tag:blogger.com,1999:blog-3221129106341750825.post4723455786424235660..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඇමරිකාවේ දුප්පතුන්ගේ කෑම Unknownnoreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-3221129106341750825.post-40853460405222599132018-12-27T02:43:18.033-05:002018-12-27T02:43:18.033-05:00පෞද්ගලික ණය දැන් අඩු මිල 2% නත්තලට පෙර ඔබේ ව්‍යාපාර...පෞද්ගලික ණය දැන් අඩු මිල 2% නත්තලට පෙර ඔබේ ව්‍යාපාර ආරම්භ කිරීමට හදිසි අවස්ථාව ඔබට නත්තල් ණය අවශ්‍යද? ඔබ සමාගමට හා පුද්ගලයන්ට සෑම දෙයක්ම පිරිනමයි. එබැවින් ඔබට පැය 12 හදිසි හදිසි ණයක් අවශ්‍ය නම් එය ප්‍රමාදයකින් තොරව අනුමත කළ හැකිය. නත්තල් නය දැන් 2% ක අඩු පොලී අනුපාතයක් යටතේ: අප අමතන්න [privateloaninvestors@gmail.com] සමාගමේ නම: පුද්ගලික ක්‍රෙඩිට් සමාගම විද්‍යුත් ලිපිනය: [privateloaninvestors@gmail.com] කොම්පියුස් පීප්ල්ස් Ed: 517219 ඔබ කැමතිද සියලු හොදම පුද්ගලික ණය ... Wattab +2347010852818
Anonymoushttps://www.blogger.com/profile/04468582622347401913noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51876103195339229482018-12-27T02:42:43.821-05:002018-12-27T02:42:43.821-05:00ආයුබෝවන්, මම නීත්‍යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්...ආයුබෝවන්, මම නීත්‍යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්‍යානුකූල හිමිකරු වන HEINRICH ADAMI මහතා, මම විවේචනාත්මක කොන්දේසි සහ තේරුම්ගත හැකි කොන්දේසි සහ කොන්දේසි ලබා දෙමි. වටිනාකම් සහ ව්‍යාපාර දර්ශනය පාරිභෝගික සේවා සඳහා ඉතා දැඩි කැපවීමකි, ඉතා උසස් සදාචාර ප්‍රමිති, අඛණ්ඩතාව සහ විවෘත සන්නිවේදනය. මගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දෙන නිදහස් ප්‍රවාහය දුප්පත් අයට මුදල් ලබා දීම. ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න: [privateloaninvestors@gmail.com] ආකෘති පත්‍රය පුරවා අප වෙත අප වෙත පැමිණෙන්න * පළමු නම: __________ * නම: ___________ * රැකියාව: __________ * ලිංගය: _________________ * රට: _____________ * මාසික ආදායම: ______ * : _______ * කාලය: ____________ * දුරකථන අංකය: _______ අපගේ ස්වාමීන්ව ඔබ ආරක්ෂා කරයි. සමගම,
āyubōvan, mama nītyānukūla hā viśvāsanīya sAnonymoushttps://www.blogger.com/profile/04468582622347401913noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4449862425867930792017-12-02T08:58:00.265-05:002017-12-02T08:58:00.265-05:00//මම මාක්ස්ටවත් අගමකටවත් ප්රග්ධ්නයකටවත් වැඳගෙන ඉන...//මම මාක්ස්ටවත් අගමකටවත් ප්රග්ධ්නයකටවත් වැඳගෙන ඉන්න එකෙක් නෙමෙයි//
දැන් එහෙමනම් කරුණාකරලා පැහැදිලි කරන්න ඔබ ඔය කියන "සූරා කෑම" හා "ශ්රමයට සරිලන පඩිය" ඔබ අර්ථ දක්වන්නේ කොහොමද කියල.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17191106967091117112017-12-02T08:53:19.470-05:002017-12-02T08:53:19.470-05:00//මෙතැනදී මම ඔබට එකඟ නැහැ. ඔහුට එම මුදල පැවසීමෙන් ...//මෙතැනදී මම ඔබට එකඟ නැහැ. ඔහුට එම මුදල පැවසීමෙන් උනේ අවාසියක්. ඔහු අඩු කරන්නේ නැතිව හිටියේ වෙනත් අය එවැනි අවස්ථාවල කාරය හද ගැනීමේ තීරණ වල ඉන්න බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසා. නමුත් මම කලේ ඔහු නොහිතපු දෙයක්. එනිසා මම හිතනවා ඔහුට ගනුදෙනුවෙන් උනේ අවාසියක්.//

මෙය වෙන්න පුළුවන්. මගේ නිගමනය පදනම් වුනේ ඔබට රෙස්කියු එකෙන් නොමිලේ වාහනය ලන්ඩන් ගෙන යා හැකි බව ගරාජ්කරුත් දන්නා දෙයක් යන පදනමිනුයි. එය එසේ නොවන්න පුළුවන්.

ඒ වගේම ව්‍යවසායකයෙක් මුහුණ දෙන අවිනිශ්චිතතා රාශියක් තියෙනවා. සමාගමක් ලාභ උපරිමකරණය කරනවා කියන විට එයින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ "අපේක්ෂිත ලාභය" උපරිමකරණය කරනවා කියන එකයි. දැන් මේ ගරාජ්කරුත් කර ඇත්තේ එයයි.

අපි සරල ලෙස මේ විදිහට හිතමු.

කාර් එක හදන්න වැය කළ යුතු ශ්‍රමයේ හා ක්ෂය වන උපකරණ ආදියේ පිරිවැය = පවුම් 600

දැන් එයින් අමතර කොටස ඔහුගේ ලාභය.

ඔබේ වාහනයේ තත්ත්වයේ තිබුණු කාර් එකක් පවුම් 700කට හැදුවොත් ඔහුට ලැබෙන වාසිය පවුම් 100යි. එය පවුම් 1200ක් අයකර හැදුවොත් ඔහුගේ ලාබය පවුම් 600යි.

අය කිරීම පවුම් 700 කිවුවත් ඔබ එය නොහදා යන්න ඉඩ තියෙනවා. මේ සම්භාවිතාව 25%ක් කියමු. ඒ කියන්නේ ගනුදෙනුව සිදුවෙන්න 75%ක ඉඩක් තියෙනවා. ගරාජ්කරු අත්දැකීමෙන් මේ සම්භාවිතාව දන්නවා. එවිට අපේක්ෂිත ලාභය වන්නේ පවුම් 100*75% = පවුම් 75යි.

අය කිරීම පවුම් 1200නම් ඔබ එය නොහදා යන්න ඉඩ වැඩියි. මේ සම්භාවිතාව 50%ක් කියමු. ඒ කියන්නේ ගනුදෙනුව සිදුවෙන්න 50%ක ඉඩක් තියෙනවා. දැන් ඔහුගේ අපේක්ෂිත ලාභය පවුම් 600*50% = පවුම් 300ක්.

ඔබ ගිය නිසා මේ නිශ්චිත (particular) ගනුදෙනුවෙන් ඔහුට වාසියක් ලැබුණේ නැහැ. (මතක තියා ගන්න ඔහුට කිසිම අවාසියක් වෙලා නැහැ. වාසියක් නොවීම පමණයි වුණේ) නමුත්, ඔබම කියා ඇති පරිදි බොහෝ දෙනෙක් මේ මිලට ගනුදෙනුව කරනවා. ඒ නිසා, ඇතැම් ගනුදෙනු සිදු නොවීමේ අවදානම වෙනුවෙන් මිල අඩු කරනවාට වඩා වැඩි මිල අය කිරීම ඔහුට වාසියි.

මෙය ගණිතමය ලෙස මේ අයුරින් ලියන්න පුලුවන්.

ලාභය = (P - C )*F(P)

P - මිල
C - පිරිවැය
F(P)- නිශ්චිත මිලක් යටතේ ගනුදෙනුව සිදුවීමේ සම්භාවිතාව. මෙය P ඉහළ යන විට සමඟ අඩු වන ශ්‍රිතයක්. ඒ නිසා, dF(P)/dP<0.

දැන් ඔහු අය කළ යුතු ප්‍රසස්ථ මිල වන්නේ,

P dF(P)/dP + F(P) - C dF(P)/dP = 0 විසඳන මිලයි.

ගරාජ්කරු මෙවැනි ගණනය කිරීමක් නොකළත් ඔහු අත්දැකීමෙන් ඒ මිල දන්නවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73649710930031133902017-12-02T08:41:57.983-05:002017-12-02T08:41:57.983-05:00//අජිත්ට අජිත්ගේ ආගම අදහගෙන, ප්රාග්ධනය පොතට උදේ හ...//අජිත්ට අජිත්ගේ ආගම අදහගෙන, ප්රාග්ධනය පොතට උදේ හවස වැඳගෙන ඉන්න තියෙන අයිතියට මම ගරු කරනවා.//
මෙච්චර කල් කතා කරපුවගෙන් වත් ඔයාට තේරුනේ නැත්නම් මම මාක්ස්ටවත් අගමකටවත් ප්රග්ධ්නයකටවත් වැඳගෙන ඉන්න එකෙක් නෙමෙයි කියල කතා කරලා වැඩක් නැහැ තමයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48808564148010760012017-12-02T08:20:52.920-05:002017-12-02T08:20:52.920-05:00//ටිකක් වෙන්න අපහසුයි පිලි ගන්න. තවම ඇතැම් තැන්වල ...//ටිකක් වෙන්න අපහසුයි පිලි ගන්න. තවම ඇතැම් තැන්වල සූරාකෑම සිදුවෙනවා. (එංගලන්තයේ) . බොහෝ ස්තනවා ශ්රමයට සරිලන පඩියක් දුන්නත්.//
කොයි තරම් කතා කළත් ආපහු කැරකිලා පොල්කට්ට අස්සටමනේ රිංගන්නේ. මම මෙතරම් කාලය නාස්ති කළේ අජිත් ඔය පොල්කට්ටටෙන් එළියට එන්න උත්සාහ කරනවා වගේ පෙනුණු නිසයි. අජිත්ට අවශ්‍ය මොන විදිහෙන් හරි මාක්ස්වාදය හරි කියන එක තහවුරු කරන්නනම් මට කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. අජිත්ට අජිත්ගේ ආගම අදහගෙන, ප්රාග්ධනය පොතට උදේ හවස වැඳගෙන ඉන්න තියෙන අයිතියට මම ගරු කරනවා.

මම මේ තරම් කියන්න උත්සාහ කළේ මාක්ස් කියන ආකාරයේ පාරිභෝගිකයාට සාපේක්ෂ නොවන වාස්තවික වටිනාකමක් භාණ්ඩයකට නැති බවයි. එහෙම තියෙනවනම් අජිත්ට පවුම් 450ක් නොවටින කාර් එක රුමේනියන් කාරයාට ඊට වඩා වටින්න විදිහක් නැහැ. මාක්ස්වාදය අනුව එක්කෝ ඔහු අජිත්ව සූරාගෙන කාලා. නැත්නම් අජිත් ඔහුව සූරාගෙන කාලා. දැන් මේ ගනුදෙනුවේදී අජිත් කළේ රුමේනියන් කාරයව සූරාකන එකද නැත්නම් කැමැත්තෙන්ම ඔහුට ඔබව සූරාකන්න ඉඩ දෙන එකද? මාක්ස්වාදයට අනුව ඔය විකුණපු කාර් එකේ "නියම" වාස්තවික වටිනාකම කීයද? එවැනි නිරපේක්ෂ වටිනාකමක් තිබිය නොහැකි බවට අජිත් මුලින්ම එකඟ වුනා. මම ඉදිරියට ගියේ ඒ පදනම මතයි. දැන් අජිත් නැවත ආපසු මුලට යනවා.

මාක්ස් විසින් "සූරා කෑම" හා "ශ්රමයට සරිලන පඩිය" කියන දෙකම අර්ථ දක්වන්නේ එවැනි වාස්තවික වටිනාකමක් තියෙනවා කියන උපකල්පනය මත. ඒ නිසා, එක්කෝ අජිත් විසින් ඒ උපකල්පනය නිවැරදියි කියා ඒ පදනම මත කතා කළ යුතුයි. ඒ උපකල්පනය පිළිගන්නේ නැත්නම් "සූරා කෑම" හා "ශ්රමයට සරිලන පඩිය" කියන පදනමක් නැති පුහු සංකල්ප වලින් ඉවත් විය යුතුයි. ඒත් නැත්නම් ඔබ කියන "සූරා කෑම" හා "ශ්රමයට සරිලන පඩිය" කියන සංකල්ප ප්රාග්ධනය සංකල්ප නොවේනම්, ඒවායින් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියන එක පැහැදිලි කළ යුතුයි.

දැන් උදාහරණයක් ලෙස අජිත් පැරකුම් ජයසිංහ කියනවා "සමාජවාදය යනු වඩා යහපත් ලෝකයක් පිළිබඳ මිනිසුන්ගේ සිහිනය කැටි කර ගත් වදනයි. මාක්ස්වාදය හා සමාජවාදය යනු එකක් නොව දෙකකි." එතකොට මට ඔහුව මාක්ස් සමඟ පටලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ඔබටත් වෙනස් අර්ථදැක්වීමක් තියෙනවනම් එය ඉදිරිපත් කරන්න. ප්රාග්ධනය අනුව "සූරා කෑම" හා "ශ්රමයට සරිලන පඩිය" කියන දේවල් අර්ථ දක්වා තියෙන්නේ භාණ්ඩයකට ඒ මත යෙදවූ සමාජයට වැඩදායක ශ්රමයට අනුපාතික නිරපේක්ෂ වටිනාකමක් තියෙනවා කියන උපකල්පනය මතයි. ඒ නිසා, ඔබට එය පිළිනොගෙන එහි අපෝහක ගැන කතා කරන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45018578231065027652017-12-01T10:46:50.055-05:002017-12-01T10:46:50.055-05:00//. පවුම් 1200 හෝ 700 ඔබට වන ඉතිරියක්. පවුම් 450ත්...//. පවුම් 1200 හෝ 700 ඔබට වන ඉතිරියක්. පවුම් 450ත් ඔබට ලැබුණු මුදලක්.

දැන් ඔබේ තේරීම වුණේ 3. ඔබ කාර් එක ලන්ඩන් ගෙන ඒමෙන් පසු එය හැදුවේ නැත්තේ කාර් එක හැදීමෙන් පසු ඔබට එහි වටිනාකම පවුම් 1150ට වඩා අඩු නිසා (700+450). එහෙමනම් ඔබ පවුම් 1200ක් ගෙවා එය හැදුවනම් ඔබට පවුම් 50ක පාඩුවක් වෙනවා. ඒ නිසා ඔබ එය හදපු නැති එක ඉතා පැහැදිලිවම තාර්කික තීරණයක්. ඒ වගේම රුමේනියන් කාරයා එය පවුම් 450කට ගත්තේ ඔහුට එය පවුම් 1150කට වඩා වටින නිසා. (එහෙම නැත්නම් අඩු පිරිවැයකින් හදාගන්න පුළුවන් නිසා).

1200 හෝ 700 මට ඉතිරියක් වන්නේ කාරය තබා ගත්තොත්. කාරය රැගෙන ගැරේජ් ගානේ ගොස් එම වෙලාව නාස්ති කිරීම් අඩියට වඩා කැඩුණු කාරය අඩු ගනනකට දීම මට ලාභයක්. රුමේනියාවේ අඩු මුදලට කාර් හදන්න පුළුවන් නිසා ඔහු එය ගත්තේ.

මෙයින් පෙනෙන්නෙත් බඩුවකට වාස්තවික වටිනාකමක් නැති බවයි. ඒ වගේම, ඔබ කාර් එක එතැනම හදපු නැති නිසා ගනුදෙනුවක් වුණේ නැහැ. මිකැනික් අඩු මිලකට එය හදන්න කැමති නොවුනේ පවුම් 1200ක් නොලැබෙනවානම් ඔහුට එය නොහදා ඉන්න එක වාසි නිසා. ඔහුට ඒ වෙලාවේ පවුම් 1200ක් ඉපයිය හැකි වෙනත් වෙනත් වැඩක් තියෙන්න ඇති. ඒ නිසා අඩු මිලට මේ වැඩේ කළානම් ඔහුට පාඩු වෙනවා. ඒ අනුව, එහිදී ගනුදෙනුව සිදු නොවීම නිසා දෙදෙනාටම වාසියක් වී තිබෙනවා//
මෙතැනදී මම ඔබට එකඟ නැහැ. ඔහුට එම මුදල පැවසීමෙන් උනේ අවාසියක්. ඔහු අඩු කරන්නේ නැතිව හිටියේ වෙනත් අය එවැනි අවස්ථාවල කාරය හද ගැනීමේ තීරණ වල ඉන්න බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසා. නමුත් මම කලේ ඔහු නොහිතපු දෙයක්. එනිසා මම හිතනවා ඔහුට ගනුදෙනුවෙන් උනේ අවාසියක්.

මේ ගනුදෙනු ගැන කීවහම මතක් වුනේ. නැතිවුණු බිටිකොයින් හොයාගන්නේ කොහොමද යයි දන්නවද ? මම අවුරුද ගනනකට කලින් ගත් කොයින් වල පාස්වර්ඩ් ෆයිල් මුකුත් නැහැ. දැන් එකක් 10000 විතර වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51069139551565410572017-11-30T19:04:55.642-05:002017-11-30T19:04:55.642-05:00November 30, 2017 at 11:31 AM ලියා ඇති දේට එකඟයි ...November 30, 2017 at 11:31 AM ලියා ඇති දේට එකඟයි //ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන තරඟය නිසා ඔවුන්ට මේ කියන "සූරාකෑම" කියන දෙය දිගින් දිගටම කරන්න බැහැ. // ටිකක් වෙන්න අපහසුයි පිලි ගන්න. තවම ඇතැම් තැන්වල සූරාකෑම සිදුවෙනවා. (එංගලන්තයේ) . බොහෝ ස්තනවා ශ්රමයට සරිලන පඩියක් දුන්නත්. මම ඔබට පිළිතුරක් එව්වා මාක්ස් ශ්‍රමයේ ඵලදායිතාවය ගැන කතා කරන්නේ හතරවැනි වොලියුම් එකේ.
මම III හා IV කියවල ඉඅවර නැති නිසා ලොකු අදහසක් දෙන්න බැහැ . ඇඩම් ස්මිත් ගේ මුලික අදහසට දුන් පිළිතුරක් ලෙස Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3622635447542139482017-11-30T16:51:53.020-05:002017-11-30T16:51:53.020-05:00//ඔබ නැවතත් මම සමාජවදියෙකුව වශයෙන් උපකල්පනය කරලා ස...//ඔබ නැවතත් මම සමාජවදියෙකුව වශයෙන් උපකල්පනය කරලා සුරංගනා කතාවක් කියනවා. //
මම මෙතැන ඔබ කියා ලිවුවත් එය ලිවුවේ සන්දර්භය ඇතුළේ කවුරු හෝ පුද්ගලයෙක් කියන අර්ථයෙන් මිස "අජිත් ධර්මා" කියන අර්ථයෙන් නෙමෙයි.

//එනිසා සමාජවාදී නොවන අය ඔබ කියන විධිහට -A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
කියල කියනවනම් ඔබාලට පිස්සු විය යුතුයි. .//
අජිත් මේ කරුණ මම කියන එකක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේ ප්‍රථම මූලධර්මයක් කියා කියන්න පුළුවන් දෙයක්. මම නැවත නැවත මේ කරුණට එන්නේ ඒ නිසයි.

//කිසිම ධනවාදියෙක් ඔයවිධිහට වැඩ කරන්නේ නැහැ, ඔවුන්බලන්නේ මිල අඩුවෙන්ම ගෙවා කරගන්න. මමත් එහෙමයි//
මේ කොටස ඔබ හරියට තේරුම් ගෙන නැහැ. (මම හරියට ඔබට පැහැදිලි කර නැහැ) ඉතා පැහැදිලිවම ඕනෑම කෙනෙක් හදන්නේ මිල අඩුවෙන්ම ගෙවා හදාගන්න තමයි. ඒක තමයි මිනිසුන් ස්වාභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ. වැදගත් කරුණ වන්නේ ඔබ එසේ කරන්නේ ඔබේ ලාභය වැඩි කර ගැනීමට මිස ඔබට අලාභ වන නිසා නොවන බව. ඔබට අලාභනම් ඔබ මේ ගනුදෙනුව කරන්නේ නැහැ. ඒ වගේම මිකනික් බලන්නේ හැකි ඉහළම මිල අය කරගෙන ඔහුගේ ලාබය වැඩි කර ගන්න. ධනවාදියෙක් මෙහිදී ඔබ හෝ මිකනික් යන දෙදෙනාගෙන් එක් අයෙකුවත් වරදක් කරනවා කියා හිතන්නේ නැහැ. ධනවාදී ආර්ථික විද්‍යාඥයෙකු වැදගත් කොටස සලකන්නේ ගනුදෙනුව සිදුවීමයි. මොකද එයින් දෙදෙනාටම කිසියම් හෝ යහපතක් වන නිසා. ඔබ එකඟ වන මිල කුමක් වුවත් ගනුදෙනුව කිරීමෙන් ඔබට අවාසියක් වෙන්නේ නැහැ. මිකැනික් සමඟ හෙට්ටු කර අඩුම මිලට වැඩේ කරගන්න එක ඔබේ වැඩක්. එහි වරදක් නැහැ. ඔබ මේ ගනුදෙනුව දෙස බලන්නේ තනිකරම මාක්ස්වාදී ඇහැකින්. මම ඊමේල් කර එවපු සටහන කියවූ විට මෙය පැහැදිලි වෙයි කියා හිතනවා.

//මම කියන්නම් මේකේ ඇත්තටම වුනේ මොකක්ද කියල.//
ඔබ වැඩි විස්තර දමා තිබෙන නිසා පහත තිබෙන්නේ ඔබට තිබුණු විකල්ප.
1. පවුම් 1200ක් ගෙවා එතනදීම කාර් එක හදාගැනීම
2. පවුම් 700ක් ගෙවා ලන්ඩන් වලදී කාර් එක හදා ගැනීම
3. කාර් එක නොහදා විකිණීම.

එක් එක් විකල්පයේ ශුද්ධ වාසි (අවාසි).
1. කාර් එක තබා ගැනීමේ වාසිය - පවුම් 1200
2. කාර් එක තබා ගැනීමේ වාසිය - පවුම් 700 - කාර් එක ලන්ඩන් වලට ගෙන ඒමේ වියදම හා අපහසුතාවය
3. පවුම් 450

ඔබ ලාබය ගණන් හදා ඇති ආකාරයන්නම් වැරදියි. පොඩ්ඩක් හිතල බලන්න. පවුම් 1200 හෝ 700 ඔබට වන ඉතිරියක්. පවුම් 450ත් ඔබට ලැබුණු මුදලක්.

දැන් ඔබේ තේරීම වුණේ 3. ඔබ කාර් එක ලන්ඩන් ගෙන ඒමෙන් පසු එය හැදුවේ නැත්තේ කාර් එක හැදීමෙන් පසු ඔබට එහි වටිනාකම පවුම් 1150ට වඩා අඩු නිසා (700+450). එහෙමනම් ඔබ පවුම් 1200ක් ගෙවා එය හැදුවනම් ඔබට පවුම් 50ක පාඩුවක් වෙනවා. ඒ නිසා ඔබ එය හදපු නැති එක ඉතා පැහැදිලිවම තාර්කික තීරණයක්. ඒ වගේම රුමේනියන් කාරයා එය පවුම් 450කට ගත්තේ ඔහුට එය පවුම් 1150කට වඩා වටින නිසා. (එහෙම නැත්නම් අඩු පිරිවැයකින් හදාගන්න පුළුවන් නිසා). මෙයින් පෙනෙන්නෙත් බඩුවකට වාස්තවික වටිනාකමක් නැති බවයි. ඒ වගේම, ඔබ කාර් එක එතැනම හදපු නැති නිසා ගනුදෙනුවක් වුණේ නැහැ. මිකැනික් අඩු මිලකට එය හදන්න කැමති නොවුනේ පවුම් 1200ක් නොලැබෙනවානම් ඔහුට එය නොහදා ඉන්න එක වාසි නිසා. ඔහුට ඒ වෙලාවේ පවුම් 1200ක් ඉපයිය හැකි වෙනත් වෙනත් වැඩක් තියෙන්න ඇති. ඒ නිසා අඩු මිලට මේ වැඩේ කළානම් ඔහුට පාඩු වෙනවා. ඒ අනුව, එහිදී ගනුදෙනුව සිදු නොවීම නිසා දෙදෙනාටම වාසියක් වී තිබෙනවා. නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් නොවනවා කියන්නේ ඒ ගනුදෙනුවෙන් එක් අයෙකුට හෝ අවාසියි කියන එකයි. නමුත්, ගනුදෙනුවක් වෙනවා කියන්නේ දෙදෙනාටම වාසියි කියන එකයි. දෙදෙනෙකුටම වාසිදායක ගනුදෙනුවක් සිදු නොවනවානම් එහි නිදහස් වෙළඳාමට කිසියම් ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40461437824100348562017-11-30T11:32:05.452-05:002017-11-30T11:32:05.452-05:00//මාක්ස් පොතේ දෙවන කොටසේදී ශ්‍රමය පමණක් නොව අනිත් ...//මාක්ස් පොතේ දෙවන කොටසේදී ශ්‍රමය පමණක් නොව අනිත් සාධකත් සාකච්ඡා කරනවා.//
ප්රාග්ධනය දෙවන වෙළුමේ සැපයුම් සාධක විස්තරාත්මක ලෙස සාකච්ඡා කරනවා තමයි. නමුත්, එසේ කරන්නේ වැඩි වූ වටිනාකම නිෂ්පාදනයේදී එකතු කළ ශ්රමයට සමානයි කියන පදනම ඇතුළෙම සිටයි. මෙය තමයි ඔබ තේරුම් ගත යුතු කරුණ. ඔබ හිරවී ඉන්නේ මේ අවුල තුළයි. මම මෙය විස්තර කර සටහනක් ඊමේල් කර එවන්න උත්සාහ කරන්නම්. ඉංග්‍රීසියෙන් ලියන විට වෙලාව ටිකක් ඉතිරි කර ගත හැකියි. මාක්ස්ට පිරිවැය හා ඵලදායීතාවයේ වෙනස ගැන නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. මෙය ඒ කාලයේ විෂය තිබුණු තැන. ඒ නිසා, ඔහු නිෂ්පාදනයේදී එකතු වූ අගය යොදාගත් නිෂ්පාදන සාධක වල පිරිවැයට සමානයි කියා හිතනවා. දෙවන වෙලුමේදී ඔහු උත්සාහ කරන්නේ මේ පිරිවැය කොටස ආකෘතිගත කිරීමටයි. එය සෑහෙන තරම් හොඳ උත්සාහයක්. නමුත්, නිෂ්පාදන තාක්ෂණයේ ඵලයීතාවය අනුව වටිනාකම හා පිරිවැය අතර වෙනසක් ඇති වෙනවා. මාක්ස් කියන අතිරික්තය මෙයයි. මෙය ඉතිරි වෙන්නේ ශ්‍රමයේ හා ප්රාග්ධනයේ පිරිවැය වෙන් කිරීමෙන් පසුවයි. මාක්ස් මේ අතිරික්තය මුළුමනින්ම ශ්‍රමිකයින්ට පමණක් ලැබිය යුතු කොටසක් කියා නිගමනය කරනවා. නමුත්, නූතන ආර්ථික විද්‍යාවේදී සියලු දෙනාම පිළිගන්නේ ශ්‍රමයේ ඵලදායීතාවය හා ප්රාග්ධනයේ ඵලදායීතාවය අනුව මේ අතිරික්තය බෙදී යා යුතු බවයි. නිදහස් වෙළඳපොළක ස්වභාවික ලෙසම එය සිදු වෙනවා.

සෑහෙන වෙලාවක් ගියා. ඉතිරි කොටසට පිළිතුරු පසුව දමන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18406245923927209242017-11-30T11:31:49.495-05:002017-11-30T11:31:49.495-05:00//එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තම...//එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට කිසිවක් කළේ නැත.//
පළමුව, මාක්ස්වාදයේ පදනමම මම උඩින් කියපු ඉලක්කය කරා ළඟා වීම නිසා (දාර්ශනික පදනමකින් බැලුවොත්) සෝවියට් දේශයට මිනිසුන් වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, ප්‍රාග්ධන හිමියන් අතර ප්‍රමාණවත් තරඟයක් නැත්නම් මාක්ස් කියපු ආකාරයටම ඔවුන්ට නිෂ්පාදන අතිරික්තයෙන් වැඩි කොටසක් ලබා ගැනීමේ ඉඩක් ලැබෙනවා. ධනවාදී සමාජයක එය බිඳ වැටෙන්නේ ප්‍රාග්ධන හිමියන් විශාල ප්‍රමාණයක් සිටීම නිසා ඇතිවන තරඟය තුළයි. ප්රාග්ධනය රාජ්‍ය ඒකාධිකාරයක් වූ සෝවියට් දේශයේ ඇත්තටම වුණේ මේ අතිරික්තය රජය විසින් එකතු කර ගැනීමයි. මාක්ස් විසින් ප්‍රාග්ධන හිමියන් විසින් කරනවා කියපු දෙය ඇත්තටම කළේ සෝවියට් රජය විසිනුයි. සෝවියට් රජය විසින් එහි වැසියන්ට හොඳ කෑම වේලක්, නිවසක්, සෞඛ්‍ය පහසුකම් ආදී මූලික අවශ්‍යතා සියල්ල සැපයුවා කියා අපි කියමු. නමුත්, එසේ කිරීමෙන් පසු මාක්ස්ගේ අර්ථයෙන් අතිරික්තය සෝවියට් රජය විසින් තියා ගත්තා. අභ්‍යවකාශ වැඩසටහන් සඳහා වියදම් කළේ ඒ මුදල්. ඒ වගේම සිංහලෙන් අඩු මිලට පොත් දෙන්න, අජිත්ලට ශිෂ්‍යත්ව දෙන්න වගේ දේවල් වලට වියදම් කළේත් (කරුණක් ලෙස පමණක් ගන්න) ඒ අතිරික්තය. සමාජවාදී ජාත්‍යන්තරවාදය අනුව බැලුවොත්නම් මෙය නිවැරදියි. නමුත්, සෝවියට් දේශය වෙන් කොට බැලුවොත් මේ දේවල් නිසා වුනේ (මාක්ස්ගේ න්‍යාය අනුව) සෝවියට් ශ්‍රමිකයින්ට ඒ දේවල් වෙනුවෙන් දවසකට කිසියම් කාලයක් වැඩ කරන්න වීමයි.

පෞද්ගලික ප්‍රාග්ධන හිමියෙක් වගේම සෝවියට් රජයත් අතිරික්තයෙන් කොටසක් නැවත ආයෝජනය කළා. සෝවියට් ආර්ථිකය අඩු වශයෙන් මුල් දශක වලදී දියුණු වුණේ ඒ නිසා. නමුත්, තරඟයක් නැති නිසා මෙය කාර්යක්ෂම ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා ධනවාදී රටක තරම් වේගයෙන් ආර්ථිකය දියුණු වුණේ නැහැ. රට ඇතුළත තරඟයක් නොතිබුණත්, රටක් ලෙස සෝවියට් දේශය හිටියේ ලොකු තරඟයක. අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කළ ආයෝජන එහි ප්‍රතිඵලයක්. ඒ වගේම ඔලිම්පික් ජයග්‍රහණ වැනි දේවල්.

//මම පොල්කට්ටෙන් එලියට ඇවිත් බලන කෙනෙක්. මම ඔබට කලින් දුන් ලිපිවල තිඋනේ මම ඒ ගැන හදාරපු කාලය නිසා. //
මම මේ කොටස තේරුම් ගන්නේ ඔබ මුලින් ලියූ බ්ලොග් පෝස්ට් වල ඇති දේවල් සමඟ දැන් ඒ අයුරින්ම එකඟ නොවන බව කීමක් ලෙසයි. අපේ දැනුම අලුත් වන විට අදහස් වෙනස් වෙනවා. වැරැද්ද වන්නේ අදහස් වෙනස් කර නොගන්නවානම්. හැබැයි ඉතින් ඒ පෝසට් වලට ඔබ දමා තිබෙන ඇතැම් කමෙන්ට්නම් තනිකරම පොල්කට්ට ඇතුළේ. මෙය ඔබටම දැන් පෙනෙනවානම් ප්‍රශ්නයක් නැහැ.

//ඒ එක්කම අර ඔබ කියූ සමීකරණ එවනවනම් හොඳයි. වෙනම ඊමේල් එකක. වැදගත් වෙන්න පුළුවන්.//
ඉඩක් ලැබුණු වහාම ටයිප් කර එවන්නම්. වෙබ් එකෙන් හොඳ වර්ෂන් එකක් හොයාගන්න හැකි වුනොත් ලින්ක් එකක් එවන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77025285479316065042017-11-30T11:31:18.916-05:002017-11-30T11:31:18.916-05:00//එනිසා බ්ලොගයට ගිහිල්ල ලියාගෙන ඇවිත් දාන්න ඕනේ. /...//එනිසා බ්ලොගයට ගිහිල්ල ලියාගෙන ඇවිත් දාන්න ඕනේ. //
මම කොහොමටත් කරන්නේ Google ආදාන මෙවලම් වල ටයිප් කර කොපි කිරීමයි. එය කොහොමත් වෙහෙසකර වැඩක්. ටයිප් කර නැවත ලොගින් වී කමෙන්ට් දමන්න ඕනෑ. සමහර වෙලාවට ටයිප් කරපු ඔක්කොම නැති වෙනවා. වෙන බ්ලොග් වල අඩුවෙන් කමෙන්ට් දමන්නේ මේ නිසයි.

//ඕනෑවට වට වැඩිය අවශ්‍ය නැහැ තමා . නමුත් අපි උත්සාහ කරන්නෙම ජිවන තත්වය නගා හිටවන්නනේ.//
මාක්ස්ගේ අවසන් ඉලක්කය වුණේ ලෝකයේ සියලු දෙනාට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි තරම් නිෂ්පාදනයක් හැකි තරම් අඩු මිනිස් ශ්රමයකින් නිපදවා ඉතිරි කාලය නිකම් ඉන්න (කලාව රස විඳින්න වගේ දේවල් වෙනුවෙන් කියමු) හැකි පරිසරයක් හැදීමයි. ඔහුගේ කාලයේ එංගලන්තයේ තිබුණු තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ ඉලක්කයක්. අඩු වශයෙන් සෝවියට් දේශය මේ ඉලක්කය සම්පූර්ණ කරගත්තා කියන්න පුළුවන්. නමුත් මෙයට ඇතුළත් වන්නේ ඉන්න සාමාන්‍ය මට්ටමේ ගෙයක්, කන්න අවශ්‍ය පෝෂණය ලැබෙන මොනවා හෝ දේවල්, ලෙඩට බෙහෙත්, අඳින්න මොනවා හෝ ඇඳුම් වැනි දේවල් ටිකක්. ඇත්තටම මට පෞද්ගලිකව වුවත් ඔය මූලික දේවල් වලින් පසු මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. ප්රශ්නය වන්නේ මේ ටික සපුරා ගැනීමෙන් පසු ටික දෙනෙක් සෑහීමකට පත් වනවා විය හැකි වුවත්, බොහෝ දෙනෙක් සෑහීමකට පත් නොවීමයි. සෝවියට් සමාජවාදයේ පරිහානිය ආරම්භ වන්නේ එයින් පසුවයි.

මාක්ස්ගේ විග්‍රහය අනුව ශ්‍රමිකයෙකුට කවදාවත් ප්රාග්ධනය එක් රැස් කරගන්න හැකියාවක් නැහැ. ඔහුට (හෝ ඇයට) හැමදාම ලැබෙන්නේ මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට ප්‍රමාණවත් වැටුපක්. නමුත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනවශ්‍ය තරම් වැඩි කාලයක් වැඩ කරන්න වෙනවා. ඒ නිසා ජීවිතය "විඳින්න" වෙලාවක් නැහැ. මේ පදනමින් බැලුවහම අඩු කාලයක් වැඩ කර ඒ මූලික අවශ්‍යතා ටිකම ලබා ගැනීම හොඳ තත්ත්වයක්. ඒ වගේම, මාක්ස්ගේ විග්‍රහය අනුව මූලික අවශ්‍යතා හැරුණු විට ඉතිරි සියලු දේ හදන්නේ ප්රාග්ධනය හිමි අය වෙනුවෙන්. මේ "සුඛෝපභෝගී භාණ්ඩ" මිල දී ගැනීමේ අවස්ථාව කවදාවත් ශ්‍රමිකයින්ට (නිර්ධන පන්තියට) ලැබෙන්නේ නැහැ. නමුත්, ප්රාග්ධනය හිමි අයගේ සුඛ විහරණය වෙනුවෙන් ඔවුන්ට දිගින් දිගටම වැඩි වෙලාවක් වැඩ කරන්න වෙනවා. ඉලක්ක සමාජවාදී සමාජයක ඔවුන්ට මේ සුඛෝපභෝගී භාණ්ඩ නැති වුනත් ඒවා ඔවුන් අසාධාරණ ලෙස ලබා ගන්නා දේවල් නිසා එහි වැරැද්දක් නැහැ.

මාක්ස්ගේ කාලයේ එංගලන්ත සමාජයෙන් පටන්ගෙන මෙහි ඇති ආරම්භක නිරීක්ෂණ හරි කියා සිතුවත් මෙවැනි තත්ත්වයක් දිගටම තියෙන්න විදිහක් නැහැ. ප්‍රාග්ධන හිමියන් ශ්‍රමිකයින්ට හැකි තරම් අඩු මිලක් ගෙවන්න කැමති වුනත්, ශ්‍රමිකයින්ට හෙට්ටු කිරීමේ හැකියාවක් ලොකුවට නැති වුණත්, ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන තරඟය නිසා ඔවුන්ට මේ කියන "සූරාකෑම" කියන දෙය දිගින් දිගටම කරන්න බැහැ. ප්‍රාග්ධන හිමියන් අතේ ප්රාග්ධනය එකතු වන අතරම ශ්‍රමිකයින්ගේ තත්ත්වය ක්‍රමයෙන් වඩා හොඳ වෙනවා. එය එක් මට්ටමකට පැමිණි විට ඔවුන්ටත් ප්රාග්ධනය එක් රැස් කිරීමේ හැකියාව ලැබෙනවා. එංගලන්තයේ ඇත්තටම වුණේ එයයි. එවිට ශ්‍රමිකයින් හා ප්‍රාග්ධන හිමියන් කියා කණ්ඩායම් දෙකක් ඉරකින් බෙදන්න බැරි වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46640781901963500652017-11-30T06:44:41.648-05:002017-11-30T06:44:41.648-05:00ඔබේ ඔය B ප්රශ්නයේ ඔබ //සමාජවාදී ආර්ථික විද්‍යාවේ ...ඔබේ ඔය B ප්රශ්නයේ ඔබ //සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන B, B, A //කියල සමාජවාදීන් පිළිතුර B කියල කියනවා. එහම ඔබ තීරණය කලේ මොන පදනමින්ද? මුදල් ගැන කතා කලොත් එතනට ලාභය සම්බන්ධ වන නිසා ගනුදෙනු වකදී මුදලේ අගය හා භාණ්ඩයේ අගයත් එහි ලාභයත් ගණන් බලා තමා වාසි අවාසි අවැසි තීරණය කරන්නේ. එහිදී ශ්රමයට සරිලන වටිනාකම නැත්නම් එය අවාසි යයි සමාජවාදීන් තීරණය කරනවා. එහෙත් මෙහිදී භාණ්ඩ හුවමාරුවක් හෝ සේවා හුවමාරුවක් පමණක් නම් වෙන්නේ සමාජවාදීන් ගේ පිළිතුරත්A . A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
මම මේ ධනවාදී රටක සමාජවාදී ගම කියන ලිපිය ලිව්වේ එක පැහැදිලි කරන්න.
http://kolambagamaya.blogspot.com/2014/04/5.html
මේ ගමේ ගනදෙනු සිද්ධ වෙන්නේ මුදල් නැතිව. මෙහිදී කාටවත් අවාසියක් වෙන්නේ යයි සමාජවාදීන් විශ්වාස කරන්නේ නැහැ.
//මාක්ස් මෙය අර්ථ දක්වන්නේ නිෂ්පාදනය සඳහා යොදාගත් socially necessary labor time ප්‍රමාණය මත. නමුත්, මෙය ඔහුගේ හිතලුවක් පමණයි. එය භෞතික විද්‍යාවේ විභව ශක්තිය සංකල්පය ණයට ගැනීමක්.// දැනට මට පිළිතුරක් දෙන්න බැහැ. ඉගෙනීමට සහ තාර්කික පිලිතුරකට කාලය අවශ්‍යයි.
//එක් එක් අවස්ථාවේදී වැඩේ වටිනාකම තීරණය කරන්නේ මිල ගෙවන පාරිභෝගිකයින් විසින්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව මේ වෙනසට සංවේදී නැහැ.එහි විශ්ලේෂණය වන්නේ නිෂ්පාදන පිරිවැය පැත්ත පමණයි. // මේක වෙන්න පුළුවන්.
// මාක්ස්වාදී පොල්කට්ට ඇතුළේ හිරවී ඉන්න නිසා ඔබත් මේ වෙනසට සංවේදී නැහැ.//(මඳ සිනා හේ හේ )
/මිකැනික් පවුම් 1001ක් කළොත් ඔබ කාර් එක හදන්නේ නැතුව සිදුවන අපහසුතාවය විඳ දරා ගන්නවා. ඒ නිසා ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. කිසිවෙකුට වාසියකුත් නැහැ. නමුත්, මිල පවුම් 1000නම් ඔබ යාන්තමින් වුවත් කැමති වෙනවා. අනෙක් අතට ඔබ අඩුම වශයෙන් පවුම් 150ක් නොදුන්නොත් මිකැනික් කාර් එක හදන්නේ නැහැ. එසේ කිරීම පාඩුයි. මේ අනුව මේ කාර්යයේ පිරිවැය පවුම් 150යි. වටිනාකම පවුම් 1000යි. ඒ අනුව ගනුදෙනුව නිසා පවුම් 850ක අතිරික්ත වටිනාකමක් එකතු වෙනවා//

//නමුත් සමාජවාදීන් මෙය පටන් ගන්නෙම ගනුදෙනුවේ එක් පැත්තක ඉන්න කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරන්නේ ගනුදෙනුවේ සමස්ත අතිරික්තයම තමන්ගේ මිනිහට ලබා ගන්න.
"මේ ධනපති කාර් කාරයා කවදාවත් අපේ ශ්‍රමයේ නියම මිල ගෙවන්නේ නැහැ. ඔහු ගෙවන්නේ පවුම් 150ක අවම මිල පමණයි. මොකද ඔහු දන්නවා මම කාර් එක හැදුවේ නැත්නම් එය පවුම් 150ට හදන්න තවත් අය ඉන්න බව. ඒ නිසා ඔහු පවුම් 1000ක වැඩේ පවුම් 150ට කර ගන්නවා. දැන් හදිසියේ කාර් එක කැඩිලා ඔහුට කරගන්න දෙයක් නැති වුණාම ඔය ලස්සනට පවුම් 500ක් ගෙවුවේ. අපි මිකනික්ලා එකතු වෙලා වෘත්තීය සමිතියක් හදාගෙන කාර් එක හදන්න පවුම් 1000ක අවම මිලක් අය කළ යුතුයි."
සමාජවාදීන් පටන් ගන්නෙම ගනුදෙනුවක දෙපැත්තේ ඉන්න දෙන්නාගෙන් එක් කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. මාක්ස්ගේ කාලයේදීනම් හැමවිටම වාගේ ගත්තේ ශ්‍රමිකයාගේ පැත්ත වුවත්, දැන් මාක්ස්වාදී පක්ෂ අවස්ථාව අනුව ගන්නේ තමන්ට දේශපාලන වාසි තිබෙන කණ්ඩායමේ පැත්තයි.// හුඟක් දුරට සත්‍යයක් . මට එකඟ විය හැකියි.

දැන් මෙහි ඔබ හදන්නේ පවුම් 150ක මිල පමණක් ගෙවා අතිරික්ත පවුම් 850 ක වාසිය සම්පූර්ණයෙන්ම ඔබට ගන්නයි. එයට දාර්ශනික පදනමක් හදාගන්න ඔබ මිකනික්ව ධනපතියෙකු හෝ පීඩකයෙකු ලෙසත්, කාර් එක අයිතිකරු අසාධාරණයට ලක්වෙන හෙට්ටු කිරීමේ හැකියාවක් නැති පීඩිතයෙක් ලෙසත් මනසින් බෙදනවා. නමුත්, ඔබ මිකනික් වුනානම් කියන්නේ වෙන කතාවක්. එය මේ වගේ විය හැකියි.//
ඔබ නැවතත් මම සමාජවදියෙකුව වශයෙන් උපකල්පනය කරලා සුරංගනා කතාවක් කියනවා. මම හදන්නේ 150ක් ගෙවන්න නෙමේ. මෝටර්වේ එකක් කාරෙකක් කැඩුනම නෙමේ යමක් කන්න වුනත් ගණන් වැඩි බව ඔබ දන්නවා. මොකද එතනට බඩු ගෙන ඒමේ පිරිවැය වැඩි නිසා. මම ඒක පිලිගන්නවා . නමුත් ඔහුගේ ශ්‍රමයේ වටිනාකම නගරයේදී 150 නම් මොටර්වේ එකේදී 300 විය හැකියි. නමුත් 500 නෙමෙයි. මට අවශ්‍ය නිසා ගනුදෙනුව කරගන්නම වෙනවා. එනිසා සමාජවාදී නොවන අය ඔබ කියන විධිහට -A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත

කියල කියනවනම් ඔබාලට පිස්සු විය යුතුයි. කිසිම ධනවාදියෙක් ඔයවිධිහට වැඩ කරන්නේ නැහැ, ඔවුන්බලන්නේ මිල අඩුවෙන්ම ගෙවා කරගන්න. මමත් එහෙමයි.

මම කියන්නම් මේකේ ඇත්තටම වුනේ මොකක්ද කියල.
මගේ කාරය කැඩුන. ඒක BMW එකක් නිසා මිනිහ කිව්වා කෑලි ගණන් කියල. මම ගණන් දානවා. මිනිහ කිව්වා 1200. මම බැලුව ලොකු අවාසියක් හෝ වාසියක් නැතත් කාරෙක BMW නිසා හා මොටර්වේ එකේ නිසා ගාන වැඩි බව. තේරුමක් නැහැ. මම කලේ (අපි නිවාඩුවකට යන ගමන්) ගමන් හවසට දාල නිකන් හම්බවෙන රෙස්කියු එකට කතා කරලා වාහනේ ගෙදර ගේනවා. ගෙනත් හදන්නේ නැතිවම පවුම් 450 කට රුමේනියන් කාරයෙකුට දුන්නා. (උන් හරිම ආසයි ඔය වාහන වලට) මට 1200-450 =750 වර්චුවලි ලාබයි. නැත්නම් ලන්ඩන් වල පවුම් 700 විතර යනව වැඩේට. ලන්ඩන් නම් 700-450 = 250 ලාභයි. වෙන කාරෙකක් ගත්ත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67372012301032314192017-11-30T06:19:25.694-05:002017-11-30T06:19:25.694-05:00මාඔටෝක්රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න -
...මාඔටෝක්රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න -

මේ කොටසක්.
--මින් අවුරුදු තුනකට පමණ පසු මා ශිෂ්‍ය සංගමයේ ලේකම් කාලයේ ප්‍රදර්ශනයක් සංවිධානය කලෙමි. එයට පැමිණි ඇය (ලී.*****) මා හොඳින් ඉගෙන ගන්නා බව දැනගන්නට ලැබුණු බවත් මගේ ප්‍රදර්ශන වැඩ ආදිය ඉතා හොඳ බවත් පැවසුවාය. මෙහිදී මා ඇයට කිවේ ඇඳුමින් මිස දැනුමෙන් මිනිසුන් මැනිය නොහැකි ඇය ගැන මට වැඩිපුර ප්‍රසාදයක් නැති බවයි. මා කියනදේ මුහුණට කෙලින්ම කියන බව පැවසූ ඇය මගේ දේශපාලන ආර්ථික විද්‍යාව ගුරුතුමියට කථා කල බවත් මා පන්තියේදී වාද කරන බවත් එය නුසුදුසු බවත් පැවසුවාය. මා එහිදී කිවේ මේ යන විධිහට ගියොත් සෝවියට් දේශය වැඩිකල් නොපවතින බවත් ආර්ථිකය දුර්වල බවත් ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවත්ය. මෙහිදී කෝපාවිෂ්ට බවක් පෙන්වූ ඇය කිවේ මා නිවාඩුවට ධනවාදී රටවලට යන නිසා ඔලුව කුරුවල්වී ඇති බවයි. මා සෝවියට් දේශයට ආදරය කරන බව පවසා ඇයගෙන් ඉවතට ගියෙමි.--

මම තමයි දේශපාලන ආර්ථික විද්‍යාව ටියුට් පන්තියේ හිටපු හොඳම ශිෂ්‍යයා. මගේ ගුරුතුමිය හෙමත් හරි ආදරෙන් හිටියේ. රුසියානු ගුරුතුමියන් ටිකක් ලංකාවේ වගේ. ඉගෙන ගන්නවා හින්දම ලං වෙනව. නමුත් දේශන කරන මහාචාර්ය ගෑනිට මාව රුස්සන්නේ නැහැ. සෝවියට් විභාග ක්‍රමය ටිකක් අසාධාරණයි. විභාගයේදී මට පිළිතුරු දෙන්න තිබුනේ ඇයට (දේශන කරන මහාචාර්යට). ඕපන් එකොනොමි එකේ සමහර දේ ලෙනින් ගේ නෙප් එකට සමාන යයි කියන්න ගිහින් මට 5 (distinction) එකක් වෙනුවට (4 -credit) දැම්මා. ටියුට් කරන ගුරුතුමිය පස්සෙන් ඇවිත් සමාවෙන්න කිව්වා මට. ඒ මනුස්සයටත් අප්සෙට්. ඔන්න ඔහොමයි.
// මම ඔබ මාක්ස්වාදී පොල්කට්ට ඇතුළෙම කැරකෙනවා කියා කියන්නේ බයිබලයෙන් හෝ කුරානයෙන් හැම ප්‍රශ්නයටම විසඳුම් හොයනවා වගේ දාස් කැපිටාල් වලින්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න උත්සාහ කරන නිසයි.// අපොයි නැහැ. මම පොල්කට්ටෙන් එලියට ඇවිත් බලන කෙනෙක්. මම ඔබට කලින් දුන් ලිපිවල තිඋනේ මම ඒ ගැන හදාරපු කාලය නිසා.
මම බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය පහුගිය කාලේ හොයපු නිසා ඒ අනුව නාට්යේ, සංගීත, සිනමා විචාර ලියනවා. අමං එහෙම කරන්නේ ඒ ඉගෙන ගත දේ apply කර බලන්න. මගේ පෞද්ගලික් අදහස එතකොට වැදගත් නැහැ.
මම ඇඩම් ස්මිත් ගේ ඒවත් කියවනවා. වොන් මිසස් ගේ ඒවත් කියවනවා.
ඒ එක්කම අර ඔබ කියූ සමීකරණ එවනවනම් හොඳයි. වෙනම ඊමේල් එකක. වැදගත් වෙන්න පුළුවන්. මම වෙබ් අඩවිවලින් තමයි හොයන්නේ. කැපිටල් කියවන කොට මාක්ස් උපුටා දක්වන ධනවාදී ආර්ථික විශේෂන්ඥයන්ගේ ඒවා කියවනව වෙබ් එකේ තිබෙනවා නම්. නැත්නම් තේරුමක් නැහැ. හැබැයි වෙලාව යන්නේ ඒ නිසා.

//ඔබ මෙය තවමත් තේරුම් ගෙන නැහැ. ඒ ඔබට මාක්ස්වාදී රාමුවෙන් පිට හිතන්න බැරි නිසා. "දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්රමයට සමානුපාතික වන විට" කියන එක මාක්ස්වාදී අදහසක් පමණයි. භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන සාධක දෙකම මත. මාක්ස් විශ්ලේෂණය කළේ සැපයුම පැත්ත පමණයි. භාණ්ඩයක වටිනාකම හැම විටම ශ්රමයට සමානුපාතික වන්නේ නැහැ//

මාක්ස් පොතේ දෙවන කොටසේදී ශ්‍රමය පමණක් නොව අනිත් සාධකත් සාකච්ඡා කරනවා. එකයි මම මුලිදීම කිව ශ්‍රමය වගේම අනුලෝමව හෝ ප්‍රතිලෝමව බලපාන තවත් බොහෝ සාධක තිබෙන බව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38584132208384977932017-11-30T06:18:47.229-05:002017-11-30T06:18:47.229-05:00මට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. දැන් ටයිප් කරහම බ්ල...මට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. දැන් ටයිප් කරහම බ්ලොග් එකේ popout වින්ඩෝ එකක් වචනය පේන එක නැති වෙලා. (වර්ඩ්ප්‍රෙස් ඇරෙන්න) එනිසා බ්ලොගයට ගිහිල්ල ලියාගෙන ඇවිත් දාන්න ඕනේ. එනිසා මම කියවන බ්ලොග් වලට කොමෙන්ට් දාන්න කම්මැලියි දැන්. සෙටින්ග් වලට ගිහින් ට්‍රයි හොයා ගණන් බැහැ ලෙඩේ.
// මොකද සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය අසාර්ථක වෙන්න හේතු වුණේ එහි ජීවත් වූ අයට දයලෙක්තික භෞතිකවාදය පිළිගන්න බැරිවීම හෝ වෙනත් දාර්ශනික ප්‍රශ්නයක් නිසා නොව සෝවියට් දේශයට බටහිර ධනවාදී රටවලට සාපේක්ෂව මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න නොහැකි වීම නිසා බව// ඔව්. එසේම හුඟක් දුරට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ. අර වොල්කගොනොව් ගේ ප්‍රකාශය බලන්න මම මෙහි ලියල තියෙන.
ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි
//එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට කිසිවක් කළේ නැත. "ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය " කළ මිනිසුන්, "ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (1945 දෙවන ලෝක යුද්ධය) " දිනු මිනිසුන් සහ රටේ "ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට් වාදී සමාජයක් ගොඩ නැගීමට " වෙහෙස වූ මිනිසුන් නිදහස හෝ සෞභාග්‍යය හෝ වෙනත් කිසිවක් තමන්ගේ ඒ මහා මහන්සියට නොලැබූහ. "උරහිසෙන් උරහිස" ගැටී ලෙනින්වාදී මග ඔස්සේ ගිය පෙළපාලියේ ඉඩක් වෙන් කර තිබුනේ උරෙන් ඇන එළවා දැමූ "පුද්ගලයාට" නොව "මහා ජනතාවට" පමණි // ඒ ගොල්ලෝ බලුවේ මහජනතාව ගැන මිස පෞද්ගලික සුඛ විහරණය නොවේ. මටගිය අවුරුද්දේ එක්තරා වාමාංශික දේශපාලන නායකයෙක් එහෙම කියනවා ඇහුන. මම පස්සේ කිව්වා ඇයි ඉතින් බුද්ධාගමේ විධිහට මහන වුනානම් ඉවර නේද කියල? ඕනෑවට වට වැඩිය අවශ්‍ය නැහැ තමා . නමුත් අපි උත්සාහ කරන්නෙම ජිවන තත්වය නගා හිටවන්නනේ.

// ඔහුගේ ප්‍රවාද වල ඒ කාලයේ විෂය තිබුණු මට්ටම අනුව වටිනාකමක් තිබුණත්, අද වන විට විෂය තිබෙන තැනට සාපේක්ෂව මූලික මට්ටමේ වැරදි ගණනාවකින් ගහණයි. ඒ වගේම ඔහු ප්‍රවාද ගොඩනැගුවේ කාර්මීකරණය ඇරඹීමෙන් පසු ඒ කාලයේ එංගලන්තයේ තිබුණු ආර්ථිකය දෙස බලාගෙනයි. ඒ නිසා ඔහුගේ පැහැදිලි කිරීම් වෙනත් තැන් වලට, වෙනත් කාලයන්ට එකසේ යොදාගන්න බැහැ.//
ඉතින් මිස්ටර් මැට්ස් මම මේවා කාලයක් තිස්සේ ඉඳන් කියන ඒවනේ. මේ 2014 ලියූ එකක්. අද වන විට අදාල කරගනන් බැරි තැන කිව. ඒ දඩස් වල එංගලන්තයේ පතල් කම්හල් වල දුක්ඛිත තටහ්වය අනුව සාධාරණ වුනත්.මාක්ස්ට වැරදුන තැනක්ද?
//ඒ නිසා, ඔබ දාස් කැපිටාල් කියවා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යාම අද පරිගණක ක්‍රමලේඛනය අලුතෙන් හදාරන්න පටන් ගන්න කෙනෙක් ෆෝට්‍රාන් ඉගෙන ගන්නවා වගේ තේරුමක් නැති වැඩක්. ආර්ථික විද්‍යාවේ මූලික කරුණු තේරුම් ගැනීමෙන් පසුව අවශ්‍යනම් මාක්ස් කියූ දෙය දෙස හැරී බැලීමේ ප්‍රශ්නයක් නැහැ//
මම සම්භාව්‍ය මාක්ස්වාදය දැන් භාවිතා කරන්න බැහැ කියලත් / සෝවියට් දේශයේ ඔබ ඉගෙනගත් දේශපාලන ආර්ථික විද්‍යාව // මේ දේශපාලන ආර්ථික විද්‍යාවත් මම ප්‍රතික්ෂේප කලේ සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලේ. එතකොට එංගලන්තයට දෙපාරක් ගිහින් දැකල තිබුන.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87712903979650669842017-11-29T07:30:20.263-05:002017-11-29T07:30:20.263-05:00නිදහස් ගනුදෙනුවක පාර්ශ්ව දෙකටම ලාබ තියෙනවා. ආර්ථික...නිදහස් ගනුදෙනුවක පාර්ශ්ව දෙකටම ලාබ තියෙනවා. ආර්ථික විද්‍යාවේදී මේ ලාබ මොන අනුපාතයට බෙදෙනවද කියන එක එතරම් වැදගත් ලෙස සලකන්නේ නැහැ. වැදගත් කරුණ වන්නේ ගනුදෙනුව නිසා පාර්ශ්ව දෙකටම කිසියම් හෝ ලාබයක් ලැබීමයි. මේ උදාහරණය ගත්තොත් කාරය හදා ගන්න නොහැකිවීමට සාපේක්ෂව පවුම් 500ක් ගෙවා එය හදාගන්න හැකි වීම ඔබට ලැබෙන වාසියක්. එයින් ඔබේ ජීවිතය වඩා යහපත් වෙනවා. මිකැනික්ගේ පැත්තෙන් බැලුවොත් ඔහුට ලැබෙන්නේ ශ්‍රමය හා උපකරණ වෙනුවෙන් යමක් පමණක්නම් ඔහුට එහි ඇති වාසියක් නැහැ. ඔහුගේ වාසිය ඒ වියදම් (ශ්‍රමයේ වටිනාකමද ඇතුළුව) ඉවත් කළ පසු අමතර කොටසයි. දෙදෙනාටම ලැබිය හැකි සමස්ත වාසිය අපට පහත අයුරින් ගණනය කළ හැකියි.

මිකැනික් පවුම් 1001ක් කළොත් ඔබ කාර් එක හදන්නේ නැතුව සිදුවන අපහසුතාවය විඳ දරා ගන්නවා. ඒ නිසා ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. කිසිවෙකුට වාසියකුත් නැහැ. නමුත්, මිල පවුම් 1000නම් ඔබ යාන්තමින් වුවත් කැමති වෙනවා. අනෙක් අතට ඔබ අඩුම වශයෙන් පවුම් 150ක් නොදුන්නොත් මිකැනික් කාර් එක හදන්නේ නැහැ. එසේ කිරීම පාඩුයි. මේ අනුව මේ කාර්යයේ පිරිවැය පවුම් 150යි. වටිනාකම පවුම් 1000යි. ඒ අනුව ගනුදෙනුව නිසා පවුම් 850ක අතිරික්ත වටිනාකමක් එකතු වෙනවා. (මතක තියා ගන්න මෙය අසීමිත නැහැ. පවුම් 1000 කියන්නේ ගනුදෙනුව සිදුවිය හැකි උපරිම සීමාව). දැන් මේ පවුම් 850ක අතිරික්තය ඔබ හා මිකැනික් අතර ඕනෑම අනුපාතයකට බෙදෙන්න පුළුවන්. එය කොයි විදිහට බෙදුනත් සමස්තයක් ලෙස දෙදෙනාටම වෙන්නේ යහපතක්. බෙදෙන විදිහ තීරණය වෙන්නේ දෙදෙනාගේ හෙට්ටු කිරීමේ හැකියාව මත. හෙට්ටු කිරීම සිදුවන ආකාරය අනුව පවුම් 150 සිට පවුම් 1000 දක්වා ඕනෑම මිලකට ගනුදෙනුව සිදු විය හැකියි. ධනවාදය තුළ මිනිසුන්ට සමානව සලකන නිසා අතිරික්ත පවුම් 850 සමාන ලෙස බෙදුනත්, වෙනත් ඕනෑම අයුරකින් බෙදුනත් ප්‍රශ්නයක් නැහැ. ඔබත් මිකනිකුත් දෙදෙනාම සමාන මිනිසුන් නිසා.

නමුත් සමාජවාදීන් මෙය පටන් ගන්නෙම ගනුදෙනුවේ එක් පැත්තක ඉන්න කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරන්නේ ගනුදෙනුවේ සමස්ත අතිරික්තයම තමන්ගේ මිනිහට ලබා ගන්න. දැන් මෙහි ඔබ හදන්නේ පවුම් 150ක මිල පමණක් ගෙවා අතිරික්ත පවුම් 850 ක වාසිය සම්පූර්ණයෙන්ම ඔබට ගන්නයි. එයට දාර්ශනික පදනමක් හදාගන්න ඔබ මිකනික්ව ධනපතියෙකු හෝ පීඩකයෙකු ලෙසත්, කාර් එක අයිතිකරු අසාධාරණයට ලක්වෙන හෙට්ටු කිරීමේ හැකියාවක් නැති පීඩිතයෙක් ලෙසත් මනසින් බෙදනවා. නමුත්, ඔබ මිකනික් වුනානම් කියන්නේ වෙන කතාවක්. එය මේ වගේ විය හැකියි.

"මේ ධනපති කාර් කාරයා කවදාවත් අපේ ශ්‍රමයේ නියම මිල ගෙවන්නේ නැහැ. ඔහු ගෙවන්නේ පවුම් 150ක අවම මිල පමණයි. මොකද ඔහු දන්නවා මම කාර් එක හැදුවේ නැත්නම් එය පවුම් 150ට හදන්න තවත් අය ඉන්න බව. ඒ නිසා ඔහු පවුම් 1000ක වැඩේ පවුම් 150ට කර ගන්නවා. දැන් හදිසියේ කාර් එක කැඩිලා ඔහුට කරගන්න දෙයක් නැති වුණාම ඔය ලස්සනට පවුම් 500ක් ගෙවුවේ. අපි මිකනික්ලා එකතු වෙලා වෘත්තීය සමිතියක් හදාගෙන කාර් එක හදන්න පවුම් 1000ක අවම මිලක් අය කළ යුතුයි."

සමාජවාදීන් පටන් ගන්නෙම ගනුදෙනුවක දෙපැත්තේ ඉන්න දෙන්නාගෙන් එක් කෙනෙක්ගේ පැත්ත අරගෙනයි. මාක්ස්ගේ කාලයේදීනම් හැමවිටම වාගේ ගත්තේ ශ්‍රමිකයාගේ පැත්ත වුවත්, දැන් මාක්ස්වාදී පක්ෂ අවස්ථාව අනුව ගන්නේ තමන්ට දේශපාලන වාසි තිබෙන කණ්ඩායමේ පැත්තයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58511552203289846352017-11-28T23:28:37.622-05:002017-11-28T23:28:37.622-05:00//මගේ කාරය අතරමගදී කැඩී මම ගැරේජ් එකකට යනවා. කාරෙක...//මගේ කාරය අතරමගදී කැඩී මම ගැරේජ් එකකට යනවා. කාරෙක හදන්නතුව මට එන්න විධිහක් නැහැ. ගරාජයේ මික්කනික් කියනවා මේක හදන්න මම ඔබෙන් පවුම් 500 ගන්නවා. ගණන හුඟක්ම වැඩියි. සාමන්‍යයෙන් පවුම් 150-200 කරගන්න පුළුවන් දෙයක්. ඔහුත් දන්නවා, මමත් දන්නවා මට වෙන යන්න තැනක් නැති නිසා තමා මට එය ගෙවන්න වෙන බව. - ගනුදෙනුවේ ස්වභාවය ගැන මටත් ඔහුටත් මනා අවබෝධයක් තිබෙනවා. ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි.
දැන් ඔබ කියයි ධනවාදී නිතිය අනුව ඉල්ලුම හා සැපයුම රීතියට එතන වෙනත් ගරාජයක් නැති නිසා මම එයට එකඟවී ගෙවා කරය හද ගත යුතුයි කියල. එහත් මම කියනව එය මහා දවාලේ කරන මංකොල්ලයක් බව. නමුත් මම එය මංකොල්ලයට ඉඩ දිය යුතු වෙනවා. එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි. නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි.//

මම ඔබේ මේ උදාහරණයට කැමතියි. එය සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට ප්‍රවේශයක් ලෙස යොදාගත හැකියි. දැන් ඔබ මෙහි පිළිගන්නවා මේ ගනුදෙනුවෙන් ඔබට සමස්තයක් ලෙස වාසියක් සිදු වුනු බව. ගරාජයේ මිකනික්ට පවුම් 500ක් ගෙවා ඔබ කාරය හදා ගත්තේ එයින් ඔබට ලැබුණු වාසිය පවුම් 500ට වැඩි නිසා. ඔබම කියනවනේ "එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි." කියලා. මේ මිකනික් ඔබෙන් පවුම් 500 වෙනුවට පවුම් 5000ක් ඉල්ලුවනම් ඔබ එය හදන්නේ නැහැ. "ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි." කියා ඔබ කිවුවත් ඔබ එය නොකර ඉන්න යම් කිසි මිලක් තියෙනවා. අපි හිතමු මේ "ත්රෙශෝල්ඩ්" මිල පවුම් 1000ක් කියල. ඒ කියන්නේ මේ ගනුදෙනුවෙන් ඔබට දැනටත් පවුම් 500ක් වාසියි.

ඔබට තිබෙන ප්රශ්නය වන්නේ ඔබ හිතනවා මේ වැඩේට නියම මිල පවුම් 150යි කියා. ඒ මිලට මෙය හදාගත්තානම් ඔබේ ලාභය පවුම් 850ක් වෙනවා. නමුත් ඔබට පවුම් 150ට වැඩේ කර දෙන්න කෙනෙක් මෙහි නැහැ. එය ඔබත් මිකනිකුත් දෙදෙනාම දන්නවා.

දැන් මෙතන තියෙන්නේ ඔබට වාසියක් වුනත් වාසිය මදි වීමේ ප්රශ්නයයි. "නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි" කියා ඔබ කියන විට ඔබ හදන්නේ මේ මිකැනික්ගේ පිරිවැය තීරණය කර ඔහුගේ "අතිරික්තය" මුළුමනින්ම ගන්නයි. එසේ කරන්නේ ඔබේ අතිරික්තය වැඩි කර ගන්න.

ඔබේ වාහනේ නගරය ආසන්නයේදී කැඩුනනම් මොකද වෙන්නේ? ඔබ ටික දුරක් පයින් ඇවිදගෙන වෙනත් මිකැනික් කෙනෙක් වෙත ගොස් අඩුවට වැඩේ කර ගන්නවා. ඇත්තටම ඔබ එය කරන්න අවශ්‍යත් නැහැ. ඔබ එසේ කරන බව දන්න නිසා මේ මිකැනික්ම අඩුවට වාහනේ හදල දෙනවා. නමුත්, වාහනේ කැඩුනේ පාලු පාරක නිසා ඔබට ඒ අවස්ථාව නැහැ.

දැන් මේ මිකැනික් නගරයේ නැතුව පාලු පාරක ගරාජය දමාගෙන ඉන්නේ ඇයි? ඔහු දන්නවා නගරයේ හිටියොත් ඔහුට ලැබෙන්නේ පවුම් 150ක් පමණක් බව. නමුත්, ඔහුට බිස්නස් ගොඩක් ලැබෙනවා. පාලු පාරේ ඔහුට එතරම් බිස්නස් නැහැ. ඒ බව දැනගෙනම ඔහු එහි ගරාජය දමාගෙන ඉන්නේ හදිසියේ වාහනයක් කැඩුණු විට වැඩි මුදලක් අය කර ගැනීමේ අවස්ථාව ඔහුට තිබෙන නිසා. එක් අයෙකුගෙන් වැඩි මුදලක් අය කළත් බිස්නස් අඩු නිසා අවසානයේදී ඔහුට ලැබෙන්නෙත් එකම ලාබය. වැඩිපුර බිස්නස් තිබුනානම් දැනටමත් තවත් තරඟකරුවෙක් මෙහි ඇවිදින්.

දැන් මෙතන ගරාජයක් නොතිබුනානම් මොකද වෙන්නේ? ඔබට විශාල අපහසුතාවයක් විඳින්න හා ටවුමට කෙසේ හෝ ගොස් මිකැනික් කෙනෙක් ගේන්න පවුම් 500ට වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඊට අඩුවෙන් එය කරගත හැකි වුනානම් ඔබට මේ ගරාජය නොසලකා වඩා ලාභදායී විකල්පය තෝරාගන්න තිබුණා. ඔබ එසේ නොකළේ ඔබට තිබුණු හොඳම විකල්පය පවුම් 500 ගෙවා වාහනය හදාගැනීම නිසයි. ඒ නිසා, පවුම් 500 ගෙන ඔබට වාහනය හදා දීමෙන් මිකැනික් වැරැද්දක් කර නැහැ. ඔහු කර ඇත්තේ යහපතක්.

පාලු පාරක සිටින මිකැනික් කෙනෙකුත්, ටවුමේ ඉන්න මිකැනික් කෙනෙකුත් එකම ශ්‍රමය යොදවා එකම වැඩේ කළත් ඒ වැඩ දෙකේ වටිනාකම සමාන නැහැ. එක් එක් අවස්ථාවේදී වැඩේ වටිනාකම තීරණය කරන්නේ මිල ගෙවන පාරිභෝගිකයින් විසින්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව මේ වෙනසට සංවේදී නැහැ.එහි විශ්ලේෂණය වන්නේ නිෂ්පාදන පිරිවැය පැත්ත පමණයි. මාක්ස්වාදී පොල්කට්ට ඇතුළේ හිරවී ඉන්න නිසා ඔබත් මේ වෙනසට සංවේදී නැහැ. මේ වෙනස තේරුම්ගත් විට ඔබට දාස් කැපිටාල් ප්‍රවාද වල තිබෙන වැරැද්ද පැහැදිලි වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3160098300491142962017-11-28T22:45:25.750-05:002017-11-28T22:45:25.750-05:00//දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්රමයට සමානුපාතික ව...//දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්රමයට සමානුපාතික වන විට වඩා ඵලදායි ශ්රමයට වැඩි අගයක් ලැබීම වැළැක්විය නොහැකියි. //

//මාක්ස්ගේ මුලික අදහස මේක:
මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙ
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්රමානාත්මික වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)//

ඔබ මෙය තවමත් තේරුම් ගෙන නැහැ. ඒ ඔබට මාක්ස්වාදී රාමුවෙන් පිට හිතන්න බැරි නිසා. "දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්රමයට සමානුපාතික වන විට" කියන එක මාක්ස්වාදී අදහසක් පමණයි. භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන සාධක දෙකම මත. මාක්ස් විශ්ලේෂණය කළේ සැපයුම පැත්ත පමණයි. භාණ්ඩයක වටිනාකම හැම විටම ශ්රමයට සමානුපාතික වන්නේ නැහැ. දාස් කැපිටාල් අනුව වත්තේ ඉබේ පැල වුණු දැවැන්ත කොස් ගහක වටිනාකමක් නැහැ. නමුත්, නිසරු බිමක සෑහෙන ශ්‍රමයක් යොදා වගා කළ කුඹුරෙන් ලැබුණු කුඩා අස්වැන්න ගොඩක් වටිනවා.
ඔබ උඩ උපුටා දක්වන අතිරික්ත වටිනාකම කියන එක අර්ථ දක්වන්න හැකි වෙන්නේ සැබෑ වටිනාකමක් කියා නිරපේක්ෂ දෙයක් තිබේනම් පමණයි. මාක්ස් මෙය අර්ථ දක්වන්නේ නිෂ්පාදනය සඳහා යොදාගත් socially necessary labor time ප්‍රමාණය මත. නමුත්, මෙය ඔහුගේ හිතලුවක් පමණයි. එය භෞතික විද්‍යාවේ විභව ශක්තිය සංකල්පය ණයට ගැනීමක්.

//ඔබ අනිවාර්යයෙන්ම වැරදියි. මට පිළිතුරක් දෙන්න බැහැ කියන එකෙන් මගේ පිළිතුර B කියල නිගමනය කිරීම අසාධාරණයි. // මට අවශ්‍ය පිළිතුර පහතින් තිබෙන නිසා ඔබ මේ නිගමනයට අකැමැතිනම් මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර මම දැනට නොසලකා හරින්නම්.

ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89767512829924543932017-11-28T22:45:06.554-05:002017-11-28T22:45:06.554-05:00මම ඔබට පැන යනවා කියා චෝදනා කරන්නේ නැහැ. මෙහි කමෙන්...මම ඔබට පැන යනවා කියා චෝදනා කරන්නේ නැහැ. මෙහි කමෙන්ට් දමනවාට වඩා වෙනත් වැඩ තිබෙන බව මම දන්නවා. ඔබට හැකි විටක පැමිණ ප්‍රතිචාර දක්වන්න. ඒ වන විට පළ වන අලුත් පෝස්ට් එකක ප්‍රතිචාර සටහන් කළත් ප්‍රශ්නයක් නැහැ.

//මා මාක්ස්වාදී රාමුවේ සිට විසඳුම් හොයනවා කියන කතාවට මගේ වැඩි එකඟත්වයක් නැහැ. මම පොදු සහතික සාමාන්‍ය පෙලට විතරයි ආර්ථික විද්‍යාව කළේ . රුසියාවේදී අපි හැමෝම දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා . ගණනුත් හැදුව විදුලි බලාගාර හදන්න යන වියදම ආදිය ගැන.//

ඔබ ලබා ඇති අධ්‍යාපනය මම අවතක්සේරු කරන්නේ නැහැ. ඇමරිකාවේ මෙන් සෝවියට් දේශයේත් තමන් හදාරන ප්‍රධාන විෂයට අමතරව අවශේෂ විෂයයන් ඉගැන්වීම ඉතා හොඳ දෙයක් ලෙස මම සලකනවා. ලංකාව අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය නිසා පශ්චාත් උපාධි මට්ටමට යන තුරුම ආර්ථික විද්‍යාව හැදෑරීමේ අවස්ථාවක් මට ලැබුණේ නැහැ.

සෝවියට් දේශයේ ඉගැන්වූ ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව වැනි විෂයයක් බටහිර රටක එම විෂයකින් එතරම් වෙනස් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ආර්ථික විද්‍යාව හා නීතිය යන විෂයයන් ගැන තත්ත්වය වෙනස්. පැරණි සෝවියට් දේශය මේ විෂයයන් හෙළා දැක්කා. ඔවුන් ආර්ථික විද්‍යාව හැඳින්වූවේ ධනේශ්වර ආර්ථික විද්‍යාව (bourgeois economics) නමිනුයි. සෝවියට් දේශයේ ඔබ ඉගෙනගත් දේශපාලන ආර්ථික විද්‍යාව දැන් රුසියාවේ හා චීනයේත් උගන්වන සම්මත ආර්ථික විද්‍යාව නෙමෙයි. එය මාක්ස්වාදය මත පදනම් වූ වෙනත් දෙයක්. ඔවුන් සේවා ආර්ථිකය පිළිගත්තේ නැහැ. ඒ නිසා දළ ජාතික නිෂ්පාදිතය වෙනුවට ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Gross Material Product) කියා එකක්.

ආර්ථික විද්‍යාව කියන්නේ දර්ශනය හා ශුද්ධ විද්‍යාවන්ට සාපේක්ෂව ඉතාම අලුත් විෂයයක්. සාර්ව ආර්ථික විද්‍යාව පුළුල් ලෙස ගොඩනැඟී වසර සීයකට වඩා නැහැ. චර්යාත්මක ආර්ථික විද්‍යාව, පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාව වැනි විෂයයන් තවමත් තිබෙන්නේ මූලික අදියරක. සෑම වසරකම මේ විෂයයන් අලුත් වෙනවා. කාල් මාක්ස් දාස් කැපිටාල් ලිවුවේ ආර්ථික විද්‍යා විෂය සාහිත්‍යයක් හරියට නොතිබුණු කාලයක දර්ශනය, භෞතික විද්‍යාව වැනි විෂයයන්ගේ සංකල්ප උපයෝගී කර ගනිමිනුයි. ඔහුගේ ප්‍රවාද වල ඒ කාලයේ විෂය තිබුණු මට්ටම අනුව වටිනාකමක් තිබුණත්, අද වන විට විෂය තිබෙන තැනට සාපේක්ෂව මූලික මට්ටමේ වැරදි ගණනාවකින් ගහණයි. ඒ වගේම ඔහු ප්‍රවාද ගොඩනැගුවේ කාර්මීකරණය ඇරඹීමෙන් පසු ඒ කාලයේ එංගලන්තයේ තිබුණු ආර්ථිකය දෙස බලාගෙනයි. ඒ නිසා ඔහුගේ පැහැදිලි කිරීම් වෙනත් තැන් වලට, වෙනත් කාලයන්ට එකසේ යොදාගන්න බැහැ. ඒ නිසා, ඔබ දාස් කැපිටාල් කියවා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යාම අද පරිගණක ක්‍රමලේඛනය අලුතෙන් හදාරන්න පටන් ගන්න කෙනෙක් ෆෝට්‍රාන් ඉගෙන ගන්නවා වගේ තේරුමක් නැති වැඩක්. ආර්ථික විද්‍යාවේ මූලික කරුණු තේරුම් ගැනීමෙන් පසුව අවශ්‍යනම් මාක්ස් කියූ දෙය දෙස හැරී බැලීමේ ප්‍රශ්නයක් නැහැ.

දාස් කැපිටාල් වල පරිච්ඡේදයක පමණ අමාරුවෙන් විස්තර කරන්නේ අද පර්යේෂණ පත්‍රිකාවක පේලි කිහිපයකින් ලියන මට්ටමේ දේවල්. මම මෙය කියන්නේ මාක්ස්ව අවතක්සේරු කිරීමට නෙමෙයි. එය ඒ කාලයේ විෂය තිබුණු තැන. ඒ කාලයේ වෙනත් අයගේ ලියවිලිත් ඒ වගෙයි. ඒ නිසා, එයින්ම විසඳුම් හෙවීම තේරුමක් නැති වෙහෙසකර කටයුත්තක් පමණයි. මම ඔබ මාක්ස්වාදී පොල්කට්ට ඇතුළෙම කැරකෙනවා කියා කියන්නේ බයිබලයෙන් හෝ කුරානයෙන් හැම ප්‍රශ්නයටම විසඳුම් හොයනවා වගේ දාස් කැපිටාල් වලින්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න උත්සාහ කරන නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71388134584464677022017-11-28T18:03:47.108-05:002017-11-28T18:03:47.108-05:00// ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් ...// ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ.//
අවසන් වශයෙන් සමුහ ගොවිපල ගැන ඔබ නොදන්නා කරුණක් වෙන්න පුළුවන්. ලෙනින් කියන නායකයා යුද්ධ කොමියුනිස්ට්වාදය කියන වසර කිහිපයෙන් පසු (සිවිල් යුද්ද්ධ කාලය) ගොවීන්ගේ බඩු බලෙන් ගණන් එක නැවැත්වුවා. ඉන්පසු නව ආර්ථික පිළිවෙත (නෙප් ) යටත් ගොවීන්ට තමන්ගේ කෘෂිකර්මාන්තය කරගෙන යාමට ඉඩ දුන්න. රට ආහාර වලින් සැහෙන දුරට ස්වයංපෝෂිත වුණා. ලෙනින් ගේ මුලික අදහස වුනේ රුසියාව තිබෙන අති විශාල භුමි භාග තනි ගොවීන්ට වගා කරන්න අමාරු නිසා ඔවුන් ස්වායත්තව එක්කහු වී සමුපකාර ගොවිපල ක්‍රමයක් ක්‍රියාත්මක කරයි කියල. ඒ සඳහා රජයේ අනුග්‍රය ඔවුන්ට දෙන්නට ඔහු සැලසුම් කලා. ඔහුට වෙඩි තැබුවෙත් පසුව අසනීපවී ඉක්මනින් මිය ගියෙතඒ අතර තුරයි.. ඉන්පසු පැමිණි ස්ටාලින් තම ඔය බලෙන් සමුහ ගොවිපල ක්‍රමය ඇති කළේ. එතනින් එහාට වෙච්ච කතාව දන්නවනේ.

ඔබ මා මාක්ස්වාදී රාමුවේ සිට විසඳුම් හොයනවා කියන කතාවට මගේ වැඩි එකඟත්වයක් නැහැ. මම පොදු සහතික සාමාන්‍ය පෙලට විතරයි ආර්ථික විද්‍යාව කළේ . රුසියාවේදී අපි හැමෝම දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා . ගණනුත් හැදුව විදුලි බලාගාර හදන්න යන වියදම ආදිය ගැන.

ඊට පස්සේ මම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ දැනුයි. ඒ ඔය මාක්ස්ගේ පොත අපහු කියවීම තුලින් හා වෙනත් වෙබ් අඩවි වලින්. එනිසා තව කාලයක් ගිය විට මම ඔබට වෙනත් පිළිතුරක් දෙන්න වුනත් ඉඩ තියෙනවා. එනිසා මම මේ ප්‍රශ්න සුරැකිව තබාගෙන ලබන අවුරුද්දේ යම් දවසක නැවත පිළිතුරක් ලියන්න උත්සහ කරන්නම්
ඔබ ආරාධනා කල ලෙසට තව දුරටත් මට මේ මාසයේ කතාව ගෙනයන්න බැහැ . ක්‍රිස්මස් වලට කලින් ඉවර කරන්න ප්‍රොජෙක්ට් තියන නිසා වැඩ කරන තැන බ්ලොග් යන්න වෙලාවක් නැහැ. ගෙදර පැත්තෙත් ටැක්ස් ආදිය හදන්න තියෙන නිසා හා තව වැඩ දෙක තුනකුත් තියෙන නිසා, බ්ලොගය අප්ඩේට් කලයුතු නිසාත් තත්වය පොඩ්ඩක් අසීරුයි. මේ මම පැන යනවා නෙමෙයි. මේ වගේ මහන්සිවෙලා ලියන ප්‍රතිචාර සඳහා වෙලාවක් එන්නේ නැති කම. මම දිගටම මේ ගැන ඉගෙනීම හා විවේචනය අත හැර දමා නැති බව පමණක් කිව යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68513443801772225742017-11-28T17:48:57.616-05:002017-11-28T17:48:57.616-05:002) හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙක...2) හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී ගණුදෙනුවේ ස්වභාවය පිළිබඳව දෙදෙනාටම මනා අවබෝධයක් ඇත්නම්, ගනුදෙනුව නොකර සිටීමට සාපේක්ෂව,
A) දෙදෙනාගෙන් කිසිවකුට අවාසියක් වීමට ඉඩක් නැත
B) එක් අයෙකුට අලාභයක් විය හැකිය.

දෙවන ප්‍රශ්නයට ඔබේ පිළිතුර "මෙහිදී ඔබ කියන ගනුදෙනුවේ ස්වභාවය සලකා මිස පිළිතුරක් දීමට බැහැ." කියන එකයි. ඒ කියන්නේ ඔබේ පිළිතුර B.

ඔබ අනිවාර්යයෙන්ම වැරදියි. මට පිළිතුරක් දෙන්න බැහැ කියන එකෙන් මගේ පිළිතුර B කියල නිගමනය කිරීම අසාධාරණයි.

මගේ කාරය අතරමගදී කැඩී මම ගැරේජ් එකකට යනවා. කාරෙක හදන්නතුව මට එන්න විධිහක් නැහැ. ගරාජයේ මික්කනික් කියනවා මේක හදන්න මම ඔබෙන් පවුම් 500 ගන්නවා. ගණන හුඟක්ම වැඩියි. සාමන්‍යයෙන් පවුම් 150-200 කරගන්න පුළුවන් දෙයක්. ඔහුත් දන්නවා, මමත් දන්නවා මට වෙන යන්න තැනක් නැති නිසා තමා මට එය ගෙවන්න වෙන බව. - ගනුදෙනුවේ ස්වභාවය ගැන මටත් ඔහුටත් මනා අවබෝධයක් තිබෙනවා. ගනුදෙනුව නොකර සිටීමට කොහෙත්ම ඉඩක් නැහැ. කළ යුතුමයි.
දැන් ඔබ කියයි ධනවාදී නිතිය අනුව ඉල්ලුම හා සැපයුම රීතියට එතන වෙනත් ගරාජයක් නැති නිසා මම එයට එකඟවී ගෙවා කරය හද ගත යුතුයි කියල. එහත් මම කියනව එය මහා දවාලේ කරන මංකොල්ලයක් බව. නමුත් මම එය මංකොල්ලයට ඉඩ දිය යුතු වෙනවා. එය මට අලාභයක් නෙමෙයි. ඔහු මගේ කරය හදනවා. මට ගමන යා හැකියි. නමුත් ඔහු අය කරන මුදල වැය කරන ශ්රමයට හා භාවිතා කරන භාණ්ඩ වල නියම වටිනාකමට වඩා කිහිප ගුණයක් වැඩියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45059371164228345492017-11-28T17:48:41.301-05:002017-11-28T17:48:41.301-05:00//ඔබ මේ තෙවන ප්‍රශ්නයට පිළිතුර B බව කියන විටම ඔබට ...
//ඔබ මේ තෙවන ප්‍රශ්නයට පිළිතුර B බව කියන විටම ඔබට දාස් කැපිටාල් වලින් සෑහෙන කොටසක් අතාරින්න වෙනවා.//

තෙවන ප්‍රශ්නයට පිළිතුර B (B) ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාවයට සමානුපාතිකය.)
කියන එකෙන් දාස් කැපිටාල් එකේ ගොඩක් අත හරින්න වෙන්නේ කොතනද?

දැන් නිපදවන භාණ්ඩයේ වටිනාකම ශ්රමයට සමානුපාතික වන විට වඩා ඵලදායි ශ්රමයට වැඩි අගයක් ලැබීම වැළැක්විය නොහැකියි. කොමිනිස්ට්වාදී සමාජයක සියලු දෙනාගේ හැකියාවට අනුව ආදායම බෙදී යා යුතුය කියන්නේ ඒකයි. ඒකයි සමානව බෙදී යාමයි කියන්නේ දෙකක.

එහෙම නැතිව එහම නැහැයි කියල දාස් කැපිටල් එකේ කොහෙද තියෙන්නේ?

මාක්ස්ගේ මුලික අදහස මේක:

/මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙ
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්රමානාත්මික වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)//

භාණ්ඩයේ වටිනාකම M හෝ M' වේවා එය යොදන ශ්‍රමය හා තවත් කරන බොහොමයක් සමග ප්‍රතිලෝමව හෝ අනුලෝමව සමනුපතිකයි. මුලික ශ්‍රමය කියන අදහස මාක්ස් දෙවන පොතේදී වෙනස් කර තවත් තත්වයන් හඳුන්වා දෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72961400095971662812017-11-28T12:02:26.749-05:002017-11-28T12:02:26.749-05:00බොහොම ස්තුතියි, චොකලට් වල කලිකුත්වීමේ දින සොයන මෝඩ...බොහොම ස්තුතියි, චොකලට් වල කලිකුත්වීමේ දින සොයන මෝඩයෝ මෙලොව නැති කියයි මම සිතන්නේ :) අපට ලැබී තියෙන බොහොමයක් රටකජු අශ්‍රිත නිෂ්පාදන, ඒ ෆ්ලෙවර් එකට අකමැති නිසාම ද කොහේදෝ අපි කලිකුත්විම ගැන සක පහල කරන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17222113073523970202017-11-27T21:15:17.232-05:002017-11-27T21:15:17.232-05:00දැන් අපි මේ ප්‍රශ්න වලට නැවත එමු. මම පළමුව තෙවන ප්...දැන් අපි මේ ප්‍රශ්න වලට නැවත එමු. මම පළමුව තෙවන ප්‍රශ්නයෙන් පටන් ගන්නම්. එම ප්‍රශ්නයට පිළිතුර B බව ඔබ සෘජුව කියා තිබෙන නිසා. මේ ප්රශ්නය මීට වඩා තරමක් වෙනස් ලෙසකින් අහන්න පුළුවන් "ඔබ බිත්තියක් බඳින්න මේසන් බාස් කෙනෙකුට මුදල් ගෙවන විට දවස් කුලිය ගෙවන්නද කැමති නැත්නම් වර්ග අඩි ගාණටද?" කියා. මම හිතනවා ඔබේ පිළිතුර වන්නේ "වර්ග අඩි ගණනට" කියා. එසේ නැත්නම් අපට නැවත මුලට ගොස් සාකච්ඡාව පටන් ගත හැකියි. මේ ප්රශ්නය මගේ මුල් ප්‍රශ්න තුනෙනේ තෙවන ප්රශ්නයේ අපෝහකයක්.

p. ශ්‍රමිකයාට ගෙවිය යුත්තේ ඔහුගෙන් ලැබුණු දායකත්වයට සමාන දෙයක්.
q. ලැබුණු දායකත්වය ඵලදායීතාවයට (බැඳපු වර්ග අඩි ගණනට) සමානුපතිකයි.

p සහ q අනුව දෙදෙනාට ලැබිය යුතු වැටුප් සමාන නැහැ.

ඔබ මේ තෙවන ප්‍රශ්නයට පිළිතුර B බව කියන විටම ඔබට දාස් කැපිටාල් වලින් සෑහෙන කොටසක් අතාරින්න වෙනවා.

මෙතැන සිට මම ඉහත ප්රශ්නය තරමක් පුළුල් කරනවා.

දැන් අපි මෙහෙම හිතමු. තුන් වන ප්රශ්නයේ සිටින ශ්‍රමිකයින් දෙදෙනා පැය බැගින් වැඩ කරනවා. එක් අයෙක් පැයට වර්ග අඩි විස්සක් බඳිනවා. දෙවැන්නා වර්ග අඩි හතළිහක් බඳිනවා. පළමුවැන්නාට රුපියල් 200ක් හා දෙවැන්නාට රුපියල් 400ක් ලැබීම සාධාරණ බව ඔබ පිළිගන්නවා කියා මම හිතනවා.

මෙහි පැමිණෙන තුන්වැන්නෙක් බිත්ති බැඳීම වේගයෙන් කිරීමට උදවු වන යන්ත්‍රයක් සපයනවා. ඒ නිසා, පැයකට බැඳිය හැකි වර්ග අඩි ගණන 50%කින් වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පළමුවැන්නා රුපියල් 300ක් හා දෙවැන්නා රුපියල් 600ක් උපයනවා. තෙවැන්නා මේ දෙදෙනාගෙන් පිළිවෙලින් රුපියල් 99 හා 199 ලෙස රුපියල් 298 ක් අය කර ගන්නවා. තෙවැන්නා ශ්‍රමය යෙදවීමක් කරන්නේ නැහැ. මෙය අසාධාරණයි කියා ඔබ හිතනවද?

දෙවන ප්‍රශ්නයට ඔබේ පිළිතුර "මෙහිදී ඔබ කියන ගනුදෙනුවේ ස්වභාවය සලකා මිස පිළිතුරක් දීමට බැහැ." කියන එකයි. ඒ කියන්නේ ඔබේ පිළිතුර B. ඔබට පුළුවන්ද මා සඳහන් කර ඇති කොන්දේසි යටතේ ("හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී ගණුදෙනුවේ ස්වභාවය පිළිබඳව දෙදෙනාටම මනා අවබෝධයක් ඇත්නම්, ගනුදෙනුව නොකර සිටීමට සාපේක්ෂව") එක් අයෙකුට අසාධාරණයක් වන ගනුදෙනුවක් සඳහා උදාහරණයක් දෙන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46464268649478096682017-11-27T21:14:59.605-05:002017-11-27T21:14:59.605-05:00අජිත්, දැනට සිටින තැන අනුව මම මේ සංවාදය දිගටම කරගෙ...අජිත්, දැනට සිටින තැන අනුව මම මේ සංවාදය දිගටම කරගෙන යන්න කැමතියි. පළමුව, මම මුලින්ම කිවුව වගේ, මම කැමතියි මේ සාකච්ඡාව ආර්ථික කරුණු වලට නාභිගත කරන්න. මොකද සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය අසාර්ථක වෙන්න හේතු වුණේ එහි ජීවත් වූ අයට දයලෙක්තික භෞතිකවාදය පිළිගන්න බැරිවීම හෝ වෙනත් දාර්ශනික ප්‍රශ්නයක් නිසා නොව සෝවියට් දේශයට බටහිර ධනවාදී රටවලට සාපේක්ෂව මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න නොහැකි වීම නිසා බව. ඔබ මේ කරුණට එකඟ වෙනවා කියා මම හිතනවා. එසේ එකඟ නොවනවානම් අවශ්‍ය පරිදි සාකච්ඡාව පුළුල් කළ හැකියි. එහෙත්, එයින් අවශ්‍ය දෙය මඟ හැරෙනවා කියා මම හිතනවා.

මට පෙනෙන හැටියටනම් ඔබ මාක්ස්වාදී රාමුව ඇතුලෙ හිරවෙලයි ඉන්නේ. ඔබට එහි ප්‍රශ්න තිබුණත් ඔබ විසඳුම් හොයන්නේ ඒ රාමුව ඇතුළෙමයි. කරුණාකර මෙය ඉන්සල්ට් කිරීමක් ලෙස හිතන්න එපා. දර්ශනවාදය හරහා විසඳුම් හොයනවා වෙනුවට ප්‍රථම උපාධි මට්ටමේ සරල ආර්ථික විද්‍යා පොත් කිහිපයක් කියෙවුවොත් ඔබට ආර්ථික විද්‍යාවේ මූලික දේවල් පැහැදිලි වෙයි. ඔබේ ගණිත පසුබිම එක්ක මෙය ඉතා පහසු දෙයක් වෙයි. මෙය විශේෂයෙන් ලියන්නේ ඔබේ "දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්" ලිපියෙන් පසුව දකින්නට ඇති, ආර්ථික වර්ධනය හා අදාළ, ඔබේ සහ තවත් අයෙකුගේ කමෙන්ට්ස් නිසයි. ඔබට අවශ්‍යනම් මට මෙය ඔබට තේරුම් ගත හැකි ගණිත සමීකරණ ඇසුරෙන් පැහැදිලි කර ඊමේල් එකක් එවිය හැකියි. බ්ලොග් එකේ දමන්න බර වැඩියි.

දැන් අපි ආර්ථික විද්‍යාවට නැවත ගියොත්, ආර්ථික විද්‍යාවේ විෂය පථය වෙන්නේ අසීමිත අවශ්‍යතා ඇති මිනිසුන් අතර තිබෙන සීමිත සම්පත් ටික බෙදන්නේ කොහොමද කියන එකයි. සමාජවාදීන් අතර කෙතරම් වෙනස්කම් තිබුණත් මේ හැම ගුරුකුලයකම වගේ මූලික පදනම වන්නේ දාස් කැපිටාල්හි ඇති මූලධර්මයි. මාක්ස් වැඩේ පටන් ගන්නේ එතෙක් සියවස් ගණනක් තිස්සේ ලියැවී තිබුණු දේ හැදෑරීමෙන් පසුවයි. ඒ කාලය ආර්ථික විද්‍යාව විෂයක් ලෙස එතරම් දියුණු වූ කාලයක් නෙමෙයි. නමුත්, අද වන විට එතැන් සිට විශාල දුරක් ඇවිල්ලයි තියෙන්නේ. (ඔබ දන්නා පරිදි) ඒ දවස් වල ආර්ථික විද්‍යාව ආදී ලෙස ලොකු බෙදීම් තිබුණේ නැහැ. මොනවා හෝ විෂයයක් හදාරන කෙනා සෑම විෂයයක්ම වගේ හැදෑරුවා. ඒ නිසා, දාස් කැපිටාල් වල (අදට සාපේක්ෂව) විෂයයන් මිශ්‍ර වී තිබෙනවා. නමුත්, දැන් අපට එයින් ආර්ථික විද්‍යා කොටස වෙන්කර ගත හැකියි.

දාස් කැපිටාල් වල ගොඩක් දේවල් සමඟ අද ජීවත්වන (ධනවාදී) ආර්ථික විද්‍යාඥයෙකුට වුවත් එකඟ විය හැකියි. ඒවා විෂය හා අදාළ මූලික කරුණු. ඒ සමඟම, ධනවාදී ආර්ථික විද්‍යාව හා සමාජවාදී ආර්ථික විද්‍යාව බෙදී යන නිශ්චිත තැනක් තිබෙනවා. මගේ ප්‍රශ්න තුන මේ බෙදීම නිරූපණය කරනවා.

මට කාල් මාක්ස් හෝ ඉතිහාසය පුරා දැනුමට මොනවා හෝ එකතු කළ වෙනත් අයෙක් සමඟ කිසිදු ප්‍රශ්නයක් නැහැ. සෝවියට් දේශය හෝ රුසියාව සමඟත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත්, පැහැදිලිවම මම සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවට එරෙහිව ධනවාදී ආර්ථික විද්‍යා රාමුව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවේ තිබෙන හැම හොඳ දෙයක්ම ධනවාදී ආර්ථික රාමුව තුළ තිබීම හා ධනවාදී ආර්ථික රාමුවේ ඇති ඇතැම් දේ සමාජවාදී ආර්ථික විද්‍යා රාමුවේ නොතිබීම යන කරුණ මත. Game Theory අනුව මෙය dominated strategy එකක්. ඒ නිසා මට ධනවාදය හමුවේ එය ඉතා පහසුවෙන් මුළුමනින්ම බැහැර කළ හැකියි. දැන් මෙහෙම කිවුවහම සමහර අය ඇමරිකාවේ ඉන්න හෝම්ලස් මිනිස්සු ගැන කතා කරනවා. එය ඒ මිනිස්සුන්ට නිවාස නැති වීමේ ප්‍රශ්නයක් මිසක් ධනවාදී ක්රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මෙය ප්‍රශ්නයක් ලෙස දැක විසඳුම් සෙවිය යුතුනම් ධනවාදී රාමුව ඇතුළෙම එය කරනවා මිස ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ.

මගේ ප්‍රශ්න තුනට ධනවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන්නේ A, A, B. සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන්නේ B, B, A. දැන් මේ පිළිතුරු යුගල දෙකෙන් එකක් අපට තෝරා ගන්න වෙන්නේ අපේ විශ්වාස මතයි. සමාජවාදී ආර්ථික විද්‍යාවේ පිළිතුරු වන B, B, A තෝරාගත්තොත් එතැන් සිට මාක්ස්ගේ ප්‍රවාදය දිගේ ඉදිරියට යන්න පුළුවන්. ඒ උපකල්පන වලට සාපේක්ෂව අතිරික්තය, සූරා කෑම, පංති අරගලය, අධ්‍යාපනය නොමිළේ ලබා දීම වගේ ගොඩක් දේවල් වලට තේරුමක් ලැබෙනවා. නමුත්, අප තෝරා ගන්නේ A, A, B නම් දාස් කැපිටාල් වලින් ඉදිරිපත් කරන සමස්ත ප්රවාදයටම පදනමක් නැති වෙනවා. ඒ නිසා, මේ තෝරා ගැනීම කළ යුත්තේ අපට ස්වභාවික ලෙස නිවැරදියයි කියා සිතන දෙය අනුව මිස අප ඉගෙන ගෙන තිබෙන දේ අනුව හෝ කවුරු හෝ කියා තිබෙන දේ අනුව නෙමෙයි. මට පෞද්ගලිකව පළමු පිළිතුරු කට්ටලය වඩා විශ්වාසනීයයි. මම මාක්ස්වාදී ආර්ථික විද්‍යා රාමුව සමස්තයක් ලෙසම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com