tag:blogger.com,1999:blog-3221129106341750825.post7233939664420779296..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දඩ කොළය සමඟ උසාවියට...Unknownnoreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3221129106341750825.post-32052114066340459892018-02-01T06:23:27.019-05:002018-02-01T06:23:27.019-05:00ඔහුගේ රැකියාවට මෙයින් බලපෑමක් වේයැයි මා හිතන්නේ නැ...ඔහුගේ රැකියාවට මෙයින් බලපෑමක් වේයැයි මා හිතන්නේ නැහැ. මේ වර්ග කිරීමේ අරමුණම වර්ණභේදවාදය වැළැක්වීමයි. නමුත්, ඒ හේතුවෙන් එය වෙනවද කියා මම දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74478107916106949082018-02-01T06:21:42.142-05:002018-02-01T06:21:42.142-05:00ඔහු සතුව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණා විය හැකියි. ඔහ...ඔහු සතුව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණා විය හැකියි. ඔහු අපේ ආයතනයේම සේවය කරන නිලධාරියෙක්. (ඇමරිකාවේ පොලීසි විමධ්‍යගතයි) ඒ නිසා, සමහර විට පසුව මගේ පසුබිම හොයාබලා දිගින් දිගටම පස්සෙන් පන්නන්නේ නැතිව ඉන්න තීරණය කළා වෙන්නත් පුළුවන්.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50147237362508451022018-01-27T20:57:17.257-05:002018-01-27T20:57:17.257-05:00මටත් හිතුනේ කමියා අහපු එක. ඔහුට තමන්ගේ චෝදනාව ඔප්ප...මටත් හිතුනේ කමියා අහපු එක. ඔහුට තමන්ගේ චෝදනාව ඔප්පු කරන්න විද්‍යුත් සාක්ෂි දෙන්න බැරි වුනාද?

දැන් මෙහෙම වුනාම ඒ නිළධාරියාගේ රැකියාවට තර්ජනයක් නැද්ද?

මොන බයිලා ගැහුවත් ඇමෙරිකාවේ තාම වර්ණ බේද වාදය තියනවා නේද? මිනිස්සුන්ව වර්ණය අනුව වර්ගකරණ එකෙන්ම ඒක පේනවා....

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7643851585329445152018-01-26T04:13:36.798-05:002018-01-26T04:13:36.798-05:00ඔබ ඒ වරද කල බව විද්‍යුත් සාක්ෂි හරහා ඒ පොලිස් නිලධ...ඔබ ඒ වරද කල බව විද්‍යුත් සාක්ෂි හරහා ඒ පොලිස් නිලධාරියා ඔප්පු කිරීමට උත්සහ කලේ නැද්ද? එසේ ඔබ(ත්) වරදක් කල බව ඔප්පු උනානම් පොලිසියේ වරද පසෙක තිබියදී ඔබටත් දඩයක්/ දඬුවමක් හිමි වෙනවා නේද? පැමිණිල්ල ඔප්පු කිරීමට ඔවුන් සතුව සාක්ෂි තිබුනේ නැද්ද?

නියමයි.. පට්ට ඉන්ටරස්ටින්.. මෙහෙම තර්ක කරලා හරි දිනන්න පුළුවන් සිස්ටම් එකක් තියෙන එකම වටිනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38417165266859908042018-01-22T03:47:29.995-05:002018-01-22T03:47:29.995-05:00++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15210849002957597092018-01-21T09:58:40.616-05:002018-01-21T09:58:40.616-05:00බොහෝ තැන් වල කැමරා තිබෙනවා. ටොල් නොගෙවා යන එකනම් අ...බොහෝ තැන් වල කැමරා තිබෙනවා. ටොල් නොගෙවා යන එකනම් අල්ලන්නෙම කැමරා වලින්. ඊට අමතරව ඇතැම් ප්‍රදේශ වල ගුවනේ සිට හෙලිකොප්ටර් වලිනුත් නිරීක්ෂණය කරනවා. ඒ නිසා, වරදක් කළොත් දඩකොළයක් තැපෑලෙන් ගෙදරට එන්නත් සෑහෙන ඉඩක් තියෙනවා.

ලින්ක් එක දමපු පෝස්ට් එකේ ඉතිරි (ඕස්ට්‍රේලියානු/ නවසීලන්ත) කොටස් දැම්මේ නැද්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12418641720631355732018-01-21T09:22:34.687-05:002018-01-21T09:22:34.687-05:00රතු එළිය නොසළකා යාම අල්ලන කැමරා නැතිද ඇමරිකාවේ? එහ...රතු එළිය නොසළකා යාම අල්ලන කැමරා නැතිද ඇමරිකාවේ? එහෙම වෙලා දඩයක් ගෙදරට ආවාම ෆොටෝ එක ඉල්ලන්න පුළුවනි සාක්ෂි විදියට.

මාත් ඕස්ටේර්ලියාවේ මුල්ම දඩය ගෙව්වේ එක් ප්‍රාන්තයක සිට අනිත් ප්‍රාන්තයට පැන මුලින් ම හමුවුණු නගර සීමාවේ දී තමයි. එයට එක් හේතුවක් වුනේ මාර්ග සංඥාවල තිබුණු යම් වෙනස්කමක්.

ලංකාවේ දී ක් ලැබුණු දවසේ නම්, ඒ වෙනුවට මා කිසිදා කර නැති, පගාවක් දී බේරෙන්න හැකියාව තිබුණාය කියා පසුව තේරුම් ගියා!

http://rasikalogy.blogspot.com.au/2016/12/my-first-traffic-offence.html

!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39114977081068416542018-01-21T07:17:11.643-05:002018-01-21T07:17:11.643-05:00මේ නඩු තීන්දුව නිසා අපේ ප්‍රාන්ත රජයට ලැබෙන්නට තිබ...මේ නඩු තීන්දුව නිසා අපේ ප්‍රාන්ත රජයට ලැබෙන්නට තිබුණු ආදායමක් අහිමි විය. ෆෙඩරල් රජය අක්‍රිය වීම නිසා ප්‍රාන්ත රජයට ලැබෙන්නට තිබුණු මූල්‍ය ප්‍රතිපාදන නියමිත අවස්ථාවේදී ලැබෙන්නේ නැත. ඒ නිසා මේ දෙකම ප්‍රාන්ත රජයේ අයවැයෙහි මුදල් ප්‍රවාහ (cash flow) වලට අහිතකර ලෙස බලපායි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11861937097976418222018-01-21T03:07:02.491-05:002018-01-21T03:07:02.491-05:00මෙම නඩු තීන්දුවත්, ඇමරිකන් රජය වසා දැමීමේ තීරණයත් ...මෙම නඩු තීන්දුවත්, ඇමරිකන් රජය වසා දැමීමේ තීරණයත් අතර සම්බන්දතාවයක් තිබේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67786027027972890572018-01-20T22:13:51.651-05:002018-01-20T22:13:51.651-05:00හොඳ වැඩක්...:) :) හොඳ වැඩක්...:) :) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36664230380898277182018-01-20T13:38:33.046-05:002018-01-20T13:38:33.046-05:00මමත් බොහෝ දේවල් ගැන හිතන්නේ ඔබ හිතන විදිහටයි. නමුත...මමත් බොහෝ දේවල් ගැන හිතන්නේ ඔබ හිතන විදිහටයි. නමුත්, ඇතැම් දේවල් ගැන කිසිවකු කතා නොකළොත් දිගින් දිගටම එයින් තවත් බොහෝ දෙනෙකුට නරකක් වෙනවා. ඒ වගේ වෙලාවට හැකි කමක් තිබේනම් මම වැරැද්දට එරෙහිව පෙනී සිටිනවා. ඒ වගේම මෙහිදී ඇමරිකාවේ හා ලංකාවේ සංස්කෘතික වෙනස්කම් ගැනත් යමක් කිව යුතුයි. බොහෝ විට වැරැද්දක් පෙන්වා දුන්නා කියා හෝ කරන්න බැරි දෙයකට බෑ කිවුවා කියා ඇමරිකානුවෙක් හිත් අමනාප කරගන්නේ නැහැ. මම හිතන්නේ එය ඔවුන් අනෙක් අයගෙනුත් බලාපොරොත්තු වන දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40991152967319665542018-01-20T13:31:55.680-05:002018-01-20T13:31:55.680-05:00මේ වෙනුවෙන් මා නීතිඥයෙකුගේ සහය ලබාගත්තේ නැහැ. ඒ නි...මේ වෙනුවෙන් මා නීතිඥයෙකුගේ සහය ලබාගත්තේ නැහැ. ඒ නිසා, පැය කිහිපයක් රස්තියාදු වීම හැර වෙනත් අමතර වියදමක් ගියේ නැහැ. රථවාහන වැරදි විභාග කිරීම සඳහා අපේ නගරයේ වෙනම උසාවියක් තිබෙනවා. මට එහි යාමට තිබුණේ පස්වරු 1.30යි. නඩුව කැඳවන විට පස්වරු 3 පමණ වුණා. මුලින්ම කළේ නම් කියවා නියමිත වෙලාවට පැමිණ නොසිටි අයට වරෙන්තු කිරීමයි. ඉන් පසු නඩු එකින් එක විභාගයට ගත්තා. ඒ වෙලාවේ පැමිණ සිටි කිසිම කෙනෙක් නීතිඥයින් සමඟ පැමිණ සිටියේ නැහැ. මේ බොහෝ දෙනෙක් දිගින් දිගටම රථවාහන වැරදි කිරීම නිසා රියදුරු බලපත්‍රය තහනම් කරනු ලැබීමෙන් පසුව සහනයක් බලාපොරොත්තුවෙන් පැමිණි අයයි. ඔවුන් හැමෝම වගේ කළේ වරද පිළිගැනීමෙන් පසුව රියදුරු බලපත්‍රය නැති වීම නිසා තමන්ට සිදුවන අපහසුතා ගැන විස්තර කර අඩු දඬුවමක් ඉල්ලා සිටීමයි. අපේ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්නේ මාස 6ක් ඇතුළත පොයින්ට්ස් 18ක් එකතු වුනොත්. එහෙම බැලුවහම මගේ වරද ඉතාම සුළු වරදක්. ඒ වන විට මගේ පරණ පොයින්ට්ස් 2ත් කල් ඉකුත් වී අවසන්. මෙවැනි සුළු වරදකට චෝදනා ලබන අයෙක් දඩමුදල ගෙවා දමනු මිස උසාවියේ රස්තියාදු වෙන්න එන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා, එහෙම එන්නේ තමන් වරදක් නොකළ බව විශ්වාස කරන නිසා බව විනිසුරුට මෙන්ම පොලිස් නිලධාරියාටත් පැහැදිලි වෙන්න ඇති. එහෙම වෙලාවට පොලිස් නිලධාරියා විසින් කවර ලෙසකින් හෝ චුදිතයාව වරදකරු කරන්නට උත්සාහ කරන්නේ නැහැ. මෙවැනි දෙයක් ප්‍රායෝගිකව ලංකාවේදීනම් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. චුදිතයෙක් නීතිඥ සහය නැතිව ලංකාවේ උසාවියක තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මම පෞද්ගලිකව දන්නා බොහෝ විනිසුරුවරුන් විසින් හිතන්නේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක් ලෙසයි. ඒ නිසා, එවැනි අවස්ථාවක ලබා දිය හැකි උපරිම දඬුවම නියම කරන්න ඉඩ තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22634755825581384222018-01-20T13:14:20.756-05:002018-01-20T13:14:20.756-05:00ඇමරිකාවේ ජීවත්වන දකුණු ආසියානු සම්භවයක් ඇති අය සැල...ඇමරිකාවේ ජීවත්වන දකුණු ආසියානු සම්භවයක් ඇති අය සැලකෙන්නේත් ආසියානු ඇමරිකානුවන් ලෙසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50675611297431302172018-01-20T08:49:34.256-05:002018-01-20T08:49:34.256-05:00මහත්මයාට පුළුවන්ද උසාවියේදී කරුණු කාරණා සිදුවූ ආකා...මහත්මයාට පුළුවන්ද උසාවියේදී කරුණු කාරණා සිදුවූ ආකාරය ගැනත් සටහනක් පල කරන්න. ඔබ නඩුව සදහා සුදානම් වූ අයුරු, නීතිඥයන්ගේ ගාස්තු, නඩුවට කොපමණ කාලයක් ගියාද, නඩුවෙන් පසු ආදාළ පොලිස් නිලධාරීය කුමක් කරාද වගේ දේවල් ගැන.

මොකද ශ්‍රී ලංකාවේ නම් රථ වාහන පොලිස් නිලධාරීන් සමග නඩු දමා උසාවියෙන් තීන්දුවක් ගැනීමට අවුරුදු දෙකක් වගේ යනවා.

ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21719952185474961772018-01-20T08:47:01.402-05:002018-01-20T08:47:01.402-05:00
ඔබට මෙවැනි දේ නැවත වීම වලක්වා ගන්න කරන්න තියෙන්...

ඔබට මෙවැනි දේ නැවත වීම වලක්වා ගන්න කරන්න තියෙන්නේ එකම දෙයයි... එය ඔබ දන්නවා මම හිතන්නේ...

අවසන් කරුණ ගැන මට එහෙම හිතෙන්නෙ මම කල වැරද්ද මටම හොඳින් අවබෝධ වෙලා තිබුනු නිසා..මොකද්දෝ වාසනාවකට

වෙන අයගෙ පොල් කෙදි මගේ ඇහට පෙනවා නම් එය මට කරදරයක් නම් මම දකින්නේ එය මගේ අඩු පාඩුවක් කියායි ඉකෝ.. ඒ නිසා මම ඒ පෙනෙන තැනින් ඉවත්ව මගේ අඩු පාඩු හදා ගන්නවා මිසක අන් අයගේ පොල් කෙදි ගැන කතා කරන්න පෙළබෙනවා ඉතාම අඩුයි...

මට පෙනෙන පොල් කෙදි ගැන කතා කිරීමත් මා කරන්නේ හරිම කලාතුරකින් හරිම පරිස්සමින් වෙන කෙනෙකුගේ.. ඒ කෙනා කැමති නම් පමණයි.. ඒකත් බොහොම හිමින් කිසියම් විනයක් ඇතුව හිත් නොරිදෙන විදිහකට.. එහෙම කරන්න බැරි නම් මම කරන්නේ ඈත් වීම නිහඬව..

මගෙ පියා මට දුන්නා අවවාදයක් අවට පරිසරයෙන් තමන්ගේ මනසෙ සාමයට කිසිඳු හානියක් කර නොගන්න කියා..ඒ නිසා වෙන්න ඇති මම එහෙම පුරුදු වෙලා තියෙන්නේ ඉකෝ...:)
අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50592981440153432692018-01-20T08:45:37.669-05:002018-01-20T08:45:37.669-05:00ඔය රටේ ආසියාතිකයෝ කියන්නේ චීන්නුන්ට නේද?ඔය රටේ ආසියාතිකයෝ කියන්නේ චීන්නුන්ට නේද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2997918321558920342018-01-20T08:35:03.601-05:002018-01-20T08:35:03.601-05:00ඔබ කියන කරුණු වැඩි ප්‍රමාණයකට මම එකඟයි. මම මතු කළ ...ඔබ කියන කරුණු වැඩි ප්‍රමාණයකට මම එකඟයි. මම මතු කළ තර්කයත් මෙයටම අදාළයි. මගේ අතින් යම් ආකාරයකින් සිදුවුණු වරදක් නැවත සිදුවන එක වළක්වගන්නනම් එය සිදුවුණු ආකාරය ගැන මට පැහැදිලි අදහසක් තිබිය යුතුයි. මේ වෙලාවේ මට කිසිසේත්ම එවැනි අදහසක් නැහැ. මට මතක මේ සංඥා එළියට මම වාහනය නොනැවැත්වූ බවයි. නමුත්, පොලිස් නිලධාරියා කියන්නේ වාහනය නවත්වා රතු තියෙද්දීම නැවත ධාවනය කළ බවයි. අවසාන වශයෙන් කාලය හා නඩුගාස්තු ගෙවන්නට වීමේ අවදානම ගෙන මම උසාවි ගියේ වරද සිදුවූ ආකාරය පැහැදිලි කරන්න පොලිස් නිලධාරියාට හැකි වුණානම්, මට එය නැවත සිදු වීම වලක්වා ගන්න ඉඩක් ලැබෙන නිසයි. නමුත්, ඔහුට එය කළ නොහැකි වූ නිසා සිදුවුණේ මා වරදින් නිදහස් වීමයි.

අවසන් කරුණ ගැන මම සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. මා වරදක් කර ඇත්නම් එය ඔප්පු කිරීම පොලිස් නිලධාරියාගේ රාජකාරියේ කොටසක්. මම හිතන විදිහට මම කළ යුත්තේ මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි. අනුන්ගේ ඇහැක පොල් කෙන්දක් මට කරදරයක්නම් මට ඒ ගැන කතා කරන්න වෙනවා. නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ඇහේ පොල් පරාලය වෙනත් අයෙකුට කරදරයක්නම් ඒ ගැන පෙන්වා දීම ඒ අයගේ වැඩක්. එසේ පෙන්වා දුන්නොත් මම ඒ ගැන හිතනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69968781306905562442018-01-20T08:19:14.486-05:002018-01-20T08:19:14.486-05:00මේවා ජීවිතයේ සාමාන්‍ය දේවල්. මම හිතන්නේ වැරැද්ද මග...මේවා ජීවිතයේ සාමාන්‍ය දේවල්. මම හිතන්නේ වැරැද්ද මගේ බවයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43835560005531497552018-01-20T08:17:26.700-05:002018-01-20T08:17:26.700-05:00මෙය ලියන්න පටන් අරගෙන සති දෙකක් පමණ වෙනවා. දිග වැඩ...මෙය ලියන්න පටන් අරගෙන සති දෙකක් පමණ වෙනවා. දිග වැඩි නිසාත්, තව ලියන්න හිටියොත් පළ කර නැති ලිපි ගොඩටම එකතු විය හැකි නිසාත් කෙටියෙන් අවසන් කර ලිපිය පළ කළා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22151693527556637152018-01-20T08:15:22.687-05:002018-01-20T08:15:22.687-05:00කොයි තරම් පාලනය කරන්න හැදුවත් බොහෝ මිනිසුන් තුළ යම...කොයි තරම් පාලනය කරන්න හැදුවත් බොහෝ මිනිසුන් තුළ යම් තරමකට ජාතිවාදය තිබෙනවා. ඇමරිකාවේ වුණත් එහෙමයි. හැබැයි එය ඉතාම අඩු විශාල පිරිසකුත් ඉන්නවා. මෙහි විස්තර කර ඇති හැසිරීමට හේතුව ජාතිවාදය නෙමෙයි. මෙය ජාතිවාදය වැළැක්වීමට ආණ්ඩු විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වල පීඩනයට එරෙහිව තනි පුද්ගලයින් ලෙස පොලිස් නිලධාරීන් විසින් දක්වන ස්වභාවික ප්‍රතිරෝධයේ පිළිබිඹුවක්. මෙයට තරමක් ආසන්න උදාහරණ ලෙස ලංකාවේ පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීම හා දශක කිහිපයකට පෙර සිදු වූ අධ්‍යාපන ප්රමිතිකරණය පෙන්විය හැකියි. පවතින තත්ත්වයන් අනුව ඇතැම් විට මෙවැනි ක්‍රියාමාර්ග තාවකාලිකව ගන්න සිදු වුවත් එයින් වෙන්නේ පවතින ස්වභාවික තත්ත්වය කෘතීම ලෙස වෙනස් කිරීමයි. කිසියම් ජනවර්ගයකට අයත් අය වැඩිපුර වැරදි කරනවානම් ඔවුන්ට වැඩිපුර චෝදනා එල්ලවීමේ වරදක් නැහැ. දඩ කොළ දීම වැනි දෙයකදී ජනගහනයේ වාර්ගික සංයුතිය පිළිබිඹු විය යුතු නැහැ. ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු වාහනයක් නවත්වන්න සංඥා කරන්නේ රියදුරුගේ වාර්ගිකත්වය දැනගෙන නෙමෙයි.

//ඇමරිකාවේ පොලිසීයට//
ඇමරිකාවේ පොලීසි මිස ඇමරිකාවේ පොලීසියක් කියා එකක් නැහැ. ප්‍රාන්ත පොලීසි, ප්‍රාදේශීය පොලීසි, නාගරික පොලීසී, ආයතන සතු පොලීසි ආදිය මිස මධ්‍යගත පොලීසියක් ඇමරිකාවේ නැහැ. මේ අයගේ බලතල ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ඇති සීමාවන්ගේ වෙනස්කම් මතයි. ප්‍රාන්ත පොලීසියට ප්‍රාන්තය තුළ ඕනෑම තැනක නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් අනෙත් අයට එසේ කළ නොහැකියි. ෆෙඩරල් රජයේ පාලනය යටතේ තියෙන්නේ FBI වැනි ආයතන පමණයි. ඒ නිසා දැන් සිදුවී ඇති පරිදි ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ කටයුතු අකර්මන්‍ය වුවත් ජන ජීවිතයට දැනෙන බලපෑමක් වෙන්නේ නැහැ. මේ දඩ කොළය ලියූ පොලිස් නිලධාරියා අපේ ආයතනයට අයත් පොලීසියේ සේවයේ සේවය කරන, අපේ පේරෝල් එකේම සිටින අයෙක්. ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන්නේ අපේ ආයතනයට අයත් බිම් පෙදෙස් තුළ, ඒ ඇතුළෙන් යන පොදු පාරවල් වල හා අවට පාරවල් ටිකක පමණයි. ඇමරිකාවේ පාසැල් ගැන ලිවීමෙන් පසු පොලීසි ගැනත් ලියන්න හිතා හිටියත් එය මඟ හැරී ගියා.

අවසන් කරුණ ගැන පසු අවස්ථාවක බලන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39937453339006363662018-01-20T07:46:58.769-05:002018-01-20T07:46:58.769-05:00ඔබ නිවැරදියි, රවී. නිවැරදි වචනය විය යුත්තේ අහස් පා...ඔබ නිවැරදියි, රවී. නිවැරදි වචනය විය යුත්තේ අහස් පාලම නැත්නම් ගුවන් පාලම කියන එක කියා හිතනවා. නමුත්, මේ කියන අහස් පාලම සිංහලෙන් අහස් පාලම කියා කියූ විට කියවන ගොඩක් අයගේ හිතේ මැවෙන ආකාරයේ විවෘත එකක් නෙමෙයි. පොළොව උඩින් තිබුණත් උමඟක ගමන් කරන හැඟීම දනවන ආකාරයට හදා ඇති, උණුසුම පාලනය කර ඇති, ශීත කාලයේදී සිදුවන අපහසුතා මඟහැර ගොඩනැගිලි අතර ගමන් කිරීමට උදවු කරන "අහස් මී ගුලක්". ඕකට කියන්නේ Gerbil Tube කියලයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23921957068942097982018-01-20T07:21:50.020-05:002018-01-20T07:21:50.020-05:00මා වාහනය අතට ගත් දින සිට අද වන තුරු වාහනයට නැග්ගාට...මා වාහනය අතට ගත් දින සිට අද වන තුරු වාහනයට නැග්ගාට පසු සහ වාහනයෙන් බසින තුරු මනසේ රැඳෙන්න ඉඩ දෙන්නේ වාහනය සම්බන්ධ කාරණා පමණි.. එයිනුත් ඒ වෙලාවේ පාර ගැනත් එහි ක්‍රියාකාරකම් ගැනත් පමණි... එයට විශේෂ හේතුවක් නැති උනත් පුරුද්දක් ලෙස කරන වැඩය (හෝ වැඩ කීපය) ගැන සිහිය හොඳින් තබා ගැනීම මගේ පුරුද්දක්.. අද වන තුරු කිසිම පොලිසියකින් කිසිම වරදකට මා නවතා ප්‍රශ්න කර නැත..

ඒ නමුත් මට මාවම නවතා ප්‍රශ්න කිරීමට සිදු වූ එක දවසක් ඇත.. ඒ අදින් වසර දෙකකට කලින් එක් උදෑසනක, දිනපතා යනෙන පාරේ එක් තැනක රතු එළියක් නොතකා මම වාහනය පැදවීම... මම විතරයි වාහනේ හිටියේ ඒ වෙලාවේ..

ට්‍රැෆික් ලයිට් එකට තප්පර කීපයක් තිබියදි මගේ හිත මගෙන් ප්‍රශ්න කලා මගේ දකුණු පැත්තෙන් තියන පාරෙන් වාහන නොනවත්වා එද්දි,මගේ දකුණු පසින් තියන වාහන නවතා තියෙද්දිත් ඇයි මම accelerator එකේ තියන කකුල බ්රේක් එකට ගෙනියන්නේ නැත්තේ කියා... why are you still not slowing down ??????

එවිටයි මට වැටහුනේ කවදාවත් නැතුව එදින මම වෙනත් කල්පනාවක පැමිණ ඇති බව මෙතෙක් දුර... ඒ තප්පර කිහිපය තුල සිහි එළවා ගත් මම වාහනය නවත්වා ගත්තත් කිසිවෙකුට අනතුරක් නොවුනත් එදා මම මටම පොරොන්දු උනා මින් මතු කිසිම දිනක මෙවැනි සිදුවීමක් නොවීමට වාහනයට නඟින්න පෙර සියලු බාහිර සිතුවිලි හිතෙන් ඉවත් කර ගොඩ වීමට..

එදා මට හිතුනේ බැරි වෙලාවත් මම රතු එළිය තියෙද්දි ගියා නම් තවත් වාහනයක හැපී ඒ අයට අනතුරක් උනා නම්... මට අනතුරක් උනා නම් ... එහෙම හිතෙද්දි මගේ මූණ ඉස්සරහ මැවිලා පෙනුනේ මගෙ පුංචි පුතාගෙ හිනා වෙන මූණ..

ඒ වගේම එදා මාව පොලිස් නිලධාරියෙක් නැවැතුවා නම් (එදාට කලින් කිසිම දවසක වෙනත් දේ ගැන හිතමින් වාහනය පදවන පුරුද්දක් මා හට නැති උනත් ) මම මගේ වැරද්ද පිළි අරගෙන අනිවාර්යයෙන් දඩය ගෙවනවා වගේම අර දුන් පොරොන්දුවත් මගෙ හිතටම දෙනවා..

පොලිස් නිලධාරියා කල වැරදි සොයා බැලීමට කලින් මගේ වැරදි සොයා බලා නිවැරදි කිරිමට මම කැමති නිසාත් අන් අයගේ වැරදි නිවැරදි කිරීම (මගේ අඩු පාඩු සියල්ල නැවත නොවරදින ලෙස හදා ගත් දිනක මිස ) මගේ වගකීමක් ලෙස මම නොසිතන නිසාත්...

ඒ කොහොම උනත් ඉකෝ... අපි මිනිස්සු විදිහට අපේ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනිත් මිනිස්සුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පෙනෙන බව නම් පැහැදිලියි :) :) පොල් කෙන්දක් ගැන් ලියන්න ගිහින් ප්‍රේමකීර්ති ලිව්ව මේ සින්දුවත් මතක් උනා...

http://geepadura.blogspot.com.au/2012/08/kanda-kenda-karanu-pinisa-malini.htmlඅඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56727935142888333242018-01-20T06:12:08.314-05:002018-01-20T06:12:08.314-05:00/මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇත.../මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇති අහස් උමගකින් අනෙක් පැත්තට යා හැකිය./

අහස් උමඟ කිව්වම විරෝධෝක්තියක් (Oxymoron) වෙනව නේද? උමඟ කියන්නෙ උමං මාර්ගය නැත්නම් බිම්ගෙය (A Tunnel)

Thanks for a really interesting article...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63365722018675562892018-01-20T05:11:39.484-05:002018-01-20T05:11:39.484-05:00හරිම කණගාටුයි ඔබට සිදුවුණු අපහසුතාවයට.
විචාරක දි...හරිම කණගාටුයි ඔබට සිදුවුණු අපහසුතාවයට.
විචාරක දියණිය
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50696096741495933832018-01-19T21:14:15.198-05:002018-01-19T21:14:15.198-05:00ඉකොන් එක්ක සෙල්ලං කරන්න එපා කියල ඇමරිකාවේ පොලිසීයට...ඉකොන් එක්ක සෙල්ලං කරන්න එපා කියල ඇමරිකාවේ පොලිසීයට කේබල් පණිවිඩ යවා ඇති දැං. හැක්.

සෑහෙන්න ප්රජාතන්ත්රවාදී කියන රටවල් වල තාමත් තිර වලින් වහල ජාතිවාදය අමු අමුවෙම පෙන්නනවා නේද?

මම ඉකොන්ගෙන් ඉල්ලීමක් කරන්න හිටියේ. 2008 ඇමරිකන් ආර්ථික අර්බුදය සම්බන්ධ The Big Short ෆිල්ම් එකත් එක්ක සසඳලා මේ අර්බුදය ගැන ටිකක් ලියන්න බැරිද? මම චිත්‍රපටය බැලුවට ඒකේ එන ආර්ථිකවිද්‍යා කරුණු තේරෙන්නෑ. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com