tag:blogger.com,1999:blog-3221129106341750825.post7407685740697837252..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සේනා සිංහ ප්රශ්නය Unknownnoreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3221129106341750825.post-51954662675418236412017-02-02T10:51:40.047-05:002017-02-02T10:51:40.047-05:00//මම නම් විරුද්ධයි. හේතුව එතනට් ගියොත් සන්ක්රුතිමය...//මම නම් විරුද්ධයි. හේතුව එතනට් ගියොත් සන්ක්රුතිමය වශයන් සමාජය කිසයම් බිඳ වැටීමකට ලක්වේවි.//
මෙන්න මේකයි මගේ පොයින්ට් එක. අජිත් (හෝ මම හෝ වෙනත් කෙනෙක්) මෙහෙම කියන්නේ අජිත්ගේ (හෝ මගේ හෝ වෙනත් කෙනෙකුගේ) සංස්කෘතියට සාපේක්ෂව. එහි කිසිම වැරැද්දක් නැහැ. ඕනෑම කෙනෙක් හරි වැරදි තීරණය කරන්නේ තමන්ගේ දැනුමට වගේම සංස්කෘතියට සාපේක්ෂව. ඒ නිසා අපි හිතන ආකාරයෙන් වෙනස්ව වෙනත් අය හරි වැරදි දකින්න පුළුවන්. ඒ නිසා, මගේ මතය වෙනුවෙන් මා පෙනී සිටියත් එය ක්‍රියාත්මක කළ හැක්කේ මගේ මතය සමාජයේ ප්රමුඛ මතය බවට පත් කිරීමෙන් පසුව පමණයි. එසේ නැතුව සමාජ ප්රතිසංස්කරණයක් කරන්න කවුරු හෝ උත්සාහ කරනවානම් එය බලහත්කාරකමක් වනවා පමණක් නොවෙයි දිගින් දිගටම බලය යොදවන්නේ නැතුව පවත්වා ගැනීමත් අසීරු වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6789648196966510902017-02-02T07:35:22.450-05:002017-02-02T07:35:22.450-05:00ළමා අපචාර වලට ලක්වන කුඩා දරුවන් ඒ අවස්ථාවේදී එයට ප...ළමා අපචාර වලට ලක්වන කුඩා දරුවන් ඒ අවස්ථාවේදී එයට ප්‍රතිරෝධයක් නොදැක්වුවත්, ඇතැම් විට කැමැත්තෙන් හිටියත් ඔවුන් වැඩිහිටියන් වූ පසු ඒ කුඩා කාලයේ අත්දැකීම් ගැන සතුටු නොවන බවත්, තමන්ට සිදුවූ පීඩාවක් ලෙස සලකන බවත් සැලකූ විට එයට එරෙහිව නීති පැනවීමට පැහැදිලි පදනමක් තියෙනවා. මත්පැන්, දුම්වැටි ආදිය භාවිතයට වයස් සීමා පැනවීමේ පදනමත් එයයි. මේ අවස්ථා වලදීත්, ළමයා සහ වැඩිහිටියා වෙන් කරන්නේ වැඩිහිටියන් විසින්. අවුරුදු 21කට දවසක් අඩු කෙනෙක් හා අවුරුදු 21ක කෙනෙක් අතර ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවේ විශාල වෙනසක් නැහැ. නමුත්, අපට කොතනින් හෝ ඉරක් අඳින්න වෙනවා. එකම දේ මේ ඉර සෑම කාලයකටම සෑම සංස්කෘතියකටම සාපේක්ෂව එකම තැන තිබිය යුතු නොවීමයි. ඒ නිසා අද නිර්ණායක අනුව සියවස් ගණනකට පෙර ජීවත් වූ පුද්ගලයෙක් ළමා අපචාර කළා කියා අද හඳුන්වන්න බැහැ. සත්ව හිංසා නීති වල තියෙන්නේ ආගමික පසුබිමක්. දෙවියන් සතුන් මැවුවේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා (ආහාර පිණිස) වුවත් සතුන් සමඟ ලිංගික හැසිරීම් දෙවියන් විසින් අනුමත කර නැහැ. ඒ වගේම තමන්ට වාසියක් නැතුව සතෙකුට හිංසා කිරීම දෙවියන් වහන්සේගේ මැවීමට අභියෝග කිරීමක්. තාක්ෂණය දියුණු වන මාර්ගයට වගේම මිනිසා විසින් ජෛව ගෝලයේ පරිණාමය තීරණය කරන ආකාරයටත් අපේ මේ අතීතයෙන් ගෙන එන අවිඥානකව අප තුළ තියෙන විශ්වාස වල සැලකිය යුතු බලපෑමක් තියෙනවා. ආගම් ප්‍රතික්ෂේප කළා වුවත් ආගම් වල බලපෑමෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේ නැහැ. අපි මස් පිණිස මැරීමට අඩු වියදමකින් හා කෙටි කලකින් වැඩිපුර මාංශ පේශි සහිතව වැඩෙන සත්ව ප්‍රභේද දියුණු කරනවා. නමුත්, හොඳ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් විය හැකි, එයින් සතුටක් ලබන සත්ව ප්‍රභේද දියුණු කරන්නේ නැහැ. ඉස්ලාම් සංස්කෘතිය ලෝකයේ ප්රමුඛ සංස්කෘතිය වුනානම් මස් පිණිස ඌරන් වැඩි දියුණු කරන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-994930155914254802017-02-02T05:06:30.684-05:002017-02-02T05:06:30.684-05:00//. නමුත්, මේ සතාවම අපි අපේ ආහාර පිණිස මරාගෙන කනකො...//. නමුත්, මේ සතාවම අපි අපේ ආහාර පිණිස මරාගෙන කනකොට සතාගේ කැමැත්ත ගන්නේ නැහැ.// ඔව් ඒ අනුව බැලුවොත් නීතිය මෙතන විහිළුවක් වෙනවා තමයි. අපි බල්ලෝ මරණ කන්නේ නැහැ. නමුත් චිනේ මරනවා. සතෙකුගේ කැමැත්ත ගන්න ක්‍රමයක් නැති නිසා එය සත්ව හිංසාව ලෙස හඳුවල නීතියෙන් දඬුවම් දෙනවා. ළමයෙකුගේ කැමැත්ත දුන්නත් අවුරුදු 16 හෝ 15 (සමහර රටවල) ඒ කැමැත්ත ගණන් ගන්නේ නැහැ නීතියෙන්. මේ රටේ තියනවා එහම සංගමයකුත්. ඔය දෙකම නීතියෙන් නිදහස් කරනන් කියා. මම නම් විරුද්ධයි. හේතුව එතනට් ගියොත් සන්ක්රුතිමය වශයන් සමාජය කිසයම් බිඳ වැටීමකට ලක්වේවි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40734506413471205822017-02-01T21:12:09.548-05:002017-02-01T21:12:09.548-05:00කලින් දිගු පිළිතුරක් දමන්න වෙලාවක් තිබුණේ නැහැ. කා...කලින් දිගු පිළිතුරක් දමන්න වෙලාවක් තිබුණේ නැහැ. කාන්තාවකට පිරිමියෙකු අකැමැත්තෙන් සිටියදී බලහත්කාරයෙන් ලිංගික ඇසුරක් ලබන්න පුළුවන්. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි එම පිරිමියාට පසුව එවැන්නක් වූ බව නිශ්චිතව ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. බාලවයස්කාර දරුවෙකු ගැන තත්ත්වයත් අපි පැත්තකින් තියමු. එවැන්නක් වැරදි බව කියන්න අපට වෙනත් තර්ක ගෙන එන්න පුළුවන් පසුකාලීන මානසික බලපෑම වැනි. මෙහි දිගුවක් ලෙස බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක් වන කාන්තාවක් එම සතාගේ අකැමැත්තෙන් බලහත්කාරකමක් කරනවා විය හැකි බව කියන්න පුළුවන්. නමුත්, අපට එය තහවුරු කිරීමේ හැකියාවක් නැහැ. සමහර විට සතා මෙය කරන්නේ කැමැත්තෙන් විය හැකියි. අපට එය දැනගන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් අප නීතිය හරහා දඬුවම් දීම මඟින් කරන්නේ ඒ සතා වගේම කාන්තාව (හෝ පිරිමියා) කරන්න කැමති දෙය වැළැක්වීමයි. වෙනත් කාටවත් පාඩුවක් සිදු නොවෙද්දී සතාගේ වගේම මිනිසාගේත් නිදහස පැහැර ගැනීමයි. ඒකත් අමතක කර අපි මේ ගැහැණිය හෝ මිනිසා විසින් සතාව රේප් කළා කියා කියමු. සතා ඇත්තටම කැමති නැති බවත් හිතමු. අප දැන් ඔහුට හෝ ඇයට දඬුවම් දෙනවා. එහි පදනම වන්නේ සතාගේ කැමැත්ත නොගැනීම. නමුත්, මේ සතාවම අපි අපේ ආහාර පිණිස මරාගෙන කනකොට සතාගේ කැමැත්ත ගන්නේ නැහැ. ලිංගික ක්‍රියාවට සතාගේ කැමැත්තක් තියෙන්න කිසියම් හෝ ඉඩක් තිබුණත් මැරෙන්න කැමැත්තක් ඇති බව කිසිසේත් හිතන්න බැහැ. නමුත්, මෙය වරදක් ලෙස සැලකෙන්නේ නැහැ. දඬුවම් නැහැ. මම මෙහිදී කියන කරුණ මේ දේවල් වෙනස් කළ යුතුයි කියන එක නෙමෙයි. අපි හරි වැරදි තීරණය කරන්නේ ආගමික/සංස්කෘතික පසුබිමක මිස නිරපේක්ෂ පසුබිමක නෙමෙයි කියන එකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60317166538800494982017-02-01T11:28:09.489-05:002017-02-01T11:28:09.489-05:00පැහැදිලිවම මම එහෙම හිතන්නේ නැහැ.පැහැදිලිවම මම එහෙම හිතන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67808807775770372272017-02-01T10:23:36.081-05:002017-02-01T10:23:36.081-05:00ඒත් වෙනස් වෙන්න විධිහක් නැහැ.ඇයි ගැහැනුන්ට දුෂණය ක...ඒත් වෙනස් වෙන්න විධිහක් නැහැ.ඇයි ගැහැනුන්ට දුෂණය කරන්න බැහැ කියල ඔබේ හිතේ තියනවද? ගැහැණු ඕන තරම් දුෂණ වලට දඬුවම් විඳ තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31029062019036930452017-02-01T09:28:20.318-05:002017-02-01T09:28:20.318-05:00සතා පිරිමි සතෙක්නම් සහ අනෙක් අන්තයේ ඉන්නේ කාන්තාවක...සතා පිරිමි සතෙක්නම් සහ අනෙක් අන්තයේ ඉන්නේ කාන්තාවක්නම් තත්ත්වය ගැන හිතන්නේ කුමක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40418250815839347072017-02-01T07:28:03.573-05:002017-02-01T07:28:03.573-05:00සත්වයන් සමග මෙන්ම ළමයින් සමග හැසිරීමද rape හෙවත් ද...සත්වයන් සමග මෙන්ම ළමයින් සමග හැසිරීමද rape හෙවත් දුෂණයක් බව මගේ හැඟීමයි. මේ දෙගොල්ලටම ලිංගික ක්රියවට් කැමැත්ත පළ කළ නොහැකිය. ළමයෙකු කැමති වීම නිදන්න කම නිසා විය හැකිය. එනිසා දෙකට ම නීතිමය වශයෙන් දඬුවම් කිරම නිවැරදිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25518839156379801002017-02-01T07:26:14.577-05:002017-02-01T07:26:14.577-05:00//ඇත්තටම බැලුවොත් අපි මේ සිංහල සංස්කෘතිය යයි හිස ත...//ඇත්තටම බැලුවොත් අපි මේ සිංහල සංස්කෘතිය යයි හිස තබා ගෙන සිටින පොට්ටනියේ වැඩිපුර ඇත්තේ එක්දාස් අටසිය ගණන් වල පරණ වික්ටෝරියානු කෝට් සහ ගවුම් ය .// ඕක තමා පේන්නේ නැත්තේ කට්ටියට. සුද්දට බනින්නෙත් ඔය සෙට් එකමයි. හැබැයි සුද්දා ඕව අත හැරලා ගොඩක් කල්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78356587860270003452017-01-31T04:58:54.536-05:002017-01-31T04:58:54.536-05:00"බටහිර ක්‍රිස්තියානි නූතනත්වය"? ��"බටහිර ක්‍රිස්තියානි නූතනත්වය"? ��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15276062173392272902017-01-30T17:56:43.488-05:002017-01-30T17:56:43.488-05:00//අනුගාමිකයන් ගොඩ නගන්න හැකියාව තිබීම මතම නේද ප්‍ර...//අනුගාමිකයන් ගොඩ නගන්න හැකියාව තිබීම මතම නේද ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේත්//
මෙය ප්‍රායෝගිකව ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාරයක් තමයි. මම මෙය "ප්‍රශ්නයක්" ලෙස දකින්නේ නැහැ. ඔබ පෙන්වා දෙන ඊළඟ කරුණට ආවොත්,

//මහජන දේපොළ, පෞද්ගලික සුඛ විහරණයට යොදා ගැනීම, ගැන මහජනතාවගේ විරෝධයක් නොමැති නම් (ඒ කියන්නේ ඒ වෙනුවෙන් පෙනී ඉන්න "සැලකිය යුතු අනුගාමිකයන්" පිරිසක් ඉන්නවා නම්, එය ප්රමුඛ මතය බවට ඉබේම පත් වනවා නේද?//

ඔවු, පැහැදිලිවම එය එසේ වෙනවා. එය ප්රමුඛ මතයනම් එය වෙනස් කර වෙනත් සමතුලිතතාවයකට මාරු වීම අපහසු කාර්යයක් වනවා පමණක් නොව බොහෝ විට නොකළ යුතු දෙයක් කියා මම හිතනවා. කිසියම් සමාජයක් ඓන්ද්‍රීය ලෙස පරිණාමය වන රටාව (දිශාව හා වේගය) අමතක කර බලහත්කාරයෙන් ගෙන එන ප්‍රතිසංස්කරණ සාර්ථක වීමේ ප්‍රවණතාව එසේ නොවීමේ ප්‍රවණතාවයට වඩා බොහෝ අඩුයි.

නමුත්, එසේ වුණා කියා තමන් විශ්වාස කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යමෙක් පෙනී නොසිටිනවානම් සහ හඬක් නොනඟනවානම් සමාජයක් එක් සමතුලිතතාවයක සිට වඩා හොඳ වෙනත් සමතුලිතතාවයකට යන එක ප්‍රමාද වෙනවා. ප්රමුඛ මතයට තිබෙන සහයෝගය ගොඩක් වැඩිනම් මෙය දැඩි අවදානමක් ගත යුතු කාර්යයක් විය හැකියි. ඒ වගේ වෙලාවට "මුට්ටි දමා බැලීම" හොඳ උපාය මාර්ගයක්. කොහොම වුණත් අවසාන වශයෙන් ප්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ සමාජය විසින් ඉල්ලා සිටින්නේ නැත්නම් අඩුවශයෙන් සමාජයේ සහයෝගය හෝ අනුකම්පාව ලැබෙනවානම් පමණයි.

මේ දවස් වල මෙහෙ විධායකය විසින් ගන්නා ඇතැම් තීරණ කාලයක් තිස්සේ ස්ථාපිතව තියෙන ආයතන වල දිගුකාලීන අරමුණු සමඟ ගැටෙන ආකාරය හා එයට ප්‍රතිචාර දැක්වෙන ආකාරය මම ප්‍රායෝගිකව දිනපතා අත්විඳිනවා. මේ වගේ තැනක වැඩි විස්තරයක් ලියන්න බැහැ. කොහොම වුණත් මම එහිදී බොහෝ දෙනෙක් තනි පුද්ගලයින් ලෙස තමන්ට කළ හැකි දේ කරමින් ඉතා සක්‍රිය ලෙස ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරවන ආකාරය දකිනවා.

ඔබ කියන කුඩා කණ්ඩායම් කියන කරුණට ආවොත් මේ කුඩා කණ්ඩායම් ගැනත් මගේ වෙනම කියවීමක් තියෙනවා. ඔබ විසින්ම කලින් තැනක ලියා තිබුණු අදහසක් වන්නේ මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකරන පිරිස් විසින් ඉතිරි අය විසින් ගන්නා ඕනෑම තීරණයක් අනුමත කර ඇති බවයි. මෙය මේ කුඩා කණ්ඩායම් වලටත් අදාළයි. කුඩා කණ්ඩායමකට ප්‍රබල මතයක් ඇති කරමින් සක්‍රිය ලෙස ක්‍රියාත්මක විය හැකි වී තිබෙන්නේ වඩා විශාල කණ්ඩායමක වක්‍ර සහයෝගය හෝ අනුකම්පාව ලැබීම තුළයි. එසේ නැතුව ඔවුන්ට වැඩි දුරක් යන්න බැහැ. උතුරේ වගේම 1987 සිද්ධි ආරම්භයේදී දකුණේ තිබුණේ මෙවැනි තත්ත්වයක්. ඒ නිසා කුඩා කණ්ඩායම් කුඩා වූ පමණින්ම අවතක්සේරු කරන්න බැහැ. ඔවුන් බොහෝ විට අයිස් කන්දක ශිඛරය.

ප්‍රමුඛතා ගැන මගේ අදහස වන්නේත්, මගේ ප්‍රමුඛතා (පෞද්ගලික ප්‍රමුඛතා නොවෙයි- මට සාපේක්ෂව සමාජයේ ප්‍රමුඛතා) වෙනුවෙන් මට පෙනී සිටිය හැකි වුවත් මගේ ප්‍රමුඛතා සමාජයේ ප්රමුඛතාද නැද්ද යන්න මට තනිවම තීරණය කළ නොහැකි බවයි. ඒ වගේම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඵලදායී වුවත් අසීරු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගතකරන කාලය අඩුවෙන් ඵලදායී වුවත් කළ හැකි සුළු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂම බවයි මට හිතෙන්නේ. මෙය මා අවදානම් ගැනීමට සූදානම් සීමාව පිළිබඳ ප්‍රශ්නයක්, සියළු දෙනාම එසේ කළ යුතුයැයි මම හිතන්නේ නැහැ.

අනුගාමිකයින් ගොඩනැඟීම කියන කරුණට නැවත ආවොත් ප්රජාතන්ත්රවාදයක් ඇතුළේ මෙවැනි "ප්රමුඛ චරිත" විසින් කෙරෙන ද්විත්ව කාර්ය භාරයක් තියෙනවා. ඒ නායකයකු ලෙස හා නියෝජිතයෙකු ලෙස. "අවස්ථාවාදී" හෝ "රැල්ලට යන" අයෙකු ඇත්තටම හොඳ නියෝජිතයෙක්. මෙහිදී මම අවස්ථාවාදී කියන්නේ හොරාකෑම වැනි දේවල් ගැන නෙමෙයි. එවැන්නෙකු වටා එකතුවන "අනුගාමිකයින්ගෙන්" අදහස් වන්නේ ඇත්තටම අනුගාමිකයින් ගොඩනැඟීමකට වඩා සමාජයේ දැනටමත් පවතින ප්රමුඛ මතයක ප්‍රකාශකයෙකු හෝ නියෝජතයෙකු වීම පමණයි. මේ සඳහා විශාල දක්ෂතාවයක් අවශ්‍ය වන්නේ නැහැ. සැඟවී ඇති ප්රමුඛ මතය හඳුනාගැනීමේ ඉවක් පමණයි අවශ්‍ය වන්නේ. වැඩි දක්ෂතාවයක් අවශ්‍ය වන්නේ නියෝජිත කාර්යය ඉක්මවා සැබෑ නායකයෙකු ලෙස මතු වීමටයි. මෙවැන්නෙකු පවතින ප්රමුඛ මතයට එරෙහිව යමින් වඩා හොඳ තැනකට ප්රමුඛ මතය යොමු කරවීමක් කළ යුතුයි. වඩා පුළුල් ප්රජාතන්ත්රවාදයක් ඇති සමාජයක මෙය අභියෝගත්මක කටයුත්තක් වුවත් අවසන් ප්‍රතිඵලය හොඳ එකක් වෙන්නේ තියෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නැති, තමන් වෙනුවෙන් හොඳ දේ තෝරා දීම වෙනත් අයෙකු කරන තුරු බලා සිටින අය වැඩි සමාජයක එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එහෙත්, එසේ අන්ධ අනුගාමිකයින් හැදීම හරහා සමාජය පරිවර්තනයකට ලක් කරන හැම විටම එය වඩා හොඳ තැනකට තල්ලු නොවෙන්න පුළුවන්. මෙයත් පුළුල් අර්ථයෙන් සමාජ පරිනාමයේම කොටසක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17338999807707592412017-01-30T02:09:31.261-05:002017-01-30T02:09:31.261-05:00මා එම ප්‍රවුර්තිය මා දැමුවේ, ඔබ ඔය කියන කරුණ තේරුම...මා එම ප්‍රවුර්තිය මා දැමුවේ, ඔබ ඔය කියන කරුණ තේරුම් යන්නත් එක්කම තමා ඉකෝ. එකම අදහසට, සමාජ දෙකක දී ලැබුන ප්‍රතිචාරය පෙනෙන අතරම, ඔබත් කියන අනුගාමිකයන් ගොඩ නගන්න හැකියාව තිබීම මතම නේද ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේත්.

එය වෙනත් ප්‍රශ්න හෝ පිළිවෙත් වලටත් එකසේ ගලපා ගන්න පුළුවන්. මහජන දේපොළ, පෞද්ගලික සුඛ විහරණයට යොදා ගැනීම, ගැන මහජනතාවගේ විරෝධයක් නොමැති නම් (ඒ කියන්නේ ඒ වෙනුවෙන් පෙනී ඉන්න "සැලකිය යුතු අනුගාමිකයන්" පිරිසක් ඉන්නවා නම්, එය ප්රමුඛ මතය බවට ඉබේම පත් වනවා නේද?

මැරේජ් ඉක්වලිටි කරුණට ආවොත්, ඕස්ට්‍රේලියානු සමාජයේ බහුතරය ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියා මත සමීක්ෂණ හෙළි කෙරුවත්, මහජනතාව විසින් තමන් වෙනුවෙන් පත්කර යවා තියන පිරිසෙන් බහුතරය ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා ද කියන එක තවම පැහැදිලි නැහැ. කෙසේ වුවත් මෑත කාලීන වඩාත් ගතානුගතික (කොන්සේවර්ටිව්) අගමැති යටතේ පවා, අර ප්‍රකාශය කරපු මන්ත්‍රීට මහජන අනුග්‍රහයක් ලැබුනේ නැහැ.

මෙවැනි සමාජයක පවා, සමාජ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව තියන කුඩා කණ්ඩායම් වල ප්‍රතිරෝධය (විශේෂයෙන් ආගමික කණ්ඩායම් වල) මෙතැනදී තේරුම් ගන්න හැකියි. හැබැයි, එයට මෙහා ප්‍රතිසංස්කරණ, අවශ්‍ය සමාජයකදී, මෙවැනි කරුණක් මුලට ගැනීම අයහපත් ප්‍රතිපල ගෙන දෙන්න තියන ඉඩකඩ වැඩියි.

කුඩා දරුවන් විවාහ කර දීමට හා කුඩා දරුවන් ආගමික ස්ථාන වලට අපයෝජනය සඳහා බාර දීමට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම, කෙනෙකුට විවාහ වන්න හැකි ගණන (විරුද්ධ ලිංගික) සැමටම එක නීතියකට ගෙන ඒම(එක්කෝ සැමටම ඒක පුරුෂ/භාර්යා හෝ සැමටම බහු පුරුෂ, බහු භාර්යා) යනාදිය, ඉහත ප්‍රතිසංස්කරණයට වඩා ප්රමුඛයි සමහර සමාජ වලට. එයට ලංකාවත් අයිතියි.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58691241428124762142017-01-30T00:23:34.189-05:002017-01-30T00:23:34.189-05:00ඔබ සමඟ එකඟයි. මෙවැනි දෙයක් ගැන හිතන්න ඔබ මෙන් කවුර...ඔබ සමඟ එකඟයි. මෙවැනි දෙයක් ගැන හිතන්න ඔබ මෙන් කවුරු හෝ පෙළඹෙයි කියන එකයි මම ලිපිය ලියද්දීත් අදහස් කළේ. අරමුණක් තියෙනවනම් තේරුමක් නැතුව කෑගහනවට වඩා ප්‍රායෝගිකව ඒ අරමුණ වෙත ලඟා විය හැක්කේ කොහොමද කියල හිතන එකයි වැදගත්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26347949379048486082017-01-29T23:00:03.134-05:002017-01-29T23:00:03.134-05:00නමුත් මේ ලිපිය ලියපු පුද්ගලයා ඉන්නේ සමරිසි ලිංගික...නමුත් මේ ලිපිය ලියපු පුද්ගලයා ඉන්නේ සමරිසි ලිංගික ක්‍රියා නීතියට පටහැනි කියල නීතියෙන් අර්තදක්වල තියෙනවා කියන ස්ථාවරයේ බවයි දීවයිනේ ලිපිය කියෙව්වම තේරෙන්නේ. පැහැදිලිවම ඔබ කියන පරිදි මානව හිමිකම් නඩුවකින් මෙය වෙනස් කරන්න පුළුවන් බවයි මගෙත් අදහස. එතැනදී උසාවිය මේ නීතියට අර්ථකතනයක් දුන්නොත් නීතිය ඉවත් කිරීමේ සටන්පාටය ඉන්පසුව ඉදිරියට ගතයුත්තක් කියල මට හිතෙන්නේ. රජයකට උනත් මේවගේ නීති ඉවත් කරන්න අමාරුයි එක පාරට පොලිටික්ස් ගැන හිතන්නේ නැතිව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-337243397858255692017-01-29T20:17:32.330-05:002017-01-29T20:17:32.330-05:00ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සැලකීම
අසීම...ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සැලකීම
අසීමිත ලෙස ඉන්ද්රිය පිනවීම දුරාචාරයක් ලෙස නොසැලකීම
සාමූහිකත්වයට වඩා පෞද්ගලිකත්වයට මුල්තැනක් දීම යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මුලික අංගයි.
සමරිසි පුද්ගලයන් අතීතයේ පටන් සිටියත්, සමරිසි අයිතිවාසිකම් ගැන අදහස පැහැදිලිවම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අයිති එකක්.

anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54607456801235093332017-01-29T15:42:28.716-05:002017-01-29T15:42:28.716-05:00මෙවැනි අය හැම සමාජයකම ඉන්නවා. වෙනස තියෙන්නේ එවැනි ...මෙවැනි අය හැම සමාජයකම ඉන්නවා. වෙනස තියෙන්නේ එවැනි අයට සමාජයට බලපෑමක් කිරීමට තිබෙන හැකියාවේයි. ඔබ පෙන්වන සිද්ධියේදී බහුතර/ පොදු මතයෙන් මේ පුද්ගලයාගේ මතය යටපත් වී තිබෙනවා. ඇතැම් තැන් වල ඒ වෙනුවට වෙන්නේ මෙවැනි පුද්ගලයන්ට අනුගාමිකයින් එකතු වී සැලකිය යුතු ජනමතයක් ගොඩනඟන්න හැකි වීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91137670548464822302017-01-29T15:18:17.753-05:002017-01-29T15:18:17.753-05:00ජාලියගේ දිගු අදහස් දැක්වීමට ස්තුතියි! මේ ගැන දැක්ව...ජාලියගේ දිගු අදහස් දැක්වීමට ස්තුතියි! මේ ගැන දැක්විය යුතු ප්‍රතිචාරය වෙනම පෝස්ට් එකක් ලෙසම දැමීම වඩා සුදුසුයැයි සිතේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53449644591907898852017-01-29T15:06:47.075-05:002017-01-29T15:06:47.075-05:00අදාළ ලේඛකයාගේ 1995 සංශෝධනය ගැන දැනුමේ අඩුවක් නොපෙන...අදාළ ලේඛකයාගේ 1995 සංශෝධනය ගැන දැනුමේ අඩුවක් නොපෙනේ. ඔහු එම සංශෝධනය ගැනද පසුව සඳහන් කර තිබීමෙන් එය පැහැදිලිය. ලිපියේ ඇති කරුණු වලින් මා හරියටම නොදන්නා දෙය මේ කරුණයි.

"එහෙත් පොලීසිය විසින් 365 අ උප වගන්තිය ප්‍රකාරව සමලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නිසි අර්ථකථනයක් නොමැති, පදනමක් හෝ තාර්කික බවක් නොමැති වගන්තියක් පසුපස එළවමින් වීම කනගාටුවට කරුණකි."

මේ කියන විදිහට පොලීසිය විසින් සමලිංගික පුද්ගලයින් සොයා කාමර වල රිංගමින් අත්අඩංගුවට ගනිමින් සිටින බවක් මා දන්නේ නැත. යම් හෙයකින් එවැන්නක් සිදුවෙනවානම් කරන්නට තියෙන්නේ සුළු දෙයකි. මානව හිමිකම්, විශේෂයෙන්ම සමරිසි හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් එකතු වී ස්වේච්ඡාවෙන් හෝ මේවා ගැන කතා කරන සංවිධාන/ පුද්ගලයින් විසින් නීතිඥයෙකු වෙනුවෙන් මුදල් ගෙවා සමරිසි හැසිරීම් අස්වාභාවික නොවන බව හා ඒ නිසා පවතින නීතිය අනුව වරදක් සිදු වී නැති බව පෙන්වා දීමයි. තේරුමක් නැති නීතිය ඉවත් කිරීම සුදුසු වුවත්, අවශ්‍ය වන්නේ සමරිසි අයිතිය සුරැකීමනම් නීතිය ඉවත් නොකළද සමරිසි පුද්ගලයන්ට කියන තරම් විශේෂ නීතිමය අවාසියක් සිදු නොවන බව මගේ අදහසයි. එසේ සිදුවනවානම් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය මා ඉහත විස්තර කර තිබේ.

බහුතර ජනතාව ගැනනම් කියන්නට තියෙන්නේ අදාළ කරුණට පක්ෂ සහ විපක්ෂ වැඩි දෙනෙක් කරන්නේ කරුණු සොයා නොබලා ලෝකය පෙරළෙනවා කියමින් දුවන එක බවයි. වෙනත් බොහෝ කරුණු හා අදාළවද වෙන්නේ ඔය ටිකමය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31045449802552650212017-01-29T14:33:50.904-05:002017-01-29T14:33:50.904-05:00හොඳම විහිලුව තමයි සමලින්ගිකයන්ගේ අයිතිවාසිකම් ඉල්ල...හොඳම විහිලුව තමයි සමලින්ගිකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලන Equal Ground වගේ ආයතනවත් නිවැරදි නීතිය මොකක්ද කියල දන්නේ නැතිද නැතිනම් දැනගෙන හන්ගනවද වාසි තකා?
බලන්න මේ ලිපිය
http://www.divaina.com/2017/01/29/feature07.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12862874167447627632017-01-29T14:29:43.086-05:002017-01-29T14:29:43.086-05:00බොහොම ස්තුතියි.
මේ නීතිය අනුවනම් සමලිංගික ක්‍රියාව...බොහොම ස්තුතියි.
මේ නීතිය අනුවනම් සමලිංගික ක්‍රියාව පමණක් විශේෂයෙන් නීතිවිරෝදී වන බවක් පෙන්නේ නැහැ නේද? දැන් මේ කට්ටිය ගිරිය පුප්පගෙන කැගහන්නේ සමලිංගික ක්‍රියා නීතිගත් කරන්න යනවා කියල පරණ නීතිය ගැන හිතේ තියාගෙනද? පරණ නීතිය අනුව දුන්න නඩු තීන්දු උනත් අලුත් නීතියට අදාළ වෙන්නේ නැහැ නේද? අනේ මන්ද මට තේරෙන්නේ නැහැ නීතිය පැටලිලි සහගතද, නැතිනම් මෙච්චර සරල දේ මිනිස්සු පටලගෙනද කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10697849956507759082017-01-29T13:46:09.590-05:002017-01-29T13:46:09.590-05:00මෙහි 18 ඡේදය (14 පිටුව බලන්න). මෙහි person වෙනුවට ...මෙහි 18 ඡේදය (14 පිටුව බලන්න). මෙහි person වෙනුවට මුලින් තිබුණේ male යන්නයි.

http://eugc.ac.lk/ge_eq/wp-content/uploads/2016/04/Penal-Code-Amendment-Act-No.-22-of-1995.pdf

මෙය 2006 දී නැවත වෙනස් වුනත් එය සුළු වෙනසක්. මේ කරුණට එතරම්ම අදාළ නැහැ.

http://www.commonlii.org/lk/legis/num_act/pca16o2006213/s12.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21184567019248263042017-01-29T12:40:12.672-05:002017-01-29T12:40:12.672-05:00365A දැන් තිබෙන නීතිය නීති පොතේ තිබෙන විදිය සඳහන් ...365A දැන් තිබෙන නීතිය නීති පොතේ තිබෙන විදිය සඳහන් කරන්න පුලුවන්න්ද? නැතිනම් තියෙන බලන්න ලිනක එකක් දුන්නත් කමක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73641760879527203702017-01-29T10:43:21.339-05:002017-01-29T10:43:21.339-05:00ඇනෝ, 1883දී වගන්තිය තිබුණේ මේ ආකාරයෙන්. එයින් පිරි...ඇනෝ, 1883දී වගන්තිය තිබුණේ මේ ආකාරයෙන්. එයින් පිරිමින් විශේෂ කොට සැලකුණු බව පැහැදිලියි. 1995 සංශෝධනයේදී (අවුරුද්ද හරියටම නිවැරදි නොවිය හැකියි) මෙහි පිරිමියෙක් (male) යන්න පුද්ගලයෙක් (person) ලෙස වෙනස් කෙරුණා. ඒ අනුව, මේ 365A වගන්තිය මේ වන විට පිරිමින්ට පමණක් නොව සියල්ලන්ටම අදාළ "අවිනීත ලෙස හැසිරීම" වරදක් ලෙස අර්ථ දැක්වෙන වගන්තියක් ලෙස ජෙනරලයිස් වී තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51879891071661470292017-01-29T09:59:33.000-05:002017-01-29T09:59:33.000-05:00Two consenting adults නම් OK කිව්වම incest OK ද?Two consenting adults නම් OK කිව්වම incest OK ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86133083201952923792017-01-29T09:56:45.233-05:002017-01-29T09:56:45.233-05:00එතකොට මේක ආවේ කොහෙන්ද?
//මුල් පණතේ 365A වගන්තිය අන...එතකොට මේක ආවේ කොහෙන්ද?
//මුල් පණතේ 365A වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව පිරිමියෙකු සමඟ අවිනීත ලෙස හැසිරෙන වෙනත් පිරිමියෙකුට වසර දෙකක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දීම, දඩයක් නියම කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබා දිය හැකි වූ අතර ඊට අමතරව කසපහර දීමද කළ හැකි විය.//

මේ කොටස කියෙව්වම හිතෙන්න දණ්ඩ නීති සංග්‍රහයේ පිරිමි දෙදෙනෙකු ලිංගිකව හැසිරීම වරදක් කියල විශේෂයෙන් අර්ථ දක්වා තිඑනවා කියලනේ
Anonymousnoreply@blogger.com