tag:blogger.com,1999:blog-32211291063417508252024-03-18T20:24:03.852-04:00ඉකොනොමැට්ටාගේ බොජුන්හල පොඩි වෙනසකට...
For a dime's worth of difference...Unknownnoreply@blogger.comBlogger1463125tag:blogger.com,1999:blog-3221129106341750825.post-71283092711774419582024-03-18T11:51:00.001-04:002024-03-18T13:23:57.147-04:00ලංකාවේ ජනගහණය අඩු වෙයි!
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි.
රටක ජනගහණය වෙනස් වීමට හේතු වන කරුණු හතරක් තිබෙනවා. ඒ උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය, රටින් පිටවූ ප්‍රමාණය හා රටට පැමිණි ප්‍රමාණයයි. මේ අනුව, කිසියම් කාලයක් තුළ රටක ජනගහණය වෙනස් වීම පහත ආකාරයෙන් ගණනය කළ හැකියි.
ජනගහණයේ වෙනස් වීම = උපත් ප්‍රමාණය - මරණ ප්‍රමාණය - රටින් පිටවූ ප්‍රමාණය + රටට පැමිණි ප්‍රමාණය
ලංකාවේ නීතිය අනුව උපත් හා මරණ ලියාපදිංචි කළ යුතු අතර රටින් පිටවීමේදී හා රටට පැමිණීමේදී ආගමන විගමන නීති අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා, ජනගහණයේ වෙනස් වීම සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.
සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට සිදුවන උපත් ප්‍රමාණය වසරකට සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි නිසා රටට පැමිණෙන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රටින් පිටව නොගියහොත් ජනගහණය වර්ධනය වෙනවා. ඇතැම් වසර වලදී රටට පැමිණෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටින් පිටව යන නමුත් එම සංඛ්‍යා අතර වෙනස උපත් හා මරණ ප්‍රමාණ අතර වෙනසට වඩා අඩුයි. එමෙන්ම, 2015-2018 අතර කාලයේදීත් ඉන් පසුව 2020/21 වසංගත කාලය තුළත් සිදු වූයේ රටෙන් පිටව යන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටට පැමිණීමයි.
ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ශ්‍රී ලාංකිකයින් රටෙන් පිටව යාම විශාල ලෙස ඉහළ ගියා. ඊට අමතරව, උපත් ප්‍රමාණය අඩු වීම සහ මරණ ප්‍රමාණය ඉහළ යාමද ජනගහණ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා.
බොහෝ දෙනෙකුගේ අදහස් අපේ මතයට වඩා වෙනස් විය හැකි වුවත්, අපගේ අදහස වනුයේ වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් විදේශගත වීම රටට නරක දෙයක් නොවන බවයි. අප එසේ සිතන්නේ ඔවුන් රටට විදේශ විණිමය එවනු ඇතැයි යන අදහසින් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ වල සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙනවා.
ලංකාව ප්රාග්ධනය හිඟ රටක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. රටක ප්‍රාග්ධන අවශ්‍යතාව හෝ ප්‍රාග්ධන හිඟය ගැන කතා කළ හැක්කේ ඒ රටේ මානව සම්පත් ප්‍රමාණයට සාපේක්ෂවයි. ලංකාව සතු මානව ප්රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා වැඩි භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් නොලැබෙන්නේ මේ හේතුව නිසා. භෞතික ප්රාග්ධනයට වඩා වැඩියෙන් මානව ප්රාග්ධනය වර්ධනය වෙද්දී තරඟය ඉහළ යාම නිසා මානව ප්රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ පහළ යනවා. ලංකාවේදී මානව ප්රාග්ධනය වෙනුවෙන් සාපේක්ෂව අඩු ප්රතිලාභ ලැබෙන්නේ ඒ නිසා.
ලංකාවේ ප්‍රාග්ධන හිඟය වෙනත් ආකාරයකින් විග්රහ කරමින්, රටේ දැනට තිබෙන භෞතික ප්රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධන අතිරික්තයක් ඇති බව කියන්නත් පුළුවන්. ඒ නිසා, එම මානව ප්‍රාග්ධන සංචිතය අඩු වීම රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රටින් පිටවීම රටට හානියක් නෙමෙයි. ඒ වගේම, ඒ හරහා ගොඩ නැගෙන සම්බන්ධතා ලංකාවට දිගුකාලීන වාසියක්.
සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහණය සෑම වසරකම මෙන් වර්ධනය වන නිසා රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන්නේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකින්. එහෙත්, ජනගහණය අඩු වෙද්දී රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ඒ අතරම, ශ්‍රමය සඳහා වන තරඟය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ශ්‍රමයේ පංගුව ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකියි.
වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමිකයින් විදේශ ගත වීම් ප්‍රවර්ධනය කරමින් සිටින බව පෙනෙනවා. මෙම ප්‍රතිපත්තිය ඇතැම් අයගේ විවේචන වලට බඳුන්ව ඇති බවද දැකිය හැකියි. කෙසේ වුවත්, ජාජබ වැනි පක්ෂ විසින්ද මේ අයුරින් වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් රට පැටවීමේ වැදගත්කම ආර්ථික අර්බුදයට පෙර සිටම හඳුනාගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූ විට පැහැදිලි වෙනවා. ධීවර කාර්මිකයින්ගේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමිකයින් දක්වා පිරිස් රජය මැදිහත් වී රට පැටවීම ජාජබ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ කොටසක්. එම පක්ෂයේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇතත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ ජාජබ ප්‍රතිපත්ති සමපාත වන මෙවැනි තැන්ද ගණනාවක් හඳුනා ගත හැකියි.
Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3221129106341750825.post-84672801486827052872024-03-16T22:46:00.002-04:002024-03-16T23:46:49.251-04:00ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?
ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක් නෙමෙයි.
පහත තිබෙන්නේ ඉහත සඳහන් ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, ලෝකයේ රටවල් අතරින් වැඩිම වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයක් තිබෙන රටවල්.
ඉන්දියාව - 600
බ්‍රසීලය - 375
ඇමරිකා එක්සත් ජනපදය - 211
චීනය - 164
මෙක්සිකෝව - 147
පකිස්ථානය - 123
තුර්කිය - 109
බංග්ලා දේශය - 100
රුසියාව - 91
ඉන්දුනීසියාව - 91
ජපානය - 82
ඉරානය - 64
කොලොම්බියාව - 59
පිලිපීනය - 54
පේරු - 50
ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලෝකයේ තිබෙන වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් බාගයකට වඩා තිබෙන්නේ රටවල් දහයකයි. එයින් රටවල් අටක වෛද්‍ය විද්‍යාල සීයකට වඩා තිබෙනවා. මෙම රටවල් අට අතර අපේ අසල්වැසි රටවල් තුනක්ම තිබෙනවා. වෛද්‍ය විද්‍යාල පණහකට වඩා තිබෙන රටවල් ගණන 15ක්.
පෙර ලිපියක විස්තර කළ පරිදි ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල උපාධි වර්ග දෙකක් ලබා දෙනවා. ලබා දෙන වෛද්‍ය උපාධිය අනුව, මෙම වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන ආකාරයද වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාල වැඩි ගණනකින් ලබා දෙන MD උපාධිය පිළිගැනීමට ලක් කරන්නේ (accredit) වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුව (LCMA) විසින්. මෙම කමිටුව ඇමරිකානු වෛද්‍ය සංගමයේ හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මෙම ආයතන කිසිවකට ඇමරිකාවේ ෆෙඩරල් හෝ ප්‍රාන්ත රජයක සෘජු සම්බන්ධයක් නැහැ.
ඇමරිකානු වෛද්‍ය සංගමයට හා ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මක භාවය පවත්වා ගන්නට අවශ්‍ය ඇයිද කියන එක තේරුම් ගන්න අපහසු නැහැ. එක් වෛද්‍ය විද්‍යාලයකින් ලබා දෙන වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක නැත්නම් එය ඊට සමාන උපාධි ලබා දෙන අනෙක් වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධි වල කීර්ති නාමය කෙරෙහිද බලපානවා. ඒ නිසා, MD උපාධිය ලබා දෙන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වල එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම, ඇමරිකාවේ MD උපාධියක ගුණාත්මක භාවය පහත වැටීම දැනට එම උපාධිය තිබෙන සියල්ලන්ටම බලපානවා. ඒ නිසා, එවැන්නන්ගේ එකතුවක් වන ඇමරිකානු වෛද්‍ය සංගමය මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා.
ඉහත පිළිගැනීම ලබා ඇති වෛද්‍ය විද්‍යාල ගණන 158ක්. එම වෛද්‍ය විද්‍යාල 158ට තවමත් පූර්ණ පිළිගැනීමක් ලැබී නොමැති අලුත් වෛද්‍ය විද්‍යාල 8ක් සහ පිළිගැනීම පරිවාස මට්ටමට ලක් කර ඇති පැරණි වෛද්‍ය විද්‍යාල 3ක්ද ඇතුළත්. මීට පෙර අපේ ලිපි කිහිපයකට මාතෘකාව වූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට මේ වන විට පරිවාස තත්ත්වයේ තිබෙන වෛද්‍ය විද්‍යාලයක්. එයින් අදහස් වන්නේ කිසියම් අඩුපාඩුවක් නිවැරදි කර ගැනීම සඳහා යම් කාලයක් ලබා දී ඇති බවයි. මීට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල පහක් වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවේ ඇගයීම අපේක්ෂාවෙන් සිටිනවා.
මේ දක්වාම කැනඩාවේ වෛද්‍ය විද්‍යාල පිළිගැනීමට ලක් කරන්නේද ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යපනය පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවයි. එහෙත්, ලබන වසරේ මැද (2025 ජූනි 30) සිට මෙම කාර්යය කැනේඩියානු වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.
ඇමරිකාවේ විද්‍යා විද්‍යාල වලින් ලබා දෙන දෙවන උපාධි වර්ගය වන DO උපාධි පිළිගැනීමට ලක් කරන්නේ ඇමරිකානු ඔස්ටියෝපති සංගමය විසින්. මෙහිදීද, උපාධියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ගැන උනන්දු වන්නේ දැනට එම උපාධිය ලබා ඇති අයයි. මේ ආයතනයටද ඇමරිකන් රජයේ සම්බන්ධයක් නැහැ. මේ වන විට DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් ඇමරිකානු ඔස්ටියෝපති සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ඉහත සඳහන් උපාධි වර්ග දෙක ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් අඩක් පමණ පෞද්ගලික විශ්ව විද්‍යාලයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වෛද්‍ය විද්‍යාල වලද පාඨමාලා ගාස්තු අය කෙරෙන බැවින් මේ දෙවර්ගයේ විශාල වෙනසක් නැහැ. අදාළ ප්‍රාන්ත රජයයන් විසින් තමන්ගේ ප්‍රාන්තයේ සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් බදු මුදල් වැය කර සුබසාධනය කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහොමයක් පවුලේ ආදායම් මට්ටම සලකා පාඨමාලා ගාස්තු වලින් සැලකිය යුතු කොටසක් කපා හරිනවා. ඒ නිසා, දක්ෂ සිසුවෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ආදායම විශාල බාධාවක් වන්නේ නැහැ.
රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයේ විශාල වෙනසක් නැහැ. හොඳම වෛද්‍ය විද්‍යාල අතර වැඩියෙන්ම තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. එහෙත් එම හොඳම වෛද්‍ය විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි. රජයට සම්බන්ධයක් නැති ඉහත සඳහන් ආයතන විසින් ඇමරිකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාල සියල්ලේම ගුණාත්මක භාවය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ගුණාත්මක භාවය ඉහළින් තබා ගැනීමට වැඩි බරක් තබන නිසාම, ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලින් ඇමරිකාවට අවශ්‍ය පමණ වෛද්‍යවරුන් බිහිවන්නේ නැහැ.
මේ තත්ත්වයේ වාසිය වැඩි වශයෙන්ම ලබා ගෙන තිබෙන්නේ ඇමරිකාවට ආසන්නව පිහිටි කැරිබියන් දූපත් රාජ්‍ය වල වෛද්‍ය විද්‍යාලයි. එම වෛද්‍ය විද්‍යාල ඇමරිකානු වෛද්‍ය සිසුන් ඉලක්ක කරනවා. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා ගෙන නැවත ඇමරිකාවට පැමිණෙනවා.
ඇමරිකාවේ රජය විසින් වෛද්‍ය විද්‍යාල නියාමනය නොකළත්, වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ වීම නියාමනය කරනවා. ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලද පමණින් වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කළ නොහැකියි. ඒ සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත එකකින් හෝ වැඩි ගණනකින් බලපත්‍ර ලබා ගත යුතුයි. මෙය අසීරු හා සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම අදාළ විභාග සමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ විභාග සඳහා පෙනී සිටිය හැකි උපරිම වාර ගණනක් තිබෙනවා. ඉන් පසුව වසර 1 සිට 3 දක්වා කාලයක් ගත වෙන (ප්‍රාන්තය අනුව) සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වෙනවා.
මේ සියලු අවශ්‍යතා නිසි සේ සම්පූර්ණ නොකර වෛද්‍ය බලපත්‍රයක් ලබා ගත නොහැකියි. එසේ ලබා ගත්තද ඇමරිකාවේ වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබෙන්නේ නැහැ. තමන් විසින් වෛද්‍ය සේවා සපයා මුදල් සොයා ගත යුතුයි. මෙම තත්ත්වය තුළ නමට මොකක් හෝ වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. වෛද්‍ය උපාධිය තුළින් වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා වැඩි දියුණු විය යුතුයි. මෙය වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වූ තත්ත්වයක් නෙමෙයි. තවත් වෘත්තීන් ගණනාවක් සඳහා උපාධියක් ලබා ගැනීමට අමතරව වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර මෙවැනි බලපත්‍රයක් ලබා ගත යුතුයි. රැකියාවක් කළ හැක්කේ ඉන් පසුවයි. උදාහරණ ලෙස ඉංජිනේරු හා ගුරු වෘත්තීන් පෙන්වා දිය හැකියි.
ඇමරිකාවේ ප්‍රාන්තයක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ඇමරිකාවෙන් පිටත ලංකාව ඇතුළු වෙනත් රටවල වෛද්‍ය උපාධි ලබා ඇති අයටද විවෘතයි. මේ සඳහා ඇමරිකාවෙන්ම වෛද්‍ය උපාධියක් ලබාගත යුතු නැහැ. මුලින්ම විස්තර කළ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියේ නම සඳහන් වෛද්‍ය විද්‍යාලයකින් එම උපාධිය ලබා තිබිය යුතුයි. මෙම නාමාවලියේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල අටක නම් ඇතුළත්ව තිබෙනවා. ඒවානම් කොළඹ, පේරාදෙණිය, රුහුණු, යාපනය, රජරට, නැගෙනහිර, කැළණිය හා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. මීට අමතරව මෙම නාමාවලියෙහි නම සඳහන් දැනට ක්‍රියාත්මක නැති වෛද්‍ය පීඨයකින් වෛද්‍ය උපාධිය ලබා ගත් අයටද මෙම අවස්ථාව විවෘතයි.
වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක සිසුවෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා ඇමරිකාවේ ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගැනීම අදාළ වෛද්‍ය විද්‍යාලයේ හා පොදුවේ අදාළ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ පිළිබිඹුවක් සේ සැලකිය හැකියි. ඇමරිකානු වෛද්‍ය උපාධිධාරීන් හැරුණු විට ඇමරිකාවේ බලපත්‍රලාභී වෛද්‍යවරුන් අතර වැඩියෙන්ම සිටින්නේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලැබූ අයයි.
ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද වෛද්‍ය විද්‍යාල වලින් අඩක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව, එරට හොඳම වෛද්‍ය විද්‍යාල දහය අතර වෙල්ලෝරාවේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය, කොයිම්බතූර්හි අම්රිතා විශ්ව විද්‍යාපීතම්, කස්තුර්බා වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද තිබෙනවා.
ඇමරිකාවේ දැනට සිටින බලපත්‍රලාභී වෛද්‍යවරුන් 1,044,734 දෙනෙකු අතරින් (2022 සංඛ්‍යාලේඛණ) ඇමරිකාවේ හෝ කැනඩාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධි ලැබූ ප්‍රමාණය 77%ක් පමණයි. ඉතිරි 23% අතර ඉන්දියානු වෛද්‍ය උපාධි ලැබූ 51,383ක්, පකිස්තානු වෛද්‍ය උපාධි ලැබූ 14,793ක් හා පිලිපීන වෛද්‍ය උපාධි ලැබූ 11,402 දෙනෙකු සිටිනවා. මේ අනුව පෙනෙන පරිදි ඉන්දියාව, පකිස්ථානය හා පිලිපීනය වැනි රටවල් ඉතා තරඟකාරී ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොළ වෙතද මහා පරිමාණයෙන් වෛද්‍යවරුන් සපයමින් සිටිනවා.
Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3221129106341750825.post-60831359771717042912024-03-16T14:19:00.001-04:002024-03-16T14:49:07.008-04:00සංචිත වැඩි වෙන්නේ ණය නොගෙවන නිසාද?
පසුගිය (2023) වසර අවසන් වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400 දක්වා වර්ධනය වී තිබුණා. ඊට වසර එක හමාරකට පමණ පෙර පැවති තත්ත්වය හා සසඳන විට මෙය කෙතරම් සතුටු විය හැකි තත්ත්වයක්ද කියා විස්තර කිරීමට මා වචන නාස්ති කරන්නේ නැහැ.
සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ විදිහට විදේශ සංචිත වර්ධනය වී තිබෙන්නේ දැනට රජය විදේශ ණය ආපසු නොගෙවන නිසාද යන්නයි. කරුණක් ලෙස ගත්තොත්, මේ වන විට ලංකාව ද්විපාර්ශ්වික ණය හා වාණිජ ණය ආපසු ගෙවීම අත් හිටවා තිබෙනවා. එය රහසක් නෙමෙයි. දිගටම ආපසු ගෙවන්නේ බහුපාර්ශ්වීය ණය හා අර්බුදයට පසුව ලබාගත් ණය ඇතුළු විදේශ ණය වලින් කොටසක් පමණයි.
කල් ඉකුත්ව ඇති විදේශ ණය සියල්ල පියවීම සඳහා ඉහත සංචිත යොදා ගත්තේනම්, එම සංචිත සියල්ලම අවසන් වන බව තර්කයක් ලෙස සැලකුවහොත් නිවැරදියි. පසුගිය (2023) වසර අවසන් වන විට ගෙවිය යුතුව තිබුණු, එහෙත් නොගෙවූ රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහත සංචිත ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. ඒ පහත පරිදියි.
නොගෙවූ ද්විපාර්ශ්වික ණය - ඩොලර් මිලියන 1,770.8
නොගෙවූ වාණිජ ණය - ඩොලර් මිලියන 2,680.3
එකතුව - ඩොලර් මිලියන 4,451.1
මේ අනුව පැහැදිලි වන පරිදි, කල් ඉකුත්ව ඇති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය පමණක් වුවද මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 51කින් වැඩියි.
කෙසේ වුවත්, මේ තර්කය නොමග යවන සුළු තර්කයක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, මහ බැංකුවේ සංචිත රජයේ ණය ගෙවීම සඳහා යොදා ගන්නේ නැහැ. සෘජුව එසේ යොදා ගන්නත් බැහැ. නමුත්, ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදීනම් එවැන්නක් සිදු වුනා.
මධ්‍යම රජයේ විදේශ ණය ආපසු ගෙවිය හැකි ක්‍රම තුනක් තිබෙනවා. එයින් පළමු හා තිරසාර ක්‍රමය රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් සීමා කිරීම මගින් අතිරික්ත රුපියල් ප්‍රමාණයක් එකතු කර ගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමයි. නමුත් දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඒ ක්‍රමයට විශාල රුපියල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම, විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් මිල දී ගැනීමේ හැකියාවක්ද රජයට නැහැ.
දෙවන ක්‍රමය දේශීය වෙළඳපොළෙන් රුපියල් ණය ලබාගෙන එම රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමයි. මෙසේ කිරීමේදී විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක් මිසක් රජයේ ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම, පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ මෙසේ කිරීම වාසිදායක දෙයක් නෙමෙයි. ඊට හේතුව, මේ වන විට පවතින පොලී අනුපාතික යටතේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ කිරීම අවාසිදායක වීමයි.
ණය පැහැර හැරීම දක්වා තල්ලු වීමට ආසන්න කාලයේදී කළේ රජය විසින් කළේ මහ බැංකුවෙන් ණයට රුපියල් ලබා ගෙන (සල්ලි අච්චු ගසා) එම රුපියල් ගෙවා මහ බැංකුවෙන්ම ඩොලර් මිල දී ගැනීමයි. මෙය රජයේ ණය ගෙවීම සඳහා සෘජුව මහ බැංකුවේ විදේශ සංචිත යොදා ගැනීමකට සමාන දෙයක්. අලුත් මහ බැංකු පණතේ විධිවිධාන අනුව දැන් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. දැන් රජය විසින් රුපියල් ණය ලබා ගන්නේනම් වෙළඳපොළ පොලී අනුපාතික ගෙවා දේශීය වෙළඳපොළෙන් එම ණය ලබා ගන්නට සිදු වෙනවා. මෙවැන්නක් කිරීමේදී පොලී අනුපාතික ඉහළ ගොස් ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන නිසා දෙවනුව රජයේ බදු ආදායම්ද අඩු වීමේ අවදාමනක් තිබෙනවා.
විදේශ ණය පියවිය හැකි තෙවන ක්‍රමය අලුතෙන් විදේශ ණය අරගෙන එම අරමුදල් යොදවා පැරණි විදේශ ණය පියවීමයි. ඉතිහාසයේ දිගින් දිගටම සිදු වුනේද මෙයයි. මේ ක්‍රමයේදී වෙළඳපොළෙන් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමක් සිදු වන්නේ නැහැ.
මෙතෙක් කාලයක් තිස්සේ සිදු කළ මෙම තෙවැනි ක්‍රමය දැන් යොදා ගත නොහැකිව තිබෙන්නේ පැරණි ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් විදේශ ණය අලුතෙන් ලබා ගත නොහැකි නිසා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ මෙම ප්රශ්නය විසඳා ගැනීමයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමමෙන් පසුව, යම් කාලයක් යන තුරු, අලුත් විදේශ ණය ලබා ගෙන එම අරමුදල් වලින් පැරණි විදේශ ණය ගෙවන්නට සිදු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වන්නේ ලබා ගත හැකි ණය වලින් පැරණි ණය ගෙවිය හැකි වන පරිදි ණය ගෙවීමේ කාලය දිගු කර ගැනීමයි. නමුත්, මේ තෙවන ක්‍රමයෙන්ද රජයේ ණය අඩු වෙන්නේ නැහැ. පමා වී හෝ ණය ගෙවන්නට සිදු වෙනවා.
ණය අඩු වෙන්නේ පළමු ක්‍රමයෙන් ණය පියවුවහොත් පමණයි. ඒ සඳහා, දිගුකාලීනව එක දිගටම ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. එහිදී ඉතිරි වන රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන විදේශ ණය ගෙවිය හැකියි. තිරසාර ලෙස විදේශ ණය අඩු වන්නේ මේ ක්‍රමයෙන් පමණයි.
මේ ආකාරයෙන් රජය විසින් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ණය ගෙවීමටනම්, රජය විසින් රුපියල් සොයා ගැනීමට අමතරව රටේ ප්‍රමාණවත් ඩොලර් සංචිත තිබීමද අවශ්‍ය වෙනවා. එහෙත්, රජයට හදිසියේ විශාල රුපියල් ප්‍රමාණයක් හොයා ගත නොහැකි නිසා, මහ බැංකුවට මේ සඳහා අවශ්‍ය වන සංචිත ගොඩ නගා ගැනීමටද ප්‍රමාණවත් කාලයක් තිබෙනවා.
කෙසේ වුවත්, මේ කතා කළේ රජයේ ණය ගැනයි. රජයේ ණය වලට අමතරව, මේ වන විට මහ බැංකුව විසින් ලබා ගෙන තිබෙන මහ බැංකුව විසින් ගෙවිය යුතු විදේශ ණයද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක් වූ විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ මහ බැංකුව විසින් චීනයෙන් ලබා ගත් මුදල් හුවමාරු ණයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයද මහ බැංකුවේ ණයයි. මීට අමතරව, බංග්ලාදේශයෙන් ලබා ගත් ණය මේ වන විට ගෙවා ඇතත්, මහ බැංකුව විසින් ඉන්දියාවට විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. විදේශ ණය තර්කය ඇත්තටම අදාළ වන්නේ මෙම මහ බැංකුවේ ණය වලටයි.
පසුගිය (2023) වසර අවසානයේදී, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3ක්. වසර අවසානයේදී ඩොලරයක මිල වූ රුපියල් 323.93 සැලකූ විට මෙම අගය ඩොලර් මිලියන 2,584.9ක්. ඒ කියන්නේ පසුගිය වසර අවසාන වන විටද මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණයට වඩා විදේශ බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩි වූ බවයි. කෙසේ වුවද, පසුගිය (2023) වසර ආරම්භයේදී මෙම හිඟය රුපියල් බිලියන 1,606.4ක් හෙවත් ඩොලර් මිලියන 4,424.0ක්ව පැවතුණා.
මේ අනුව, පසුගිය වසර තුළ මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,400 දක්වා ඩොලර් මිලියන 2,502කින් වැඩි කර ගනිද්දී, මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,839කින් පමණයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සැලකුවහොත් සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 1,839ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 662ට අනුරූපව විදේශ බැරකම්ද එකතු වී තිබෙනවා. මෙම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු වාරික දෙකට සමාන මුදලක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නිසා මහ බැංකුවේ සංචිත ඉහළ ගියත් අනෙක් පැත්තෙන් ඊට අනුරූපව මහ බැංකුවේ බැරකම්ද ඉහළ යන නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගත් විට විදේශ සංචිත මෙන්ම ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යනවා.
මහ බැංකුව වගේම, ශ්‍රී ලංකා රුපියලද අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන්ම එළියට පැමිණි සේ සැලකිය හැක්කේ මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවූ විටයි. මෙම ඉලක්කයට යාම සඳහා තවත් වසරක පමණ කාලයක් යා හැකියි. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුමෙන් ලබා ගෙන ඇති අරමුදල් වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා ඕනෑ තරම් කල් ගත හැකියි. ඒ වගේම, මෑතකදී ලබා ගත් වාරික හා ඉදිරියේදී ලැබෙන්නට නියමිත වාරික ආපසු ගෙවිය යුත්තේ වසර 4-10 අතර කාලයකදීයි. චීනයෙන් හා ඉන්දියාවෙන් ලබා ගත හැකි මුදල් ආපසු ගෙවීම සඳහාද යම් කාලයක් ගත හැකියි. ඒ නිසා, මේ වෙද්දී මහ බැංකුවට මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමක් නැහැ.
මෙම (2024) වසරේ ජනවාරි මාසය අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 745.1 දක්වා අඩු වී තිබුණා. එයට එක් හේතුවක් වන්නේ ඩොලරයක මිල රුපියල් 317.41 දක්වා අඩු වීම වුවත්, එම විණිමය අනුපාතය යටතේ වුවද මෙම හිඟය ඩොලර් මිලියන 2,347.5ක් පමණයි. මෙය මසකට පෙර පැවති ශුද්ධ විදේශ වත්කම් හිඟයට වඩා ඩොලර් මිලියන 237.4කින් අඩු අගයක්.
ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 245.3ක් මිල දී ගෙන තිබෙනවා. එහෙත්, එම මාසය තුළ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 96කින් පමණයි. මෙයින් පෙනී යන්නේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගත් විදේශ විණිමය වලින් කොටසක් ණය ගෙවීම සඳහා යොදවා ඇති බවයි.
පෙබරවාරි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් තවත් ඩොලර් මිලියන 239.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. එහෙත් සංචිත ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 21කින් පමණයි. මෙයින් පෙනෙන්නේ පෙබරවාරි මාසය තුළද මහ බැංකුව විසින් සැලකිය යුතු මුදලක් මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් යොදවා ඇති බවයි.
දැනට පවතින වෙළඳපොළ සමතුලිතතාව තුළ, ශ්‍රමික ප්‍රේෂණ වලින් හා සේවා ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය පියැවීමෙන් පසුවද සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් පසුගිය දෙමස තුළ ශුද්ධ ලෙස ඩොලර් මිලියන 484.8ක් මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින්, දිගටම මේ මට්ටමෙන් (සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 240 පමණ බැගින්) වෙළඳපොලෙන් විදේශ විණිමය මිල දී ගතහොත් මෙම වසර අවසන් වන විට මහ බැංකුවට එහි ශුද්ධ විදේශ වත්කම් හිඟය සම්පූර්ණයෙන්ම පියවා ගන්න පුළුවන්.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව රජයට එම ණය ගෙවීම පටන් ගන්නට සිදු වෙනවා. නමුත් දැනට යෝජිත ක්‍රමවේදය අනුව වාණිජ ණය වලින් කොටසක් කපා හැරෙන අතර ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු කාලයක් ලැබෙනවා. ඒ අනුව, අමතර බරක් සේ ක්ෂණිකව එකතු වන්නේ ගෙවිය යුතු වාණිජ ණය කොටස පමණයි.
මෙම කොටස රජයේ රුපියල් ආදායම් හා වියදම් ගැලපූ පසු දරා ගත හැකි මට්ටමකට සීමා කෙරෙන බැවින් එසේ ගෙවිය හැකි ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකමද සීමා වෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ ණය වලින් නිදහස් වීමෙන් පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් මේ වෙනුවෙන් වෙන් කළ හැකි නිසා, රුපියල මත ලොකු පීඩනයක් ඇති නොවන පරිදි අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයට සපයන එක මහ බැංකුවට ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-3221129106341750825.post-16845516839852851492024-03-15T10:38:00.001-04:002024-03-15T10:38:42.425-04:00ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!
පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් හැකිලෙනු ඇති බවයි. මෙය ඊට වඩා බොහෝ සෙයින් හොඳ තත්ත්වයක්.
වසරේ මුල් කාර්තු තුනේදීම හැකිළුණු කාර්මික නිෂ්පාදිතය අවසන් කාර්තුවේදී 7.9%කින් වර්ධනය වී ඇති අතර සේවා නිෂ්පාදිතය 2.8%කිනුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය 0.6%කිනුත් වර්ධනය වී තිබෙනවා. මුළු වසරම සැලකූ විට, කෘෂිකාර්මික අංශය 2.6%ක වර්ධනයක් පෙන්වන නමුත්, කාර්මික නිෂ්පාදිතය 9.2%කින්ද, සේවා නිෂ්පාදිතය 0.2%කින්ද හැකිළී තිබෙනවා.
වෙළඳපොළ මිල අනුව, 2023 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 27,629,665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මැදදී ශ්‍රී ලංකාවේ ජනගහණය 22,037,000ක්. මේ අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,253,785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස ඩොලරයක මිල රුපියල් 320ක් සේ සැලකුවහොත්, මෙම අගයන්ගෙන් ඩොලර් බිලියන 86.3ක ආර්ථිකයක් සහ ඩොලර් 3,918ක ඒක පුද්ගල ආදායමක් නිරූපණය වෙනවා.
Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-3221129106341750825.post-5644752872387150282024-03-12T08:24:00.001-04:002024-03-12T09:06:17.698-04:00මහ බැංකුවේ කුසලතා ප්රශ්නය
පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර මහ බැංකුවට මෙවැනි බලයක් තිබුණේ නැහැ.
කෙසේ වුවත්, අවශ්‍යනම් ව්‍යවස්ථාදායකයට මෙම නීතිය වෙනස් කළ හැකියි. එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එමෙන්ම, පාලක මණ්ඩලයේ නෛතිකත්වය සම්බන්ධව ව්‍යවස්ථාදායකයට හා විධායකයට කළ හැකි බලපෑම් හරහා වක්‍ර ආකාරයකින් මෙම කාර්යය කිරීමට උත්සාහ කළ හැකියි. එහිදී අධිකරණයේ එකඟත්වයද අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් අධිකරණයට ඉහත පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් අදාළ පනත් ඇත්නම් ඒවා සලකා බලමින් පාලක මණ්ඩලය සතු මෙම බලට අභියෝගයට ලක් කළ හැකි ආකාරය පැහැදිලි කරමින් අර්ථදැක්වීමක් කළ හැකියි. මෙම ආකාර වලින් පළමු ආකාරය හැර අනෙකුත් ආකාර වලින් මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පවරා ඇති බලය අභියෝගයට ලක් කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසාම සිදු වීමට ලොකු ඉඩකඩක් නැහැ.
ඊටත් පෙර ලිපියෙන් අප පෙන්වා දුන්නේ මහ බැංකුව ආදායම් උපයන්නේ "සල්ලි අච්චු ගැසීම" මගින් නිසාත්, ප්‍රායෝගිකව ඒ හා අදාළ සීමාවන් නොමැති නිසාත්, වෙනත් ඕනෑම ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන "අරමුදල් සීමා බාධාව" මහ බැංකුවේ පාලක මණ්ඩලයට නොමැති බවයි. ඒ අනුව, බාහිර නෛතික ව්‍යුහයකින් හෝ වෙළඳපොළ යාන්ත්‍රණය විසින් ස්වභාවික ලෙස නියාමනය නොකෙරෙන පසු බිමක, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් "අසාධාරණ ලෙස" සේවක වැටුප් වැඩි කිරීම පහසුවෙන්ම සිදු විය හැක්කක්. එය සිදුවීම වලක්වා ගත හැක්කේ මහජනතාවට වගවෙන පාරදෘශ්‍ය ස්වයං නියාමනයක් මගින් පමණයි.
මේ තත්ත්වය ඕනෑම රාජ්‍ය ව්‍යවසායකට අදාළ තත්ත්වයක් නෙමෙයි. පළමුව, වෙනත් කිසිම රාජ්‍ය ව්‍යවසායකට මහ බැංකුවට ලබා දී ඇති ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දී නැහැ. (එසේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම අප විසින් විවේචනය කරන්නේද නැහැ.) දෙවනුව, වෙනත් රාජ්‍ය ව්‍යවසායකට මේ ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දුන්නේ වුවද, එවැනි ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව ආයතනය විසින් උපයන ආදායම් හරහා වෙළඳපොළ විසින් නියාමනය කෙරෙනවා. මහ බැංකුවට මේ බාධාවන් දෙකෙන් එකක්වත් නැහැ.
පෙර විස්තර කර ඇති පරිදි, මහ බැංකුවේ ලාබ නිර්ණය වන්නේ එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය මත නෙමෙයි. එහෙත්, එයින් අදහස් වන්නේ එම වාක්‍යයෙහි සඳහන් දේ පමණයි. මහ බැංකු සේවකයින් අකාර්යක්ෂම බවක් එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. ඔවුන් කාර්යක්ෂම වුවත් අකාර්යක්ෂම වුවත් මහ බැංකුවේ ලාබ හෝ ආදායම් නිරීක්ෂණය කිරීමෙන් එය පරීක්ෂා කළ නොහැකියි. ඒ නිසාම, මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත ඔවුන්ගේ ඵලදායීතාව මැනිය නොහැකියි. මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත එහි පාලක මණ්ඩලයේ වැටුප් හෝ සේවක වැටුප් නිර්ණය නොවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු පණතේම විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ මේ හේතුව නිසා.
මහ බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන "සල්ලි අච්චු ගැසීම" හා අදාළව එම ආයතනයට කිසිදු තරඟයක් නැහැ. මහ බැංකුව මේ හා අදාළව නෛතික ඒකාධිකාරයක්. කෙසේ වුවත්, මහ බැංකු අධිපතිවරයා විසින් නිවැරදිව පෙන්වා දෙන පරිදි, සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවටද ශ්‍රම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙය බොහෝ දුරට විවෘත තරඟයක්.
මහ බැංකුවේ සේවකයින්ට අනන්‍ය විශේෂ කුසලතා අවශ්‍යද? සංක්ෂිප්ත අදහසක් ලෙස මහ බැංකුවේ ඇතැම් තනතුරු වල කටයුතු කරන්නන්ට අනන්‍ය විශේෂ ප්රාගුණ්යයක් අවශ්‍ය විය හැකි වුවත්, එහි සේවකයින් බහුතරයකට එවැනි අනන්‍ය විශේෂ ප්රාගුණ්යයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, අනන්‍ය විශේෂ ප්රාගුණ්යයක් අවශ්‍ය වන රැකියා තිබෙන්නේ මහ බැංකුවේ පමණක් නෙමෙයි.
මුලින්ම කතා කරන්නට යන කරුණට එතරම් අදාළ නොවන ඉහත ප්රශ්නය පැත්තකින් තිබ්බොත්, කිසියම් රැකියාවක් සඳහා අනන්‍ය විශේෂ ප්රාගුණ්යයක් අවශ්‍ය වුවත් නැතත්, තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් තුළ සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ඔවුන්ගේ "නියම මිල" ගෙවන්නට සිදු වෙනවා. එසේ නොකර "කුණු කොල්ලයට" ශ්‍රමය මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. නූතන ආර්ථික විද්‍යාව අනුව, ඉහත "නියම මිල" යන්නෙන් අදහස් කෙරෙන්නේ සේවකයින්ගේ ආන්තික ඵලදායීතාවයයි.
වෙළඳපොළ මූලධර්ම අනුව, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ "ආන්තික ඵලදායීතාවය" වැටුප් හා අනෙකුත් ප්රතිලාභ සේ ගෙවන්නේනම් එය විවේචනය කළ නොහැකියි. මෙසේ ගෙවන වැටුප් හා අනෙකුත් ප්රතිලාභ අනෙකුත් වෘත්තිකයින්ගේ වැටුප් වලට සාපේක්ෂව හෝ නිරපේක්ෂව කෙතරම් වැඩිද යන්න මෙහිදී අදාළ කරුණක් නෙමෙයි.
මහ බැංකු වැටුප් වෛද්‍ය හා ඉංජිනේරු වැටුප් සමඟ සංසන්දනය කිරීමක්ද අපට දැකිය හැකියි. මේ සහ අදාළව අපට කිව හැක්කේ දශක ගණනාවක සිටම ලංකාවේ ගණකාධිකාරීවරුන් හා මූල්‍ය කළමනාකරුවන් වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයින්ට සාපේක්ෂව ඉහළ වැටුප් ලබා ගනිමින් සිටින බවයි. ඒ ගැන විග්රහ කර පැහැදිලි කළ හැකි වුවත්, අපි ප්රස්තුතය තුළ රැඳී සිටිමු.
මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ වෙළඳපොළ මිල මත පදනම්ව වැටුප් ගෙවන්නේනම් එහි වරදක් නැහැ. නමුත් ප්රශ්නය වන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් එවැන්නක් සිදු වන බව පෙන්වන්නට උත්සාහ කළද මහ බැංකුවේ සේවක වැටුප් නිර්ණය වන්නේ වෙළඳපොළ මිල මත පදනම්ව නොව සාමූහික ගිවිසුමක් මත වීමයි.
වෙළඳපොළ මිල මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය ධනවාදී සාධාරණත්වයයි. එහෙත්, සාමූහික ගිවිසුම් මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය සමාජවාදී සාධාරණත්වයයි. යම් තත්ත්වයන් යටතේ ලංකාවේ ශ්‍රම වෙළඳපොළට මේ අදහස් දෙකම ගැලපිය හැකි වුවත්, පෙර ලිපි වල විස්තර කර තිබෙන මහ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය තුළ ඉහත අදහස් දෙකම එකවර ක්‍රියාත්මක වීම තුළ ඇති වන්නේ රටේ මහජනතාවගේ වියදමෙන් මහ බැංකුවේ සේවකයින්ට රිසි සේ තමන්ගේ වැටුප් වැඩි කරගත හැකි විකෘතියක්.
මේ ක්‍රම දෙකේ වෙනස පැහැදිලි කර ගැනීම සඳහා අපි උදාහරණයක් ගනිමු.
ශ්‍රමිකයින් තිදෙනෙකු විසින් තාප්පයක් බඳී. නිශ්චිත කාලයක් තුළ මේ තිදෙනා පිළිවෙලින් තාප්ප වර්ග අඩි 80, 100 හා 120 ප්‍රමාණයක් බඳී. මොවුන්ව සේවයේ යොදවන කොන්ත්‍රාත්කරුට මේ වෙනුවෙන් රුපියල් 10,000ක් ලැබේ. කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ඔහුට හෝ ඇයට අවම වශයෙන් රුපියල් 1000ක් අවශ්‍ය වන නිසා ශ්‍රමිකයන්ට ලබා දිය හැකි උපරිම මුදල රුපියල් 9000ක් වන අතර කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය හැකිතාක් අඩු ගාස්තුවක් ඔවුන්ට ගෙවා තමන්ගේ ලාබ වැඩි කර ගැනීමයි. කෙසේ වුවද, තමන්ට අවම වශයෙන් රුපියල් 1000ක් ලැබේනම් කොන්ත්‍රාත්කරු මෙම කාර්යයය කරයි. එසේ නැත්නම් වැඩේ අතහැර දමයි.
තරඟකාරී ශ්‍රම වෙළඳපොළක මේ එක් එක් ශ්‍රමිකයාට කොපමණ මුදලක් ලබා ගත හැකිද?
මෙය තීරණය වන්නේ එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීත්වය මතයි. එය ඔවුන් අදාළ කාලය තුළ බඳින තාප්ප වර්ග අඩි ගණන දෙස බලා නිර්ණය කළ හැකියි. මේ අනුව, ශ්‍රමිකයින් තිදෙනාට ඔවුන්ගේ ගාස්තු ලෙස පිළිවෙලින් රුපියල් 2400ක්, 3000ක් සහ 3600ක් ලැබෙනවා. ඒ කියන්නේ වර්ග අඩියකට රුපියල් 30 බැගින්. කොන්ත්‍රාත්කරුට රුපියල් 1000ක් ඉතිරි වෙනවා.
කොන්ත්‍රාත්කරුට මීට වඩා අඩු මුදලක් ගෙවා මෙම ශ්‍රමය ලබා ගත නොහැකියි. ඊට හේතුව ශ්‍රම වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළක් වීමයි. වර්ග අඩියකට රුපියල් 30ට වඩා අඩුවෙන් ගෙවුවොත් මේ ශ්‍රමිකයින් වෙනත් කොන්ත්‍රාත්කරුවෙක් වෙත යනවා. ඔවුන්ට එවැනි විකල්ප අවස්ථා තිබෙනවා. අනෙක් අතට ඔවුන්ට වර්ග අඩියකට රුපියල් 30කට වඩා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඊට වඩා වැඩි මිලක් ගෙවන්නේ නැහැ.
මෙම ශ්‍රම වෙළඳපොළ තරඟකාරී නොවේනම්, කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම් තත්ත්වය කුමක්ද?
කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම්, ඔහුට හෝ ඇයට ශ්‍රමිකයන්ට මීට වඩා අඩු මිලක් ගෙවිය හැකියි. වර්ග අඩි ගණනට මුදල් නොගෙවා මේ ශ්‍රමිකයින්ට එක් අයෙකුට රුපියල් 2000 බැගින් මුදල් ගෙවුවා කියා හිතමු. දැන් කොන්ත්‍රාත්කරුගේ ලාබය රුපියල් 4000ක්. එයින් පළමු රුපියල් 1000 කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් අවශ්‍ය මුදලක් බැවින් එය "ආර්ථික ලාබයක්" නෙමෙයි. එහෙත්, ඉතිරි රුපියල් 3000 ආර්ථික ලාබයක්, එසේත් නැත්නම් සුපිරි ලාබයක්. නමුත් ශ්‍රමිකයින්ට කළ හැකි දෙයක් නැහැ. ඔවුන්ට මේ රැකියාව නැති වුවහොත් වෙන යා හැකි තැනක් නැහැ!
ඉහත පසුබිම තුළ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ "නියම මිල" ලැබෙන්නේ නැහැ. එහෙත්, තිදෙනා එක්ව කාටලයක් ලෙස ක්‍රියා කර හෙට්ටු කිරීම මගින් ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ මිල ඉහළ දමාගන්න පුළුවන්. මෙහිදී එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 3000 දක්වා මිලක් ලබා ගන්න පුළුවන්. එම මිල එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට සමාන නොවෙතත්, තිදෙනා එකතුව ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් තිදෙනාගේම ආන්තික ඵලදායීතාවයට සමානයි. එම මුදල ශ්‍රමිකයින් තිදෙනා අතර සම සේ බෙදී යනවා.
තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. එහෙත්, ඒකාධිකාරයක් වෙනුවෙන් ශ්‍රමය ලබා දෙන විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙන බවට සහතිකයක් නැහැ. සාමූහිකව හෙට්ටු කිරීම මගින් සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඔවුන්ට ලබා ගන්න පුළුවන්. මෙසේ ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් අතර සමව බෙදී යනවා. ඔය දෙකෙන් කොයි එක වුනත්, කොන්ත්‍රාත්කරුට අවසාන වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලැබිය යුතු නියම මිල හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වන්නේ නැහැ. අවස්ථා දෙකේදීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා මෙය නියාමනය වෙනවා.
කෙසේ වුවත්, මහ බැංකුව හා අදාළව ඉහත තත්ත්වය වෙනස්. ඉහත උදාහරණයේදී කොන්ත්‍රාත්කරුට තමන්ගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලබා ගත හැකි හා ශ්‍රමිකයින්ට ගෙවිය හැකි සමස්ත මුදල උපරිම වශයෙන් රුපියල් 10,000ක් පමණයි. එය ඊට වඩා වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒකාධිකාරයක් පැවතියද ලැබිය හැකි ලාබ වල උපරිම සීමාවක් තිබෙන බව මීට පෙර විස්තර කර තිබෙනවා. නමුත්, සල්ලි අච්චු ගැසීම මගින් ලාබ හොයන මහ බැංකුවට මෙවැනි උපරිම සීමාවක් නැහැ!
මහ බැංකු සේවකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ඉල්ලමින් සාමූහිකව හෙට්ටු කළ හැකියි. දැන් සිදු වී තිබෙන්නේද එයයි. මහ බැංකුවේ ආදායම් හා ලාබ වෙනත් ආයතනයක මෙන් ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය වේනම්. එහි පාලක මණ්ඩලයට එම ශ්‍රමිකයින්ගේ සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඉක්මවන මුදලක් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, මහ බැංකුවේ ආදායම් හා ලාබ එහි ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය නොවන බැවින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට මෙවැනි සීමාවක් නැහැ. සල්ලි අච්චු ගසන ප්‍රමාණය වැඩි කර ඔවුන්ගේ වැටුප් ඕනෑ තරම් වැඩි කරන්න පුළුවන්.
මහ බැංකුවට එහි සේවක වැටුප් වැඩි කිරීමේදී වෙනත් ආයතන වලට මෙන් සීමාවකට යටත් වීමට සිදු නොවන බව එහි සේවකයින් දන්නවා. ඒ නිසා, ඔවුන්ට සාමූහිකව හෙට්ටු කිරීමේ අවස්ථාව ඇති තුරු, ඔවුන් එසේ නොකර ඉන්නේ නැහැ. මහ බැංකුවේ සේවකයින් සියලු දෙනා එක් වී සාමූහිකව හෙට්ටු කළහොත් එහි පාලක මණ්ඩලයට ඔවුන් සියලු දෙනාවම එක වර අස් කර දමන්න බැහැ. මෙම ශ්‍රමිකයින් බහුතරය වෙනුවට වෙනත් අය පහසුවෙන්ම පිටතින් බඳවා ගත හැකි වුවත් ඇතැම් තනතුරු පිරවීම ඒ තරම් පහසු නැහැ. ඉල්ලන මිල ගෙවීම ඊට වඩා පහසුයි.
මහ බැංකුවේ වැටුප් බාහිර නියාමනයකට ලක් වන විට එහි පාලක මණ්ඩලයට ඒ බව පෙන්වමින් "ඇඟ බේරා ගන්න" පුළුවන්. එහෙත්, ඔවුන්ට ශ්‍රමික වැටුප් නිර්ණය කිරීමේ පූර්ණ බලයක් ලැබුණු විට සේවකයින් සමඟ හෙට්ටු කළ හැකි කිසිදු අවියක් නැති වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ එයයි.
මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව මහ බැංකුව ස්වාධීන කිරීම හෝ මහ බැංකුවේ වැටුප් නිර්ණය කිරීමේ අයිතිය එහි පාලක මණ්ඩලය සතු වීම නෙමෙයි. එය සිදු වීමෙන් පසුවද මහ බැංකු සේවකයින්ට සාමූහිකව හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමේ අයිතියක් මෙන්ම අවශ්‍යනම් සාමූහිකව වැඩ වර්ජනය කිරීමේ වුවද අයිතියක් තව දුරටත් ඉතිරිව තිබීමයි.
අවසාන තීරණය මහ බැංකුවේ පාලක මණ්ඩලය සතු වුවත් ප්‍රායෝගිකව මහ බැංකුවේ (හෝ ලංකාවේ එවැනි වෙනත් ආයතනයක) වෘත්තීය සමිති සමඟ මහ බැංකුව වෙනුවෙන් හෙට්ටු කිරීම් කරන්නේ එහි මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දෙපාර්තමේන්තු මට්ටමට වඩා උඩින් සිටින මහ බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයයි. මෙහි ඇති පරස්පරය වන්නේ ඔවුන් මෙම හෙට්ටු කිරීම් වල ප්රතිපාර්ශ්වයේ අවශ්‍යතාවයන් සෘජුව නියෝජනය කරන්නන් වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙහිදී ඔවුන්ට හෙට්ටු කරන්නට සිදු වන්නේ තමන්ගේම වැටුප් හා ප්රතිලාභ වැඩි කරන ලෙස කරන ඉල්ලීමකට එරෙහිවයි. මෙවැනි හෙට්ටු කිරීමක අවසන් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
ප්‍රසිද්ධ අවකාශයේ ඇති තොරතුරු අනුව, මහ බැංකුවේ කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 189,000ක් පමණ වන අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 224,000 දක්වා ඉහළ යනවා. එයින් එහාටද වාර්ෂිකව මෙම වැටුප් ඉහළ යනවා. මෙම ගණන් වලින් වුවද ඔවුන්ට ලැබෙන ප්රතිලාභ මුළුමනින්ම නිරූපණය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මාස දෙකක වැටුපට සමාන විශේෂ දීමනා, විශ්‍රාම ප්රතිලාභ, සහන ණය පහසුකම් ආදිය එකතු වූ විට ප්රතිලාභ වල මුළු වටිනාකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි. මෙම සේවකයින් කිසිවෙකුට මහ බැංකුවෙන් ඉවත් වී වෙනත් තැනක සේවය කර මීට සමාන වැටුපක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම, මෙම තනතුරකට අලුතෙන් පිරිස් බඳවා ගැනීමට අවශ්‍යනම්, අවශ්‍ය කුසලතා ඇති පිරිස් ඕනෑ තරම් පෝලිමේ එනු ඇති බව සහතිකයි. මේ අනුව, මෙම වැටුප් ශ්‍රම වෙළඳපොළ මත පදනම් වූ වැටුප් නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි.
අලුත් සාමූහික ගිවිසුමට පෙර කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 146,000ක් පමණ මට්ටමක පැවති අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 165,000ක් පමණ වෙනවා. මෙම පැරණි වැටුප් මට්ටම් සැලකුවද ඉහත කතාව වෙනස් වන්නේ නැහැ.
කළමනාකරණ සහකාර පළමු පංතියේ අලුත් දළ වැටුප රුපියල් 242,000ක් පමණ වන අතර පැරණි දළ වැටුප ආරම්භ වන්නේද රුපියල් 174,000 මට්ටමෙන්. පස්වන පංතියට යද්දී අලුත් ආරම්භක දළ වැටුප රුපියල් 421,000 දක්වා ඉහළ යනවා. කළමනාකරණ සහකාර රැකියා යනු දළ වශයෙන් ලිපිකරු තනතුරු කියා කියන්න පුළුවන්. යතුරු ලිවීම, දත්ත ඇතුළු කිරීම, දෛනිකව පිළියෙල කරන ඇතැම් වාර්තා සකස් කිරීම ආදිය කරන්නේ මෙවැන්නන්. මෙම තනතුරු වල කටයුතු කිරීම සඳහා මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වන්නේ නැහැ.
යම් හෙයකින් මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වේනම් එසේ අවශ්‍ය වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් තනතුරු සඳහා පමණයි. මේ තර්කය බැහැර කළ නොහැකි තර්කයක් වුවත්, මෙම තර්කය වුවද හේතු ගණනාවක් මත පදනම්ව අභියෝගයට ලක් කළ හැකි තර්කයක්. ඒ අතරින් පළමු තර්කය මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය ඇති තනතුරු දරන අයට අවශ්‍ය නොවන කුසලතා ඔවුන් වෙනුවෙන් තාක්ෂණික කටයුතු කරන අයට අවශ්‍ය වේද යන්නයි.
වත්මන් මහ බැංකු අධිපතිවරයා යනු සෑහෙන දුරකට අනන්‍ය මානව සම්පතක් බව බොහෝ දෙනෙකුට බැහැර හැරිය නොහැකි කරුණක්. එම ධුරය සඳහා පත් කළ හැකි ඔහු සතු කුසලතා තිබෙන අය තවත් සිටිය හැකි වුවත් එවැන්නන් විශාල ප්‍රමාණයක් සිටීයැයි සිතන්නට බැහැ. ඒ අතරම, පුද්ගලයෙකු වශයෙන් සැලකුවොත්, ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දක්වා වන තනතුරු දැරූ අයෙක්. නියෝජ්‍ය අධිපති ලෙස ඔහුට එම කුසලතා පෙන්විය නොහැකි වූයේ ඇයි?
ලංකාවේ ආර්ථික අර්බුදයට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව පැහැදිලි කරුණක්. එම වගකීම එහි නිලධාරීන්ටද පැවරෙනවා. විශේෂයෙන්ම උසස් නිලධාරීන්ට. මෙහිදී එම නිලධාරීන් සියලු දෙනාම මෙන් නැවත නැවත පවසා ඇති කරුණක් වන්නේ, මේ වචන වලින්ම නොවුනත්, මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ එහි අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලයට බැවින් තමන් නිකම්ම රූකඩ පමණක් බවයි. දැන් මේ බලය තිබෙන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට සහ පාලක මණ්ඩලයටයි.
අලුත් පණත යටතේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වන නමුත් එහි ඉතිරි සාමාජිකයින් කිසිවකු මහ බැංකුවේ නිත්‍ය සේවකයින් නොවෙයි. ඇත්ත වශයෙන්ම, ඉහළම කුසලතා අවශ්‍ය වන්නේ මහ බැංකුව වෙනුවෙන් තීරණ ගන්නා එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට මිස ඔවුන් වෙනුවෙන් තාක්ෂණික සේවා සපයන මහ බැංකුවේ පහළ සේවකයින්ට නොවෙයි. ඒ නිසා, කොපමණ වැඩි වුවත්, වෙළඳපොළ මිල ගෙවා සුදුසුම පුද්ගලයින් පත් කර ගත යුත්තේ මෙම ඉහළ තනතුරු වලටයි.
එහෙත්, එක පැත්තකින්, ඉතිහාසය දෙස බැලූ විට මෙම ඉහළ තනතුරු වලට අවශ්‍ය කුසලතා තිබෙන සුදුසුම පුද්ගලයින් පත් වී නැහැ. මේ වැරැද්ද අනාගතයේදී වුවත් සිදු විය හැකි අතර එවැන්නක් සිදු වුවහොත් පහළ ස්ථර වල සේවය කරන අයගේ කුසලතා කොපමණ වැඩි වුවත් එම කුසලතා වලින් වැඩක් වෙන්නේ නැහැ.
දෙවනුව, මෙම කුසලතා ඇති අයෙකු අදාළ තනතුරකට පත් කිරීමේදී බොහෝ විට ප්‍රායෝගිකව ඔවුන්ගේ "වෙළඳපොළ මිල" බාධකයක් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ පෙර එම ධුරය දැරූ බොහෝ දෙනෙකු විසින් එම තනතුරු භාර ගෙන තිබෙන්නේ තමන්ට ලැබෙන ඉහළ වැටුප් බලාගෙන නෙමෙයි. මෙම තනතුරේ ආකර්ශනීයත්වය හා සිවිල් බලය නිසාම, එතරම් අපහසුවක් නැතිව, බොහෝ විට සුදුසු අයෙකු සේවයේ යෙදවිය හැකියි. කෙසේ වුවත්, මෙය පුද්ගල අභිරුචි අනුව වෙනස් වන්නක්.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට වඩා පහළ අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා කුසලතා පූර්ණ පිරිස් බඳවා ගත නොයුතු බව හෝ එසේ බඳවා ගැනීමේදී ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් තරඟකාරී මිලක් නොගෙවිය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම තනතුරු දරන අය අතරින් යම් පිරිසක් මේ වන විට වැඩි වී තිබෙන වැටුප් මට්ටම යටතේ වුවද බාහිර විකල්ප සොයා ගත හැකි අයයි. එහෙත්, එම ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු දරන අය අතරින් බොහෝ අයද වෙනත් බාහිර විකල්ප නොමැති අයයි. ඔවුන් ලේසියකට තමන්ගේ තනතුරු හැර යන්නේ නැහැ. බාහිර විකල්ප තිබෙන බොහෝ අයද දිගටම බැංකුවේ රැඳී සිටින්නේ සහන පොලියට මහ බැංකුවෙන් ලබාගත් විශාල ණය මුදල් හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේදී අත්සන් කළ බැඳුම්කර වැනි බාධක නිසා.
මහ බැංකුවේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ කෙතරම් ඉහළ මට්ටමක තිබුණත්, සෑම වසරකදීම මහ බැංකුවේ සේවකයින් ආසන්න වශයෙන් දහ දෙනෙකු පමණ රැකියාවෙන් ඉවත්ව යනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. මේ අය බාහිර විකල්ප තිබෙන, ඉහත කී ආකාරයේ බාධා නැති අයයි. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු රැකියාවෙන් අස්ව ගිය අවස්ථාවක් ගැන මා පෞද්ගලිකව දන්නේ නැතත්, ඉන් පහළ සහකාර අධිපති දක්වා තනතුරු දැරූ අය මීට පෙර වරින් වර මහ බැංකුවේ රැකියාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. බොහෝ විට යමෙකුට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හිමි වන්නේ විශ්‍රාම යාමේ වයස ආසන්නව නිසා ඉල්ලා අස් වීමේ විකල්පය වෙනුවට විශ්‍රාම යාමේ විකල්පය තිබෙනවා. ඒ නිසාත්, සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් සිටින්නේ දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණක් නිසාත් එවැන්නෙකු ඉල්ලා අස්වනු දකින්නට ලැබීමේ ඉඩකඩ අඩුවීම පුදුම විය යුතු දෙයක් නෙමෙයි.
මෙසේ රැකියාවෙන් ඉවත්ව යන බොහෝ දෙනෙකු එසේ කරන්නේ විදේශ ගතවීම සඳහායි. ඉහළ වැටුප් ගෙවන විදේශ රැකියාවක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාව අත හරින්නෙකු වැඩි වැටුප් ගෙවා නවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. තවත් අය බිරිඳ හෝ සැමියා විදේශගත වීම නිසා මහ බැංකුවේ රැකියාවෙන් ඉවත් වෙනවා. මේ හැර ලංකාවේම වෙනත් බැංකුවක හෝ පර්යේෂණ ආයතනයක ඉහළ වැටුපක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාවෙන් ඉවත්ව යන අයද සිටියත් ඒ ඉතා කලාතුරකින්.
ආර්ථික අර්බුදය පැමිණීමත් සමඟ මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව යාම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පහත සඳහන් තෝරාගත් (තොරතුරු සොයා ගත හැකි) වසර වල මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති රටාව දෙස බැලූ විට මෙම වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.
2008 - 13
2010 - 9
2012 - 11
2014 - 16
2019 -9
2020 -5
2021 - 14
2022 - 51
වසරක් තුළ මහ බැංකුවේ සේවකයින් 51 දෙනෙකු රැකියාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ හේතුව නිසා 2022 අවසානය වන විට මහ බැංකුවේ සේවක ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දකින්න පුළුවන්. ඇතැම් විට, පසුගිය (2023) වසර තුළද මෙවැනිම තත්ත්වයක් පැවතුණා විය හැකියි. පහත තිබෙන්නේ පසුගිය වසර 15ක කාලය තුළ මහ බැංකුවේ සේවක ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරයයි.
2008 - 1,304
2009 - 1,263
2010 - 1,497
2011 - 1,411
2012 - 1,398
2013 - 1,550
2014 - 1,483
2015 - 1,422
2016 - 1,471
2017 - 1,405
2018 - 1,421
2019 - 1,366
2020 - 1,335
2021 - 1,357
2022 - 1,260
ඉහත සංඛ්‍යා වලින් පෙනෙන පරිදි, 2010 වසරේදී මහ බැංකුවේ කාර්යාල සහායක පංතියට 71 දෙනෙකු සහ කළමනාකරණ සහකාර පංතියට 94 දෙනෙකු බඳවා ගනු ලැබීම නිසා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව 19%කින් පමණ ඉහළ ගියා. එහෙත්, 2013 වසරේ සිට මහ බැංකුවේ සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් පැවති බව දැකිය හැකියි. එය සැලසුම් සහගත ලෙස කර තිබෙන දෙයක්. එහෙත්, 2022 වසරේ ඉල්ලා අස් වීම් නිසා මහ බැංකුවේ සේවක ප්‍රමාණය අඩු වීම සැලසුමක ප්‍රතිඵලයක් නෙමෙයි. එමෙන්ම, එම වසරේ බොහෝ දෙනෙකු රට හැර විදේශගත වීම මහ බැංකුවෙන් පිටත අනෙකුත් ආයතන වලද දැකිය හැකි වූ තත්ත්වයක්.
පුද්ගල ආදායම් බදු එකවර විශාල ලෙස ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ අතට ලැබෙන පඩිපත කුඩා වුනා. මෙය මහ බැංකුවේ සේවකයින්ටද බලපා තිබෙනවා. එහෙත්, වෙනදාට වඩා වැඩියෙන් මහ බැංකුවේ සේවකයින් ඉල්ලා අස්වීමට එකම හේතුව එය කියා මා හිතන්නේ නැහැ.
රටේ ආර්ථිකයට "වෙන්න යන දේ" ගැන අනෙක් බොහෝ දෙනෙකුට කලින් දැනගන්නට ලැබෙන්නේ මහ බැංකුවේ සේවය කරන අයටයි. එමෙන්ම, පැවති ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව සහ පැවති දේශපාලන වාතාවරණය තුළ මහ බැංකුවේ සේවය කරන සියල්ලන්ගේම රැකියා නැති වීමේ අවදානමක් තිබුණා. එම තත්ත්වය තුළ මේ ඉල්ලා අස්වීම් ගිලෙන නැවෙන් මීයන් පැනීමක් ලෙසද හඳුනාගත හැකියි. 2022 වසර අවසාන වන විට මහ බැංකුවේ සේවක සංයුතිය පහත පරිදියි.
මාණ්ඩලික ශ්‍රේණිය - 661
කළමනාකරණ සහකාර ශ්‍රේණිය - 463
කාර්යාල සහායක ශ්‍රේණිය - 136
මෙම පිරිසගේ වැටුප් ලෙස වසර තුළ රුපියල් මිලියන 6,692ක් ගෙවා ඇති අතර එය සාමාන්‍ය අගයක් ලෙස එක් අයෙකුට මාසයකට රුපියල් 442,577ක මුදලක්. මේ වැටුප් ඉහළ දැමීමට පෙරයි. විශ්‍රාම ප්රතිලාභ ගෙවීම්ද ඇතුළුව පුද්ගල වියදම් ලෙස එම වසර තුළ වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 20,334ක්. මේ අනුව, වැටුප් වැඩි කිරීම නිසා වියදම් ඉහළ යන ආකාරය ගැන අදහසක් ගත හැකි විය යුතුයි.
පහත තිබෙන්නේ පසුගිය වසර 16ක කාලය තුළ සේවක වැටුප් වෙනුවෙන් මහ බැංකුව විසින් වැය කර තිබෙන මුදල් ප්‍රමාණයයි. අදාළ කාලයේ සාමාන්‍ය අගයක් ලෙස විශ්‍රාම ප්රතිලාභ සඳහා වැය කර තිබෙන මුදල මෙම මුදලින් 60%ක් පමණ වෙනවා.
2007 1,591,667,000
2008 1,718,302,000
2009 2,128,264,000
2010 2,224,931,000
2011 2,274,045,000
2012 2,865,544,000
2013 3,138,445,000
2014 3,256,096,000
2015 4,201,583,000
2016 4,258,884,000
2017 4,112,349,000
2018 5,409,137,000
2019 5,544,943,000
2020 5,298,938,000
2021 7,116,223,000
2022 6,691,770,000
ඉහත සංඛ්‍යා දෙස බැලු විට වසර තුනකට වරක් (2009, 2012, 2015, 2018 හා 2021) වැටුප් වියදම් එක වර විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, අනෙකුත් වසර වලදී ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. මෙයට හේතුව, මහ බැංකුව විසින් වසර තුනකට වරක් සේවකයින් සමඟ වන සාමූහික ගිවිසුම අලුත් කිරීමයි. මෙම ගිවිසුම අනුව, තවත් වසර තුනක කාලයක් යන තුරු මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන නැවත සලකා බැලෙන්නේ නැහැ. 2024 වසරද මෙසේ මහ බැංකුවේ සේවක වැටුප් නැවත සංශෝධනය වන වසරක්.
ඉහත පැහැදිලි කර ඇති පරිදි මේ වසරේදී මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අලුත් මහ බැංකු පණත නිසා සිදුව ඇති දෙයක් නෙමෙයි. නමුත්, දිගින් දිගටම සිදුව තිබෙන "වැරැද්දක්" මෙවරද නැවතත් සිදු වී තිබෙනවා. මහ බැංකුව ස්වාධීන කර ඇති පසුබිමක, ඒ වැරැද්ද මෙවර සිදුව තිබෙන්නේ වඩා නරක ආකාරයකිනුයි.
කාර්යාල සහායක හා කළමනාකරණ සහකාර ශ්‍රේණි ගැන පෙර කතා කළ බැවින් මාණ්ඩලික ශ්‍රේණි වෙත අවධානය යොමු කළහොත්, ලංකාව ඇතුළේම වුවද වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන අය මහ බැංකුවේ සේවය කරනවා. නමුත්, සියල්ලන්ම නෙමෙයි. අනෙක් අතට මෙම තනතුරු පිරවීමට අවශ්‍යනම් මහ බැංකුව ගෙවන වැටුප් වලට පිටතින් පිරිස් බඳවා ගැනීම කිසිසේත්ම නොකළ හැකි දෙයක් නෙමෙයි. ඇත්තම ප්රශ්නය එසේ බඳවා නොගැනීමයි!
මහ බැංකුව මාණ්ඩලික ශ්‍රේණියේ ඉහළ තනතුරු සඳහා පිටතින් පිරිස් බඳවා ගන්නේ නැහැ. එම තනතුරු වලට උසස්වීමටනම් මුලින්ම කළමනාකරණය පුහුණුවන්නෙකු ලෙස (MANAGEMENT TRAINEE) මහ බැංකුවේ සේවයට පැමිණිය යුතුයි. මෙසේ මහ බැංකුවේ සේවයට පැමිණෙන්නෙකුට වසරක කාලයක් යන තුරු සියලු දීමනා සමඟ මසකට ලැබෙන්නේ රුපියල් 125,000ක මුදලක් පමණයි. මෙය මෑතකදී වැටුප් වැඩි කිරීමට පෙර කාර්යාල සහායක ශ්‍රේණියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප වූ රුපියල් 145,773ටද වඩා අඩු වැටුපක්.
මාණ්ඩලික ශ්‍රේණියට බැඳී මහ බැංකුවේ ඉහළම සේවක තනතුර (rank position) වන නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස් වීමට සුදුසුකම් ඇති අය බඳවා ගැනීමේදී මහා බැංකුව මෙවැනි "අඩු" වැටුපක් ගෙවන්නේ ඇයි?
පිළිතුර සරලයි. පවතින ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් තුළ එම වැටුපට මහ බැංකුවේ සේවයට පැමිණෙන්නට කැමති සහ අවශ්‍ය සුදුසුකම් තිබෙන දහස් ගණනක් රටේ ඉන්නවා. කෙසේ වුවත්, ඔවුන් මෙසේ මහ බැංකුවේ සේවයට එන්නේ වසරකට පසු සැලකිය යුතු වැටුපක් හා ප්රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි නිසයි. වසරක "අසීරු කාලය" ගත කිරීමෙන් පසුව ඔවුන්ට සාපේක්ෂව හොඳ කලක් ලබනවා.
කෙසේ වුවත් මෙම හොඳ තත්ත්වය නැවතත් කාලයත් සමඟ වෙනස් වෙනවා. ඊට හේතුව, මහ බැංකුවේ සේවයට බැඳෙන අයට "ඉහළට නැගීම" සඳහා විශාල කාලයක් බලා ඉන්නට සිදු වීමයි. වෙනස් විය යුතු දෙය මෙන්ම ඇත්ත ප්රශ්නය මෙයයි.
මූල්‍යකරණය වැනි විෂයයක අධ්‍යාපන හා/හෝ වෘත්තීය සුදුසුකම් ලබා පෞද්ගලික අංශයේ රැකියාවකට යන අයෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව වසර පහ හයක් යද්දී මධ්‍යම මට්ටමේ කළමණාකාර තනතුරක් දක්වා ඉහළට යාම අපහසු දෙයක් නෙමෙයි. මහ බැංකුවේ මීට සමාන කළ හැකි තනතුර වන දෙපාර්තුමේන්තු ප්‍රධානී තනතුරක් ලබා ගැනීම සඳහා අඩු වශයෙන් වසර 17ක පමණවත් කාලයක් බලා ඉන්නට සිදු වෙනවා. මේ කාලය තුළ, තමන්ට සමකාලීනව පෞද්ගලික අංශයේ සේවයට ගිය අය තමන් පසු කර ඉහළට යන ආකාරය දෙස හූල්ලමින් බලා සිටින්නට මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් නිලධාරීන්ට සිදු වෙනවා.
මහ බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තු වල ප්‍රධානී තනතුර දැරීම සඳහා සැලකිය යුතු කුසලතා හා පළපුරුද්දක් අවශ්‍ය වුවත්, තවත් ඇතැම් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු වල කාර්ය භාරය ඒ තරම්ම සංකීර්ණ නැහැ. ඊට ඉහළ හා පහළ සමාන්තර තනතුරු ගැන කියන්න තියෙන්නේද එවැනිම දෙයක්. එමෙන්ම මේ එක් එක් සමාන්තර තනතුරු සඳහා අවශ්‍ය කුසලතා වල වෙළඳපොළ මිල සමාන නැහැ.
උදාහරණ ලෙස මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් දැරීම සඳහා මහ බැංකුවේම කලක් සේවය කර පළපුරුද්දක් ඇති අය පත් කිරීම සුදුසු වුවත්, පහසුකම් කළමනාකරණ හෝ මානව සම්පත් වැනි දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ඇති අය පිටතින් බඳවා ගැනීමට බැරිකමක් නැහැ. එමෙන්ම, ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවකට පවා යම් නිලධාරීන් පිරිසක් පිටතින් බඳවා ගත හැකියි. දක්ෂ පුද්ගලයෙකුට මෙවැනි දෙපාර්තමේන්තුවක වුවද "වැඩ අල්ලා ගැනීමට" විශාල කාලයක් අවශ්‍ය වන්නේ නැහැ.
මහ බැංකුවේ කියන්නේ රජයේ වෙනත් ආයතන මෙන්ම දැඩි සේ ධුරාවලිගත වූ සහ එම ධුරාවලිය මහ බැංකුවේ සේවයට මුලින්ම සේවයට පැමිණි දිනය මත නිර්ණය වන ආයතනයක්. මේ ධුරාවලිය හා සම්ප්රදාය බැහැර කරන්නේනම් මහ බැංකුවට මානව ප්රාග්ධනය සපයා ගැනීම සඳහා මේ තරම් මිලක් ගෙවන්නට සිදු වන්නේ නැහැ. නමුත්, දැඩි ලෙස වෘත්තීය සමිති ග්‍රහණයට යටත්ව ඇති ආයතනයක ධුරාවලිය හා සම්ප්රදාය බැහැර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි.
පහළ ශ්‍රේණි වල සිටින වඩා කාර්යක්ෂම නිලධාරීන්ට ඉක්මණින් ඉහළ තනතුරු වලට යාමට අවස්ථාව ලබා දෙනවා කියන්නේ සේවා කාලයෙන් වඩා ජ්‍යෙෂ්ඨ, එහෙත් සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන්ට එම අවස්ථාව අහිමි වෙනවා කියන එකයි. ධුරාවලිගත ආයතනයක සාපේක්ෂව අකාර්යක්ෂම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ තත්ත්වය ඇති වනු දකින්නට කැමති වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් ඉහළ යාමේ අවස්ථා අහිමිවන, වැඩි කුසලතා ඇති, ඒ නිසාම බාහිර විකල්ප තිබෙන, නිලධාරීන් යම් පිරිසක් සේවය හැර යාම නොවැලැක්විය හැකි දෙයක්. මහ බැංකුවේ වැටුප් ක්‍රමය සකස් වී තිබෙන්නේ නිලධාරීන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පහසු කරන ආකාරයෙන් නොව, කවර කොන්දේසි යටතේ වුවද මහ බැංකුව හැර නොයන නිලධාරීන්ට හැකි ඉහළම ප්රතිලාභ ලැබෙන අයුරිනුයි.
මහ බැංකුවේ ඇත්තම ප්රශ්නය එහි නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම නොව සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන් එසේ ඉවත් වී නොයාමයි. ඊට හේතුව ඔවුන්ට ලැබෙන වැටුප් හා ප්රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි "වෙළඳපොළ වැටුප්" වලට වඩා වැඩි වීමයි. මෙය සිදු වන්නේ සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදන සාමූහික ගිවිසුම් ක්රමයේ උදවුවෙන්. ඒ නිසා, පහළ ස්ථර වල සිටින අයට ඉහළට යාමට, පෞද්ගලික ආයතනයකට සාපේක්ෂව, විශාල කාලයක් ගත වෙනවා. මේ තත්ත්වය තුළ වඩා අභිලාෂකාමී (ambitious), දක්ෂ නිලධාරීන් සේවයෙන් ඉවත්ව යනවා.
මේ තත්ත්වය මහ බැංකුවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ වාසියට ධනවාදී තර්කනයේ වෙළඳපොළ මිල හා සමාජවාදී තර්කනයේ සාමූහික ගිවිසුම් කලවම් කර දෙමුහුන් ක්‍රමයක් හදා ගැනීම වෙනත් අයද කරන දෙයක්.
පහත උපුටා ගැනීම නලින් ද සිල්වාගේ ලිපියකින්.
"මොටාල වැඩ වර්ජනයක් කළා. මාත් එකල මොටාවෙක්. අපි තර්ක කළා මොටාවලටත් දක්ෂයන් බඳවා ගන්න හා රඳවා ගන්න ඕන නිසා ඒ ඒ ක්ෂෙත්රවල මොටාලගෙ වැටුප ඒ ක්ෂෙත්රවල ඉහළ ම වැටුප වෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මොටාවල ආර්ථික විද්‍යාඥයන්ට මහා බැංකුවෙ වැටුප් ගෙවන්න ඕන කියා. වෛද්‍ය පීඨයෙ නම් රජයේ වෛද්‍ය සේවයේ ඉහළ වැටුප් ගෙවන්න ඕන කියා. ඊළඟට අප තර්ක කළා මොන පීඨයෙ හිටියත් මොටාල මොටාලා නිසා පීඨයෙන් පීඨයට වැටුප් වෙනසක් තියෙන්න බැහැ කියා.
ඒ කියන්නෙ මොන පීඨයෙ හිටියත් අදාළ ක්ෂෙත්රයෙ ඉහළ ම වැටුප මොටාලට ලැබෙනව විතරක් නො වෙයි මා වැනි ගණිත මොටාවෙකුට වුණත් මහා බැංකුවෙ හරි රජයේ වෛද්‍ය ක්ෂෙත්රයෙ හරි ඉහළ ම වැටුප් ලැබෙනවා. එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්. ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ. ඔවුන් අපේ තර්කය පිළිගත්තා. වැටුප් වැඩි කළා."
මහ බැංකුවේ වෙලා තියෙන්නෙත්, තිබෙන ක්‍රමය තුළ ඉදිරියේදී විය හැක්කේත් හරියටම ඔන්න ඔය වැඩේ. නිශ්චිත කිවුවොත් කණ්ඩායමක සිටින දක්ෂම පුද්ගලයන්ගේ ආන්තික ඵලදායීතාවය මත කණ්ඩායමේ සියල්ලන්ගේම වැටුප් නිර්ණය වීම. මෙහි තිබෙන අවුල මෙය සිදු වන්නේ රටේ පොදු මහජනතාවගේ වියදමෙන් වීමයි.
දක්ෂ පුද්ගලයින් බඳවා ගත යුතුනම් හෝ රඳවා ගත යුතුනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොදුවේ සියල්ලන්ගේම වැටුප් ඉහළ දැමීම නෙමෙයි. එසේ බඳවාගත යුතු හෝ රඳවා ගත යුතු පුද්ගලයින්ට ඔවුන්ගේ වෙළඳපොළ වටිනාකම හා ගැලපෙන වැටුපක් ගෙවන එක සහ ඉක්මනින් ඉහළට යාමට අවස්ථා ලබා දීමයි. ඒ වගේම, ඉහළ තනතුරු ඇතුළු සියලුම තනතුරු බාහිර තරඟයට විවෘත කිරීමයි.
Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3221129106341750825.post-17773953662603768042024-03-09T11:35:00.001-05:002024-03-09T12:36:49.086-05:00මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?
මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් "ශ්‍රී ලංකා මහ බැංකුව" කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ "සංස්ථාවක්" පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි.
මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්.
විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?
පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි.
ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා.
මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා.
නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.
අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.
දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.
මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)
අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් "අසීමිත" අවකාශයක් ලැබෙන්නේ නැහැ.
මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, "කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න" පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.
ව්‍යවස්ථාදායකය විසින් තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ.
ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි.
මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි.
කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු.
Unknownnoreply@blogger.com5tag:blogger.com,1999:blog-3221129106341750825.post-10698667503385521032024-03-08T16:41:00.000-05:002024-03-08T16:41:34.096-05:00මහ බැංකුව පඩි ගෙවන්නේ කොහොමද?
මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා.
මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට ප්රතිපක්ෂව සිටින බවකුයි පෙනෙන්න තියෙන්නේ. විවිධ කරුණු මත දිගින් දිගටම මහ බැංකුව විවේචනය කරමින් සිටි වාමාංශික පක්ෂ මේ කාරණය හා අදාළව හඬක් නගන බවක් මට නිරීක්ෂණය වුනේ නැහැ. ඇතැම් විට ඒ අය මෙය සේවකයින් විසින් හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමක් කියන පැත්තෙන් ගන්නවා වෙන්න ඇති.
මේ වැටුප් වැඩි කිරීම සාධාරනීකරණය කරමින් මහ බැංකුව විසින් හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් අය විසින් පහත තර්ක ගෙන එනවා.
- තමන්ගේ වැටුප් වැඩි කරගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව
- වැටුප් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන මුදල් මිස බදු මුදල් නොවන බව
- මහ බැංකුවට විශේෂිත ශ්‍රමයක් අවශ්‍ය වන නිසා එම ශ්‍රමය මිල දී ගෙන රඳවා තබා ගැනීම පිණිස මෙවැනි ඉහළ වැටුප් ගෙවන්නට සිදු වන බව
තර්ක විදිහට මේවා හරි. නමුත් මේ තර්ක සියල්ලේම නොකියන දේවල් තිබෙනවා. ඒ වගේම, මහ බැංකුව ස්වාධීන කළාට පස්සේ මුලින්ම කළේ තමන්ගේ වැටුප් වැඩි කරගන්න එක කියන කතාවත්, තාක්ෂණිකව කොහොම වුනත්, පදනමක් නැති කතාවක් නෙමෙයි.
පළමු කරුණ සම්බන්ධවද මතභේද ඇතත් එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි කියා කියන්න පුළුවන්. ඒ නිසා මම දෙවන කරුණ වෙත අවධානය යොමු කරන්නම්.
මහ බැංකු සේවකයින්ගේ වැටුප් වෙනුවෙන් හෝ මහ බැංකුවේ වෙනත් වියදම් වෙනුවෙන් රජය විසින් එකතු කරන බදු මුදල් වැය කරන්නේ නැහැ. මේ වියදම් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන ආදායම්. ඇත්තටම වෙන්නේ එම ආදායම් වලින් අවසානයේදී ඉතිරි වන කොටස රජයට ලබා දෙන එකයි.
මේ කතාව තර්කයක් විදිහට නිවැරදියි වගේම මහ බැංකුවට අමතරව තවත් බොහෝ රාජ්‍ය ආයතන හා අදාළවද නිවැරදියි. ශ්‍රීලංකන්, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන පාඩු ලබද්දී රජය එම ආයතන වලට බදු මුදල් පොම්ප කරන බව ඇත්ත. නමුත්, යම් හෙයකින් එම ආයතන ලාබ ලැබුවේනම් සහ එසේ ලාබ ලබන අතර සේවකයින්ගේ වැටුප් වැඩි කරගත්තේනම් මහ බැංකුව කියන කතාවම ඔය ආයතන වලටත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු එහෙම ලාබ ලබනවා. ඒ නිසා එම ආයතන වෙනුවෙන් බදු මුදල් වැය වෙන්නේ නැහැ.
නමුත්, ඉහත කී අනෙකුත් ආයතන විසින් කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරනවා. එහෙම කරලා ආර්ථිකයට අගය එකතු කිරීමක් කරනවා. ඒ ආයතන වල ලාබ විදිහට ඉතිරි වෙන්නේ (එහෙම ඉතිරි වෙනවානම්) ඒ අගය එකතු කිරීම. මේ සඳහා ආයතනයේ කළමනාකරණය වගේම සේවකයින් විසින්ද සැලකිය යුතු පරිශ්‍රමයක් දැරිය යුතුයි. ඔවුන් කාර්යක්ෂම වන තරමට ආයතනයේ ලාබ ඉහළ යනවා.
මෙන්න මේ කාරණය හා අදාළව මහ බැංකුව වෙනස්ම ආයතනයක්. මහ බැංකුවේ ලාබ ඉහළ යන්නේ එම ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා නෙමෙයි. ඒක වෙනම කතාවක්.
මහ බැංකුව ආදායම් උපයන්නේ කොහොමද?
කෙටි පිළිතුර මහ බැංකුව ආදායම් උපයන්නේ සල්ලි අච්චු ගැසීම මගින්. ඊට වඩා සංකීර්ණ දිගු පිළිතුරක් තිබුණත් ඒ දිගු පිළිතුරෙන් අවසාන වශයෙන් කියැවෙන්නේද ඔය කතාවම තමයි.
ඔබට ආදායම් ඉපැයිය හැකි මාර්ග මොනවාද?
- ඔබේ ශ්‍රමය යොදවා කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීමෙන් ඔබට ආදායම් උපයන්න පුළුවන්.
- ඉහත ක්‍රමයට උපයන ආදායම් වලින් කොටසක් ඉතිරි කරගෙන හෝ එසේ ඉතිරි කළ අයෙකුගේ උරුමකරුවෙකු ලෙස ලැබුණු ප්රාග්ධනය කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් ආයෝජනය කර ඔබට ආදායම් උපයන්න පුළුවන්.
ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ආදායම් ඉපැයුවත් එහිදී සෘජුව හෝ වක්‍රව කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු වෙනවා.
ඔය ක්‍රම දෙක හැර වෙනත් ක්‍රම නැද්ද?
අපි හිතමු ඔබ රුපියල් ලක්ෂ කිහිපයක් වැය කර හොඳ මුද්‍රණ යන්ත්‍රයක්, කඩදාසි සහ තීන්ත මිල දී ගෙන රුපියල් 5000 නෝට්ටු අච්චු ගහනවා කියලා. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක් කියමු. දැන් ඔබ මේ නෝට්ටුවක් මාරු කරන වාරයක් පාසා ඔබට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා.
ඔය වැඩේ කරන අය නැතුව නෙමෙයිනේ. හැබැයි වැඩි කාලයක් ඔය වැඩේ එක දිගට කරන්න බැහැ. අපරාධ විමර්ශන අංශයෙන් හෝ වෙනත් එවැනි අංශයකින් ඇවිත් කුදලාගෙන ගිහින් හිරේ දමනවා. තාත්තා රටේ හිටපු ලොක්කෙක්නම්, ඉන්න ලොක්කා ඒ යාලුකමට මැදිහත් වුනොත්, සමහර විට හිරේ නොගිහින් බේරෙන්න ඉඩ ලැබෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ දිගටම කරන්න බැහැ. මොකද මේ විදිහට සල්ලි අච්චු ගහන එක රටේ නීතිය අනුව නීති විරෝධී වැඩක්.
අපි හිතමු මෙය කියවන ක්‍රිෂ්ණා රාමනායකගේ සුළු ව්‍යාපාරයට පමණක් මොකක් හෝ හේතුවක් නිසා රජය ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ඉඩ දුන්නා කියලා. දැන් ඔහුට පුළුවන් තමන්ගේ අනෙක් ව්‍යාපාරික කටයුතු පැත්තක තියලා සල්ලි අච්චු ගහන වැඩේ ආයතනයේ ප්රමුඛ කාර්යය විදිහට කරගෙන යන්න. ඔය ක්‍රමයට හොයන්න පුළුවන් ලාබ වල සීමාවක් නැති තරම්. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහලා එළියට දමන වාරයක් පාසා ඔහුගේ ආයතනයට රුපියල් 4950ක ලාබයක් ලැබෙනවා. ඒ නිසාම ඔහුගේ ආයතනයේ සේවකයන්ට කැමති තරම් ඉහළ වැටුපක් ගෙවන්නත් ඔහුට පුළුවන්. එහෙම වැඩි වැටුප් ගෙවුවා කියලා ආයතනයේ ලාබ අඩු වෙන්නේ නැහැ. මොකද යම් හෙයකින් ලාබ අඩු වෙන්න යනවානම් තව සල්ලි ටිකක් වැඩිපුර අච්චු ගහලා ලාබය වැඩි කරගන්න පුළුවන්. අවශ්‍ය ලාබය තීරණය කරගන්නේ තමන් විසින්ම මිසක් වෙළඳපොළ විසින් නෙමෙයි.
ක්‍රිෂ්ණා රාමනායකගේ සහ ඔහුගේ ආයතනයේ සේවකයින්ගේ අවාසනාවට ඔහුගේ ආයතනයට රජයෙන් එවැනි අවසරයක් ලැබී නැහැ. නමුත් මහ බැංකු සේවකයින්ගේ වාසනාවට මහ බැංකුවට රජයෙන් එවැනි අවසරයක් ලැබී තිබෙනවා. ඒ අවසරය තියෙන්නේ මහ බැංකුවටම පමණයි.
සියලුම ආරක්ෂක විධිවිධාන එක්ක නියම ප්‍රමිතියේ රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක්නම් මේ නෝට්ටුවක් මුද්‍රණය කරලා එළියට දමන වාරයක් පාසා මහ බැංකුවට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම කිරීම මගින් මහ බැංකුවට විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒ ආදායමෙන් සේවක වැටුප් බේරලා ඉතිරි වන කොටසක් ඇත්නම් රජයට දෙන්නත් පුළුවන්. ඒ නිසා මහ බැංකුවට වැටුප් ගෙවීම සඳහා රජය විසින් එකතු කරගන්න බදු මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ.
සල්ලි කියා කියන්නේ මුදල් නෝට්ටු පමණක් නෙමෙයිනේ. දැන් ගොඩක් ගනුදෙනු සිදුවෙන්නේ විද්‍යුත් ක්‍රමයට. එහෙම කියලත් ඔය කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. මුද්‍රණ යන්ත්‍රය, මුද්‍රණ කඩදාසි හා තීන්ත වෙනුවට පරිගණක හා මෘදුකාංග ආදේශ වෙනවා. පරිගණකයේ බොත්තමක් ඔබන සැණින් නැති මුදල් අලුතෙන් මැවී කාගේ හෝ ගිණුමකට බැර වෙනවා. මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න යන වියදමවත් යන්නේ නැහැ.
සාමාන්‍යයෙන් රටක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා රටක මුදල් ඉල්ලුම සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන තරමට මුදල් අලුතෙන් නිකුත් කළා කියලා උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත්, ඒ නිකුත් කරන මුදල් ප්‍රමාණයෙන් වුනත් මහ බැංකුවට සෑහෙන තරමක ශුද්ධ ආදායමක් ලබන්න පුළුවන්.
මුදල් නෝට්ටු ලෙස හෝ විද්‍යුත් ක්‍රමයට ඉහත කී ප්‍රමාණයට වඩා සල්ලි අච්චු ගසා එළියට දැම්මොත් සල්ලි බාල්දු වෙනවා. රට ඇතුළේ භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය. ඩොලර් වැනි විදේශ මුදල් වල මිල ඉහළ යනවා. නමුත් ඔය ඉහළ යාම ගොඩක් ලොකුවට දැනිලා මිනිස්සු පාරට බහින තත්ත්වයක් ඇති නොවන තුරු මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ සීමාව ඇතුළේ වුනත් මහ බැංකුවට සල්ලි අච්චු ගැසීම මගින් විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්.
ඔය හේතුව නිසා මහ බැංකුව විසින් සේවකයින්ට වැටුප් ගෙවද්දී ඇත්තටම කරන්න වෙන්නේ ඔවුන්ගේ ගිණුම් ශේෂය අවශ්‍ය ප්‍රමාණයෙන් ඉහළ දමන එක පමණයි. වෙනත් ආයතනයකට වගේ ඒ වෙනුවෙන් සල්ලි එන්නේ කොහෙන්ද කියන ප්රශ්නය ගැන මහ බැංකුවට හිතන්න අවශ්‍ය නැහැ. ගෙවන වැටුප් ප්‍රමාණය කීය වුනත් ඒ ප්‍රමාණයෙන් රටේ මුදල් සැපයුම ඉහළ යනවා. වැඩේ ඒ තරම්ම සරලයි.
මහ බැංකුව විසින් අලුතෙන් සල්ලි අච්චු ගහලා කරන එකම වැඩේ හෝ ප්‍රධානම වැඩේ සේවකයින්ට වැටුප් ගෙවන එක නෙමෙයි. ඒ විදිහට අච්චු ගහන සල්ලි වලින් මහ බැංකුව ඩොලර් වැනි විදේශ විණිමය වෙළඳපොළෙන් මිල දී ගන්නවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා.
ඔය විදිහට මිල දී ගන්න ඩොලර් තමයි මහ බැංකුවේ සංචිත කියන්නේ. එම සංචිත විදේශ රටක ආයෝජනය කරලා ඩොලර් වලින් ආදායම් උපයන්න පුළුවන්. ඔය වැඩෙන් සමහර වෙලාවට පාඩු වෙන්නත් පුළුවන්. මතක ඇතිනේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය.
විදේශ සංචිත වලින් වගේම භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වලිනුත් මහ බැංකුවට ආදායම් ලැබෙනවා. වැඩියෙන් සල්ලි අච්චු ගහලා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් තරමට මහ බැංකුවේ ආදායම් ඉහළ ගිහින් ලාබ වැඩි වෙනවා. පොලී අනුපාතික ඉහළ යන තරමටත් මහ බැංකුවේ ආදායම් ඉහළ යනවා. ඩොලරයක මිල ඉහළ යන තරමට විදේශ වත්කම් වල රුපියල් අගය ඉහළ යනවා. කෙටියෙන් කිවුවොත් රුපියල බාල්දු වෙන තරමට මහ බැංකුවේ ලාබ ඉහළ යාමේ ඉඩකඩද ඉහළ යනවා. මහ බැංකුවට අවශ්‍ය ලාබය කීයද, රුපියල අවශ්‍ය පමණ බාල්දු කිරීම මගින් ඒ අවශ්‍ය ලාබය හොයා ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ආයතනයක ලාබ ඉහළ යනවා කියා කියන්නේ ඒ ආයතනයේ කටයුතු හොඳින් සිදු වෙනවා කියන එක. නමුත් ඔය කතාව මහ බැංකුවකට හරියන්නේ නැහැ. ඇතැම් විට මහ බැංකුවක ලාබ ඉහළ යාමෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුවක ලාබ කියා කියන්නේ කිසිසේත්ම එහි කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නෙමෙයි. ඒ හේතුව නිසාම මහ බැංකුවක ලාබ ඉහළ යාම හෝ පහළ යාම එහි සේවකයින්ගේ වැටුප් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩි කිරීමට හේතුවකුත් නෙමෙයි. මහ බැංකුවක ලාබ කියන්නේ වෙනත් ආයතනයක ලාබ වලට සාපේක්ෂව නිකම්ම අංකයක් පමණයි. මහ බැංකුවක කාර්යක්ෂමතාව මැනිය හැක්කේ මුදලේ අගය කොයි තරම් දුරකට සංරක්ෂණය කර තිබෙනවාද යන්න මතයි.
ඔය විදිහට සල්ලි අච්චු ගැසීම මගින් තමන්ටම අවශ්‍ය තරම් අරමුදල් හොයාගන්න පුළුවන් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ නඩත්තුව වෙනුවෙන් බදු මුදල් වැය කළ යුතු නැති බව පැහැදිලියිනේ. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය ලෙස යොදවා තිබෙන්නේ බදු මුදල්. ඒ නිසා, මෙය රාජ්‍ය ආයතනයක්.
අනෙක් රාජ්‍ය ආයතන වගේම මහ බැංකුවද විගණනයට ලක් වෙනවා. මහ බැංකුවේ ලාබ වලට අනෙක් ආයතන වල ලාබ වලට මෙන් අර්ථයක් නැතත්, අනෙක් ආයතන වල ගිණුම් වාර්තා හදන ක්‍රමවේද අනුවම මහ බැංකුවේ ගිණුම් වාර්තාද හදනවා. ඒ අනුව, මහ බැංකුවේ ලාබ හෝ පාඩුද වාර්තා වෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර දහයක කාලය තුළ මහ බැංකුවේ ලාබ (හෝ පාඩු).
2013 - රුපියල් බිලියන (-24.3)
2014 - රුපියල් බිලියන (-32.3)
2015 - රුපියල් බිලියන (-19.6)
2016 - රුපියල් බිලියන 22.2
2017 - රුපියල් බිලියන 48.4
2018 - රුපියල් බිලියන 137.9
2019 - රුපියල් බිලියන 55.6
2020 - රුපියල් බිලියන 63.4
2021 - රුපියල් බිලියන 158.2
2022 - රුපියල් බිලියන (-374.3)
ඉහත පෙන්වා ඇති පරිදි, 2022 වසර මහ බැංකුව විසින් විශාල පාඩුවක් ලැබූ වසරක්. එයට හේතුව එම වසරේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක් ගෙන තිබියදී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමයි. මහ බැංකුව සතුව ශුද්ධ විදේශ සංචිත ඇති විට, ඩොලරයක මිල ඉහළ යාමෙන් (රුපියල් වලින් බැලූ විට) වෙන්නේ වාසියක්. එහෙත්. මහ බැංකුව ණය වී ඇති විට සිදු වන්නේ එහි අනෙක් පැත්තයි.
පසුගිය වසරේදීද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පැවතුණේ සෘණ පැත්තේ වුවත්, එසේ තිබියදී ඩොලරයක මිල පහළ යාම නිසාත්, පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පැවති නිසාත් මහ බැංකුව විසින් සැලකිය යුතු ලාබයක් වාර්තා කර ඇති සිතිය හැකියි.
කෙසේ වුවත්, එවැනි ලාබයක් වාර්තා වී තිබීම පෙර විස්තර කළ පරිදි මහ බැංකුවේ කාර්ය සාධනය පිළිබඳ මිනුමක් හෝ සේවකයින්ට බෝනස් ගෙවීමට හේතුවක් නෙමෙයි. මහ බැංකුවට ආදායම් ලැබෙන්නේ සල්ලි අච්චු ගැසීම සඳහා එම ආයතනයට ලබා දී තිබෙන ඒකාධිකාරී බලය නිසා. එම බලය ලබා දී තිබෙන්නේ ව්‍යවස්ථාදායකය විසින්. එනම් පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුව විසින් එහිදී ක්‍රියාත්මක කර තිබෙන්නේ රටේ මහජනතාව සතු බලයයි. ඒ අනුව, මහ බැංකුව විසින් ආදායම් එක් රැස් කරන්නේ මහජනතාව විසින් ලබා දී තිබෙන සුවිශේෂී බලයක් නිසා මිස එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය නිසා නෙමෙයි.
මෙය යම් ආකාරයකින් දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලටද අදාළයි. එම ආයතන විසින් වියදමට සාපේක්ෂව විශාල ආදායමක් උපයනවා. එහෙත්, ඒ ආදායම උපයන්නේ රටේ බදු නීතියේ උදවුවෙන් මිසක් සේවකයින්ගේ මහන්සියෙන් හෝ දක්ෂ කමෙන් නෙමෙයි.
ඉහත කී ආයතන වල හා මහ බැංකුවේ සේවකයින්ගේ කාර්ය සාධනය නොවැදගත් බව හෝ එය එම ආයතන වල කාර්යක්ෂමතාවය කෙරෙහි බල නොපාන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එය එසේයි. එහෙත්, ඉහත ආයතන වල වගේම මහ බැංකුවේද ආදායම් නිර්ණය කරන ප්‍රධාන සාධකය රටේ නීතියයි. ඒ නිසා, එවැනි ආයතනයක ආදායම් ඉහළ යාම (හෝ පහළ යාම) සේවක වැටුප් වැඩි කිරීම (හෝ අඩු කිරීම) සාධාරණීකරණය කළ හැකි හේතුවක් නොවෙයි.
දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලට, කොපමණ ආදායම් ඉපදවූවද, තමන්ගේ වැටුප් වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. (නිල නොවන අයුරින් එසේ කර ගැනීම වෙනම කරුණක්). එහෙත්, මහ බැංකුවට මුල සිටම එවැනි නීතිමය හැකියාවක් තිබුණා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සිටීම නිසා මෙය යම් නියාමනයකට ලක් වෙන්න ඇති. අලුත් මහ බැංකු පණතින් මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසුව ඒ බාධකයද ඉවත් වී තිබෙනවා.
මහ බැංකුව ස්වාධීන කිරීමට අවශ්‍ය වූයේ ඒ සඳහා සාධාරණ හේතු පැවති නිසා. පෙර පැවති තත්ත්වය තුළ, රජයට මහ බැංකුවට බලපෑම් කර ඕනෑවට වඩා සල්ලි අච්චු ගස්සවා එම සල්ලි වියදම් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඇතැම් විට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නිල බලයෙන් මුදල් මණ්ඩල සාමාජිකයෙකු කරන්නට ඇත්තේ මහ බැංකුව විසින් බලය අපහරණය කර හිතුමතේ කටයුතු කිරීම පාලනය කරන්නට වෙන්න පුළුවන්. එහෙත් ඇත්තටම වුනේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම නිල බලය (රජය වෙනුවෙන්) අපහරණය කිරීමක්. මෙය වැළැක්වීම සඳහා මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව ස්වාධීනත්වයක් අවශ්‍ය වෙනවා.
එහෙත් එයින් අදහස් කරන්නේ රජය වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම නවත්වා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් සල්ලි අච්චු ගසා ගැනීම නිවැරදි බව නෙමෙයි. මහ බැංකුවට සල්ලි අච්චු ගැසීමේ බලය ලැබී තිබෙන්නේ රටේ මහජනතාවගෙන්. එසේ සල්ලි අච්චු ගසන තරමට රටේ ජනතාවට ඒ වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට ජනතාවගෙන් ලැබුණු බලය ක්‍රියාත්මක කර තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමේදී, එහි නීතිමය වැරැද්දක් නොතිබුණත්, පාරදෘශ්‍ය ලෙස සහ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් නොවන පරිදි එය කිරීම මහ බැංකුවේ වගකීමක්. මහ බැංකුවේ වැටුප් වැඩි වීම් හා අදාළ ජනතා ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔවුන්ට සෑහීමකට පත් විය හැකි පරිදි මේ කටයුත්ත සිදු වී නොමැති බවයි.
මහ බැංකුවේ අලුත් වැටුප් ඕනෑවට වඩා වැඩිද නැද්ද යන ප්රශ්නය මම මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නැහැ. එය එසේ වුනත් නොවුනත්, මෙහිදී ජනතාවගේ පැත්තෙන් බැලූ විට වැරැද්දක් සිදු වී තිබෙනවා. ඒ වගේම, මේ වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වන යාන්ත්‍රණයක් මේ වන විට නැහැ.
Unknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-3221129106341750825.post-75022391771009929042024-03-07T13:19:00.000-05:002024-03-07T13:19:08.859-05:00ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!
පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023 මාර්තු අවසානය වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වූ රුපියල් බිලියන 612.4ට ඉතා ආසන්න අගයක්. (ඩොලර් වලින්නම් බිලියන දෙකක් පමණ)
වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන් පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි.
පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?
මම හිතන්නේ ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්‍රකාශයක වරදක් නැහැ.
පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.
කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.
පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.
මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්.
රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?
ඉහත ප්රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.
රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ව්‍යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි "ආර්ථික පිරිවැයට" වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා.
උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්‍යනයකින් පසුව පමණයි.
Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-3221129106341750825.post-14203339623091215472024-03-06T13:26:00.001-05:002024-03-07T11:32:04.235-05:00ශ්‍රීලංකන් ණය බරත් බදු ගෙවන්නන්ට!
පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, "කවුද ගන්නේ ශ්‍රීලංකන්?" ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්.
වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.
පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් - රුපියල් බිලියන 51.3යි.
බැරකම් - රුපියල් බිලියන 28.5යි.
ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 22.8යි.
රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද?
පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් - රුපියල් බිලියන 154.4යි.
බැරකම් - රුපියල් බිලියන 443.6යි.
ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 289.3යි.
පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්රාග්ධනය - රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)
රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.
මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ.
ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි.
කෙටියෙන් කිවුවොත්, ඉහත ලිපියෙහි අප විසින් පෙන්වා දුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි ණය බර සමඟ එම ආයතනය කිසිවකු විසින් මිල දී නොගනු ඇති බව සහ එම ආයතනය විකිණීමටනම් ආයතනයේ ණය බරෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්නට සිදු වනු ඇති බවයි. මෙහිදී ඇතැම් අය ශ්‍රී ලංකා ගුවන් සේවයේ "කීර්ති නාමයේ" මුදල් වටිනාකම හා එය ජාතික ගුවන් සේවයක් වීම නිසා ලැබෙන වරප්‍රසාද වල වටිනාකම ආදිය ගැන පෙන්වා දෙමින් මෙම ආයතනය මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කරුවන් තරඟ කරනු ඇති බවට තර්ක කළා. ඇතැම් අය කියා සිටියේ කොමිස් ලබා ගෙන කුණු කොල්ලයට විකිණුවේ නැත්නම් මෙම ආයතනය පහසුවෙන්ම විකුණා දැමිය හැකි බවයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ණය බරද සමඟ මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බව මේ වන විට පැහැදිලියි. රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම පැහැර හැර ඇති ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කරයෙහි බරද, රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 378ක ණය හා බැංකු අයිරා වල බරද ලෙස ඩොලර් මිලියන 553ක ණය බරක් නුදුරු කාලයේදී බදු ගෙවන්නන් මත පැටවීමට නියමිතයි.
පහතින් තියෙන්නේ 2023 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් - රුපියල් බිලියන 199.5යි.
බැරකම් - රුපියල් බිලියන 708.6යි.
ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 506.2යි.
රුපියල් බිලියන 612.4ක සමුච්ඡිත අලාබයක් එක්ක වටිනාකම රුපියල් බිලියන සෘණ 506.2ක් වූ ආයතනයක් සල්ලි වලට තියා නිකම් දුන්නත් කවුරු හෝ එය ගන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. මේ වෙද්දී මෙම සෘණ අගය තවත් නරක අතට හැරී තියෙන්න පුළුවන්. රජය විසින් ශ්‍රීලංකන් ණය වලින් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්න යන්නේ එම පසුබිම තුළයි.
ඩොලර් මිලියන 553ක් කියන්නේ එක පවුලකට ඩොලර් 100ක පමණ බරක්. ඒ කියන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් සෘජු හා වක්‍ර බදු ලෙස එක පවුලකට රුපියල් 30,000ක් පමණ ගෙවන්න සිදු වෙනවා. එහෙත් එසේ කිරීමෙන් පසුවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර අවසන් වන්නේ නැහැ. මෙම මුදල ණයෙන් කොටසක් පමණයි.
Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3221129106341750825.post-15519966889771440412024-03-03T22:33:00.003-05:002024-03-03T22:33:38.237-05:00ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා
ඇමරිකාවේ අධ්‍යාපන සංඛ්‍යාති ජාතික මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව, 2022/23 අධ්‍යයන වර්ෂයේදී ඇමරිකාවේ අධ්‍යාපන ආයතන 2,710ක් විසින් වසර-4 (හෝ වැඩි) උපාධි ප්රදානය කළා. තවත් ආයතන 1,550ක් විසින් වසර-2 (වසර 4ට අඩු) උපාධි ප්රදානය කළා.
වසර-4 උපාධි (Bachelor's Degree) ප්රදානය කළ ආයතන පහත පරිදියි.
රාජ්‍ය - 803
පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 1,587
පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 320
මේ අනුව, වසර 4ක කාලයක් ගත වන සාමාන්‍ය උපාධියක් ප්රදානය කළ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් (59%ක්) ලාබ ඉලක්ක නොකරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයි. එහෙත් වසර-2 උපාධි ප්රදානය කළ ආයතන වැඩි ප්‍රමාණයක් (58%ක්) රාජ්‍ය ආයතනයි.
වසර-2 උපාධි (Associate Degree) ප්රදානය කළ ආයතන පහත පරිදියි.
රාජ්‍ය - 897
පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 126
පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 527
මෙම ආයතන වල උසස් අධ්‍යාපනය ලබන මිලියන 20ක් පමණ වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් මිලියනයක් පමණ විදේශ සිසුන්. ඔවුන්ගෙන් අඩකට වඩා චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අයයි. ඊට සාපේක්ෂව ලොකු ප්‍රතිශතයක් නොවුනත්, ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු පිරිසක්ද මේ අතර සිටිනවා.
පහත තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසුව ගෙවුනු පළමු දශක හතරක කාලය තුළ ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ක්‍රමිකව හා සීඝ්රයෙන් වර්ධනය වූ ආකාරයයි.
1949/50 - 13
1954/55 - 34
1959/60 - 73
1964/65 - 96
1969/70 - 159
1974/75 - 230
1979/80 - 490
1984/85 - 1,480
1989/90 - 2,210
එහෙත්, ඉන් පසුව, මෙම ප්රවණතාවයේ වෙනසක් දැකිය හැකියි. මීට හේතුව පාසැල් වල ඉගැන්වීමේ මාධ්‍යය වෙනස් කිරීමේ පසුකාලීන බලපෑම හා අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය හැකියි.
1994/95 - 2,097
1999/00 - 1,968
2004/05 - 1,992
කෙසේ වුවත්, 2005-2009 අතර කාලයේදී මෙම ප්‍රමාණය නැවත වර්ධනය වෙනවා.
2005/06 - 2,157
2006/07 - 2,373
2007/08 - 2,591
2008/09 - 2,976
ඉන් පසුව දැකිය හැක්කේ බොහෝ දුරට ස්ථාවර මට්ටමක්.
2009/10 - 2,957
2010/11 - 2,965
2011/12 - 2,902
2012/13 - 3,046
2013/14 - 2,917
2014/15 - 2,882
2015/16 - 3,080
2016/17 - 3,263
2017/18 - 3,309
2018/19 - 3,334
2019/20 - 3,206
2020/21 - 2,770
2021/22 - 2,928
2022/23 - 3,106
ඉහත දත්ත වලින් පෙනෙන පරිදි පසුගිය කාලය තුළ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් තුන් දහසක් පමණ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර එම ගණන විශාල ලෙස වෙනස් වී නැහැ. එහෙත්, පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ විශාල වර්ධනයක් දැකිය හැකියි.
ඇමරිකාවේ සරසවි වල 2022/23 අධ්‍යයන වර්ෂය තුළ ඉගෙනුම ලැබූ විදේශ සිසුන් ප්‍රමාණය 1,057,188ක්. එම ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය 0.3%ක් පමණයි. 2012/13 හා 2022/23 අධ්‍යයන වර්ෂ අතර වසර දහයක කාලය සැලකුවහොත් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ 2%කින් පමණයි. එහෙත්, එම කාලය තුළ ඉන්දියානු සිසුන් ප්‍රමාණය 96,754 සිට 268,923 දක්වා 178%කින්ද, පකිස්තානු සිසුන් ප්‍රමාණය 4,772 සිට 10,164 දක්වා 113%කින්ද, නේපාල සිසුන් ප්‍රමාණය 8,920 සිට 15,090 දක්වා 69%කින්ද, බංග්ලා දේශ සිසුන් ප්‍රමාණය 3,828 සිට 13,563 දක්වා 254%කින්ද වර්ධනය වී තිබෙනවා.
කලාපයේ අනෙකුත් සියලුම රටවලින් ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ප්‍රමාණය පසුගිය දශකයක කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබීම සැලකූ විට ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ වර්ධනයක් නොවීමට හේතුව ඇමරිකාවේ සරසවි වල පාඨමාලා ගාස්තු අධික වීම කියා හිතන්න බැහැ. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළු කර ගැනීමේදී සලකා බලන නිර්ණායක අනුව කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව පසු කර ඉදිරියට යමින් සිටිනවා වෙන්න පුළුවන්.
රැකියා හා විවාහ මත පදනම්ව මෙන්ම හා සරණාගතයින් ලෙසද ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් ඇමරිකාවට පැමිණියත් ඇමරිකාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් එසේ පැමිණෙන ප්‍රධානම ක්‍රම දෙක වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය හරහා පැමිණීම සහ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණෙන අය ඇමරිකාවට පා තබන්නේම ස්ථිර පුරවැසියන් ලෙස නිසා රැකියාවක් සොයා ගැනීමට නීතිමය බාධාවක් නැතත්, අවශ්‍ය කුසලතා නොමැතිව තරඟකාරී ශ්‍රම වෙළඳපොළ තුළ රැඳී සිටීම සැලකිය යුතු අභියෝගයක්. එහෙත්, ඇමරිකාවේ උසස් අධ්‍යාපනය අවසන් කරන සිසුවෙකුට රැකියා වෙළඳපොළට පිවිසී තමන්ගේ ක්ෂේත්රයේ රැකියාවක් සොයා ගැනීම ඒ තරම්ම අපහසු කාර්යයක් නෙමෙයි. ඇමරිකානු අධ්‍යාපන සුදුසුකම් ඇති අයට සාමාන්‍යයෙන් ඇමරිකාවේ රැකියා තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ට ඒ සඳහා අවශය උපදේශක සේවා හා පුස්තකාල පහසුකම් ඇතුළු නිවැරදි තොරතුරු කොළඹ 5, ගවර් වීදියේ (විශාඛා විද්‍යාලය ආසන්නයේ) පිහිටි "එඩියුකේෂන් යූඑස්ඒ" (EducationUSA) ආයතනය මගින් සපයනවා.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-3221129106341750825.post-85628407060765031432024-03-03T08:46:00.000-05:002024-03-03T08:46:08.272-05:00ඩොලර් බිලියනයේ තෑග්ග (තෙවන කොටස)
රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත සිදු කළ ඩොලර් බිලියනයක පරිත්‍යාගය ගැනත්, එයින් වෙළඳපොළ සමතුලිතතාවයට සිදු වන බලපෑම ගැනත් පෙර ලිපි දෙකෙන් කතා කළා. මෙම පරිත්‍යාගය නිසා දිගුකාලීනව වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. පරිත්‍යාගයේ උදවුවෙන් වඩා හොඳ සිසුන් මෙන්ම වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද ආකර්ෂණය කර ගත හැකි බැවින් දිගුකාලීනව එම වෛද්‍ය විද්‍යාලයට සිය කීර්ති නාමය බොහෝ සේ ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනයක්. ලාබ ලැබීම අරමුණු නොකරන ආයතන කියන්නේ ලාබ නොලබන හෝ පාඩු ලබන ආයතන නෙමෙයි. ලාබ ලැබීම ඕනෑම ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනකද ඉලක්කයක්. එහෙත්, එය ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙවැනි ආයතනයකට ලාබ ලැබීමේ ඉලක්කයට වඩා උඩින් තිබෙන වෙනත් අරමුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආයතනයක් ලබන ලාබ වැය කරන්නේද එම ප්‍රධාන අරමුණ වෙනුවෙන්.
"Our founding mandate has been to combine the pursuit of scientific excellence with the social mission to improve human health through engagement in our local, national, and global communities."
ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික එකඟත්වය මත ආයතනයක නමට ඔහුගේ නම එකතු කර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. මෙම වෛද්‍ය විද්‍යාලයය බිහිවන්නේ ඇමරිකාවේ පිහිටි යුදෙවු විශ්ව විද්‍යාලයක් වන යෙෂිවා විශ්ව විද්‍යාලයේ කොටසක් ලෙසයි. ආයතනයේ අරමුණ විද්‍යාවේ ප්රගමනය හඹා යමින් මානව සෞඛ්‍යය දියුණු කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාමයි.
කවුද මේ රූත් ගොටස්මන්?
ඇල්බට් අයින්ස්ටයින්ට මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළ රූත් ගොටස්මන්ටද තිබෙන්නේ යුදෙවු සම්භවයක්. ඇය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවාර්ජිත මහාචාර්ය වරියක්. එමෙන්ම, එම වෛද්‍ය විද්‍යාලය පාලනය කරන භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වන්නේද ඇයයි.
සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වන බොහෝ අය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මුදල් සෙවීම කරගත් අය නෙමෙයි. එවැන්නෙකු විසින් බොහෝ විට තමන්ගේ ජීවත් වීමේ අරමුණ ලෙස සලකන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීම හා දැනුම බෙදා හැරීම වැනි දෙයක්. මෙම කරුණ හා අදාළව, රූත් ගොටස්මන් කියන්නේද වෙනස් අයෙකු නොවෙයි. ඇය වෙනත් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින්ද අරමුණු කරන ඉලක්ක තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණු බවට පත් කරගත් තැනැත්තියක්.
විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුට එම සුදුසුකම් හා පළපුරුද්ද තිබෙන වෙනත් රැකියා කරන අය තරමටම වැටුපක් ලැබෙන්නේ නැතත්, වෙළඳපොළ මත පදනම් වූ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වල.
ඇමරිකාවේ ජීවත් වන, ජීවත් වීම සඳහා මුදල් සෙවීමේ ප්‍රධාන අරමුණෙන් රැකියාවක් කරන්නන් බොහෝ දෙනෙකු අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. එහෙත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රැකියාවට තිබෙන කැමැත්ත නිසාම ඉක්මණින් විශ්‍රාම ගන්නේ නැහැ. ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ස්වේච්ඡා පදනමෙන් පර්යේෂණ වල නිරත වීම හා ඉගැන්වීම දැකිය හැකියි.
බොහෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සරල ජීවිත ගත කරන අයයි. මේ කරුණ හා අදාළවනම්, ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන්ද වැඩි අපහසුවක් නොමැතිව උදාහරණ සොයා ගත හැකියි. ඒ හේතුව නිසාම ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට, වෙළඳපොළ මත පදනම්ව වැටුප් ලෙස ලැබෙන ආදායම තමන් අපේක්ෂා කරන ජීවිතය ගත කිරීම සඳහා ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත්.
ඇමරිකාවේ බොහෝ සේවාර්ජිත මහාචාර්යවරුන් විසින් ජීවිතයේ අවසාන කාලයේදී තමන් සතු වත්කම් වලින් කොටසක් තමන් සේවය කළ විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පරිත්‍යාග අදාළ මහාචාර්යවරයාගේ අභිලාෂය පරිදි සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා හෝ පර්යේෂණ ආධාර ලෙස වැය කෙරෙනවා. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය සේවාර්ජිත මහාචාර්යවරුන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාග වලින් වෙනස් වන එකම හේතුව පරිත්‍යාගයේ ප්‍රමාණය පමණයි.
සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවන අභිලාෂය කරගන්නේ පුළුවන් තරම් මුදල් හෙවීම නොවන නිසා, ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලක් පරිත්‍යාග කළ හැකි තරමේ වත්කමක් ඔවුන් වෙත ඉතිරි වන්නේ නැහැ. මෙම කාරණය හා අදාළව වුවද, රූත් ගොටස්මන් වෙනස් තැනැත්තියක් නොවෙයි. ඇයට මුදල් එකතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර නොගත් තැනැත්තියක්. එසේනම්, ඇයට මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ඉඩ සැලසෙන්නේ කොහොමද?
ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණක් නොව, රූත් ගොටස්මාන්ටද මෙම මුදල ලැබෙන්නේ අනපේක්ෂිත ලෙසයි. ආර්ථික විද්‍යා අර්ථයෙන් එහිදී වෙන්නේ ඇයට ලොතරැයියක් ඇදීමක්. එම ලොතරැයියනම් ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් විසින් ඇයගේ අභිලාෂය පරිදි වියදම් කිරීමට ඉඩ සලසමින් විශාල ධනස්කන්ධයක් ඈ වෙත උරුම කර මිය යාමයි.
සෘජුව හෝ වක්‍රව දැනුම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ රූත් ගොටස්මාන් මෙන් නොව ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් ධනය නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ අයෙක්. එමෙන්ම තමන්ගේ අභිලාෂ සාක්ෂාත් කරගත් අයෙක්. වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කරන ඔහු දශක ගණනාවක් තිස්සේ එම ආයතනය වැඩි දියුණු කර බිලියනපතියෙකු බවට පත් වෙනවා. රූත් ගොටස්මන්ට උරුම වන්නේ එම වත්කමයි.
වත්කම් කළමනාකරණ ආයතනයක් කියන්නේ සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් නොකරන, අතරමැදි ව්‍යාපාරයක්. ඒ වගේම ඉතා අඩු ශ්‍රමයක් යෙදවුම් ලෙස භාවිතා කරමින් බොහෝ දුරට ප්රාග්ධනය මගින් ප්රාග්ධනය නිර්මාණය කරන ව්‍යාපාරයක්. සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයෙකුට සාපේක්ෂව වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථානගත කළ හැක්කේ කවර ආකාරයෙන්ද?
සැබෑ ධනය නිර්මාණය වීමක් සිදු වීමටනම්, අවසාන වශයෙන් පරිභෝජනය කළ හැකි ආකාරයේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු විය යුතුයි. එසේ නිපදවන භාණ්ඩ හෝ සේවාවන් වලට පාරිභෝගිකයෙකු විසින් කොපමණ මිලක් ගෙවන්නට සූදානම් වන්නේද යන්න මත සිදු වූ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා.
භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු කරන නිෂ්පාදකයෙකුට ඒ සඳහා ප්රාග්ධනය අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් අඩු "කුලියකට" ප්රාග්ධනය සපයා ගත නොහැකි වුවහොත් එවැන්නෙකු විසින් සිදු කෙරෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සීමා වෙනවා.
අනෙක් අතට, යමෙකු තමන් විසින් උපයන ආදායම් එසැණින් පරිභෝජනය කර අවසන් කිරීම හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කිරීම නිර්ණය වන්නේ ආදායම් ප්රාග්ධනය බවට පරිවර්තනය කිරීම මගින් ලබා ගත හැකි "කුලිය" කොපමණද යන්න මතයි. මෙම "කුලිය" ඉහළ යන තරමට රටක වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා. රටක ප්‍රාග්ධන සමුච්ඡනය වැඩි වෙද්දී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ප්රාග්ධනය යෙදවීමේ හැකියාව ඉහළ ගොස් රටේ නිෂ්පාදනය ඉහළ යනවා.
වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් කරන්නේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වඩා කාර්යක්ෂම කිරීම මගින් ඉතිරි කරන්නන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතරම, නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකට ප්රාග්ධනය සපයා ගැනීමටද අවස්ථාවක් ලබා දීමයි. මේ හරහා එවැනි ආයතනයක් විසින් වක්‍ර ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරනවා. එහිදී අලුතෙන් ධනය නිර්මාණය වීමක් සිදු වෙනවා.
නිෂ්පාදකයෙකු නිෂ්පාදනය කරන්නේ එමගින් තමන්ට ලැබෙන ලාබ නිසා. ඉතිරි කරන්නෙකු ඉතිරි කරන්නේද එයින් තමන්ට ලැබෙන ප්රතිලාභ නිසා. ඒ දෙදෙනා සම්බන්ධ කරන වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් එසේ කරන්නේද තමන්ට ලබාගත හැකි ලාබ නිසා. එහෙත්, මේ යාන්ත්‍රනය තුළ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙනවා.
යමෙකු ලෝකයට එකතු කරන්නේ ධනය වුවත්, දැනුම වුවත්, වෙනත් යම් දෙයක් වුවත් අවසානයේදී එසේ එකතු කරන දේ ඉතිරි කර මිය යන්නට සිදු වෙනවා. ඉතිරි කර යන දෙයක ප්රතිලාභ ජීවත් වන්නන්ට ලැබෙනවා. ඩේව්ඩ් ගොටස්මාන් විසින් මිය යන්නට පෙර ඔහු විසින් ඉපැයූ ධනය නාස්ති කර හෝ විනාශ කර නැහැ. කොපමණ විශාල ධනයක් උපයන අයෙකු වුවද සිය ජීවිත කාලය තුළ පරිභෝජනය කරන්නේ එයින් කොටසක් පමණයි. මෙසේ යමෙකු ඉතිරි කර යන දෙයකු උරුමකරුවෙකු වන අය ලොතරැයියක් දිනන වාසනාවන්තයෙක්.
කෙසේ වුවත්, වයස අවුරුදු 93 ඉක්මවා සිටින රූත් ගොටස්මාන්ට අහම්බෙන් ලැබුණු ඩොලර් බිලියන ගණනක විශාල ධනයකින් කළ හැකි විශේෂ දෙයක් නැහැ. එබැවින් එය එම මුදලෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ ජීවන අභිලාෂ හා ගැලපෙන අරමුණක් වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙහිදී ඩේව්ඩ් ගොටස්මාන් මෙන්ම රූත් ගොටස්මාන් විසින්ද කර තිබෙන්නේ තමන්ට සතුටු විය හැකි පරිදි, තමන්ගේ ජීවන අභිලාෂ ශාක්ෂාත් කර ගැනීමයි. කෙනෙකුගේ ජීවන අභිලාෂය කුමක්ද යන්න පෞද්ගලික කාරණයක්.
ඩේව්ඩ් ගොටස්මාන් විසින් ධනය නිර්මාණය කරන වෙනත් එවැනි අය මෙන්, තමන්ගේම වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවා ඒ මගින් ධනය නිර්මාණය කිරීමට ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙනවා. ඒ කාර්යය සාර්ථක ලෙස නිමා කර ජීවිතයෙන් සමු ගෙන තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ධනයක් එක්රැස් කර තබා මිය යන ඩේව්ඩ් ගොටස්මාන් වැනි අයෙකුගේ ප්‍රධාන අභිලාෂයක් වන්නේ තමන් මිය යාමෙන් පසු තමන්ගේ උරුමකරුවන්ගේ අභිලාෂ පරිදි එම ධනය භාවිතා කිරීමයි. මෙහිදී ඔහුගේ එම අභිලාශය ඉටු වී තිබෙනවා.
මීට අමතරව, ඩේව්ඩ් ගොටස්මාන් වැනි ඇතැම් අය ජීවත්ව සිටියදීම තමන්ගේ ධනය තමන් සතුටු වන විවිධ දේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේවාත් අනෙකුත් වෙළඳපොළ ගනුදෙනු වැනිම ගනුදෙනු. එකම වෙනස ගනුදෙනුවේ අභිලාශය මූල්‍ය ලාභයක් නොවීම පමණයි.
රූත් ගොටස්මාන් ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය ඇගේ ජීවිතයේ ප්‍රධාන අභිලාශයක් ලෙස සලකමිනුයි. ඇයට අනපේක්ෂිතව ලැබුණු විශාල ධනය ඈ ඇගේ මෙම දිගුකාලීන අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය කර තිබෙනවා. එයද සාර්ථක ගනුදෙනුවක්!
Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-3221129106341750825.post-9943072232061396082024-03-02T12:42:00.002-05:002024-03-03T08:52:18.949-05:00ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)
Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-3221129106341750825.post-61009883753168075252024-03-02T05:33:00.000-05:002024-03-02T05:33:34.957-05:00ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)
රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.
පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. මේ පළමු උපාධිය වෙනුවෙන්ද ඇමරිකානු සිසුවෙකුට පාඨමාලා ගාස්තු ගෙවන්නට සිදු වෙනවා.
පසුගිය (2023/24) අධ්‍යයන වර්ෂයේදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව පමණක් වසරකට ඩොලර් 59,458ක් වූ අතර, අනෙකුත් ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තුව එකතු වූ විට මෙම මුදල වසරකට ඩොලර් 69,873ක්.
ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියෙන් සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවකම ප්‍රථම උපාධියක් හැදෑරීම සඳහාද පාඨමාලා ගාස්තු ලෙස වසරකට මීට ආසන්න මුදලක් ගෙවන්නට සිදු වෙනවා. වෛද්‍ය සිසුවෙකු විසින් මේ වියදම එක දිගට වසර අටක කාලයක් දැරිය යුතු අතර, වෛද්‍ය වෘත්තියට පිවිසිය හැක්කේ ඉන් පසුවද වසර ගණනාවක සීමාවාසික පුහුණුවක් අවසන් කිරීමෙන් පසුවයි. මෙම වසර ගණන අදාළ වෛද්‍ය ක්ෂේත්රය අනුව වෙනස් වන්නක්.
ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාල දෙසීකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේවා සම්ප්‍රදායික (ඇලෝපති) වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල සහ DO (ඔස්ටියෝපති) උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ලෙස වර්ග කළ හැකියි. වෙනත් රටවල කෙසේ වුවත්, මේ වන විට ඇමරිකාවේ මෙම දෙවර්ගයේ වෛද්‍ය අධ්‍යාපන පුහුණු මාදිලි අතර විශාල වෙනසක් නැහැ. ඔස්ටියෝපති වෛද්‍යවරුන් විසින් හිපොක්රටික් වෛද්‍ය ප්‍රතිඥාව වෙනුවට ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිඥාව ලබා දෙනවා.
මේ වන විට ඇමරිකාවේ පිළිගත් MD වෛද්‍ය උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 157ක් ඇති අතර, පිළිගත් DO උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් තිබෙනවා. MD වෛද්‍ය උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් 63ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඉතිරි 94 ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සුබසාධනය කෙරෙන වෛද්‍ය විද්‍යාලයි. MD වෛද්‍ය උපාධිය ලබා දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් දෙකක් හැර ඉතිරි සියල්ල ලාබ ලැබීම ඉලක්ක කර නොගත් ආයතනයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයද එවැන්නක්.
සම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල වලට සාපේක්ෂව, DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41 අතරින් 34ක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඒවායින් 5ක් ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයි. විශේෂඥ වෛද්‍යවරුන් නොවන සාමාන්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමේදී DO උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ඉදිරියෙන් සිටිනවා.
