tag:blogger.com,1999:blog-3221129106341750825.post9001384524981686305..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ආහාර නාස්තිය අඩුකර කුසගිණි නිවිය හැකිද?Unknownnoreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3221129106341750825.post-19336666485191209952017-11-19T22:29:16.572-05:002017-11-19T22:29:16.572-05:00"සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත. එහෙත් ..."සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත. එහෙත් අප හෝටල් වලදී සොසේජස්, කුකුල් මස්, හරක් මස්, රිබ්ස්, චීස්, යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින් බෙදා ගෙන නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති. මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය."

මේ මොංගල් මැන්ටල් දොස්තර කියනා රුවන් කියන ඒවා 50% විතරක් hari කියලා හිතවට කමක් නැ මේකා කෙලින්නේ පට්ට පල් බොරු මෙයයි රජිත ඇමතියි දෙකම එකයි කියන්නේ උගත් දොස්තරවරු කියලා කතාවෙන් තේරෙනවා මුන්ගේ හුජ්ජ ජන්ගියෙන් ලික් වෙනවා කියලා පම්පස් ඇන්දත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28233918603778085832017-11-19T20:07:24.126-05:002017-11-19T20:07:24.126-05:00ජා ඇල පැත්තේ ඉස්සර වැඩ කරද්දී මං දැක්කා කෑම කඩවල ඉ...ජා ඇල පැත්තේ ඉස්සර වැඩ කරද්දී මං දැක්කා කෑම කඩවල ඉතිරි කෑම එකතුකරන පිරිස්..ඒ අය ඒ කෑම ඌරන්ට දෙනෝ.. මේ පොලිතින් පාවිච්චිය නිසා ඉවතලන කෑම සතෙක්ටවත් කන්න අමාරුයි ..කෑම වෙනමම ඉවතලනවනම් ඌරන්ට යොමු කිරීම හෝ පෝර හදන්න දානෙක ලේසී..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82553614755611599662017-11-18T18:23:58.228-05:002017-11-18T18:23:58.228-05:00එහෙනම් ප්‍රශ්නයක් නැහැ.
/කියුබාවේ වගේම අනෙක් සමාජව...එහෙනම් ප්‍රශ්නයක් නැහැ.
/කියුබාවේ වගේම අනෙක් සමාජවාදී රටවලත් තිබෙන/තිබුණු ප්රශ්නය වන්නේ පෞද්ගලික ප්රතිලාභ නැති විට බොහෝ දෙනෙක් නිෂ්පාදනය සඳහා දිරිමත් නොවීම නිසා සමස්ත නිෂ්පාදනය අඩු වීමයි// ඔව් එක ඇත්ත.එක මම අත්දුටු දෙයක් රුසියාවේදී. මම ට්‍රේනින් වලට ගිය කම්හල් වල කම්කරුවන් වැඩිය වැඩ කලේ නැත්තේ ලාභය යන්නේ පක්ෂ නිලධාරීන්ට කියල. කියුබාවේ දැන් තත්වය ටිකක් අමාරු ඇති කියල මමත් හිතනවා. කියුබාවේ GDP එක ඩොලර් බිලියන් 87.13 2015 දී ගුගල් , ලංකාවේ 81.32 ඩොලර් බිලියන්. නිදහස් සෞඛ්‍ය සේවා රටවල් දෙකේම තියනවා. ආහාර සලාක ක්‍රමයට උනත් උන් අල හරි කනවා. සෝවියට් දේශයේ මම දැක්කෙත් ඒක. ප්‍රශ්නේ ඉතින් එහෙම සිස්ටම් එක්ක ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60299034839413394332017-11-18T15:32:07.411-05:002017-11-18T15:32:07.411-05:00ප්‍රතිචාරය ලියා ආපසු කියවමින් ඉන්න විට පෝස්ට් වුන ...ප්‍රතිචාරය ලියා ආපසු කියවමින් ඉන්න විට පෝස්ට් වුන නිසා එවෙලේම එය ඩිලීට් කර එඩිටඩ් වර්ෂන් එක දැම්මා. මුල් වර්ෂන් එක ඊමේල් එකට එන්න ඇති. කොහොම වුනත් මේ කොටස ඩිලීට් කළේ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් ලෙස ඕනෑවට වඩා දේ පළ කළ යුතු නැති නිසා මිස වැරදි නිසා නෙමෙයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනේ වෙබ් අඩවියට අනුව කියුබාවේ ආහාර අවශ්‍යතාවයෙන් 70-80% පමණ ආනයනය කළ යුතුයි. ඒ නිසා, රටේ ජනතාවට මන්දපෝෂණයෙන් මිදෙන්න අවශ්‍ය මූලික කැලරි ප්‍රමාණය ලබාගන්න අවශ්‍ය තරමටවත් ආහාර කියුබාව තුළ නිෂ්පාදනය නොවන බව බොරුවක් නෙමෙයි. රටේ කොටසකට ආහාර මදි වෙන්න හේතුව ඉතිරි අය ඔවුන් නිපදවන දෙය සූරාකෑමනම්, එවැනි සූරාකෑමක් නැති තැනක ආහාර හිඟයක් තියෙන්න විදිහක් නැහැනේ.

ඒ වගේම එහිම ඇති දත්ත අනුව, කියුබාවේ වසර 2ට අඩු දරුවන්ගෙන් 31.6%කුත්, මාස 6ට අඩු දරුවන්ගෙන් 39.6කුත් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ලින්ක් එක පහතින්.

http://www1.wfp.org/countries/cuba

//ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ.//

ඔය අජිත් විසින් ලින්ක් එක දමා තිබෙන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ ලියා තිබෙන්නේ "According to the document, the percentage of underweight children in different region of the world are...Cuba has no such problems, it is the only country in Latin America and the Caribbean that has eliminated severe child malnutrition, thanks to government efforts to improve the nutrition of people, especially those most vulnerable." කියා වුවත් ඒ බව සඳහන්යැයි බ්ලොග්කරු කියන යුනිසෙෆ් වාර්තාවේ තියෙන්නේ "Cuba, for example, has reduced its underweight prevalence from 9 per cent to 4 per cent in just four years (1996–2000)." කියලයි. "eliminate" කළානම් 4%ක්වත් තියෙන්න විදිහක් නෑනේ. අජිත් වැනි අය පවා ලින්ක් එක ක්ලික් කර වාර්තාව නොකියවන නිසයි මෙවැනි අය මෙසේ ලියන්නේ. (කොහොම වුණත් 4% මට්ටම කියන්නේ නරක මට්ටමක් නෙමෙයි. මෙය ලතින් ඇමරිකාවේ සාමාන්‍ය අගය වන 7%ට වඩා අඩුයි. ප්රශ්නය වන්නේ දිගටම එය ඒ මට්ටමේ තබාගන්න අපහසු වීමයි.)

ලෝක බැංකු දත්ත අනුව කියුබාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය 5%ක් (https://data.worldbank.org/indicator/SN.ITK.DEFC.ZS?locations=CU) මම දන්නා තරමින් කියුබාවේ 2000න් පසු සංඛ්‍යාලේඛණ නෑ. මම හිතන විදිහට මේ 5% කියන්නේ අවසන් වරට ලබාගත් 2000 ඇස්තමේන්තුවයි. ඉන්පසු වසර 17 තුළ කියුබාවේ ආර්ථිකයේ වෙනස් වුනේ මොන පැත්තටද කියන එක රහසක් නෙමෙයි කියලයි මම හිතන්නේ. කියුබාවේ අලුත් තත්ත්වය මම ඇස් දෙකින් දැක නැති නිසා එසේ දැක ඇති කෙනෙක් කියන දෙයට යම් බරක් තියන්න වෙනවා. රුවන් කියන්නේ ධනවාදය ගැන විශ්වාසය තබන කෙනෙක්වත්, සමාජවාදය මුළුමනින්ම බැහැර කරන කෙනෙක්වත් නෙමෙයි. ඔහු ලියා ඇති හැම දෙයක් සමඟම මම එකඟ වෙන්නේ නැහැ. ඒ වුණත්, රුවන් විසින් ඔහු දුටු දේ හා ඔහුට දැනුණු හැඟීම් නිවැරදිව වාර්තා කර තිබෙනවා කියා මම හිතනවා.

//ඔය හෝටල් වල වැඩ කරන අයට ඒ කෑම හුඟක් වෙලාවට දෙනවා.//
එහෙම හිතල කෑම ඉතුරු කළොත් එදාට ඉතිරිවන කෑම සේවකයින්ට ලැබෙයි. නමුත්, මෙය හැමදාම වෙනවනම් හෝටල් පාලකයින් විසින් අනිවාර්යයයෙන්ම උයන කෑම ප්‍රමාණය සීමා කරනවා.

කියුබාවේ වගේම අනෙක් සමාජවාදී රටවලත් තිබෙන/තිබුණු ප්රශ්නය වන්නේ පෞද්ගලික ප්රතිලාභ නැති විට බොහෝ දෙනෙක් නිෂ්පාදනය සඳහා දිරිමත් නොවීම නිසා සමස්ත නිෂ්පාදනය අඩු වීමයි. කවුරු හෝ නිපදවන විට බෙදාගන්න ආකාරය ගැන වාද විවාද කළ හැකි වුවත් වතුර පමණක් තිබෙන ආඬි හත් දෙනාගේ කැඳ හැලියක් සමානව බෙදුවා කියා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. හැලියට හාල් දමන්න කවුරු හෝ සිටිය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30115530196989703312017-11-18T05:56:14.421-05:002017-11-18T05:56:14.421-05:00ඔබ කියුබාවේ මන්දපොෂණයක් ඇති ය කියන ප්‍රතිචාරයක් ලැ...ඔබ කියුබාවේ මන්දපොෂණයක් ඇති ය කියන ප්‍රතිචාරයක් ලැබුන. එය මෙහි නැහැ.
/කියුබාව වැනි රටක මන්දපෝෂණයෙන් මිදෙන්න තරම්වත් නිෂ්පාදනයක් සිදු නොවන්නේ ඇයි කියන එකයි// මේ කතාවටම මම විරුද්ධ නිසා. කියුබාවේ රුවන් කියන්නේ එයාල කන ඉධිහ වේටර් ල බලන් හිටිය පෙරේත කමින් වගේ කියල. ඔහුට එහෙම කියන්න පුළුවන්. අපි කන දිහා ලංකාවේ වේටර් ලත් බලනවා. ඔවුන් පෙරේත කමින්ද බලන්නේ. ඔය හෝටල් වල වැඩ කරන අයට ඒ කෑම හුඟක් වෙලාවට දෙනවා. සෝවියට් දේශයේ හෝටල් වල රස්සා හොයන්න කැමති ගොඩක් අය හිටිය.
ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා.
https://youthandeldersja.wordpress.com/2015/03/12/unicef-cuba-has-0-child-malnutrition/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14816446397913977192017-11-17T22:08:45.302-05:002017-11-17T22:08:45.302-05:00මෙවැනි සැලසුම් මධ්‍යගත ලෙස හදන්න උත්සාහ කළ බොහෝ තැ...මෙවැනි සැලසුම් මධ්‍යගත ලෙස හදන්න උත්සාහ කළ බොහෝ තැන් වල අවසානයේදී සිදු වී තිබෙන්නේ කබලෙන් ලිපට වැටීමක් පමණයි, ඇනෝ. රුවන් විසින් ලියා ඇති කියුබාවේ විස්තරයම උදාහරණයක්. නමුත් පුද්ගලයින්ට මුල් වී ඇතැම් දේ කළ හැකියි. දැන් ඔය මාස ගණනකට පෙර පැමිණි ගංවතුර අවස්ථාව බැලුවත් මෙය ඉතා හොඳින් සිදුවුනානේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86237945610241020242017-11-17T21:46:45.465-05:002017-11-17T21:46:45.465-05:00ඇත්තටම අජිත් ඔබේ ලින්ක් වල තිබෙන දේ මම කියන දෙයට ව...ඇත්තටම අජිත් ඔබේ ලින්ක් වල තිබෙන දේ මම කියන දෙයට විරුද්ධ නැහැ. මේ වගේ ප්‍රශ්න වලට අවධානය යොමු කර ගැනීමේ අදහසින් ලියන ආකාරය නිසා ඇතැම් විට ජනගත වෙන්නේ වෙනත් අදහසක්.

ඔබේ ලින්ක් එකේ ඇති පරිදි "If the amount of food wasted around the world were reduced by just 25% there would be enough food to feed all the people who are malnourished, according to the UN." මම සංඛ්‍යාලේඛණ පරීක්ෂා කළේ නැතත් මෙය නිවැරදියි කියා හිතනවා. නමුත්, මෙහි තියෙන්නේ සැසඳීමක් පමණයි. මේ වාක්‍යයේ අදහස වන්නේ නාස්ති වන ආහාර ප්‍රමාණය මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ ආහාර අවශ්‍යතාවය මෙන් සිවු ගුණයක් තරම් විශාල බවයි. එසේ වූ පමණින් මේ ආහාර නාස්තිය අඩු වුණා කියා මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ බඩවල් පිරෙන යාන්ත්‍රණයක් කොහෙවත් නැහැ. නමුත් මෙවැනි දේ බොහෝ මාධ්‍ය වල වාර්තාවන්නේ නාස්තිය අඩුවුවහොත් ස්වභාවික ලෙසම මන්දපෝෂණ ප්රශ්නය විසඳෙන බව හැඟෙන පරිදියි.

මේ අයුරින් ඇමරිකාවේ හා යුරෝපයේ නාස්ති වන ආහාර නිෂ්පාදනය වන්නේම නාස්ති කිරීම සඳහා ආහාර මිල දී ගන්නා අය ඉන්න නිසයි. ඔවුන් එසේ ආහාර මිල දී ගෙන නාස්ති නොකළානම් අවශ්‍ය මිල ගෙවන්න කෙනෙක් නැති නිසා මේ ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආහාර වෙන කෙනෙක්ට ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන අයටත් ආහාර මිලදී ගෙන එයින් කොටසක් නාස්ති කරන්න තරම් මුදල් තිබුණානම් ඒ මුදල් වෙනුවෙන් කවුරු හෝ ආහාර නිෂ්පාදනය කරනවා. (පාරිසරික ප්‍රශ්න වැඩි විය හැකියි)

මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ ප්රශ්නය විසඳෙන්නනම් ආහාර මිල දී ගත හැකි තරමට ඒ අයගේ ආදායම් වැඩි විය යුතුයි. හොඳම හා තිරසාරම විසඳුම එයයි. නැත්නම්, මුදල් ඇති අය ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වැය කර එවැනි අයගේ ආහාර සම්පාදනය කළ යුතුයි. එයත් සිදුවෙනවානම් අවුලක් නැති විසඳුමක්. තෙවන විකල්පය වන්නේ මුදල් ඇති අයගේ මුදල් බලෙන් ගෙන මුදල් නැති අය සුබසාධනය කිරීමයි. එය තිරසාර විසඳුමක් නෙමෙයි. කවර අයුරකින් හෝ මුදල් යොදවන්න කිසිවෙක් නැත්නම් නිෂ්පාදනයක් සිදුවෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33930747346615806132017-11-17T21:21:28.872-05:002017-11-17T21:21:28.872-05:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5311236236790179572017-11-17T20:34:31.360-05:002017-11-17T20:34:31.360-05:00හැමදාම ඔබ ඉතා මැනවින් අදහස් ගොනුකොට සාරවත් ලිපියක්...හැමදාම ඔබ ඉතා මැනවින් අදහස් ගොනුකොට සාරවත් ලිපියක් ඉදිරිපත් කරනවා. ආහාර තමන්ගේ කුසට ප්‍රමාණවත් තරමින් පරිභෝජනය නිසා කෑම කඩයක නම් ඉක්මනින්ම ඉතිරිවන අමුද්‍රව්‍ය ප්‍රමාණය බලාගත හැක. මිනිසුන් 'හාල් සිල්ලර' ගෙදර ගෙනිහින් වන අපතේ යාම් අඩු කරගැනීමේ බලපෑම එකවරටම බලාගත නොහැක. නමුත් ටිකෙන් ටික එය ගණනය කරගත හැක. උයන ප්‍රමාණය විකිණෙන්නෙ නැතිකොට කඩ හිමියා හෙමිහිට තමන් මිළට ගන්නා ප්‍රමාණය අඩු කරයි. මේ විදියට මේ ක්‍රියාවලිය ආපසු හැරවීමෙන් ඉතිරිවන සම්පත් විවිධ සැලසුම් මගින් බඩගින්නේ ඉන්නා අය අඩු කරගැනීමට පාවිච්චිකරන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19977076366238765792017-11-17T18:27:50.377-05:002017-11-17T18:27:50.377-05:00utting food waste by a quarter would mean enough f...utting food waste by a quarter would mean enough for everyone, says UN
https://www.theguardian.com/environment/2015/aug/12/cutting-food-waste-enough-for-everyone-says-unAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33708217803950804422017-11-17T18:27:22.703-05:002017-11-17T18:27:22.703-05:00//ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 ...//ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 වසරේ ඇස්තමේන්තු අනුව වසර තුළ එක් අයෙකු විසින් නාස්ති කර ඇති ආහාර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් රාත්තල් 218.9කි// මම අහලා තියන කතාවක් තමයි (දත්ත නැහැ ඔප්පු කරන්න) ඇමෙරිකාවේ ඉවත දමන ආහාර වලින් අප්‍රිකානු මහාද්වීපයේ කුසගින්න තුරන් කල හැකි බව. ඔබ කියන අදහසට මදක් විරුද්ද්ධයි වගේ එක.
http://www.bbc.co.uk/news/business-28092034
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70573348448295782972017-11-17T18:24:24.225-05:002017-11-17T18:24:24.225-05:00ඔය සෝවියට් දේශයේ වුනා වගේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ...ඔය සෝවියට් දේශයේ වුනා වගේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා අහර අරගෙන තියා ගන්නවා. පස්සේ එන එවුන්ට නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7204731316611257462017-11-17T16:58:03.916-05:002017-11-17T16:58:03.916-05:00Nice article. Nice article. මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65371727880483426262017-11-17T15:05:07.059-05:002017-11-17T15:05:07.059-05:00ඔබ අහන්න ඇත්තේ මෙය කියා හිතුනා. බොහෝ විට නාස්ති වෙ...ඔබ අහන්න ඇත්තේ මෙය කියා හිතුනා. බොහෝ විට නාස්ති වෙන්නේ කල් තබා ගත නොහැකි අමු ආහාර. පාරිසරික ප්‍රශ්න වලට හේතු වෙන්නෙත් මෙවැනි අමු ආහාර කුණු බක්කි වලට යාමයි. වියලි ආහාර හා අදාළව ඔබ කියන කරුණ බොහෝ දුරට නිවැරදියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57607948001034642032017-11-17T13:11:41.909-05:002017-11-17T13:11:41.909-05:00මම මේක ඇහුවෙ මේකයි ඉකොනොමැට්ටා
"...බිය පහවන ...මම මේක ඇහුවෙ මේකයි ඉකොනොමැට්ටා

"...බිය පහවන තුරු ආහාර තමා සතුව තබා ගන්නට බොහෝ මිනිස්සු පෙළඹෙති.

මෙහි ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර තමන් සන්තකයේ තබා ගැනීමට පෙළඹීමක් ඇති වීම හා ඒ හේතුවෙන් ආහාර සඳහා පරිභෝජන අවශ්‍යතාවය ඉක්මවන ඉල්ලුමක් ඇති වීමයි. ඒ ඉල්ලුම සැපයෙන තරමට ආහාර නිෂ්පාදනය වන අතර මේ නිසා ආහාර නාස්තියේ අවසාන ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ආහාර නිෂ්පාදනය වීමයි..."

මෙන්න මේක තාවකාලික දෙයක් නේද කියලා අහන්නයි පෙට්‍රල් උදාහරණෙ ගත්තෙ. නමුත් මම ඇහුවෙ කෑම ගැන තමයි.

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55450880491802990702017-11-17T10:58:56.214-05:002017-11-17T10:58:56.214-05:00ස්තුතියි, ඉන්දුමතී!ස්තුතියි, ඉන්දුමතී!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40558831532016280782017-11-17T10:57:38.569-05:002017-11-17T10:57:38.569-05:00මේ ගැන මම වැඩි දෙයක් දන්නේනම් නැහැ. හැබැයි මේ වගේ ...මේ ගැන මම වැඩි දෙයක් දන්නේනම් නැහැ. හැබැයි මේ වගේ ඉල්ලීමක වැරැද්දක් නැහැ නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4906601413922892772017-11-17T10:56:47.506-05:002017-11-17T10:56:47.506-05:00This is a good price discrimination strategy. Thos...This is a good price discrimination strategy. Those who want to waste food can bear its cost while others don't need to contribute.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58571516942556068332017-11-17T10:55:08.025-05:002017-11-17T10:55:08.025-05:00ඔව්. සමාජවාදී ක්‍රමයක් යටතේ එවැනි දේ විය හැකියි.ඔව්. සමාජවාදී ක්‍රමයක් යටතේ එවැනි දේ විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33367055096641839622017-11-17T10:54:09.317-05:002017-11-17T10:54:09.317-05:00ඇමරිකාවේ සුපිරි වෙළඳසැල් වල කල් ඉකුත් වෙන්න ආසන්න ...ඇමරිකාවේ සුපිරි වෙළඳසැල් වල කල් ඉකුත් වෙන්න ආසන්න ආහාර බොහෝ විට ආහාර බැංකු වලට යවනවා. එංගලන්තයේ සුපිරි වෙළඳසැල් වල මා දුටු දෙයක් තමයි මෙවැනි ආහාර ඉතාම සුළු මුදලකට අලෙවි කිරීම. අපත් ඒ දවස් වල පුරුදු වී සිටියා මෙය කරන වෙලාවට ගොස් අඩු මිලට පාන්, පළතුරු ආදිය ගන්න. මෙයින් ඔවුන්ට අන්තිමට වෙන්නේ පාඩුවක්. නමුත්, ඇමරිකාවේ එසේ කරනු මම දැක නැහැ. මිල එසේම පවතිද්දී ආහාර නැති අයට ආහාරත් ලැබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20629904468965929662017-11-17T10:48:40.058-05:002017-11-17T10:48:40.058-05:00කොහේ හෝ ආහාර බැංකුවක පෝලිම් ඇති වූ විට එය නිවුස් එ...කොහේ හෝ ආහාර බැංකුවක පෝලිම් ඇති වූ විට එය නිවුස් එකක්. එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් එවැනි පෝලිම් නැති බවයි. නැතිවම බැරි වෙලාවක ඉල්ලගෙන කෑවත් සාමාන්‍යයෙන් ඇමරිකානුවන් අනුන්ගෙන් ඉල්ලාගෙන කන එක ගැන ආඩම්බර වන්නේ නැහැ. ඒ වගේම, අඩු ආදායම්ලාභීන්ට ප්‍රමාණවත් තරමේ ආහාර සහනාධාරයක් රජයෙනුත් ලැබෙනවා. ආහාර බැංකු වල පෝලිම් ඇති වූ විට කවුරු හෝ පිරිසක් එකතු වී ආහාර එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සිදුවෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54233054156307201062017-11-17T10:46:34.374-05:002017-11-17T10:46:34.374-05:00වෙනදා සේම නව දැක්මක් ඇති ලිපියක් . ස්තුතියි වෙනදා සේම නව දැක්මක් ඇති ලිපියක් . ස්තුතියි indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58800482598016976912017-11-17T10:42:45.978-05:002017-11-17T10:42:45.978-05:00මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් දෙනෙක්ට හිතේ හැටියට කන...මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් දෙනෙක්ට හිතේ හැටියට කන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අහුවුණු වෙලාවට හැකිතරම් කන එක එහි ප්‍රතිඵලයක්. ආදායම් මට්ටම් ඉහළ යාමත් සමඟ මෙය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඇමරිකාවේ අඩු ආදායම්ලාභීන් අතර ස්ථුලතාවය වැඩි වීමටත් මෙය හේතුවක්. මිනිස්සු කියන්නේ ඉතාම මෑතක් වන තුරු, ඉතිහාසය පුරාම වැඩිපුර බඩගින්නේ හිටපු සත්ත්ව වර්ගයක්. පරිණාමයේදී ඉතිරි වී තිබෙන්නේ අහුවුණු වෙලාවට පුළුවන් තරම් කන්න පුරුදු වූ අයගේ දරුවන්. ඒ නිසා මෙය මිනිසුන්ගේ පරිණාමික පුරුද්ද්දක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53564156950275810142017-11-17T10:36:58.869-05:002017-11-17T10:36:58.869-05:00මෙයනම් අක්බාර් යුගයටත් වඩා පරණ පුරුද්දක්!මෙයනම් අක්බාර් යුගයටත් වඩා පරණ පුරුද්දක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28924703214828862072017-11-17T10:36:21.707-05:002017-11-17T10:36:21.707-05:00පිළිතුරනම් ඔව්. නමුත්, ඔබ මෙය ඇහුවේ ඇයි කියන එක මට...පිළිතුරනම් ඔව්. නමුත්, ඔබ මෙය ඇහුවේ ඇයි කියන එක මට එතරම් පැහැදිලි නැහැ. මෙය ඇහුවේ ආහාර වලට සම්බන්ධවනම් මෙහි ඇති වෙනස වියලි ආහාර හැර අනෙකුත් ආහාර පෙට්‍රල් මෙන් නොව වඩා ඉක්මණින් නරක් වීමයි. ඒ නිසා, දිගුකාලීනවත් ඉල්ලුම වැඩි විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com