tag:blogger.com,1999:blog-3221129106341750825.post1695981642996625610..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : පහන් තරුව ඔබ...Unknownnoreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3221129106341750825.post-73726044935411479132017-04-18T17:29:34.228-04:002017-04-18T17:29:34.228-04:00අවුරුදු දහස් ගානකට කලින් මේක නිරීක්ෂණය කරලා ගණිත ව...අවුරුදු දහස් ගානකට කලින් මේක නිරීක්ෂණය කරලා ගණිත වගුවකට හදපු යට තරම් ඉකොනෝ ට වෙලාව නැතිවුනත් බොහොම ලස්සනට පැහැදිලි කරලා. මේ විස්තර එක්ක තව තොරතුරු ටිකක් මතකයේ තියාගත්තොත් පංචාංග ලිත නැතුවම තත්කාල කේන්ද්‍රයක් හදන්න පුළුවන්. Thanks Mate!prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78698374377713028222017-04-15T10:22:26.299-04:002017-04-15T10:22:26.299-04:00ඔබේ අවංක අදහසට ස්තුතියි, මහේෂ්! කම්මැලි හිතෙනවනම් ...ඔබේ අවංක අදහසට ස්තුතියි, මහේෂ්! කම්මැලි හිතෙනවනම් මේවා අත ඇරලා දමන්න. සමහර දේවල් මම ලියන්නේ ඒවා ලියා තැබීම දිගුකාලීනව ප්‍රයෝජනවත් නිසා. වරින් වර මාතෘකා මාරු කරන්නේ කියවන අයගේ රුචිකත්වයන් වෙනස් නිසා එක දිගට එකම දෙයක් කතා කරන විට ඒ ගැන උනන්දුවක් නැති අයට බ්ලොග් එකම එපා වෙන නිසයි. ඒ වගේම මම උත්සාහ කරන්නේ විවිධ වෙනස් අදහස් ඇති අය මගේ බ්ලොග් එකට ඇදගෙන ඒ අය සාමාන්‍යයෙන් කියවන්න අකැමැති දේවලුත් කියවන්න පෙළඹවීමටයි. මෙය කිරීමට එක් එක් අය කියවන්න කැමති දේවල් මිශ්‍ර කරන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17304567144053866002017-04-15T10:15:50.041-04:002017-04-15T10:15:50.041-04:00//පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අව...//පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අවුරුදු උදාවට යොදාගන්න ඇත්තේ//
මුල් කාලයේදී මෙය පියවි ඇසට අසු කරගත හැකි තවත් දේවල් සමඟ සමපාත වුණා. එතැනට එන්න තව ගොඩක් දේවල් ලියන්න වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43699326018539947212017-04-15T06:12:28.928-04:002017-04-15T06:12:28.928-04:00සමාවෙන්න ඕන අපහාසයක් හෝ අවතක්සේරුවක් නොවේ.. මට කම්...සමාවෙන්න ඕන අපහාසයක් හෝ අවතක්සේරුවක් නොවේ.. මට කම්මැලි හිතුණ එපමණයි. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17496392965193497402017-04-15T06:11:38.392-04:002017-04-15T06:11:38.392-04:00පිස්සු වගේ අප්පා.. කිසි දෙයක් තේරුනේ නෑ
ඇත්තටම තේර...පිස්සු වගේ අප්පා.. කිසි දෙයක් තේරුනේ නෑ
ඇත්තටම තේරුම් ගත්තෙනෑ මුල ටික විතරයි තේරුණේ ඒ උවමනාවෙන් කියව්ව හින්ද... මේ පට්ට දාවලේ ඉකොනොගෙ ලිපියක් තරං නිදිමත හැදෙන තවත් මක හරි තියේද..

ම්ම්ම්ම්
නොප්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14821694716250960352017-04-14T06:38:36.370-04:002017-04-14T06:38:36.370-04:00පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අවුර...පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අවුරුදු උදාවට යොදාගන්න ඇත්තේ, වඩා පාරදෘශ්‍ය සංසිද්ධියක් යොදාගත්ත නම්, ඉස්සර මුස්ලිම් අයට නව සඳ උදාව බලන්න ගිහින් අද හඳ එළියට ආවේ නෑ හෙටත් ඇවිත් බලමු කියන්න වුනා වගේ වේවි කියා වෙන්නැති. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78958795799895652522017-04-12T23:08:51.957-04:002017-04-12T23:08:51.957-04:00බොහොම ස්තූතියි ඉකොනො..බොහොම ස්තූතියි ඉකොනො..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68527382029291155682017-04-12T23:03:54.411-04:002017-04-12T23:03:54.411-04:00දැනුමට එකතු කරල තියෙන අළුත් දේ මොකක්ද?දැනුමට එකතු කරල තියෙන අළුත් දේ මොකක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69995261396358779252017-04-12T23:01:32.011-04:002017-04-12T23:01:32.011-04:00මෙය රූප සටහන් සහිතව පැහැදිලි කළ යුතු දෙයක්. මම හිත...මෙය රූප සටහන් සහිතව පැහැදිලි කළ යුතු දෙයක්. මම හිතන්නේ පාසැල් විද්‍යා පොත් වලත් ඇතියි කියා. කොහොම වුණත්, පසුව වෙනම පෝස්ට් එකක් දමන්නම්! දෙවන ප්‍රශ්නයත් මට හිතාගන්න පුළුවන්. එයත් එවිට පැහැදිලි වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26763118519119205982017-04-12T22:45:21.433-04:002017-04-12T22:45:21.433-04:00ස්තුතියි ඉකොනො..
මේකට කෙලින්ම අදාල නැති තව ප්‍රශ්...ස්තුතියි ඉකොනො..

මේකට කෙලින්ම අදාල නැති තව ප්‍රශ්ණයක් තියනවා.. මේ ළඟදි පුතා මගෙන් ඇහුවා මට උත්තර නැති ප්‍රශ්ණයක්.. එයාගේ ප්‍රශ්ණෙ වුනේ..

සඳ, පසලොස්වක, අමාවක ආදී වශයෙන් වෙනස් වෙනස් තත්ත්වයන් ගන්නේ කොහොම ද කියන එක.. මම ඒ වෙලාවේ එයාට ඒ හඳ පොළව වටේ කැරකෙන නිසා කියලා කිව්වට මටම තේරුණා මගේ උත්තරේ සම්පූර්ණ නෑ කියලා.. මේ ගැන පැහැදිලි කිරීමක් හෝ කළින් කරණ ලද පැහැදිලි කිරීමක ලින්ක් එකක් දෙන්න පුළුවන්නම් හොඳයි. ඔහේටත් පෝය පහු වුනේ ඊයේ පෙරේද කියුවම මට තවත් ප්‍රශ්ණයක් ආවා.. ඒකටත් පිළිතුරු ඔබගේ පැහැදිලි කිරීමේන් ලැබෙයි කියලා හිතනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54783831226699340832017-04-12T22:37:06.769-04:002017-04-12T22:37:06.769-04:00අන්න පොළොව පැතලියි, හිරු, තරු, ග්‍රහලෝක, සඳ පොළොව ...අන්න පොළොව පැතලියි, හිරු, තරු, ග්‍රහලෝක, සඳ පොළොව වටා ගමන් කරනවා ය කියා පීඑච්ඩී තීසිස් එකක් ලියලා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87779046484812039362017-04-12T22:20:19.786-04:002017-04-12T22:20:19.786-04:00//එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්...//එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නේ වසරකට පසුව නැවත ඔය ආරම්භක ස්ථානය සම්මුඛ වෙන එකද ? //
ඔවු.

//ඕක සූර්යය කේන්ද්‍ර වාදයෙනුත් පැහැදිලි කරන්න පුළුවන්ද?//
ඔවු, පුළුවන්. තරු වලට පොළොවේ සිට ඇති ආලෝක වර්ෂ ගණනක විශාල දුරට සාපේක්ෂව ඉර හා පොළොව අතර තිබෙන ආලෝක මිනිත්තු අටක දුර ඉතාම ආසන්න දුරක්. ඒ නිසා යම් හෙයකින් ඉර මත සිටින නිරීක්ෂකයෙක් ගැන උපකල්පනය කළොත් ඒ නිරීක්ෂකයාට පෙනෙන තරු රටා පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනන තරු රටාම තමයි. එවැනි ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරනවානම් ලග්න දොළහ තියෙන්නේ පොළොව ඉර වටා යන පථයේ විවිධ කොටස් එල්ලේ. ඉර සිටින රාශිය කියන්නේ ඒ පථයේ ඉරේ සිට පොළොවට විරුද්ධ පැත්තේ තියෙන රාශියයි. කොහොම වුනත්, ඉරේ සිට තාරකා නිරීක්ෂණය කළ නොහැකි නිසා මෙය සූර්ය කේන්ද්‍ර ප්‍රවාදයෙන් පැහැදිලි කිරීම තේරුමක් නැහැ.

//සූර්යය කේන්ද්‍ර වාදයේදී තාරකා රාශි සූර්යයා වටා යනවා කියලා පිළිගැනෙනව ද ?//
නැහැ. මම හිතන්නේ උඩ පිළිතුරෙන් මෙය පැහැදිළි වනු ඇති බවයි.

(ලිපිය අගට තව කොටසක් එකතු කළා. එයත් කියවන්න.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80492858752955731012017-04-12T21:48:52.687-04:002017-04-12T21:48:52.687-04:00දැන්නම් පොඩ්ඩක් තේරුම් ගියා වගේ.. එතකොට සූර්යයා මී...දැන්නම් පොඩ්ඩක් තේරුම් ගියා වගේ.. එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නේ වසරකට පසුව නැවත ඔය ආරම්භක ස්ථානය සම්මුඛ වෙන එකද ?

ඕක සූර්යය කේන්ද්‍ර වාදයෙනුත් පැහැදිලි කරන්න පුළුවන්ද? සූර්යය කේන්ද්‍ර වාදයේදී තාරකා රාශි සූර්යයා වටා යනවා කියලා පිළිගැනෙනව ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28600594060320999072017-04-12T20:42:22.347-04:002017-04-12T20:42:22.347-04:00තවත් විදිහකට කිවුවොත් රවුම් පිට්ටනියක ධාවකයින් 13 ...තවත් විදිහකට කිවුවොත් රවුම් පිට්ටනියක ධාවකයින් 13 දෙනෙක් ගැන හිතන්න. මෙයින් දොළොස් දෙනෙක් පිට්ටනියේ සම දුරින් ඉන්න අතර සමාන වේගයෙන් දුවනවා. ඒ නිසා ඒ අය අතර සාපේක්ෂ දුර වෙනස් වෙන්නේ නැහැ. දහතුන්වෙනියා දුවන්නේ පොඩ්ඩක් හිමින්. ඔහු හැම දවසකම අවසානයේ පොඩ්ඩක් පස්සට යනවා. ඔහු කිසියම් දවසක පළමු ක්‍රීඩකයා සිටින තැනින් පටන් ගත්තොත් දවස් 30 කට පසුව ටික ටික පහු වී දෙවන ක්‍රීඩකයා සිටින තැනට වැටෙනවා. මෙසේ දිනපතාම පහුවෙමින් අන්තිමේදී වසරකට පසුව නැවත පළමු ක්‍රීඩකයා සිටි තැනට එනවා. හැබැයි ඒ රවුමක් අඩුවෙන් දුවමින්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35564519979759647202017-04-12T20:34:26.566-04:002017-04-12T20:34:26.566-04:00පැහැදිලි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ තමයි. පැය...පැහැදිලි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ තමයි. පැය දෙකෙන් දෙකට කියා කිවුවේ ආසන්නවයි. එය හරියටම නිවැරදි නැහැ. ඉරට පොළොව වටා යාමට පැය 24ක් ගත වුණත්, තාරකා රාශියකට ඒ සඳහා ගත වන්නේ පැය 23 මිනිත්තු 56 තත්පර 4.098903691ක් පමණයි. (එනම්, පොළොවට වටයක් කරකැවීමට ගත වන කාලය. මේ දෙකෙන්ම පැහැදිලි කරන්නේ එකම සංසිද්ධිය.) ඒ නිසා ඉර උදාවන් දෙකක් අතර තාරකා රාශි එක් වටයකට වඩා තව පොඩ්ඩක් ගමන් කරනවා. ආසන්න වශයෙන් අංශකයක්. ඒ නිසා අද ඉර පායන විට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබුණු තාරකාවක් හෙට ඉර පායන්නට මිනිත්තු 4කට පමණ පෙර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතු වෙනවා. මිනිත්තු හතරකින් ඉර පායන විට එය පෙනෙන්නේ ක්ෂිතිජයේ සිට අංශකයක් පමණ උඩින්. මාසයකට පසු එය පෙනෙන්නේ අංශක 30ක් උඩින්. ලග්න ලෙස හඳුනා ගන්නා තාරකා රාශි 12 තියෙන්නේ අහසේ එකිනෙකට අංශක 30ක පමණ දුරින්. ඒ නිසා ආසන්න ලෙස මාසයකට පසුව ඉර උදාවන විට දකින්නට ලැබෙන්නේ වෙනත් තාරකා රාශියක්. ආසන්නව පැය දෙකකට වරක් තාරකා රාශියක් ක්ෂිතිජයෙන් මතු වුනත් මේ මිනිත්තු හතරේ වෙනස නිසා හැමදාම මේ රටාව පටන් ගන්නේ කලින් දවසට වඩා මිනිත්තු හතරක් පමණ කලින්. මෙසේ ආරම්භක ස්ථානය වෙනස්වෙමින් ගොස් අද පිළිවෙලටම හරියටම නැවත තාරකා රාශි මාරු වෙන්නේ වසරකට පසුවයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48682758625998238172017-04-12T20:04:59.799-04:002017-04-12T20:04:59.799-04:00පැහැදිලි මදි ඉකොනො. සූර්යයාට පොළව වටා රවුමක් යන්න ...පැහැදිලි මදි ඉකොනො. සූර්යයාට පොළව වටා රවුමක් යන්න පැය විසිහතරයි. තාරකා රාශිත් පැය දෙකෙන් දෙකට වෙනස් වනවා කියන්නේ තාරකා රාශියටත් වටයක් යන්න පැය විසිහතරයි. එහෙනම් සූර්යයාට මීන රාශියේ ඉදලා මේෂ රශියට එන්න අවුරුද්දක් යන්නෙ කොහොමද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1987334014874596642017-04-12T15:00:21.603-04:002017-04-12T15:00:21.603-04:00//ඒ කියන්නේ පොළවත් තාරකා රාශියෙන් රාශියට ගමන් කරණව...//ඒ කියන්නේ පොළවත් තාරකා රාශියෙන් රාශියට ගමන් කරණවා ද ?//
පෘථිවි කේන්ද්‍රීය ආකෘතියකදී සලකන්නේ පොළොව නිසලව තිබියදී තාරකා රාශි පොළොව වටා ගමන් කරන බවයි. ඒ අතරම ඉරත් වෙනම වේගයකින් පොළොව වටා ගමන් කරන බව සැලකිය හැක්කේ ඔරලෝසුවේ කටු ගමන් කරන ආකාරයටයි. වඩා හොඳ පැහැදිලි කිරීමක් ලෙස මුහුණතද කැරකෙන ඔරලෝසුවක් ගැන හිතන්න. මෙහි ඉලක්කම් 12 රාශි දොළහ ලෙස ගන්න. දැන් හැම විටම උඩින්ම තියෙන්නේ 12 නෙමෙයි. එය පැය දෙකකට වරක් වෙනස් වෙනවා. කටු කැරකෙන්නේ මුහුණත කැරකෙන වේගයෙන්ම නම් කිසි විටක වෙලාව වෙනස් වෙන්නේ නැහැ. වෙලාව බලන්න ඔලුව කරකවන්න වෙනවා පමණයි. එහෙත් කටු කැරකෙන වේග සමාන නොවන නිසා කටු වලට අදාළ ඉලක්කම්ද වෙනස් වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35729492082917699942017-04-12T14:45:42.961-04:002017-04-12T14:45:42.961-04:00හෙට උදේත් ඉර පායන්න පැය භාගයකට පමණ පෙර ඉර පායන දිශ...හෙට උදේත් ඉර පායන්න පැය භාගයකට පමණ පෙර ඉර පායන දිශාව බැලුවොත් සිකුරු ග්‍රහයා දීප්තිමත්ව බබලනු දැකිය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23533343019894603102017-04-12T14:43:02.119-04:002017-04-12T14:43:02.119-04:00මෙය වැදගත් කරුණක්. බුධ සහ සිකුරු ග්‍රහයින් ඉර වටා ...මෙය වැදගත් කරුණක්. බුධ සහ සිකුරු ග්‍රහයින් ඉර වටා භ්‍රමණය වන ඉලිප්සය තියෙන්නේ (සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව) පොළොව ඉර වටා යන ඉලිප්සය ඇතුළේ. ඒ නිසා, හැමවිටම පොළොවට එම ග්‍රහයින් පෙනෙන්නේ ඉර තිබෙන තැන දෙපැත්තේ කුඩා කෝණයක් තුළ පමණයි. ඉරේ සිට පොළොවට වඩා ඈතින් පිහිටි අඟහරු, බ්‍රහස්පති හෝ සෙනසුරු මෙන් මේ ග්‍රහයින් දෙදෙනා පොළොව වටේම යන්නේ නැහැ. ඒ නිසා, බුධ හෝ සිකුරු කිසි විටෙකත් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන්නේ නැහැ. මධ්‍යම රාත්‍රියේ ඉර තිබෙන්නේ පොළොවේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නිසා රෑ අහසේ බුධ හෝ සිකුරු මුදුන් වෙන්නේ නැහැ. දවාලට මුදුන් වුනත් ඉර එළිය නිසා පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ඉරට ආසන්නවම පිහිටි මේ ග්‍රහයින් නිරීක්ෂණය කළ හැක්කේ ඉර උදාව ආසන්නව පාන්දර හෝ ඉර බැස යාමෙන් පසුව හැන්දෑ යාමයේ පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65881845287796159982017-04-12T13:55:51.953-04:002017-04-12T13:55:51.953-04:00රාත්‍රී කාලයේ කිසිදු ලෙසකින් අපේ ඉහල අහසට නොනගින. ...රාත්‍රී කාලයේ කිසිදු ලෙසකින් අපේ ඉහල අහසට නොනගින. දිවා කාලයේ ඉහල අහසට නැගුනට ඉර එළියේ සැඟවෙන සිකුරුගේ ගමන් මග හරිම අපූරුයි නේද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81464464671743034972017-04-12T13:53:37.870-04:002017-04-12T13:53:37.870-04:00මාතෘකාව "පහන් තරුව ඔබ " කියල දැක්කහම මම ...මාතෘකාව "පහන් තරුව ඔබ " කියල දැක්කහම මම හිතුවේ කවියක් හරි නිසඳැසක් හරි වගේ එකක් වෙන්න ඇති කියලා. ඒත් ඉකොනොමැට්ටාගේ කියල දැක්කහම හිතුවා තාරකා විද්‍යාව සම්බන්ධ ලිපියක් වෙන්න පුළුවන් කියලා.
මගේ අනුමානය හරි.
ස්තුතියි, ඔබේ මේ ලිපි හරිම වැදගත් මම ඒවා නැවත නැවත කියවනවා. මේ ගැන වැඩි දුරට හදාරා නැති අපිට මේ කරුනු එක එල්ලේ වැටහෙන්නේ නැහැ. ඒත් ඔබගේ රචනා දක්ශතාව්ය නිසා ආසාවෙන් කියවන්නත් වටහා ගන්නත් හැකියි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69059639108526611442017-04-12T13:46:37.677-04:002017-04-12T13:46:37.677-04:00මිනිස්සු මේ වගේ දේ ගැන අවධානය යොමු කරනවා අඩුයිනේ.....මිනිස්සු මේ වගේ දේ ගැන අවධානය යොමු කරනවා අඩුයිනේ...
සටහන අපූරුයි..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86086905199676890962017-04-12T11:47:05.435-04:002017-04-12T11:47:05.435-04:00ඉර පොළව වටා කැරකෙමින් තාරකා රාශි වටා යනවා වෙන්න ඕන...ඉර පොළව වටා කැරකෙමින් තාරකා රාශි වටා යනවා වෙන්න ඕනා නේද. ඒ කියන්නේ පොළවත් තාරකා රාශියෙන් රාශියට ගමන් කරණවා ද ?

ඉකොනොමැට්ටා කොපර්නිකස්ට ගැලීලියෝට බඩේ පහර ගහලා ආයෙත් පෘතුවි කේන්ද්‍රවාදය කරලියට ගෙනෙයි වගේ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com