වෙබ් ලිපිනය:

Saturday, June 27, 2020

ගුණරුවන් වාර්තාව හා MCC සල්ලි වලට වූ දේ


මහ බැංකුවේ අර්බුදය, කෝවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය, ලංකාවේ කෘෂිකර්මය, එළැඹෙන මහ මැතිවරණය, එළැඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය වගේ ගොඩක් දේවල් ගැන ලියන්න අවශ්‍යව තිබුණත් මේ දවස් වල වෙනත් වැඩක හිර වී ඉන්න නිසා ලොකුවට කාලය මිඩංගු කරන්න අමාරුයි. නමුත්, ගුණරුවන් වාර්තාව එළියට පැමිණීමෙන් පසුව ඒ ගැන කිසිවක්ම නොලියාත් බැහැ. බ්ලොග් එක වෙනුවෙන් යෙදිය හැකි කාලය සීමිත නිසා ලියන්න වෙන්නේ ලියන්න අවශ්‍ය දේවල් වලින් ඉතාම සුළු කොටසක් පමණයි.

"සය මසකට ආසන්න කාලයක් පුරා මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයන් හා විමර්ශනයන්හි තොරතුරුද, ඒ මත කරන ලද නිරීක්ෂණයන් හා බැසගත හැකි වූ තාර්කික නිගමනයන්ද, ප්‍රස්තුත ගිවිසුම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබීම යෝග්‍ය බවට කමිටුව විසින් කෙරෙන නිර්දේශයන් ද ඇතුළත් කරමින් කමිටුවේ අවසන් වාර්තාව මෙසේ ඉදිරිපත් කෙරෙයි."

කමිටුව විසින් වාර්තාව සකස් කර තිබෙන්නේ මාස හයක කාලයක් අරගෙනයි. කමිටුවේ අධ්‍යයන ක්‍රමවේදය වාර්තාවේ හය වන පිටුවේ විස්තර කර තිබෙනවා. එහි අධ්‍යයනය සඳහා පාදක කරගත් තොරතුරු ලබාගත් ආකාර අටක් සඳහන්ව තිබෙනවා. එයින් අටවැන්නට අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමද ඇතුළත්.

මා මේ ලිපිය ලිවීමට පාදක කරගන්නා එකම මූලාශ්‍රය අන්තර්ජාලයයි. එමෙන්ම මා මේ සඳහා පැය කිහිපයකට වඩා මිඩංගු කරන්නේ නැහැ. එහෙත්, කමිටු සාමාජිකයින්ට සොයා ගත නොහැකි වූ ඇතැම් දේවල් ඕනෑම කෙනෙකුට ගූගල් සෙවුමක දුරින් හොයා ගන්න පුළුවන්. මේ ලිපියේ ඉදිරිපත් කරන්නේ කියවන ඕනෑම පාඨකයෙකුට එසේ පහසුවෙන් සොයා ගත හැකි තොරතුරුයි.

MCC ගිවිසුමේ ප්‍රධාන ව්‍යාපෘති යෝජනා දෙකම දැනට ලංකාව සිටින තත්ත්වයේ සිට ඉදිරි පිම්මක් පැනීමට ඉඩ සලසන ඉතා හොඳ ව්‍යාපෘති බව මගේ පෞද්ගලික අදහසයි. ඒ බව මා මීට පෙර ද කියා තිබෙනවා. ඒ අවස්ථාවේදී ඇතැම් අය එවැනි ප්‍රකාශයක් දැක්කේ එවකට පැවති එජාප ආණ්ඩුවට වාසිදායක ප්‍රකාශයක් ලෙසයි. දැන් එජාප සාධකය නැහැ. එජාප ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු ව්‍යාපෘති යෝජනා දැන් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළත් ඒ වාසි අඩු වන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික අදහස ආණ්ඩු මාරුවෙන් පසුව වෙනස් වී නැහැ.

මා අදටත් මේ ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ඩොලර් මිලියන 480ක  මුදලක් නිකම් ලැබෙන නිසා නෙමෙයි. නිකම් ලැබෙන නිසා ඕනෑම දෙයක් ගත යුතුයි කියන මතයේ මම නැහැ.

ලංකාව ගොඩ යන්නනම් කළ යුත්තේ කුමක්ද කියන එක බොහෝ දෙනෙක් වරින් වර මගෙන් අහන ප්‍රශ්නයක්. මා විසින් මේ කළ යුතු දේවල් ලැයිස්තුවක් හදනවානම් MCC ගිවිසුමේ ප්‍රධාන ව්‍යාපෘති යෝජනා දෙකම හෝ ඊට ආසන්නව සමාන යෝජනා අනිවාර්යයෙන්ම එහි උඩට එනවා. ඒ යෝජනා දෙක අතරින්ද වඩාත්ම ඵලදායී යෝජනාව ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනාවයි.

මා එසේ හිතන්නේ තනිකරම ලංකාවේ පැත්තෙන් බලලා. MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවානම් එය කරන්නේ රනිල්ගේ නායකත්වයෙන්ද ගෝඨාභයගේ නායකත්වයෙන්ද කියන එක වැදගත් කරුණක් නොවනවාක් මෙන්ම මේ ගිවිසුමේ ඇති ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කරන්නේ MCC ගිවිසුම යටතේද නැද්ද කියන එකත් වැදගත් කරුණක් නෙමෙයි. මා මේ ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් පෙනී සිටින්නේ එම යෝජනා MCC ගිවිසුමේ ඇතුළත්ව තිබෙන නිසා නෙමෙයි. MCC ගිවිසුම ප්‍රශ්නයක්නම් එය ක්‍රියාත්මක නොකර අදාළ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කළත් ප්‍රශ්නයක් නැහැ.

ලංකාවට දැන් සිටින අදියරේ සිට ඉදිරි පිම්මක් පනින්න විශාල ඉඩම් ප්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඔවුන්ගේ වාසියට ක්‍රියාත්මක කළ ඉඩම් පනත් දෙකක හානිය ආපසු හැරවිය හැක්කේ එසේ කිරීමෙන් පමණයි.  කොහොම වුණත් මේ අවස්ථාවේ ලංකාවේ බොහෝ දෙනෙක් MCC ගිවිසුමේ ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනාවට අකැමැති බව පෙනෙන නිසා රටේ බහුතර ජනතාව විසින් කරුණු අවබෝධ කරගන්නා තුරු එවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීම යෝග්‍ය නැහැ. ඒ පදනම මත මේ අවස්ථාවේ වත්මන් MCC ගිවිසුම අත්සන් කළ යුතුයැයි මා සිතන්නේ නැහැ. රටේ බහුතර ජනතාවගේ සහයෝගය නැතිව ක්‍රියාත්මක කරන කොයි තරම් හොඳ ප්‍රතිසංස්කරණ යෝජනාවක් වුවත් සාර්ථක නොවෙන්න ඉඩකඩ වැඩියි.

මේ ලිපියෙන් මා MCC ගිවිසුමේ හොඳ නරක හෝ එහි අන්තර්ගතය ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන්නේ වාර්තාවේ පසුබිම් කරුණු වලට පමණයි. ගුණරුවන් වාර්තාවේ දෙවන පිටුවේ මේ පසුබිම් කරුණු සඳහන් වෙනවා.

"එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් MCC පණත අත්සන් කළ මුල් අවදියේම, එනම් 2004 පෙබරවාරි 11 දින, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් MCC ප්‍රදාන ලබා ගැනීම උදෙසා අපේක්ෂකත්වයට ශ්‍රී ලංකාව සුදුසු බව දන්වනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් සිය යෝජනා MCC වෙත ඉදිරිපත් කරන ලද බව 2004 දෙසැම්බර් 29 දාතමින් යුතු අංක 373 සහිත තානාපති සටහනෙහි සඳහන් වුවද එවැනි යෝජනා අඩංගු ලිපි ලේඛන කිසිවක් කමිටුවට ඉදිරිපත් වී නැත. ඉන් අනතුරුව, 2005 දෙසැම්බර් 8 දින 2006 දෙසැම්බර් 7 දින ලිපි මගින්ද මේ බව MCC ආයතනය විසින් එවක ශ්‍රී ලංකා ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නැවතද දන්වනු ලැබ තිබුණද, 2015 වන තෙක් රජය විසින් මේ පිළිබඳව යම් ඉදිරි පියවරක් ගෙන ඇති බවක් කමිටුවට නිරීක්ෂණය නොවේ."

ගුණරුවන් වාර්තාව අනුව ඇමරිකාව  MCC ආධාර දෙන්න කොයි තරම් උත්සාහ කළත් 2015දී ආණ්ඩුව වෙනස් වන තුරුම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එයට කැමති වෙලාම නැති බවයි පෙනෙන්නේ. ඒ ඇත්තද?

ඇමරිකාව MCC ආධාර ලබා දීම සිදු කරන්නේ නිශ්චිත පදනමකින්. මේ පදනම මා පෙර විස්තර කර තිබෙනවා. MCC ආධාර ලබා දෙන ක්‍රමවේදයේ වෙනස්කම් ගණනාවක්ම තිබෙනවා. එක පැත්තකින් බැලුවොත් මේ හරහා වෙන්නේ විදේශ ආධාර හරහා ලෝකයේ රටවලට දේශපාලනික බලපෑම් කිරීමට ඇමරිකාවේ විධායකයට (ජනාධිපතිවරයාට) ඇති හැකියාව සීමා කිරීම. මේ ආධාර ලබා දීමේදී ඉටු වන්නේ ඇමරිකාවේ ව්‍යවස්ථාදායකයේ අභිලාෂයි. ඒ කියන්නේ, පුද්ගල රුචිකත්වයන් වෙනුවට නීති ප්‍රතිපාදන අනුව එහෙමත් නැත්නම් ඇමරිකානුවන්ගේ පොදු අභිලාශ අනුව කටයුතු සිදුවීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමයට වගේම MCC ආධාර වැඩ සටහනටත් වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් නොදක්වන්නේ මේ හේතුව නිසයි.

- ආධාර ලබා දීම සඳහා රටවල් තෝරා ගන්නා ක්‍රමවේදය (MCC rewards performance, not promises.): මේ යටතේ ආධාර ලැබෙන්නේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා නැඹුරුවක් ඇති රටවල් වලටයි. මෙහිදී කිසියම් රටක් විසින් කරන්නට බලාපොරොත්තු වන බව කියන දේවල් වෙනුවෙන් නොව දැනට කර ඇති දේවල් අගය කිරීමක් කෙරෙනවා. ලකුණු ලබා දෙන ක්‍රමවේදය දැනුම් දීමෙන් පසුව ආධාර කිසිවක් ලබා දෙන්න පෙරම ඇතැම් රටවල තත්ත්වයන් හොඳ අතට වෙනස් වී තිබෙනවා.

- ලබා දෙන ආධාර මුදල (MCC assistance is an investment): ඉහත ඉලක්කය අත් කර ගත හැක්කේ දැනෙන තරමේ ලොකු ආධාර මුදලක් රටකට ලබා දීමෙන් පමණයි. එවැනි ලොකු මුදලක් එක් ව්‍යාපෘතියකට ලබා දීමේදී එයින් අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙන බව පෙනී යා යුතුයි.

- ව්‍යාපෘති යෝජනා අදාළ රටවල් විසින්ම සකස් කිරීම (MCC gives responsibility to its partners): සම්ප්‍රදායිකව සිදු වුනේ ආධාර දෙන රටවලට අවශ්‍ය ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමයි. MCC ආධාර වැඩසටහන මේ සම්ප්‍රදායෙන් බැහැර වී එක් එක් රටවල් විසින් ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා අතරින් කිහිපයක් තරඟකාරී පදනමින් තෝරා ගන්නවා.

- පාරදෘශ්‍යභාවය හා පුළුල් සහභාගීත්වය: ඇමරිකාවේ විශ්වාසය අනුව රටක ආණ්ඩුවට අමතරව විරුද්ධ පක්ෂය, සිවිල් සංවිධාන ආදියත් ව්‍යාපෘති යෝජනා පිළිබඳව එකඟ විය යුතුයි. යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුව කියන විදිහට මේ යෝජනා වලින් රටේ විශාල පිරිසකට සෙත සැලසෙනවානම් එවැනි පුළුල් සහයෝගයක් නැති වෙන්න හේතුවක් නැහැ.

MCC පණත සම්මත කිරීමෙන් පසුව 2004 ජූලි මාසයේදී මුල් වරට අදාළ ආදායම් සීමාවේ සිටි රටවල් 68ක් තෝරාගෙන එම රටවල "ලකුණු පුවරු" සකස් කිරීමෙන් පසුව අදාළ ලකුණු මට්ටම ඉක්මවා සිටි රටවල් 16ක් 2004 නොවැම්බර් මාසයේදී තෝරා ගැනුණා. ඒ අනුව, 2005 වසරේදී MCC අරමුදල් ලබා ගැනීම සඳහා සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට මේ රට වලට හැකි වුනා. අදාළ රටවල් 16 ට ලංකාවද ඇතුළත් වුනා. එතැන් සිට සෑම වසරකම මේ ලැයිස්තුව යාවත්කාලීන කරනවා. එහිදී ඇතැම් රටවල් ලැයිස්තුවෙන් ඉවත් වෙනවා. වෙනත් රටවල් ලැයිස්තුවට එකතු වෙනවා. 2004 ලැයිස්තුවට ඇතුළත්ව සිටි කේප් වර්ඩ් ඊළඟ වසරේදී ලැයිස්තුවෙන් ඉවත් වුනා. මොන්ගෝලියාව අලුතින් එකතු වුනා.

මුල් වටයේදී හා දෙවන වටයේදී සුදුසුකම් ලැබූ රටවල් 17න් 15ක්ම 2005-2007 කාලය ඇතුළත MCC ආධාර වැඩසටහන යටතේ ආධාර ලබා ගත්තා. එයින් රටවල් ගණනාවක්ම මේ වන විට දෙවන වරටද ආධාර ලබාගෙන තිබෙනවා. ආධාර ලබා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කළ රටවල් අතරින් ආධාර ලබා ගත නොහැකි වුනේ ලංකාවට හා බොලීවියාවට පමණයි.

MCC වැඩ සටහන මුලින්ම ක්‍රියාත්මක වුනේ ලංකාවට සුනාමිය පැමිණීමෙන් පසුව ලෝකය වටෙන්ම ආධාර ලැබෙමින් තිබුණු කාලයේ. සුනාමියෙන් විශාල ජීවිත හානියක් සිදු වුනත් එයින් සිදු වූ ආර්ථික හානිය එතරම් විශාල නැහැ. ලැබුණු ආධාර ප්‍රමාණය සැලකූ විට සමස්තයක් ලෙස ආර්ථික වශයෙන් වාසියකුයි සිදු වුනේ. මේ ආධාර මුදල් යොදා ගත් ආකාරය පිළිබඳව විවිධ ගැටළු තිබුණා. මේ පසුබිමේ ලංකාව MCC ආධාර ලබා ගන්න උත්සාහ කළේත් මේ විශාල මුදල් කන්දරාව ලබා ගැනීමේ අරමුණින් මිසක්, රටේ වැඩි දෙනෙකුට යහපත සැලසෙන පරිදි එම මුදල් යොදවන ආකාරය ගැන ලොකුවට හිතමින් නෙමෙයි. එවර ලංකාවට ආධාර ලබා ගත නොහැකි වීමට එයත් හේතුවක් වුනා.

MCC ආධාර වැඩ සටහන ආරම්භ කරද්දී ආධාර ලබන රටවල් විසින්ම තමන්ට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම අලුත් දෙයක්. ඒ වන විට, බොහෝ අඩු ආදායම්ලාභී රටවල රජයයන් පුරුදුවී සිටියේ ආධාර දෙන රට විසින්ම ව්‍යාපෘති යෝජනාවද සකස් කර දෙන ක්‍රමයකටයි. සල්ලි ලැබෙනවානම් එතැනින් එහාට මේ ගොඩක් රටවලට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇතැම් රටවල් සල්ලි එක්කම ව්‍යාපෘතියක්ද ඉදිරිපත් කරන මෙන් MCC නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ තත්ත්වය දැනටත් මුළුමනින්ම වෙනස් වී නැහැ. එක් නිල වාර්තාවකට අනුව මුලින් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපෘති වාර්තා හෝදන්න දමන රෙදි බාස්කට් එකට දැමිය යුතු තත්ත්වයේ තිබුණු ඒවා. මුලින් සුදුසුකම් ලැබූ රටවල් වලින් දෙකක් හැර අනෙක් සියලු රටවල් අවසාන වශයෙන් ආධාර ලබාගත් නිසා මෙසේ ලොන්ඩරි බාස්කට් එකට දැමිය යුතු මට්ටමේ තිබුණු සංකල්ප පත්‍රිකා ඉදිරිපත් කළේ පෙර කී රටවල් දෙකෙන් එකක් වෙන්න පුළුවන්.

කොහොම වුනත් හරියකට ව්‍යාපෘති යෝජනාවක් හදාගන්න බැරිකම බොහෝ රටවලට තිබුණු පොදු ප්‍රශ්නයක්. ඒ සඳහා කාලය වැය වනවා වගේම විශේෂඥ දැනුමක්ද අවශ්‍ය වෙනවා. අවශ්‍ය විශේෂඥ දැනුම රටේ නැත්නම් විදේශ විශේෂඥයින් යොදා ගන්න වෙනවා. ඒ සඳහා සැලකිය යුතු මුදලක් වියදම් වෙනවා.

MCC ව්‍යාපෘති සඳහා ලබා දෙන විශාල ආධාර මුදල් වලට අමතරව MCC සමාගම විසින් සුදුසුකම් ලත් රටවලට ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේ වියදම් ලෙසත් මුදල් ආධාර ලබා දී තිබෙනවා. මේ අනුව, 2005-2010 අතර කාලය තුළ ලංකාව විසින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා ඇමරිකාවේ MCC ආයතනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා ගෙන තිබෙනවා. මානව හිමිකම්, යහපාලනය ආදී ක්ෂේත්‍ර වල වූ දුර්වලතා හේතුවෙන් 2007 වසරේදී ලංකාව MCC ආධාර මුදල් සඳහා සුදුසුකම් ලබන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසුව මෙසේ ආධාර ලැබීම නැවතී තිබෙනවා.

නැවතත් ලංකාව MCC ආධාර මුදල් සඳහා සුදුසුකම් ලබන්නේ 2016 වසරේදී. එයින් පසුව නැවතත් ලංකාවට MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා මුදල් ආධාර ලැබෙමින් පවතිනවා. 2016 වසරේ සිට එසේ ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 4.3ක්. මේ මුදල් MCC ආධාර යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන මුදලෙන් කොටසක් නෙමෙයි. ඒ මුදල් ලබා දෙන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවයි. ඉහත කී ඇමරිකන් ඩොලර් මිලියන 4.3ක මුදලෙන් ඇමරිකන් ඩොලර් 133,135.14ක මුදලක් ලබා ගෙන තිබෙන්නේ 2020 වසරේදීයි. මේ මුදල් අවස්ථා අටකදී ලබා ගෙන තිබෙනවා. ඇතැම් විට ගුණරුවන් කමිටුවේ වියදම් වෙනුවෙන් වැය කළේත් MCC ගිණුමේ වූ ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විය හැකියි.

මේ වන විට MCC ගිවිසුම සඳහා ලංකාවේ පුළුල් ජන සහයෝගයක් නැති බව පැහැදිලියි. එවන් තත්ත්වයක් යටතේ මේ ගිවිසුම ක්‍රියාත්මක කර ඇමරිකාව විසින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකාවේ පැත්තෙන් හිතනවානම් මේ වෙලාවේ කළ යුත්තේ ඇමරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අදහස අත් හැර දැමීමයි. එහෙත්, ලංකාව MCC මුදල් ලබා ගැනීම සඳහා නුසුදුසු තැනකට තවමත් වැටී නොමැති නිසා MCC පණතේ ප්‍රතිපාදන අනුව ඇමරිකාවට මෙය කිරීම අසීරු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා රජය විසින් සෘජුවම නිල වශයෙන් ගිවිසුමෙන් ඉවත් වෙනවානම් ඇමරිකාවට වැඩේ පහසු වෙයි. ගුණරුවන් කමිටු වාර්තාව ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයා තිබෙනවා.

වටේ යන්නේ නැතුව මහින්ද රාජපක්ෂ, පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වගේ කෙනෙක්ගෙන් කෙළින්ම ඇහුවානම් ගුණරුවන් කමිටුවට හොයා ගන්න බැරිවී ඇති ගොඩක් තොරතුරු හොයා ගන්න තිබුණා.

MCC ප්‍රධාන විධායක නිලධාරී පෝල් ඇපල්ගාර්ත් 2005 මාර්තු 29-31 ලංකාවේ සංචාරයක නිරත වෙනවා. එම සංචාරය අතරතුර ඔහු MCC ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති සරත් අමුණුගම, මහ බැංකු අධිපති සුනිල් මෙන්ඩිස්, විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් H. M. G. S. පලිහක්කාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර ඇතුළු MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා කටයුතු කරන කණ්ඩායමක් ( MCA working group) හමුවෙනවා. 2005 වසර අවසානයේදී ලංකාවට MCC ආධාර ලැබෙන්න පදනම වැටෙන්නේ මේ රැස්වීමේදී. මහින්ද රාජපක්ෂ මේ රැස්වීම් වලට සහභාගී වන්නේ ඉතා උනන්දුවෙන්. ඇපල්ගාර්ත් පසුව හම්බන්තොට සංචාරයකද නිරත වෙනවා.

"Prime Minister Rajapakse was particularly thoughtful on the MCA process, and was especially articulate in describing his own experience consulting with people in his constituency.  He cited one example in which he visited with local leaders, presuming that electrical power was their primary need, only to learn that it was actually far down the list.  A new road to the local fisheries harbor was what the community perceived as its most pressing need. 

Ambassador and Applegarth urged Rajapakse to share his views and experience widely in order to help push the Government's consultative process along."

මහින්ද රාජපක්ෂ මේ අදහස් පළ කරන්නේ MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී රජය විසින් වඩා යෝග්‍යයැයි සිතන යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට ජනතා අදහස් මත පදනම්ව ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා වලට ගැලපෙන යෝජනා සකස් කළ යුතු බව පැහැදිලි කරනු ලැබීමෙන් පසුවයි.

"ඇත්ත තමයි, මම වතාවක් ගමකට විදුලි බලය දෙන්න හිතාගෙන හිටියා. නමුත් ගම්මු එක්ක කතා කරලා බැලුවහම ඒ ගොල්ලන්ට ඕනෑ වෙලා තිබුණේ පාරක්."

"MCA's requirements for a broad-based consultative process are proving the highest hurdle to progress on the GSL's compact proposal. The GSL position is that Sri Lanka is different from many of the other MCA eligible countries. It believes its democratic traditions and institutions are stronger and more developed, therefore implying a consultative mechanism that is built directly into their system. In other words, the governance model in Sri Lanka, of a central government whose reach extends down to every village through a network of provincial governments, district secretaries and village-level bodies, guarantees that the needs of the people are well consulted and widely known."

ඇපල්ගාර්ත්ට මේ කාරණාව අවධාරණය කරන්න වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී පුළුල් ලෙස ජනතා අදහස් ලබා ගැනීමට එතරම් වැදගත් සේ නොසලකන නිසයි. ශ්‍රී ලංකා රජයට අනුව මිනිස්සුන්ට අවශ්‍ය දේ රජය දන්නවා. ශ්‍රී ලංකාව මේ අතින් අනෙක් රටවල් වලටත් වඩා වෙනස්!

හැබැයි රජය කියන කතාව නිවැරදි නැති බව ඇපල්ගාර්ත්ගේ හම්බන්තොට සංචාරයේදී පෙනී යනවා. රජය කියන විදිහට වී වගාව රටේ සංස්කෘතිය හා බැඳී තිබෙන නිසා වී ගොවීන් වී ගොවිතැනින් ඉවත් කිරීම කෙසේවත් කළ නොහැකි දෙයක්. එහෙත්, හම්බන්තොට සංචාරයේදී ඔහුට හමු වන ගොවියෙක් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ වී වෙනුවට වෙනත් බෝග වැවීම සඳහා උපදෙස් ඔවුන්ගේ අවශ්‍යතාවයක් බවයි.

2006 ඔක්තෝබර් පමණ වන විට ඩොලර් මිලියන 590ක ආධාර යෝජනාවක් සඳහා ශ්‍රී ලංකා රජය හා MCC සමාගම එකඟ වෙනවා. ලංකාවට තිබෙන්නේ හැකි ඉක්මණින් මුදල් ලබා ගැනීමේ හදිස්සියක්. එහෙත්, MCC සමාගම විසින් පැහැදිලි කරන්නේ ආධාර ලබා ගැනීමට පෙර සිදු කළ යුතු කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 12-18 ක කාලයක් ගත වන බවයි. මේ වෙනුවෙන් MCC සමාගම විසින් මුදල් ආධාරද ලබා දෙනවා.

"Senior Millennium Challenge Corporation and Government of Sri Lanka officials agreed to proceed with development of a proposed USD 590 million MCC compact that would include projects on irrigation and agriculture, roads, and small and medium enterprise promotion. MCC officials explained that their due diligence process would continue for at least 12 months and that it would be at least 18 months before a compact, if one is concluded, entered into force. This time span was necessary for completion of international-standard environmental and social impact assessments related to Sri Lanka's proposed construction of dams, and would also allow time for the two sides to identify policy approaches that would ensure the proposed projects delivered sufficient economic returns and would be adequately maintained over the long term."

මේ වන විට ලංකාව වෙනුවෙන් MCC ගිවිසුම හා අදාළ කටයුතු කරන්නේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්. MCC පාර්ශ්වයට වඩාත්ම ගැටළු සහගත වන්නේ ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර තිබෙන වාරි මාර්ග ව්‍යාපෘතියයි. එම කොටස අත් හැරියොත් ඉතිරි ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 450ක මුදලක් 2007 වසරේදී ලබා ගැනීමේ හැකියාව පෙනෙන්නට ඇතත් වාරිමාර්ග ව්‍යාපෘතියේ ඇති ගැටළු නිරාකරණය කිරීමට කල් යන නිසා ආධාර ලබා ගැනීම 2008 වසර දක්වා කල් යනවා. 2006 සැප්තැම්බර් 27 වනදා MCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මේ බව අජිත් නිවාඩ් කබ්රාල්ට පැහැදිලි කරනවා.

"Senior Millennium Challenge Corporation (MCC) officials met with Sri Lankan lead MCC liaison Nivard Cabraal (the Governor of the Central Bank) September 27 to discuss critical elements of Sri Lanka's proposed USD 450 million MCC compact. 

The MCC delegation informed Cabraal that ... the proposed dam-supplied irrigation projects would require international-standard environmental and social impact assessments that would take twelve months to conduct. These would have to be completed before a compact could be signed." 

මේ අනුව වාරිමාර්ග ව්‍යාපෘතියද ඇතුළත්ව ඩොලර් මිලියන 590ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා ලංකාව කටයුතු කරමින් සිටියදී ප්‍රජාත්නත්‍රවාදය හා යහපාලනය ආදිය ඇතුළත් නිර්ණායක මත පදනම්ව MCC අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 12 වන දින ශ්‍රී ලංකාව ආධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති රටවල් ලැයිස්තුවෙන් ඉවත් කරනවා. ඒ නිසා, ලංකාවට MCC ආධාර මුදල් ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා. ඉන් පසුව නැවතත් ලංකාව MCC ආධාර සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ 2016 දෙසැම්බර් මාසයේදී.

ශ්‍රී ලංකාව මෙතෙක් MCC ව්‍යාපෘති ආධාර ලෙස කිසිදු මුදලක් ලබා ගෙන නැහැ. එහෙත්, MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා ආධාර ලෙස ඩොලර් මිලියන 7.9ක මුදලක් ලබා ගෙන තිබෙනවා. මේ මුදලින් ඩොලර් මිලියන 3.6ක් ලබා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයේදී. ඉතිරි මුදල යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී හා එයින් පසුව මේ වසරේදී ලබා ගෙන තිබෙනවා.

කිසියම් රටක් විදේශ ආධාර ලබා දීමේ පියවර කිහිපයක් තිබෙනවා. පළමු අදියර කිසියම් ආධාර මුදලක් ලබා දෙන බවට ස්ථිර පොරොන්දුවක් දීමේ (commitment) අදියරයි. මෙය ගිවිසුමක් අත්සන් කිරීමක් විය හැකියි. එහෙත්, ගිවිසුමක් අත්සන් කළ වහාම මුදල් ලැබෙන්නේ නැහැ. සැබෑවටම මුදල් ලැබීම දෙවන අදියරයි (disbursement). මුලින් පොරොන්දු වූ මුදල බොහෝ විට ලැබෙන්නේ කොටස් වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුවයි. මෙසේ ලැබෙන මුදල් ඇත්තටම වියදම් කිරීම තෙවන අදියරයි (expenditure). මුල් අදියරේ එකඟතා යම් හෙයකින් බිඳ වැටුණු විට පොරොන්දු වූ මුදලින් ඇත්තටම ලබා නොදුන් මුදල් ලබා දීම අත්හිටුවන්න වගේම ඒ වන විට වියදම් කර නොතිබුණු මුදල් ආපසු ලබාගැනීමද සිදු විය හැකියි.

පහත ඇත්තේ ගුණරුවන් කමිටුවට මාස හයක් මහන්සි වී හොයා ගත නොහැකි වූ, ගූගල් සෙවුමක දුරින් තිබෙන, MCC ආධාර සේ ලංකාව විසින් මේ දක්වා ලබාගෙන තිබෙන (disbursement) මුදල්. 2007 වසරේදී ලංකාව සුදුසුකම් සපුරා ඇති ලැයිස්තුවෙන් ඉවත් වී යාමෙන් පසුව වගේම 2019දී ව්‍යාපෘතිය මග නැවතීමෙන් පසුව සෘණ අගයන් කිහිපයක්ද දැකිය හැකියි. ලැබුණු සල්ලි වියදම් කළේ කොහොමද කියන එක ලංකාවේ පැත්තෙන් හොයා ගත යුතුයි.

Year Quarter        Amount (US$) Award Title
2005 4 77,293.93 Due Diligence Fund - Financial Accountability
2006 2 2,500.00 Due Diligence Fund - Financial Accountability
2006 2 11,691.58 Due Diligence Fund - Infrastructure Project
2006 3 8,380.20 Due Diligence Fund - Environmental Assessments
2006 3 121,634.07 Due Diligence Fund - Infrastructure Project
2006 4 637.20 Due Diligence Fund - Environmental Assessments
2006 4 2,305.50 Due Diligence Fund - Agriculture Project
2006 4 7,239.76 Due Diligence Fund - Financial Accountability
2006 4 1,503,780.98 Due Diligence Fund - Infrastructure Project
2007 1 47.06 Due Diligence Fund - Agriculture Project
2007 1 637.20 Due Diligence Fund - Environmental Assessments
2007 1 2,567.51 Due Diligence Fund - Program Development
2007 1 8,845.05 Due Diligence Fund - Private Sector Development Project
2007 1 16,239.22 Due Diligence Fund - Infrastructure Project
2007 2 2,336.40 Due Diligence Fund - Environmental Assessments
2007 2 210,995.36 Due Diligence Fund - Infrastructure Project
2007 3 849.60 Due Diligence Fund - Environmental Assessments
2007 3 4,652.02 Due Diligence Fund - Legal and Regulatory
2007 3 7,244.20 Due Diligence Fund - Program Development
2007 3 7,347.29 Due Diligence Fund - Infrastructure Project
2007 3 9,781.96 Due Diligence Fund - Financial Accountability
2007 4 1,156,030.91 Due Diligence Fund - Infrastructure Project
2008 1 111,473.75 Due Diligence Fund - Infrastructure Project
2008 2 304,497.83 Due Diligence Fund - Infrastructure Project
2008 3 0.08 Due Diligence Fund - Infrastructure Project
2008 4 -12,500.00 Due Diligence Fund - Infrastructure Project
2008 4 -605.15 Due Diligence Fund - Financial Accountability
2009 1 -1,288.10 Due Diligence Fund - Private Sector Development Project
2009 1 17,099.68 Due Diligence Fund - Infrastructure Project
2010 1 24,114.12 Due Diligence Fund - Infrastructure Project
2016 4 9,138.35 Due Diligence Fund - Gender Integration Project
2017 1 12,175.92 Due Diligence Fund - Gender Integration Project
2017 2 7,408.55 Due Diligence Fund - Program Development
2017 2 19,600.44 Due Diligence Fund - Gender Integration Project
2017 3 10,929.97 Due Diligence Fund - Program Development
2017 3 37,725.37 Due Diligence Fund - Gender Integration Project
2017 4 3,592.70 Due Diligence Fund - Program Development
2017 4 4,140.76 Due Diligence Fund - Land Proj
2017 4 12,171.53 Due Diligence Fund - Gender Integration Project
2018 1 6,638.41 Due Diligence Fund - Financial Sector
2018 1 7,006.76 Due Diligence Fund - Program Development
2018 1 7,952.24 609(g) - Program Assessments
2018 1 13,178.09 Due Diligence Fund - Land Proj
2018 1 16,104.66 Due Diligence Fund - Gender Integration Project
2018 1 69,084.49 Due Diligence Fund - Agriculture Project
2018 2 318.52 Due Diligence Fund - Land Proj
2018 2 11,418.66 609(g) - Program Assessments
2018 2 12,124.51 Due Diligence Fund - Program Development
2018 2 16,396.85 Due Diligence Fund - Gender Integration Project
2018 2 62,373.15 Due Diligence Fund - Not Applicable
2018 2 74,596.79 Due Diligence Fund - M&E - Economic Analysis
2018 2 107,447.23 609(g) - Transportation Project
2018 2 142,198.88 Due Diligence Fund - Financial Sector
2018 2 211,675.13 Due Diligence Fund - Agriculture Project
2018 2 313,431.28 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2018 3 -105,592.75 609(g) - Transportation Project
2018 3 -70,192.48 Due Diligence Fund - M&E - Economic Analysis
2018 3 14,735.39 Due Diligence Fund - Program Development
2018 3 15,243.40 Due Diligence Fund - Gender Integration Project
2018 3 25,492.61 609(g) - Program Assessments
2018 3 31,178.53 Due Diligence Fund - Financial Sector
2018 3 50,032.38 Due Diligence Fund - Land Management For Investment Projects
2018 3 65,197.51 Due Diligence Fund - Not Applicable
2018 3 96,697.21 Due Diligence Fund - Agriculture Project
2018 3 968,647.82 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2018 4 15.98 609(g) - Program Assessments
2018 4 817.52 Due Diligence Fund - Land Proj
2018 4 3,935.31 Due Diligence Fund - Country Assessments
2018 4 9,826.92 Due Diligence Fund - Program Development
2018 4 17,959.09 Due Diligence Fund - Agriculture Project
2018 4 20,081.26 Due Diligence Fund - Gender Integration Project
2018 4 33,313.50 Due Diligence Fund - Not Applicable
2018 4 42,540.96 Due Diligence Fund - M&E - Economic Analysis
2018 4 134,556.74 Due Diligence Fund - Financial Sector
2018 4 250,797.41 609(g) - Transportation Project
2018 4 283,969.60 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 1 781.44 Due Diligence Fund - Agriculture Project
2019 1 3,244.27 Due Diligence Fund - Country Assessments
2019 1 5,186.25 Due Diligence Fund - Program Development
2019 1 18,347.57 Due Diligence Fund - Gender Integration Project
2019 1 18,710.50 Due Diligence Fund - Land Proj
2019 1 19,908.70 Due Diligence Fund - M&E - Economic Analysis
2019 1 20,980.64 609(g) - Program Assessments
2019 1 32,845.29 609(g) - Land Proj
2019 1 66,306.92 609(g) - Transportation Project
2019 1 76,581.71 Due Diligence Fund - Financial Sector
2019 1 375,005.07 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 2 350.00 Due Diligence Fund - Program Development
2019 2 2,148.96 Due Diligence Fund - Agriculture Project
2019 2 2,299.64 Due Diligence Fund - Gender Integration Project
2019 2 21,438.45 Due Diligence Fund - Monitoring and Evaluation
2019 2 128,502.06 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 3 -306,728.55 609(g) - Transportation Project
2019 3 1,498.62 Due Diligence Fund - Program Development
2019 3 1,683.16 Due Diligence Fund - Health Project
2019 3 9,116.43 Due Diligence Fund - Gender Integration Project
2019 3 28,846.83 Due Diligence Fund - Monitoring and Evaluation
2019 3 51,590.47 Due Diligence Fund - Not Applicable
2019 3 118,268.80 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 3 307,360.27 609(g) - Program Assessments
2019 4 6,637.35 Due Diligence Fund - Gender Integration Project
2019 4 25,410.66 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 4 25,562.99 Due Diligence Fund - Agriculture Project
2019 4 44,998.45 Due Diligence Fund - Monitoring and Evaluation
2020 1 103.53 Due Diligence Fund - Gender Integration Project
2020 1 1,648.42 609(g) - Transportation Project
2020 1 9,210.37 Due Diligence Fund - Agriculture Project
2020 1 38,802.02 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2020 2 158.54 609(g) - Transportation Project
2020 2 917.25 Due Diligence Fund - Program Development
2020 2 4,460.51 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2020 2 77,834.50 Due Diligence Fund - Monitoring and Evaluation

17 comments:

  1. Wow. one of the most comprehensive article on this.
    I think, Prof. Gunaruwan, as well as Shenali Waduge (who writes frequently about MCC Compact) were aware of these payments, but opted to conceal the fact in order to cover up that Rajapaksha gov. also received money.

    This is a back fire somewhat similar to CentralBank bond scam episode. Weeravansa-Gammanpila etc. started the noise, thinking of prosecuting Ranil et.el. but ended up exposing that Rajapaksha -Kabral group was doing the same before that.

    Anyway, I am pretty sure SL will sign the treaty sooner or later. (is there a deadline for signing?). Only reason for not signing is that the money is not handed over to the government directly so that the ministers can plunder it, but protected under a joint company. Patriotism or (possible) lack of benefits to the people will not stop our leaders from signing this. That they (all sides) have proved in numerous times in the recent history.

    ReplyDelete
  2. බොරු වර්ණනා ඔනේ නෑ, ක්‍රියාත්මක කරපු රටවල් , එ නිසාම අත්කරගත් ප්‍රතිලාභ මොනවද ?

    ReplyDelete
    Replies
    1. චාම්,

      කුප්‍රකට ඇමෙරිකානු ආර්ථික ඝාතක ජාවාරමක් වන MCC ආයතනය විසින් දකුණු ආසියාවේ පළමු වරට ගිවිසුම් ගත වූයේ නේපාල් රට සමගයි.

      ඒ අනුව නේපාල් රාජ්‍යය 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් කළා.

      එසේ වුවද අද වනවිට එයට එරෙහිව රට පුරාම බරපතළ ලෙස විරෝධතා හර්තාල් සහ ගැටුම් ඇති කරගෙන සටන්කාමී ලෙසින් පෙළ ගැසෙන නේපාල් ජාතිකයන් දැඩි ලෙස මුරගා ඉල්ලා සිටින්නේ එරට අන්ත දූෂිත අසික්කිත පාලකයන් ඒ විනාශකාරී දුෂ්ට ගිවිසුම අත්සන් කළත් හැකි ඉක්මනින් වහාම එය අවලංගු කිරීමට කටයුතු කරන ලෙසටයි.

      ඇමරිකන් ජාවාරම් කරුවන්ට රැවටී එදා බලශක්ති අංශය ශක්තිමත් කිරීම, කලාපීය බලශක්ති සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, රට වටා ප්‍රවාහන වියදම් පාලනය කිරීම හා පුද්ගලික ආයෝජන සහ රැකියා උත්පාදනය දිරිගැන්වීම කියන සීනිබෝල සුරංගනා කතා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ගිවිසුමකට නේපාල රජය අත්සන් කරල තියෙනවා.

      ඒත් අද වෙනකොට මහත් විනාශයක් මිස සුගතියක් නැති දැඩි ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාල් ජනතාව කියන විදියට එදා 2017 වසරේ සැප්තැම්බර් 14 වැනිදා ගිවිසුමට අත්සන් කළේ එවක නේපාලයේ මුදල් අමාත්‍යවරයා සහ MCC හි වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කුප්‍රකට ජොනතන් නාෂ් නමැති ආර්ථික ඝාතකයා විසින්.

      දැන් මේ දවස් වල ලංකාවේ වත්මන් අමෙරිකානු තානාපති කුප්‍රකට සටකපට ඇලයිනා බී. ටෙප්ලිට්ස් නමැත්තිය එදා නේපාලයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස මේ ගිවිසුම පිටුපස කුමන්ත්‍රණ වලට වගකිව යුතුඅතර එදා මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් අතර තියුණු බෙදීමක් ඇතිවී මහත් ආරවුල් ඇති වුණා. මේ ගිවිසුම ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වන විට ඇති වූ ප්‍රතිඵල සමග මේ වනවිට ඊට ඉතා විශාල වශයෙන් දැඩිව මහජන විරෝධය ද එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. නේපාල බුද්ධිමත් ප්‍රජාව තර්ක කරන්නේ අමෙරිකාවේ “සැඟවුණු න්‍යාය පත්‍රය” නේපාලය මත පැටවීම නිසා රටටම මහත් ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවී ඇති බව තමයි. මේ ගැන තවත් විස්තර සොයා බලන්න.

      Delete
  3. Very informative and factual post. Many thanks for sharing.

    ReplyDelete
  4. කිසි ප්‍රශ්නයක් නැහැ, ඔය ඇමරිකන් සහයෝගී තාවය ගැන අපි හොඳට දන්නවා, එයාල ඔය වගේ සහයෝගීතාව දුන්නු රටවල් අදටත් ගහ මරාගන්නවා, ලෝකේ බහුතරයක් මේ අවස්ථාවේ යුද්ද පවතින රටවල් වල යුද්දයට හේතුව හොයාගෙන ගියාම අන්තිමේ කොනක ඉන්නේ ඇමරිකාව.

    වසර 2000දි යුඑන්පි එක මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න යද්දී ජවිපෙ සමග විමල් වීරවංශ කෑගහල එක නැවැත්තුව. 2005 මහින්ද ආවම ගෝඨා ඒ ක අත්සන් කළා. ජවිපෙන් එලවපු වීරවංශලා සද්ද නැතුව හිටිය. දැන් ආයෙත් ඒකම වෙන්නයි යන්නේ. බලන්න බැරිය ඇමරිකන් පුරවැසියෙක් හැටියට ගෝඨා මේක අත්සන් කරන හැටි. නොදකින් රාජපක්ෂ කල්ලිය රට වනසන කඳ පණුවෝ....

    ReplyDelete
  5. ඉකොනෝ, මෙවැනි ගිවිසුම් වලින් රටේ සාමාන්‍ය ජනතාවට වෙන වාසියක් තියෙනවද? එහෙම නැතිනම් මෙව්වා අත්සන් නොකර ඉන්න එකමයි හොද.

    ReplyDelete
  6. දෙදහස් හතරෙ ඉඳලම
    අපි දෙන්න හදනවා
    මොන කරුමයක් හින්දද
    මුන් එපා කියනවා
    අපේ රටේ එකෙක්ම
    මුල් පුටුව කරනවා
    ඔන්න බලව්
    MCC නැවතත් එනවා

    ReplyDelete
  7. ලංකාවේ බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි පසුගිය දශක තුන හතරේදී ඇමරිකාව කියන අමන කාලකණ්ණි රට ලං කරගත්/ ලං වූ සියලුම දිළිඳු රටවල් පාහේ අද වනවිට ඉතාම දුංඛිත අතිශය අවාසනාවන්ත තත්වයක පසුවන බව. ඔය ඇමරිකන් ණය කියලා කියන මේ භයානක උගුල් වලට ආවඩන හැමටම මෙය හොඳ පාඩමක්. එහෙත් අවාසනාවකට මෙන් ලංකාවේ බලයට පැමිණි හෝ පැමිණෙතැයි බලාපොරොත්තු විය හැකි එකම දේශපාලකයෙකුවත් මෙම ඇමරිකානු ආර්ථික උගුල් ප්‍රතික්ෂේප කරන්න තරම් අභීත පසුබිමක් ඇති අයෙකු නොවේ. කොටින්ම දැන් ලංකාවේ ජනාධිපති කියන්නේත් ඇමරිකන් කාරයෙක්. ඉතින් තව මොන කතාද සිරිපාල?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවලං කර ගත් හැම රටක්ම ඔය තත්වයට පත්වෙලා නෑ.ඔබ හොඳින් විස්තර හොයලා බලන්න. සෝවියට් කඳවුරත්චීනයත් ලංකාවට කරලා තියෙන බලපෑම අති මහත්.ඒ හින්දා හැමවෙලේම ඉන්නේ ඇමෙරිකානු භීතියකින්.

      Delete
  8. ගුණරුවනකි ලලිතසිරිය
    රූකඩ නැටවෙන අසිරිය
    මුදල් ඇමති හරි සොඳුරුය
    දෙකක් දාපු විට මිහිරිය

    ReplyDelete
  9. ලංකාවේ මිනිස්සු කරන්නේ හැම වෙලාවෙම කොරහේ කිඹුල්ලු දකින එක.ඇමරිකාවෙන් මොනවා දෙනවා කිව්වත් ඒක තුළ විශාල භීතියක් ඇති කරලා තියෙනවා.චීන පක්ෂපාතීත්වය වමට බර වූ දේශපාලනය නිසා එවැනි දේවල් මිනිස්සුන්ගේ ඔලුගෙඩි ඇතුලෙ නිදන්ගත වෙලා තියෙන හින්දා හැමදේම දකින්නේ වැරදි විදිහට. මීට කලින් අත්සන් කරපු ගිවිසුම් දෙකම ACSA, SOFA වලින් ලංකාවේ ස්වෛරීත්වයට තර්ජන ඇති වෙනවා නම් ඇති වෙන්න තිබ්බා. නමුත් එහෙම කිසි දෙයක් අද වෙනකම් වෙලා නෑ. ජනාධිපතිවරණයට එම්සීසී එක එලියට අරගෙන කෑමොර දුන්නේ කුණු කූඩයට දානවා කියලා, මගේ පෞද්ගලික මතය මේ ප්‍රදානය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි යන්නයි. ලලිතසිරි ගුණරුවන් මහතාට මාස හයක් ලබා ගත නොහැකි වූ දේවල් ඔබ ඉතාම දක්ෂ විදිහට ඉතාමත් සුළු කාලයකින් ලබාගෙන මේ කරපු පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තූතියි. අවාසනාවකට ලංකාවේ ගොඩක් මිනිස්සු මේ වගේ දේවල් කියවන්න උනන්දුවක් දක්වන්නෙ නෑ.

    ReplyDelete
  10. එම්සීසී ගිවිසුම ගැන ඉකෝන්ගේ ලිපිය මට පේන්නේ ටොපියක කොලය ගැන විස්තර කරනවා වැනි හැඟීමක්. ටොපියේ කොලය ඉතා හොදයි. සිත් ඇදගන්නා සුලුයි. ඒ ගැන විවාද කිරීම නිශ්පලයි. ප්‍රශ්ණය තියෙන්නේ ටොපිය දෙන තැනැත්තා ඒටොපිය ලමයට දෙන්නෙ මොන පරමාර්තයෙන්ද යන්නයි...

    අන්තර් ජාතික ජියෝ පොලිටික්ස් ආශ්‍රයෙන් කථා කරද්දි , චීනය ඉතා වේගයෙන ආසියාව යුදමය නොවන ආකාරයෙන් ආක්‍රමණය කරමින් පවතිනවා. මෙය ආසියාවේ ඇමෙරිකානු අභිප්‍රායන්ට අභියෝගයක්. මෙවැනි ගිවිසුම් හරහා ඇමෙරිකාව ආදහස් කරන්නේ දකුණු ආසියාව තුල තම ආධිපත්‍ය , එක එල්ලෙ යුධමය නොවන ආකාරයෙන් තහවුරු කර ගැනීමක්.

    ප්‍රශ්ණය වෙන්නේ මේ ගිවිසුමේ වගන්ති හරහා ශ්‍රි ලංකාවේ අභිමතාර්තයන් ඉශ්ට කර ගැනීමට කොච්චර ඉඩ කඩක් සපයා තිබේද යන්න...

    තිබෙන තත්වය අනුව අපිට චීනය සමග යහන්ගත වෙන්න සිද්ධ වෙනවා...චීනය සමග යහන්ගත වෙන ගමන් ඇමෙරිකාව සමගද යහන්ගත වෙනවාද....එසේ කරන්න ගොස් ඇදිවතත් නැතිව යයිද කියන ප්‍රශ්ණය තමයි ඔතැන තියෙන්නේ....

    ReplyDelete
  11. තව තවත් හැංගුනු කරුණු හෙළි වේවා!

    ReplyDelete
  12. ආධාර මුදලක් සෘණ වෙන්නෙ කොහොමද කියලත් පොඩි පොස්ට් එකක් දාන්නකෝ මහත්තය. අපි ඇමරිකාවට ගෙවලද?
    මේ මුදල ලංකාවේ ලබා ගත්ත ආයතනයත් කියල දැම්ම නං පොස්ටුව හොඳටෝම සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. 1. මම හිතන්නේ ව්‍යාපෘතිය අත් හිටවීමෙන් පසුව කලින් සම්ප්‍රේෂණය කළ මුදල් වලින් වියදම් නොකළ කොටස ආපසු ලබා ගන්න ඇති කියලා. ලබා දුන් මුළු මුදල ගණනය කළේ මේ ගණන් අඩු කරලා.

      උදා:

      2018 4 250,797.41 609(g) - Transportation Project
      2019 1 66,306.92 609(g) - Transportation Project
      2019 3 -306,728.55 609(g) - Transportation Project

      2. ලංකාවට මුදල් ගියාට පසු වියදම් කර ඇති ආකාරය මට හොයා ගන්න විදිහක් නැහැ.

      Delete
  13. නොකල වැඩට බිරිඳට රජ පඩි ගෙවලා
    Fillen මැතිඳු ප්‍රංශය සිරගෙට යවලා
    අගමැති උනත් යති කලකම් පලදීලා
    මෙ සිරිලකේ නම් ඇත හොරු රජ කරලා

    ReplyDelete
  14. මහින්ද 2006 සිට 2009 දක්වා ගන්න try කරපු MCC. මහින්ද කරනකොට ඉතා හොඳ අනිත් අය කරනකොට මහා භයානක MCC. ��

    රනිල් ගහන්න ගිය ඩොලර් මිලියන 450 MCCගිවිසුමට වඩා ලොකු 2006 මහින්ද ගහන්න ගිය ඩොලර් මිලියන 590 MCC ගිවිසුම.

    මහින්දගේ 2006 USD 590 million MCC ගිවිසුම Wikileaks හෙලිදරව්ව ��

    "Senior Millennium Challenge Corporation (MCC) officials met with Sri Lankan lead MCC liaison Nivard Cabraal (the Governor of the Central Bank) September 27 to discuss critical elements of Sri Lanka's proposed USD 450 million MCC compact."

    Date:2006 October 3, 04:39 (Tuesday)

    SUBJECT: SRI LANKA: MCC AND GOVERNMENT AGREE TO KEEP IRRIGATION
    COMPONENT OF POTENTIAL COMPACT

    COLOMBO 00001608 001.2 OF 002

    1. (SBU) Summary: Senior Millennium Challenge Corporation and Government of Sri Lanka officials agreed to proceed with development of a proposed USD 590 million MCC compact that would include projects on irrigation and agriculture, roads, and small and medium enterprise promotion. MCC officials explained that their due diligence process would continue for at least 12 months and that it would be at least 18 months before a compact, if one is concluded, entered into force. This time span was necessary for completion of international-standard environmental and social impact assessments related to Sri Lanka's proposed construction of dams, and would also allow time for the two sides to identify policy approaches that would ensure the proposed projects delivered sufficient economic returns and would be adequately maintained over the long term. End Summary.
    2. (SBU) Senior Millennium Challenge Corporation (MCC) officials met with Sri Lankan lead MCC liaison Nivard Cabraal (the Governor of the Central Bank) September 27 to discuss critical elements of Sri Lanka's proposed USD 450 million MCC compact. The MCC delegation was composed of Frances Reid, Managing Director for Eurasia; Margaret Kuhlow, Managing Director for Environment and Social Assessment; Franck Wiebe, Managing Director for Economic Analysis; and Darrius Nassiry, Country Director for Sri Lanka. Ambassador Blake and Econoff also attended the meeting.

    ....
    More: https://wikileaks.org/plusd/cables/06COLOMBO1608_a.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: