tag:blogger.com,1999:blog-3221129106341750825.post5049651896654907184..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ලංකාවේ ආදායම් විෂමතාවයUnknownnoreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3221129106341750825.post-84494011261867167172016-01-17T09:31:30.235-05:002016-01-17T09:31:30.235-05:00අනිත් කරුණ අදවන විට ඇමරිකන් ආර්ථිකය දුර්වල නැහැ. එ...අනිත් කරුණ අදවන විට ඇමරිකන් ආර්ථිකය දුර්වල නැහැ. එය සාමාන්‍ය මට්ටමින් හෝ එයටත් වැඩියෙන් වර්ධනය වෙනවා. පොලී අනුපාතික ඉහළ දැම්මේ ඒ නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10392318009107762012016-01-17T09:30:05.504-05:002016-01-17T09:30:05.504-05:00 //ආර්ථික අතින් ඉතා දුර්වල තැනක එනම් අදවගේ කාලයක//... //ආර්ථික අතින් ඉතා දුර්වල තැනක එනම් අදවගේ කාලයක//
මෙය වැරදි අදහසක්. සමාජ සංරක්ෂණ පණත සම්මත කළ 1934දී ඇමරිකාවේ ආර්ථික වර්ධනය 10.8%ක්. 1937දී මෙය පළමු වරට ක්‍රියාත්මක කිරීමට පෙර වසර තුනේ ආර්ථික වර්ධනය පිළිවෙලින් 10.8%, 8.9% හා 12.9%ක්. යුද්ධ කාලය හැරුණු විට මෙය පසුගිය සියවසේ වැඩිම ආර්ථික වර්ධනයක් ලැබූ කාලයක්. (සංඛ්‍යාලේඛණ බලනවනම් ෆෙඩරල් රිසර්ව් හෝ රජයේ වෙබ් අඩවියකින් හරි ලෝක බැංකුව වගේ තැනකින් හරි බලන්න. සමාජජාල වල ඕනෑ කෙනෙකුට තමන් හිතන කිසිම පදනමක් නැති දේවල් දාන්න පුළුවන්) ආර්ථිකය දුර්වල වෙලාවක බදු වැඩිකිරීමෙන් වෙන්නේ තත්ත්වය තවත් දරුණු වීමයි. මෙය මහා ආර්ථික අවපාතය අවස්ථාවේ කළ වරදක්. එය කිරීමට හේතුවුණේ දේශපාලනික කරුණක්. එනම්, රජයට ණය ලබා ගැනීමට හැකිව තිබුණු උපරිම සීමාව වැඩි කර ගැනීමට වූ යෝජනාව සම්මත නොවූ නිසා අයවැය හිඟය පියවා ගැනීමට කළ දෙයක්. අනිත් කරුණ ඒ කාලයේ සමාගම් වලින් අයකළ උපරිම බද්ද අද ගණනින් බාගයකටත් අඩුයි. මට මේවා විස්තරාත්මකව පැහැදිලි කළ හැකියි. එහෙත්, ඊට පෙර ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ටිකවත් පැහැදිලි කරන්න වෙනවා. පසුකාලීනව, බදු වැඩි කළේ යුද්ධය වෙනුවෙන් සහ නිරවි යුද සමයේ කළ දේවල් වලින් ඉහළ ගිය රජයේ වියදම් පියවා ගැනීමටයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86974185590054110752016-01-17T08:43:26.176-05:002016-01-17T08:43:26.176-05:00ඒක තමයි මම පැහැදිලිවම ලියල තියෙන්නේ එහෙම සංචිත නැත...ඒක තමයි මම පැහැදිලිවම ලියල තියෙන්නේ එහෙම සංචිත නැති බව. ඒකයි මේ ක්‍රම පවත්වාගෙන යන්න බැරි. 1937දී වැඩ කරන සියල්ලන්ගෙන්ම සමාජ සංරක්ෂණ බදු මුදල් එකතු කරගත් විට එසේ නොගෙවා විශ්‍රාම ගිය පළමු පරම්පරාවේ අයට ඒ මුදලින් යම් 'පිං පඩියක්' දිය හැකියි. ජීවිත කාලයටම දෙන්න සල්ලි නැහැ. 1937දී කළේ එකවර මුදලක් දීම පමණයි. මාස්පතා මුදල් දීම සිදුවුණේ 1940 සිට. මේවාට කියන්නේ overlapping generation models කියලා. දැන් ලංකාව ගත්තත් රජයේ සේවකයින්ට ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් ගෙවන්න සංචිත කොහෙවත් නැහැ. ඊළඟ පරම්පරාවයි ඒවා ගෙවන්න වෙන්නේ. මේ ක්‍රම මෙතෙක් කල් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ දිගින් දිගටම ජනගහණය විශාල ලෙස වර්ධනය වූ නිසා සංචිත එකතු වීමෙන්. ජනගහණ වර්ධනය අඩුවූ කාලයේ සිට තිබුණු සංචිත ටිකත් අඩුවෙමිනුයි යන්නේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81173281090719928922016-01-17T06:10:15.778-05:002016-01-17T06:10:15.778-05:00ඉකොනො,
//මෙහිදී ධනවතුන්ගෙන් අයකරගෙන දුප්පතුන්ට ද...ඉකොනො,

//මෙහිදී ධනවතුන්ගෙන් අයකරගෙන දුප්පතුන්ට දීමක් වුනේ නැහැ. //

මෙතන ප්‍රශනයක් තිබෙනවා රජයට මෙය මූලින් ආරම්භ කිරීමට කෝ අරමුදල් ?

උදාහරණ 1937 වයස 64 වූ කෙනෙකුට ඊට වසර 2 පසු ජිවිත කාලයටම වැටුපක් ලාබදෙනවානම් කෝ ඔහුට ගෙවීම සදහා සංචිත කොහෙන්ද ලැබුනේ ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4708178003362489372016-01-17T06:04:21.596-05:002016-01-17T06:04:21.596-05:00ඉකොනො,
//සමාගම් වල බදු අනුපාතික ගැන නෙමෙයි. මෙය ...ඉකොනො,

//සමාගම් වල බදු අනුපාතික ගැන නෙමෙයි. මෙය වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ ඔබයි. //
ස්තුතියිඔබේ පැහැදිලි කිරීම නිවැරදියි!! ඔව් මම හිතපු විදිය වැරදියි එය සමාගම් වලින් නෙමෙයි සමාජයේ ඉහලම ධනවතුන් ගෙනුයි එසේ අයකර ඇත්තේ ,

නමුත් මෙහිදී මෙම ක්‍රමය නිසා සමාජයේ ආධායම් බෙදීමේ විෂමතාවය වැලකි තිබෙනවා. ආර්ථික අතින් ඉතා දුර්වල තැනක එනම් අදවගේ කාලයක රුස්වෙල්ට් ගේ යෝජනා සාර්ථික වී තිබෙනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7303592580465904062016-01-16T00:12:15.771-05:002016-01-16T00:12:15.771-05:00දැනුයි මට රිචඩ් වුල්ෆ්ගේ කතාව සම්පුර්ණයෙන් අහන්න ව...දැනුයි මට රිචඩ් වුල්ෆ්ගේ කතාව සම්පුර්ණයෙන් අහන්න වෙලාවක් ලැබුණේ. ඇත්තටම ඔහුගේ සංඛ්‍යාලේඛණ වල වරදක් නැහැ. ඔහු කියන්නේ 1970 දශකයේදී වැඩිම ආදායම් බදු අනුපාතය 70%ක් වූ බව සහ ඊට වසර 15කට පෙර 91%ක් වූ බවයි. 1929-39 කාලය ගැන නෙමෙයි. ඒ වගේම ඔහු කතා කරන්නේ පුද්ගලයින්ගේ ආදායම් බදු ගැන. සමාගම් වල බදු අනුපාතික ගැන නෙමෙයි. මෙය වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ ඔබයි. හැබැයි එහෙම වැරදියට තේරෙන්න ඔහු කතා කරන විදිහ හේතුවෙනවා. රිචඩ් වුල්ෆ් මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා කෙනෙක්. එවැනි අය ඇමරිකාවේ සිටින්නේ ඉතා සුළු පිරිසක්. බදු සම්බන්ධව ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියල්ලන්ම ඔහු සිතන ආකාරයට හිතන්නේ නැහැ. එහෙත් ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් කියා හිතන බොහෝ දෙනෙක් ඉන්නවා. ආදායම් බදු ආකෘතිය සහ ආදායම් විෂමතාවය ගැන තියෙන්නේ මිශ්‍ර අදහස්. කොහොමවුනත්, 1980න් පසු ආර්ථික වර්ධනයේ වාසිය මුළුමනින්ම වාගේ ලැබී තිබෙන්නේ ඉහළ ස්ථර වලට කියන එක නිවැරදියි. රටින් පිටට මුදල් ගලායාමේත් බලපෑමක් තිබුණත් එය ප්‍රධානම කරුණක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58109477002909265482016-01-15T12:23:28.529-05:002016-01-15T12:23:28.529-05:00ඇමරිකාවේ සමාජ සංරක්ෂණ ප්රතිලාභ සහ විරැකියා රක්ෂණ ...ඇමරිකාවේ සමාජ සංරක්ෂණ ප්රතිලාභ සහ විරැකියා රක්ෂණ ප්රතිලාභ දෙන්නේ ධනවතුන්ගෙන් අයකරගෙන නෙමෙයි. වැඩ කරන හැම කෙනෙක්ම තමන් උපයන මුදලින් සමාජ සංරක්ෂණ බද්දක් ගෙවිය යුතුයි. මෙය ඇත්තටම රක්ෂණ වාරිකයක් වැනි දෙයක්. නියමිත කාලයක් වැඩ කිරීමෙන් පසු රැකියාවක් නැති වුනොත් නැවත රැකියාවක් සොයාගන්නා තුරු විරැකියා රක්ෂණ ප්රතිලාභ ලැබෙන්නේ මෙසේ කපා ගන්නා මුදලින්. ප්‍රමාණය තීරණය වන්නේ තමන් වැඩ කරන විට උපයා ඇති මුදල අනුවයි. යම් අවම කාලයක් වැඩ කර ඇති අයට සමාජ සංරක්ෂණ ප්රතිලාභ දෙන්නේත් මේ අයුරින්ම තමන් විසින් උපයා, සමාජ සංරක්ෂණ බදු ලෙස ගෙවා ඇති මුදල මත පදනම්ව. 1934 දී සමාජ සංරක්ෂණ පනත හඳුන්වා දීමට මහා ආර්ථික අවපාතය කාලයේ අත්දැකීම් හේතුවුණා තමයි. එහෙත්, මෙහිදී ධනවතුන්ගෙන් අයකරගෙන දුප්පතුන්ට දීමක් වුනේ නැහැ. නැවත එවැනි අවස්ථාවක් පැමිණියහොත් සමාජයට වන හානිය අවම කිරීමේ සැලසුමක් ඇති කිරීමයි කළේ. 1937 ජනවාරියේදී මුල් වරටත්, 1940 ජනවාරි සිට මාස්පතාත් රැකියා කරන අය උපයන ආදායමින් ප්‍රතිශතයක් අයකිරීම ඇරඹීමයි ඇත්තටම සිදු වුනේ. සමාජ සංරක්ෂණ ප්රතිලාභ ලැබුණේ වයස 65ට වැඩි අයටයි (දැන් මෙය 66යි. ඉදිරියේදී 67 වෙනවා.). මේ සඳහා යොදාගත්තේ ඒ වන විට වැඩකරන තරුණ පරම්පරාවෙන් එකතු කළ මුදල්. දිගින් දිගටම සිදුවුනේ මෙයයි. එනම්, වැඩකරන වත්මන් පරම්පරාවේ මුදලින් පැරණි පරම්පරාව නඩත්තු කිරීම. එහෙම නැතුව ධනවතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන රොබින්හුඩ් ක්‍රමයක් නෙමෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85170786963449550102016-01-15T11:21:20.602-05:002016-01-15T11:21:20.602-05:00ඔවු, 62% දක්වා වැඩි කළේ පුද්ගලික ආදායම් බදු. ඔබ සඳ...ඔවු, 62% දක්වා වැඩි කළේ පුද්ගලික ආදායම් බදු. ඔබ සඳහන් කරන කාලයේ සමාගම් වලින් බදු අයකර ඇත්තේ ඔබ කියන අනුපාත වලට වගේම අද ඇති අනුපාත වලට සාපේක්ෂවත් ඉතාම අඩුවෙන්.

මේ ඔය කියන 1929/39 කාලයේ උපරිම බදු අනුපාත.

1929 - 11%
1930/31 - 12%
1932/35% - 13.75%
1936/37 - 15%
1938/39 - 19%

මෙය විශාල ලෙස වැඩි කෙරෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ සහ ඉන් පසුව. එහෙත්, කිසි විටක 52% ඉක්මවා නැහැ. දැන් උපරිම බදු අනුපාතය 35%ක්. මෙය ඔබ කියන කාලයේ පැවති අනුපාතිකය මෙන් දෙගුණයකට වැඩියි.

මේ සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ බදු එකතු කරන IRS එකෙන්ම ගත් ඒවා. මෙහි ගොස් බැලිය හැකියි.

https://www.irs.gov/pub/irs-soi/02corate.pdfඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10963341110470515422016-01-15T00:48:20.989-05:002016-01-15T00:48:20.989-05:00මේ පිළිබද අපුරු කාටුනයක් තියනව මේක ඇමරිකානු වැසියන...මේ පිළිබද අපුරු කාටුනයක් තියනව මේක ඇමරිකානු වැසියන් පමණක් නෙමෙයි ලංකාවේ සිටින අපටත් හරි වැදගත්
https://www.youtube.com/watch?v=mII9NZ8MMVM !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30238598423363697232016-01-15T00:22:19.348-05:002016-01-15T00:22:19.348-05:00Ajith Dharma,
ඇත්තටම අජිත් මට පෙන්වාදෙන්න උවමනා ක...Ajith Dharma,

ඇත්තටම අජිත් මට පෙන්වාදෙන්න උවමනා කලේ මේ පහසුකම් සලසන්නේ ආර්ථික ලෙස කඩා වැටුන කාලයක වීමයි. මෙම පහසුකම් ධනපතියන්ගෙන් ලබාගත් නිසා අපේ "ඉකොනො " ගෙන තර්කය වන //මේ ආකෘති හදලා තියෙන්නේ හැම වෙලාවෙම වත්මන් පරම්පරාව විසින් පෙර පරපුරේ වියදම දැරීමේ පදනම මත.// රුස්වෙල්ට් ජනාධිපති යුගයට අදාල නැති උනත්, ධනවතුන් ගෙන් බදු අය නොකිරීම නිසා සිදු වී ඇත්තේ අපේ "ඉකොනො" කියන කතාව තමයි

මේ පිළිබද උඩ කොමෙන්ටුව්න් සංක්‍යලේකන මගින් පැහැදිලි කළා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5435765719289642722016-01-15T00:20:19.167-05:002016-01-15T00:20:19.167-05:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36600973906188595582016-01-15T00:09:05.209-05:002016-01-15T00:09:05.209-05:00ඉකොනො,
ඔබ ඉදිරිපත් කරන්නේ පුද්දලික බදු සම්බන්දව (...ඉකොනො,

ඔබ ඉදිරිපත් කරන්නේ පුද්දලික බදු සම්බන්දව (Federal Individual Income Tax Rates History) , කල්පනාවෙන් බැලුවොත් මෙයිනුත් පෙනෙනවා දිළින්දන්ට බදු පැටවී ඇති අයුරු (දනවතුන්ගේ බදු අනුපාතය අඩුකිරීම කියන්නේ දිලින්දන් අතට බදු විතැන් කිරීමයි )

https://www.youtube.com/watch?v=k71DYM20WRM

එනම් 1950 සිට 1980 දශකයේ පහලම ආදායම් ලබන 90% වේ ආදායම 75% වැඩිවී ඇත එනම් ඩොලර් 13000 කින් නමුත් 1980 සිට 2008 දක්වා රේගන් ජනාධිපතිගේ ප්‍රතිසංස්කරණ නිසා පහලම ස්තරය තුල ආදායම වැඩිවී ඇත්තේ 1% පමණයි එනම් ඩොලර් 303 පමණ

නමුත් වැඩිම ආදායම් ලබන පුද්ගලයන් ගෙන් 0.001% ගේ ආදායම වැඩිවී ඇති ආකාරය 1950 සිට 1980 දක්වා ඩොලර් මිලියන 2.4 වැඩිවීමක් පෙන්වන අතර එය 80% වැඩිවීමක් නමුත් 1980 සිට 2008 දක්වා ඩොලර් මිලියන 22 කින් වැඩි වුනා එය 403% වැඩිවීමක්

ඔබට මේඅනුව පැහැදිලි වියයුතුයි සිදුවූ දෙය.

දැන් තව සරලව බැලුවොත් සිදුවන දෙය මෙයයි පොසතුන්ගෙන් ලබගෙන දුප්පතුන්ට ලබාදීම බොහෝදෙනා කැමති උනත් ඉදිරියේ දී මෙසේ මුදල් ලබන දුප්පතුන් නිසා නව කර්මාන්ත ශාලා ඇතිවන්නේ නෑ මොකද කර්මාන්ත ශාලා ඇතිකරන්නේ දිළින්දන් නොවන නිසයි. මේනිසා ධන්නවත් වීමට අවස්තාවක් ලබාදීම වැදගත් වෙනවා. නමුත් එක ප්‍රමාණයකින් පසු මිනිසුන් වියාපර දියුණු කරන්නට යොදන්නේ නෑ.

අනෙක් අතට මෙවැනි සුබසාධන වැඩ නිසා රටේ ශ්‍රමයේ ඵලදායි තාව ඉහල යනවා, මෙහි දුර්වල ලක්ෂණයක් ලෙස විශාල රාජ්‍ය ආයතන ඇතිවී අකර්යක්ෂ්ම රාජ්‍ය සේවයක් ඇතිවීමට හැකි උනත් අද පවතින තක්ෂණය යොදා මෙය අවම කල හැකියි.

මෙහි මේ විශාල ධනය බොහෝවිට අදාළ රටේ බැංකු වල ගොඩ ගැසී තිබෙන වා කියා සිතුවත් මෙම මුදල් අද ලෝක තත්වය මත වෙන රටක ආයෝජනය වෙනවා මෙහිදී මේ මුදල් උපයාගැනීමට උදව් වුන සමාජයට කිසිදු උපකාරයක් නොවී වෙන සමාජයක් වෙත ආයෝජනය වීමට සහ මෙම ක්‍රමය පවත්වාගැනීමට දෙසපලන්යයනට කප්පම් ගෙවීම සදහා යෙදවෙනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59480630014807960932016-01-14T23:16:59.712-05:002016-01-14T23:16:59.712-05:00ලෝක ඉතිහාසයේ මුල සිට 1800 පමණ වන තුරු ආදායම් විෂමත...ලෝක ඉතිහාසයේ මුල සිට 1800 පමණ වන තුරු ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් වුනේ නැහැ. කාගේත් ආදායම අඩු නිසා. දැනටත් ලංකාවේ වතු අංශයේ ආදායම් විෂමතාවය හොඳටම අඩුයි. ආදායම් විෂමතාවය අඩුකරන්න පහසුම ක්‍රමය තමයි පෝසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන එක. හැමෝම දුප්පතුන් වුණාම විෂමතාවයක් නැහැ. ඇමරිකාව 1932 ආදායම් පනතින් බදු අනුපාතය 62% දක්වා වැඩි කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම එය කර ඇත්තේ රජයේ අයවැය හිඟය පියවා ගැනීමට. එයින් ආර්ථික අවපාතය තවත් උග්‍ර වී තිබෙනවා.

ඇමරිකාවේ බදු අනුපාත වරින් වර වෙනස් වෙනවා. අඩුවීම වගේම වැඩි වීමත් වෙනවා. බදු අනුපාත වැඩිපුරම ඉහළ දමා තියෙන්නේ පළමු සහ දෙවන යුද්ධ කාල වලයි. බොහෝ විට සියල්ලන්ගේම බදු වැඩි කිරීමයි සිදුකර තියෙන්නේ. ආදායම වැඩි අයගේ පමණක් නෙමෙයි. මෙසේ කර ඇත්තේ රජයට යුද්ධය නිසා දැරීමට සිදුවුණු වැඩි පිරිවැය පියවා ගැනීමටයි.

රිචඩ් වුල්ෆ් ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. ඔහු මෙහිදී කරන්නේ ඕනෑම කෙනෙකුට කළ හැකි ගැලරියට කරන කතාවක්. සමහර සංඛ්‍යාත් වැරදියි. තෝමස් පිකටිගේ කතාවේනම් න්‍යායාත්මක පදනමක් තියෙනවා. ඔහු යෝජනා කරන්නේ ආදායම් විෂමතාවය අවම වන පරිදි බදු ක්‍රමය සංශෝධනය කළ යුතු ආකාරයක් ගැන සහ එය කළ යුත්තේ ඇයි කියන කරුණ. එය වුල්ෆ්ගේ කතාව වගේ සරල කතාවක් නෙමෙයි.

මේ තියෙන්නේ පසුගිය අවුරුදු 150 තුළ ඇමරිකාවේ බදු අනුපාත වෙනස් වූ ආකාරය.

http://taxfoundation.org/sites/default/files/docs/fed_individual_rate_history_nominal.pdf

ලින්ක්ස් යොමු කළාට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42042924446430929392016-01-14T20:55:48.298-05:002016-01-14T20:55:48.298-05:00පළමුවෙනි කරුණනම් එහෙම වෙන්න ඇති. ඒත් දැන් මේවා කපන...පළමුවෙනි කරුණනම් එහෙම වෙන්න ඇති. ඒත් දැන් මේවා කපන්නේනම් ඒ නිසාම නෙමෙයි. මේ ආකෘති හදලා තියෙන්නේ හැම වෙලාවෙම වත්මන් පරම්පරාව විසින් පෙර පරපුරේ වියදම දැරීමේ පදනම මත. මේවා හදපු කාලයේ දිගටම ජනගහණය වර්ධනය වුන නිසා පෙර පරපුරේ එක් අයෙක් වෙනුවෙන් දැන් පරපුරේ එක් අයෙක් හෝ වැඩිපුර හිටියා. එහෙත්, පසුව ජනගහන පිරමිඩය අනිත් පැත්ත ගැහුවට පස්සේ මේ ක්‍රම සස්ටෙනබ්ල් නැතුව ගියා. මෙය ආකෘතියේම තිබුණු ගැටළුවක්. හැබැයි ඔබ කියන තර්ජනය දිගටම තිබුණානම් ඇතැම් විට මෙයට විසඳුමක් සෙවීමට මෙයට වඩා උත්සාහයක් දැරෙන්නත් ඉඩ තිබුණා.මෙය අදාළ social security වලට.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15540714939182446162016-01-14T20:37:00.480-05:002016-01-14T20:37:00.480-05:00ආදායම වැඩිවන විට වියදම් වැඩිවීම එක ප්‍රශ්නයක්. විෂ...ආදායම වැඩිවන විට වියදම් වැඩිවීම එක ප්‍රශ්නයක්. විෂමතාව තවත් ප්‍රශ්නයක්. කොහොමටත් රටක් දියුණු වන විට මුලින්ම වැඩිවන්නේ එක් කොටසකගේ ආදායම තමයි. රැකියා නිර්මාණය හරහා මේ වාසිය පහළ ස්ථර වලට කාන්දු විය යුතුයි. ඩීල් වලින් ආදායම වැඩි කර ගැනීමේදී රැකියා උත්පාදනයක් වෙන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19057202049129819072016-01-14T20:32:34.438-05:002016-01-14T20:32:34.438-05:00ඕවට මොකට මහන්සි වෙනවද? (හැබැයි බලන අයත් ටිකදෙනෙක් ...ඕවට මොකට මහන්සි වෙනවද? (හැබැයි බලන අයත් ටිකදෙනෙක් ඉන්නවා)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53857498862111391912016-01-14T20:31:36.651-05:002016-01-14T20:31:36.651-05:00ඇත්තටම බැළුවොත්, මහේෂ්, කොළඹ ගණන් වැඩිවෙලා තියෙන්න...ඇත්තටම බැළුවොත්, මහේෂ්, කොළඹ ගණන් වැඩිවෙලා තියෙන්නෙත් ටිකදෙනෙක් නිසා. කොළඹත් අඩු ආදායම් ලබන අයගේ තත්ත්වය ශෝචනීයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9986462370526514952016-01-14T20:29:56.037-05:002016-01-14T20:29:56.037-05:00ඒවනේ සැබෑ ජනතා ප්‍රශ්න.ඒවනේ සැබෑ ජනතා ප්‍රශ්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63889950565342563062016-01-14T18:10:20.705-05:002016-01-14T18:10:20.705-05:00ලංකා සිතුවිලි කියන එකට පොඩි එකතු කිරීමක් කරන්න කැම...ලංකා සිතුවිලි කියන එකට පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි. ඇමෙරිකාවේ හා යුරෝපයේත් (බ්‍රිතාන්‍ය ඇතුළුව ) // unemployment benefits සහ social security
benefits වැනි පහසුකම් ඇතිකිරීමට හේතු උනේ// සෝවියට් දේශය නමැති රට ඇතිවීම සහ ඔවුන් රැකියා ප්රශ්නය නැති කල නිසයි. (ඒ කියන්නේ මොකක් හරි රස්සාවක් හදා ඉන් පඩියක් දීම ) එතකොට පහල පන්තිය මේ ගැන දැන ගැනීමෙන් වෙන අපහසුතාවය හැර ගැනීමට කල දෙයක්. එනම් කොම්යුනිස්ට් ක්‍රමයක් ඉල්ලයි කියන බය. දැන් මේ සහන කපන්න යන්නෙත් එහෙම අවශ්‍යතාවයක් දනී නැති නිසා කියල තමයි මම කියවල් තිබෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44388456654544521262016-01-14T03:22:55.927-05:002016-01-14T03:22:55.927-05:00ඉකොනොමැට්ටා Economatta,
ඇත්තටම මහාචාර්ය Richard W...ඉකොනොමැට්ටා Economatta,

ඇත්තටම මහාචාර්ය Richard Wolff අපුරු පැහැදිලි කිරීමක් කරනවා

https://www.youtube.com/watch?v=-eMs8rzBesw

ඔහු පැහැදිලිකරනවා සමාගම්වලින් ඉහල බදු අයකිරීම මගින් අමරිකාව ආදායම් විෂමතාවය අවම කිරීමට පියවර ගත්බව "The
Great Depression (1929-39)" ජනාධිපති රුස්වෙල්ට් ධනවත් සමාගම් වලින් 94% තරම් ඉහල බදු අයකළ
බව සදහන්, මෙමගින් තමයි ඇමරිකාවේ unemployment benefits සහ social security
benefits වැනි පහසුකම් ඇතිකිරීමට හේතු උනේ, ඉහත පහසුකම් ජනතාවට ලබාදී ඇත්තේ The Great
Depression (1929-39) ඇති කාලයේදීම තමයි.

මෙපිලිබද මෙම කතාව ඇත්ත බව http://flaglerlive.com/26685/gc-fdr-and-taxes/ තවදුරටත් සෙවීමේ දී තේරුනා,
Thomas Piketty මෙපිලිබද අපුරු විස්තරයක් සදහන් කළා
https://www.youtube.com/watch?v=JKsHhXwqDqM

ඉතිහාසයේ සිට සිදුවී ඇත්තේ ධනවත් ආයතන සහ පුද්ගලයන් වෙනුවෙන් පවතී බදු ක්‍රමානුකුලව සාමාන්‍ය ජනයා වෙත විතැන් කිරීමයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82343976341474586932016-01-14T00:52:01.413-05:002016-01-14T00:52:01.413-05:00සුපිරි විග්‍රහයක් මචං....... නමුත් මේ කියන අාදායම...සුපිරි විග්‍රහයක් මචං....... නමුත් මේ කියන අාදායම බෙදී යෑම ලොකු විෂමතාවයකින් වෙන ඒකයි අවුල..... නැත්තං 49 ක් කියන්නේ හොද ගානක් තමා නේද????????? ඒත් කන්න බොන්න නැති කීයක්නං රටේ ඉන්නවාද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40259209295315756482016-01-14T00:50:07.084-05:002016-01-14T00:50:07.084-05:00රට පාලනය කරන උත්තමයෝ ඔය වාර්තා නිකමට හරි බලනවද, බැ...රට පාලනය කරන උත්තමයෝ ඔය වාර්තා නිකමට හරි බලනවද, බැලුවට තේරෙනවද දන්නෙ නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79887842449802912612016-01-13T23:05:26.416-05:002016-01-13T23:05:26.416-05:00වැඩිපුරම ලේඛන ගත වෙන්නේ කොලොඹ අගයන් ටික නැත්නම් සම...වැඩිපුරම ලේඛන ගත වෙන්නේ කොලොඹ අගයන් ටික නැත්නම් සමස්ථ ලංවෙම ඒවා එකතු කරලා බෙදන එක මේකෙන් දුක්ශර ප්‍රදේශ වලට අසාධාරණයක් වෙනවා නේද?Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6371870735819147512016-01-13T22:28:02.016-05:002016-01-13T22:28:02.016-05:00මේවට සොලියුසොන් හොයනවට වඩා ලේසියි හාන්දුරුවරු ඩැයි...මේවට සොලියුසොන් හොයනවට වඩා ලේසියි හාන්දුරුවරු ඩැයිවින් කොරනවද කියලා හොයලා බලන එක.. එතකොට කේන්දර බලනවද කියලා හොයලා බලන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37440709841846906832016-01-13T21:57:31.260-05:002016-01-13T21:57:31.260-05:00මම ඔබේ ලින්ක් එකෙන් ගොස් බැලූ විට දුටු දෙය හැර වෙන...මම ඔබේ ලින්ක් එකෙන් ගොස් බැලූ විට දුටු දෙය හැර වෙනත් වැඩි යමක්නම් දන්නේ නැහැ, ඇනෝ. හැබැයි මෙය පිරමිඩ් බිස්නස් එකක් බවනම් බැලූ බැල්මටම පේනවා. වෙනත් පිරමිඩ් බිස්නස් වගේම මුලින් එකතු වන අයට මුදලක් හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com