tag:blogger.com,1999:blog-3221129106341750825.post7856548346558978952..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-63469990878126355672015-09-22T14:14:18.714-04:002015-09-22T14:14:18.714-04:00ලංකාවේ පොත් ලිවීමෙන් කතෘට මුදල් උපයා ගැනීම අපහසුයි...ලංකාවේ පොත් ලිවීමෙන් කතෘට මුදල් උපයා ගැනීම අපහසුයි. ඔහුව සියළුදෙනාම ගසා කනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52988954290476004232015-09-22T10:03:08.838-04:002015-09-22T10:03:08.838-04:00මෙ ගැන වෙනම පොතක් ලියන්න තරමි කරැනු තියනවා.ලිවිට ව...මෙ ගැන වෙනම පොතක් ලියන්න තරමි කරැනු තියනවා.ලිවිට වැඩක් නැ.ආයෙත් ඒක උස්සන් යන්න වෙන්නෙත් පොත් ප්‍රකාශකයෙක් ලගටනේසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8145705867858853262015-09-21T09:27:34.498-04:002015-09-21T09:27:34.498-04:00අනෙත් කරුණ කතෘ ප්‍රකාශන අතර 'විකිණෙන පොත්'...අනෙත් කරුණ කතෘ ප්‍රකාශන අතර 'විකිණෙන පොත්' සැලකිය යුතු ප්‍රමානයක් තිබීම මෙවැනි සමතුලිතතාවකට බාධාවක් නෙමෙයි. අවශ්‍ය වන්නේ ප්‍රකාශකයෙකුගේ පොතක් විකිණෙන පොතක් වීමට තියෙන සම්භාවිතාව කතෘ ප්රකාශනයක එම සම්භාවිතාවට වඩා වැඩි වීම පමණයි. මුද්‍රණයෙන් පිටවන ඕනෑම පොතක් (සාමාන්‍යයෙන්) ලේඛකයා විසින් විකිණෙන පොතක් ලෙස තීරණය කළ එකක්. ප්‍රකාශකයෙක් විසින් භාර ගන්නා පොතක් මේ දෙයම දෙදෙනෙකු විසින් තහවුරු කළ පොතක්. එක් වරක් පෙරන ලද තීරණයකට වඩා දෙවරක් පෙරන ලද තීරණයක් නිවැරදි වීමට ඇති ඉඩකඩ වැඩියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5311395956522306302015-09-21T07:43:04.391-04:002015-09-21T07:43:04.391-04:00ඇත්තටම මම ඉදිරිපත් කළ සරල කරුණු වලට අමතර තවත් බොහෝ...ඇත්තටම මම ඉදිරිපත් කළ සරල කරුණු වලට අමතර තවත් බොහෝ දේවල් තියෙනවා. විචල්‍ය පිරිවැය වෙනස්වීම් හරහා හැදෙන ඒකාධිකාරය සාමාන්‍යයෙන් බොහෝ විට නරකම එකක් නෙමෙයි. අලෙවි ජාලයේ ඒකාධිකාරය අළුතින් එකතු වීමට සිතන කෙනෙක්ව අධෛර්යය කරවනවා.

මෙතැන ඔබ කියන පිටපත් වැඩිපුර මුද්‍රණය වැනි දේ තමයි සැබෑ ප්‍රශ්න. මෙවැනි දේවල් මඟින් නිදහස් වෙළඳපොලක තියෙන කාර්යක්ෂමතාවය නැති වෙනවා. ලංකාවේ තියෙන තත්ත්වය අනුව මේ වගේ දෙයක් අල්ලන්න හරිම අමාරුයි. අල්ලන්න පහසුම ක්‍රමය තමයි හොඳ බදු ක්‍රමයක් හඳුන්වා දීම. බදු ගෙවුවත්, නොගෙවුවත් සියළු දෙනාම බදු වාර්තා කළ යුතුනම් එක තැනකින් හංගන එක තව තැනකින් අහුවෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ නීතිඥයෙකුගේ ගාස්තු ආදායම් බදු වලට අල්ලන්න අමාරුයි. සාමාන්‍ය පුරවැසියෙකුට තමන් බදු ගෙවිය යුතු අදායමෙන් ඔහු ගෙවූ නීතිඥ ගාස්තු වලින් කොටසක් අඩු කරන්න දුන්නොත් ඔවුන් ඒවා වාර්තා කරනවා. එවිට, අදාල නීතිඥයින් ඒ ආදායම් වාර්තා කර තිබේද කියා පහසුවෙන් අල්ලා ගතහැකියි.

මම මේ විදිහට කිවුවට ක්‍රියාත්මක කරන්න බැරිනම් බොරුවට සංකීර්ණ නීති, බදු ක්‍රම දාල වැඩක් වෙන්නෙත් නැහැ. කරනවානම් ඕවා අල්ලන්න උපයන විට ගෙවීමේ බදු තොරතුරු ප්‍රමාණවත්. මෙවැනි බද්දක එක පරමාර්ථයක් වන්නේ බදු ගෙවීම විධිමත් කිරීම. ඒත් වෙන විදිහ මම කියන්න අවශ්‍ය නැහැනේ. අන්තිමට ලංකාවේ ආදායම් බදු හරියට ගෙවන්නේ නිශ්චිත වැටුපක් ලබන සේවකයින් විතරයිනේ. ඒ නිසා භාණ්ඩ මත එකතු කරන බදු හරහා බදු බර අන්තිමට වැටෙන්නේ පහළම ස්ථර වල ඉන්න පරිභෝජනය කරන්නන්ට.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67518209964941109812015-09-21T07:18:23.199-04:002015-09-21T07:18:23.199-04:00ඔබේ පොත මිල කර ඇත්තේ 'නියම' මිලට වඩා අඩුවෙ...ඔබේ පොත මිල කර ඇත්තේ 'නියම' මිලට වඩා අඩුවෙන් විය යුතුය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1474573331917918372015-09-21T04:06:03.170-04:002015-09-21T04:06:03.170-04:00අනෙක් කරුණ මේ අය අතර සිල්ලර වෙළදාමක් නෑ තියෙන්නේ ක...අනෙක් කරුණ මේ අය අතර සිල්ලර වෙළදාමක් නෑ තියෙන්නේ කෙළින්ම ඕඩඒ එකට බඩු ටික යැවීම විතරයි. එවන් සංකීර්ණ අලෙවි ජාලයක් ඒ අය සතුයි. අලුතින් එන කෙනකුට මේ ව්‍යපාරයට ඇතුළුවන්න අසීරු මේ අලවි ජාලය නොමැති කමයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55270949637286695772015-09-21T04:04:42.978-04:002015-09-21T04:04:42.978-04:00මතුපිටින් පෙනෙන්නේ එහෙම තමයි. කෙළින්ම ලේඛකයාගේ කොට...මතුපිටින් පෙනෙන්නේ එහෙම තමයි. කෙළින්ම ලේඛකයාගේ කොටස හිමිවෙනවා. සාමාන්‍ය ක්‍රමයට ඔහුගේ ලාභයත් ලැබෙනවා. පොත් 1000ක් සදහා යන වියදමට වඩා ඉතාම සුළු මුදලයි පොත් දෙදාහක් මුද්‍රණයේදි වැය වන්නේ. උදා හරණ කොළ හා තින්ත වියදම හා පොඩි වේස්ටේජ් එකක් විතරයි වියදම. අන්න එතැනින් තමා වැඩිම ලාභය ගන්නේ රසික. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15153846520611463982015-09-21T02:55:30.980-04:002015-09-21T02:55:30.980-04:00එකක් හිතා ගත්තා.. කවද හරි පොතක් ලියනවනම් ප්‍රකාශන ...එකක් හිතා ගත්තා.. කවද හරි පොතක් ලියනවනම් ප්‍රකාශන වියදම සම්පුර්ණයෙන්ම දරන්න, ඒ කියන්නේ ඒ වියදම අමතක කරන්න පුළුවන් නම් විතරයි ලියල ප්‍රකාශ කරන්නේ.. මොන මඟුලක්ද යකෝ නැත්නම් මේක? සක්.. අර අරුණිගේ ලිපිය කියෙව්වම ඇඩෙනවා.. ඇමෙරිකාවේ වෙන විදිය ගැන හිතෙනකොට..
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22450424926598580202015-09-21T01:58:20.558-04:002015-09-21T01:58:20.558-04:00මෙය සැබවින්ම හොරකමක්. තුච්ඡ හොරකමක්!
නමුත් නලීන් ...මෙය සැබවින්ම හොරකමක්. තුච්ඡ හොරකමක්!

නමුත් නලීන් මේ හොර ප්රකාශකයාට හොරකමෙන් ලැබෙන්නේ නියමිත මිලෙන් 10% මුදලක් පමණක් නේද? නිෂ්පාදන වියදම වෙනුවෙන් ලැබෙන 60% එලෙසම ළැබෙනවා. සිල්ලර විකිණීමට ලැබෙන 40% වෙනසකුත් නෑ.

ලේඛකයාගේ කතෘ භාගය විතරයි නේද හොරා කෑ හැකි දෙයක් තියෙන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82228736088634451482015-09-21T01:44:20.333-04:002015-09-21T01:44:20.333-04:00ඔන්න ඔබ ට දෙන ඉගි මගින් ඔබ අපුරුතම සංකල්ප අප වෙත ...ඔන්න ඔබ ට දෙන ඉගි මගින් ඔබ අපුරුතම සංකල්ප අප වෙත ලබා දෙනවා. ඉතාමත් කදිමයි. රසික මතු කරන කාරණයත් හරි තමා. එහෙම නං ඔබ නොහිතුව තවත් පැත්තක් මේ ව්‍යාපාරයේ තියනවා එයත් මං දැන් කියන්නං.
කර්තෘවරයෙකු ප්‍රකාශකයෙකු හරහා පොතක් එළි දක්වනවා. ඉතාම කැමැත්තෙන්ම කර්තෘවරයාගේ නම අනුව ප්රකාශකයාත් භාර ගන්නවා. මුල් ගිවිසුම පොත් 1000යි. කර්තෘවරයාගේ නම හේතුවෙන්ම ප්‍රකාශකයා අත්ති කරම් මුදලක්ද ගෛවනවා. ගිවිසුමකුත් ඇතිකරගන අත්සන් කරනවා.
හරිම සතුටුයි කර්තෘවරයාට. දන්නවද යටින් වෙන දේ පොත් 1000ට දෙදාහක් මද්‍රණය කෙරෙනවා. මේවා ජාල ගත ව්‍යාපාර. මුද්‍රණාලය පරික්ෂාවට ගියත් හොයාගන්න ලැබෙන්නේ 1000යි. අවසානයේ කර්තෘවරයාට ප්ලේට් ටිකත් දෙනවා පරිස්සම් කරලා තියාගන්න කියලා.
අද දවසේ ක්ෂේත්රය අල්ලාගත් පොත් ප්රකාශකයෙකුට පොත් 2000ක් විකිණිම යනු අති සරල ක්‍රියාදාමයක්. ඔවුන්ගේ පොත් ගන්නට පුස්ථකාල වැනි ආයතනම බැදි සිටිනවා. කර්තෘට පොත් 1000ක ට හිමි සම්පුර්ණ මුදල මාස ගණනාවකින් ලැබෙනවා හෝ පොත් ඉතිරියි තාම විකිණුණේ නැ වැනි දේ අහන්න ලැබෙනවා. නමුත් අත යට පොත් 1000ක් හෝ එයිටත් වැඩිය අලවි කොට හමාරයි ඒ වන විට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84775725121675961152015-09-21T01:20:37.587-04:002015-09-21T01:20:37.587-04:00/* එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද? */
.../* එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද? */
මා අත තබා ගත් පොත් සියල්ලම අවසාන නිසා ලංකාවට ගිය විට ජනක ඉණිමංකඩ හමුවී ඔහූ ලඟ ඇති පොත් ලබා ගැනීමට අදහස් කරමි.

ඇත්තටම කියනවා නම්, මා පසුගිය 2014 අප්‍රියෙල් මාසයේ එවකට නුගේගොඩ පිහිටි විදර්ශන කඩයෙන් ඔය පොතක් මුලු මුදලම ගෙවා මිලට ගතිමි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67559396292246247032015-09-20T21:34:44.832-04:002015-09-20T21:34:44.832-04:00ඔබ හරි, විචාරක. නොවිකිණෙන කර්තෘ ප්‍රකාශන ගබඩා කර ත...ඔබ හරි, විචාරක. නොවිකිණෙන කර්තෘ ප්‍රකාශන ගබඩා කර තබා ගැනීමේ වියදම පාඩුවක්. එයත් ආවරණය කර ගැනීමට වෙන්නේ විකිණෙන පොත් වලින් ලැබෙන 40%න්. මේ සියළුම වියදම් ඉවත් කළ විට බොහෝ විට ඔවුන්ට ලැබෙනවා ඇත්තේ ව්‍යාපාරයේ රැදී සිටීමට අවශ්‍ය තරමේ, ආයෝජනය කළ මුදලට සහ ගන්නා අවදානමට සරිලන තරමේ ලාභයක් මිස සුපිරි ලාභයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63770384846162328912015-09-20T21:19:13.102-04:002015-09-20T21:19:13.102-04:00කොහොමටත් පොත් ප්‍රකාශක සමාගම් පමණයි ශුද්ධ ලාභයක් ල...කොහොමටත් පොත් ප්‍රකාශක සමාගම් පමණයි ශුද්ධ ලාභයක් ලබන්නේ. a. උදාහරණයේදී අත්තිකාරමක් නොගෙන වෙළෙන්දා පොත් ලබාගත්තත්, ඒවා නොවිකිණී තිබුණත්, ගබඩාකර තැබීම සඳහා ඉඩකඩ වෙන් කිරීමත් පාඩුවක් නේද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com