වෙබ් ලිපිනය:

Thursday, November 10, 2016

හිලරි ක්ලින්ටන්ට නොලැබී ගිය ඡන්ද


ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ ඇමරිකානු පුරවැසියන්ගේ ඡන්දයෙනි. ඇමරිකානු ජනාධිපතිවරණයකදී ඡන්දය භාවිතා කළ හැක්කේ ඇමරිකානු පුරවැසියන්ට පමණි.

කෙසේවුවද, ඇමරිකානු ජනාධිපති සටන ගැන උනන්දුවක් දැක්වූයේ ඇමරිකානුවන් පමණක් නොවේ. හිලරි ක්ලින්ටන්ගේ මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද ජයග්‍රහණය පැතූ ඇමරිකන් පුරවැසියන් නොවූ, බොහෝ විට කිසිදා ඇමරිකාවට පැමිණ හෝ නැති විශාල පිරිසක් ලොව වටා විසිර සිටියහ. මේ අයට ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඡන්දය දීමට ඉඩ ලැබුනේනම් කුමක් විය හැකිව තිබුණේද?

ජනමත සමීක්ෂණ ආයතනයක් වන  YouGov විසින් රටවල් 19 ක සිදුකළ ජනමත සමීක්ෂණ අනුව පෙනී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි සහයෝගයක් ඇත්තේ ඇමරිකාවේ පමණක් බවයි. ඇමරිකාවෙන් පිටත සමීක්ෂණය සිදුකළ සෑම රටකම වාගේ අතිමහත් බහුතරයකගේ ජනප්‍රිය අපේක්ෂකයා වූයේ හිලරි ක්ලින්ටන්ය. එම රටවල ජනතාවට ඡන්ද අයිතිය තිබුනේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් පැත්ත පළාතකවත් නැත.

'දී ඉකොනොමිස්ට්' සඟරාවේ පළවූ මේ සමීක්ෂණ ප්‍රතිඵල  අනුව, ඉන්දියානුවන් අතර ට්‍රම්ප්ට තිබුණේ 20%ක සහයෝගයක් පමණි. වියට්නාමයේදී මේ සහයෝගය 12%ක්ද, මැලේසියාවේදී 9%ක්ද වූ අතර ඩෙන්මාර්කයේදී 4%ක් පමණක් විය.



මේ රටවල් 19 අතරට ලංකාව අයත්ව තිබුණේ නැත. ඇතැම් විට ලංකාවේදී ට්‍රම්ප්ට අනෙක් රටවලදීට වඩා කැමැත්තක් ලැබෙන්නට ඉඩ තිබුණි.

(Image: http://abcnews.go.com/US/stories-missed-weekend/story?id=39293473)

6 comments:

  1. අපි මෙතන ඇවිල්ල අපේ හිතේ තියෙන දේවල් කියල කෑගැහුවට වැඩක් නෑ. ඇමරිකාවේ නායකයා තෝරගන්න ඕනේ ඒ රටේ මිනිස්සුන්ට ඕන විදිහට. ලෝකේ අනෙක් රටවල් වල මිනිස්සු වැඩියක් කැමති කාටද කියන එක වැඩක් නෑ. ඒ රටේ මිනිස්සු ඒ රටට අවශ්‍ය නායකයා තෝරාගෙන ඉදිරි වැඩ කටයුතු කරගෙන යයි. ඒ රටේ ප්‍රතිපත්ති අනුව ලෝකේ අනෙක් රටවල් එක්ක ඇමරිකානු ජනාධිපති වැඩ කටයුතු කරගෙන යයි.

    ReplyDelete
  2. මෙහේදි නං ට්‍රම්ප් දිනනව.

    ReplyDelete
  3. ඇමරිකා එක්සත් ජනපදයේත්, ඕස්ටේ‍ර්ලියාවේ මෙන් ඡන්දය දීම අන්වාර්ය කළොත් තත්වය මොනවගේ වෙන්න තිබුණා ද කියා සොයා බලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙය මම දකින විදිහට විශාල බලහත්කාරකමක්. ඡන්දය කැමති කෙනෙකුට දීම මෙන්ම නොදීමත් මගේ අයිතියක්. මෙවැන්නක් ඇමරිකා එක්සත් ජනපදයේ ළඟ පාතකදීනම් සිදුවීමට ඉඩක් ඇත්තේම නැති තරම්.

      Delete
  4. ලංකාව ට්‍රම්ප්ට සපෝට් කළත් ට්‍රම්ප් ලංකාව කියල රටක් දන්නවද කියලවත් ෂුවර් නැහැ. මං මේ දවස්ලව උත්තර හොයන්නෙ ඒ ප්‍රශ්ණෙට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දන්නවා! ඊළඟ ලිපිය බලන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: