Friday, November 27, 2015

මෙය 18+ ප්‍රශ්නයකි

නිශාදි සත් හැවිරිදි ලෙහානිගේත් පස් හැවිරිදි යෙවිඳුගේත් දත් මද්දවා ඔවුන්ගේ කාමරයට ඇරලවීය. කුස්සියේ ඉතිරි වැඩ ටික අවසන් කිරීමට ඇයට වැඩි වෙලාවක් ගියේ නැත. නිශාදිගේ සැමියා චමත් ලොකු උනන්දුවකින් පරිගණකයේ යමක් කියවයි. ඇය හෙමිහිට පරිගණක තිරයට ඔළුව පෙව්වේය.

"මොනාද අනේ ඔය කියවන විකාර? අම්මගෙ රෙද්ද මොන පාටද? ඔය කෙහෙම්මල පැත්තකට දාල එන්න නිදාගන්න! ඉකොනොමැට්ටා? මොකාද ඔය ටික දවසක ඉඳන් ලොකු උනන්දුවකින් කියවන මැට්ටා?"

"හරි හරි තව විනාඩි දහයක් දෙන්න."

නිශාදි පොරවනය යටට ගුලි වුණේය. ටික වෙලාවකින් ඒ පොරවනය යටටම රිංගාගත් චමත් මේස ලාම්පුවේ එළිය අඩවන් කළේය.

වැඩි වෙලාවක් ගියේ නැත. යෙවිඳු අඩ අඳුරේම දෙමවුපියන්ගේ කාමරයට ඇදී නිශාදි සහ චමත් මැද්දට පැන්නේය.

"ඇයි යෙවිඳු මේ? තාම නිදි නැද්ද? මොකද අම්මලගෙ කාමරේට ආවේ? ඔයාට ඇඳක් තියෙනවනේ..."

"කාමරේ යකෙක් ඉන්නව. මට බයයි!"

"යක්කු කියල ජාතියක් නෑ ළමයෝ...ගිහිං බය නැතුව නිදා ගන්න!"

"නෑ, අදනං ඇත්තටම යකෙක් ඉන්නව."

"ඔයා කොහොමද දන්නේ?"

"සද්දෙ ඇහෙනවා. බොරුනම් ඇවිත් බලන්න."

නිශාදි විදුලි ලාම්පුවේ එලිය වැඩි කර යෙවිඳු සමඟ දරුවන්ගේ කාමරයට ඇවිදගෙන ආවේය.

"ඔය ඇහෙනව නේද සද්දේ? බොරුද මම කිවුවේ?"

"මොන සද්දයක්ද? මටනං කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ! ඔය දවල් තිස්සෙම කාටුන් බලලා හිතේ තියෙන ඒවා..."

"නෑ අම්මේ, ඔය සද්දයක් ඇහෙන්නේ...මටත් ඇහෙනවා."

"ඔයත් තාම නිදි නැද්ද, ලෙහානි? මම හිතුවේ ඔයා නිදි කියලා..."

නිශාදිට කිසිදු ශබ්දයක් නෑසේ. එහෙත්, දරු දෙදෙනාම කියන්නේ ශබ්දයක් ඇසෙන බවයි.

"අනේ චමත්, ඔයාවත් ඇවිත් බලන්න. මේ ළමයින්ට සද්දයක් ඇහෙනවලු. මටනම් කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ."

ප්‍රවාහන ඇමති වරයා අයවැය කතාව අහගෙන ඉන්නවාටත් වඩා අඩු උනන්දුවකින් චමත් ඇඳෙන් නැඟිට එන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසාය.

"කෝ මොන සද්දද? ඔහේ ඇති යකෙකුත් නෑ. සද්දෙකුත් නෑ. විකාර නැතුව ගිහිං ඔය රෙද්ද පොරෝගෙන නිදාගන්න."

යෙවිඳුට සහ ලෙහානිට ඇසෙන බව කියන එහෙත් නිශාදිට හෝ චමත්ට නොඇසෙන මේ යකාගේ ශබ්දය ඇත්තටම සැබෑ ලෝකයේ නැති ළමයින්ගේ මනසේ නිර්මාණය වූවක්ද?

***
අපට පෙනෙන රූප යනු අපේ ඇස් හා මොළය එක්වී ආලෝක තරංගයකට දක්වන ප්‍රතිචාරය වන්නා සේම අපට ඇසෙන ශබ්ද යනු අපේ ශ්‍රවණේන්ද්‍රිය හා මොළය එක්වී ශබ්ද තරංගයකට දක්වන ප්‍රතිචාරයයි. පෙර කතා කළ දෘශ්‍ය ආලෝකයද ඇතුළත් විද්‍යුත් චුම්භක තරංග වලට 'ගමන් කිරීමට' මාධ්‍යයක් අවශ්‍ය නොවේ. එහෙත්, ශබ්ද තරංග වලට 'ගමන් කිරීමට' ජලය, වාතය වැනි මාධ්‍යයක් අවශ්‍ය වේ.

මා මෙහිදී ගමන් කිරීමට කියා කිවුවත් ඇත්තටම ශබ්ද තරංගයක් කියන්නේ මෙවැනි මාධ්‍යයක් තුල ඇතිවන කිසියම් නිශ්චිත රටාවකි. ඔබ පහතින් ඇති රූපය දෙස බලා සිටියොත් වමේ සිට දකුණට තරංගයක් ගමන් කරනු ඔබට පෙනේ. එහෙත්, මේ තරංගය ගමන් කරන දිශාවට එය සැදී ඇති බව පෙනෙන කළු තිත් ගමන් නොකරයි. ඒවායේ ඇත්තේ චක්‍රීය චලිතයකි. රූපසටහනේ ඇති රතු තිත් දෙස බලා සිටියහොත් මෙය පැහැදිලි වනු ඇත.
www.acs.psu.eduතරංගයක තරංග ආයාමය ගැන අපි පෙර කතා කළෙමු. තරංග ආයාමය යනු තරංගයක එක සමාන තැන් දෙකක් අතර දුරයි. තරංගයක් හඳුනාගන්නා තවත් මිනුමක් වන්නේ එහි සංඛ්‍යාතයයි. තරංගයක සංඛ්‍යාතය යනු තත්පරයක් තුලදී එය සම්පුර්ණ කරන ආවර්ත නැත්නම් චක්‍ර ගණනයි.උදාහරණයක් ලෙස ඉහළ රූප සටහනේ ඇති රතු තිතක් තත්පරයක් තුල සම්පුර්ණ කරන 'රවුම්' ගණන තරංගයේ සංඛ්‍යාතයයි. තරංගයක තරංග ආයාමය සහ සංඛ්‍යාතය එකිනෙකට සම්බන්ධය. එකක් වැඩිවන විට අනෙක අඩුවේ.

තරංගයක සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලිනි. ඉතා දිගු තරංග ආයාම ඇති ශබ්ද තරංග බොහෝ විට හඳුන්වන්නේ තරංගයේ සංඛ්‍යාතයෙනි. හෝමෝ සේපියන්ස්ලාට සාමාන්‍යයෙන් ඇසෙන්නේ හර්ට්ස් 20-20000 අතර පරාසයේ ශබ්ද තරංගයි. සංගීත ස්වරයක් යනු මෙවැනි එක් නිශ්චිත සංඛ්‍යාතයකි. මෙයට වඩා කෙටි තරංග ආයාම ඇති, අපට ඇසිය නොහැකි උච්ච සංඛ්‍යාත 'අල්ට්‍රාසොනික්' හෝ 'සුපර්සොනික්' ලෙස හැඳින්වේ. එමෙන්ම අපට ඇසිය නොහැකි තරම් දිගු තරංග ආයාම ඇති, අඩු සංඛ්‍යාත 'ඉන්ෆ්‍රාසොනික්' ලෙස හැඳින්වේ.

හෝමෝ සේපියන්ස්ලාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20-20000 ලෙස සාමාන්‍යයෙන් දැක්වුනත් අප බොහෝ දෙනෙකු මේ මුළු පරාසයටම සංවේදී නැත. අප වයස්ගත වෙද්දී අපේ ශ්‍රව්‍ය සීමාව ඉතා සීග්‍රයෙන් පිරිහේ.

මෙසේ අපේ ඇසීම දුර්වල වී 'චමින්දලා' වෙන්නට හැට පැනිය යුතු නැත. දහඅට විස්ස වන විටම බොහෝ දෙනෙකු චමින්දලා වී අවසානය. ළමයින්ට සහ ගැටවරයින්ට ඇසෙන බොහෝ ශබ්ද වැඩිහිටියන්ට නොඇසේ. මෙය තරුණ වයසේ සිටින්නන්ටද අදාලය. මේ අයුරින් විශේෂයෙන්ම නෑසී යන්නේ උච්ච සංඛ්‍යාතයි.

සාප්පු සංකීර්ණ වල රස්තියාදු ගැසීම පුරුද්දක් කරගත් ඇතැම් ගැටවර වයසේ තරුණ තරුණියන්ගෙන් එලොවටවත් මෙලොවටවත් වැඩක් තිබේද නොතිබේදැයි මා නොදන්නා නමුත් මෙවැනි ඇතැම් සාප්පු සංකීර්ණ වල හිමිකරුවෝ ඔවුන් මහා ඇණයක් ලෙස සලකති. වැඩකට ඇති පාරිභෝගිකයන්ට වදයක් නොවන ලෙස මෙවැනි කණ්ඩායම් ඉවත්කර ගැනීම සඳහා භාවිතා වන එක් ක්‍රමයක් වන්නේ මෙසේ වැඩිහිටියන්ට නෑසෙන සංඛ්‍යාතයකින් කණ කඩාගෙන යන නාදයක් නිකුත් කිරීමයි.

මෙහිම අනිත් පැත්තද සිදුවේ. ඇතැම් පාසැල් සිසුන්ගේ ජංගම දුරකථන වල 'රිඟින් ටෝන්' ගුරුවරුන්ට නෑසේ.

සාමාන්‍යයෙන් හර්ට්ස් 10,000 පමණ දක්වා සංඛ්‍යාත බොහෝ දෙනෙකුට ඇසේ. එහෙත්, හර්ට්ස් 14,500න් පමණ ඉහළ සංඛ්‍යාත බොහෝ විට ඇසෙන්නේ වයස 18-20 නොඉක්මවූ අයට පමණි.

මෙහි ගොස් මේ සංඛ්‍යාත වලින් ඔබට ඇසෙන උපරිම සංඛ්‍යාතය කුමක්දැයි පරික්ෂා කරන්න. ඉන්පසු වයස 15ක පමණ හෝ ඊට අඩු ඔබේ දරුවෙකු, බාල සොයුරෙකු හෝ අල්ලපු ගෙදර ළමයෙකු කැඳවා ඔබට නොඇසෙන සංඛ්‍යාත වලට දක්වන ප්‍රතිචාරය පරික්ෂා කරන්න.

https://sites.google.com/site/econaudios/

(photo credit: www.123rf.com)

50 comments:

  1. නියම විස්තරයක් සහ එක්සයිස් එකක්නේ මචෝ උදේ පාන්දර එල ආ........ දැන් මේ සද්ද කැලි ටික ඩවුන්ලෝඩ් කරන ගමන්

    ReplyDelete
  2. The maximum upper range of human hearing is about 20 kHz for children, declining to 15-17 kHz for middle-age adults. The top end of a dog's hearing range is about 45 kHz, while a cat's is 64 kHz.
    https://en.wikipedia.org/wiki/Dog_whistle

    ReplyDelete
    Replies
    1. ඔයත් චමින්ද කෙනෙක් නේද

      Delete
  3. මට එකක්වත් ඇහුනේ නෑ.. මොකෝ ඩෙස්ක්ටොප් එකේ පීකරේ ගිහිල්ලා...

    ReplyDelete
    Replies
    1. මතායියාගේ බෝසාගේ අවධානය පිනිසයි

      Delete
  4. අඩේ.. ඉකොනොමැට්ට කරන මේ සමාජ සත්කාරයට මේකට කීයක් හරි ගෙව්වත් පාඩු නෑ නොවැ. සිරාවටම

    ReplyDelete
    Replies
    1. කාට හරි වටිනාකමක් තියෙනවනම් වෙන මොනවත් ඕනෑ නෑ, ඇනෝ.

      Delete
  5. හොඳ ලිපියක්, උදේ පාන්දර කන්දෙක චෙක් කර ගත්තා...
    වයසට ගියත් දෙයියනේ කියල කන්දෙක තාම තරුණයි...21101 දක්වා ඇහෙනවා...

    අඩු සංඛ්‍යාත පාරාස සම්බන්ධවත් චෙක් කරගන්න තිබ්බනම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. http://www.wavtones.com ගිහින් අඩු සංඛ්‍යාත වල ශබ්ද තරංග හදා ගන්න පුළුවන්.

      Delete
  6. හර්ට්ස් 14,500න් පමණ ඉහළ සංඛ්‍යාත තමයි මට ඇහෙන්නෙ මට තවම 19යි නිසා..

    මට ඇහෙන්නෙ නැත්තෙ ..
    “අද වෙලාසනින් ගෙදර එන්න..“
    “සිගරට් බොන්න එපා...“
    “ගිය සතියෙත් පාටියක් කියලා ගිහින් බිලා ආවා..මේ සතියේ බොන්න එපා...“

    අනිත් අයට ඇහෙන්නෙ නැති මට විතරක් ඇහෙන සද්ද..
    “මේ සතියේ අඩි 40 කන්ටේනර් එකක් යවන්නම ඔනේ...“
    “තව බන්ඩල් 30 ක් ඉක්මන් කරලා මහගන්න...“
    “මේ ෂිප්මන්ට් එක යන්නම ඔනේ...“

    විස්තරයට කලින්..පොඩි කතාවක් ලියලා පොස්ට් එක විස්තර කරන එක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මේ බ්‍රා එකේ කප් එක නෑ
      මේක ෆිටෝන් අවුට්

      Delete
    2. මෙන්ඩා උඩුයටිකුරු දෘෂ්ඨිය තියෙන අයට 19 පේන්නේ 61 වගේ.

      Delete
  7. ගිය සැරේ පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර නෑ

    ReplyDelete
    Replies
    1. මේක කලින් ලියලා ඔටෝ පෝස්ට් දාල තිබුණේ, මෙන්ඩා. කමෙන්ට්ස් වලට උත්තර දෙන්න වෙලාවක් හොයාගන්න බැරිවුණා. ඊළඟ පෝස්ට් එකේ උත්තර තියෙනවා. ඒකත් ඔටෝ පෝස්ට් දාල තියෙන්නේ.

      Delete
  8. අර රැප සටහනේ මට පෙනෙන්නෙ කලු තිත් ගමන් කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. බොට ඒකෙ තියෙන රතුපාට ඒව පේන්නැත්තං ඇස් දෙකත් චෙක් කරගනිං.

      Delete
    2. එක තිතකට අවධානය යොමු නොකළොත් පෙන්නේ එහෙමයි.

      Delete
  9. මෙතන මටනං 15800 විතර වෙනකල් ඇහෙනව. හතරවටෙන් සද්ද බද්ද තියෙන ටවුම මැද ඒ ගාන ඇහුන මදැයි. රෑට සද්ද නැති වෙලාවක ආයෙ බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මට අහුවුන වෙලාවක උඔගේ කන් අඩිය පැලුවම හරියයි

      Delete
    2. මෙන්ඩො, ආං කරනවනං පිං අතේ වැඩක්...

      Delete
  10. බබලත්තු වයස කියන්ට මනාප නෑනෙ. ඔන්න මේ සංඛ්‍යාත සාස්තරෙං උංදලයි වයස ටක්කෙටම හොයාගත්තෑකි.

    මිස්ට ඉකෝන්..දැං ඔහේ පෙනීමයි ඇහීමයි ගැන බොහොම වැදගත් ලිපි දෙකක් ලිව්වනෙ නේද? එතකොට පංචකාම සම්පත්තියෙ දෙකක් හරි. අනික් එව්ව ගැනත් ලියනකං පුල පුලා බල බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. පංච කාම සම්පත්තිය කියන්නේ කොහොමත් කවුරුත් පුල පුලා බලා ඉන්න දෙයක්නේ...

      Delete
  11. මම මේ "ෆුඩ් ෆෝ තොට " සීරිස් එකට මාර මනාපයි. වෙලාවකට කන්දේ බෑවුම වැඩි වෙලා චේන් පැන්නත් . අද නම් බල්ලෝ ටික ග්‍රීස් කරගෙන ආ නිසාද නැත්නම් බැවුමේ අඩුව නිසාද මන්දා , එච්චර අමාරුවක් නෑ .

    අර ෆෝන් එකට ළමයෙකුට දෙන්න කිව්ව එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමද මේ (මැක්කා ටමයි එන්නේ ) ?
    . අර වෙලඳ හල් වල වාදනය කරනවා යයි කියූ සංගීතය ගැන , රින්ග් ටෝන් ගැන මම දන සිටියේ නෑ .
    ඔය ඇහෙන පරාසයේ, හස්බන්ඩ් ලාට නෑහෙන පරාසයක් තියෙනවා කියලයි , නෝනා නම් කියන්නේ .

    ReplyDelete
    Replies
    1. //අර ෆෝන් එක ළමයෙකුට දෙන්න කිව්ව එකේ//
      ඔය කතාව සීරියස් ගත්තේ අර කොහෙවත් හිටපු සනී බිල් විලියම්ස් විතරයිනේ.

      Delete
  12. අනේ දෙයියනේ මට 12500-13000 අතර

    ReplyDelete
    Replies
    1. මෙය කණගාටු වීමට තරම් අසාමාන්‍ය මට්ටමක් නෙමෙයි.

      Delete
  13. මගේ දකුණු කණ හොඳට වැඩ.. වම කණ ඇහෙන්නේ අඩුවෙන්.. ට්‍රේනින් කාලේ සිඉනෙක් කණ පැලුවා.. අපේ ලේහානි යි, යෙවිඳු ගොයියිත් රෑ තිස්සේ ඇහැරගෙන වැලි.. නින්ද යන්නේ නැත්තේ මොනවා හරි සද්දවත් ඇහෙනවද දන්නේ නෑ.. ඉකොනොඩියෝ එකට එක්කගෙන ගිඉන් නොමිලේ කන් පරිස්සා කරවලා බලන්නොනේ.. අර සාප්පු සීන් එක මන් හාන්කවිසියක් දනන් උන්නේ නෑ..

    එළ!

    ReplyDelete
    Replies
    1. යුද බිමේ කාලතුවක්කු සද්ද එක්ක කාලයක් හිටපු අයගෙත් ඇසීමේ සංවේදීතාව අඩුවෙනවා.

      Delete
    2. කම්මලේ බල්ලන්ගේ වගේ නේද? හැක හැක.. මන් නම් කවදාවත් කල තුවක්කු පත්තු කරන තැනක ඉඳලා නෑ.. හැබැයි ඉතින් පුංචිම පිස්තෝල රයිෆල් වුනත් එන සද්දේ හරි වැඩියි.. මුහුදේදී 12.7mm (ෆයිව් සිරෝ) සහ ඊට ඉහල ගන් ෆයර් කරන වෙලාවට අපි ear plugs/ muffs දා ගන්නවා.. නැත්නම් Gun Comm සිස්ටම් එකත් එක්කම ear muffs එනවා.. සමහරුනම් නුහුරු නිසා දාන්නේ නෑ.. ෆයර් කරද්දී කණට අමාරුම වෙපන් එක RPG.. කරේ තියගේනනේ ෆයර් කරන්නේ..මගේ වම් කණට නම් වග කියුවේ සින්නෙක්.. ට්‍රේනින් කාලෙම.. පස්සේ ඒවියේෂන් මෙඩිකල් එකකදී මීටර් උනා වම් කණ ඇහෙනවා ටිකක් අඩුයි කියලා.. එක දිගටම එහෙමම තියෙනවා.. දැන් ඉන්න ඉන්ඩස්ට්‍රී එකත් ලේසි නෑ.. එකේදී අනිත් උන්ගේ කණ ඇහෙන එක ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් වෙලා.. :)

      Delete
    3. අදටත් මගේ කන් ඇසීම අඩුයි. ජයසිකුරු ක්‍රියාන්විතයේදී කාලතුවක්කු බතරොයි දෙකක් තිබුනේ, මා සිටි තැනට ආසන්නව. මි.මී 122 කාලතුවක්කු හයකින්, එකවර නැගෙන හඬින් කන් වලට ඇතිවූ ප්‍රහාරය නිසා, බෙහෙත් ගන්න වුනා සෑහෙන දෙනෙකුට. මගේ කන් ඇසීම අඩුවීමට කාලතුවක්කු හඬ බලපෑ බව, වෛද්‍ය නිගමනයද වුණා. අදටත් මා කතා කරන්නේ තරමක් උස් හඬින්.

      Delete
    4. හලෝ විචාරක ඔයා යුද්දෙකට් ගියාද කවුරුත් දන්නේ නැනේ ඔයා යුද්දෙට ගියා කියලා තපයවත් සිරිලා නැනේ බිම නිදාගෙන නේද හිටියේ

      Delete
  14. මට 14080 උඩ එකක්වත් ඇහෙන්නේ නැහැ බන්.. ඒ කියන්නේ හෙට අනිද්දා වෙද්දී මගේ කන් දෙක ඇහෙන්නේ නැතුවම යාවිද..

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියෙකුට මෙය අසාමාන්‍ය මට්ටමක් නෙමෙයි.

      Delete
  15. අපේ සිංඩියටත් ගොඩවෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
  16. මේ ලිපි පෙළ ඉහලින් අගය කරනවා. ඇත්තෙන්ම මෙවැනි කරුණු, විවෘත සාකච්ඡාවක් ලෙස, කුඩා සමාජ කණ්ඩායම් වෙත ඉදිරිපත් කරන්නට හැකිනම්, බොහොම වටිනවා.

    ReplyDelete
  17. මෙන්න මේවා තමයි සුපිරි පෝස්ට් . කණ පිරෙන්න ලියලා තියෙන්නේ

    ReplyDelete
  18. 16k තමයි මගේ ලිමිට් එක...කන් කඩාගෙන යන සද්ද නේ..ටී.....න් සද්දේ තාම ඇහෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මටනම් 16k ඇහෙන්නේ නෑ, නිරෝ. කණ කඩාගෙන යන බවනම් ඇහෙන අයගේ ප්‍රතිචාර නිසා දන්නවා.

      Delete
  19. සමහර වෙලාවට රෑ වගේ අවට නිහඬ නම් ඇහෙන ඊරී සද්දයක් ඇහිලා තියනවා. කන තුලින් මොලටම වදින ම්ම්ම්ම් වගේ . හුඟක් අය ඒක හොයනවා. ගොඩක් අයට ඇහිලා තියෙනව.
    http://www.dailymail.co.uk/travel/travel_news/article-3084260/What-strange-sound-sky-Noise-heard-globe-nearly-DECADE-explanation.html

    ReplyDelete
    Replies
    1. මාත් මේ ප්‍රවෘත්තිය දැකල තියෙනවා. ඒත් කිසිම අදහසක් නෑ.

      Delete
  20. බොහොම වටින ලිපියක්. ඇත්තටම මටනම් සමහර ශබ්ද තිබිලා කියලා දැනගන්නෙ ඒක ඕෆ් කරාම.
    කණ් දෙක බලවාගන්න නම් හදිස්සියි. ඒත් මේ කම්මලෙන් එලියට යනකල් ඉන්න වෙනවා ඒක කරන්නත්

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්, මට වෛද්‍ය විද්‍යා දැනුමක්නම් නැහැ. ඒත් බොහෝ විට ඔබ කියන මේ දෙය කණේ ආබාධයක්යයි මම හිතන්නේ නැහැ. අපේ මොළයට හැකියාව තියෙනවා කණට ඇසෙන දේ ෆිල්ටර් කිරීමට. දුම්රිය පාරක් ළඟ ජීවත් වන කෙනෙකුට ටික කලක් යන විට දුම්රිය ශබ්ද විශේෂයක් නැති වෙනවා. මෙය වෙන්නේ කණේදී වෙන වෙනසකින් නෙමෙයි. මොළයේ වෙන වෙනසකින්. ඔබට ශබ්ද ඕෆ් වුණාම දැනෙන්නේ ඒ ශබ්දයට ඔබ හුරු වී ඇති නිසා විය හැකියි.

      Delete
  21. අතිවිශාල දැනුමක් ඔබතුමාගෙන් අප ලබාගන්නවා, ස්තූති කරන්න වචන නෑ! බොහොම පිං

    ReplyDelete
  22. අතිවිශාල දැනුමක් ඔබතුමාගෙන් අප ලබාගන්නවා, ස්තූති කරන්න වචන නෑ! බොහොම පිං

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.