Sunday, May 31, 2015

අපි ණය ගන්නේ ගිණි පොලියටද?


නෙළුම්යායේ නැවත පළකෙරුණු "යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය"යන සරස ලියූ සටහන දැක යම් පැහැදිලි කිරීමක් කිරීමට සිත් විය. සටහනේ ඇති කරුණු නිවැරදි හා පැහැදිලි වුවත් එහි අවසාන විග්‍රහය සමඟ ඉකොනොමට්ටාට මුළුමනින්ම එකඟ විය නොහැක. මගේ අරමුණ වෙනත් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම නොවේ. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි තාක්ෂණික කරුණු කිහිපයක් එක් කිරීමයි.


මෙහි සඳහන් කර ඇති බැඳුම්කර එකතුව පිලිබඳ වැඩි විස්තර (සංයුතිය) මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.


http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150529e.pdf


මේ අනුව 5.26% ක පොලියකට ඩොලර් මිලියන 988ක ණය ගෙන ඇති බව සැබෑවකි.


සරස සඳහන් කර ඇති පරිදිම "ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය." මූලාශ්‍රයක් අවශ්‍යනම් මෙහි තිබේ.


http://online.wsj.com/mdc/public/page/2_3020-libor.html


ගිණි පොලියට ණය ගෙන ඇති බව බැලූ බැල්මට යමෙකුට ඇති වන අදහසයි.


කෙසේ වුවද මහා බැංකු මාධ්‍ය නිවේදනයේ තවත් තොරතුරු තිබේ. මේ අනුව ඩොලර් මිලියන 988ක් ලබා ගෙන ඇත්තේ පහත සඳහන් පරිදිය.

- ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් ස්වෛරිත්ව බැඳුම්කර වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකට
- ඩොලර් මිලියන 329ක සංවර්ධන බැඳුම්කර මාස 13ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට. (දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි.)
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.5389% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට.


ණය පොලී අනුපාතික වෙළඳපලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන අතර ඉල්ලුම හා සැපයුම බොහෝ බාහිර කරුණු මත විචලනය වේ. (සටහන ඕනෑවට වඩා දිගු වන නිසා මෙහි සාකච්ඡා නොකරමි.) කෙසේ වුවද ණය ආපසු ගෙවන කාලය අනුව පොලී අනුපාතිකය ඉහළ යාම බොහෝදෙනෙකු දන්නා සරල කරුණකි. සතියක කාලයක් සඳහා LIBOR අනුපාතිකය 0.12300% වන විට වසරක කාලයක් සඳහා එයම 0.75295% වන්නේ ඒ නිසාය.


මේ අනුව අප වසරක  LIBOR අනුපාතිකය වන 0.75295% සැසඳිය යුත්තේ වසරක කාලයකට ලබා ගන්නා ණයක් සඳහා ගෙවන පොලියකටය.


ශ්‍රී ලංකා රජය විසින් මාස 13ක කාලයකට නිකුත් කර  ඇති සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නේ සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකි. දැනට සමස් LIBOR අනුපාතය 0.42315% ක් හා වසරක් සඳහා LIBOR අනුපාතය 0.75295% වන නිසා දළ වශයෙන් අපි වසරක කාලයකදී  LIBOR අනුපාතයට වඩා 2.83% ක පමණ පොලියක් ගෙවමු. එනම් 3.59% පමණ වූ පොලියකි.


දැන් අපේ ප්‍රශ්නය තරමක් සරලය. 2.83% ක අධිභාරයක් ගෙවීමෙහි අවුලක් තිබේද? 


LIBOR අනුපාතය යනු ප්‍රමුඛ බැංකු ඔවුනොවුන් අතර මුදල් ගණුදෙනු කරන අනුපාතයයි. බාහිර ණය ලබා දෙන්නේ ඒ මත අවදානම අනුව අධි භාරයක් එකතු කිරීමෙන් පසුවය. ප්‍රමුඛ ණය දීමේ අනුපාතය යනු විශාලම බැංකු ඔවුන්ගේ අවදානම අඩුම හොඳම පාරිභෝගිකයන්ට ණය දෙන අනුපාතයයි. ඇමරිකන් ඩොලර් සඳහා මේ අනුපාතය දැනට 3.25% පමණ වේ. මූලාශ්‍රය පහත ඇත.


http://www.wsj.com/mdc/public/page/2_3020-moneyrate.html

මේ අනුව අපි ප්‍රමුඛ බැංකු ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන්ට (විශාල සමාගම් වලට) ණය දෙන අනුපාතයට වඩා ආසන්න වශයෙන් 0.34% කින් වැඩි පොලියක් ගෙවමු.


මේ අවදානම් අධිභාරය අඩුද වැඩිද යන්න මට තීරණය කළ නොහැක. එය ඔබේ තීරණයකි. මගේ පෞද්ගලික අදහසනම් මෙහි අසාමාන්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි ණය නිකුතුවකදී කිසිවකු කොමිස් මුදලක් ලබා ගන්නා බව හෝ එසේ ලබා නොගන්නා බව මේ කරුණු වලින් තහවුරු නොවේ.


අනෙක් සියලුම සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් තුලදී වුවත් යම් ණයක් ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයෙකු ගෙවිය යුතු අධිභාරය ඇමරිකානුවෙකු ගෙවිය යුතු අධි භාරයට වඩා ඉතා විශාලය. ඒ ලංකාව (ආණ්ඩු මාරු කවරක් සිදු වුවත්) වැඩි අවදානමක් සහිත රටක් ලෙස හඳුනා ගැනෙන බැවිනි.


වසරක ස්ථිර තැන්පතුවක් සඳහා ඇමරිකාවේදී ලැබෙන පොලිය 0.05% තරමේ සුළු එකකි.


https://www.bankofamerica.com/deposits/bank-account-interest-rates.go


එහෙත් ලංකාවේදී ඇමරිකන් ඩොලර් ස්ථිර තැන්පතුවක් සඳහා 3.5% ක පමණ පොලියක් ලැබේ.


http://www.combank.net/newweb/rates-tariffs/fc-accounts


මේ අනුව ආයෝජකයෙකුට සිය අරමුදල් ලංකාවට ගෙන ඒමෙන් (අනෙත් සියලුම අවදානම් සමාන වන තත්ත්වයකදී) 70 ගුණයකින් වැඩි ආදායමක් ලැබිය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ඒ මේ අවදානම් අධිභාරය නිසාය. එය කිසිවකු විසින් තීරණය කරණ දෙයක් නොවේ. අසන දකින දේ අනුව ආයෝජකයෙකුට නිසගයෙන් දැනෙන දෙයකි.


මේ අධිභාරය අඩු හෝ වැඩි කිරීමට ආණ්ඩු කරවන ඇත්තන්ට අමතරව ඔබේත් මගේත් දායකත්වයක් තිබේ.


ණය සඳහා ගෙවන පොලී අනුපාතික වත්මන් හා පසුගිය රජයන්හි කටයුතු සැසඳීමට යොදා ගැනීමද හිතන තරම්ම පහසු නැත. සරස සඳහන් කරන පසුගිය රජය ලබා ගත් ණය මුදලෙහි සංයුතිය නොදන්නා බැවින් ඉකොනොමැට්ටාට සැසඳීමක් කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාල කාලයේ අනෙකුත් දත්තද අවශ්‍යය. එසේ කිරීමෙන් පසු අවදානම් අධිභාරය ඉහළ ගොස් ඇති බව පෙනේනම් එයින් පෙනීයන්නේ නව රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අසමත්ව ඇති බව, ණය ගැනීම් ඉහළ දමා ඇති බව හෝ මේ දෙකේ එකතුවකි. කොමිස් සම්බන්ධයක්ද තිබිය හැකිය. එහෙත් එය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් සාධක මෙහි නැත.

Thursday, May 28, 2015

දල ජාතික නිෂ්පාදිතය වැඩි කර ගැනීමට පුරුෂ ලිංගය දික්කර ගනිමුද?


නිකම්ම දුන්න නිසාද කොහෙද චුයිංගම් එකදෙක කට්ටිය අරන් යනවාය. ගෑල්ලමයි කීපදෙනෙකුත් ඔය අතරේ ඉන්නවා දැක්කේය. කීප දෙනෙක්ම ඇවිත් තිබුණේ කල්යාණමිත්රගේ කලාහිත කඩේ ඉඳලායනෙලුම්යායේත් ආයෙත් ලීෆ්ලට් කෑල්ලක් එල්ලී තිබේ. යන විදියට බිස්නස් නරකම නැත.

ලේන් එකේ පහළ ෆ්රයිඩ් ඉකොනොමික්ස් විකුණන තවත් කඩ දෙකතුනක් ගැනත් දැනගන්නට ලැබුණේය. එකක් විසිටරයාගේය. අනිත් තැන ලේන් එකේ අනිත් හැම කඩේකටම වගේ ඔලුව දමා මොනවා හරි ගන්නා රසිකොලොජිස්ට් ලොක්කාගේ සුපර් මාර්කට් එකේය. එතැන ෆ්රයිඩ් ඉකොනොමික්ස් විතරක් නොවේ. ලාබෙට ණයත් ඇත.


ලාබෙට ණය ගන්න ඕස්ට්‍රේලියාවට එන්න - Sale, sale,sale...!

ලාබ වුනාට ඉතිං හිලක්නේ...ඕක ගන්ඩ යන්ඩ එපායැ ඕස්ට්රේලියාවට.


රසිකොලොජිස්ට්ගේ බැදුම්බතේ ඉකොනොමැට්ටාට අල්ලලා ගිය කෑලි දෙකතුනක් පහතින් උපුටා ඇත.

"...ආර්ථික විද්යාව කියන්නේ නිශ්චිත විද්යාවක් නොවෙන බවත්, එය විචල් රාශියක් ඇති සංඛීර්ණ පද්ධතියක එක් එක් පාදයෙන් අල්ලා සොළවා බලන සදාකාලික අත්හදා බැලීමක් හෙවත් නැහැසුම්-සීහුම් ක්රමෝපායක් බවත් කියන කාරණායි."


"නමුත් ආර්ථික විද්යාවේ ඇති අස්ථිරකම තමයි, මේ සේරම මා පෙර කී කරුණු ගැන ඉන් හාත්පසින්ම වෙනස් ආකාරයට තර්ක කරන්නට හැකිවීම."


"එක අදහසකට එකඟවෙන ආර්ථික විද්යාඥයින් දෙදෙනෙක් මේ ලොවේ නැති යැයි සරදමට පැවසෙන්නේ නිසයි."


කතා කිරීමට දෙයක් මෙතැන තිබේ.


සරදමක් ලෙස සඳහන් වන අවසන් වැකිය අතිශයෝක්තියක් වුවත් ආර්ථික විද්යාඥයින් බොහෝවිට එකඟ නොවන්නේය යන්න ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටකම වාගේ පොදු ජනයා තුල ඇති ජනප්රිය අදහසකි. සාමාන් මිනිසුන්ගේ නිරීක්ෂණ මත පදනම් වූවකි.


මේ කරුණ සත්යයක්ද යන්න ආර්ථික විද්යාඥයින් විසින්ම කිහිප වරක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඇමරිකාවේ සැන් දියාගෝහි පිහිටි කැලිෆෝර්නියා විශ්ව විද්යාලයයේ මහාචාර්ය වරුන් වන රොජර් ගෝඩන් සහ ගෝඩන් ඩාල් විසින් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින් 2013දී 'ඇමරිකන්ඉකොනොමික් රිවීව්' විමර්ශිත ජර්නලයේ පලවූ පර්යේෂණ පත්රිකාව ආසන්නම උදාහරණයකි. මෙහිදී ඔවුන් විසින් පළමුව කළේ විවිධ අනු ක්ෂේත්, විශ්ව විද්යාල සහ වයස් කාණ්ඩ නියෝජනය වන පරිදි ප්රමුඛ ආර්ථික විද්යාඥයින් නියැදියක් තෝරා ගැනීමයි. ඉන් පසුව ඔවුන් වෙත ආර්ථික ප්රතිපත්තීන් හා අදාළ පුළුල් පරාසයක විහිදුනු ප්රශ්න මාලාවක් යොමු කෙරිණි. ඔවුන්ගෙන් ලැබුණු පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඔවුන් අතර ඇදහිය නොහැකි මට්ටමේ එකඟතාවක් ඇති බවයි. යම් තරමකට අඩු එකඟතාවක් පැවතියේ වැඩිපුර පර්යේෂණ සිදු කෙරී නොමැති කරුණු හා අදාලවය. මේ පර්යේෂණ පත්රිකාව මේ වර්ගයේ එකම ප්රකාශනය නොවේ. වෙනත් මෙවැනි සමීක්ෂණ කිහිපයකින්ම මේ කරුණ තහවුරු කර තිබේ. මේ අනුව මේ මතය සවිමත් පදනමක් මත ගොඩ නොනැඟුණු සම්මුතියකි.


ආර්ථික විද්යාව නිශ්චිත විද්යාවක් නොවන්නේය යන්නද සත්‍යයක් වුවත් එය එසේ වන්නේ ආර්ථික විද්‍යාවේ ප්රායෝගික භාවිතයේදීය. න්යායාත්මක තලයේදී ආර්ථික විද්යාඥයන් අතර බොහෝ දුරට පුළුල් එකඟතාවක් ඇත. එය ගණිතය වැනි සම්පුර්ණයෙන්ම න්යායාත්මක විෂයයකදී තරම් නොවූවත් භෞතික විද්යාව වැනි විෂයයකදී ඇති එකඟතාවට තරමක් ආසන්න මට්ටමේ එකකි. කෙසේ වුවද ආර්ථික විද්යාව ඉංජිනේරු විද්යාව හා වෛද් විද්යාව වැනි ප්රායෝගික විෂයයක් වේ. එබැවින් එවැනි ප්රායෝගික විද්යාවක පොදු ලක්ෂණයක් වන අවිනිශ්චිතතාව ආර්ථික විද්යාඥයකුවද පෙළයි.


යම් සසඳා බැලීමක් සඳහා අතිශයින්ම ශුද්ධ විද්යාවක් වන ගණිතයෙන් පටන් ගනිමු. පයිතගරස් ප්රමේයය අප කවුරුත් දන්නා සරල ගණිත සමීකරණයකි. අදාල උපකල්පන යටතේ මෙම නියමයේ සත්යතාව පිළිබඳව ගණිතඥයන් අතර පුළුල් එකඟතාවක් ඇත. බුලත්කොහුපිටියේ කලුවාගේ නිවස සදා දීමට කොන්ත්රාත් ගන්නා මල්වානේ නිවුටන් බාස් අත්තිවාරම ලකුණු කිරීමේදී මේ නියමය ප්රායෝගිකව යොදා ගනී. දිග ලනුපොටක් භාවිතයෙන් මුළු ලකුණු කරන නිවුටන් බාස් තමා ප්රායෝගිකව භාවිතයට ගන්නේ පයිතගරස් ප්රමේයය බව නොදනී. (මෙය අපේ සම්ප්රදායික දැනුමක්ද නැත්නම් 'බටහිර අධ්යාපනයෙන්' ලීක් වූ දැනුමක්ද යන්න ඉකොනොමැට්ටා හරියටම නොදන්නා නමුත් පයිතගරස්ගේ කාලයේම හෝ ඊටත් පෙර පෙරදිග විද්යාර්ථින් සතුව මේ දැනුම පැවති බවනම් හොඳාකාරවම දනී. චරක සංහිතාවේ හෝ සූර්ය සංහිතාවේ මීටත් වඩා සංකීර්ණ ගණිත කරුණු තිබුණු බැව් මතකය.)


අප දන්නා සරල පයිතගරස් සමීකරණය මෙසේ ප්රායෝගිකව යොදා ගැනීමටනම් අත්තිවාරම් ලකුණු කරන බිම පරිපූර්ණ ද්විමාන තලයක් විය යුතුය. බිම මට්ටම් කිරීම සාමාන්යයෙන් පළමුව සිදුවන කරුණක් නිසා බොහෝ විට ලොකු අවුලක් නොවේ. එහෙත්, බිම මට්ටම් කිරීමේදීත් මුළු ලකුණු කිරීමේදීත් ඇතිවිය හැකි මිනුම් දෝෂ වලින් නිවුටන් බාස්ට ගැලවෙන්න්නට පහසු නැත. මේ නිසා කලුවාගේ නිවසේ මුළු හරියටම අංශක අනූවක් වූයේ නැත.


චැලෙන්ජර් යානය කක්ෂගත කිරීමේ සැලසුම්කරුවන් වූ නාසා විද්යාඥයන් සිදුකල කාරිය නිවුටන් බාස් සිදු කල දෙයින් වෙනස් වන්නේ සංකීර්ණත්වයෙන් පමණි. ඔවුන්ට සමීකරණ රාශියක් එක් වර විසඳීමට සිදුවිය. අවසානයේ ක්රිස්ටා මැකලීෆ්ට අභ්යවකාශයේ සිට නිවුටන් නියම කියා දීමට තිබුණු අවස්ථාව අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.


ගණිතය, භෞතික විද්යාව සහ තවත් බොහෝ විද්යාවන්හි නියමයන් ප්රායෝගිකව යොදා ගන්නා ඉංජිනේරු විද්යාවේදී සැලසුම්කරුවෝ සුරක්ෂිතතා ගුණකයක් (සේෆ්ටි ෆැක්ටර්) යොදා ගනිති. න්යාය සහ මිනුම් පිලිබඳ අවිනිශ්චිතතාවයකට වඩා මෙහි ඇත්තේ ආර්ථික කරුණකි. පාලමක් සැලසුම් කිරීමේදී න්යායාත්මකව අවශ් වන ප්රමාණයට වඩා වැඩියෙන් එය සවි බල ගැන්වීමෙන් පාලම කඩාවැටීමේ අවදානම අඩු කල හැකිය. එසේ කිරීම පිරිවැය ඉහල දමයි. එහෙත් පාලම කඩා වැටීමේ හානිය ඉතා විශාල නිසා එම සම්භාවිතාව සුළු වශයෙන් හෝ අඩු කර ගැනීමෙන් අපේක්ෂා කළ හැකි වාසිය ඉහත වියදම ඉක්මවයි. මේ සුරක්ෂිතතා ගුණකය පදනම් වන්නේ වෙනත් නිශ්චිත න්යායයක් අනුව නොවේ. නැහැසුම්-සීහුම් ක්රමෝපායයක් ලෙසිනි.


ගෘහස්ත විදුලියේ වෝල්ටීයතාව (ලංකාවේදී) දෙසිය තිහක් වී, රථවාහන වේග සීමාව පැයට කිලෝමීටර හැත්තෑවක් වන්නා සේම මේ සුරක්ෂිතතා ගුණකයද එක්තරා ආකාරයක අහඹු සංගුණකයකි. එහෙත් ප්රයෝගිකව එය 'වැඩ කරයි'. උද්ධමන ඉලක්ක වැනි දේද මෙවැනි අහඹු සංගුණක වූවත් ගෘහස්ත විදුලියේ වෝල්ටීයතාව මෙන්ම උද්ධමන ඉලක්කද තෝරා ගැනෙන්නේ එක්තරා පරාසයක් තුලය. පරාසයේ දෙකෙලවරම ඇති අන්ත මේ තෝරාගැනීම සඳහා නුසුදුසු බවට පුළුල් එකඟතාවක් ඇත. ශල්‍ය වෛද්‍යවිශේෂඥ පරාක්‍රම වල්ගම්පාය සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යනිළධාරී වෛද්‍ය සුදර්ශන් එකඟ නොවන්නේද බොහෝ විට මේ පරාසය තුළය.


රෝගියාගේ කුණුවී ඇති කකුල කපා දැමීම හෝ නොකැපීම ආර්ථික තීරණයකි. මෙහිදී 'ආර්ථික' යන්න භාවිතා වන්නේ මුදල් යන පටු අර්ථයෙන් නොවේ. මේ අවස්ථාවේදීම කකුල කපා දැමුවහොත් රෝගියාගේ ජීවිතය බේරාගත හැකි වීමේ සම්භාවිතාව ඉතා ඉහළය. කකුලක් නොමැතිව ගෙවන ජීවිතයක ආර්ථික වටිනාකම කකුලක් සහිත ජීවිතයකට වඩා බොහෝ සෙයින් අඩුවුවත් එය ශුන් නොවන ධන අගයකි. අනෙක් අතට දැන්ම කකුල නොකැපුවහොත් රෝගියාගේ ජීවිතය අහිමි වීමේ අවදානම ඉහළ යන අතර එසේ වුවහොත් එහි ආර්ථික අගය ශුන්යයකි.


මේ අනුව කකුල කපා දැමීමේ ප්රතිපලය වටිනාකමින් අඩු එහෙත් (අනෙක් විකල්පයට සාපේක්ෂව) නිශ්චිත අගයකි. කකුල කපා දැමුවහොත් මේ ආර්ථික අගය ශුන්යයක් හෝ (සාපේක්ෂව) වටිනාකමින් වැඩි අගයකි. ප්රතිපලය අවිනිශ්චිතය. අවසන් තීරණය ගැනීමේදී මේ සමිකරණයේ නොදන්නා සංගුණක රැසක් සඳහා අගයයන් ආදේශ කිරීමට සිදුවේ. ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය සුදර්ශන් මෙය කරන්නේ එක් ආකාරයකින්ම නොවේ. ඔවුන්ගේ අත්දැකීම්, දැනුම මෙන්ම සිතුම් පැතුම් වලද ඇති වෙනස්කම් නිසාය. මෙහිදී රෝගියා මුලින් පත්තු බැඳීම පිළිබඳව ඇති වල්ගම්පායගේ ද්වේශය මේ සමීකරණයේ කොටසක් නොවීනම් ඔහුගේ තීරණය බොහෝ දුරට වැඩි නිවැරදි තීරණය වියහැකිව තිබුණි. වෛද් සුදර්ශන්ගේ තීරණය නිසා රෝගියාගේ කකුල බේරාගත හැකිවීම තුලින්ම ඔහුගේ තීරණය නිවැරදි වන්නේ නැත. රෝගියාව හෙලනු ලැබූ අවදානම ඔහුගේ වාසනාව (සම්භාවිතාව) මත ලැබුණු වාසියට තරම් නොවන තරමේ ඔට්ටු තැබීමක් විය හැකි බැවිනි.


මේ සන්දර්භය තුල පසුගිය අවදියේ ලොකු කතිකාවකට මුල් වූ මහ බැංකු තීරණ වන හෙජිං ගණුදෙනුවත්, ග්රීක් බැඳුම්කර ආයෝජනයත් 'වඳින්නට ගිය දේවාල ඉහේ කඩාවැටීම්' (වෙල් ඉන්ටෙන්ෂන්ඩ් මිස්ටේක්ස්) වීමේ වැඩි ඉඩකඩක් පවතී. සිදුවීම් හා අදාල සියළුම කරුණු නොවේ. මෑතකාලීන බැඳුම්කර වෙන්දේසි සිදුවීම තරමක් මීට වඩා සංකීර්ණය.


අපට ඉංජිනේරුවන්, වෛද්යවරුන්, නීතිඥයන් හා ආර්ථික විද්යාඥයන් වැනි විශේෂඥයන් අවශ් වන්නේ බොහෝ ප්රායෝගික විෂයයන්හි ඇති තීරණ ගැනීමේදී ඇතිවන අවිනිශ්චිතතාව නිසාය. මෙහිදී සිය පළපුරුද්ද තුලින් අවදානම් පරාසය අඩු කර ගැනීමට මේ විශේෂඥයන්ට ඇති හැකියාව පිළිබඳව අපි විශ්වාසය තබමු. යම් කිසි තිරණයක් ගැනීමේදී අපට සැලකිල්ලට ගත හැකි විවිධ විකල්ප ක්රියාමාර්ග වලින් අපේක්ෂිත අවසාන ප්රතිපලය වෙත සිදුවන බලපෑම්හි වෙනස අවමයක් වන විට අපට විශේෂඥයන් අවශ් නොවේ.


කෙතරම් අන්තගාමී ලෙස පෙනුනත් තමන් විශ්වාස කරන කවර මතවාදයක් වෙනුවෙන් හෝ අවංකව පෙනී සිටින, තමන්ට හෘද ශාක්ෂියට අනුව නිවැරදියයි පෙනෙන තීරණ ගන්නා පුද්ගලයන්ව ඉකොනොමැට්ටා හැමවිටම අගය කරන්නේ නිවැරදි දෙය හැමවිටම සාපේක්ෂ සංකල්පයක් වන බැවිනි. තමා සිටින්නේ ප්රාදේශීය උපරිමයක (ලෝකල් ඔප්ටිමම්) නොවන බව තහවුරු කරගත හැකි නිශ්චිත ක්රමවේදයක් (යම් උපකල්පන යටතේ ශුද්ධ විද්යාවන්හිදී හැර) ඉකොනොමැට්ටා නොදන්නා බැවිනි. එහෙත්, නිවැරදි ලෙස තමන්ටම නොපෙනෙන විකාර තහවුරු කිරීමට දඟලන මුදල් පසුම්බියක් නැති වට්ටක්කයින් ගැනනම් ඉකොනොමැට්ටාට ඇත්තේ අනුකම්පා සහගත නොකැමැත්තකි (වයස නිසාදෝ දැන් ඉස්සර මෙන් මළ පනින්නේ නැත.) ඔවුන් නිගා කරන්නේ සාමාන් ජනතාවගේ පොදු අවබෝධයට (කොමන් සෙන්ස්) බැවිනි.

ආර්ථික විද්යාවේ නැහැසුම්-සීහුම් ක්රමෝපාය භාවිතය වෙත නැවත පිවිසෙමු.


නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයකින් වස්තූන් දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වන අයුරු පැහැදිලි කෙරේ. මෙහිදී ඇතිවන 'ගුරුත්වාකර්ෂණ' බලය එක් එක් වස්තුවේ ස්කන්ධයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික වේ. යම් ප්රයෝගික ගණනය කිරීමකදී මේ කතන්දරයට අමතරව තවත් යමක් අවශ් වේ. මේ සම්බන්ධතාවය සමීකරණයක් බවට පත් කරන සංගුණකයයි. මේ සංගුණකයේ අගය සොයාගැනෙන්නේ න්යායාත්මකව නොව ප්රයෝගිකව නිරීක්ෂණ ඇසුරිණි. ඇතැම් විට මේ නියතය නියතයක් නොවිය හැකිය. එය විචල්යයක් වන සාධක අපේ නිරීක්ෂණ පරාසය තුළ නොවෙනස්ව පැවතෙනවා විය හැකිය. (මෙහිදී මා නිවැරදි නොවීමේ ලොකු ඉඩකඩක් පවතී. එසේනම් කරුණාකර කමෙන්ට් කරන්න. මෙය එසේ නොවුනත් මා කියන ඊළඟ කරුණට එය ප්රශ්නයක් නොවේ.)


ආර්ථික විද්යාවේද ජාත්යන්තර වෙළඳාම හා අදාලව මෙවැනිම න්යායක් තිබේ. මේ අනුව රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාමේ පරිමාව එක් එක් රාජ්යයේ ආර්ථිකයේ ප්රමාණයට (දළ ජාතික නිෂ්පාදනයට) අනුලෝමවත්, රටවල් දෙක අතර දුරට ප්රතිලෝමවත් සමානුපාතික වේ. නියමය ප්රයෝජනයට ගැනීමටනම් අදාළ සංගුණකයේ අගය අවශ්යය. මෙය ඇස්තමේන්තු කරන්නේ නැහැසුම්-සීහුම් ක්රමෝපාය හෝ නිරීක්ෂණ මත පදනම් වූ වෙනත් ක්රමවේදයක් භාවිතයෙනි. එහෙත් භෞතික විද්යාඥයෙකුට ගුරුත්වාකර්ෂණ නියතය ගණනය කිරීම සඳහා ලැබෙන තරමේ පිරික්සුම් අවකාශයක් ආර්ථික විද්යාඥයෙකුට නොලැබේ. මේ නිසා අදාළ නියතයේ මිනුම් වරද සාපේක්ෂව විශාලය.


වඩා සංකීර්ණ ගැටළුවක් විශ්ලේෂණය කිරීමේදී ආර්ථික විද්යාඥයෙකුට මෙවැනි සංගුණක රැසක් සඳහා නිශ්චිත අගයයන් උපයෝගී කර ගැනීමට සිදුවේ. මෙහිදී එකම පරාසයක් තුලින් වුවත්, එක් එක් ආර්ථික විද්යාඥයාගේ අත්දැකීම්, දැනුම සහ විශ්වාස මත වෙනස් අගයයන් තෝරා ගැනෙන අතර මේ හේතුවෙන් එක් එක් ආර්ථික විද්යාඥයා දකින අවසාන ප්රතිපලයන්හි සැලකිය යුතු විචලනයක් තිබීමට ඉඩ තිබේ.


යම්කිසි ආර්ථික විද්යා ආකෘතියක් මඟින් පුරෝකථනය කෙරෙන ප්රතිපලයත් සැබෑ ප්රතිපලයත් අතර වෙනස අවශ් තරමට වඩා විශාල වන විට (බොහෝ විට සිදු වන පරිදි) ආර්ථික විද්යාඥයන් කරන්නේ තවත් විචල්යයන් එම ආකෘතියට එක් කරමින් මූලික ආකෘතිය වඩාත් නිවැරදි කිරීමයි. උදාහරණයක් ලෙස පිළිගත් ආර්ථික විද්යා න්යායන් අනුව රටක දල ජාතික නිෂ්පාදිතය (සහ ආර්ථික වර්ධනය) මූලික වශයෙන්ම තීරණය වන්නේ අදාල රට සතු භෞතික සම්පත් (භූමිය, ස්වභාවික සම්පත්, ප්රාග්ධනය), මානව සම්පත් (වැඩ කරන ජනගහණය, සාමාන් අධ්යාපන හා කුසලතා මට්ටම) සහ තාක්ෂනය අනුවය. එහෙත් මේ කරුණු වලින් පමණක්ම රටවල් අතර ආර්ථික තත්ත්වයන්හි ඇති විචලනයන් පැහැදිලි නොකෙරේ.


මේ අනුව රටක දල ජාතික නිෂ්පාදිතය පැහැදිලි කරන සමීකරණය වඩාත් නිරවද් කරගැනීම සඳහා අලුත් විචල්යයන් පරික්ෂා කර එකතු කරමින් සහ එහි සංගුණක වඩා නිවැරදිව මනිමින් ආර්ථික විද්යාඥයෝ අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටිති. මේ අනුව රටක ආයතනික ව්යුහය, දේශපාලන සංස්කෘතිය, අධිරාජ්යවාදී සම්බන්ධතා, විවෘත භාවය වැනි කරුණු රැසක් මේ සමීකරණයේ අමතර කාරණා ලෙස හඳුනාගෙන තිබේ.




යම් රටක ජීවත්වන පිරිමින්ගේ පුරුෂ ලිංගයේ සාමාන් දිග රටේ දල ජාතික නිෂ්පාදිතය තීරණය කිරීමේ හැකියාවක් පවතීද? බැලූ බැල්මටම මෙය පිස්සු විකාර අදහසක් සේ පෙනේ.


හෙල්සින්කි විශ්ව විද්යාලයේ ටාටු වෙස්ට්ලින්ග්ටනම් එසේ සිතුනේ නැත. පුරුෂ ලිංගයේ දිග සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝන නිෂ්පාදනයේ ඇති සම්බන්ධතාවත්, අවදානම් දැරීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැගීම කෙරෙහි ඇති ටෙස්ටොස්ටරෝන් වල බලපෑමත් පදනම් කරගෙන පුරුෂ ලිංගයේ දිග සහ දල  තිබිය හැකි සම්බන්ධතාව පිරික්සූ වෙස්ට්ලින්ග්ට පෙනී ගියේ පුරුෂ ලිංගයේ දිගෙහි බලපෑම රටේ දේශපාලන ව්යුහයේ බලපෑමටත් වඩා වැඩි බවයි. ඔහුගේ පර්යේෂණයේ ප්රතිපලය අනුව පුරුෂ ලිංගයේ දිග එක්තරා සීමාවක් දක්වා ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මකව බලපා පසුව සෘණාත්මකව බලපායි. දල ජාතික නිෂ්පාදිතය උපරිමයක් වන්නේ පුරුෂ ලිංගයේ සාමාන් දිග සෙන්ටි මීටර 13.5ක් වූ විටය. එනම් අඟල් 5.3 ක් පමණ වූ විටය.



වෙස්ට්ලින්ගේ පර්යේෂණ පත්රිකාවේ දත්ත අනුව සහ වෙනත් දත්ත අනුව පුරුෂ ලිංගයේ දිග අනුව ශ්රේණිගත කිරීමේදී ශ්රී ලංකාව සිටින්නේ ඉතා පහලිනි. (මීළඟ මහ මැතිවරණය සඳහා හොඳ ඡන්ද පොරොන්දුවක් සඳහා අදහස් මෙහි තිබේ.) අපේ සාමාන්යය සෙන්ටි මීටර 10.9ක් නොහොත් අඟල් 4.3 කි. අඟලක්ම අඩුය. ඉතින් අපි කුමක් කරමුද?


(පළමු ඡායාරූප දෙක අන්තර්ජාලයෙනි. තෙවැන්න Freakonomics වෙබ් අඩවියෙන් වන අතර අවසන් රූපසටහන වෙස්ට්ලින්ගේ පර්යේෂණ පත්‍රිකාවෙනි.)
There was an error in this gadget