වෙබ් ලිපිනය:

Thursday, December 3, 2015

ගල් බලකායට රන් පදක්කමක්?


අද දිවයින පුවතකට අනුව ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලෝකයේ මුල්තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි. මේ පුවත පදනම් වී ඇත්තේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක එරන්ද ශ්‍රීලාල්ගේ දේශනයක් මතය. ඔහුට අනුව,

"ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එකට ඉන්නේ ශ්‍රී ලංකාව. ලෝක වාර්තාව අපි සතුයි. ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව."

මේ ප්‍රකාශයට අදාළ මූලාශ්‍රය කුමක්දැයි මා දන්නේ නැත. එවැනි අළුත්, වඩා නිවැරදි මූලාශ්‍රයක් තිබීමට පුළුවන. එහෙත්, මා දන්නා මූලාශ්‍ර අනුවනම් මේ ප්‍රකාශය නිවැරදි නැත.

මසකට පෙර ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සදහා වන සංවිධානය (OECD) මඟින් එලි දැක්වූ නවතම වාර්තාවේ රටවල් ගණනාවක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය පිලිබඳ දත්ත අඩංගුය. මේ අනුව, උඩින්ම ඉන්නේ ලිතුවේනියාවයි. ලිතුවේනියානුවෙකු වසරකට ඇල්කොහොල් ලීටර 14 ක් පමණ පරිභෝජනය කරයි. මේ ගල් බෝතල් 56 ක පමණ ප්‍රමාණයකි. මත්පැන් පරිභෝජනය අතින් කොහොමටත් ඉදිරියෙන් සිටින්නේ නැගෙනහිර යුරෝපීය රටවල්ය.



කෙසේ වුවද, සෑම ලිතුවේනියානුවෙකුම බේබද්දෙකු නොවේ. ලිතුවේනියානුවන් අතරින්ද තුනෙන් එකක් මත්පැන් පානයෙන් වැලකී සිටිති. එමෙන්ම, පිරිමින්ගේ මත්පැන් පරිභෝජනය සාපේක්ෂව වැඩිය. මත්පැන් පානය කරන ලිතුවේනියානු පිරිමියෙකු වසරකට ඇල්කොහොල් ලීටර 33ක් පමණ පරිභෝජනය කරයි. මෙය ගල් බෝතල් 133 කට පමණ කිට්ටුය.

මේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිලිබඳ සංඛ්‍යාලේඛණ ඇතුලත්ව නැත. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව මේ වාර්තාවේ නැති ලංකාව වැනි තවත් බොහෝ රටවල් වල ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය හා අදාල දත්ත තිබේ. මේ දත්ත ඉහත වාර්තාවේ දත්ත සමඟ ආසන්න වශයෙන් සැසඳේ. ඒ අනුව, උඩින් කියූ OECD වාර්තාවේ නැති බෙලාරුස් හා මෝල්දෝවා රටවල් ලිතුවේනියාවත් වඩා උඩින්ය. අදාල දත්ත අනුව ලංකාව මධ්‍යස්ථ ලෙස (මඳ පමණට?) මත්පැන් පානය කරන රටකි. ඉන්දියාවද සිටින්නේ මේ ගොඩේය. මත්පැන් පරිභෝජනය අඩු රටවල්, විය යුතු පරිදිම, මුස්ලිම් රටවල්ය.


ලංකාව මෙසේ මධ්‍යස්ථ ගොඩට වැටෙන්නේ බොහෝ ලාංකිකයින් මත්පැන් නොබොන නිසාය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අතර මත්පැන් පානය සාපේක්ෂව අඩුය. ඒ නිසා "සුරාවෙහි අගයත් එහි ඇති මනා රසයත් බොන සුදනෝ මිසක් නොබොන අනුවන දනෝ නොදනිත්" කියා දෙකක් හලා ගන්නා අය කරටි කැඩෙන්නට බිවුවත් ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලීටර 3.5ක් පමණි. ලිතුවේනියානු  ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය මේ වගේ හතර ගුණයකි. ඒ නිසා දිවයින පුවතේ කියන පරිදි මුල් තැනට එන්නටනම් තව සෑහෙන්න බොන්න වේ.

කෙසේ වුවද, මා මේ කරන්නේ මත්පැන් ප්‍රචාරණයක් නොවේ. ලිතුවේනියානුවන් තරමට නොබිවුවත් මේ බොන බීම හොඳ එකක්යැයි කියන්නට නුපුළුවන. ලාංකිකයින් පරිභෝජනය කරන ඇල්කොහොල් ප්‍රමාණයෙන් 40% ක්ම ලබා ගන්නේ නීති විරෝධී ලෙස පෙරූ මත්පැන් වලිනි. එමෙන්ම 85% ක්ම සැර වැඩි මත්පැන් වර්ග වලිනි.

ශ්‍රී ලාංකික වැඩිහිටි පිරිමින්ගෙන් (15+) මත්පැන් පානය කරන්නෝ 27%කි. ගැහැණුන්ගෙන් 10% කි. බොන ටික ඔක්කොම බොන්නේ මේ පිරිසයි. බොන පිරිමියෙකු ඇල්කොහොල් ලීටර 27ක් පමණ පරිභෝජනය කරයි. එනම්, ගල් බෝතල් 108 පමණ ප්‍රමාණයකි. සතියකට බෝතල් 2ක පමණ ප්‍රමාණයකි. මේ අනුව සාමාන්‍ය ලාංකිකයා කෙසේ වුවත් ගල් බලකායේ සාමාජිකයෝනම් ලිතුවේනුවානුවන් සමඟ ජාත්‍යන්තර තරඟයකට යැවීමට අවශ්‍ය පරිසාධන මට්ටම් ඉක්මවා තිබේ.

49 comments:

  1. ජය වේවා....!!!

    ගල් බලකාය ලංකාව තුල බොහෝම බලවත්. ඕක අඩු උනේ ජී ඇල් පප්පා බියර් අඩු කලායින් පස්සෙ. ඒත් හිටං මහත්තයා බීර වලට කෙලියා. දැන් ආයෙත් එකම පිහිට "ගල්"ම තමයි.

    ReplyDelete
    Replies
    1. මොන කතන්දර කිවුවත් රජයේ ආදායම වැඩි වන විදිහට තමයි ඕවා කරන්නේ. හැබැයි අන්තිමට වක්‍රව රජයේ වියදම් වැඩිවෙනවා, රජයේ වියදමෙන් අක්මා රෙපයාර් කරන්න වුනාම.

      Delete
    2. ඕක පට්ට පල් බොරුවක්..

      ඒ කොහොමද එහෙම වෙන්නේ. 85% වඩා බෝතලෙන් ගන්නේ රජය.. උන් බැඳිලා ඉන්නවා ඒ නිසා රෝගීන්ට වියදම් කරන්න. බොන උන් අනෙක් රෝගීන්ටත් එක්කම ආන්ඩුවට ගෙවලා ඉවරයි. ඇයි කවදාවත් මත් පැන් තහනම් නොකරන්නේ..

      ඉයන් ඩෑන් ගෙන ඇහුවා නම් මේ ගැන හොඳට කියලා දෙයි..

      Delete
    3. මගේ කමෙන්ට් එකෙන් කියවෙන්නේ කියන්න හදපු එකම නෙමෙයි. අන්තිමට නෙට් බේසිස් ආණ්ඩුවට ලාබයි තමයි. අනිත් කරුණ ආණ්ඩුවට ආදායම් එන්නේ නීත්‍යානුකුල මත්පැන් බොන අයගෙන් විතරයි. ඒත් වියදම පැත්තෙන් බැලුවොත් කෂියා ගහන අයගේ වියදම සමහර විට වඩා විශාල ඇති.

      Delete
    4. හිටංතුමා සවුක්කේ බාරගත්ත කාලේ කසිප්පු බීලා ඉස්පිරිතාලේ ලඟින අයට බිලක් දෙන්න දැගළුවා, ඒවාගේ රාජ්‍ය ආදායම ඉහල නංවන්න හොඳ යෝජනා එතුවා ඒකාලෙත් ගෙනාවා, හැබැයි ඔය එන්ජීයෝ කාරයේ කෑගැහැව්වා එකෙනෙුත් සෙට් වෙන්නේ ගෙඳර බිරිඳ ඇතුළු දූදරැ කැලැත්තටම බව. හිටංතුමා සෝවියට් දේසේ ඉගෙනගත්ත වමේ මිනිහ හින්දා එයාගේ සමාජඅවබෝදේත් පංසලේ හන්දුරුවන්ගේ එකේ තරමටමයි.

      Delete
    5. දල වශයෙන් නීත්‍යානුකූල මත්පැන් පානය කරන්නෙකුගෙන් රුපියල් 69,000ක් පමණත්, දුම්පානය කරන්නෙකුගෙන් රුපියල් 37,000ක් පමණත් ලබන වසරේදී රජය මඟින් බදු ලෙස අය කර ගැනීමට නියමිතයි.

      Delete
  2. සාමාන්‍ය ලාංකිකයා කෙසේ වුවත් ගල් බලකායේ සාමාජිකයෝනම් ලිතුවේනුවානුවන් සමඟ ජාත්‍යන්තර තරඟයකට යැවීමට අවශ්‍ය පරිසාධන මට්ටම් ඉක්මවා තිබේ. ////// mala seka

    ReplyDelete
    Replies
    1. ගණන් හිලවු බැලුවහම ලේසිපාසු බීමක් නෙමෙයි බොන්නේ.

      Delete
    2. තරගෙට මං යන්නද? මට සැටිපිකෙට් එකක් තියනවා අර ලැයිස්තුවේ උඩ ඉදල දෙවැනියට තියන රටෙං.

      Delete
    3. ඇණයා ඒ රටේම හිටියනං ඒ රට දෙවෙනි තැනට වැටෙන්නේ නැහැ.

      Delete
  3. මල් පිළිබන්දව අපේ රෑන්ක් එක මොකද්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හොයා ගන්න පුළුවන්නම් ඒකත් වැදගත් දෙයක් තමයි, ඇනෝ.

      Delete
  4. ඔය ලංකාව බීමෙන් අගතැන්පත් කියන කතාව කාලෙන් කාලටෙ එනවා. මාත් ඕක දැන් අවුරුදු තුන හතරකට කලින් දැකලා ඒ ගැන ලියන්න තොරතුරු හොයන කොට ඒක බොරුවක් බව තේරුණා.

    මට ආ ප්‍රශ්නය නම්, මෙච්චර බොන මිනිස්සු ගෑණු ඉන්න ඕස්ටේ‍ර්ලියාවට වඩා ලංකාවේ ඒක පුද්ගල බීම වැඩි වෙන්නේ කොහොමද කියන එකයි. දෙරටේම ජනගහනය එක සමානයි!

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ ගණන සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ රටේ බොන ප්‍රතිශතය අනුව. වාර්තාව අනුව ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල පරිභෝජනය සුළු අඩුවීමක් වෙලා තියෙනවා.

      Delete
    2. ඒත් ලංකාවේ වගේ තුන් ගුණයකට කිට්ටුයි.

      Delete
  5. එල ද බ්‍රා
    බ්‍රැන්ඩ් එක ගල්
    - ස්තුතියි -
    ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක
    ගල් බලකායේ කැදවුම්කරැ වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ රන් පදක්කමේ ශෙයා හෝල්ඩර්ස්ලා...

      Delete
  6. මෙච්චර බීලත් 1 වෙන්ඩ බැරි වෙලාද ෂික් අද බොනව දුකට.
    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තූතියි -
    ප්‍රචාරක ලේකම් ,ගල් බලකාය.

    ReplyDelete
    Replies
    1. ඉකොනමැට්ටාගේ සමාඡික අයදුම් පත්‍රය අනුමතය සදහා ඉදිරිපත් කරමි..
      ඔබගේ නිර්දේශය සමග අනු අත්සන යොදන්න..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. පොඩි කාලයක් ඔය සාමාජිකත්වය තිබුණා. දැන්නම් එක්ස්පයර් වෙලා සෑහෙන කල්.

      Delete
  7. චැහ් තාමත් අපි 1 නෙමෙයිද?
    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තූතියි -
    මූල්‍ය කලමණාකරු ,ගල් බලකාය.

    ReplyDelete
    Replies
    1. ඉකොනමැට්ටාගේ සමාඡික අයදුම් පත්‍රය අනුමතය සදහා ඉදිරිපත් කරමි..
      ඔබගේ නිර්දේශය සමග අනු අත්සන යොදන්න..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. මේසයක් ගානෙම එල ද බ්‍රා මෙන්ඩිස් ස්පෙෂල්නේ.

      Delete
  8. දිනූ දේ රැකගමු !!!

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    කැඳවුම්කරු , ගල් බලකාය

    ReplyDelete
    Replies
    1. ඉකොනමැට්ටාගේ සමාඡික අයදුම් පත්‍රය අනුමතය සදහා ඉදිරිපත් කරමි..
      ඔබගේ නිර්දේශය සමග අනු අත්සන යොදන්න..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. සෙට් වෙන කට්ටියගේ හැටියටනම් රැකගන්න අමාරු වෙන එකක් නෑ වගේ.

      Delete
  9. මම අහලා කියෙන කතාවකට අනුව රුසියාවේ රජතුමා මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවෙදි ක්‍රිස්තියානි ආගම තෝරාගෙන තියෙන්නේ එය මත්පැන් පානයට අවසර දෙන නිසා

    ReplyDelete
    Replies
    1. රුසියාවේ රජ්ජුරුවෝ කියන්න ඇත්තේ මට අස්ස කිරි වලින් පෙරපු කුමිෂ් බොන්න බෑ, වොඩ්කා ඕන කියලා වෙන්නැති.

      Delete
    2. ඒ ගැනනම් දන්නේ නෑ, ජගත්.

      Delete
  10. උඩ බැලුවත් - ගල්
    බිම බැලුවත් - ගල්
    එක හඬින්..!!
    බ්‍රෑන්ඩ් එක ගල්
    -ස්තූතියි-

    සුභ පතන්නගේ කමිටුව,ගල් බලකාය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අර සුරංගගේ කිතුල් ගහ මතක් වුනා එන සෙනඟ දැක්කහම.

      Delete
    2. මේ සම්මානය අපිට හිමි කරගැනිමට ප්‍රචාරන කටයුතු ආරම්භ කිරිමට සනිප වු වහාම ගල් බලකායේ රැස්විමට සහබාගි වෙන්න

      Delete
  11. බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
    අතුරු මිතුරු දඹදිවතුරු
    එදා පටන් අද වෙනතුරු
    මේ කල්පය පවතින තුරු
    අරින වහන බාර් ...
    බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
    උදේ පටන් රෑ වෙනතුරු - උතුර දකුණ නොපෙනෙන තුරු
    බොන කට්ටිය ඉන්නා තුරු - වහන්ඩ බැ බාර්
    බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...

    මුතුන් මිත්තෝ බාර් වලට ගිහින් බිව්ව කාලේ
    වාගේ නොවෙයි දැන් බැලුවම මොඩිෆයි වෙලා තාලේ
    ඕපන් වෙලා මාකට් එක තරගේ වැඩියි රාලේ
    විස්කි බ්‍රැන්ඩි ගල් පොල් බොන කාටත් එක ලිලේ ..

    බාර් තියන තරමටයිනේ බොන අය වැඩි වෙන්නේ
    සුර් වෙච්ච තරමටයිනේ සවි බල දිය වෙන්නේ
    සර් ඔහොම බොන්න ගියොත් නැති ලෙඩ ඇතිවෙන්නේ
    බාර් එකෙන් පෙනහැල්ලත් අරගන්නයි වෙන්නේ ..

    බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//

    ගායනය - නිහාල් නෙල්සන්

    ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්
    සංගීත අංශය ගල් බලකාය ...

    ReplyDelete
    Replies
    1. බෝතලේකට හැන්දකින් තට්ටුවක් වදිනවා වගේ ඇහෙනවා.

      Delete
    2. ස්තුතියි ගල් බලකායේ සංගිත අංශයට..
      බ්‍රෑන්ඩ් එක ගල්
      නැවතත් ස්තුතියි

      Delete
  12. හවසට බාර් වල ඉන්න සෙනග දැක්කාම කලකිරෙනවා අප්පා. පුදුම බීමක් බොන්නේ මිනිස්සු. දවසගානේ හවසට බොන්න පුරුදු වෙලා කොයිලෝව යන්නද මන්ද.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට අම්බලන්ගොඩයා හවසට ඔය බාර් වලට යන්නේ සෙනඟ ගණන් කරන්ඩද?

      Delete
    2. හැහ්... අම්බලමා කලකිරිල තියෙන්නෙ පෝලිම වැඩි නිසා බඩු ඉවරවෙයි කියල...

      Delete
  13. අපිට නම් ඔය බලකායේ සාමාජිකත්වය එපා.

    ලෝකේ වැඩියෙන්ම ජංගම දුරකථන භාවිතා කරන්නේ ලංකාවේ කියලා වර්තා කරලා තියෙන්නෙත් ඔය විදියට මුලාශ්‍ර නැතුව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වාර්තාවක් තිබුණද, මනෝජ්? මමනම් එය නිවැරදියි කියා හිතන්නේ නැහැ. මෙයත් සංඛ්‍යාලේඛණ තියෙන දෙයක්.

      Delete
  14. (උඩ කමෙන්ට් ගැනත් සලකල කාරණා කිහිපයක්.....)
    බීම අතින් අපි ඉහලින් ඉන්නව කියල මාත් හිතනව.(විදේශීකන්ගෙ බීම ගැන තරමක් දන්නා කෙනෙක් හැටියට)
    1.අපේ එවුන්ගෙ බීම වැඩියි. හේතුව අපි බොන්නෙ කන ගමන් නෙවේ. (සුද්දො වගේ) වෙනම බීල අන්තිමේ කන්නෙ නැතිව නිදාගන්නව.
    2.නීති විරෝධී මත්පැන් වැඩියි.
    3.ලංකාවෙ බීමෙන් ආණ්ඩුවට වාසියි. මම දැක්ක 2011ද කොහෙද සංඛ්‍යාල්ඛණ අනුව සෞඛ්‍ය මුළු වියදම 90ක්. ඒ අවුරුද්දෙ අරක්කු බදු ආදායම 44ක් හා සිගරට් ආදායම 33ක්. ඒ කියන්නෙ අමතරව සුළු ගානයි රජයටදෙන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. 1. ලෝකයේ එක් එක් රටවල බොන ක්‍රමයේ වෙනස්කම් තියෙනවා. මෙය සැසඳිය හැක්කේ නියම විදිහට කර ඇති සමීක්ෂණ වාර්තා අනුවයි. බොහෝ බටහිර රටවල ජනගහනයේ බොන ප්‍රතිශතය ලංකාවට වඩා ගොඩක් ඉහළයි. ඒත් ලංකාවෙත් බොන සුළුතර පිරිස සෑහෙන්න බොනවා.
      2. සමීක්ෂණ වලදී සාමාන්‍යයෙන් මේ තොරතුරුත් එකතු කරනවා. ඉහත දත්ත අනුව 40%ක් පමණ බොන්නේ නීති විරෝධී මත්පැන්. ඒ ගණනත් මුළු ගණනට ඇතුලත්. මා ගල් බෝතල් වලින් දක්වා ඇත්තේ තේරුම් ගැනීමේ පහසුවට.
      3. මමත් පරීක්ෂා කර බැලුවා. මේ කරුණ නිවැරදියි. මත්පැන් හා දුම්වැටි වලින් ගන්න බදු රජයේ මුළු ආදායමින් විශාල ප්‍රතිශතයක්.

      Delete
  15. ඉකොනො මිස් වෙලා තිබ්බෙ.. ආයෙත් මිස් නොවෙන්න රෝලට එල්ලගත්ත.. මම නම් කියන්නෙ බොන එකාට බොන්න නිදහස තියෙන්න ඕන... අඩුවට බොන්න තියෙන්නත් ඕන... බොන එකා මැරෙනකල් බොන්නෙ නෑ.. බොන්නෙ වෙරි වෙන්න... බෝතලේ පන්දාහට ගියත් ඌ බොනව.. ගනන් යන්න යන්න කන එක අඩු කරල බොනව... එකම විසඳුම හැලි අරක්කු නීතිගත කරන එක... අපේ වැඩපලේ ඉස්සර එකෙක් හිටිය.. අරක්කු ගනන් ගියාට පස්සෙ ඌ දවල්ට කන එක නැවත්තුව.. ටිකක් බිව්වම වෙරි වෙන්නෙ නැති නිසා... බොන මනුස්සය ගෙදර මිනිස්සුන්ට කන්න, ලමයින්‍ට ඉගෙනගන්න සල්ලි නොදුන්නත් බොන වැඩේ කරනව.. බදු ගහනව කියල කෙලින්නෙ ඒ මිනිස්සුන්ගෙ බඩට... ඒක ඛේදවාචකයක්...

    ReplyDelete
    Replies
    1. සරලවම කියනවනම්, සජ්ජා, මේක සමස්ත සමාජයේ තීරණයක්. දැන් අපි ආණ්ඩුවෙන් කොච්චරනම් කියලා දේවල් බලාපොරොත්තු වෙනවද? අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, ජාතික ආරක්ෂාව, සමෘද්ධි...තව කොච්චරනම් දේවල්ද? කිසිම රටක ආණ්ඩුවක් මේවට වියදම් කරන්න මුදල් 'උපයන්නේ' නැහැ. එය අවසාන වශයෙන් කරන්නේ රටේ මිනිස්සු. ආණ්ඩුව කරන්නේ එක්කෙනෙක්ගෙන් ගන්න දෙයක් වෙනකෙනෙක් වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් වියදම් කිරීමයි. ඒක ඒ තරම්ම සරලයි. අපි බෝතලේකට සීය සීය සම්මාදම් කරනවා වගේ. අතේ සල්ලි නැති අපේ යාළුවා අනෙත් අයගේ කැමැත්තෙන් පිනට බොනවා. ඒ නිසා ආණ්ඩුවෙන් යමක් ඉල්ලන හෝ දේශපාලනඥයෙක් යමක් පොරොන්දු වන හැම වෙලාවෙම හිතන්න වෙනවා තරාදියේ මේ පැත්ත පාත් වෙනකොට අනිත් පැත්ත උඩයන බව. ඒක බැලන්ස් කරන්න කාගේ හරි පර්ස් එකට විදින්නම වෙනවා. මේක කරද්දී ආණ්ඩුව කොමිස් එකකුත් තියා ගන්නවා (පෞද්ගලිකව ගහන කොමිස් නෙමෙයි). ඒ තමයි රජය පවත්වා ගැනීමේ වියදම්. මෙතෙන්දී ආණ්ඩුවට අඩුවෙන්ම බැනුම් අහන්න වෙන්නේ දුම්වැටි, මත්පැන් බොන කෙනාගේ සාක්කුවට කෙලියහමයි. ඔබ මීට වඩා වෙනස් විකල්පයක් ගැන මතක් කළොත් මට එහි ඇති ප්‍රශ්න පැහැදිලි කළ හැකියි. (ආපහු මේ පැත්ත මතක් වෙන්න බෝතලයක්ම පෙන්නනකම් හිටියා එහෙනම් :) )

      Delete
  16. මත්පැන් මිල වැඩිකිරීම මත්පැන් පානය පාලනය කිරීමට හේතු නොවන බව කිසිදු රටක පාලකයන් තේරුම් ගෙන නැත.

    ReplyDelete
    Replies
    1. අනිත් භාණ්ඩ වගේම මත්පැන් මිල වැඩි කළාම මත්පැන් ඉල්ලුමත් අඩුවෙනවා, විචාරක. මෙය දැන ගෙන තමයි බදු වෙනස් කරන්නේ. මෙහි ඇති වෙනස ප්‍රමාණාත්මක එකක්. මෙයට ආර්ථික විද්‍යා වචනය ප්‍රත්‍යස්ථතාව (elasticity). සරලව කිවුවොත් මිල 1%කින් වැඩි කළහම ඉල්ලුම අඩුවන ප්‍රතිශතය. මත්පැන්, දුම්වැටි වගේ ඇබ්බැහිවීම් වලදී මේ ප්‍රත්‍යස්ථතාව ඉතා අඩුයි. ඒ අතින් මත්පැන්, දුම්වැටි කියන්නේ "අත්‍යවශ්‍ය භාණ්ඩ". මෙවැනි භාණ්ඩයකට ඇති ඉල්ලුම සුළු වශයෙන් වෙනස් කරන්න මිල විශාල ලෙස වෙනස් කළ යුතුයි. හත් අට ගුණයක් බදු ගහන්නේ ඒ නිසා. මාතා සඳහන් කර ඇති පරිදි මිලෙන් 85%කට වඩා බදු කියන එක මම හිතන හැටියට නිවැරදියි. මේ බදු වලින් මත්පැන් භාවිතය පාලනය වන ආකාරය තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ බදු ඉවත් කළොත් වන දෙය ගැන සිතීම. රුපියල් 600කට අලෙවිවන බෝතලයක් හදිසියේම බදු ඉවත් කර රුපියල් 90කට දුන්නොත් බොන එක වැඩිවන ප්‍රමාණය සහ අලුතින් තරුණ-තරුණයින් බීමට ඇබ්බැහි වන ප්‍රමාණය ගැන ඔබට සිතාගත හැකියි නේද? මෙය වැලකී තියෙන්නේ බදු නිසා. හැබැයි මෙහි තවත් පැත්තක් තිබෙනවා. මේ අධික මිල නිසා සෑහෙන පිරිසක් නීති විරෝධී මත්පැන් භාවිතා කරනවා. සැර මත්පැන් බෝතලයක් බදු ඉවත්කර රුපියල් 90කට අඩුවෙන් විකිණුවොත් මේ නීති විරෝධී මත්පැන් වලට ඇති ඉල්ලුම නැතිම වෙලා යනවා. එය නොකරන ප්‍රධානම හේතුව එයින් රජයේ ආදායම විශාල ලෙස අඩුවීම. නිදහස් වෙළඳපොලක භාණ්ඩයක ඉල්ලුම සැපයුම සමතුලිත වන "නියම" මිල මේ තරම් විශාල ලෙස බදු වලින් වෙනස් කළ විට වෙළඳපොලේ විකෘති ඇතිවෙනවා. නීති විරෝධී මත්පැන් කියන්නේ එවැනි වෙළඳපොල විකෘතියක්. ඇත්තටම මේ නීති විරෝධී මත්පැන් මිලෙන් තමයි මත්පැන් වල නියම මිලට ආසන්න මිලක් පිළිබිඹු වන්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෑතකදී ගංජා නීතිගත කිරීමේදීත් බලාපොරොත්තු වුනේ මෙවැනි වෙළඳපොල විකෘතියක් නැති කිරීමයි. රජයේ අවසාන අරමුණ නිවාරනයනම් මෙසේ එකතු කරගන්නා බදුමුදල් ඒ සඳහා යෙදවිය යුතුයි. එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදුවන්නේ නැහැ. මේවා පිටුපස ඇති දේශපාලනික කරුණු ගැන මා කතා කරන්නේ නැහැ.

      Delete
  17. ගන්න අපේ දේ
    සිංහලංකා

    ReplyDelete
  18. දැක්ක නේ? මැදපෙරදිග රටවල් වලින් Teetotal තත්වයෙන් ඉහළට ඇවිල්ල තියෙන්නෙ මෙහෙ විතරයි. ඔය තත්වය රැකගන්ට බෘහස්පතින්දා රෑයි සිකුරාදා දවසෙයි අපි මොන තරම් උත්කෘෂ්ඨ කාර්යභාරයක් කරනව ඇතිද කියල ඔහෙලට දැන් සක්සුදක්සේ පැහැදිළියි නේද?අන්න එහෙමයි අපි. ගිය ගිය තැන දියුණුවෙං දියුණුවට පත්කරලයි පස්ස බලන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නං! එහෙනං ඒකයි රහස.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: