tag:blogger.com,1999:blog-3221129106341750825.post4201505834224441214..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය Unknownnoreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3221129106341750825.post-42113748838858401592017-03-08T18:09:08.847-05:002017-03-08T18:09:08.847-05:00වැඩි දේවල් දැනට ලියන්නේ නැහැ. හිතන්න පොළඹවන්න තමයි...වැඩි දේවල් දැනට ලියන්නේ නැහැ. හිතන්න පොළඹවන්න තමයි මෙය ලිවුවේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13396594212070909602017-03-08T17:24:14.791-05:002017-03-08T17:24:14.791-05:00දැන් මට කොමියුනිස්ට් ගඳයෙක් කියල චෝදනාවක් එන්නත් ප...දැන් මට කොමියුනිස්ට් ගඳයෙක් කියල චෝදනාවක් එන්නත් පුළුවන් මේක කියල. හැබැයි මේ ක්‍රමය ටිකක් සමාන වෙන්නේ අර මාක්ස් කිව්වා ධනවාදයේ උච්චත්වයෙන් පසු එන කොමියුනිස්ට් සමාජයට නේද? රජයේ සම්බන්ධයක් නැතුව මිනිසුන් තමන්ම ඒරියා එකක් පොඩි පාලනයක් අරගෙන තමන්ගේ පොඩි නීති පද්ධතියක් දාගන්න එක. අපේ පැත්තේ ගෙවල් ළඟ ප්‍රශ්න කියන්න කවුන්සිල් එකේ නියෝජිතයෝ ගාවට යන්න ඕනේ. ඇති වැඩකුත් නැහැ එන පක්ෂ දේශපාලනයට සම්බන්ධ අය නිසා. මමත් අපේ ගෙවල් පැත්තේ ඔහොම් එකක් හදන්න ඕනේ බලන්න. අපි ඉන්න නිවෙස් සමුහය මැද තියෙන්නේ තණ පිට්ටනියක් වටේම ගෙවල් 22 පමණ තිබෙනවා. කරන්න බැරි කමක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69513968143889944622017-03-08T10:41:24.112-05:002017-03-08T10:41:24.112-05:00මේවායින් මෙහි විස්තර කර ඇති ආකාරයේ අදාළ කටයුතු මිස...මේවායින් මෙහි විස්තර කර ඇති ආකාරයේ අදාළ කටයුතු මිස වැඩි දේවල් කෙරෙන්නේ නැහැ. සංගම් සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂිකයි. (මම හිතන්නේ ඔබ අදහස් කරන්න ඇත්තේ නිර්පාක්ෂිකද කියන එක විය යුතුයි කියා. පුළුල් අර්ථයෙන් දේශපාලනය හැම දෙයකටම සම්බන්ධයි.) ප්‍රාදේශීය දේශපාලනයේ මීට වඩා ඉහළින් ඇති පාසැල් පරිපාලන මණ්ඩල වැනි ඒවාත් පක්ෂ දේශපාලනය සමඟ පැටලී නැහැ. ඇතැම් ප්‍රාන්ත වල පළාත් පාලන ආයතන වල තනතුරු පවා පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60470198243515156412017-03-06T01:11:17.077-05:002017-03-06T01:11:17.077-05:00අතේ තියෙන හැරමිටිය වනන්න පුළුවන් සිමාව තමනුත් නියෝ...අතේ තියෙන හැරමිටිය වනන්න පුළුවන් සිමාව තමනුත් නියෝජනය කරන සාමුහිකයකින් තීරණය කර නිත්‍යානුකුල කර තිබෙන හැඩයි.
මේ "නිවැසි සංගම්වල"බලතල නිසා පළත් පාලන ආයතන කටයුතුවලට බලපෑමක් නැතිද ?මේ "නිවැසි සංගම්" නිර්දේශපාලනික එව්වාද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59839758494416743242017-03-05T20:47:21.682-05:002017-03-05T20:47:21.682-05:00ස්තුතියි, නදීර!ස්තුතියි, නදීර!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31116825542055586592017-03-05T20:22:50.288-05:002017-03-05T20:22:50.288-05:00නේබර්හුඩ් වොච් වෙනම තියෙනවා. අපි සිටින හරියේ මෙය ද...නේබර්හුඩ් වොච් වෙනම තියෙනවා. අපි සිටින හරියේ මෙය දැනට වෙන්නේ නැහැ. ආරක්ෂාව පිළිබඳ කිසියම් හෝ ප්‍රශ්නයක් වූ විට (සොරකමක් වැනි) ටික කාලයක් මෙය වෙනවා. සිදුවන ආකාරය අජිත් ලියා ඇති ආකාරයට සමානයි.

//ඔය ක්‍රමයට ගෙයක් එහෙම ගන්නත් අමාරු ඇතිනේ ඒ පැත්තක. මොකද සංගමය වලියක් දාන්න ඉඩ තිබෙනවා නේද?// එවැන්නක් කොහෙත්ම වෙන්නේ නැහැ. අළුතින් ගෙයක් ගන්න කෙනෙක් සංගමයේ නීති පිළිපැදීමට බැඳී සිටින නිසා සංගමයට එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ගෙයක් මිලදී ගැනීමේ ක්‍රියාවලියට සංගමය සම්බන්ධ වෙන්නේ නැහැ.

//එතකොට එකොනොමැට්ට ඔය සමහර වෙලාවට හුඟක් කියන වෙළඳ පොළ ක්රමයේ නිදහසට බාධාවක් නෙමෙයිද ඒක?//
පැහැදිලිවම නැහැ. මම මෙය ලිවුවේම නිදහස් වෙළඳපොළ කියන්නේ තම තමන්ගේ ලාභ වෙනුවෙන් මිනිසුන් මරා ගන්නා ක්‍රමයක් කියා ඇතැම් අය හිතන නිසා (අජිත් ගැන නෙමෙයි කියන්නේ) එය එසේ නොවන බව පෙන්වන්නයි. නිදහස් වෙළඳපොළකදී වෙන්නේ මිනිසුන් අනෙකාගේ ලාභ ලැබීමේ නිදහසට ගරු කරමින් තමන්ගේ ලාභ ලැබීමේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වීම තුළ අන්‍යෝන්‍ය යහපත සැලසෙන ක්‍රමයක්. මෙහිදීත් සියල්ලන්ටම සැලසෙන්නේ යහපතක්. නිදහස් මිනිසුන්ට තමන්ගේ පොදු හා පෞද්ගලික ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකියි. කවුරුත් බලෙන් විසඳුම් ලබා දිය යුතු නැහැ.

//ඔය ක්‍රමය නිසා කළු ජාතිකයන්ගේ ගෙටෝ වුනත් හැදුනේ ඒ නිසාය කියල. ඔබ ඉන්න තැන මික්ස් එකක් නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්.//
මෙය ටිකක් දුරට ඇත්තක්. ගෙයක් මිලදී ගන්නා විට පුද්ගලයෙකුගේ හමේ වර්ණය වැනි සාධක මත වෙනස්කම් කළ නොහැකියි. කළු අයෙක් වැඩි මිලක් ගෙවනවනම් සුදු කෙනෙකුට අඩුවෙන් ගෙයක් විකිණීමට කිසිවෙකු පෙළඹෙන්නේ නැහැ. නමුත් මෙය වෙනත් හේතුවක් නිසා එසේ සිදුවෙනවා. අසල්වැසියන් පිළිවෙලකට ඉන්න තැනක මම පදිංචියට යනවනම් මටත් එසේ ඉන්න වෙනවා. එසේ නැත්නම් එවැනි අවශ්‍යතාවයක් නැති තැනක් මට තෝරාගන්න පුළුවන්. හැබැයි එවිට මට ලැබෙන අසල්වැසියනුත් මම වගේම පිළිවෙලක් නැති අය. මම හිතනවානම් මට ගේ ඉදිරිපිට රෙදි වැලක් ඇදගන්නට නිදහස තිබිය යුතුයි කියා මම තෝරාගන්නේ ඒ සඳහා ඉඩ ලැබෙන තැනක්. එවිට මට හමුවන්නේ තවත් රෙදිවැල් අදින අසල්වැසියන් පිරිසක්. ඔවුන් වැඩි දෙනක් කිසියම් සුළුතර ජනවර්ගයකට අයත් වෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13569164312422253572017-03-05T19:14:48.685-05:002017-03-05T19:14:48.685-05:00අපේ තියෙන්නේ නේබර්හුඩ් වොච් එකක් විතරයි. රෑට පොඩ්ඩ...අපේ තියෙන්නේ නේබර්හුඩ් වොච් එකක් විතරයි. රෑට පොඩ්ඩක විදින්න යනවා අමුතු අන්දමේ මිනිස්සු එනවද කියල. එච්චරයි. ඔය ක්‍රමයට ගෙයක් එහෙම ගන්නත් අමාරු ඇතිනේ ඒ පැත්තක. මොකද සංගමය වලියක් දාන්න ඉඩ තිබෙනවා නේද? එතකොට එකොනොමැට්ට ඔය සමහර වෙලාවට හුඟක් කියන වෙළඳ පොළ ක්රමයේ නිදහසට බාධාවක් නෙමෙයිද ඒක? ඔය තියන් සිස්ටම් එක වැරැද්දක් කියනවා නෙමේ. මට හිතනවා ඔය ක්‍රමය නිසා කළු ජාතිකයන්ගේ ගෙටෝ වුනත් හැදුනේ ඒ නිසාය කියල. ඔබ ඉන්න තැන මික්ස් එකක් නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78174639329641843282017-03-05T13:43:58.519-05:002017-03-05T13:43:58.519-05:00මම ජීවත්ව සිට ඇති ගෙවල් වල යාබද නිවෙස් වලට අයත් සී...මම ජීවත්ව සිට ඇති ගෙවල් වල යාබද නිවෙස් වලට අයත් සීමාවන් වෙන් කරන වැට මායිම් නොතිබුණු තරම්. බොහෝ විට නිවෙස ඉදිරිපස කොටසේ එවැනි වැට මායිම් නැහැ. මෙය තරමක ප්‍රශ්නයක් වෙන්නේ තණකොළ කපන විට සහ හිම ඉවත් කරන විටයි. බොහෝ විට මම වගේම මගේ අසල්වැසියන්ද කරන්නේ මුලින් කරන කෙනා අනිත් පැත්තත් ටිකක් වැඩිපුර කිරීමයි.

නීති කැඩුවොත් වෙන දේ තමයි උඩ ඇනෝ කෙනෙක් දමල තියෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48943563933612104372017-03-05T13:38:19.977-05:002017-03-05T13:38:19.977-05:00ඇනෝ විසින් ලියා ඇති පරිදිම ඇමරිකාවේ නිවාස හිමියන්ග...ඇනෝ විසින් ලියා ඇති පරිදිම ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගම් වලට නීතිමය බලයක් තියෙනවා. ඒ නිසා, යමෙකුට මේ දේවල් නොකර සිටීමේ හැකියාවක් නැහැ. ලංකාවේ මරණාධාර සමිති වලට එවැනි නීතිමය බලයක් නැති නිසා පාංශුකූලය තහනම් කිරීම වැනි උපක්‍රම භාවිතා කරන්නට සිදුවී ඇති බව සිතිය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91650287313746486892017-03-05T09:08:13.613-05:002017-03-05T09:08:13.613-05:00මරණාධාර සමිති තමා ලංකාවේ ගම්වල ආණ්ඩු, ගමක මිනිසුන්...මරණාධාර සමිති තමා ලංකාවේ ගම්වල ආණ්ඩු, ගමක මිනිසුන්ට රජයේ නිළධාරීන්ගේ බලපෑමෙන් නිදහස්ව තීරණ ගතහැකි එකම සංවිධානය, ඒ අයගේ සාමූහික චින්තන රටාවේ පිළිඹිඹුවක් තමයි ගමේ මරණාධාර සමිතියේ නීති රීති, ඇතුල්වීමේ ගාස්තුව 50,000 තරම් වන ඒවා වගේම මරණාර සමිතියට නැත්නම් හාමුදුරුවන්ට පාංශුකූලයට යෑම තහනම්කරන සමිතිත් තියනවා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25820017925554598332017-03-05T03:43:16.356-05:002017-03-05T03:43:16.356-05:00එහෙ, අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැති නිසා තරහා වෙන්...එහෙ, අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැති නිසා තරහා වෙන්නැතිව ඇති...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79734885268312380932017-03-05T03:06:58.124-05:002017-03-05T03:06:58.124-05:00විහිළුවක් බව තේරුණා, සෙන්නා.
//දකුණු පැත්තේ ගෙවල...විහිළුවක් බව තේරුණා, සෙන්නා.

//දකුණු පැත්තේ ගෙවල් සාපේකෂව පොඩිනම් ඒ පැත්තේ හැමෝටම ගබඩා ගෙයක් තියා ගන්න දුන්නොත් අවුල මොකක්ද?//
දැනට තියෙන්නේ එහෙම තමයි. දෙපැත්තේ නීති මාලා දෙක එකතු කර එකක් හැදීමට යාමේදී තමයි මෙය ප්‍රශ්නයක් වෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36580776403618381062017-03-05T02:18:48.785-05:002017-03-05T02:18:48.785-05:00මාමා ඔය රටේ ඇවිදින වැට මායිම් එහෙම නැතෙයි..?
නෙබර්...මාමා ඔය රටේ ඇවිදින වැට මායිම් එහෙම නැතෙයි..?
නෙබර්හුඩ් එකේ සෙට් එකක් තරහ වෙලා නීති කැඩුවොත් මොකද වෙන්නේ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8366288047394613502017-03-05T02:00:17.936-05:002017-03-05T02:00:17.936-05:00"වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ..."වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත."

හරිම වටින කියමනක් නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-227344262678603522017-03-04T18:51:24.899-05:002017-03-04T18:51:24.899-05:00පුංචි විහිළුවක් කළේ... බොහෝ විට ලංකාවෙ වෙන්නෙ ඕකනෙ...පුංචි විහිළුවක් කළේ... බොහෝ විට ලංකාවෙ වෙන්නෙ ඕකනෙ...

දකුණු පැත්තේ ගෙවල් සාපේකෂව පොඩිනම් ඒ පැත්තේ හැමෝටම ගබඩා ගෙයක් තියා ගන්න දුන්නොත් අවුල මොකක්ද? එතකොට අලංකාරයට බාධාවක් වෙයි කියලා මට පේන්නේ නෑ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9963185893486051172017-03-04T14:17:53.563-05:002017-03-04T14:17:53.563-05:00වයස්ගත පුද්ගලයින් දරුවන් සමඟ ජීවත් නොවන නිසාත්, එව...වයස්ගත පුද්ගලයින් දරුවන් සමඟ ජීවත් නොවන නිසාත්, එවැනි අය බොහෝ විට සිටින්නේ එවැනි විශ්‍රාමිකයින් පමණක් ජීවත් වන අසල්වැසි සාමූහික වල නිසාත්, ගෙවල් වල මිනී තැබීමක් නොකෙරෙන නිසාත් මළ "ගෙවල්" ලංකාවේ තරම් සුලභව දකින්නට නැත. මළ ගෙවල් වෙනුවෙන් බොහෝ විට කරන්නේ කාඩ් පතක් අත්සන් කිරීම හා මල් යැවීමයි. මා හිතන පරිදි පෞද්ගලිකව සහභාගී වීම බොහෝවිට කරන්නේ නිවැසියන්ට අදාළ පල්ලියට යන අයයි. මේ ගැන මට එතරම් පෞද්ගලික අත්දැකීම් නැත. බොහෝ වයස්ගත පුද්ගලයින් මරණයේ වියදම් දරුවන්ට පටවන්නට අකැමැති නිසා ඒ වියදම් වෙනුවෙන් ගන්නා රක්ෂණ ආවරණ වලින් ලංකාවේ මරණාධාර සමිති වලින් කෙරෙන කාර්යය සිදුවේ. ඇත්තටම ලංකාවේ මරණාධාර සමිති ක්‍රමය අසල්වැසියන් එක්ව පිහිටුවා ගන්නා ඉතා හොඳ රක්ෂණ ක්රමයකි. මිනිසුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලැබෙන විට මිනිස්සු තමන්ගේ ප්‍රශ්න වලට මෙවැනි විසඳුම් සොයා ගනිති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54033209696792550812017-03-04T14:01:53.909-05:002017-03-04T14:01:53.909-05:00පුද්ගල නිදහසට මුල් තැන දෙන සමාජයක නීති කියා කියන්න...පුද්ගල නිදහසට මුල් තැන දෙන සමාජයක නීති කියා කියන්නේ කිසියම් පිරිසක් විසින් තමන්ගේ පොදු යහපත තකා ස්වේච්ඡාවෙන් එකඟ වී ඇති කරුණු සමූහයක් නිසා, නීති කැඩීමෙන් බොහෝ දෙනෙකුට වෙන්නේ අවාසියකි. ඒ නිසා, බොහෝ දෙනෙකු විසින් නීති පිළිපදින අතර බලෙන් නීති ක්‍රියාත්මක කරන්නට වෙන්නේ කලාතුරකිනි. එසේ නොවී, සමාජයේ වැඩි පිරිසක් නීති කඩනවානම් එයින් පෙනෙන්නේ නීතියේ කිසියම් වැරැද්දක් ඇති බවයි. වැඩි දෙනෙකුට යහපතක් නොසලසන, වැඩි දෙනෙකු ස්වේච්ඡාවෙන් පිළිපැදීමට අකැමැති නීති ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන් පමණි. එය දිගුකාලීනව සාර්ථක නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58389507995186980902017-03-04T13:59:34.020-05:002017-03-04T13:59:34.020-05:00මාරයි.
සාමාජිකයන්ගේ මළ ගෙවල් වලට සහභාගී නොවුනොත් ...මාරයි.

සාමාජිකයන්ගේ මළ ගෙවල් වලට සහභාගී නොවුනොත් දඩ ගහන්නේ නැද්ද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35137551560938923032017-03-04T13:13:08.772-05:002017-03-04T13:13:08.772-05:00ඉකොනො, ඔයා ගිහිල්ලා ඒ ගොල්ලන්ට කියලා දෙන්නකෝ නීති,...ඉකොනො, ඔයා ගිහිල්ලා ඒ ගොල්ලන්ට කියලා දෙන්නකෝ නීති, පොරොන්දු සහ සිල් තියෙන්නේ කඩන්න මිසක් රකින්න නෙමේ කියලා...හෙහ් හෙහ්.. එතකොට ඔය ප්‍රශ්ණ ඔක්කොම අහවරයි.. පොතක් පිරෙන්න නීති සංග්‍රහයක් හදලා, නිති පතා ඒවා කඩලා, වාර්ෂික හමුවීමක් තියලා ප්‍රගති සමාලෝචනේකුත් කරන්න පුළුවන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54527445922004219742017-03-04T12:00:06.606-05:002017-03-04T12:00:06.606-05:00අඩු වශයෙන් එකතුවීමට හෝ උනන්දුවක් තියෙනවනම් ගොඩක් ප...අඩු වශයෙන් එකතුවීමට හෝ උනන්දුවක් තියෙනවනම් ගොඩක් පොදු ප්‍රශ්න අහල පහළ ගෙවල් වල අයට එකතු වී කතාබහ කරගෙන විසඳා ගත හැකියි. හැමවිටම ආණ්ඩුව හෝ වෙනත් බාහිර මැදිහත්වීම් අවශ්‍යවෙන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67068315186248698002017-03-04T11:52:47.066-05:002017-03-04T11:52:47.066-05:00සෞඛ්‍යයත් අයිතියි තමා ඇනෝ! ප්‍රතිශක්තිකරණය එහි එක්...සෞඛ්‍යයත් අයිතියි තමා ඇනෝ! ප්‍රතිශක්තිකරණය එහි එක් කොටසක්. ස්වභාවික සම්පත් වගේ තවත් මෙවැනි බොහෝ දේවල් තියෙනවා. මේ කිසිවකදී පුද්ගල නිදහසට බාධා පමුණුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ ක්‍රියාවන් නිසා අනිත් අයට සිදුවන බලපෑමත් අනිත් අයගේ ක්‍රියාවන් නිසා තමන්ට සිදුවන බලපෑමත් ගැන දැනුවත්ව තමන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. එවිට තමන්ට සිදුවන යහපත වෙනත් අයෙකුට සිදුවන අයහපතක් වෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5795045502439337172017-03-04T10:56:29.873-05:002017-03-04T10:56:29.873-05:00"ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි ප..."ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි පරිහරණයද පුද්ගල නිදහසට මුල් තැන ලැබෙන සාමූහික තීරණ විය යුත්තේ මේවායේ පුද්ගල උපයෝගීතාවයන්ට වඩා දෙයක් ඇති බැවිනි. වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත."

සෞඛ්‍යත් දාන්නකෝ මේ ලිස්ට් එකට? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41536490576929743932017-03-04T10:09:54.824-05:002017-03-04T10:09:54.824-05:00ඕවා මෙහෙත් කරන්න ඕන දේවල්..මෙහෙ තියෙන එකේ කරන්නේ ප...ඕවා මෙහෙත් කරන්න ඕන දේවල්..මෙහෙ තියෙන එකේ කරන්නේ පිරිමි අය මාසෙකට සැරයක් සෙට් වෙලා බොන එකයි ගෑනු අය ඕපාදුප කතාවයි විතරයි Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.com