tag:blogger.com,1999:blog-3221129106341750825.post7899666627773887512..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ශ්‍රීලනිපයේ අනාගතය Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3221129106341750825.post-18662631209181121652018-03-06T03:13:33.871-05:002018-03-06T03:13:33.871-05:00ඉකොනොමැට්ටාගෙන් කොපි කරලද මන්දා, ශ්‍රී ලංකා පොදුජ...ඉකොනොමැට්ටාගෙන් කොපි කරලද මන්දා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගිය මැතිවරණයේ ලබා ගෙන ඇත්තේ 40.66% ප්‍රතිශතයක් බව ඇමති චම්පික රණවකත් කියනවා.

ගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇතැයිද ඔහු කියයි.

මාධ්‍ය ආයතනවලින් වාර්තා කර ඇත්තේ අසත්‍ය ප්‍රතිඵලයක් යයිද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඔහු පවසන සත්‍ය ප්රථිඵලය ගත් මූලාශ්‍රය සදහන් කර නැත. බොහෝවිට ඉකොනොමැට්ටා වෙබ් අඩවිය විය යුතුයි.

එමෙන්ම මැතිවරණ කොමිසම විසින් මේ වන තෙක් අවසන් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත්කර නොමැත. ඉතිහාසයේ මුල් වතාවට තැපැල් ඡුන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකලේද මෙවර මැතිවරණයේදීය.

ඇමතිවරයාගේ ෆේස්බුක් අඩවියේ සදහන් කර ඇති වාර්තාව මෙසේය.

පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි.
මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදියි.

පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය : 40.66%
(මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)

ජවිපෙ ප්‍රතිශතය : 5.8%
(මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)

මේ වරද සිදුවූයේ කෙසේ ද?

බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.

නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප්‍රතිශතය වෙනස් විය යුතුය.

ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.

මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ ප්රමුඛ දූෂිත කල්ලියට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.

මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ සියළුම පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.

මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක්‍රියාමාර්ග ගැනීමය.

පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ ෆේස්බූක් අඩවියේ ඇසුරිනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33948644629640151332018-02-26T06:38:26.837-05:002018-02-26T06:38:26.837-05:00//මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය...//මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය එජාප යට ජය ගත හැකියැයි තර්කයක් ගොඩනැගීමට ඉකොනොමැට්ටා දත්ත විශ්ලේශනය ඉක්මවා උත්සහ දරා ඇතැයි සිතේ.//
නැත. එය එජාපයට ඉතා දුරස්ථ බව සක් සුදක් සේ පැහැදිලිය.

//පාවෙන ඡන්ද යනු අද තිබෙන තැන එසේම තිබේයැයි කිසි ලෙසකින්වත් නොගත යුතු ඡන්ද පදනමක් පමණි. එය බොහෝ විට එක් එක් මැතිවරණයේදී වඩා තර්කානුකූල පදනම සොයා විතැන් වෙන්නකි.//
මම කියන්නේත් මේ කරුණයි. ඒ ඡන්ද වලට ඕනෑම දෙයක් විය හැකිය. අනාගතය කොහේවත් ලියැවී නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48116651952314317052018-02-25T22:35:02.988-05:002018-02-25T22:35:02.988-05:00මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය එ...මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය එජාප යට ජය ගත හැකියැයි තර්කයක් ගොඩනැගීමට ඉකොනොමැට්ටා දත්ත විශ්ලේශනය ඉක්මවා උත්සහ දරා ඇතැයි සිතේ.

මෙහිදී පාවෙන චන්ද වල හැසිරීම පක්ෂ වහළුන්ගේ හැසිරීම දක්වා ඌනනය කිරීමක් කර ඇති ලෙස මට සිතේ.

පාවෙන ඡන්ද යනු අද තිබෙන තැන එසේම තිබේයැයි කිසි ලෙසකින්වත් නොගත යුතු ඡන්ද පදනමක් පමණි. එය බොහෝ විට එක් එක් මැතිවරණයේදී වඩා තර්කානුකූල පදනම සොයා විතැන් වෙන්නකි. පාවෙන ඡන්ද දායකයා රැවටිය හැක්කේ එක් වරකි. එක් ඡන්දයක් එක් වරකි.

මෙවර ඡන්දයේදී දූෂ්ණ විරෝධී වීරයා චරිතය රඟපෑ ජනාධිපති වරයා, මැතිවරණය අවසානය හා අපි තරහයි නාටකා අකුලා දමා, මහ බැංකු වාර්ථාව හමස් පෙට්ටියේ එබීමත් සමග ඔහු වෙත පැමිණි පාවෙන ඡන්ද ද පාවී ඉවත යාම වලක්ක ගත නොහැකිය.
2002 දී චන්ද්‍රිකාගේ විකාර දේශද්‍රෝහී පාලනයට එරෙහිව බොහෝ දෙනා එජාපය ට පක්ෂව ඡන්දය භාවිතා කලද සටන් විරාම ගිවිසුම හරහා රනිල් වික්‍රමසිංහ ඒ විශ්වාසය හා සූදු කෙලියේය. එහි වන්දිය අදටත් ගෙවන ඔහු පාවෙන චන්ද ආකර්ශනය කරගත නොහැකිව ලත වේ.

එසේම 2015 ඡන්ද ජයග්රහනයෙන් පසු මෙතෙක් බලයක් නැතිව සිටි එජාප පාක්ශිකයින්ට සැලකීමට ඉදිරිපත් වීම හරහා ඔහු නැවත වරක් ඔහු වෙත පක්ෂ වූ පාවෙන ඡන්ද වලට කෝචොක් කලේය.

පාර්ලිමේන්තුවේ අසන පැනවලට විසිළු පිළිතුරු සපයමින්, පාවෙන ඡන්ද විහිළුවට ලක් කලේය. පාක්ෂික වහලා ඒ විහිළු ධනාත්මකව අර්ථ දැක්වීමට ඉදිරිපත් වුවද, පාක්ශිකයෙකු නොවන චන්ද දායකයා ඒවා අර්ථකථනය කරන්නේ වෙනත් කෝනයකිනි.

මෙන්න මේ යථාර්තය වටහා නොගෙන කරනු ලබන විග්රහයකින් ලැබිය හැකි යථා අවබෝධයක් නැති අතර, තමාවම මුලාකර ගැනීමක් සිදුවේ.

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com