්පච්චිගේ හේනට යයි.
අප්පච්චී වට්ටක්කා හොද්දක් සමඟ කුරහන් තලප උයා ඇත.
බන්දුසේනටත් කෑමට ආරාධනාවක් ලැබේ.
බන්දුසේන වට්ටක්කා කෑල්ලක් සූප්පු කරමින් කඩිමුඩියේ කුරහන් තලප ගිල දමද්දී බන්දුසේනගේ මල්ලී විමලසේනත් හේනට පැමිණේ.
විමලසේන: බන්දු අයියා, මොනවද මේ තලුමරමර සූප්පු කරන්නේ?
බන්දුසේන: මේ අප්පච්චිගේ වට්ටක්කා. පට්ට රහක්නේ බන් තියෙන්නේ...
විමලසේන මේක තේරුම් ගත්තේ වෙන විදියකට බව මේ දවස්වල විමලසේනව දකින කාටවත් කියන්නට අවශ්‍ය නැත.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget