tag:blogger.com,1999:blog-3221129106341750825.post6631808776639729110..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!Unknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3221129106341750825.post-30684336340884539482016-02-08T09:16:40.716-05:002016-02-08T09:16:40.716-05:00තවත් යමක් එකතු කරනවානම් දැනට ලංකාවේ භුමි ප්‍රදේශය/...තවත් යමක් එකතු කරනවානම් දැනට ලංකාවේ භුමි ප්‍රදේශය/ජනගහණය හා මන්ත්‍රී ධුර ගණන සැලකූ විට දිස්ත්‍රික්කයකට එක් මන්ත්‍රීවරයෙකු සිටියද බොහෝ රටවලට සාපේක්ෂව වැඩි නියෝජනයකි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61390865732825862412016-02-08T09:13:14.018-05:002016-02-08T09:13:14.018-05:00ස්තුතියි, ප්‍රදීප්, ලින්ක් එකට. සිංහල සහ දෙමළ පිටප...ස්තුතියි, ප්‍රදීප්, ලින්ක් එකට. සිංහල සහ දෙමළ පිටපත් සොයාගත්තා. නියෝජනය පිලිබඳව මට කියන්නට අවශ්‍යව තිබුණු කරුණු ඔබ කියා ඇත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70475053577389716652016-02-08T09:08:57.460-05:002016-02-08T09:08:57.460-05:00//එබැවින් මෙම නීතීය යනු මේ මොහොතේදී බහුතරයක් ජනතාව...//එබැවින් මෙම නීතීය යනු මේ මොහොතේදී බහුතරයක් ජනතාව අපේක්ෂා කරන සාධාරණත්වයයි//
//එලෙසවුවද පවතින මෙම නීතීය තවදුරටත් සාධාරණ කර ගැනීම (මම ලියා ඇති නීතීයෙහි සහ නිතීය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවිමේ පක්ෂපාතිත්වයක් තිබෙන බව විශ්වාස කරමි)සහ නීතීය සකස්කරන මතවාදය හා ආර්ථික තත්වයන් වඩා යහපත් කර ගැනීම සදහා තවදුරටත් මිනිසුන් සක්‍රීය විය යුතුය.//

ඔබ වෙනසක් ලෙස දකින්නේ මේ දේවල්නම්, පැහැදිලිවම එසේ නැත. මේ කරුණු වලට මා සම්පූර්ණයෙන්ම එකඟය. ඇතැම් විට, වෙනස ඇත්තේ මෙය කළ යුතු යයි අප සිතන ආකාර වල විය හැකිය. පළමු කරුණට අදාළව, දැනට සමාජය සිටින තැනට වඩා බොහෝ "ඉදිරියෙන් ඇති" සංශෝධන ගෙන ඒමද ප්‍රයෝගිකව වැඩක් නැත. මූලික අයිතිවාසිකම් ඇතත් ඒවා ගැන බොහෝ දෙනෙකු දැනුවත් නැත. ආගම, ජාතිය, දේශපාලන මතය, ආර්ථික තත්ත්වය අනුව වෙනස්කම් ඕනෑ තරම් සිදුවේ. මෙතැනදී තමන්ට සිදුවන අසාධාරනකම් ගැන කතා කරනවා මෙන්ම අනුන්ට එසේ නොකර සිටීමද එකසේ වැදගත්ය. මා ඔබට වඩා වෙනස්ව සිතනවානම් සිතන්නේ සමාජය ස්වභාවිකව පරිණාමය වන ආකාරයට ඉඩ නොදී කෘතිමව එකවර කඩා බිඳ දමා අළුතින් හදන්නට අවශ්‍ය නොවන බවයි. පොඩි දේවල් එකින් එක වෙනස් කර ගත හැකිනම් අවසානයේ ලොකු වෙනසක් සිදුවේ. නීතිය අනුන්ගේය යන අදහසින් සිදුකරන්නේ සාමාන්‍ය ජනතාව විසින් මෙවැනි පොඩි වෙනස්කම් සිදුකරගැනීම (මිනිසුන් සක්‍රිය වීම) හරහා සිදුවන ස්වභාවික පරිණාමය නැවැත්වීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4263390201667196172016-02-08T01:13:00.861-05:002016-02-08T01:13:00.861-05:00//කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිත...//කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිතයකු පත් කර ගැනීමේ අයිතිය පවතින ඡන්ද ක්‍රමය තුල නැත. සමහර ආසනවලට කිසිඳු පක්ෂයකින් නියෝජිතයකු නැති අතර, ඒ හේතුවෙන්ම අසරණ වන ජනතාව මෙන්ම ප්‍රදේශද බොහෝය.//

පවතින චන්ද ක්‍රමයතුල මැතිවරණ කොට්ඨාසයක් වනුයේ පරිපාලන දිස්ත්රික්කයක්ය. (දැනට චන්දය ගනන් කරණු ලබන මැතිවරණ බල ප්‍රදේශ (ආසන)ඇත්තේ මැතිවරණ කටයුතු කිරීමේ පහසුව සදහා පමණි. මැතිවරණ බල ප්‍රදේශයක් (ආසන)අනුව රජය විසින් කිසිදු කාර්යයක් කරන්නේ නැතිය. සාමාන්‍ය පරිපාලන කටයුතු සිදුවන්නේ පලාත් පාලන බල ප්‍රදේශ හෝ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ අනුව පමණි) ඒ අනුව ජනතාවට තම මැතිවරණ කොට්ඨාසය (දිස්ත්‍රික්කය) සදහා නියෝජිතයින් තිදෙනෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඇත.

කිසිදු පක්ෂයකින් නියෝජිතයකු නොමැතිවීම නිසා අසරණවන ජනතාවක් සිටින ප්‍රදේශ පවතින බව ප්‍රකාශකලද දැනට පවතින නීතීය අනුව එවැනි ප්‍රදේශ නැත. එබැවින් ආසන අනුව මන්ත්‍රිවරයකු ලබා ගැනීම සදහා වන මතවාදය තවදුරටත් ශක්තිමත් කර එවැනි ක්‍රමවේදයක් ලබා ගැනීමට ජනතාව හා බල අධිකාරියන් පෙලඹවිය යුතුය. (ආසනයකට මන්ත්‍රිවරයකු ලැබිමෙන් ජනතාවට අමුතුවෙන් දෙයක් ලැබෙනු ඇතැයි මම නොසිතමි. සිදුවිය හැක්කේ දැන් එක් තැනකට ලැබෙන දෙයක් අඩුවී තව තැනකට එම දෙය ලැබිමය)Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38160568251495515732016-02-08T00:48:04.946-05:002016-02-08T00:48:04.946-05:00මා මෙය දකින්නේ ඔබ දකින ආකාරයට වඩා යම් වෙනසක් සහිතව...මා මෙය දකින්නේ ඔබ දකින ආකාරයට වඩා යම් වෙනසක් සහිතවය. එනම් නීතීය යනු යම් නිශ්චිත මොහොතකදී පවතින ආර්ථික අවශ්‍යතාවයන්ට සහ අධිපතිවී ඇති මතවාදයන් අනුව මහජනතාව පිලිගන්නා සම්මුතියක් ලෙසය. අතීතයේදී රජුට තිබු මතවාදීමය හා ආර්ථිකමය බලය මගින් අනෙක් පිරිස පිලිගන්නා පොදු සම්මුතියක් ඔහුට සෑදීමට හැකිවිය. එම ආර්ථිකමය හා මතවාදීමය බලය සමාජය සංවර්ධනයවීමත් සමග ජනතාව විසින් පත්කරන ලද නියෝජිතයින් පිරිසකට ලැබුනි (මෙය ලංකාවට ලැබුනේ එංගලන්තයේ මිනිසුන් සහ ප්රබූන් මේ වෙනුවෙන් මතවාදීමය අරගලයක අතුරු ප්‍රතිඵලයක් ලෙසය) වර්ථමානයේදීද ඒ අනුවම අධිපතිවී ඇති මතවාදයන් අනුව පොදුවේ ජනතාව පිලිගන්නා නීතී පද්දතියක් සැකසීමට මහජන නියෝජිතයින්ට හැකිවී ඇත. එම නියෝජිතයින්ටද සමාජය සංවර්ධනයවීමත් සමගම සහ ජාත්‍යන්තර තත්වයන් සමග ජනතාවට වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබාදිය යුතුයැයි යන මතවාදයන් ප්රබලවීමත් සමග වඩා සාධාරණවන නීතී පැනවීමට සිදුවී ඇත. එබැවින් මෙම නීතීය යනු මේ මොහොතේදී බහුතරයක් ජනතාව අපේක්ෂා කරන සාධාරණත්වයයි (ලියවී ඇති ආකාරයටනම් සමහර අවස්ථාවලදී ජනතාව අපේක්ෂා කරනවාටත් වඩා ඉදිරියටද ගොස් ඇත)

කෙලෙසවුවද පවතින නීතීය සාධාරණව ක්‍රියාත්මකවීම මගින් සහ අධිකරණය හැකි උපරිමයක් දක්වාවත් සාධාරණවීම මගින් වැඩිම සහනය ලැබෙන්නේ පොදුවේ මෙම සමාජ තත්වයන් තුල දුර්වලයින්වන සාමාන්‍ය ජනතාවටමය.

එලෙසවුවද පවතින මෙම නීතීය තවදුරටත් සාධාරණ කර ගැනීම (මම ලියා ඇති නීතීයෙහි සහ නිතීය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවිමේ පක්ෂපාතිත්වයක් තිබෙන බව විශ්වාස කරමි)සහ නීතීය සකස්කරන මතවාදය හා ආර්ථික තත්වයන් වඩා යහපත් කර ගැනීම සදහා තවදුරටත් මිනිසුන් සක්‍රීය විය යුතුය. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17709752865414147222016-02-07T10:34:27.725-05:002016-02-07T10:34:27.725-05:00ලිපි දෙකම බලුවා.ඉතා හොඳ ලිපි දෙකක්.
...//"නී...ලිපි දෙකම බලුවා.ඉතා හොඳ ලිපි දෙකක්.

...//"නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" කියන විට මේ පොදු ජනතාවට දෙන අදහස නීතිය ඇත්තේ විශේෂිත පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් යන්නයි//...

නීතිය පිළිබඳව මහජනතාව තුල ඇති අදහස තමයි නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බව. කොහොම උනත් මහජනතාව නීති අනපනත් ගැන නොදැන සිටීමත් එක්තරා ආකාරයක ගැටලුවක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10211381106119399282016-02-07T00:08:52.463-05:002016-02-07T00:08:52.463-05:00කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිතයක...කෙසේ හෝ මූලික මිනිස් අයිතිවාසිකමක් වන තම නියෝජිතයකු පත් කර ගැනීමේ අයිතිය පවතින ඡන්ද ක්‍රමය තුල නැත. සමහර ආසනවලට කිසිඳු පක්ෂයකින් නියෝජිතයකු නැති අතර, ඒ හේතුවෙන්ම අසරණ වන ජනතාව මෙන්ම ප්‍රදේශද බොහෝය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17646445855967686672016-02-06T23:37:51.197-05:002016-02-06T23:37:51.197-05:00මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරිමේ මුල් වියදම ල...මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරිමේ මුල් වියදම ලක්ශ 3 _ 4ක් පමනවේ. මාධයයේ කතා නොකේරෙනා ගටලුවක්නම් කිසිවෙකු ඒ වෙනුවෙන් පෙනිසිටින්න නෙත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28384557473670788982016-02-06T13:55:16.238-05:002016-02-06T13:55:16.238-05:00ඔබේ ප්‍රභූ නිර්ප්‍රභූ බෙදීම තව දුරටත් ලොකුවට වලංගු ...ඔබේ ප්‍රභූ නිර්ප්‍රභූ බෙදීම තව දුරටත් ලොකුවට වලංගු සාධකයක්යයි මා සිතන්නේ නැත. එවැනි කාලයක් තිබුණේය. ලංකාව නිදහස ලැබූ කාලය වන විටත්, සර්වජන ඡන්ද බලය තිබූ නමුත්, මෙවැනි පැහැදිලි කොටස් දෙකක් සිටියේය. නිර්ප්‍රභූ කණ්ඩායමේ දරුවෙකුට ප්‍රභූ කණ්ඩායමට ඇතුළු වීමේ ඒ කාලයේ පහසු දෙයක් වූයේ නැත. නිදහස් ආර්ථිකය, ප්රභාකරන්ගේ භූමිකාව වැනි කරුණු නිසා මේ බෙදීම මේ වන විට සමාජයට අනවශ්‍යනම් ඉවත් කළ නොහැකි දෙයක් නොවේ. දැන් ඉන්නා බොහෝ "ප්‍රභූ" කොටස් නිර්ප්‍රභූ සාමාන්‍ය ජනතාව අතරින් මතු වූ අයයි. ඒ අයව කෘතිමව ප්‍රභූ තත්ත්වයට පත් කරන්නේ පොදු ජනතාවයි. වැරැද්ද ඇත්තේ එතැනය. නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු කෙතරම් තිබුණත් නීතියේ රැකවරණය දැනටත් ඉතාම ප්රබලය. හොඳින් ඇති දේවල් විශේෂ අවධානයට ලක් නොවේ. අඩුපාඩු පෙනේ. "මම මටම ගහගත්තා" කියන එක කෙසේවත් හොඳ තත්ත්වයක් නොවුනත්, "ඔවු මම ගැහුවා. පුළුවන් දෙයක් කරපන්." වෙනුවට එවැන්නක් ඇහෙන්නේ කොයි චණ්ඩියාත් නීතියට ටිකක් හෝ යටත් නිසාය. "මම මටම ගහගත්තා" කියා කීම පොදු සම්මතය නොවීමටනම් ඉදිරියට ගෙනයා යුත්තේ "නීතිය කියන්නේ පීඩකයාගේ ප්රකාශනක්ය." යන මතය නොවේ. එවැනි අදහසකින් කෙරෙන්නේ නීතියට එරෙහිව යන පීඩකයින්ගේ ක්‍රියා සාමාන්යීකරණය කර එය ඉවසා සිටීමට සමාජය පෙළඹවීමයි. මේ පෙළඹවීමේ ප්‍රතිඵලය වන්නේ ඉවසීමේ සීමාව ඉක්මවූ විට හා/හෝ අවස්ථාවක් ලැබුණු විට පීඩිතයා පීඩකයෙකු වීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47505343880294862402016-02-06T13:30:56.711-05:002016-02-06T13:30:56.711-05:00//ස්වාධීන අධිකරන ලෝකයේ කොහේ හෝ ඇති යැයි ෆැන්ටසියක/...//ස්වාධීන අධිකරන ලෝකයේ කොහේ හෝ ඇති යැයි ෆැන්ටසියක// මා එසේ කියා නැත. මේ බව ලියා ඇතැයි සිතා සිටියත් ආපසු කියවා බැලීමේදී එවැන්නක් විස්තර කෙරී නැත. ඒ නිසා මා එවැනි අදහසක සිටින බව ඔබට පෙනේනම් එය මගේ ලිවීමේ අඩුපාඩුවකි. පරමාදර්ශී අධිකරණ නැතත් අපට ලෝකයේ විවිධ රටවල නීති ක්‍රම හා නීතිය ක්‍රියාත්මක වන ආකාර සසඳා බැලිය හැකිය. එමෙන්ම එකම රටක යුග දෙකක් සැසඳිය හැකිය. එවිට විශාල වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හැකි වීම අපහසු කරුණක් නොවේ. අරාබි රටකට සාපේක්ෂව ලංකාවේ නීතිය දියුණු එකකි (ඔබට මෙයට එකඟ නොවී සිටිය හැකිය. මේ මට සාපේක්ෂවය. ඉදිරිගාමිත්වය සහ පසුගාමීත්වය නිරීක්ෂකයාට සාපේක්ෂව වෙනස් විය හැකිය.) එහෙත්, නීතිය ක්‍රියාත්මක වීම අතින් අරාබි රටවල් ඉදිරියෙනි. (මෙය සර්ව සම්පූර්ණ ප්‍රකාශයක් බව මම නොකියමි.) ලංකාවේ ඇති ගැටළු නීති වලට වඩා නීති භාවිතය පිලිබඳ ගැටළුය. වෙනත් විදිහකින් කිවහොත් බොහෝ විට වැරැද්ද නීතියේ නොවේ. පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11549079807973239382016-02-06T13:09:04.788-05:002016-02-06T13:09:04.788-05:00ඔබ මෙහි කියා ඇති දේවල් බොරු නොවේ. මේවා මෙසේ වී ඇත්...ඔබ මෙහි කියා ඇති දේවල් බොරු නොවේ. මේවා මෙසේ වී ඇත්තේ ඇයි යන කරුණ වෙනත් තැන් වල මා ලබා ඇති අත්දැකීම් අනුව දැන් මට තේරුම් කර ගත හැකිය. ලංකාවේ ප්රජාතන්ත්රවාදය තුළ මා දකින පරිදි බල තුලනය පිලිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. (අඩු වැඩි වශයෙන් වෙනත් රටවලද තිබේ.) පවතින ව්‍යවස්ථාව, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය සහ සමාජ ව්‍යුහය යටතේ විධායකයට ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට වඩා ඉහළින් සිටින්නට හැකි වී තිබේ. (ඇතැම් විට බහුතරය විසින් මෙය යහපත්යයි දකිනවා විය හැකිය.) පවතින ප්‍රායෝගික යථාර්තයන් යටතේ, තත්ත්වය වෙනස්කර ගැනීමේ යතුර අධිකරණය ශක්තිමත් කර ගැනීම බව මගේ පෞද්ගලික අදහසයි. ස්වාධීන අධිකරණයක් ඇත්නම් එයම පමණක් වුවද ප්‍රශ්න රැසකට විසඳුම් සපයනු ඇත. (වෙනත් වචන මෙන්ම ස්වාධීන යන වචනයද මා භාවිතා කරන්නේ පරමාදර්ශී අරුතකින් නොවේ.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70186455825054270042016-02-06T12:53:18.746-05:002016-02-06T12:53:18.746-05:00ලේ වැගිරීම් නැතිව සිදු වූ විප්ලව ඕනෑ තරම් තිබේ. ලේ...ලේ වැගිරීම් නැතිව සිදු වූ විප්ලව ඕනෑ තරම් තිබේ. ලේ නොවගුරවා කරන විප්ලවයක වටිනාකම විශාලය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69073301829982165702016-02-06T12:50:21.148-05:002016-02-06T12:50:21.148-05:00මා කලින් නැවැත්වූ තැනට ආපසු ගියහොත්, ව්‍යවස්ථාවෙන්...මා කලින් නැවැත්වූ තැනට ආපසු ගියහොත්, ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මේ මූලික අයිතිවාසිකම් ටික ඇතුළේ පමණක් වුවත් පුරවැසියෙකුට විශාල රැකවරණයක් ඇති බව පැහැදිලි විය යුතුය. එක් අතෙකින් මේ දේවල් තරමක් දුරට "පොදු සමාජය මත බලෙන් පැටවූ දේවල්" කියන්නත් පුළුවන්ය. ඒ, මේ දේවල් පොදු ජනතාව විසින් විශාල අරගලයක් කර හෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටීම නිසාම ලැබුණු දේවල් නොවන නිසාය. මේ ඇතැම් දේවල් ව්‍යවස්ථාවට ඇතුළු වී ඇත්තේ රටෙන් පිටත වෙනත් අය අප දෙස බලා සිටීම නිසාය. මේ අයිතිවාසිකම් ගැන පොදු ජනතාව දැනුවත් නැත්තේ ඒ නිසාය. මේවා බලෙන් පැටවූ දේවල් විය හැකි වුවත් සමාජයේ බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේවල්ය. අඩු වශයෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන පොදු සමාජයේ අති මහත් බහුතරය දැනුවත් වී (සියල්ලන්ම කිවුවොත් එය 'ෆැන්ටසියක්' වනු ඇත.) තමාගේ සහ අනෙකාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන්වත් කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙනී සිටිනවානම් සමාජයේ විශාල වෙනසක් සිදුවනු ඇත. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47645634502990753792016-02-06T09:05:39.524-05:002016-02-06T09:05:39.524-05:00ඔබේ කමෙන්ට් එකේ ඇති කරුණු මා කියා ඇති දෙය ඔබ තේරුම...ඔබේ කමෙන්ට් එකේ ඇති කරුණු මා කියා ඇති දෙය ඔබ තේරුම් ගන්නා පරිදි සාරාංශගත කිරීමක්ද නැත්නම් ඔබ සිතන ආකාරයද කියා හරියටම පැහැදිලි නැත. ඒ කවරක් වුවත්, එහි මූලික හරය මා ලිපිය ලියූ පදනමමය. (මට කියන්නට අවශ්‍ය වූ දෙය කියවී තිබීම ගැන සතුටක් තිබේ.) මේ මූලික හරය හා නොගැටෙන එකතු කිරීම් කිහිපයක් පමණක් කරන්නට තිබේ.

//ජනතාවට ඇත්තේ මහජන නීයොජිතයින් පත්කර ගැනීමේ චන්ද බලය පමනි//
දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකු සතු මූලික අයිතිවාසිකම් ගැනවත් බොහෝ දෙනෙකු දැනුවත් නැති බව මගේ අදහසයි. තමන්ට රටේ මූලික නීතිය අනුව දැනටත් තිබෙන අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් පවතින නීති රාමුව යටතේම කටයුතු කිරීමෙන් පමණක්ම වුවත් ඔබ දකින (ඔබ දකිනවායයි මා සිතන) බොහෝ අඩුපාඩු මඟහරවා ගත හැකිය.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් මා ළඟ දැනට නැත. ඒ නිසා මා දළ වශයෙන් පරිවර්තනය කරන පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් මේවාය.

වගන්තිය 10: සිතීමේ, හෘද සාක්ෂියේ සහ කැමති ආගමක් ඇදහීමේ නිදහස
වගන්තිය 11: කෘර, අමානුෂික වදබන්ධන වලට ලක්ව නොසිටීමේ නිදහස
වගන්තිය 12: නීතිය ඉදිරියේ සමාන ලෙස සලකනු ලැබීමේ නිදහස (කිසිදු පුරවැසියෙකු ඔහුගේ හෝ ඇයගේ ජාතිය, ආගම, කුලය, භාෂාව, ස්ත්‍රී/පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය වැනි කරුණු මත වෙනස්ව සලකනු නොලැබිය යුතුය. දරුවන්, කාන්තාවන් හා ආබාධිත පුද්ගලයින්ගේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත්, යම් රැකියා අවශ්‍යතාවයක් වෙනුවෙන් නියමිත කාලයක් තුළ යම් භාෂාවක් ඉගෙන ගැනීම අවශ්‍යතාවක් බවට පත් කිරීමටත් බාධාවක් නැත.)
වගන්තිය 13: නීතිප්‍රකාරව මිස කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැක. අත්අඩංගුවට ගැනීමට පෙර එයට හේතුව පැහැදිලි කළ යුතුය. නීති මූලධර්ම අනුව අපරාධ ලෙස සැලකෙන කරුණු හැර, යම් ක්‍රියාවක් කරන අවස්ථාවේ නීතියෙන් වරදක් නොවූ කරුණක් පසුව නීතිය වෙනස් වීම නිසා වරදක් නොවේ. නීතිප්‍රකාරව වරදකරු කරන තුරු යමෙකු නිවැරදිකරුවෙකි. මේ තීරණය ගන්නා තුරු අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම දඬුවමක් නොවේ. (මේ වගන්තිය ඉතා විස්තරාත්මක එකකි. සියළුම කරුණු මෙහි නැත.)
වගන්තිය 14: කතාකිරීමේ, ප්රකාශනයේ, සාමකාමීව රැස්වීමේ, වෘත්තීය සමිතියකට බැඳීමේ, තනිව හෝ වෙනත් අය සමඟ පෞද්ගලික හෝ පොදු ස්ථානයක තමන්ගේ ආගම ඇදහීමේ, භාවිතයේ සහ ඉගැන්වීමේ නිදහස, තනිව හෝ පොදුවේ තමන්ගේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ සහ භාෂාව කතා කිරීමේ නිදහස, නීත්‍යනුකුල රැකියාවක, වෘත්තියක හෝ වෙළඳාමක නිරතවීමේ නිදහස, රටේ ඕනෑම තැනක ජීවත්වීමේ නිදහස, රටට නැවත ආපසු පැමිණීමේ නිදහස.
වගන්තිය 15: තොරතුරු දැනගැනීමේ නිදහස (විස්තරාත්මකව ඇත.)

(මා කාලවේලා ප්‍රශ්නයක් නිසා දැනට නවත්වමි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20825014860516383962016-02-06T08:43:38.773-05:002016-02-06T08:43:38.773-05:00ඔබගේ ලිපියට එකග වෙන්න බෑ. හේරත්බන්ඩලට ශ්රියාලතාලට...ඔබගේ ලිපියට එකග වෙන්න බෑ. හේරත්බන්ඩලට ශ්රියාලතාලට සම්සුදීන්ලට වඩා හේරත්බන්ඩගෙ පුතා ශ්රියාලතාගෙ මල්ලි වෙනස් නෑ. ඒ අයටත් තීරන ගන්න බෑ. නීති හදන්නෙ ප්‍රභූන්ගෙ උවමනාවට. නිර්ප්‍රභූන් ඉන්නෙ දඩුවම් විදින්නයි.
නීතිය කියන්නෙ පීඩනයෙ ප්රකාශනයක්. නීතියෙන් ගැලවෙන්නෙ එක්කො නීතිඅය්ත් එක්ක බද්ධ වෙන්න ඕන නැත්නම් පැවිදි ගෝත්‍රයට සම්බන්ධවෙන්න ඕන. ඥානසාරලගෙන් ප්රකාශවෙන්නෙ නීතියට එරෙහි පොදුජනතාවගෙ අවිඥානික විරෝධය. ඥානසාර පොලිස්කාරයන්ට තග දාන කොට ,උසාවියට කඩාවදින කොට පොදු ජනතාවට කික් එකක් එන්නෙ ඒකයි.

ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්" මරා දමන්නට යෝජනා කරන්නේ ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින නීතියේ යුවතියවය.//
පොදු ජනතාවගේ වධකයා වන නීතියේ යුවතිය ලෙස නිවැරදි කරගන්න.නීතියේ නාමයෙන් කළ අපරාධ මානව වංශකථාවේම ශෝකාලාපයකි. මේ අපරාධ වෙනුවෙන් මුක්තියක් නීතියේ කන්‍යාවට ඇත.

එහෙත්, ඒ වන විටත් මේ යුවතිය ඇඟේ සීරුම් තුවාලයක්වත් නැති, කිසිදා වරදේ නොබැඳුනු කන්‍යාවක් නොවේ.//

මේ කොටස ටයිප් කරන්නට ඇත්තේ අපව සිනහ සාගරයේ ගිල්වීමට යයි සිතමි.නැත්නම් ස්වාධීන අධිකරන ලෝකයේ කොහේ හෝ ඇති යැයි ෆැන්ටසියක ඔබ ජීවත් වන්නේද.අධිකරනය පවතින පාලනයේ ප්රකාශනයකි. නීති සාදන්නේ පීඩකයායි.
සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12536534759752371042016-02-06T01:03:20.110-05:002016-02-06T01:03:20.110-05:00//නීති හැදීම පොදු ජනතාවගේ කාර්යයක් //
නීති සකස් ...//නීති හැදීම පොදු ජනතාවගේ කාර්යයක් //

නීති සකස් කිරීම පොදු ජනතාවගේ කර්යයක් වී ඇත්තේ ඔවුන් නීතී සකස් කිරීම සදහා යම් පුද්ගලයින් කොටසක් පත්කරවා ගන්නා බැවින් පමණි. පවතින සමජ තත්වයන්තුල බහුතරයක් ජනතාවට තොරා ගැනිමට විකල්පයන් නොමැති අතර (ඔවුන් ප්‍රධාන පක්ශ 2න් යම් පිරිසක් තොරා ගත යුතුය ) තොරා ගැනීම වෙනස් කිරීම සදහාද සමාජය තුල ඇති අනෙකුත් ආයතන වලින් (ජනමාධය, සිවිල් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිකයින්,....) සහයක් ලැබෙන්නෙද යම් සීමාවක් දක්වා පමනකි. එසේම පවතින ආයතන පද්දතිය තුල මහජන නියොජිතයින් 225ක් සිටියද සෘජුවම තීරනයන් ගනු ලබන්නේ අතලොස්සක් විසිනි (අතිතයෙදී මහින්ද සහ පවුලේ පිරිස, වර්තමානයෙදි රනිල් සහ ඔහු වටා සිටිනා කල්ලිය ). ඉතිරි පිරිසට යම් ගෙවිමක් සිදුකිරීම මගින් හැකිතාක් දුරකට නිශ්ක්‍රිය කර ඇත. ( මෙලෙස සිදුවීමෙ යම් වගකීමක් සමානයය ජනතාවටද ඇත )

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31254259911634866382016-02-06T00:09:03.632-05:002016-02-06T00:09:03.632-05:00ඔබගේ සම්පුර්න ලිපිය මගින් මා තෙරුම්ගනු ලැබුයේ දැනට...ඔබගේ සම්පුර්න ලිපිය මගින් මා තෙරුම්ගනු ලැබුයේ දැනට ලන්කාවේ පවතින නීතීය මිනිසුන් විසින් මහජනතවගෙ කැමැත්ත පරිදි සකස්කරගත් ආයතන පද්දතියක් මගින් සකස්කරගෙන ඇති සම්මුතියක් යන්නයි. (මිනිසුන් සියල්ලන්ටම එකතුවී සම්මුතියක් සකස්කර ගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට මහජනතව අතරින් තමන්ගේ කැමැත්ත පරිදි පත්කරගත් මහජන නියෝජිතයින් මගින් සහ මහජනතාව අතරින් සුදුසුකම් අනුව පත්කරගත් නිලධාරින් මගින් පොදු මහජනතව වෙනුවෙන් සකස්කරගෙන ඇති සම්මුතියක් යන්නයි ) සහ පොදු මහජනතාවට අවශයනම් එම සම්මුතිය වෙනස්කර ගත හැකි බවත්ය. එමෙන්ම පොදු මහජනතාව වෙනුවෙන් සකස්කරගෙන ඇති මෙම සම්මුතිය එය ඔවුන් විසින්ම වෙනස්කරගන්නාතුරු එයට අනුගත විය යුතු බවයි.

එමෙන්ම අප විසින් සකස්කරගෙන ඇති පොදු සම්මුතිය (නීතීය ) ක්‍රියත්මක කරවනුයේද අප විසින් අපගේ හැකියාව අනුව එකතුකරගන්නා බදු මුදල් වලින් වියදම් කර සහ ඒ අනුව සකස්කරගෙන ඇති ආයතන පද්දතියක් මගින් බවයි. අපගේ වියදම් කිරීමේ හැකියාව අනුව සහ පොදු මහජනතාව අතරින් පත්කරවාගෙන ඇති පුද්ගලයන්ගේ දුර්වලතා හෝ අකාර්යක්ශමතා හේතුවෙන් මෙම නීතී පද්දතිය සකස්කර ගැනිමේදී හා ක්‍රියත්මක කිරීමේදී අඩුපාඩු ඇතිවිය හැකි බවයි (මෙය ඔබ විසින් කිය තිබෙන කරුනු ආසන්න වනු ඇතැයි මම සිතමි )

රටේ මුලීක නීතිය අනුව බලය තිබෙන්නේ ජනතාවටය. එයට ප්රමාධිපත්ය බලයයැයි ආන්ඩුක්රම වයවස්තාවේ කියනු ලබන අතර එයට අදාලව ජනතාවට ඇත්තේ මහජන නීයොජිතයින් පත්කර ගැනීමේ චන්ද බලය පමනි, මහජන චන්දයෙන් පත්වන නියොජිතයින් විසින් සකස්කරන ක්‍රමවේදයක් අනුව (දැනට කොමිශන් සබා මගින් ) නිලධරින් පත්කරගනු ලැබේ. මහජන නියොජිතයින් සහ නිලධරින් මහජනතාවට අනවශය නීතියක් පනවන්නේනම් වසර 5කට පසු මහජන නියොජිතයින් ඉවත්කල හැකිය එහෙත් ඔවුන් විසින් සකස්කල නීතිය ඉලගට පත්වන නීයොජිත්යින්ද වෙනස් නොකලේනම් දිගටම ක්‍රියත්මක වේ.

මහජන නියොජිතයින් හා නිලධාරින් (යම් බල අධිකාරියක් ) නීති සකස් කිරිමේදි සලකා බලනුයේ සන්කල්පයක් ලෙස හෝ ඔවුන්ගේ විශ්වාසය අනුව හෝ මහජනතාවගෙන් වැඩි පිරිසකට යහපත ක්‍රියත්මක කීරිමය. (අද දවසේ එය ප්‍රයොගිකව සිදුනොවනබව වැඩි දෙනකු පිලිගත්තද එය වෙනස් කිරිම වෙනුවෙන් යෙදවෙන බලයේ ප්රමාන්ය ඒ සදහා ප්‍රමානවත් නොවන බැවින් වැඩි දෙනෙකු නිශ්ක්‍රියව හෝ මෙම ක්‍රමය සමග අනුගත වෙමින් සිටින බව මම සිතමි ) එම නීතීසකස්කිරිමෙදි ඒ සදහා ඇති ආර්තිකමය හැකියාව, සමාජ හා සන්ස්කෘතික පිලිවෙත්, ජාතයන්තර තත්වයන් ආදිය සහ ජනතාවගෙ අපෙක්ශාවයැයි ඔවුන් තෙරුම් ගන්නා දේවල් පිලිබන්දව සැලකිලිමත් වීමට සිදුවෙනවා මෙන්ම ඒවා මගින් පනවනු ලබන නීතින් සීමා වෙනවාය.

අද දවසෙදි රටේ පවතින නීතී පද්දතියේ (පොදු සම්මුතියේ ) අඩුපාඩු ලෙස මම දකිනුයේ ආර්තික තත්වයන් මගින්, පවතින බල අධිකාරියේ දුර්වල තාවයන් විසින් හා සමජ සන්ස්කෘතික පිලිවෙත් තුලින් ඇතිකර අති සීමාවන්ය.

මෙම සීමාවන් බහුතරයක් ජනතාවගේ ආකල්ප වෙනස් කිරිමෙන් තොරව වෙනස් කීරීමට නොහැකිය. තමන් සතු බලය ලියවිල්ලක් මගින් වෙනත් පිරිසකට පවරා ඔවුන් විසින් තමන්ගේ ජිවිත සුකිත මුදිත කරන තුරු බලාසිටින හෝ අනෙකා විසින් යුතුකම ඉටුකරනතුරු පැත්තකට වී බල සිට ඔහුගේ අඩුපාඩු විවෙචන්ය කරන ජනතාවකට පවතින තත්වයන් වෙනස් කිරීමට නොහැකිය. එමෙන්ම රටේ ආර්තිකය දියුනුකිරීම සදහා සක්‍රියව මැදිහත්විමෙන් සහ එම ආර්තික ප්රතිලාබයන් බහුතරයකගේ අතට යන ක්රමවෙදයක් සකස්කරගැනිමකින් තොරව සැමට සමානව නීතීය ක්‍රියත්මක වීම දැකිම සිහිනයක් පමනක් වනු ඇත. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74787017607991046182016-02-05T23:25:56.389-05:002016-02-05T23:25:56.389-05:00නීතියට අනුව ජීවිතාන්තත්ය දක්වා වෙල් විදානේ නිල ඇඳු...නීතියට අනුව ජීවිතාන්තත්ය දක්වා වෙල් විදානේ නිල ඇඳුම අඳිනා කලවැද්දාට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස දිවුරුම් දිය නොහැකිය කියලා ප්‍රාඤ්ඤයෙක් කිය කිය ඇවිදිනවා නෙව!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91320620797446708302016-02-05T21:30:00.968-05:002016-02-05T21:30:00.968-05:00කවුරුත් දන්නේ නැති උනත් ලංකාවේ දකුණේ තුන් වන විප්ල...කවුරුත් දන්නේ නැති උනත් ලංකාවේ දකුණේ තුන් වන විප්ලයකුත් ආවා. වාසනාවකට ඒකේ ලේ වැගිරීමක් උනේ නෑ. අර අරාබි වසන්තෙම කොටසක් උනා..

ඒ නිසා මින්ස්සුන්ගේ ප්‍රෙෂර් එක අඩු උනා. ඒත් මේ ආන්ඩුවට නම් බයිලා ගායනා කරන්න අමාරුයි.. මොකෝ අර උඩින්ම සඳහන් කරපු බයියලත් දැන් පෝඩ්ඩක් ඉතර දැණුවත්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com