මේ අනුව, ඉහත විස්තර කර වෛද්‍ය උපාධි වර්ග දෙකම සැලකූ විට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල 198ක් ඇති අතර ඒවායින් 97ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉතිරි 101 ප්‍රාන්ත රාජ්‍ය අරමුදල් වලින් සුබසාධනය වන වෛද්‍ය විද්‍යාලයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් 90ක්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතනයි.
ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලද පාඨමාලා ගාස්තු අය කරන බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවද ආසන්නව සමාන පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ සිසුන්ගේ උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු සුබ සාධනය කරන බැවින් තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වන සිසුවෙකුට අඩු පාඨමාලා ගාස්තුවක් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇතත්, සාමාන්‍ය අගයයක් ලෙස ප්‍රාන්තයේ සිසුවෙකු විසින්ද සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව ඇතුළත්ව ඩොලර් 41,737ක වාර්ෂික පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුයි. ප්‍රාන්තයෙන් පිට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකට යන්නේනම් මෙම වියදම වසරකට ඩොලර් 67,308ක්. මීට සාපේක්ෂව ප්‍රාන්තයෙන් පිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අදාළ සාමාන්‍ය වියදම වසරකට ඩොලර් 70,596ක්.
ඉහත වියදමට ඇතුළත් වන්නේ පාඨමාලා ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තු පමණයි. මීට අමතරව පොත්පත්, නවාතැන්, ආහාරපාන ආදිය වෙනුවෙන්ද වියදම් දරන්නට සිදු වෙනවා. ඉදිරි වසරේදී (2024/25) ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුවෙකුගේ වසර හතරක වියදම එම වෛද්‍ය විද්‍යාලය විසින් ඇස්තමේන්තු කර තිබුණේ පහත පරිදියි.
වෛද්‍ය විද්‍යාල ගාස්තු පමණක්:
පළමු වසර - ඩොලර් 71,903
දෙවන වසර - ඩොලර් 72,583
තෙවන වසර - ඩොලර් 72,583
සිවුවන වසර - ඩොලර් 70,053
මුළු වියදම:
පළමු වසර - ඩොලර් 95,123
දෙවන වසර - ඩොලර් 96,505
තෙවන වසර - ඩොලර් 101,568
සිවුවන වසර - ඩොලර් 101,553
සාමාන්‍ය කරුණක් ලෙස, ප්‍රාන්තයෙන් පිට වෛද්‍ය විද්‍යාලයක අද්යාපනය ලැබීම සඳහා ඩොලර් ලක්ෂ හතරකට ආසන්න වියදමක් දරන්නට සිදු වන අතර ප්‍රාන්තයේ තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවද මෙම වියදම ඩොලර් ලක්ෂ තුනකට ආසන්න විය හැකියි. මීට අමතරව, වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට පෙර වසර හතරක පූර්ව-වෛද්‍ය උපාධි පාඨමාලාවක්ද හැදෑරිය යුතු බැවින් ඒ වෙනුවෙන්ද සැලකිය යුතු මුදල් ආයෝජනයක් කරන්නට සිදු වෙනවා. මේ සියලු වියදම් දරමින් ඇමරිකාවේ වෛද්‍ය වරයෙකු වෘත්තියට පිවිසෙන්නේ ඩොලර් ලක්ෂ කිහිපයක ණයකරුවෙකු ලෙසයි.
ඉහත වියදම් දරන්නට වුවද, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට එම වියදම ආවරණය කරගනිමින් තමන්ගේ ආයෝජනයට මෙන්ම ගන්නා අවදානමටද ප්‍රමාණවත් ප්රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තිබෙනවා. එමෙන්ම, මුදල් ගෙවීමේ හැකියාව තිබූ පමණින් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැකියි. ප්රස්තුත ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය සැලකුවහොත්, පසුගිය වසරේදී එහි වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අයදුම්කළ අයදුම්කරුවන් 9,782 දෙනෙකු අතරින් එම අවස්ථාව හිමි වී තිබෙන්නේ 326 දෙනෙකුට (3.3%) පමණයි.
ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වැනි වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීමේ අවස්ථාව ලබා ගන්නා බොහෝ දෙනෙකුට වෙනත් වෛද්‍ය විද්‍යාල වලින්ද එවැනිම අවස්ථාවක් හිමි වෙනවා. ඕනෑම සිසුවෙකු උත්සාහ කරන්නේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ මට්ටමක ඇති සහ අඩු වියදමකින් සම්පූර්ණ කළ හැකි උපාධියක් ලබා ගන්නටයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලද සිසුන් 326 දෙනෙකු අතරින් එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇති ප්‍රමාණය 183ක් පමණයි.
එක් සිසුවෙකුගෙන් වසරකට ඩොලර් 71,000 බැගින් අය කළහොත්, සිසුන් 183 දෙනෙකුගේ පාඨමාලා ගාස්තු ලෙස වසරකට ඩොලර් මිලියන 13ක පමණ මුදලක් එකතු වෙනවා. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙම මුදල එහි වසරක වියදම් වෙනුවෙන් වැය කරන්නට සිදු වෙනවා. සරසවියක වියදමෙන් වැඩි කොටසක් ආචාර්ය මණ්ඩලයේ වැටුප් හා ප්‍රතිලාභයි. විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක ආචාර්යවරුන්ට ඔවුන්ගේ වෙළඳපොළ අගය හා ගැලපෙන ඉහළ වැටුප් ගෙවන්නට සිදු වෙනවා.
ඩොලර් බිලියනයක මුදලක් දිගුකාලීනව ආයෝජනය කිරීමෙන් අඩු වශයෙන් 8%ක පමණ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. ඒ කියන්නේ වසරකට ඩොලර් මිලියන 80ක පමණ මුදලක්. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙවැනි ආදායම් ප්‍රවාහයක් ඇත්නම්, එම ආදායම යොදවා සදාකාලිකවම සිසුන්ගේ පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කළ හැකියි. එසේ කිරීමෙන් පසුවද, ආයෝජනය වසරින් වසර වර්ධනය වනු මිස ක්ෂය වන්නේ නැහැ. ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලැබූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය කරන්නට යන්නේ මෙයයි.
කෙසේ වුවත්, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මෙවැන්නක් කරන පළමු වෛද්‍ය විද්‍යාලය නෙමෙයි. මෙවැනි විශාල ආධාර මුදල් වල උදවුවෙන් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කරන තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ඇමරිකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලාබ ලැබීම ඉලක්ක නොකරන පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් හෝ මුළුමනින්ම මේ ආකාරයෙන් සුබසාධනය කරනවා.
මතු සම්බන්ධයි.
Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-3221129106341750825.post-48497390028015952762024-02-22T20:16:00.001-05:002024-02-22T20:18:56.647-05:00පෞද්ගලික සමාගමක් හඳ අල්ලයි!
මීට ටික වේලාවකට පෙර ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින් සාර්ථක ලෙස සඳ මත යානයක් ගොඩ බැස්සුවා. මෙය ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල රජයයන් විසින් සාර්ථක ලෙස සඳ වෙත යානා ගොඩ බස්වා ඇතත්, මෙය පෞද්ගලික සමාගමක් විසින් සඳ මත යානයක් සාර්ථක ලෙස ගොඩ බැස්වූ පළමු අවස්ථාවයි. එමෙන්ම, මේ සමඟ වසර 51කට පසුව ඇමරිකාව නැවතත් සඳ වෙත පිවිසෙනවා.
මෙසේ සඳ මත පිවිසුනේ ඉන්ටියුටිව් මැෂින්ස් (Intuitive Machines) සමාගමේ ඔඩිසස් යානයයි. එම සමාගම ඉදිරි වසර වලදී සඳ වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය තුළ තරඟ කරන ඇමරිකානු සමාගම් අතරින් එක් සමාගමක්.
ඇමරිකානු රජය (නාසා ආයතනය) විසින් 2026 වසරේදී නැවතත් සඳ වෙත මිනිසුන් යැවීමට සැලසුම් කර ඇති අතර මෙවර මෙය කරන්නේ සඳ වෙත ගොස් එහි පා සලකුණු සටහන් කොට ආපසු පැමිණීමේ අරමුණින් නෙමෙයි. ඉන් පසුව, දිගින් දිගටම සඳ ගමන් සිදු වනු ඇති අතර, සඳෙහි දිගු කලක් නැවතී සිටිය හැකි මූල කඳවුරක් ඉදි කර එහි සිට අඟහරු වෙත ගමන් සැලසුම් කිරීම වැඩ සටහනේ ඉලක්කයයි.
මේ කටයුත්තේදී සඳ වෙත විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. මෙය සිදු වන්නේ පෞද්ගලික අංශය හරහා. පෞද්ගලික සමාගම් අතර තරඟය නිසා ප්‍රවාහන වියදම් අඩු කර ගත හැකි වීම ඊට හේතුවයි. ඉන්ටියුටිව් මැෂින්ස් සමාගම මෙම භාණ්ඩ ප්‍රවාහන කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට නියමිත එක් සමාගමක්.
Unknownnoreply@blogger.com11tag:blogger.com,1999:blog-3221129106341750825.post-30668220416041590392024-02-21T08:59:00.000-05:002024-02-21T08:59:03.062-05:00ඇමරිකාවේ ආර්ථික වර්ධනය
පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක්.
ආර්ථික වර්ධනය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. උද්ධමනය නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. පසුගිය වසර තුළ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 1,612.3කින් හෙවත් 6.3%කින් වර්ධනය වී තිබෙනවා. (2022දී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම ඩොලර් බිලියන 77.1ක් පමණයි.)
ඉහත වර්ධනයෙන් පසුව, 2023 වසරේ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,356.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2023 වසර මැද ඇමරිකාවේ ජනගහණය මිලියන 335,208ක්. ඒ අනුව, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,610ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල ඇස්තමේන්තු අනුව, පෙර වසරේ (2022) මෙම අගය ඩොලර් 77,178ක්.
ඉහත සංඛ්‍යලේඛන වලින් පෙනෙන පරිදි, පසුගිය වසර තුළ පමණක් ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,432කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩි වීම පමණක් වුවද, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,474ට වඩා වැඩි අගයක්. ඒ නිසා, ලංකාවේ ඒක පුද්ගල ආදායම වසරක් තුළ 100%කින් වර්ධනය වුවද, ඒක පුද්ගල ආදායමේ මෙවැනි වැඩි වීමක් සිදු වන්නේ නැහැ.
ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථිකය අඩු වේගයෙන් වර්ධනය වුවද ඒක පුද්ගල ආදායම වසරක් තුළ සැලකිය යුතු ලෙස ඉහළ යනවා. ඊට අනුරූපව එම රටවල ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ප්‍රසාරණය වෙනවා. එහි වාසිය ලබා ගනිමින්, එවැනි රටවල පාරිභෝගිකයින් ඉලක්ක කර අපනයන කිරීම අඩු ඒක පුද්ගල ආදායමක් ලබන රටකට දියුණු විය හැකි වේගවත්ම ක්‍රමයයි.
ලංකාව වැනි රටක නිෂ්පාදිතය ප්‍රමාණාත්මකව දෙගුණ කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. එහෙත්, අපනයන වෙළඳපොළ ඉලක්ක කිරීම මගින් කළ හැකි නිෂ්පාදිතයේ වටිනාකම වැඩි කර ගැනීම කළ හැක්කක්.
රටක නිෂ්පාදිතය එක වර විශාල ලෙස වැඩි කළ නොහැකි වුවත්, වැඩි ඒක පුද්ගල ආදායමක් ලබන රටවල පාරිභෝගියන්ට විකිණිය හැකි දේ, එසේ විකිණිය නොහැකි නිෂ්පාදන වෙනුවට ක්‍රමයෙන් ආදේශ කිරීම මගින් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයද ක්‍රමයෙන් ඉහළ දමා ගත හැකියි. මෑත දශක වල සංවර්ධනය වූ රටවල් බොහොමයක් සංවර්ධනය වී තිබෙන්නේ මේ ක්‍රමයටයි.
Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3221129106341750825.post-19387193214998553972024-02-17T18:42:00.004-05:002024-02-18T00:32:26.438-05:00ඊළඟ ජනාධිපති කවුද?
අද ජනාධිපතිවරණයක් පැවතුණි නම්, ඔබ ඡන්දය ලබා දෙන්නේ කාටද?
ඉහත ප්රශ්නය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් වසර කිහිපයක සිට අඛණ්ඩව සිදු කරන ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි එක් ප්‍රශ්නයක්. ප්‍රශ්නයට පිළිතුරු ලෙස තේරීම් හතරක් තිබෙනවා. 2023 දෙසැම්බර් මාසය තුළ 522 දෙනෙකු විසින් ඉහත ප්‍රශ්නයට ලබා දී තිබෙන පිළිතුරු සහ ඊට පෙර 2021 ජනවාරි 1 දින සිට 2024 ජනවාරි 7 දින දක්වා සිදු කර තිබෙන සම්මුඛ පරීක්ෂණ 14,941ක් මත පදනම්ව, එම ආයතනය විසින් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන සමීක්ෂණ ප්‍රතිඵල පහත පරිදියි.
අනුර කුමාර දිසානායක - 50%
සජිත් ප්‍රේමදාස - 33%
රනිල් වික්‍රමසිංහ - 9%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් - 8%
මහ මැතිවරණයක් පැවැත්වුනහොත් ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳවද ඉහත සමීක්ෂණයේදී විමසා තිබෙනවා.
කෙසේ වුවත්, මෙම ලිපියෙහි අප විසින් වැඩි අවධානයක් යොමු කරන්නේ ජනාධිපතිවරණය හා අදාළව අසා ඇති ප්රශ්නය වෙතයි. අපගේ ඉලක්කය වන්නේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල සකස් කර තිබෙන ක්‍රමවේදය පැහැදිලි කිරීම සහ විමසුමට ලක් කිරීම මිස, දේශපාලන විග්‍රහයක් කිරීම නෙමෙයි. එහෙත්, ස්වභාවය අනුවම මෙය දේශපාලන කරුණක් බැවින් අමාරුවෙන් දේශපාලනය බැහැර කර අදහස් දැක්වීමටද අප උත්සාහ කරන්නේ නැහැ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් ඉහත කී මත විමසුම් සමීක්ෂණය වසර තුනකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ඇමරිකාව වැනි රටවල මෙවැනි මත විමසුම් සමීක්ෂණ ගණනාවක් අඛණ්ඩව සිදු වෙතත්, ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු වී නැහැ. අපගේ ස්වාධීන නිගමනය වනුයේ ඇමරිකාව වැනි රටක කරන මෙවැනි සමීක්ෂණයකට සාපේක්ෂව ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි ක්‍රමවේදයේ විශාල ගැටළු නොමැති බවයි.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අදාළ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම එහි අධ්යක්ෂ රවීන්ද්‍ර රන්නන්එළිය මෙවැනි කටයුත්තක් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා පළපුරුද්ද ඇති අයෙක්. මෙයින් අදහස් වන්නේ මෙම සමීක්ෂණය අඩුපාඩු නැති, අංග සම්පූර්ණ මත විමසුම් සමීක්ෂණයක් බව නෙමෙයි. මෙහි ක්‍රමවේදයේ පැහැදිලි අඩුපාඩු හා අපැහැදිලි තැන් ගණනාවක් හඳුනා ගත හැකියි. මහාචාර්ය ආනන්ද ජයවික්‍රම විසින් එවැනි අඩුපාඩු පිළිබඳව පුළුල් විමසුමක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය ඇසුරෙන් ඉහත ඇස්තමේන්තු සකස් කර ඇති ආකාරය මෙන්ම ඒ පිලිබඳව ආනන්ද ජයවික්‍රමගේ විවේචනද අතිශයින්ම තාක්ෂනිකයි. අදාළ විෂය පිළිබඳව සැලකිය යුතු මට්ටමක පුහුණුවක් නොමැතිව මෙම ක්‍රමවේදය හෝ ඒ සම්බන්ධව සිදු කර තිබෙන විවේචන තේරුම් ගැනීම පහසු නැහැ. ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පාඨකයෙකුට එවැනි පුහුණුවක් තිබීමේ ඉඩකඩ ඉතා අඩුයි. මේ ලිපිය එවැනි මට්ටමකට නොයන, සාමාන්‍යයෙන් මෙම පිටුව කියවන පාඨකයින් ඉලක්ක කර ලියන්නක්.
"In 2022, there were 16,692,398 (16.692398 mn) voters in the country according to the Election Commission. Thus, an average sample of 553 voters is 0.0033% of total voters or simply 3.3 voters per 100,000 voters."
ඉහත සඳහන්ව තිබෙන්නේ ක්‍රමවේදය සම්බන්ධව ආනන්ද ජයවික්‍රමගේ විවේචනයක්. මීට සමාන විවේචන වෙනත් අය විසින්ද සිදු කර තිබුණා. අපි ගැටලුව සරල ලෙස පහත ආකාරයෙන් ඉදිරිපත් කරමු.
මිලියන 16.7ක ඡන්දදායක පිරිසක් විසින් ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන ඔවුන්ගෙන් 500 දෙනෙකුගේ (ආසන්න වශයෙන්) නියැදියක් ඇසුරෙන් දැන ගත හැකිද?
සරල පිළිතුර, පුළුවන්. කලාතුරකින් සිදු කරන සංගණන හැරුණු විට අනෙකුත් බොහොමයක් සංඛ්‍යාලේඛණ සකස් කරන්නේ නියැදි සමීක්ෂණ මතයි. එසේ කළ නොහැකිනම් සංඛ්‍යානය කියන විෂයයෙන් වැඩක් නැහැ. එහෙත්, මෙම කාර්යය සාර්ථක වීමටනම් ඉහත ජනගහණයෙන් අහඹු නියැදියක් ලබා ගත යුතුයි.
අදාළ ක්‍රමවේද අනුගමනය කරමින් 500 දෙනෙකුගෙන් යුත් එවැනි අහඹු නියැදියක් ලබා ගත්තා කියා හිතමු. උදාහරණයක් ලෙස, ලිපිය ආරම්භයේ ඇති ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන් ආකාරය පහත පරිදි විය හැකියි.
අනුර කුමාර දිසානායක - 250 හෙවත් 50%
සජිත් ප්‍රේමදාස - 165 හෙවත් 33%
රනිල් වික්‍රමසිංහ - 45 හෙවත් 9%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 40 හෙවත් 8%
ඉහත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, අද (හෝ අදාළ දිනයේ) ජනාධිපතිවරණයක් පැවතුණි නම්, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ස්ථිරව කිව හැකිද?
පිළිතුර, එසේ කිව නොහැකියි. එසේ කිව නොහැක්කේ නියැදියේ ප්‍රමාණය 500ක් තරම් අඩු නිසා නෙමෙයි. මෙම ප්‍රමාණය 5000 හෝ 50,000 වුවද නියැදිය අනුසාරයෙන් මැතිවරණ ප්‍රතිඵලය ගැන පුරෝකථනය කළ හැක්කේ එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව මත පදනම්ව පමණයි. ඉහත ප්‍රතිඵලය අනුව, අනුර කුමාර දිසානායක විසින් 50%ක ඡන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපති වීමට 50%ක සම්භාවිතාවක් තිබෙනවා.
එමෙන්ම, අනුර කුමාර දිසානායක විසින් අවම වශයෙන් 45%, 50%, 55% හෝ වෙනත් එවැනි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවද ගණනය කළ හැකියි.
45%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 98.7%
50%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
55%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 1.3%
සජිත් ප්‍රේමදාස හා අදාළවද මෙවැනි ගණනයක් කළ හැකියි.
30%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 92.3%
33%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
35%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 17.1%
සාමාන්‍යයෙන් නියැදි සමීක්ෂණයක් මත පදනම්ව ජනගහණයේ හැසිරීම ගැන පුරෝකථන කළ හැක්කේ ඔය විදිහට යම් සම්භාවිතාවන් යටතේයි. එහෙම නැතුව ජනගහණයේ හැසිරීම ගැන හරියටම කියන්න බැහැ. වෙන්න 99%ක ඉඩක් තියෙන දෙයක් වගේම වෙන්න 1%ක ඉඩක් තියෙන දෙයක් වුනත් වෙන්න පුළුවන්. හැබැයි පළමුවැන්න වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.
ඉහත විස්තර කළ පරිදි නියැදි සමීක්ෂණ ඇසුරෙන් පුරෝකථන කළ හැක්කේ යම් ඇස්තමේන්තු වරදක් එක්කයි. නියැදියේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. නමුත් නියැදියේ ප්‍රමාණය වැඩි කරද්දී සමීක්ෂණය සඳහා යන පිරිවැයද අනුපාතිකව ඉහළ යනවා. ඒ වියදම එක්ක බලද්දී, මාසයකට 500ක් කියා කියන්නේ නියැදියක් සඳහා නරක ප්‍රමාණයක් නෙමෙයි.
මිලියන 16.7ක ඡන්දදායක පිරිසකගේ හැසිරීම ගැන දැන ගන්න 500ක අහඹු නියැදියක් ගත් විට ඒ නියැදිය තුළ ජනගහණය හරියටම නිරුපණය නොවෙන්න පුළුවන්. ඒ නිසාම, ප්‍රතිඵලය ජනගහණය හා අදාළ ප්‍රතිඵලයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉහත සම්භාවිතා ගණනය කර තිබෙන්නේ මේ බව සැලකිල්ලට අරගෙනයි.
කොහොම වුනත්. මේ විදිහට 500 බැගින් වන නියැදි ගණනාවක් ගත්තොත් ඒ හැම නියැදියක්ම "වැරදි නියැදි" වෙන්න බැහැ. උදාහරණයක් විදිහට ඔය වගේ නියැදි පහක් ගත් විට අනුර කුමාර දිසානායකට එම නියැදි වලින් ලැබී තිබෙන "ඡන්ද" ප්‍රතිශතය 45%-55% අතර සීමාවේනම්, තව නියැදි පහක් හෝ වැඩි ගණනක් ගත්තත් ඔය තත්ත්වයේ වැඩි වෙනසක් නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය වැනි සමීක්ෂණයක් දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල වල විශාල වෙනසක් නැත්නම් නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැහැ කියන එක පැහැදිලි වෙනවා.
හැබැයි ඉහත කී පරිදි, සමීක්ෂණය දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල ආසන්නව සමාන වීම මත පදනම්ව නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැති බව කිව හැක්කේ එම නියැදි වෙනස් නියැදිනම් පමණයි. එකම නියැදිය දිගින් දිගටම ප්‍රශ්න කළොත් මුලින් වුනු වැරැද්දක් ඇත්නම් එය දිගටම යනවා. එහෙම නැත්නම්, පරණ නියැදි වල තොරතුරු අනුසාරයෙන් අළුත් නියැදියේ ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් එවැන්නක් කර ඇති බවයි පෙනෙන්න තියෙන්නේ.
නැවත ඉහත සම්භාවිතා වෙත ආවොත්, එම සම්භාවිතා ගණනය කර තිබෙන්නේ 500ක නියැදිය ජනගහණයේ අහඹු නියැදියක් ලෙස සලකලා. හැබැයි ප්‍රායෝගිකව ඔය විදිහේ අහඹු නියැදි හොයා ගන්න අමාරුයි. විවිධ හේතු නිසා නියැදියක අහඹුතාවය නැති වෙනවා.
සංඛ්‍යානයේ ඔය ලෙඩේටත් බෙහෙත් තියෙනවා. නියැදි වල අහඹුතාවය නැති වී තිබෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හොයා ගත්තට පස්සේ අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න පුළුවන්. මෙහිදී දත්ත විශේලේෂකයාට යම් නිදහසක් ලැබෙන නිසා අපක්ෂපාතීව වැඩේ කරන එක වැදගත්. ඕනෑම පුද්ගලයෙකු අතින් තමන්ගේ පක්ෂපාතීත්වයන් අවිඥානිකව හෝ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්.
කලින් කිවුවා වගේ ආනන්ද ජයවික්‍රම විසින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබෙනවා. නමුත් මේවා බොහොමයක් සිදු වීමේ ඉඩක් තිබෙන වැරදි මිසක් අනිවාර්යයෙන්ම සිදු වී තිබෙන වැරදි නෙමෙයි. මෙවැනි වැඩක් නිවැරදිව කරන වෙනත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින්ව කරනවා වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ද ඔවුන්ගේ සමීක්ෂණ දත්ත වල අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කර තිබෙනවා.
මේ හැම එකක්ම පියවරෙන් පියවර විස්තර කර එම විස්තර ප්‍රසිද්ධ කර නැතත්, පර්යේෂකයින් විසින් ඒ මට්ටමේ විස්තර කිරීම් කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වගේ වැඩකදී තමන්ගේ කීර්ති නාමය පරදුවට තියන්න වෙන නිසා නමක් තිබෙන පර්යේෂකයෙක් තමන් කරන දේ ගැන පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා.
මීට අමතරව අසා තිබෙන ප්රශ්නයේ සැලසුමේ ප්‍රශ්න තිබෙනවා. මෙයත් ආනන්ද ජයවික්‍රම විසින් පෙන්වා දී ඇති දෙයක්. උඩින්ම තිබෙන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ තේරීම් හතරක් පමණයි. නමුත් සැබෑ ජනාධිපතිවරණයකදී ඡන්දය කටු ගෑම, ඡන්දය නොදැමීම, වෙනත් කුඩා පක්ෂ වලට ඡන්දය දීම වැනි තේරීම් තිබෙනවා. මෙහි ඒ අයට තේරීමක් නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව, එවැනි අය තමන්ට දී තිබෙන විකල්ප අතරින් අනුර කුමාර දිසානායකව තෝරා ගන්න වැඩි ඉඩක් තිබෙනවා.
නියැදිය තෝරා ගැනීමේදී බොහෝ දුරට යොදා ගෙන තිබෙන්නේ අහඹු ලෙස දුරකථන අංක වලට කතා කිරීමේ ක්‍රමයයි. මෙය සම්මත ක්‍රමයක්. එහෙත්, මෙහිදී ප්‍රතිචාර දක්වන්නන් ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය නොදන්නා දෙයක් නොවන නිසා ජනගහණයේ ජාති, ආගම්, වයස ආදී දේවල් ඇසුරෙන් නිවැරදි කිරීමක් කර ඇතත් මෙසේ තෝරා ගන්නා නියැදියක් හා රටේ සමස්ත ජනගහණය අතර එම නිවැරදි කිරීම් වලින් නිවැරදි නොවන සියුම් වෙනස්කම් තිබෙනවා.
දුරකථන සමීක්ෂණයක් වෙනුවෙන් කාලය යොදවන අය හා සමාජ ජාලා වල නිතර සැරිසරන අය ආසන්න වශයෙන් එකම කොටසක් සේ සලකන්න පුළුවන්. මෙම කුලකය තුළ අනුර කුමාර දිසානායකට වගේම රනිල් වික්‍රමසිංහටත් යම් වාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගොඩක් අඩු වී තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහට හා පොදුජන පෙරමුණට කැමැත්තක් දක්වන අය ඒ බව ප්‍රකාශ කරන්න යම් මැලිකමක් දක්වන්න පුළුවන්. අනෙක් අතට අනුර කුමාර දිසානායකට කැමැති, පාක්ෂිකයින් නොවන, ඇතැම් අය වුනත් ඒ බව කියන්න මැලි වෙන්න පුළුවන්.
ඉහත කී ආකාරයේ හේතු නිසා සිදු විය හැකි වැරදීම් සමීක්ෂණයක් කරන කෙනෙකුට හඳුනා ගන්න අමාරුයි. සමීක්ෂණයට සහභාගී වන අය මොනවා කිවුවත් ඒ කියපු දේ නිවැරදියි කියා සලකන්න වෙනවා. ඒ හැරුණු විට, සමීක්ෂණය කරන ආයතනයට කළ හැකි තරම් නිවැරදිව මේ සමීක්ෂණය කර ඇති බවයි මටනම් පේන්නේ. මේ ප්‍රතිඵලය මට "හිතෙන" ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. නමුත්, මට "හිතෙන" දෙයට වඩා සමීක්ෂණ ප්‍රතිඵලයක් නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
Unknownnoreply@blogger.com13tag:blogger.com,1999:blog-3221129106341750825.post-49299851691824017842024-02-14T08:06:00.004-05:002024-02-14T08:20:04.900-05:00පොලී අනුපාතික තනි අංකයකට!
අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි.
දින 91 - 9.79%
දින 182 - 9.82%
දින 364 - 10.02%
ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා අනුපාතිකයකටයි.
2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කර - 10.81%
2028 දෙසැම්බර් 15 කල් පිරෙන 11.50 කූපන් බැඳුම්කර - 11.90%
ඉහත 2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කරය එහි කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු ඵලදා අනුපාතිකයකට අලෙවි වීම විශේෂත්වයක්. ඒ අනුව, රුපියල් 100ක බැඳුම්කරයක් වෙනුවෙන් රජයට ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ආර්ථික අර්බුදය පැවති පසුගිය කාලය පුරාම සිදු වුනේ එහි අනෙක් පැත්තයි.
මීට අමතරව, කාලයකට පසුව, මාස 6 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය වන 10% මට්ටමෙන් පහතට වැටී තිබෙනවා.
Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-3221129106341750825.post-38706824636367155292024-02-13T23:38:00.004-05:002024-02-13T23:46:38.027-05:00නයිටිංගේල් සහ රතු රෝස මල
දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා.
දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා. නොසංසිඳුණු ඉල්ලුමක් ඇති විට ඒ ඉල්ලුම සපුරා ගත හැකි අවස්ථාවන් ගැන හොයා බැලීමක්ද වෙනවනේ. ඒ රජකුමරාගේ බාල් නැටුමට ඈ සමඟ සහභාගී වීම.
නමුත් මේ සඳහා මහාචාර්යවරයාගේ දියණියගේ කැමැත්ත ලැබෙන්නේ එක් කොන්දේසියක් සම්පූර්ණ කළොත් පමණයි. ඒ ඇයට රතු රෝස මලක් දීම. මිලක් නොගෙවා නිකම්ම යමක් ලබා ගන්න බැහැනේ. No free lunch! වෙනත් තරුණියන් වගේම මේ තරුණියද ගණන් උස්සනවා. සමහර විට කඩේ යැවීමක් වෙන්නත් පුළුවන්.
"If I bring her a red rose she will dance with me till dawn. If I bring her a red rose, I shall hold her in my arms, and she will lean her head upon my shoulder, and her hand will be clasped in mine."
"මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, ඈ මා සමඟ රැය පහන් වන තුරු නටයි. මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, මා ඇගේ බඳ වටා අතක් දමා ගෙන සිටිද්දී ඇය මගේ අනෙක් අත ඇගේ අතේ පටලවාගෙන මගේ උරහිස වෙත හිස තියයි."
නිකම්ම මනෝ පාරක් පමණක් වුනත් කොයි තරම් සුන්දර හැඟීමක්ද?
හැබැයි කොස්සක් තියෙනවා. ශිෂ්‍යයාගේ වත්තේ එකම එක රතු රෝස මලක්වත් නැහැ. ඒ කියන්නේ රෝස මලකට ඉල්ලුමක් තිබුණාට සැපයුමක් නැහැ.
රතු රෝස මලක් හොයා ගන්න විදිහක් නැති බව මතක් වෙද්දී කුමාරයාගේ ඇස් කඳුලෙන් පිරෙනවා. මොකද මේ ශීත කාලය. ගස් වල කොළ හැලිලා. නැවත රෝස මල් පිපෙන්නේ වසන්ත කාලයේදී. රෝසමල් වලට තියෙන්නේ වාරික සැපයුමක් (seasonal supply). නමුත් බාල් නැටුම තියෙන්නේ හෙට. රෝස මල අවශ්‍ය හෙට. මාස තුනක් බලා ඉන්න බැහැ. අවශ්‍ය වෙලාවට සැපයුමක් නැත්නම් එයින් ඉල්ලුම සැපිරෙන්නේ නැහැ. අර තරුණිය රතු රෝස මලක් ඉල්ලුවේ රතු රෝස මල් නැති බව දැනගෙනමද දන්නේ නැහැ.
ශිෂ්‍යයාට ඔහු ඉගෙන ගත්ත දර්ශනය මතක් වෙනවා. දාර්ශනිකයෝ ලියලා තියෙන හැම මගුලක්ම ඔහුට කට පාඩම්. හැබැයි ඒ එකකින්වත් ඔහුගේ දුක නිවෙන්නේ නැහැ. ඔහුගේ හිත දුකින් පිරිලා. සතුට කියන දේ තීරණය කරන්නේ කොයි තරම් පොඩි දේවල්ද?
"Ah, on what little things does happiness depend! I have read all that the wise men have written, and all the secrets of philosophy are mine, yet for want of a red rose is my life made wretched."
සමහර විට අනුන්ගේ ප්‍රශ්න වලදී මේ ශිෂ්‍යයා බොහොම පණ්ඩිතමානී විදිහට දාර්ශනික පිළිතුරු දීලා ඇති. නමුත් දැන් ප්රශ්නය තමන්ගේ. පිළිතුර දාර්ශනික වන්නේ ප්රශ්නය අනුන්ගේ වන තුරු පමණයි කියනවනේ. දැන් දාර්ශනික විසඳුම් හරියන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ප්‍රායෝගික, වෙළඳපොළ විසඳුමක්.
නයිටිංගේල් කුරුල්ලකුට මේ ශිෂ්‍යයාගේ විලාපය ඇහෙනවා. මේ නයිටිංගේල් කුරුල්ලා නිකම්ම නිකම් නයිටිංගේල් කුරුල්ලෙක් නෙමෙයි. ලොකු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු නයිටිංගේල් කුරුල්ලෙක්. නයිටිංගේල් කුරුල්ලාගේ උපයෝගීතාවය තියෙන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම ඇතුළේ. එම අරමුණ ඉටු වන තුරු නයිටිංගේල් කුරුල්ලා අසතුටෙන්. තමන්ගේ අරමුණ වෙනුවෙන් හැකි ඕනෑම මිලක් ගෙවන්න නයිටිංගේල් කුරුල්ලා සූදානම්.
නයිටිංගේල් කුරුල්ලාගේ ජීවිතයේ එකම අරමුණ සැබෑ ප්‍රේමවන්තයෙක් හොයා ගන්න එක. එහෙම කෙනෙක් නැති බව දැන දැනත් නයිටිංගේල් කුරුල්ලා හැම රැයකම සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන සිංදු කියනවා. එහෙම කරන එකෙන් හරි යම් උපයෝගීතාවයක් ලැබෙනවා ඇතිනේ. හැම රැයකම සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන කතා ගොතලා තරු වලට කියනවා. නයිටිංගේල් කුරුල්ලාගේ කතා අහන්න කවුරුවත් නැත්නම්, වෙළඳපොළ ඉල්ලුමක් නැත්නම්, වෙන කරන්න දෙයක් නැහැනේ.
නයිටිංගේල් කුරුල්ලාගේ ඔය කතා වත්පොතේ පළ කළානම්, කවුරු හෝ ලයික් එකක් දමනවා. ෆලෝවර්ස්ලා එකතු වෙනවා. නමුත් මේ සිද්ධිය වෙන්නේ දහනව වන සියවසේදී. ඒ කාලයේ එහෙම එකක් නැහැ. විසිවන සියවස එළඹෙද්දී මේ සුරංගනා කතාව ලියපු අයිරිෂ් ජාතික ඔස්කා වයිල්ඩ් මිය යනවා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 46ක් පමණයි. ඊට වසර කිහිපයකට පෙර සමලිංගික සේවනය කිරීමේ වරදට ඔහුට සිර දඬුවම් ලබා දෙනවා. ඒ කාලයේදී සමලිංගික සේවනය නීති විරෝධීයි. මේ සිර දඬුවම නිසා ඔස්කා වයිල්ඩ්ගේ සෞඛ්‍යය බොහෝ සේ පිරිහෙනවා.
උත්සාහවන්තයා ජයගනී කියනවනේ. රට වටේ සිංදු, කතා කිය කිය යන නයිටිංගේල් කුරුල්ලාට අන්තිමට තමන් හොයා හොයා හිටපු සැබෑ ප්‍රේමවන්තයා හමු වෙනවා. ඒ තමයි අර දර්ශනය හදාරන ශිෂ්‍යයා. මහාචාර්ය වරයාගේ දුවට හිතින් ආදරය කරන තරුණයා.
'Here at last is a true lover,' said the Nightingale. 'Night after night have I sung of him, though I knew him not: night after night have I told his story to the stars, and now I see him."
ඔන්න දැන් නයිටිංගේල් කුරුල්ලාට ඉලක්කයක් තියෙනවා. ඒ තමයි අර ශිෂ්‍යයාගේ ආදරය වෙනුවෙන් රතු රෝස මලක් හොයලා දෙන එක. අපිට කොහෙන්ද පූසෝ නයිටිංගේල් කුරුල්ලෝ කිවුවලු! හැබැයි අර ශිෂ්යයාටනම් එහෙම කුරුල්ලෙක් හිටියා.
නයිටිංගේල් කුරුල්ලාට වටිනාකම් වල සාපේක්ෂ බව ගැන මතක් වෙනවා. තමන් ගී කියා සතුටු වන ආදරය තවත් කෙනෙකුට ගෙන දෙන්නේ දුකක්.
ආදරය කියන්නේ පුදුම දෙයක්. මුතු මැණික් තියා පිළිකා සෛල නාශනය කළ හැකි බව කියන දෙළුම් දීලාවත් ආදරය මිල දී ගන්න බැහැ. ආදරය වෙළඳසැල් වල විකුණන්න නැහැ.
'What I sing of he suffers: what is joy to me, to him is pain. Surely Love is a wonderful thing. It is more precious than emeralds, and dearer than fine opals. Pearls and pomegranates cannot buy it, nor is it set forth in the market-place. it may not be purchased of the merchants, 'or can it be weighed out in the balance for gold.'
හැබැයි ඔහොම කිවුවට ආදරයත් හුවමාරු වෙනවා. ගනුදෙනු වෙනවා. ආදරයට වුනත් වටිනාකමක්, මිලක් තියෙනවා. ඔය වගේ දේවල් විග්රහ කර ගන්න පුළුවන් තරමට ඒ දවස් වල විෂය දැනුම වැඩි දියුණු වී නොතිබුණු නිසා, ඒ වෙද්දී දාර්ශනිකයෝ ලියලා තිබුණු හැම දෙයක්ම හදාරලා තිබුණු කෙනෙක්ට වුනත් ඔහොම හිතෙන එකේ පුදුමයක් නැහැ.
දැන් මෙහි පාර්ශ්ව දෙකක් ඉන්නවා. රතු රෝස මලක් ලැබුණොත් ශිෂ්‍යයාට සතුටු විය හැකියි. ශිෂ්‍යයාට සතුටු විය හැකිනම් එයින් නයිටිංගේල් කුරුල්ලාට සතුටු විය හැකියි.
ගනුදෙනු සිදු වන්නේ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර පමණක් නෙමෙයි. කෙනෙක් වෙනත් කෙනෙකුට උදවුවක් කරද්දී වෙන්නෙත් ගනුදෙනුවක්. එහිදී මුදල් හෝ භාණ්ඩ හුවමාරුවක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. පාර්ශ්ව දෙකේම උපයෝගීතාවය වැඩි වෙනවානම් එය නිදහස් ගනුදෙනුවක් කියා කියන්න පුළුවන්. ආදරය කියන්නෙත් ඔය විදිහේ ගනුදෙනුවක්. ආදරය විරුද්ධ ලිංගිකයින් අතර (හෝ සමලිංගිකයන් අතර) සිදු වන්නක් වෙන්නත් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනෑම කෙනෙකුට ආදරය කරන්න.
කෙනෙක් ස්වේච්ඡාවෙන් වෙනත් අයෙකුට උදවුවක් කරන්නෙත් එයින් තමන්ගේ උපයෝගීතාවය වැඩි වන නිසා. ඒ අර්ථයෙන්, මුදල් නොගෙන උදවුවට කරන දේවල් වලිනුත් අවසාන වශයෙන් උදවුව කරන පුද්ගලයාට ලැබෙන්නේ ලාබයක්. උදවුව ලබන පුද්ගලයාට කොහොමටත් ලාබයක් වෙලානේ. ඒ නිසා මෙවැනි ගනුදෙනුවක් සහ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර සිදුවන ගනුදෙනුවක් අතර ලොකු වෙනසක් නැහැ.
ඔන්න දැන් අපේ නයිටිංගේල් කුරුල්ලා ස්වේච්ඡාවෙන් අර ශිෂ්‍යයාට උදවු කරන්න යනවා. නයිටිංගේල් නම දාගත්ත ෆයිටිං ගර්ල්ලාත් ඉන්නවනේ. මෙයා එහෙම එක්කෙනෙක් නෙමෙයි. හැබැයි වැඩේ ලේසි නැහැ. රතු රෝස මලක නිෂ්පාදන පිරිවැය හොඳටම වැඩියි!
"If you want a red rose,' said the Tree, 'you must build it out of music by moonlight, and stain it with your own heart's-blood. You must sing to me with your breast against a thorn. All night long you must sing to me, and the thorn must pierce your heart, and your life-blood must flow into my veins, and become mine."
රතු රෝස මලක් ලබා ගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. මේ වැඩේට නයිටිංගේල් කුරුල්ලා විසින් තමන්ගේ හදවත ටිකෙන් ටික රෝස කටුවක් මත තද කරමින් රෑ එළිවෙන තුරු ගී ගැයිය යුතුයි. රෝස ගහේ නහර වලට ලේ ගලා ගිහින් පණ ඇවිත් රතු රෝස මලක් පුබුදු කරවන්න පුළුවන් වන්නේ නයිටිංගේල් කුරුල්ලා විසින් එවැනි කැප කිරීමක් කළොත් පමණයි. අමාරු තේරීමක්!
නයිටිංගේල් කුරුල්ලාට තමන්ගේ අරමුණ ඉටු කර ගත හැකි මාර්ගයක් දැන් තිබෙනවා. නමුත් ආවස්ථික පිරිවැය ගොඩක්ම වැඩියි. උද්ධමනය අඩු කරන්න පොලී අනුපාතික වැඩි කරපු එකේ ආවස්ථික පිරිවැය මොකක්ද කියලා හිතෙනවා.
නයිටිංගේල් කුරුල්ලාට මුලින්ම ලොකු දෙගිඩියාවක් ඇති වෙනවා.
"මරණය කියන්නේ රතු රෝස මලක් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩි මිලක් නෙමෙයිද?"
ඔව්. ජීවිතය ගොඩක් වටිනවා තමයි. නමුත් ආදරයේ වටිනාකම ඊට වඩා වැඩියි. මිනිස් හදවතක වටිනාකම එක්ක බැලුවහම කුරුල්ලෙක්ගේ හදවතේ වටිනාකම කුමක්ද? නිදහස් ගනුදෙනුවක් වෙන්නේ ඔන්න ඔය සංසන්දනයත් එක්ක.
"Death is a great price to pay for a red rose,' cried the Nightingale, 'and Life is very dear to all. It is pleasant to sit in the green wood, and to watch the Sun in his chariot of gold, and the Moon in her chariot of pearl. Sweet is the scent of the hawthorn, and sweet are the bluebells that hide in the valley, and the heather that blows on the hill. Yet Love is better than Life, and what is the heart of a bird compared to the heart of a man?"
කරන්න පුළුවන් ලොකුම කැපවීම කරන්න සූදානම් වී නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක.
නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාට කියපු අණ්ඩර දෙමළය ඒ වෙලාවේ ඔහුට තේරෙන්නේ නැහැ. නමුත් උදේ ජනේලය අරිද්දී ජනේලය අද්දර රතු රෝස මලක් පිපිලා. කවදාවත්ම දැකලා නැති තරම් ලස්සන රතු රෝස මලක්. මේ රෝස වර්ගයට අනිවාර්යයෙන්ම දිග විද්‍යාත්මක නාමයක් තිබිය යුතුයි! මොන තරම්නම් වාසනාවක්ද?
"Why, what a wonderful piece of luck! he cried; 'here is a red rose! I have never seen any rose like it in all my life. It is so beautiful that I am sure it has a long Latin name;' and he leaned down and plucked it."
නයිටිංගේල් කුරුල්ලා හදවතේ ඇනුණු රෝස කටුවක් එක්ක තණ බිස්සේ මැරී වැටිලා. නිකම් ලැබෙන දේවල් ලබා ගන්න ගොඩක් අයට ඒ දේවල් වෙනුවෙන් කවුරු හෝ පිරිසක් විසින් මිලක් ගෙවිය යුතුයි කියන එක ලේසියෙන්ම අමතක වෙනවා.
ඔය තරම් දෙයක් වුනාටත් පස්සේ ශිෂ්‍යයාගේ ප්රශ්නය විසඳෙනවාද?
රෝස මල කඩා ගන්නා ශිෂ්‍යයා එයද සමඟ මහාචාර්ය වරයාගේ නිවස වෙත දිව යනවා. නමුත්, අවසාන වශයෙන් ලැබෙන්නේ ඔහු අපේක්ෂා කළ පිළිතුර නෙමෙයි. ඒ වෙද්දී මාලිගාවේ දුක් ගන්නා රාළගේ බෑණා මහාචාර්ය වරයාගේ දියණියට වඩා වටිනා තෑග්ගක් දීලා. මල් වලට වඩා වැඩියෙන් ඇත්ත මැණික් වටිනා බව කවුරුත් දන්නා දෙයක්!
"...the Chamberlain's nephew has sent me some real jewels, and everybody knows that jewels cost far more than flowers."
අන්තිමට ශිෂ්‍යයාට තරුණියගෙන් ලැබෙන්නේ ඔය ආර්ථික විද්‍යා පාඩම පමණයි!
ශිෂ්‍යයා විසින් පාරට වීසි කරන රතු රෝස මල කරත්ත රෝදයකට අසු වී තැලී යනවා. ඒ එක්කම, එහි වටිනාකම් චක්‍රය අවසන් වෙනවා. රෝස මලක වගේම ආදරයේත් වටිනාකම ඔය වගේ සාපේක්ෂ හා වෙනස් වන දෙයක් නෙමෙයිද?
"What a silly thing Love is,' said the Student as he walked away. 'It is not half as useful as Logic, for it does not prove anything, and it is always telling one of things that are not going to happen, and making one believe things that are not true. In fact, it is quite unpractical, and, as in this age to be practical is everything, I shall go back to Philosophy and study Metaphysics."
"ආදරය කියන්නේ මොන තරම් මෝඩ දෙයක්ද? එය තර්ක ශාස්ත්‍රයෙන් බාගයක්වත් වටින්නේ නැහැ. ආදරය කියන්නේ ප්‍රායෝගික නැති දෙයක්. මේ කාලයේ හැම දේටම වඩා වටින්නේ ප්‍රායෝගික වීමයි."
ශිෂ්‍යයා නැවතත් දර්ශනය හදාරන්න යනවා. ඔය කාලය වෙද්දී ආර්ථික විද්‍යාව විෂයයක් විදිහට හරියට දියුණු වෙලා තිබුණේ නැහැ. එහෙම දියුණු වෙලා තිබුණානම් සමහර විට දර්ශනය වෙනුවට ආර්ථික විද්‍යාව හදාරන එක ගැන හිතයි.
උඩ තිබෙන්නේ ඇමසන් වෙබ් අඩවියේ විකුණන්නට තිබෙන රෝස මලක්. මෙය විකිණෙන්නේ ඩොලර් පණහක පමණ මුදලකට. ඒ කියන්නේ රුපියල් වලින් 15,500ක පමණ මුදලකට. රෝස මලක මිල රුපියල් පහළොස්දාහක් වෙන්නේ කොහොමද?
ඔය වගේ රතු රෝස මලක් ගහක නිකම්ම පිපෙන්න පුළුවන්. නමුත් ඒ වගේ රතු රෝස මලක් ඔය විදිහට වෙළදපොළට එද්දී විශාල අගය එකතු වීමක් සිදු වෙලා. මේ ස්වභාවික රෝස මල වසර පහක් හෝ හයක් පමණ ඔය තත්ත්වයෙන් තියා ගත හැකි පරිදි සංරක්ෂණය කරලයි තියෙන්නේ.
මේ අගය එකතු කිරීම පසුපස තාක්ෂනය දියුණු කිරීමක්, ඒ සදහා මුදල් ආයෝජනය කිරීමක් හා එම මුදල් වල අවදානම ගැනීමක් තිබෙනවා. ඒ සියල්ල පිරිවැය ලෙස රෝස මලේ මිලට එකතු වෙනවා. ඊට අමතරව එය අඩංගු භාජනයේ මිල, බෙදා හැරීමේ පිරිවැය ආදිය මෙන්ම නිෂ්පාදකයාගේ හා අතරමැදියන්ගේ අපේක්ෂිත ලාබද එම මිලට එකතු වෙනවා. නමුත් රෝස මලේමිල යනු ඒ සියල්ලම වුවද නෙමෙයි. එය පාරිභෝගිකයා විසින් ගෙවන්නට සූදානම් මිල, එනම් පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම, අනුව ඉහළ යනවා. වැලන්ටයින් දිනය වැනි දිනක මේ මිල ගොඩක් වැඩියි.
වැලන්ටයින් දිනය එළැඹෙන්නේ උතුරු ඇමරිකාවේ ශීත කාලය තුළයි. ඒ කාලයේදී රෝස ගස් වල මල් පිපෙන්නේ නැහැ. එහෙත්, ශීත කාලයේදී වුනත් රතු රෝස පුබුදුවන්න වෙළඳපොළට පුළුවන්.
"සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක!"
Unknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-3221129106341750825.post-56013406945024386072024-02-13T15:54:00.000-05:002024-02-13T15:54:15.246-05:00පින්ලන්තයේ පින්වන්තයෝ...
පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන කතා කරන එක මොහොතකට පමා කරමු.
පින්ලන්තය හා අදාළව මේ ප්‍රශ්න ඇසුවේ විශේෂ හේතු කිහිපයක් නිසා. දැනට වසර දොළහක පමණ සිට "ලෝක සතුටු වාර්තාව" නමින් වාර්ෂික වාර්තාවක් එළි දැක්වෙනවා. මෙම වාර්තාවෙහි ජීවත්වීම සඳහා සුදුසුම රටවල් අනුපිළිවෙලින් ශ්‍රේණිගත කෙරෙනවා. පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම් වල වගේම, ඊට පෙර වසර පහක කාලය තුළද මෙම ලැයිස්තුවෙහි උඩින්ම සිටි රට පින්ලන්තයයි. එහි ශ්‍රේණිගත කර ඇති රටවල් 137ක් අතරින් ලංකාවේ ස්ථානය 112.
පින්ලන්තය වගේ පට්ට සීතල රටක් ලැයිස්තුවේ උඩට එන්නේ කොහොමද?
රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනීම සඳහා යොදා ගන්නා වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය ඒක පුද්ගල ආදායමයි. එහෙත්, ඒක පුද්ගල ආදායම දෙස බැලීමෙන් පමණක් රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනිය නොහැකි බව පැහැදිලි තාර්කික පදනමක් තිබෙන විවේචනයක්. සතුටු වාර්තාවේ සතුටු දර්ශකයෙහි ඒක පුද්ගල ආදායමද ජීවන තත්ත්වය පිළිබඳ මිනුමක් ලෙස සලකන නමුත් එවැනි තවත් මිනුම් පහක්ද සලකා බලනවා.
1. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
2. සමාජ සහයෝගය
3. ආයු අපේක්ෂාව
4. ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස
5. පරිත්‍යාගශීලී බව
6. දූෂණ පිළිබඳ ආකල්ප
පින්ලන්තය පළමු තැනට එන්නේත්, ලංකාව 112/137 ලෙස ශ්‍රේණිගත වන්නේත් ඉහත නිර්නායක හයම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙම එක් එක් නිර්ණායකය අනුව, පින්ලන්තයේ හා ලංකාවේ ස්ථාන පහත පෙන්වා තිබෙනවා.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය:
පින්ලන්තය- 18
ලංකාව- 73
සමාජ සහයෝගය:
පින්ලන්තය- 2
ලංකාව- 71
ආයු අපේක්ෂාව:
පින්ලන්තය- 23
ලංකාව- 53
ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස:
පින්ලන්තය- 1
ලංකාව- 80
පරිත්‍යාගශීලී බව:
පින්ලන්තය- 80
ලංකාව- 85
දූෂණ පිළිබඳ ආකල්ප:
පින්ලන්තය- 2
ලංකාව- 81
මේ අනුව පෙනෙන්නේ පින්ලන්තය පළමු තැනට තල්ලු වී තිබෙන්නේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස, දූෂණ පිළිබඳ ආකල්ප හා සමාජ සහයෝගය නිසා බවයි. ලංකාවේ සමස්ත ස්ථානය එක් එක් කාණ්ඩ යටතේ සිටින ස්ථාන සියල්ලටම වඩා අඩු එකක් වීමද විශේෂත්වයක්.
පින්ලන්තයට අමතරව, අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල් හතරටද ලැයිස්තුවේ ඉහළ තැන් හිමි වී තිබෙනවා. පහත තිබෙන්නේ ලැයිස්තුවේ මුල් රටවල් දහය.
1. පින්ලන්තය
2. ඩෙන්මාර්කය
3. අයිස්ලන්තය
4. ඊශ්‍රායලය
5. නෙදර්ලන්තය
6. ස්වීඩනය
7. නෝර්වේ
8. ස්විට්සර්ලන්තය
9. ලක්සම්බර්ග්
10. නවසීලන්තය
නිර්ණායක හයෙන් හතරකින්ම පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින සිංගප්පූරුව ඉහත රටවල් දහය අතර නැහැ. එරටට හිමිව තිබෙන්නේ ලැයිස්තුවේ 25 වන ස්ථානයයි. පහත තිබෙන එක් එක් නිර්ණායකය තුළ සිංගප්පූරුව සිටින තැන දෙස බැලූ විට එයට හේතුව තේරුම් ගන්න අපහසු වන එකක් නැහැ.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2
සමාජ සහයෝගය - 50
ආයු අපේක්ෂාව - 3
ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස - 32
පරිත්‍යාගශීලී බව - 51
දූෂණ පිළිබඳ ආකල්ප - 1
දූෂණ පිළිබඳ ආකල්ප අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට සිංගප්පූරුවයි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව දෙවන තැනද, ආයු අපේක්ෂාව අනුව තෙවන තැනද සිටින අතර පරිත්‍යාගශීලී බව අනුවද පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටිනවා. එහෙත්, ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස හා සමාජ සහයෝගය පින්ලන්තයේ තරමට නැති නිසා, පින්ලන්තය ලැයිස්තුවේ මුල් තැනට යද්දී සිංගප්පූරුව එහි 25 වන තැනට වැටෙනවා.
ඉහත නිරීක්ෂණය ඇසුරෙන් වත්මන් ලෝකයේ ජීවන තත්ත්වය පිළිබඳ පරමාදර්ශ ගැන අදහසක් ගන්න පුළුවන්. එහිදී සමාජ-ප්රජාතන්ත්රවාදී දේශපාලන ආකෘතියට සහ ලිබරල් ජීවන විලාසිතා වලට වැඩි බරක් වැටී තිබෙනවා. මෙය වත්මන් ලෝකයේ අධිපතිවාදී ආකෘතිය ලෙසද හැඳින්විය හැකියි. මෙම අධිපතිවාදී ආකෘතිය හොඳින්ම අනුගමනය කරන රටවල් අතර ස්කැන්ඩිනේවියන් රටවල් ඉදිරියෙන්ම සිටිනවා.
ඉහත හේතු නිසා සහ තවත් හේතු නිසා පින්ලන්තය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පරමාදර්ශී රටවල් බවට පත් වී තිබෙනවා. වාමාංශික අදහස් දරන්නන් මෙන්ම දක්ෂිනාංශික අදහස් දරන්නන්ද මේ අතර සිටීම විශේෂත්වයක්.
වාමාංශික අදහස් දරන්නන් විසින් බොහෝ විට පින්ලන්තය වැනි රටවල් සමාජවාදී රටවල් ලෙස හැඳින්වීමට උත්සාහ කරන අතර දක්ෂිනාංශික අදහස් දරන්නන් විසින් මෙම රටවල් ධනවාදී රටවල් බව පෙන්වා දීමට මහන්සි වෙනවා. මෙයින් පෙනෙන්නේ මේ කණ්ඩායම් දෙකේම කොටස් ස්කැන්ඩිනේවියානු ආකෘතිය සාර්ථක ආකෘතියක් ලෙස පිළිගන්නා බවයි. (කෙසේ වුවත්, මේ අදහස දරන්නේ වාමාංශික හා දක්ෂිනාංශික අදහස් දරන්නන් අතරින් සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරීන් පමණයි. අන්ත දෙකේ සිටින්නන්ට මෙම ආකෘතිය පිළිබඳ විවිධ ප්‍රශ්න තිබෙනවා.)
ලිපියේ අරමුණ ඉහත කී දේශපාලන අදහස් ගැන කතා කිරීම නෙමෙයි. මෙහි අරමුණ කවර හෝ හේතුවක් නිසා පින්ලන්තය පිං ලන්තයක් සේ සලකන අය පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත් කරන ප්‍රවාද ගැන කතා කිරීමයි.
"පින්ලන්තය දියුණු වුනේ පරිප්පු වලට නිවිති දාලා කන්නෙ නැති නිසා. බොරු නම් පරිප්පු නිවිති දාලා කන/නොකන රටවල් වල දියුණුව සසඳන්න."
ඉහත තිබෙන්නේ වත්පොතේ හුවමාරු වන පාඨයක්. මෙහි අරමුණ සමච්චලය බව කාට වුනත් පැහැදිලියි. නමුත්, පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත්ව ඇති වෙනත් ඇතැම් ප්‍රවාද හා මේ ප්‍රවාදය අතර වැඩි වෙනසක් නැහැ.
උදෘතයෙන් යෝජනා කර තිබෙන සංසන්දනය කිසිවෙකු විසින් කළහොත් පරිප්පු වලට නිවිති එකතු කිරීම රටක දියුණුවට හේතු වන ආකාරය කෙනෙකුට පහසුවෙන්ම පෙන්වා දෙන්න හෝ "ඔප්පු කරන්න" පුළුවන්. මේ වගේ දේවල් හඳුන්වන්නේ ව්‍යාජ සහසම්බන්ධතා (spurious correlations) ලෙසයි. මේ උදාහරණයේදී ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුවත්, ව්‍යාජ සහසම්බන්ධතා සහ හේතුඵල සම්බන්ධතා (causal effects) වෙන් කර හඳුනා ගැනීම විශාල පුහුණුවක් අවශ්‍ය දෙයක්.
සාමාන්‍ය කරුණක් ලෙස, ආර්ථික විද්‍යාවේදී දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කරන ප්‍රවාදයක් කියා කියන්නේ ඕනෑම කතන්දරයක් නෙමෙයි. පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක්. එවැනි ප්‍රවාදයක් දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කළ පසු අසත්‍යකරණයට ලක් නොවේනම් එය වැඩ කරන ප්‍රවාදයක් සේ සැලකිය හැකියි. එහෙත්, එසේ පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක් නොවන ඕනෑම හිතළුවක් දත්ත ඇසුරෙන් තහවුරු කළ පමණින් එය හිතළුවක් පමණක් නොවන්නේ නැහැ.
දැන් අපි පෙර සටහනේ මුල් ප්‍රශ්නයට පැමිණියහොත්, පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව අපට දත්ත ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. බොහෝ දෙනෙකු විසින් නිවැරදිව එම නිරීක්ෂණය සිදු කර තිබුණා. එක් පාඨකයෙකු විසින් දත්ත විශ්ලේෂණය කර ඔහුගේ විශ්ලේෂණය විද්‍යුත් තැපෑලෙන් යොමු කරලත් තිබුණා. උනන්දුව ගැන ස්තුතියි!
මෙය ඇත්තටම මෙලෙස සිදු වන බව වඩා විශ්වාසයෙන් කිව හැක්කේ සම්මත ආර්ථික විද්‍යා ප්‍රවාද අනුව මෙය එසේ විය යුතු නිසයි. නමුත්, එම ප්‍රවාද අනුව මෙවැන්නක් සිදු විය යුත්තේ හා සිදු විය හැක්කේ පින්ලන්තයට පමණක් නෙමෙයි.එක් පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබුණු පරිදි අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල මෙන්ම එම කලාපයෙන් පිටත පිහිටි ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවලද මීට කිට්ටු රටාවක් නිරීක්ෂණය කළ හැකියි.
එක් අයෙකු විසින් ජනගහණ වර්ධනය ගැන සඳහන් කර තිබුණා. එය නිවැරදි තර්කයක්. එහෙත්, ජනගහණ වර්ධනයද සලකා ඒක පුද්ගල ආදායමේ වර්ධනය සැලකුවද මෙවැනිම රටාවක් දැකිය හැකියි.
දැකිය හැකි රටාව එලෙසම දිගටම පවතීයැයි උපකල්පනය කර අනාගතයේ සිදු විය හැකි දෙය ඇස්තමේන්තු (extrapolate) කළහොත්, වසර ගණනාවක් යද්දී මෙම රටවල ආර්ථික වර්ධනය ශුන්‍යය පසු කර සෘණ පැත්තට යා යුතුයි. මෙයින් අදහස් කරන්නේ තාවකාලික විචලනයන් ගැන නෙමෙයි. දිගුකාලීන ප්‍රවණතාව (trend) ගැන. එහෙත්, දත්ත රටාවන්ට හේතු වන හේතුඵල සම්බන්ධතා නිවැරදිව ග්‍රහණය කර නොගෙන දත්ත රටා ඇසුරෙන් පමණක් කළ හැකි මෙවැනි ඇස්තමේන්තු සාමාන්‍යයෙන් නිවැරදි වන්නේ නැහැ.
පළමුව, එක් පාඨකයෙකු විසින් නිවැරදි ලෙස සටහන් කර තිබුණු පරිදි, ආර්ථික වර්ධන වේගය අඩු වුවද, එයින් අදහස් වන්නේ රටේ ආර්ථිකය යම් වේගයකින් වර්ධනය වන බවයි. රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී ආර්ථික වේගය ක්‍රමයෙන් අඩු විය යුතු බව පිළිගත් ප්‍රවාදයක්. මෙයට හේතු විස්තර කළ හැකියි. පෙර ලිපි ගණනාවක මෙම හේතු විස්තර කර තිබෙනවා. වෙනත් හේතු ගණනාවක් තිබිය හැකි වුවත්, පින්ලන්තය ඇතුළු වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහළ යාම වඩාත්ම පහසුවෙන් පැහැදිලි කළ හැක්කේ ඉහත සඳහන් ප්‍රවාදය ඇසුරෙනුයි. මෙම ප්‍රවාදය අනුව, රටක් දියුණු වෙද්දී එරට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවන නමුත් එය සෘණ පැත්තට යන්නේ නැහැ.
පින්ලන්තයේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 50,816ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක්. අපි හිතමු පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනා කියලා.
දැන් පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඩොලර් කීයකින් වැඩි වෙනවාද? එම වැඩිවීම ඩොලර් 508ක්. නමුත්, ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන්නේ ඩොලර් 335කින් පමණයි. ඒ කියන්නේ, පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනත්, වැඩියෙන් ඉහළ යන්නේ පින්ලන්තයේ ඒක පුද්ගල ආදායමයි. ඒ නිසා, දෙරට අතර ඒක පුද්ගල ආදායම් පරතරය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
ඔය හේතුව නිසා අඩු ආදායම් මට්ටමක ඉන්න රටකට වැඩි වේගයෙකින් වර්ධන වෙන්න පුළුවන් වුනත්, එහෙම වර්ධනය වෙලා වැඩි ආදායම් මට්ටමක ඉන්න රටක ජීවන තත්ත්වය ලඟා කර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.
ලංකාව 10%ක වේගයකිනුත්, පින්ලන්තය 1%ක වේගයකිනුත් එක දිගටම වර්ධනය වුනොත් කවදා හරි දවසක ලංකාව පින්ලන්තය පහු කරනවා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. ලංකාව 10%ක වේගයෙන් එක දිගටම වර්ධනය වුනොත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම කලින් කියපු ප්‍රවාදය අනුව එය එසේ වෙන්නේ නැහැ.
ආර්ථික මට්ටම ටිකෙන් ටික ඉහළ යද්දී වර්ධන වේගයත් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් දිහා බලලා ඔවුන් අනුගමනය කිරීම මගින් වැඩි වේගයකින් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට එහෙම කරන්න බැහැ. ඔවුන් තමන්ගේ ආර්ථිකයන් තවත් වර්ධනය කර ගත හැකි ආකාර තමන් විසින්ම සොයා ගත යුතුයි. මේක හදපු පාරක යන එක සහ පාරක් අලුතෙන් හදාගෙන යන එක වගේ වෙනසක්.
Unknownnoreply@blogger.com5tag:blogger.com,1999:blog-3221129106341750825.post-91456452147208219142024-02-11T11:24:00.000-05:002024-02-11T11:24:01.712-05:00පින්ලන්තයේ ආර්ථික වර්ධනය
පින්ලන්තය කියන්නේ වත්පොතේ වේගයෙන් සංසරණය වන හෝ සංසරණය වූ "විග්රහයන්" කිහිපයකටම පාදක කරගෙන තිබෙන බව පෙනෙන රටක්.
ඉහත රූප සටහනේ දැකිය හැක්කේ පසුගිය වසර 62ක කාලය තුළ පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වෙනස් වූ ආකාරය. මේ රූප සටහන ඉදිරිපත් කරනු හැර, එය විග්රහ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න තුනක් අහනවා.
1) ඉහත රූප සටහන අනුව දිගුකාලීනව පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙමින් තිබෙනවාද? අඩු වෙමින් තිබෙනවාද? නොවෙනස්ව එකම මට්ටමක තිබෙනවාද?
2) ඉහත ප්‍රවණතාව අනුව, තවත් වසර 60කට පසුව ආර්ථික මට්ටම අනුව ලෝකයේ රටවල් අතර පින්ලන්තයේ තැන දැන් තිබෙන තැනට වඩා ඉහළින් තිබෙයිද? පහළින් තිබෙයිද? දැන් තිබෙන තැනම තිබෙයිද?
2) ඔබ ඉහත (1) හා (2) ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු පැහැදිලි කරන්නේ කොහොමද?
ඔබට හිතෙන දේ ප්‍රතිචාර ලෙස සටහන් කරන්න. වෙනත් තැන් වල ඇති දේ උපුටා පළ කරන්නේනම් ඒ බව සඳහන් කරන්න.
Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-3221129106341750825.post-8955144310586683062024-02-08T10:55:00.000-05:002024-02-08T10:55:02.420-05:00මහ බැංකුවේ අලුත්ම තීරණය
ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි.
මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි වූ ණය ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාව ඉවත් කර ඇති අතර, මාසයක කාලයක් තුළ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගත හැකි වාර ගණන 5 සිට 10 දක්වා ඉහළ නංවා තිබෙනවා.
මේ වන විට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 10%ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 9%ක් වෙනවා. මෙම පොලී අනුපාතික දෙක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, එනම් කෙටිකාලීන පොලී අනුපාතික, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා වැඩි විය යුතු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා අඩු විය යුතුයි.
නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ මහ බැංකුවෙන් ණය ගැනීමේ අවස්ථාව තිබියදී වාණිජ බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට වෙළඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකිව තිබියදී ඊට වඩා අඩු පොලියකට වෙනත් අයෙකුට ණය දීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ඉහත පොලී අනුපාතික දෙක වෙනස් කිරීම මගින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතික පාලනය කළ හැකියි.
කෙසේ වුවද, මුදල් සැපයුම වෙනස් නොකර, වෙළඳපොළ පොලී අනුපාතික වල තාවකාලික විචලනයන් පාලනය කිරීම පමණක් ඉලක්ක කරන්නේනම්, මහ බැංකුවට වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයට වඩා ඉහළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතයත්, එම සමතුලිත පොලී අනුපාතිකයට වඩා පහළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් පවත්වා ගන්නට සිදු වෙනවා. එවිට, වාණිජ බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් ඇති වූ විට මහ බැංකුවේ නිත්‍ය පහසුකම් ප්‍රයෝජනයට නොගෙන, වඩා වාසිදායක වෙළඳපොළ ගණුදෙනුවක් කළ හැකි බැවින්, කිසියම් වාණිජ බැංකුවකට මහ බැංකුව වෙත පැමිණීමට සිදු වන්නේ වෙළඳපොළ ගනුදෙනුවක් සඳහා පාර්ශ්වකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට පමණයි.
රජය විසින් දේශීය මුදල් වෙළඳපොළෙන් කරන ණය ගැනීම් ඉහළ යද්දී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව අඩු වී පොලී අනුපාතික ඉහළ යනවා. එවිට මහ බැංකුව විසින් එක්කෝ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතික හා ගැලපෙන පරිදි ඉහළ දැමිය යුතුයි. එසේ නැත්නම්, පොලී අනුපාතික ඉහළ යාම පාලනය කරමින් මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි.
ඉහත දෙවැන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මුදල් ලබා ගැනීමට වාණිජ බැංකු වලට ඉඩ සැලසීමයි. මෙහිදී, එසේ මහ බැංකුවෙන් අඩු පොලියකට ලබා ගන්නා අරමුදල් වැඩි පොලියකට රජයට ණයට දීම මගින් ලාබයක් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ බැංකු වලට ලැබෙනවා. කෙසේ වුවත්, රජය වැඩියෙන් ණය ගැනීම නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම පෞද්ගලික අංශයටද බලපාන නිසා, රටේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා, ඇතැම් තත්ත්වයන් යටතේ, මහ බැංකුවකට එසේ පොලී අනුපාතික පාලනය කරන්නට සිදු වෙනවා.
ඉහත සාමාන්‍ය තත්ත්වයට අමතරව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට රජය විසින් බලපෑම් කිරීම නිසා නිත්‍ය පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ දමනු නොලැබීම අපට වරින් වර දැක ගත හැකි වූ තත්ත්වයක්. මහ බැංකු ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් ඉලක්ක කෙරුණේ එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමයි.
පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් පළමු සතිය වන විට, ඒ කියන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගන්න කොට, පැවති තත්ත්වය.
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:
නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 7.5%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 6.5%
බැංකු පොලී අනුපාතික:
බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 10.73%
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 7.68%
බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 8.06%
භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:
දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 12.92%
දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 12.25%
වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 7.5% පොලියට අරමුදල් සපයාගන්න පුළුවන්කම තියෙද්දී තැන්පතු වෙනුවෙන් ඊට වඩා ගොඩක් ලොකු පොලියක් ගෙවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා, තැන්පතු වෙනුවෙන් ගෙවන්නේ ඊට කිට්ටු පොලියක්. ඒ පොලියට වඩා 3%ක් පමණ වැඩි පොලියකට ණය දෙනවා. පොලිය ඊට වඩා ගොඩක් වැඩි කරලා පෞද්ගලික අංශයට ණය දෙන්න බැහැ. හැබැයි රජයට ඊට වඩා වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී බැංකු විසින් කළේ තැන්පතු ලෙස එකතු කරගන්නා අරමුදල් වගේම මහ බැංකුවෙන් ණයට ගන්න සල්ලිත් රජයට ණයට දෙන එක.
කොහොම හරි, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සැලකිය යුතු පරතරයක් ඒ වෙද්දී හැදිලා තිබුණා. ඒ වගේ පරතරයක් නඩත්තු වෙද්දී මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා. මොකද ටැප් එක ඇරියා වගේ මහ බැංකුවෙන් අඩු පොලියට ලැබෙන සල්ලි අනෙක් පැත්තට ලාබයක් තියාගෙන රජයට ණයට දෙන්න බැංකු වලට පුළුවන්.
අලුත් අධිපතිවරයා ධුරයේ වැඩ භාරගත් වහාම මෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කරනවා. ඒ මගින් උත්සාහ කරන්න ඇත්තේ ඉහත විකෘතිය නැති කරන එක වෙන්න ඇති. පහත තිබෙන්නේ ඉන් පසු, අප්‍රේල් මාසය අවසානයේදී පොලී අනුපාතික වෙනස් වී තිබුණු ආකාරය.
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:
නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 14.5%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 13.5%
බැංකු පොලී අනුපාතික:
බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 13.72%
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 15.35%
බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 15.63%
භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:
දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 23.48%
දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 23.95%
මහ බැංකුවේ විසින් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒ වන විට පැවති භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වල මට්ටමට ඔසොවන එක. හැබැයි එහෙම කළා කියලා ඔය දෙක අතර තිබුණු විශාල පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට වුනේ එම පරතරය තවත් වැඩි කරමින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය එකයි. මෙය පෙර ලිපියක විස්තර කර තිබෙන ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්.
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීමට අනුරූපව වාණිජ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතිකද වැඩි කළත් ඒ හරහා එකතු කර ගත හැකි වූ අමතර අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් රජය පැත්තෙන් ආපු නිසා අන්තිමට වුනේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරය ඒ විදිහටම නඩත්තු වුන එක. ඒ තත්ත්වය යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් අඩු පොලියට ණය අරගෙන රජයට වැඩි පොලියට ණයට දීම සහ ඒ හේතුවෙන් දිගින් දිගටම මුදල් සැපයුම ප්‍රසාරණය වීම මහ බැංකුවට පහසුවෙන් වළක්වාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා.
ඉහත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේදී නිත්‍ය ණය පහසුකම් හා අදාළ ප්‍රමාණාත්මක සීමාවන් දැම්මා. මේ අනුව, බැංකුවකට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ ලබා ගත හැකි වූ අරමුදල් ප්‍රමාණය එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90%කට සීමා කෙරුණා. ඒ වෙද්දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක්. ඒ කියන්නේ අවම වශයෙන් තැන්පතු වලින් 4%ක් මහ බැංකුවේ තැන්පත් කර පවත්වා ගෙන යා යුතුයි. හැබැයි අනෙක් අතට මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම යටතේ ණය ලබා ගන්න පුළුවන්. 2023 ජනවාරි මාසයේදී කළේ මෙය සීමා කරන එක.
මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ඔය විදිහට සීමා කළාම බැංකු වලට යම් ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තැන්පතු පොලී වැඩි කරගෙන අවශ්‍ය අරමුදල් වෙළඳපොළෙන්ම හොයා ගන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීමද මාසයකට වාර පහකට සීමා කෙරුණා. එසේ කළ විට ද්‍රවශීලතා අතිරික්තයක් තිබෙන බැංකු වලට තමන්ගේ අතිරික්ත සල්ලි මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවස්ථාව සීමා වන නිසා ද්‍රවශීලතා හිඟයක් තිබෙන බැංකුවක් හොයලා ඒ සල්ලි ණයට දෙන්න වෙනවා.
කොහොම වුනත් මේ වෙද්දී රජය පැත්තෙන් විශාල වෙනස්කම් වෙලා රජයේ ණය ඉල්ලුම විශාල ලෙස අඩු වෙලා නිසා, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරයද 1% පමණ මට්ටමක් දක්වා විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය සතිය වන විට පැවති තත්ත්වය.
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:
නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 10%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 9%
භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:
දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 10.96%
දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 11.07%
මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉහත ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමට ඉඩප්රස්ථා ලැබී තිබෙනවා. ඒ එක්කම, වාණිජ බැංකු වලට මුහුණ දෙන්නට වූ ද්‍රවශීලතා අවදානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. හදිසියකට මහ බැංකුවෙන් අවශ්‍ය පමණ අරමුදල් ලබා ගත හැකි නිසා ඔවුන්ට බයක් සැකක් නැතුව තමන් සතු අරමුදල් ණයට දෙන්න පුළුවන්.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැංකු විසින් ණය ලෙස ලබා දෙන අරමුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. මේ ක්‍රියාවලිය හරහා මුදල් මැවීමක් සිදු වෙනවා. එහිදී මුදල් සැපයුමේ යම් ඉහළ යාමක් සිදු වෙනවා. මේ තත්ත්වයන් එක්ක නැවතත් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර සීමාවකට පහත වැටෙන්න පුළුවන්. මහ බැංකුව විසින් ඉලක්ක කරන බව පෙනෙන්නේද එයයි.
නිශ්චිතව කිවුවොත්, කෙටි කාලයක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික තනි අංකයක් දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ස්ථිර තැන්පත් පොලී අනුපාතික වලටද එයම වෙනවා කියන එක. එසේ වෙද්දී ණය පොලී අනුපාතිකද 12%-13% වැනි මට්ටමක් දක්වා පහත වැටෙයි. නමුත් තවමත් පරණ තැන්පතු සඳහා ගෙවන සාමාන්‍ය ස්ථිර තැන්පතු පොලී අනුපාතික 14% ඉක්මවන මට්ටමක තිබෙන නිසා ණය පොලී අඩුවීම සිදු වනු ඇත්තේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවයි.
Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-3221129106341750825.post-38965205768819318832024-02-07T09:18:00.001-05:002024-02-07T09:18:50.950-05:00පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!
අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික.
දින 91 - 10.96%
දින 182 - 11.07%
දින 364 - 10.73%
දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ මීට වඩා සැලකිය යුතු තරම් ඉහළ පොලී අනුපාතික වලටයි.
දින 91 - 13.35%
දින 182 - 13.41%
දින 364 - 12.78%
මාස විස්සකට පෙර (2022 අප්‍රේල් 7 දින), වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ සැලැස්වූවා. පහත තිබෙන්නේ ඔහු ධුරයේ වැඩ භාර ගෙන මාස හතරකට පසුව (2022 සැප්තැම්බර් 7) පොලී අනුපාතික පැවති මට්ටමයි.
දින 91 - 32.89%
දින 182 - 31.29%
දින 364 - 30.50%
කෙසේ වුවද, මේ වන විට පොලී අනුපාතික වත්මන් අධිපතිවරයා වැඩ භාර ගන්නා විට පැවති මට්ටමට සාපේක්ෂව වුවද විශාල ලෙස පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ ඒ වන විට (2022 අප්‍රේල් 6 දින) පැවති පොලී අනුපාතිකයි.
දින 91 - 14.12%
දින 182 - 15.36%
දින 364 - 15.69%
උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතු ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම අවිය නිවැරදි ලෙස ප්‍රයෝජනයට ගැනුනා.
පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හා විවේචනයට හේතු වුවත්, එමගින් 73.7% වැනි (ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව) ඉහළ මට්ටමක පැවති උද්ධමනය කෙටි කලක් තුළ මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා පහත දමා ගැනීමට හැකි වුනා.
ආසන්න කාලයකදී උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක පැවති බොහෝ රටවල එම ඉහළ උද්ධමනය තවමත් පාලනය වී නැහැ. පොලී අනුපාතික නිසි සේ ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ උද්ධමනය පාලනය කිරීමෙන් අනතුරුව දැන් පොලී අනුපාතිකද දිගුකාලීනව පැවති සාමාන්‍ය මට්ටම දක්වා පහත වැටෙමින් තිබෙනවා.
කෙසේ වුවද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අමතරව, පොලී අනුපාතික පහත වැටීම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මේ වන විට රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගෙන ඇති බැවින් පරණ ණය හා පොලී ගෙවීම සඳහා හැර රජය පවත්වා ගෙන යාම සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රජය විසින් අලුතෙන් ණය ලෙස ලබා ගන්නේ පරණ ණය හා පොලී වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළට පොම්ප කරන රුපියල් ප්‍රමාණයට වඩා අඩු රුපියල් ප්‍රමාණයක්.
ඉහත තත්ත්වය තුළ දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යමින් තිබෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා මෙම අතිරික්ත ද්‍රවශීලතාවයෙන් කොටසක් අවශෝෂණය කර ගන්නා නමුත් අනෙක් අතට මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමද සිදු කරමින් සිටින නිසා නැවතත් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යනවා. ජනවාරි මාසය තුළ රටේ නිල සංචිත තව දුරටත් ඉහළ යාම මගින් හා ඩොලරයක මිල පහත යාමෙන් පෙන්නුම් කරන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටින බවයි.
රජයේ ණය ගැනීම් සීමා වෙද්දී බැංකු පද්ධතිය තුළ ඉතිරි වන අතිරික්ත රුපියල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය ලෙස දීමට බැංකු වලට සිදු වෙනවා. මෙහිදී ණය සැපයුම පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉක්මවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ණය පොලී පහත වැටීමක්ද සිදු වෙමින් පවතිනවා.
Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-3221129106341750825.post-41823750528598261022024-02-06T15:39:00.004-05:002024-02-06T16:20:53.932-05:00ආන්තික පිරිවැය හා ආන්තික උපයෝගීතාවය
ආර්ථික විද්‍යා විශ්ලේෂණයක් ගොඩක් වෙලාවට ආන්තික විශ්ලේෂණයක්. බොහොමයක් ආර්ථික විද්‍යා විශ්ලේෂණ වල ආන්තික උපයෝගීතාවය, ආන්තික පිරිවැය, ආන්තික ඵලදායීතාවය වගේ දේවල් ගැන කතා කරනවා. නූතන ආර්ථික විද්‍යා විෂය වෙනම විෂයයක් විදිහට ගොඩ නැගෙන්නේම ආන්තික විශ්ලේෂණ ගැන අදහස් වැඩි දියුණු වෙද්දී කියා කියන්න පුළුවන්.
ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අය ජීවත් වූ කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාව කියා විෂයයක් තිබුණේ නැහැ. විෂය අද තිබෙන එම විෂය හා සම්බන්ධ කළ හැකි තරමට වැඩි දියුණු වුනේ ඊට බොහෝ පසු කාලයකදීයි. ඒ නිසා, නූතන ආර්ථිකයක් ඒ කාලයේ චින්තකයින් විසින් ලියා ඇති දේ ඇසුරෙන් නිවැරදිව විග්රහ කරන්න හෝ තේරුම් ගන්න බැහැ. නමුත් ආර්ථික විද්‍යා විෂය ගොඩ නැංවුණු ආකාරය ගැන උනන්දුවක් දක්වන අයට ඒ කාලයේ ලියැවී තිබෙන ඓතිහාසික ලේඛන වැදගත් වෙන්න පුළුවන්.
වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය කියන්නේ ආන්තික න්‍යාය පුළුල් ලෙස පිළිගැනීමට ලක් වෙන්න පෙර එයට විකල්පයක් ලෙස යෝජනා වී තිබුණු න්‍යායයක්. මාක්ස්ගේ විශ්ලේෂණ ඉදිරියට යන්නේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය මත පදනම්වයි. දැනටත් මෙම න්‍යාය වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් ඉන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත.
තමළු මලිත්ත පියදිගම විසින් ලියා තිබෙන "මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්" පොත මේ දවස් වල ගොඩක් කතාබහට ලක් වන, ඒ වගේම සීඝ්රයෙන් විකිණෙන පොතක්. පොත කියවා නැති නිසා එහි අන්තර්ගතය සම්බන්ධ විස්තරාත්මක දේවල් දන්නේ නැතත් මාතෘකාවෙන්, වත්පොතේ දැකිය හැකි තමළුගේ හඳුන්වා දීම් වලින් සහ වෙනත් අයගේ විචාර වලින් අන්තර්ගතය ගැන යම් අදහසක් ගන්න පුළුවන්.
ග්රන්ථ ප්‍රකාශකයින් විසින් රුපියල් 750කට මිල කර තිබෙන මෙම පොත 20%ක වට්ටමක් එක්ක රුපියල් 600ක මුදලකට මිල දී ගන්න පුළුවන්. මම හිතන්නේ මුලින්ම 25%ක වට්ටමක් ලබා දී තිබුණා. 20% වට්ටම තවමත් තිබෙනවා.
ආන්තික පිරිවැය කියන්නේ කිසියම් භාණ්ඩයක තවත් එක් අමතර ඒකකයක් මිල දී ගැනීම සඳහා වැය වන පිරිවැය. උදාහරණයක් විදිහට තමළුගේ පොතේ පිටපත් 10ක් ගන්න රුපියල් 6000ක මුදලකුත්, පිටපත් 11ක් ගන්න රුපියල් 6600ක මුදලකුත් වැය වනවා. ඒ අනුව, එකොළොස්වන පොත මිල දී ගැනීම සඳහා දරන්න වන ආන්තික පිරිවැය රුපියල් 600ක්.
ආන්තික පිරිවැය කියන සංකල්පයට අමතරව ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය පිරිවැය කියා සංකල්පයකුත් තිබෙනවා. එයින් අදහස් කරන්නේ මුළු පිරිවැය මිල දී ගන්නා ඒකක ගණනින් බෙදූ විට ලැබෙන අගය. රුපියල් 6600/11 = 600 නිසා තමලුගේ පොතේ පිටපත් 11ක සාමාන්‍ය පිරිවැයද රුපියල් 600ක්.
ඉහත උදාහරණයේදී ආන්තික පිරිවැය = සාමාන්‍ය පිරිවැය = මිල වුනත් මෙය සාධාරණ නිරීක්ෂණයක් නෙමෙයි. ඔය අගයයන් තුනම එකිනෙකට සමාන වෙන්නේ පිරිවැය හා ඒකක ගණන අතර රේඛීය සම්බන්ධයක් ඇති විටෙක පමණයි. සාධාරණ වශයෙන් එය එසේ වෙන්නේ නැහැ.
කවුරු හෝ කෙනෙක් රුපියල් 600ක මුදලක් ගෙවා තමලුගේ පොතේ පිටපතක් මිල දී ගන්නේ ඇයි?
ආර්ථික විද්‍යාව අනුව කෙනෙක් එහෙම කරනවානම් කරන්නේ එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා වැඩි නිසා. ඒ කියන්නේ පොතක් මිල දී ගැනීමෙන් තමන්ට ලැබෙන තෘප්තියේ මුදල් සාම්‍ය අගය. පොත ගැනත්, එහි මිල ගැනත් දැනගෙන, එය මිල දී ගැනීමේ අවස්ථාව තිබියදී යමෙක් එසේ නොකරන්නේ එසේ කිරීමෙන් තමන්ට ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා අඩු නිසා.
රුපියල් 600ක් ගෙවා තමළුගේ පොත මිල දී ගන්නා කෙනෙක් ඒ හරහා ලබා ගන්නා ආන්තික උපයෝගීතාවය හරියටම රුපියල් 600ක් හෝ ඊට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. එය අපිට හරියටම දැන ගන්න බැහැ. දැනගන්න පුළුවන් එකම දෙය ආන්තික උපයෝගීතාවය අවම වශයෙන් රුපියල් 600ක් කියන එක පමණයි. එහෙම නැත්නම් රුපියල් 600කට අඩු ආන්තික උපයෝගීතාවයක් වෙනුවෙන් රුපියල් 600ක් නැති කර ගන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ.
අපි හිතමු මේ පොත 20% හෝ 25% වට්ටම නැතිව එහි මුද්‍රිත මිල වන රුපියල් 750 බැගින් විකිණුවා කියලා. එහෙමනම් පොත මිල දී ගන්නේ එයින් අවම වශයෙන් රුපියල් 750ක ආන්තික උපයෝගීතාවයක් ලැබිය හැකි අය පමණයි. අපි හිතමු ඊට පස්සේ එක පාරටම 20% වට්ටම දුන්නා කියලා. දැන් කලින් රුපියල් 750 ගෙවා පොත මිල දී නොගත් යම් පිරිසක් පොත මිල දී ගන්නවා. එයින් අදහස් වන්නේ ඒ අයගේ ආන්තික උපයෝගීතාවය රුපියල් 600 සහ රුපියල් 750 අතර බවයි. මොකද ආන්තික උපයෝගීතාවය රුපියල් 750ට වඩා වැඩිනම් කලින්ම පොත ගන්නවා. එම අගය රුපියල් 600ට වඩා අඩුනම් පසුව වුවත් පොත මිල දී ගන්නේ නැහැ.
ඉහත උදාහරණයෙන් පැහැදිලි කළ පරිදි තමළුගේ පොතේ වටිනාකම එය මිල දී ගන්නා පාරිභෝගිකයාට සාපේක්ෂ දෙයක්. එයට ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය හෝ යෙදවූ ශ්‍රමය, එහෙමත් නැත්නම් "සමාජයීයව අවශ්‍ය ශ්‍රමය" කොපමණද කියන එක අදාළ නැහැ.
පොතේ වටිනාකම කියා කියන්නේ එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව එහි ආන්තික උපයෝගීතාවය. මෙම අගය සහ පොතේ මිල අතර වෙනසට ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියනවා. පාරිභෝගික අතිරික්තය ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු විසින් ලබන වාසියක්. උදාහරණයක් විදිහට උපරිම වශයෙන් රුපියල් 2000ක මුදලකට මෙම පොත මිල දී ගන්න සූදානමෙන් ඉන්න පාරිභෝගිකයෙකුට රුපියල් 600කට පොත මිල දී ගැනීමේ අවස්ථාව ලැබුණු විට රුපියල් 1400ක පාරිභෝගික අතිරික්තයක් ලැබෙනවා.
තමළුගේ පොතේ එක් පිටපතක් මිල දී ගත් පාරිභෝගිකයෙකුට එහි ආන්තික උපයෝගීතාවය කොපමණද? බොහෝ විට ශුන්‍යයට ආසන්නයි. ඒක පොතක් වගේ දෙයකින් ලැබෙන උපයෝගීතාවයේ ස්වභාවය. ඒ නිසා, පොතේ පළමු පිටපත මිල දී ගන්න රුපියල් 2000ක් වුනත් පැකිලීමක් නැතුව වියදම් කරන කෙනෙක් රුපියල් 100කට දුන්නත් බොහෝ විට එහි දෙවන පිටපතක් මිල දී ගන්න එකක් නැහැ.
පොතක් වගේ දෙයක උපයෝගීතාවය බොහෝ විට තිබෙන්නේ තමන් මිල දී ගන්නා පළමු පිටපතේ පමණයි. චිත්‍රපටයක් බලන එක වගේ දෙයක් වුනත් එහෙමයි. එකම චිත්‍රපටය දෙවරක් බලන අය ඉන්නේ ඉතා අඩුවෙන්. නමුත් අඹ, රඹුටන් වගේ පළතුරක් ගත්තොත් එහි දෙවන, තුන් වන ඒකක වලත් යම් ආන්තික උපයෝගීතාවයක් තිබෙනවා. හැබැයි වැඩි වැඩියෙන් මිල දී ගනිද්දී ආන්තික උපයෝගීතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. පාර අයිනේ කඩේකින් රඹුටන් මිල දී ගන්න කෙනෙක් රඹුටන් කන එක නවත්වන්නේ එහි ආන්තික උපයෝගීතාවය මිලට වඩා අඩු වෙලා පාරිභෝගික අතිරික්තය සෘණ පැත්තට යන සීමාවට ආවට පස්සේ.
පොතක පිටපත් දෙකක් භෞතිකව සමාන වුවත්, ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය සමාන වුවත්, යොදවා තිබෙන "සමාජයීයව අවශ්‍ය ශ්‍රම කාලය" සමාන වුවත්, පාරිභෝගිකයින් දෙදෙනෙකුට එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය සමාන වෙන්නේ නැහැ. එකම පාරිභෝගිකයෙකුට වුනත් පළමු පිටපතෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය දෙවන පිටපතෙන් ලැබෙන්නේ නැහැ.
පාරිභෝගිකයෙකුගේ පැත්තෙන්, රුපියල් 600ක් කියා කියන්නේ තමළුගේ පොත වගේ පොතකට ගොඩක් හොඳ මිලක්. ඇමරිකාවේ ඉඳලා මේ මිල දිහා බැලුවොත් ඩොලර් දෙකකටත් වඩා අඩුයි. ගොඩක් දියුණු වෙළඳපොළ යාන්ත්රනයක් තිබෙන ඇමරිකාවේ ඩොලර් ශතයකට වුනත් හොඳ පොත් මිල දී ගන්න අවස්ථා තිබුණත් [1], අලුතෙන් නිකුත් කළ මේ වගේ පොතක් ඩොලර් දෙකකට ගන්න පුළුවන්නම්, මම වගේ කෙනෙකුට එහි සැලකිය යුතු පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා.
[1] https://economatta.blogspot.com/2016/01/blog-post.html
හැබැයි තමළුගේ පොත රුපියල් 600කට මිල දී ගන්නනම් ලංකාවේ පොත් කඩයකටම යන්න වෙනවා. ඇමරිකාවේ පොත් කඩවල ඔය පොත නැහැ. ග්රන්ථ සමාගම ඩීඑච්එල් හරහා ඇමරිකාවට පොත එවන නමුත් ඒ සඳහා රුපියල් 10,032.70ක ගාස්තුවක් අය කරනවා. එවිට ඩොලර් දෙකකට වඩා අඩුවෙන් විකුණන පොත මිල දී ගන්න ඩොලර් 34කටත් වඩා මුදලක් වැය වෙලා. ඇමරිකන් ඩොලර් 34ක් කියා කියන්නේ, මට සාපේක්ෂව, ඔය වගේ පොතක් වෙනුවෙන් වැඩි මිලක්. පොතේ පිටපතකින් මට එපමණ පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න අමාරුයි. යුරෝපයේ ජීවත් වන කෙනෙකුත් මීට කිට්ටු දෙයක් සටහන් කරලා තිබෙනවා දැක්කා.
අන්තර්ගතය පැත්තකින් තියලා තමළුගේ පොතේ භෞතික ලක්ෂණ දිහා බැලුවොත් මෙය පිටු 147ක පොඩි පොතක්. ඔය ප්‍රමාණයේ පොතක් සාමාන්‍යයෙන් ඇමරිකාවේ විකිණෙන්නේ ඩොලර් හය හතකට කියලයි මම හිතන්නේ. එහෙම බැලුවත් ඩොලර් 34ක් කියා කියන්නේ අධික මිලක්. හැබැයි ඔය මිල ගෙවා පොත ඇමරිකාවට ගෙන්වා ගන්න අය ඇති. මොකද එය එක් එක් පාරිභෝගිකයාගේ ආන්තික උපයෝගීතාවය පිළිබඳ කරුණක්.
අපි හිතමු කවුරු හෝ කෙනෙක් මේ පොත රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට ගෙන්වා ගන්නවා කියලා. එහෙම අය ඉන්න පුළුවන්නේ. ඒ කියන්නේ පොත වෙනුවෙන් රුපියල් 10,632.70ක පිරිවැයක් දරන්න වෙනවා. එයින් ඊට වඩා වැඩි ආන්තික උපයෝගීතාවයක් ලැබෙනවා.
ඔය විදිහට රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට තමළුගේ පොතේ පිටපතක් ගෙන්වා ගන්නා අයෙකුට ඒ එක්කම එහි දෙවන පිටපතකුත් ගෙන්වා ගන්න පුළුවන්. එසේ කළා කියලා ඩීඑච්එල් ගාස්තුව වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව, පළමු පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 10,632.70ක් වුනත් දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණයි. නමුත් ගොඩක් වෙලාවට මේ පොත ගෙන්වා ගන්න කෙනෙක් එහි පිටපත් දෙකක් ගෙන්වා ගන්නේ නැහැ. මොකද පළමු පිටපතේ ආන්තික උපයෝගීතාවය රුපියල් 10,632.70 ඉක්මවන කෙනෙකුට වුනත් දෙවන පිටපතේ ආන්තික උපයෝගීතාවය බොහෝ විට රුපියල් 600ට වඩා අඩුයි.
අපි හිතමු ඇමරිකාවේ ඉන්න කෙනෙකුට තමලුගේ පිටපතේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34ක් වෙන්නේ නැහැ කියලා. නමුත් එය ඩොලර් 20ක් පමණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙන්නෙක්ට එකතු වුනොත්, රුපියල් 11,322.70කට පිටපත් දෙකක් ගෙන්වා ගන්න පුළුවන්. එවිට පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 5,616.35 දක්වා පහත වැටෙනවා. ඩොලර් 18ක් පමණ.
තමන්ගේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34 ඉක්මවන කෙනකුට වුනත් ඔය වැඩේ කරන්න පුළුවන්. දෙවන පිටපත ඩොලර් 10කට කාට හෝ විකිණුවත් තමන්ට ඩොලර් 8ක ලාබයක් වෙලා. පොත් දෙකක් වෙනුවට තුනක්ම ගෙන්වා ගත්තොත් මීටත් වඩා වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න බැරිද?
පිටපත් ගණන දෙකක් වෙද්දී ඩීඑච්එල් ගාස්තුව වෙනස් නොවුනත් තුනක් වෙද්දී එය රුපියල් 11,562 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 1,529.30කින් වැඩි වෙනවා. ඒ නිසා, දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණක් වුනත්, තුන්වන පිටපතක ආන්තික පිරිවැය රුපියල් 2,129.30ක්. දෙවන පිටපත ඩොලර් දෙකකට විකිනුවත් එහි ලාබයක් තිබෙනවා. නමුත් තුන්වන පිටපතෙන් පාඩුවක් නොවෙන්නනම් එය ඩොලර් හතකට පමණ විකුනන්න වෙනවා. කොහොම වුනත් පොත් තුනක් එක වර ඇණවුම් කළොත් එක් පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 4,454 දක්වා අඩු වෙනවා.
එක වර පිටපත් වැඩි ගණනක් ඇණවුම් කරන තරමට පොතේ පිටපතක සාමාන්‍ය පිරිවැය තව තව අඩු වෙනවා. මෙහි කාට හෝ ප්‍රයෝජනයට ගත හැකි ව්‍යාපාරික අවස්ථාවක් නැද්ද?
තමලුගේ පොත ඇමරිකාවට ගේන්න යන ඩීඑච්එල් ගාස්තු සැලකූ විට, මගේ අදහස අනුව, පිරිවැය අවම වීම කෙසේ වුවත්, ප්රශස්ත මට්ටමකට එන්නේ එකවර පිටපත් 12ක් ඇනවුම් කළොත්. එවිට සාමාන්‍ය පිරිවැය රුපියල් 2001.86 දක්වා අඩු වෙනවා. රුපියල් දෙදහසක් කියන්නේ ලංකාවේදී වුනත් පොතකට නරකම නැති මිලක්. ඩොලර් වලින්නම් හයක් හතක් වගේ.
පිටපත් ගණන තවත් ඉහළ යද්දී ඉහත සාමාන්‍ය පිරිවැය තව දුරටත් පහළ යන නමුත් එසේ පහළ යන්නේ හෙමින්. අනෙක් අතට විකිණිය යුතු පිටපත් ගණන ඉහළ යද්දී පාරිභෝගිකයින් සොයා ගත නොහැකි වීමේ අවදානමත් වැඩි වෙනවා. පොතේ පිටපත් දොළහක් වගේ ගණනක්නම් වැඩි අපහසුවක් නැතිව ඇමරිකාව ඇතුළේ විකුණගන්න පුළුවන් වෙයි.
ඉහත විග්‍රහය තමළුගේ පොතට වගේම ලංකාවේ පළ කරන වෙනත් පොත් වලටත් එලෙසම යොදා ගන්න පුළුවන්. ඩීඑච්එල් ගාස්තු වලට පොත කුමක්ද කියන එක අදාළ නැහැ. ඒ වගේම, ආසන්න මිලක් හා බරක් තිබෙන පොත් දෙකකින් හෝ වැඩි ගණනකින් පිටපත් දොළහක් වගේ එකතු කළත් මේ කතාව වලංගුයි.
ග්රන්ථ සමාගමට ඇමරිකාවේ ජීවත් වන කෙනෙක්ව සම්බන්ධ කර ගත්තානම් තමළුගේ පොත වගේ පොතක් ඩොලර් දහයකට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක හිමිකරුවන්ගේ ඇමරිකාවේ ඉන්න පවුලේ සාමාජිකයෙක් ඔය වැඩේ කරනවා.
Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-3221129106341750825.post-17789588587482491552024-02-05T23:02:00.000-05:002024-02-05T23:02:20.419-05:00ඇමරිකාවේ තෙල් මිල හැදෙන හැටි
වෙනත් ඕනෑම භාණ්ඩයක මිල වගේම ඉන්ධන වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න සිදු වන මිලද තීරණය වෙන්නේ අදියර කිහිපයකින් අගය එකතු වෙලා. එම අගය එකතු වීම පහත ආකාරයෙන් විස්තර කළ හැකියි.
බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය -> පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය -> බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය -> රජයට ගෙවිය යුතු බදු
ලංකාවේ "මිල සූත්‍රය" පිළියෙල කර තිබෙන්නේද අදියරෙන් අදියර සිදු වන මෙම අගය එකතු කිරීම මත පදනම්වයි. ඒ හැර, එම මිල සූත්‍රය පිළිබඳ වැඩි විස්තර මා දන්නේ නැහැ.
ඇමරිකාවේ ලංකාවේ මෙන් මිල සූත්‍ර ක්‍රමයක් නැතත්, අදියරෙන් අදියර සිදු වන අගය එකතු වීම පිළිබඳ දත්ත මත පදනම්ව ඇමරිකාවේ බලශක්ති තොරතුරු පාලනාධිකාරිය විසින් ඉහත සටහන් පිළියෙල කර තිබෙනවා. පළමු සටහන 2013-2022 කාලයේ සාමාන්‍ය අගයයන් මත පදනම්ව. දෙවැන්න 2022 දත්ත මත පදනම්ව.
ඉහත ගණන් තිබෙන්නේ ඉන්ධන ගැලුමක ඇමරිකන් ඩොලර් මිල මත පදනම්වයි. මෙය කියවන පාඨකයින් ගැලුම් වලට හා ඇමරිකන් ඩොලර් වලට එතරම් සංවේදී නැති නිසා, ඇමරිකාවේ මිල ගණන් රුපියල් වලට හා ලීටර වලට හැරවූ පසු ඇමරිකාවේ ඉන්ධන ලීටරයක මිල සකස් වෙන්නේ පහත ආකාරයටයි.
මෙම ගණනයේදී මා විසින් අද විණිමය අනුපාතය මත පදනම්ව ඩොලරයක මිල රුපියල් 312.24 ලෙස සලකනවා. එමෙන්ම, ඉන්ධන ගැලුමක මිල පසුගිය සතියේ ඇමරිකාවේ සාමාන්‍ය මිල වූ ඩොලර් 3.062 ලෙස සලකනවා. එම මිල 2022 මිලට වඩා අඩු, එහෙත් 2013-2022 සාමාන්‍ය මිලට වඩා වැඩි අගයක්. අගය එකතු වීම ගණනය කිරීම සඳහා 2022 ප්‍රතිශත යොදා ගන්නවා.
බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය = රුපියල් 144.22 (57.1%)
පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය = රුපියල් 44.70 (17.7%)
බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය = රුපියල් 31.32 (12.4%)
රජයට ගෙවිය යුතු බදු = රුපියල් 32.33 (12.8%)
පාරිභෝගිකයා ගෙවන මිල = රුපියල් 252.57
ඇමරිකාවේ වෙළඳපොළ තරඟය නිසා ඉහත දෙවන හා තෙවන කොටස් සෑහෙන තරම් අඩු මට්ටමකයි තියෙන්නේ. එහෙත්, පළමු කොටස තීරණය වන්නේ ලෝක මට්ටමේදී. එහිදී ඔපෙක් වැනි ඒකාධිකාර විසින් මිල කෙරෙහි විශාල බලපෑමක් කරනවා.
Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-3221129106341750825.post-71394295029127573662024-02-03T21:37:00.002-05:002024-02-03T21:52:34.573-05:00අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?
පසුගිය ලිපියට ලැබුණු විවිධ ප්‍රතිචාර අතර පැහැදිලි කිරීම් අවශ්‍ය වන විචේචන කිහිපයක්ද තිබුණා. එක් අයෙකු යෝජනා කර තිබුණේ කිව යුතු දෙය සාරාංශ කර කෙටියෙන් කිව යුතු බවයි. මෙය වරින් වර විවිධ අය අපට යෝජනා කරන දෙයක්. බොහෝ අය මේ යෝජනාව කරන්නේ යහපත් චේතනාවකින් සහ අප ලියන දේ වැඩි පිරිසක් වෙත යා යුතුය යන අරමුණින්.
සාමාන්‍යයෙන් වත්පොතේ සටහන් කියවන බොහෝ අය දිග "හෑලි" කියවන්න කැමති නැහැ. ගොඩක් අය කැමති "වොයිස් කට්" ආකෘතියට. ඒ ආකෘතියේ දේවල් කියන අය වත්පොතේ වගේම වත්පොතෙන් බැහැර බාහිර සමාජයේද ඕනෑ තරම් ඉන්නවා.
අප මුල සිටම උත්සාහ කළේත්, උත්සාහ කරන්නේත්, "වොයිස් කට්" මත පදනම්ව තීන්දු තීරණ ගන්නා සමාජය තුළ ඊට වඩා විමසිලිමත්ව කියවා බලා, කාලය වැය කර කරුණු සොයා බලා, තීන්දු තීරණ ගැනීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්නයි. අනෙක් අයගේ සටහන් කෙසේ වුවත් අප ලියන සටහන් අතරින් වැඩි දෙනෙකු බෙදා හදා ගන්නේද විස්තරාත්මක පැහැදිලි කිරීම් ඇති ඒවායි. එය සතුටට කරුණක්.
පසුගිය ලිපියෙන් විස්තර කළ ප්‍රධානම දෙය එම ලිපියේම තිබෙන පහත ඡේදය තුළ කෙටියෙන් කියැවෙනවා.
"වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා."
ඔබ පෙර ලිපිය නොකියැවූ අයෙකුනම් සහ ඔය ටික දැනගැනීම හොඳටම ප්‍රමාණවත්නම්, මෙතැනින් නවතින්න. ඔය ටික පැහැදිලි නැත්නම් පෙර ලිපිය කියවන්න. පෙර ලිපිය කියැවීමෙන් පසුවද ඔය ටික පැහැදිලි නැත්නම් එම ලිපිය නැවත හෙමිහිට කියවන්න. අවශ්‍යනම් එහි තිබෙන ගණනය කිරීම් ඔබ විසින්ම කර බලන්න.
ඉහත ඡේදයෙහි උපුටා දක්වා ඇති කොටස විස්තරාත්මක ලෙස පැහැදිලි කළේ වෙළඳපොළ නිදහස බොහෝ දුරට තහවුරුව ඇති රටවල වුවද බොහෝ විට තරඟකාරී වෙළඳපොලවල් හැදෙන්නේ නැති බවත්, කතිපයාධිකර හැදෙන බවටත් සිදු කෙරෙන විවේචනය නිසා. මේ කියන දෙය කරුණක් ලෙස ඇත්ත. එහෙම වෙන්නේ කවර තත්ත්වයන් යටතේද කියන එක පෙර ලිපියෙහි පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය වෙනස් කළ යුතු දෙයක් හෝ විකෘතියක් නොවන බවද එහි පෙන්වා දී තිබෙනවා.
පෙර ලිපියේ කරුණු වලට එරෙහිව ඉදිරිපත්ව තිබුණු තරමක් බරපතල සහ සාධනීය විවේචනයක් වූයේ එහි සඳහන්ව තිබුණු දේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට වලංගු නොවන බවයි. මෙය යම් පදනමක් තිබෙන විවේචනයක්. ඒ නිසාම, පැහැදිලි කිරීමක් අවශ්‍ය වන විවේචනයක්.
අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?
මම අපගේ විවේචකයෙකුගේ ප්‍රතිචාරයක් මෙහි උපුටා දමන්නම්.
"මේ ලිපිය අදාල වෙන්නෙ නම්ය භාණ්ඩ (අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ) වලට විතරයි. අනම්‍ය (අත්‍යාවශ්‍ය භාණ්ඩ) වල මිල ඉහල දැම්ම කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ඉන්ධන. තෙල් මිල ටිකක් වැඩි කලා කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. වෙන්නෙ අත්‍යාවශ්‍ය නොවන වියදම් අඩුවෙන එක. ඒ කියන්නෙ තෙල් ගහල ගමන් ගියාම යන ගමන් තේ එකක් බොන එක නතර කරනව. අද පාරෙ බැලුවොත් කඩ ගොඩක් වැහිල තියෙන්නෙ ඒකයි. ලංකාවෙ ඉන්ධන මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ කොච්චරද කියනවනම් අත්‍යාවශ්‍ය භාණ්ඩත් ඉල්ලුම අඩු වෙන තරමටම. ඒකෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙන තරමටම..."
මෙහි නිවැරදිව සඳහන් කර ඇති පරිදි, මිල ඉහළ යද්දී ඉල්ලුම එතරම් අඩු නොවේනම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම විශාල ලෙස අඩු වේනම් එය නම්ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම කිසිසේත්ම අඩු නොවේනම් එය පූර්ණ අනම්‍ය (පූර්ණ අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ අර්ථ දක්වනවා. එහෙත්, එවැනි පූර්ණ අප්‍රත්‍යස්ථ ඉල්ලුම් ඇති භාණ්ඩ නැති තරම්. ප්‍රායෝගිකව කොයි තරම් "අත්‍යාවශ්‍ය" භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම වුවද මිල ඉහළ යද්දී යම් තරමකින් හෝ අඩු වෙනවා.
භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම අඩු වන්නේ 1%කට වඩා අඩුවෙන්නම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. ඉල්ලුම හරියටම 1%කින් අඩු වේනම් එය ඒකක නම්ය (ඒකක ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත්, ඊට වඩා වැඩියෙන් අඩු වේනම් එය නම්ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. සාමාන්‍යයෙන් අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් තිබෙන්නේ අත්‍යවශ්‍ය සේ සැලකෙන භාණ්ඩ වලටයි. මූලික ආහාර හා ඉන්ධන ආදිය බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ සේ සැලකෙනවා.
කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම කොයි තරම් ප්‍රත්‍යස්ථද යන්න එහි ප්‍රත්‍යස්ථතා සංගුණකය ඇසුරෙන් පෙන්විය හැකියි. අවකලනය යොදා නොගෙන සරල ලෙස අර්ථ දැක්වුවහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය යනු භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම කවර ප්‍රතිශතයකින් ඉහළ යන්නේද යන්නයි.
ගණිතය හදාරා ඇති අය සඳහා මෙය වඩා නිවැරදිව, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයේත් මිල හා ඉල්ලුම අතර අනුපාතයේත් ගුණිතය ලෙස අර්ථදැක්විය හැකියි.
ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයෙන් අදහස් වන්නේ අනෙකුත් සාධක සියල්ල නොවෙනස්ව ඇති තත්ත්වයන් යටතේදී මිලෙහි සිදුවන ඉතා කුඩා (සීමාව ශුන්‍යය දක්වා යන) වෙනස් වීමකදී ඉල්ලුම කොපමණ වෙනස් වේද යන්නයි. මිල ඉහළ යද්දී සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සුළු වශයෙන් හෝ පහළ යන නිසා මෙම පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක්.
මිල සහ ඉල්ලුම හැම විටම ධන අගයන් නිසාත්, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් නිසාත්, ඉහත අර්ථදක්වා ඇති ප්‍රත්‍යස්ථතා සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් වුවත් මෙය කවුරුත් දන්නා දෙයක් නිසා බොහෝ විට පහසුවට සෘණ ලකුණ ගැන නොසලකා සංගුණකයේ මාපාංකය ගැන පමණක් කතා කරනවා.
ප්‍රත්‍යස්ථතාව ඇසුරෙන් කතා කළහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය 0-1 අතරනම් (සෘණ ලකුණ නොසලකා) එය අප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත්, 1 ඉක්මවන්නේනම් ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා.
භාණ්ඩයක ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඇස්තමේන්තු කළ හැකි දෙයක් වුවත් එය ලියුම් කවරයක පිට පැත්තේ කළ හැකි ගණනය කිරීමක් නෙමෙයි. විශාල ශ්‍රමයක් හා පුහුණුවක් අවශ්‍ය වැඩක්. ඊට හේතුව, මිල සහ ඉල්ලුම වෙනස් වෙද්දී ප්‍රායෝගිකව තවත් බොහෝ සාධක වෙනස් වන නිසා එම සාධක වලින් මිල කෙරෙහි වන බලපෑම් ඉවත් කිරීම පහසු කාර්යයයක් නොවීමයි.
උදාහරණයක් ලෙස එකවර ඉන්ධන මිල දෙගුණ වුනා කියා සිතමු. මීට සමාන්තරව අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද දෙගුණ වී ඇත්නම් ඉන්ධන සඳහා වන ඉල්ලුමෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා දිගුකාලීනව සිදු වන්නේ මෙවැන්නක්. නාමික මිල ගණන් ඉහළ ගියත්, මූර්ත වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ වගේම, ඉන්ධන මිල දෙගුණ වෙද්දී අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද හතර ගුණයක් වුවහොත් සිදු වන්නේ ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වීම නොව වැඩි වීමයි.
භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ සාපේක්ෂ මිල වෙනස් වීමයි. මීට අමතරව ආදායම වෙනස් වීම, ජනගහණය වැඩි වීම, ආදේශක හා අනුපූරක වල මිල වෙනස් වීම් වැනි තවත් විවිධ හේතු නිසා භාණ්ඩයක මිල වෙනස් වෙනවා. ප්‍රත්‍යස්ථතාව ගණනය කළ හැක්කේ මෙම සියලුම බලපෑම් නිවැරදිව හඳුනාගෙන එම බලපෑම් ඉවත් කිරීමෙන් පසුවයි.
හාවඩ් සරසවියේ වෙබ් අඩවියේ ඇති සටහනකට [1] අනුව, භාණ්ඩ හා සේවා කිහිපයක ප්‍රත්‍යස්ථතාව මෙසේයි.
[1] https://scholar.harvard.edu/files/alada/files/price_elasticity_of_demand_handout.pdf
ලුණු - 0.1
ගැසොලින් - 0.2
කෝපි - 0.25
වෛද්‍ය සේවා - 0.6
චිත්‍රපට - 0.9
පෞද්ගලික අධ්‍යාපනය - 1.1
අලුත් ග්‍රීන්පීස් - 2.8
අලුත් තක්කාලි - 4.6
මෙම ඇස්තමේන්තු අනුව, ලුණු, ගැසොලින් හා කෝපි සඳහා තිබෙන්නේ අප්‍රත්‍යස්ථ ඉල්ලුමක්. චිත්‍රපට හා පෞද්ගලික අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඒකක ප්‍රත්‍යස්ථ ඉල්ලුමකට ආසන්නයි. අලුත් ග්‍රීන්පීස්, අලුත් තක්කාලි ආදිය සදහා තිබෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක්.
සාමාන්‍යයෙන් ලුණු වැනි ආදායමට සාපේක්ෂව අඩු මුදලක් වැය කරන්නට සිදු වන දේවල්, කෝපි වැනි ඇබ්බැහිකාරක හා ගැසොලින් වැනි අත්‍යාවශ්‍ය දේවල් වල සඳහා වන ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්. අලුත් තක්කාලි වැනි ආදේශක තිබෙන දේවල් සඳහා තිබෙන්නේ නම්ය ඉල්ලුමක්.
කෙසේ වුවත්, "අත්‍යාවශ්‍ය භාණ්ඩ" කියන එක සාපේක්ෂ අදහසක්. අත්‍යාවශ්‍ය දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද වෙනස් වෙනවා. පොදු ප්‍රවාහන පහසුකම් ඉතාම අඩු ඇමරිකාවේ පෞද්ගලික වාහනයක් කියන්නේ නැතිවම බැරි දෙයක්. එහෙත්, පොදු ප්‍රවාහනය වඩා හොඳ මට්ටමක ඇති රටක තත්ත්වය වෙනස්.
කෙනෙකුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව ආදායම් මට්ටම අනුවද සීමා වෙනවා. ඇමරිකානුවෙකුගේ ආදායමෙන් ආහාර සඳහා වැය කළ යුත්තේ 15%ක පමණ කොටසක්. ඒ නිසා, මිල තරමක් ඉහළ ගියත් ආහාර ඉල්ලුම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත් ලංකාව වැනි රටක කුකුළු මස් මෙන්ම බිත්තර වැනි දෙයක් පවා බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය නොවන "සුඛෝපභෝගී" භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඉහත සඳහන් ප්‍රත්‍යස්ථතා සංගුණක සෑම රටකටම පොදු අගයයන් නෙමෙයි.
ඉන්ධන මිල ඉහළ යද්දී ලංකාවේ ඉන්ධන ඉල්ලුම අඩු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් තිබෙන පහළ මධ්‍යම පාන්තිකයින් කිහිප දෙනෙක්ට කතා කළොත් එය එසේ වී ඇති බව තහවුරු කරගන්න අමාරු වෙන එකක් නැහැ.
මිල ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු නොකර එලෙසම පවත්වා ගනිමින් ඒ හිලවුවට කන බොන දේවල් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය දේවල් සීමා කරනවා කියන එක විහිළු කතාවක්. හැබැයි මම පෞද්ගලිකව සමීක්ෂණයක් කරලානම් නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ නිසාම, ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යද්දී ඉල්ලුම කොයි තරම් අඩු වෙනවද කියන එක ගැන මට හරියටම කියන්න බැහැ. එහෙත් එයින් අදහස් වන්නේ මේ වෙළඳපොළේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඕනෑම අගයක් විය හැකියි කියන එක නෙමෙයි. වෙනත් තැන් වල දත්ත යොදා ගෙන සිදු කර තිබෙන ඇස්තමේන්තු ඇසුරෙන් මේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.
මගේ පෙර ලිපිය සමඟ ඉදිරිපත් කර තිබෙන පැහැදිලි කිරීමේ පහසුව සඳහා යොදාගත් උදාහරණයේ දත්ත අනුව එය සැසඳෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ඇති භාණ්ඩයකටයි. එම උදාහරණයේ මිල රුපියල් 5කින් අඩු වෙද්දී, ඉල්ලුම ඒකක 10කින් අඩු වෙනවා. ඒ අනුව, එහි අවකල සංගුණකය -2ක් වෙනවා. වෙනත් සාධක වෙනස් වී නැති සේ සැලකුවොත් මෙය පාර්ශ්වීය අවකල සංගුණකය ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව, මිල රුපියල් 360 මට්ටමේදී ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය -6ක් (= -2*360/120) වෙනවා. එය සැලකිය යුතු තරමේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවයක්. බොහෝ භාණ්ඩ සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මීට වඩා අඩුයි. ඒ නිසා, ප්‍රතිචාරයේ විවේචනයට පදනමක් තිබෙනවා.
කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම අප්රත්යස්ථනම්, ඒ කියන්නේ එහි ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා අඩුනම්, මිල වැඩි කරද්දී සැපයුම්කරුගේ ආදායම ඉහළ යනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා වැඩිනම් වන්නේ ඕකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. ඒ නිසා, භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම ප්‍රත්‍යස්ථද අප්රත්යස්ථද කියන එකේ පැහැදිලි වෙනසක් තිබෙනවා.
මේක තේරුම් ගන්න අමාරු නැහැ. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය හරියටම 1නම්, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම 1%කින් අඩු වෙනවා. ඒ නිසා, මිල ඉහළ යාමෙන් ආදායම 1%කින් වැඩි වුනත්, ඉල්ලුම 1%කින් අඩු වූ නිසා නැවත ආදායම (ආසන්නව) මුල් මට්ටමටම එනවා. නමුත්, මිල 1%කින් වැඩි කළ විට ඉල්ලුම 5%කින් අඩු වුනොත් අවසාන වශයෙන් (ආසන්නව) 4%කින් පමණ ආදායම අඩු වෙනවා. අනෙක් අතට, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණක්නම්, මිල ඉහළ දැමීම මගින් ආදායම (ආසන්නව) 0.75%කින් වැඩි කර ගන්න පුළුවන්.
එහෙමනම්, ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අඩු භාණ්ඩ වල සැපයුම්කරුවෝ තමන්ගේ ආදායම් හා ඒ මගින් ලාබය වැඩි කර ගැනීම සඳහා දිගින් දිගටම මිල වැඩි නොකරන්නේ ඇයි? මෙවැන්නක් සිදු නොවෙන්නේ තරඟය නිසා. එක් අයෙක් මිල වැඩි කළත් අනෙක් සැපයුම්කරුවෝ මිල වැඩි කළේ නැත්නම් වෙන්නේ මිල වැඩි කළ සැපයුම්කරුගේ ඉල්ලුම නැත්තටම නැති වී යන එකයි.
ඒක හරි කියමුකෝ. නමුත් එහෙම වෙන්නනම් තරඟයක් තිබිය යුතුයිනේ. වෙළඳපොළේ තියෙන්නේ ඒකාධිකාරයක්නම් මොකද වෙන්නේ? පෙර ලිපියට විවේචනය ආවේ ඒකාධිකාර හා අදාළවනේ.
ප්‍රායෝගික ලෝකයට ආවොත් ලෝකයේ ඇතැම් රටවල ඉන්ධන වැනි වෙළඳපොළවල් වල ඒකාධිකාර තිබුණත් ඒවා රාජ්‍ය ඒකාධිකාර මිස ලාබ ලැබීම ඉලක්ක කළ ව්‍යාපාර වල ඒකාධිකාර නෙමෙයි. රජය විසින් වෙළඳපොළ මෙහෙයවන රටවල රාජ්‍ය ඒකාධිකාර තිබෙනවා. එහිදී ඉලක්කය ලාබ පුළුවන් තරම් වැඩි කර ගැනීම නොවන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ. එසේ නොවන රටවල සැපයුම්කරුවන් ගණනාවක් සිටින නිසා සහ ඔවුන් අතර තරඟයක් තිබෙන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ.
ඒකත් හරි කියමුකෝ. ඔහොම කිවුවට ඔය හැම රටකම සැපයුම්කරුවෝ මහා විශාල ගණනක් නැහැනේ. ප්‍රායෝගිකව බොහෝ විට කතිපයාධිකාර දැකිය හැකියි. ඒ නිසා සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කර දිගින් දිගටම මිල ඉහළ දමන්න බැරි නැද්ද?
යම් හෙයකින් සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කළොත් එය ඒකාධිකාරයකින් වෙනස් නොවන නිසා අපි කෙළින්ම ඒකාධිකාරයක් ගැනම සලකා බලමු. උදාහරණයක් විදිහට IOC වගේ තරඟකරුවන් වෙළඳපොළට ඇතුළු වෙන්න කලින් තෙල් සංස්ථාව ගෙඩි පිටින්ම තනි සමාගමකට විකිණුවා කියා හිතමු. ඔන්න දැන් ලාබ ලැබීම අරමුණ කරගත් සමාගමක ඒකාධිකාරයක් තියෙනවා. දැන් මිලට මොකද වෙන්නේ?
තෙල් වල ඉල්ලුම ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් නෙමෙයිනේ. ඒ කතාව හරි. අපි හිතමු ප්‍රත්‍යස්ථතාවය 0.25 පමණ කියලා. ඒ කියන්නේ, සරල ප්‍රකාශයක් ලෙස, මිල 1%කින් ඉහළ දැම්මොත් ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණයි. ඒ අනුව, ආදායම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ නිසා, දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්ද?
ඔය විදිහට දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්නම්, එයින් අදහස් වෙන්නේ වෙළඳපොළ පරිමාවේ සීමාවක් නැහැ කියන එක. නමුත්, වෙළඳපොළ පරිමාවේ සීමාවක් තිබෙනවා. මිල යම් මට්ටමක් දක්වා වැඩි වෙද්දී මිනිස්සු වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය කලින් මට්ටම ආසන්නයේම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. යම් මිල මට්ටමකදී ඉල්ලුම සීමා වෙනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය නම්ය වෙන්න පටන් ගන්නවා.
උඩ ඉදිරිපත් කර තිබෙන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය පෙන්වන ගණිතමය ප්‍රකාශය ඇසුරෙන් වුවත් මෙය පැහැදිලි කරන්න පුළුවන්.
ඉහත ප්‍රකාශයේ පාර්ශ්වීය අවකල සංගණක කොටස නියතයක් සේ සැලකුවොත් මිල ඉහළ යද්දී (P/Q) කොටස එන්න එන්නම වැඩි වෙන නිසා ප්‍රත්‍යස්ථතාව එන්න එන්නම වැඩි වෙනවා. ඊට අමතරව, මිල ඉහළ යද්දී Q ටිකෙන් ටික අඩු වන නිසා ප්‍රත්‍යස්ථතාව තවත් ඉහළ යනවා. ඔහොම වැඩි වෙලා අනම්‍ය ඉල්ලුම අන්තිමට නම්ය ඉල්ලුමක් වෙනවා.
මගේ පෙර ලිපියේ උදාහරණයේ වගේම සාමාන්‍ය මූලික පාඨ ග්රන්ථ උදාහරණ වලත් අවකල සංගණක කොටස නියතයක් වුවත් (ඉල්ලුම් වක්‍රය රේඛීය එකක් වුවත්), ඇත්තටම මේ පාර්ශ්වීය අවකල සංගණක කොටසද නියතයක් නොවන නිසා ඉහත පැහැදිලි කිරීම අසම්පූර්ණ එකක් වුවත්, පාර්ශ්වීය අවකල සංගණක කොටස ටිකෙන් ටික අඩු වෙද්දී වුනත් (P/Q) කොටස ඊට වඩා වේගයෙන් වැඩි වන නිසා අන්තිමට අනම්‍ය ඉල්ලුම නම්ය ඉල්ලුමක් වෙනවා.
හැබැයි ඔය ටික වෙන්න කලින් ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට සෑහෙන තරමක මිල වැඩි කිරීමක් කරන්න පුළුවන්. කලින් ලිපියේ පැහැදිලි කළ දේවල් වඩා වැදගත් හා අදාළ වෙන්නේ එහෙම වෙද්දී. ඔය විදිහට මිල වැඩි කර ගෙන යද්දී ආදායම වැඩි වී ලාබ වැඩි වෙනවා. වෙළඳපොළ නිදහස්නම් ඒ ලාබ දකින තවත් සැපයුම්කරුවෝ වෙළඳපොළට ඇතුළු වෙනවා.
මෙවැනි වෙළඳපොළකට දෙවැන්නෙකු ඇතුළු වූ පමණින් මිල අඩු වන බවට සහතිකයක් නැතත් කලින් එක් සැපයුම්කරුවෙකු විසින් ලබාගත් ලාබය දෙවැන්නෙකු සමඟ බෙදා ගන්න වෙනවා. ප්‍රතිචාරයේ සඳහන් කර ඇති විදිහට මිල විශාල ලෙස වැඩි කළත් ඉල්ලුම එතරම් වැඩි වෙන්නේ නැත්නම් ඔය වෙළඳපොළට තව තවත් සැපයුම්කරුවෝ එනවා. එහෙම ඇවිත් යම් කිසි අවස්ථාවකදී මිල තරඟය පත්තු වෙනවා. එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණු, ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළට පස් වැනියෙකු ආ පසු සිදු වී තිබෙන දෙය මෙයට උදාහරණයක්.
මේ විදිහට මිල තරඟයට බහින්නේ දෙවැන්නාද, හතර වැන්නාද නැත්නම් දහ වැන්නාද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් සැපයුම්කරුවන් වැඩි වෙද්දී යම් අවස්ථාවක ඔය වැඩේ වෙනවා. වෙළඳපොළ නිදහස්නම් මිල තරඟය පත්තු වන තුරු අලුත් සැපයුම්කරුවෝ එනවා. මේ නිසා, පාරිභෝගිකයාට ලබා ගත හැකි හොඳම මිල ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක්ම ඇති වෙන්න අවශ්‍ය නැහැ.
මෙය සිදු නොවන්නේ, ලංකාවේ තෙල් වෙළඳපොළේ මෙන්, අලුත් සැපයුම්කරුවන් පැමිණීමේ ඉඩකඩ රජය විසින් පාලනය කරන්නේනම් පමණයි. එවැනි වෙළඳපොළක් නිදහස් වෙළදපොළක් නෙමෙයි. අපේ පෙර ලිපිය වගේම මේ ලිපියේත් කතා කර තිබෙන්නේ නිදහස් වෙළඳපොළක් ගැන.
Unknownnoreply@blogger.com2