tag:blogger.com,1999:blog-3221129106341750825.post3381526605622350287..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අලිද බූරුවෝද?Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221129106341750825.post-85338345223975964012016-11-09T22:18:45.561-05:002016-11-09T22:18:45.561-05:00ඉකොනෝ මහතා ඔබ ඉතා සංයමයෙන් අදහස් පැහැදිලිකිරිම පිළ...ඉකොනෝ මහතා ඔබ ඉතා සංයමයෙන් අදහස් පැහැදිලිකිරිම පිළිබඳව පළමුව මගේ ප්‍රණාමය.

නමුත් ඔබම කියා ඇති පරිදි ජනාධිපතිවරණයේදී සිදුවන්නේ රටේ ප්‍රාන්ත රාජ්‍ය සියල්ල නියෝජනය කිරීමට තෝරාගන්නා පුද්ගලයෙක් තෝරා පත්කරගනිමයි. එහිදී මා විශ්වාසකරන ප්රජාතන්ත්රවාදී මුලධර්ම අනුව හැම ඇමරිකානු පුරවැසියෙකුටම සමාන අවස්ථාවක් හිමිවිය යුතියි. නමුත් ෆ්ලොරිඩා වැනි ප්‍රාන්ත අනුගමනය කරන තේරීම් ක්‍රියාදාමය අනුව එහි පුරවැසියන්ට ජනපති තේරීමේ වැඩි අවසථාවක් හිමිවෙනවා. මට අනුව මෙය අසාධාරණයි.

විවාහ රේගිස්ටාර් වැන්නවුන් සිටියයුත්තේ වයස්ථාදායකය මගින් සකස්කළ නීති ක්‍රියාත්මක කිරීමටයි. මෙම තනතුරුදරනන්ට තමන්ගේ දේශපාලනික හෝ ආගමික මතවාද තම රාජකාරි කටයුතු කිරීම හෝ නොකිරීම සදහා හේතුන් කරගත නොහැකියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13262722292047820722016-11-09T13:25:30.506-05:002016-11-09T13:25:30.506-05:00AnonymousNovember 9, 2016 at 12:28 PM
ඔබට මේ කරුණු...AnonymousNovember 9, 2016 at 12:28 PM
ඔබට මේ කරුණු දෙක අතර නොගැලපීමක් පෙනෙනවනම් එය පැහැදිලි කරන්නම්. පළමු කරුණේදී කතා කරන්නේ ප්‍රාදේශීය තනතුරක් ගැනයි. එතැනදී, තනතුරට පත් වෙන පුද්ගලයාව එම තනතුරේ බලපෑම ඇති අයගේ බහුතර කැමැත්තෙන් තෝරා ගැනීම, එම අයගෙන් සුළුතරයකගේ කැමැත්තෙන් තෝරා ගැනීමට වඩා සුදුසුයි. මේ තර්කයම දිගු කළොත් (ඔබ ඇතැම් විට හිතනවා විය හැකි පරිදි) ඇමරිකන් ජනාධිපති ධුරය ජාතික තනතුරක් නිසා රටේ සමස්ත ඡන්ද ප්‍රමාණය මත තෝරාගැනීම වඩා සුදුසු බව තර්ක කළ හැකියි. එහෙත් එය සිදු වෙන්නේ ඒ විදිහට නෙමෙයි. මෙවරත් රටේ වැඩිම ඡන්ද පැරදුනු ක්ලින්ටන්ට වෙන්න ලොකු ඉඩක් තියෙනවා. කොහොම වුනත්, ඇමරිකාවේ පවතින ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමය මෙලෙස සකස් වී තියෙන්නේ ඇමරිකාව ඓතිහාසිකව හැදුනු ආකාරයටයි. ඇමරිකාව කියන්නේ වෙන් වශයෙන් ඇති වුනු කොලනි, ප්‍රාන්ත හෝ රාජ්‍ය ගණනාවක එකතුවක්. ජනතාව සතු බලය ෆෙඩරල් රජයට ලැබෙන්නේ මේ ප්‍රාන්ත හරහා වක්‍රව. රටෙන් බාහිර කටයුතු ගැන බලපෑම් කිරීමේ හැකියාව තියෙන්නේ ෆෙඩරල් රජයට වුවත්, රට තුළ සැබෑ 'පාලනය' කරන්නේ මේ ප්‍රාන්ත රාජ්‍යයි. වොෂින්ටන් අගනුවර පිහිටුවා තිබෙන්නේත් මේරිලන්ඩ් ප්‍රාන්තයෙන් ලබා දුන් බිම් කොටසක. එසේ නැත්නම් ෆෙඩරල් රජයට රට තුළ ඉඩම් අයිතියක් හෝ නැහැ. මෙය කුඩා, ඒකීය රටක් වන ලංකාවේ මධ්‍යම රජය සතුව පවතින බලතල පළාත් සභාවකට පැවරීම වැනි උඩ සිට පහළට බලය ඒමක් නෙමෙයි. ඒ නිසා, ජනාධිපතිවරයා කියන්නේ බොහෝ දුරට රටින් පිටතදී (විදේශ ප්‍රතිපත්ති හා යුද්ධ වැනි බාහිර කටයුතු වලදී) රටේ ප්‍රාන්ත රාජ්‍ය සියල්ල නියෝජනය කිරීමට තෝරාගන්නා පුද්ගලයෙක්. පවතින ක්‍රමය යටතේ සිදුවන්නේ වැඩි පුද්ගලයින් ගණනකගේ නොව වැඩි ප්‍රාන්ත ගණනක (ජනගහණයට සමානුපාතික බරක් සහිතව) කැමැත්ත ඇති පුද්ගලයෙකු ජනාධිපති ලෙස තේරීමයි. මෙසේ තේරීමේදී එක් එක් ප්‍රාන්තය කටයුතු කළ යුතු ආකාරය එම ප්‍රාන්තයේ වාසය කරන බහුතරය විසින් තීරණය කරනවා. ඇමරිකානු සමාජය මේ ක්‍රමය ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. ඒ වගේම ඔබ නොගැලපෙන සේ දකින අවස්ථා දෙකේදීම වෙන්නේ ප්‍රාදේශීය බහුතරයේ තීරණයට වැඩි බරක් වැටීමයි. කාලයත් සමඟ ප්‍රාන්ත රාජ්‍ය වලට සාපේක්ෂව ෆෙඩරල් රජයේ හා විධායකයේ බලය ටිකෙන් ටික වැඩි වී යම් සීමාවකට පැමිණියොත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයයි ඇමරිකානුවන් සිතන්න ඉඩ තියෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45143320150635742252016-11-09T12:28:36.564-05:002016-11-09T12:28:36.564-05:00මොනවද ඉකොනෝ අය්යේ මේ දිව දෙකේ කතා?
"...ඉ...මොනවද ඉකොනෝ අය්යේ මේ දිව දෙකේ කතා?

"...ඉකොනොමැට්ටා EconomattaNovember 5, 2016 at 6:46 AM
ඔබ මතු කරන කරුණ පැහැදිලියි. ප්රජාතන්ත්රවාදයේදී වෙන්නේ බහුතරයේ අදහසට සුළුතරය යටවීමක් තමයි. බහුතරය කිසියම් සුළුතරයක් ගැන නොසලකා තීන්දු ගන්නා විට එවැනි සුළුතරයක් අසරණ විය හැකියි. කොහොම වුනත් මෙය ප්රජාතන්ත්රවාදයේ ප්‍රශ්නයක් වෙන්න කලින් මානව චර්යාව පිළිබඳ ප්‍රශ්නයක්. සුළුතරයක් විසින් බහුතරය වෙනුවෙන් තීන්දු ගන්නවාට වඩා එය ඉදිරිගාමීයි (කාර්යක්ෂමයි)...."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16738958982579183222016-11-08T21:35:00.206-05:002016-11-08T21:35:00.206-05:00ඔන්න අපි දෙන්නටත් එකඟ වෙන්න පුළුවන් කාරණයක් මේක......ඔන්න අපි දෙන්නටත් එකඟ වෙන්න පුළුවන් කාරණයක් මේක...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24069225514666622952016-11-08T20:03:25.228-05:002016-11-08T20:03:25.228-05:00පාට හා පක්ෂ ලකුණු වලින් ඇමරිකාවෙත් දැන් ප්‍රායෝගික...පාට හා පක්ෂ ලකුණු වලින් ඇමරිකාවෙත් දැන් ප්‍රායෝගිකව සිදුවන කාර්ය භාරයක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44753524501290052902016-11-08T20:01:35.794-05:002016-11-08T20:01:35.794-05:00කුඩා හා ඒකීය රටක් වන ලංකාවට සාපේක්ෂව මෙය නරක ක්‍රම...කුඩා හා ඒකීය රටක් වන ලංකාවට සාපේක්ෂව මෙය නරක ක්‍රමයක් ලෙස පෙනුණත් ප්‍රාන්ත එකතු වී හැදුණු විශාල රටක් වන ඇමරිකා එක්සත් ජනපදයට එහි පවතින මැතිවරණ ක්‍රමය එතරම් නරක ක්‍රමයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3998099111849270492016-11-08T19:58:57.482-05:002016-11-08T19:58:57.482-05:00හෙට වෙනකොට දැනගන්න පුළුවන් වෙයි.හෙට වෙනකොට දැනගන්න පුළුවන් වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78999268979566334212016-11-08T18:47:30.612-05:002016-11-08T18:47:30.612-05:00"...මේ නිසා 2000 ජනාධිපතිවරණයේදී සිදු වූවාක් ..."...මේ නිසා 2000 ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් රටේම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබන අපේක්ෂකයා ජනාධිපති ලෙස තේරී පත් නොවන්නට වුවද පුළුවන..."

ඔන්න බලාගන්න පින්වතුනි සුපිරිම ප්රජාතන්ත්රවාදය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6036924239119127452016-11-08T10:13:55.938-05:002016-11-08T10:13:55.938-05:00මොකා දිනුවත් අපි ගැන නම් බලන එකක් නැහැ.මොකා දිනුවත් අපි ගැන නම් බලන එකක් නැහැ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5496219763951323932016-11-08T06:07:00.149-05:002016-11-08T06:07:00.149-05:00කවදා විතරද නිල ප්‍රතිපල එන්නේ ?කවදා විතරද නිල ප්‍රතිපල එන්නේ ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81102072747904670972016-11-08T05:56:20.939-05:002016-11-08T05:56:20.939-05:00හැබැයි හිලරි උන්දෑ දිනුවොත් ලෝකෙටම අබසරණයි. උන්දෑ ...හැබැයි හිලරි උන්දෑ දිනුවොත් ලෝකෙටම අබසරණයි. උන්දෑ අනිවාර්යයෙන්ම 21 වැනි සියවසේ මාරි අන්තුවානෙත් (Antoinette - ඇන්ටනොට්)

එහෙම නැත්නම්, අනික් උන්දෑ ට්‍රම්පට් අයියා දිණුවොත් ඇමරිකාවේ සිවිල් යුද්ධයක් ඇතිවන එක නවත්වන්න බෑ කීයටවත්.. බොහෝ විට මෙවන් තත්වයක් ඇති වෙයි.. කවදා හරි ලෝකෙටම කරපුවාට කන්නත් එපාය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24370236878451802642016-11-07T23:36:06.714-05:002016-11-07T23:36:06.714-05:00ට්‍රම්ප් දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ. ට්‍රම්ප් දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24879637218147476962016-11-07T23:04:08.772-05:002016-11-07T23:04:08.772-05:00පක්ෂ සඳහා පාට සහ සංකේත භාවිතය ඡන්දදායකයින් ගේ සාක...පක්ෂ සඳහා පාට සහ සංකේත භාවිතය ඡන්දදායකයින් ගේ සාක්ෂරතාව අඩු නිසා ඇතිවුණු, එනිසා ම දෝ, තවමත් පවතින ක්රමවේදයකි!

ලංකාවේ සහ යූඑස්ඒ හි තිබුණත්, ඕස්ටේර්ලියාවේ නම් නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84096586547698479032016-11-07T18:12:14.760-05:002016-11-07T18:12:14.760-05:00හිලරි දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ. හිලරි දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com