වෙබ් ලිපිනය:

Sunday, October 21, 2018

2020 දී මොකක් වෙයිද?


දෙදාස් විස්සෙදී මොකක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. අනාගතයේ වෙන දේවල් අපට නිශ්චිතවම දැනගන්න විදිහක් නැහැ. නමුත්, එයින් කියන්නේ අනාගතය තනිකරම අහම්බයක් කියන එක නෙමෙයි. අද අපි ගන්නා තීරණ අනාගතය වෙනස් කරනවා. හරියට සැලසුම් කළොත් අනාගතය වඩා හොඳ විදිහකට වෙනස් කරගන්න බැරිකමක් නැහැ.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහින් දැන් අවුරුදු පණහකට කිට්ටුයි. ඒ වෙන විට මම ඉපදිලා හිටියත් මේ ගැන සංවේදී වන වයසක නෙමෙයි හිටියේ. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඒ කාලයේ ඉපදිලා නැහැ. එහෙම නැත්නම් මම වගේම ඒ කාලයේ මේ ගැන සංවේදී නැති කුඩා දරුවෙක්. මෙය කියවන අය අතරේ ඔය හඳ ගමන හරියටම මතක තියෙන අයත් සෑහෙන පිරිසක් ඇති. නමුත්, අද ජීවත් වන බොහෝ දෙනෙක්ට ඕක තවත් ඉතිහාස කතන්දරයක් විතරයි.

ආම්ස්ට්‍රෝන් හඳට යන්න කලින් දශක දෙක අභ්‍යාවකාශ තරණය හා අදාළව ගොඩක් දේ සිදු වුනු කාලයක්. නමුත්, ආම්ස්ට්‍රෝන්ගේ හඳ ගමනින් ටික කාලයකට පස්සේ ඒ ගැම්ම අඩු වෙලා ගියා.

අභ්‍යාවකාශ තරණය හා අදාළව මුලින්ම ඉදිරියෙන් හිටියේ සෝවියට් දේශය කියා කියන්න පුළුවන්. ඇමරිකාව වැඩේට බර දැම්මේ සෝවියට් දේශයට දෙවෙනි වෙන්න තිබුණු අකැමැත්ත එක්කයි. ඇමරිකාවට සෝවියට් දේශයට වඩා කලින් මිනිහෙක්ව හඳට යවන්න පුළුවන් වුණත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වුණා. ගැම්ම අඩුවෙලා යන්න මේ වියදම හේතු වුනා කිවුවොත් එය බොරුවක් නෙමෙයි.

අවුරුදු පණහකට පස්සේ දැන් ආයෙත් ඇමරිකාව හඳත් එක්ක ඔට්ටු අල්ලන්න ලෑස්ති වෙමින් ඉන්නවා. මේ පාර කලින් සැරේ වගේ හඳට ඇමරිකානුවෙක්ව යවලා වැඩේ නවත්වන්න අදහසක් නැහැ.

සැලසුම තිබෙන්නේ හඳ වෙත අඛණ්ඩව ගමන් බිමන් පවත්වා ගැනීම සහ එතැනින් එහාට අඟහරු පැත්තටත් ඔලුව දා ගැනීම. 2020 අන්තිම වෙද්දී නැවත වරක් ඇමරිකානුවෙක් හඳ මත පා තැබීමත් 2030 පමණ වෙද්දී අඟහරු ගමනක් ආරම්භ කිරීමත් සැලසුම් කෙරෙමින් තිබෙනවා. පසුගිය අගෝස්තු 12 වෙනිදා ඉර කිට්ටුවට ගමන් ආරම්භ කළ පාකර් ප්‍රෝබ් එකත් මේ සැලසුම් වලම කොටසක්. ආම්ස්ට්‍රෝන් හඳට යාමේ සිද්ධිය දිහා කුතුහලයෙන් බලා සිටි පරම්පරාවට ලැබුණු, අපට නොලැබුණු අත්දැකීම අපටත් වැඩි කල් නොයා විඳගන්න ලැබෙයි.

පසුගිය දවසක නාසා ආයතනයේ සේවය කරන මිතුරෙකු සමඟ අප කිහිප දෙනෙකු මේ දේවල් ගැන කතා බහක යෙදෙමින් හිටියා. මෙහිදී, අපේ එක් මිතුරෙකු දැඩි ලෙස තර්ක කළේ කරන්න ඕනෑ තරම් දේවල් තියෙද්දී අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලට මෙවැනි විශාල මුදලක් වැය කිරීම නාස්තියක් බවයි.

මේ අදහස ඔහුගේ පමණක් වන අදහසක් හෝ අලුත් අදහසක් නෙමෙයි. මම හිතන්නේ මේ අදහස දරන විශාල පිරිසක් ඉන්නවා. සමහර විට අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘති කාලයක් යට ගිහින් තියෙන්න හේතුවෙන්න ඇත්තෙත් මෙවැනි අදහස්. එහෙමනම්, නැවතත් අභ්‍යාවකාශ තරණය ආකර්ශනීය අදහසක් වෙලා තියෙන්නේ කොහොමද?

මම හිතන්නේ ලෝක බලතුලනයේ සිදු වෙමින් පවතින වෙනස්කම් මෙයට හේතු වනවා කියලයි. කලින් සිටම අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටි රුසියාවට අමතරව නැගී එන අලුත් ලෝක බලවතුන් වන චීනය හා ඉන්දියාවත් අභ්‍යාවකාශය දිහා බලාගෙනයි ඉන්නේ. යම් විදිහකින් ඇමරිකාවට කලින් වෙනත් රටක් හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතුරුවොත් ඒ සිද්ධියම ලෝක දේශපාලනයේ ඇමරිකාවට තිබෙන තැන එක වර වෙනස් කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට ඇමරිකාවේ ආධිපත්‍යය හඳ දක්වා දිගු වුනොත් ඇමරිකාවට පෘථිවිය මත තිබෙන තැන තවත් ස්ථාවර වෙනවා.

මේ හේතු නිසා, මේ පාර ඇමරිකාව හඳට යාමෙන් නොනැවතී හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතිරීමේ සිට එයින් ඔබ්බට අත පොවන එක දක්වා ගොඩක් දේවල් නොවෙන්න හේතුවක් නැහැ. බරපැන වැඩි වුවත් ඇමරිකාවට ඒ බරපැන දරන්න බල කෙරෙන හේතු පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

(Image: https://en.wikipedia.org/wiki/Parker_Solar_Probe)

11 comments:

  1. මුල් ගමනට වඩා තාක්ශනේ සෑහෙන දියණු නිසා මේ සැරේ සෑහෙන වෙනසක් තියෙයි.. ලයිව් බලන්න පුළුවන් වෙයි හැමෝටම. ඇමරිකාව හඳ මෙච්චර කාලයක් අමතක කරලා දාන්න හේතුව ගොඩක් වෙලාවට දේශපාලනික සහ මුල්‍ය ගැටළු කියලයි මම අහල තියෙන්නේ. නාසා එකෙන් නොගියත් වැඩිකල් නොගිහින් SpaceX, Virgin Galactic වගේ පුද්ගලික සමාගම් හඳේ ආධිපත්‍යය තහවුරු කර ගනියි... අපේ ජිවිත කාලෙදිම space elevator එකකුත් හැදෙනවා දකින්නයි මගේ ආසාව. අනිත් ආසාව තමා කොහොම හරි අභ්‍යවකාශ ටුවර් එකක් යන්න සල්ලි හම්බ කරගන්න එක.. හෙහ් හෙහ්.

    ඔය ඔක්කොටම කලින් james webb එක යැව්වොත් තවත් පිස්සු හැදෙන දේවල් දකින්න ලැබෙයි.. ඒක යවන එක හැමදාම කල් දානවා...

    ReplyDelete
    Replies
    1. මේක ට්‍රයි කරහං. කව්ද දන්නේ උඹටත් චෑන්ස් එකක් තියේද කියලා

      https://dearmoon.earth

      Delete
    2. එකට යන්න පුළුවන් මොකක් හරි හැකියාවක් තියෙන මිනිස්සුන්ට විතරයි බං... අපි වගේ හාල් කෑලි ගන්නේ නෑ... වර්ජින් ගැලක්ටික් විතරයි සල්ලි තියෙන ඕනේ කෙනෙකුට යන්න අවස්තාව දෙන්නේ... කැටයක් අරන් රුපියලෙන් රුපියල එකතු කරනවා මම මේ දවස් වල

      Delete
  2. ඔබාමා හඳ පැත්තකට දාලා තිබුන ඇජෙන්ඩා එක ට්‍රම්ප් ඇදල ගැහුවා ඉස්සරහට. කොච්චර දේවල් කරන්න තිබුනත් ඔය සල්ලි විදයං කරල අභ්‍යාවකාශයය ජය ගන්න එක කව්රුන් හෝ කරන්න ඕන දෙයක්. ට්‍රම්ප් කිව්ව නේද අභ්‍යවකාශ ආරක්ෂක කණ්ඩාමයක්ද මොකක්ද හදනවා කියලා. දැනටමත් ස්පේස්එකස් හඳ පැත්තේ රවුමක් ගහල එන්න BFR එකට බුකින් එකක් අරගෙන. #dearmoon නමින් ඒ ව්‍යාපෘතිය කෙරෙමින් පවතිනවා. ඒ අස්සේ චීනේ 2020 දි කෘතිම හඳක් (ඇත්තටම ආලෝකය විහිදුවන මොකක් හරි එකක් වෙන්න ඇති) ප්‍රධාන නගරයක උඩින් රදවල රාත්‍රි විථි ලාම්පු වලට වැය වන මුදලට අඩු කරගන්න හදනවා. කෝම උනත් මට හිතෙන විදියට අඟහරු ජය ගැනීමට පෙර අපි හඳ ජය ගැනීම ඒ කියන්නේ නිතර යෑම් ඊම් රැඳි සිටීම් කරන්න ඕන.

    ReplyDelete
  3. මේ ඉකොනොමැට්ට, අර රොකට් එකක් හදපු මල්ලිව (අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්/පුතෙක්) පොඩ්ඩක් උනන්දු කරන්න ඔය නාසා එකේ ඉන්න යාලුවෙක් ලව්වා පොඩි අගය කිරීමක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් වටිනවා. නිකං ඊමේල් එකක්, කෝල් එකක් වගේ දෙයක් ලැබුනත් කොල්ලට ඒක ගොඩක් වටියි...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් තියෙනවද?

      Delete
    2. මේකේ තියෙනවා විස්තරේ
      https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20181015/281539406922002

      මේකෙත් කෙටියෙන් තියෙනවා
      http://www.dailynews.lk/2018/10/15/local/165510/presidents-support-student-launch-rocket

      මේක ගැන ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ අගය කිරීමක් කළා
      https://www.youtube.com/watch?v=7hwNjrokoTk

      මේ කියන විදියට මේක උඩ යවන්න තාක්ෂණිකව පුළුවන් ද කියල මම දන්නේ නෑ.. හැබැයි පොඩි එකාට සතුටක් දැනෙයි විශේෂඥ උපදෙසක් ලැබුනොත්

      මම ඉස්කෝලෙන් වැඩිදුර විස්තර අරන් දෙන්නම්

      Delete
  4. දැන් නම් එකදිගටම blog එකට ලිපි එනවා.
    +++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලන්ගෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය හා උනන්දු කිරීම් වලට සතියක නිවාඩුවක් එකතු වීමේ ප්‍රතිඵලය.

      Delete
  5. ඉකොනොමැට්ට,

    //කලින් සිටම අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටි රුසියාවට අමතරව නැගී එන අලුත් ලෝක බලවතුන් වන චීනය හා ඉන්දියාවත් අභ්‍යාවකාශය දිහා බලාගෙනයි ඉන්නේ. යම් විදිහකින් ඇමරිකාවට කලින් වෙනත් රටක් හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතුරුවොත් ඒ සිද්ධියම ලෝක දේශපාලනයේ ඇමරිකාවට තිබෙන තැන එක වර වෙනස් කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට ඇමරිකාවේ ආධිපත්‍යය හඳ දක්වා දිගු වුනොත් ඇමරිකාවට පෘථිවිය මත තිබෙන තැන තවත් ස්ථාවර වෙනවා.//

    පුළුල් ඇමරිකා-චීන වෙළඳ සටන මත ඇමරිකාවේ සටන්කාරී ක්‍රියාවන් හමු වේ චීනය ඉවසීලිවන්ත ආකල්පයෙන් රැඳී සිටී. පුළුල් අනාගතය චීන ආර්ථික මෙවර වෙළඳ සටනට ශක්තිමත් වෙඩි බෙහෙත බවට විශ්වාස කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව, මෙම වසරේ මුල් මාස හය තුළ, චීනය විදේශ ආයෝජන මුදල් ඇ. ඩො. බිලියන 70ක් ආකර්ෂණය කර තිබේ.

    ලෝකයේ විශාලත ම විදේශ සෘජු ආ‍යෝජන ලැබූ රට බවට චීනය පත් වී ඇත. ඒ හා සැසඳා බැලීමේදී පසුගිය මාසයේ ඇමරිකාවට එරෙහි චීන වෙළද අතිරික්තය අලුත් වාර්තාවක් ලෙසට ඉහළ ගියේය. ට්‍රම්ප් ගේ වෙළඳ සටන්කාරි උපාය අසමත් වෙමින් පවතින බව ඉන් පිළිබිඹු වෙයි, පමණක් නොව, ට්‍රම්ප් රජයට ඊට විශාල දේශපාලන අලාභයක් දැරීමට සිදු වනු ඇතැයි සඳහන් කෙරේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: