වෙබ් ලිපිනය:

Wednesday, November 25, 2015

අම්මගෙ රෙද්ද මොන පාටද?

ඒ පසුගිය පෙබරිවාරි මාසයේ මැද දිනයකි. ග්‍රේස් ඇගේ පෙම්වතා වන කේර් සමඟ තවත් සතියකින් පසු පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ගැන කතා බහක යෙදී සිටිද්දී හිටිවනම ඇගේ දුරකථනය නාද විය.

"අම්මගෙන් කෝල් එකක්"

ඇය සිය ජංගම දුරකථනයෙන් සිය මව හා සම්බන්ධ වූවාය.

"මම ගත්තා ඔයාගේ වෙඩින් එකට අඳින්න ලස්සන ලේස් ගවුමක්. කළු ලේස් අල්ලපු නිල් පාට එකක්."

ග්‍රේස්ගේ මව සිසිලියාට ගවුම ගැන කියන්නට මහ ගොඩක් විස්තර තිබේ.

"හරි හරි ඕකේ ෆොටෝ එකක් අරන් එවන්නකො අපිටත් බලන්න."

ග්‍රේස් ඇගේ දුරකථන ඇමතුම අවසන් කර කේර් සමඟ පිළිසඳරට නැවත එක් වී වැඩි වෙලාවක් යාමට පෙර ඇගේ දුරකථනයට මවගේ අළුත් ගවුමේ ඡායාරූපයක් යොමු විය. ඒ දෙස බලා සිටි ඇගේ මුහුණ වෙනස් වේ.

"ඇයි? මොකද ප්‍රශ්නේ?" කේර් අසයි.

"මේ බලන්නකෝ අනී. අම්ම ගත්තයි කිවුවේ කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක්නේ. දැන් මේ ෆොටෝ එකේ තියෙන්නේ රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්."

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද නිල් වුනත්, සුදු වුනත් කේර්ට ඇති අමාරුවක් නැත. ග්‍රේස් සමඟ විවාහ උත්සවයේ අනෙක් දේවල් සම්බන්ධව වාදවිවාද කර දැන් කේර්ට ඇති වෙලාය. ඒත් මේ වෙලාවේ ඕවා කියන්න යනවාට වඩා ෆොටෝ එක බොරුවට හෝ උනන්දුවෙන් බලන එක ශරීර සෞඛ්‍යයට ගුණදායකය.

ගවුමේ ඡායාරූපය දෙස වරක් බැලූ කේර් ඒ දෙස නැවත නැවතත් බැලුවේය.

"ඉතිං මේක කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක් තමයිනේ!"

ග්‍රේස් දුරකථනය නැවතත් අතට ගත්තේය.

"අනේ මන්දා? අම්මයි ඔයයි කතා වෙලා මාව අන්දවන්න හදනවද?"

"ඔයාව දැන්ම අන්දවන්නෙ මොකටද? ඒකට තව සතියක් තියෙනවනේ..."

"මටනම් පේන්නෙම රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්!"

ඡායාරූපය දෙස කොයිතරම් වෙලා බලා සිටියත් දෙන්නාට පෙන්නේ පාට දෙකකි. මේ නිසා ඡායාරූපය ඔවුන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුටද පෙන්වනු ලැබුවත් එයින් වුනේ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණි. ඇතැම් අයට මෙය නිල්-කළු ගවුමකි. තවත් අයට රන්-සුදු ගවුමකි. සමහර අයට වෙන වෙන පාටත් පෙනේ. තවත් අයට මෙය පාට වෙනස් වන මැජික් ගවුමකි.

ග්‍රේස් මේ ගැන සිය මවට කීවාය. ග්‍රේස්ට යැවූ ඡායාරූපය දෙස නැවත බැලූ ඇයට ග්‍රේස්ට මෙන්ම එය රන්-සුදු ගවුමක් සේ පෙනේ. එහෙත්, මේ ඡායාරූපය ගත් ඇගේ සහකරු පෝල් මෙය ඔහුට පෙනෙන්නේ නිල්-කළු ගවුමක් ලෙස බව දිවුරා පවසයි.

මේ රන්-සුදු නිල්-කළු වාදය ග්‍රේස්ගේ විවාහ මංගල දිනයේත් නැගලා ගියේය. විවාහ උත්සවයට සංගීතය සැපයූ කණ්ඩායමද ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද අරභයා දෙපිලකට බෙදුණු අතර පසුව මේ ඡායාරූපය අන්තර්ජාලයටද එක් කෙරිණි.

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද ජාත්‍යන්තර ප්‍රශ්නයක් වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ ප්‍රශ්නය සමාජ ජාල හරහා පැතිරෙන්නට වූයේ අසුරු සැනෙකිණි.

දින හතර පහක් ඇතුලත මේ පිළිබඳව ටම්බ්ලර්හි පළවූ ආරම්භක සටහන කියවා තිබුණු වාර ගණන මිලියන 73 ඉක්මවීය. එය පලකළ පෙබරවාරි 26 දින පස්වරු 10.30-11.30 අතර පැයේදී විනාඩියකට මෙය කියවූ ගණන 140,000ක් පමණ වේ. එමෙන්ම දිනක් යන විට වැටුණු කමෙන්ට්ස් ගණන 483,000කි.

සැණෙකින් මෙය අනෙකුත් සමාජජාල වෙතද ව්‍යාප්ත විය. ප්‍රසිද්ධ නළු නිලියන්, ගායිකාවන් සහ ක්‍රීඩකයින්ද අදහස් දැක්වීමට පටන් ගැනීම නිසා වැඩේ තවත් නැගලා යන්නට විය.

මේ පිළිබඳව කෙරුණු එක් අන්තර්ජාල මත විමසුමක ප්‍රතිඵලය අනුව මිලියන 2.3කට (68%) මේ ගවුම රන්-සුදු ලෙසත්, මිලියන 1.1කට කළු-නිල් ලෙසත් (32%) පෙනුණේය.

ෆේස්බුක් දත්ත විද්‍යාඥයින් වන මයික් ඩෙවලියන් සහ ඒඩ්රියන් ෆ්‍රිජරි විසින් වත්පොත් සටහන් ඇසුරෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව වත්පොතේ රන්-සුදු පක්ෂයේ ප්‍රතිශතය 58%ක්ද කළු-නිල් ප්‍රතිශතය 42%ක්ද වේ. එමෙන්ම, පිරිමින්ට සාපේක්ෂව ගැහැණුත්, තරුණයන්ට සාපේක්ෂව වයස්ගත අයත්, පරිගණක ඇසුරින් වත්පොත් යන අයට වඩා ජංගම දුරකථන මඟින් පිවිසෙන අයත්, රාත්‍රියේ මෙය දකින අයට වඩා දවල් කාලයේ දකින අයත් ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද රන්-සුදු ලෙස දකිති. මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව එය නිල්-කළු ලෙස දකිති.

ඔබට ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද පේන්නේ මොන පාටින්ද?

මේ වනවිට මේ ඡායාරූපය මුල් කරගත් ශාස්ත්‍රාලීය පර්යේෂණ ගණනාවක් සිදු කෙරී ඇති අතර Current Biology විමර්ශිත ජර්නලය මේ හා අදාල පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ළඟ ළඟ පළ කර තිබේ. මේ එයින් කිහිපයකි.

1. Lafer-Sousa, Rosa, Katherine L. Hermann, and Bevil R. Conway. "Striking individual differences in color perception uncovered by ‘the dress’ photograph." Current Biology (2015).

2, Gegenfurtner, Karl R., Marina Bloj, and Matteo Toscani. "The many colours of ‘the dress’." Current Biology (2015).

3. Brainard, David H., and Anya C. Hurlbert. "Colour Vision: Understanding# TheDress." Current Biology 25.13 (2015): R551-R554.

4. Winkler, Alissa D., et al. "Asymmetries in blue–yellow color perception and in the color of ‘the dress’." Current Biology (2015). 


37 comments:

  1. ගවුම නම් වැඩක් නෑ ෆිගර් එක නම් මරු...

    ReplyDelete
    Replies
    1. මාතලං , ජාතක කල පියාට ද්‍රෝහි නොවෙනු... මුස්ලිම් ජනතාවට එරෙහි නොවෙනු.. ජාතිවාදය නොඅවුස්සනු.

      Delete
  2. රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්.

    (මෙය මුලින් දුටු දා නම් දැක්කේ තද නිල්/කලු ගවුමක් ලෙස බවයි මතකය!)

    ReplyDelete
  3. මට මේක දෙවිදියටම පේනවා නේ...දැන් මේ පෝස්ට් එකෙත් උඩ ඉදන් මුලින්ම දකිද්දී සුදු/රත්‍රන් .. දැන් තද නිල්/කළු.

    ReplyDelete
  4. සුදු/රන් ගවුමක්

    ReplyDelete
  5. මටනං මේකෙ රත්තරං පාටක් පේන්නෙ නෑ. පේන්නෙ ගොම පාටක්.

    ReplyDelete
  6. හොඳ වෙලාවට ( or is it නරක වෙලාවට? ) මෙහෙම දෙයක් උනේ නැත්තෙ....

    " මහරජ මේ අඹ ගෙඩිය මොන පාටද? "

    ( පහත් හඬින් )හාංදුරුවන්ට පිස්සුද මන්ද මෙහෙම මඤ්ඤං ප්‍රස්න අහන්ට..

    " ඇයි හාමුදුරුවනේ ඒ අඹේ දම් පාටනෙ.."

    " මක් කිව්ව?.... එහෙනං මේ මම ඇඳගෙන ඉන්න සිවුර මොන පාටද? "

    " ආ.. ඒක නිල් පාටනෙ..මම අහල තියෙන්නෙ හාන්දුරුවරු අඳින්නෙ කහපාට සිවුරු කියල. ඒත් මම අහන්නමයි හිටියෙ මොකෝ මේ නිල්පාට සිවුරු ඇඳල ඉන්නෙ කියල. "

    ( පහත් හඬින් ) මේ වැඩේ හරියන මඟුලක් නෙවෙයි වාගෙ. මේ රජාට පිස්සු..රජා මෙහෙමනං වැසියො කොහොමට ඇද්ද?

    ( තම පිරිස දෙසට හැරෙයි ) " ..හ්ම්ම්ම්..මේ වැඩේ හරියන පාටක් නෑ ළමයිනේ..අල්ලල දාල යමල්ල ආපහු..දඹදිවටම.".

    වූෂ්…..වූෂ්...වූෂ්….වූෂ්….වූෂ්…..සියල්ලෝම ගල මත ධාවන පථය දිගේ දිවගොස් ගුවන් ගත වෙති.

    " ඈ???..අර මොකෝ කට්ටියම එක පාරටම ඉගිල්ලිලා යන්ට ගියේ පිළිහුඩුවො රංචුවක් වගෙ..සික්..මේ හාමුදුරුවන්ගෙ කිසි වැඩකට නැති පුරස්න ඇහිල්ල හින්ද උනේ අර යස අපූරු මුව නාම්බා පැනගත්තු එක..දැං හොයාපල්ලකො තව එකෙක්…"

    ReplyDelete
    Replies
    1. උඹ බබා.................ඉන්දියාවේ ඉඳලා අහසින් එන්න පුළුවන්, අඹ ගෙඩියේ පාට දන්නේ නැහැ. සෙබළුනි, දීපියව් මට මගේ ලෝන්ග් රේන්ජ් දුන්න හොඳ ඊතලෙකුත් එක්ක.

      Delete
    2. ඇති යන්තං නිල්පාටට හරි සිවුරක් පෙනුන.

      Delete
    3. එල ද බ්‍රා කමෙන්ටුව රවි විචා

      Delete
    4. හොඳ වෙලාවට වුනේ නැත්තේ එහෙම.

      Delete
    5. රවී, මේ කෑල්ල කියෙවුවහම තවත් පොස්ට් එකක් හිතේ මැවුනා.

      Delete
  7. Blue and Black



    ඉකනෝ... ,
    මේ රෙද්ද ටික ටික හොරෙන් බලනකොට නිල් ⇢ ලා නිල් වීගෙන කළු ⇢රත්තරං වීගෙන එනවෝ....
    බුදු අම්මෝ...මං යනවෝ ....මේකනං බටකොළ ආච්චිගේ රෙද්දක් !

    ReplyDelete
  8. රෙද්දගලවල හිටියනම් හැමෝම හරියටම එක පාටක් කියයි මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. ඉතින් උස්සල බලහං

      Delete
    2. යකෝ අවංක අදහස කොමෙන්ටුවක් හැටියට දාන්න විදියක් නෑ මුන් පිටිපස්සෙන් එනවනේ

      Delete
    3. මැලේ රාළ, ඔය රෙද්ද ගලවල බැළුවත් හැමෝම හරියටම එක පාටක් දකින්නේ නැහැ. ඇත්තටම එතකොට වෙන්නේ පාට මොකක් වුණත් ප්‍රශ්නයක් නොවීම. රෙද්ද තියෙනකං තමයි පාට ප්‍රශ්නයක් වෙන්නේ.

      Delete
  9. Replies
    1. මම කලර් බ්ලයින්ඩ්....

      Delete
  10. මාතෘකාව දැක්කාම බය හිතුනා..

    ReplyDelete
  11. මොනිටරය පහතට නමල බලනකොට ලාඅළු පාට සහ තඹපාටයි
    මොනිටරය ඉහලට ඔසවලා බලනකොට ලා නිල් සහ ගොම පාටයි
    ඇස් දෙකට සමාන්තරව මොනිටරය තිබ්බහම රත්තරන් පාටක් සහ සුදු පාටක් පෙනුනාට ඒක පැහැදිලිවම ඒ පාට දෙක නෙමෙයි මහ දෙමන්දරපාට දෙකක්

    ReplyDelete
    Replies
    1. තෝ දවල් බිව්වද?
      චෑ..අපිට කොයින්ද එහම පිනක්

      Delete
  12. මේ පාර පොස්ට් එක එල ද බ්‍රා

    ReplyDelete
  13. මට පේන්නේ දුඹුරු පාට ලේස් අල්ලපු ලා දම්පාට ගවුමක්...:O

    ReplyDelete
  14. රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්.

    ReplyDelete
  15. රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්.

    ReplyDelete
  16. අපිත් ඔෆිස් එකේ මේ සමීක්ෂණය තිබ්බා . ඕක ගැන කතාව ගිය කලේ. මට පෙන්නේ නම් රන් පැහැයට සුදු ගවුමක.

    ReplyDelete
  17. ඇඳුමේ අත් කොටස ලා නිල් පාටක්, බඳ කොටසේ ලේයර්ස් වගේ තියෙන නිසා තරමක තද(සාපේක්ෂව) නිලක් සමග අත් කොටසේ ඇති ළා නිල් පාට කලවමේ පේනවා...
    අන්න ඒ පාට දෙකේ වෙනස ඇහැට පෙනෙද්දී සමහරුන්ට ළා නිල් කොටස(බහුතර කොටස) සුදු පැහැයට පේනවා වෙන්න පුළුවන්...
    කළු හෝ රත්රන් පාට යයි කියන කොටස චොකලට්, බ්රො(න්ස් සහ කළු වර්ණ මිශ්ර ණයක්... Dark mica වලට ආසන්නයි කියලත් කියන්න ඇහැකි...

    අනිත් කාරණය තමයි මේ ෆොටෝ එක පාටක් නිර්ණය කරන්න සුදුසු මට්ටමට ගුණාත්මක නැහැ...

    ReplyDelete
  18. හොඳ ලිපි පෙලක් ඉකෝන්. ඔයා ඊගාව ලිපියෙන් මේක විස්තර කරයි කියලා හිතන නිසා මම මෙතන මොකුත් ලියන්නෙ නැතිවම ඉන්නවා හොඳේ.

    මට ඒක පේන්නෙ රන් සහ සුදු පාටින්. ඉස්සරත් එහෙම, දැනුත් එහෙම.

    ReplyDelete
  19. කලින් වතාවේ වගේම රන් සහ සුදු... අට්ම සිස්ටම් එකටත් එසේමයි... මම හිතන්නේ අටම අද දවාලියෙන් අනුමත වෙලා වගෙ..

    ReplyDelete
  20. මේ පින්තූරය ගෙන ඇත්තේ හෙවන වැටෙන පැත්තේ සිට. ඒ බව අපට තේරෙනවා එමනිසා අපේ මොලයේ මෘදුකාංග ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී ඇඳුමේ වර්න සකස් කිරීමට පෙළඹෙනවා. එම ක්‍රියාකාරීන්වය නිසයි මෙම ගැටලුව ඇතිවෙලා තියෙන්නේ.
    සඳ මායාවෙදිත් https://en.wikipedia.org/wiki/Moon_illusion සඳේ ප්‍රමාණය හඳුනාගැනීමේදී වෙන්නේ මේකමයි.
    මම හරිද?

    ReplyDelete
  21. අපිට මෙතන වර්ණ කාණ්ඩ දෙකක් තෝරාගැනීමට යෝජනා කෙරෙනවා. ඒකත් අර මෘදුකාංග වලට බලපානවා.

    ReplyDelete
  22. අදහස් දැක්වීමට කාරුණික වූ සහ කාලය ගතකළ හැමෝටම ස්තුතියි! කාල වේලා ප්‍රශ්න නිසා මේ කමෙන්ට් ඔක්කොටම පොදුවේ පිළිතුරක් ලෙස පෝස්ට් එකක් දමන්නම්. රැඳී සිටින්න මේ මාසයේ අන්තිම සටහන මේ ගැන ඇති පැහැදිලි කිරීම් කිහිපයක් ගැන.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: