වෙබ් ලිපිනය:

Wednesday, January 8, 2020

ට්‍රම්ප් ජාතිය අමතයි!


මීට ටික වෙලාවකට පෙර ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතුවා. එහිදී දැනුම් දුන් පරිදි ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් කිසිදු ඇමරිකානුවෙකුට තුවාල සිදු වී නැහැ. ප්‍රහාරයකට පෙර සූදානම්ව සිටි නිසා හානියක් සිදුවීම වලක්වා ගත හැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් පැවසුවා.

ජනාධිපති ට්‍රම්ප් විසින් මේ කතාවේදීද කාසිම් සොලෙයිමානි ඝාතනය සාධාරණීකරනය කළා. එමෙන්ම, මෙය කලින්ම කළ යුතුව තිබුණු දෙයක් බවටද අදහස් පළ කළා. එමෙන්ම, ඉරානයට න්‍යෂ්ඨික අවියක් හැදීමට කිසි විටෙකත් ඉඩ නොතබන බවද අවධාරණය කළා.

මේ වන විට ඇමරිකාව ලෝකයේ විශාලතම ඉන්ධන හා ස්වභාවික වායු නිෂ්පාදකයා බවත්, ඇමරිකාවේ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් දැන් වෙනත් රටවල් දෙස බලා සිටිය යුතු නැති බවත් මතක් කරන්නටත් ඔහු අමතක කළේ නැහැ.

කාසිම් සොලෙයිමානි ඝාතනය පිළිබඳව ඇමරිකානු ජනමතයේ බෙදීමක් දැකිය හැකි වුවත්, රිපබ්ලිකන් පාක්ෂිකයින් බහුතරය මේ සිද්ධියෙන් පසුව තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ගේ දෑත් ශක්තිමත් කරමින් සිටිනවා. යම් හෙයකින් ඉරාන මිසයිල ප්‍රහාර වලින් ඇමරිකානුවන්ට හානි වී තිබුනානම් ඇමරිකාවට අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට සිදු වෙනවා. එසේ වුනානම් මෙය දිගින් දිගටම ඇදෙනවා.

ඉරාන ප්‍රහාර වලින් ඇමරිකාවට හානි සිදු වී නැති නිසා ඇමරිකාවට නැවත ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් පැන නැගී නැහැ. එමෙන්ම, ඉරානය විසින්ද ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව විසින් නැවත එකට එක කිරීමක් නොකළහොත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් යොමු නොවනු ඇති බවයි.

12 comments:

  1. හැක් !! ට්‍රම්ප් ලොජික්... ගේ කුඩු පට්ටම් හැබැයි මිනිස්සු මැරිලා නැති නිසා මම ගනන් ගන්නෙ නෑ කිව්වලු..

    එහෙම බොරුවකින් ලජ්ජාව වහගෙන හරි ඕක නවත්වනවනම් මුළු ලෝකෙටම හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව කියන්නේ ලෝකයේ ලොකුම සහ කුජීතම ත්‍රස්තවාදියා, ලෝකයේ කාලකන්නිම ජාතිය. එහෙම වෙන රටක කෙනෙක් කොහොමද ඝතනය කරන්ඩ අයිතිය දීලා තියෙන්නේ? ජාත්යන්තර සංවිධාන මීක් නෑ.. ඕස්ට්‍රේලියාවට ආපු ගින්න ම්ලේච්ඡ ඇමරිකාවටයි වඩා සුදුසු.

      Delete
  2. Nakiyo dennek heppenakota wena vinasa meeta kalin dekala nedda ?

    ReplyDelete
  3. මාමෙ #ක නොදී ඉන්නවද? අපිට පාඩුවේ ඉන්න දීපල්ල. අනුන්ගෙ ගිනි අවුලවන්නෙ නැතුව

    ReplyDelete
  4. මමත් හිතන්න්නෑ සෙබලුන්ට හානි සිද්ධ වෙච්චි බවක්. ඉරානය කියන්නේ සද්දේ තරමට වැඩ නැති ජාතියක්. කොහොම උනත් උන්ගේ පොනේන්ෂල් එක ඉස්සරහට අරගෙන යන ලෝකය උදව් කරනවා නං ඉරානය ධාර්මික මගට ගත හැකි ජාතියක් කියල හිතෙනවා.

    ReplyDelete
  5. ඉරානේ ප්‍රධාන සංගනායක ධුරන්ධර ටෙහෙරාන් නුවරවාසි අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති මහානායක ආධිපාද ස්ථිවරයන්වහන්සේ මේ ගැන මොකද කියන්නේ?

    ReplyDelete
  6. ඇමෙරිකාවට ආයේ තෙල් වලට යුද්ධ කරන්න ඕන්නේ නෑ...shale Gas එක්ස්ට්‍රැක්ට් කරන technology development එකත් එක්ක ඇමෙරිකාවට තෙල් වෙනුවට විකල්පයක් හම්බ උනා..පසුගිය ටිකේ තෙල් බැරල් එකේ මිල පල්ලෙහා ගිහින් තිබ්බෙත් ඒකයි....ට්‍රම්ප් ට ඕනා උනේ ඌට ඇවිල්ල තියෙන දේශාභියෝගයට distraction එකක්..නැතුව ලෝක යුද්ධයක් නෙමේ...ඉරානෙටත් ඇමෙරිකාවේ ටෙක්නොලොජි එකත් එක්ක යුද්ධ කරන්න බෑ...තේරුමක් නෑ...ඒත් ලෙයට ලෙයින් පලිය ගනීවී... ඊට පස්සෙ පොඩ්ඩක් දෙපැත්තටබුරලා නිකං ඉන්නවා...ලොක යුද්ෂ වලට කවුරුත් යන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ට්‍රම්ප්ට අවශ්‍ය වෙලා තිබුණේ දෝෂාභියෝගයට distraction එකක් සහ තමන්ගේ අනුගාමිකයින්ට පොඩි කික් එකක් දෙන්න විතරයි. ඕනෑවට වඩා දුර දිග ගියානම් වැඩේ backfire වෙනවා. එහෙමනම් වාසිය යන්නේ විරුද්ධ පක්ෂයට. ඉරානය වැඩේ දුරදිග ගෙනියන එකක් නෑ කියන විශ්වාසයෙන් තමයි අවදානම ගන්න ඇත්තේ. සමහර විට බුද්ධි අංශ ඒ බව තහවුරු කර තියෙන්න ඇති. ඉරානයටත් ඇමරිකාවට එකට එක කළ බව රට ඇතුළේ මිනිස්සුන්ට පෙන්වීමට සහ රටින් පිටත තමන්ට වාසිදායක මතයක් හදා ගන්න එක මිසක් යුද්දෙකට ගිහින් ඇනගන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා දෙපැත්තෙන්ම බලාපොරොත්තු වුන දේ තමයි සිදු වුනේ. හැබැයි ඉතිං ඔය වගේ වැඩ වලදී පොඩ්ඩක් එහා මෙහා වුනොත් දෙපැත්තටම අඩියක් පස්සට ගන්න බැරි තැනකට තල්ලු වීමේ අවදානම තිබෙනවා.

      Delete
    2. මේ වෙලාවෙ මැදපෙරදිග කලාපයේ දරුණුම හතුරා වන ඇමරිකාවෙන් යුධමය වශයෙන් පලිගැනීමට යාම ප්‍රඥාගෝචර නොවේ. මැදපෙරදිග ඇතුලු ගල්ෆ් කලාපයේ රටවල් ඇමරිකන් උගුලෙන් ගැලවී එකිනෙකා සමග සමීපව බැඳී ඇමරිකාව භූදේශපාලනිකව හුදෙකලා කිරීමේ දිගුකාලීන ක්‍රමෝපායන් මූලෝපායන්ට යාමයි කල යුතු. මට පේන විදිහට ඒක වෙමින් පවතිනවා. කාලයක් තිස්සේ ජන්මාන්තර හතුරු ඉරාක් ඉරානය සමග සමගියෙන් ඇමරිකන් විරෝධය පළ කරමින් සිටින බව පෙනේ. ඉරානය සවුදි අරාබිය ඇතුලු අනික් රටවල් සමග සබඳතා වර්ධනය කර ගන්නා ආකාරය ඊලඟට දකින්න පුළුවන් නේද?

      Delete
  7. මොකා ගැටුනත් වැඩිපුර තැලෙන්නේ හාල්මැස්සෝ .

    ReplyDelete
  8. රුසියාවෙන් කරපු නිවේදනයක් තියෙනව

    "ත්‍රස්තවාදය මැඩීමට පිහිටුවී යැයි කියන එක්සත් ජනපදය ප්‍රමුඛ ‘ජාත්‍යන්තර සන්ධානය’ පිහිටුවීමට බොහෝ කලකට පෙර සිරියාව සහ ඉරාකය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් වන ඉස්ලාමීය රාජ්‍ය [IS] සහ අල්කයිඩා සංවිධානයට එරෙහිව හමුදාමය මෙහෙයුම් සංවිධානය කරනු ලැබුවේ සොලෙයිමනීගේ සෘජු අණ යටතේ ය. "

    ඇමරිකාවට යුද්ධයක් ඕන වෙලා තියෙන්නෙ ඒ අයගෙ මිලිටරි බජට් එක ඇතුළු වියදම් වලට; ඒකට අවශ්‍ය පසුබිම තමයි හැදුවෙ.

    ReplyDelete
  9. ජාතිය අමතනවද
    ජාති දානවද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: