වෙබ් ලිපිනය:

Wednesday, October 14, 2020

කැමති තරම් නිවාඩු එක්ක රස්සාවක්!


සමහර රටවල රස්සාවක් කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය නිවාඩු ප්‍රශ්නයයි. අවුරුද්දකට තියෙන නිවාඩු ගණන කීයක් වුනත් සමහර අයට ඒ ගණන මදි. නිවාඩු තියෙනවානම් කරන්න වැඩ ඕනෑ තරම්.

එක පැත්තකින් මේක තමන් කරන රැකියාවෙන් සතුටක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක්. රස්සාව කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මාසෙ අන්තිමට අතට එන පඩිය නිසා. පඩිය ඒ විදිහටම අතට එනවනම් මේ වගේ කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නිවාඩු අරගෙන, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන්නයි. ඒත් ඉතිං නිවාඩු තියෙන්නේ නිශ්චිත ගණනක්නේ. ඒ නිසා ඉතිරි දවස් වල අකැමැත්තෙන් වුනත් වැඩ කරන්න වෙනවා.

කිසිම සීමාවක් නැතුව තමන්ට කැමති තරමට නිවාඩු ගන්න පුළුවන් රස්සා නැද්ද? 

ලංකාවේනම් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේනම් සමාගම් ගණනාවක්ම දැන් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතිරි සමාගම් අතරත් මේ ප්‍රතිපත්තිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සේවකයෙකුට අයිති නිවාඩු ප්‍රමාණය කියලා නිශ්චිත ගණනක් නැහැ. නිවාඩු ගන්න පුළුවන් උපරිම සීමාවක් නැහැ.

සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද? 

නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා.

ධනවාදී රටක වැටුප් සේ ලැබෙන්නේ ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවයට සමාන මුදලක්. අවශ්‍ය වැඩේ කෙරෙනවානම් ඒ වෙනුවෙන් පැය කීයක් ගත වුනාද කියන එක වැදගත් නැහැ. දවස් කීයක් නිවාඩු ගත්තද කියන එකත් වැදගත් නැහැ.

නිවාඩු අසීමිතව තිබුණා කියලා ශ්‍රමිකයෝ හැමදාම නිවාඩු ගන්නේ නැහැ. එහෙම කළොත් වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු වෙන එක බව ඒ අය දන්නවා. එහි ප්‍රතිඵලය වැටුප් අඩු වෙන එකයි. 

අනෙක් පැත්තෙන් ශ්‍රමිකයෙක් රැකියාවෙන් නිවාඩු ගන්නේ තමන්ට සතුටු විය හැකි වෙනත් කාර්යයක යෙදෙන්නයි. කරන රැකියාවෙන් වෙන දෙයක් කරනවාට වඩා සතුටු වෙන්න පුළුවන්නම් ආයේ නිවාඩු ගන්නේ මොන කෙහෙම්මලකටද?

ඇමරිකාව වගේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වූ රටක ශ්‍රමිකයෙකුට තමන් කැමති ආකාරයේ රස්සාවක් කරන්න වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. පුළුල් වූ වෙළඳපොලක ශ්‍රමිකයෙකු විසින් කරන්න කැමති දේ අගය කරන, ඒ කැමති දෙයට වටිනාකමක් දෙන, විශාල පිරිසක්ද ඉන්න නිසා තමන් සතුටු දේ කරන අතරම ආන්තික ඵලදායීතාවයද ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. තමන් කැමති රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව කිරීමෙන්ම සතුටු වෙනවා. ඒ නිසා, හැම වෙලාවේම නිවාඩු යන්න දඟලන්නේ නැහැ.

ඇමරිකාවේ තියෙන්නේ සේවකයින් වැඩිපුර නිවාඩු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍ය පමණ නිවාඩු නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

ඇමරිකානු ශ්‍රමිකයෙකුට 2018 වසරේදී ලබාගත හැකිව තිබුණු සාමාන්‍ය පඩි සහිත නිවාඩු ප්‍රමාණය දින 24ක් පමණ වෙනවා. එහෙත්, 2018 දත්ත අනුව, ඇමරිකානු ශ්‍රමිකයින්ගෙන් 55%ක්ම තමන්ට ලබා ගත හැකිව තිබුණු පඩි සහිත නිවාඩු සියල්ල ලබා ගෙන නැහැ. මෙසේ ලබා නොගත් සමස්ත නිවාඩු දින ගණන මිලියන 768ක්.

ඇතැම් ඇමරිකානු සමාගම් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියට අමතරව අනිවාර්ය නිවාඩු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා. ලංකාවේද මෘදුකාංග සමාගම්, දැනටමත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත්නම්, ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් අංශ ගැනනම් කියන්න බැහැ.

9 comments:

  1. When you say on average there are 24 paid vacation days per year, are you counting holidays? Because that does not seems to be accurate. I'm in academia and I get 24 paid vacation days per year (In addition to sick days, and holidays.

    But most of my friends in the industry get some where between 10-15 days per year.

    Most of my friends at these so called "unlimited vacation days" companies don't like it. They call it a gimmick.
    - When they call it unlimited you don't have a set of allocated days. So you can't tell your manager that you have extra five days remaining at the end of the year and take it. Ultimately it just reduces the number of vacation days they actually take.
    - When you leave a company with accumulated leave you get to cash it out. But in this scenario they don't pay anything.

    ReplyDelete
    Replies
    1. The exact sentence I wrote was somewhat misleading and I revised it in the text. This number does not include holidays but it includes accumulated unused leave carried over. In 2017, the average number of PTOs available for use during the year was 23.2 days and in 2018 it was 23.9 days based on data from the US Travel Association. On the latter part, my observation also is not very different.

      Delete
  2. in USA does someone need an engineering degree to become an engineer?

    ReplyDelete
    Replies
    1. Usually, a first degree is needed to do an entry level job.

      Delete
    2. you mean first degree in engineering? can a art degree holder become an engineer?

      Delete
    3. I don't clearly understand the context of your problem. If you can elaborate, I can give a more definite answer. Yes, when I said a first degree, I meant a first degree in engineering, more specifically a bachelors degree with a major in one of the engineering disciplines. The broad answer to your second question depends on your definition of an engineer and an art degree. In the US, students are not split to different disciplines at school as in Sri Lanka. For graduating from the high school a student needs to complete several courses in math, science, social studies and humanities, business and commerce, English, world languages, fine arts etc, no matter what he or she wish to study at the university. A student need not declare a major when registering for an undergraduate (bachelors) degree and often students switch their major at the university. Many students graduate with more than one major, computer engineering and economics or civil engineering and accounting or biomedical engineering and health communication, for example. Some students major in more than one engineering discipline. Some major in an area of engineering with a minor in one of so-called arts areas and some do the opposite. Moreover, the subjects classified as arts subjects in Sri Lanka includes social science subjects, humanities and fine arts. Having a major in one of these doesn't prevent one from becoming an engineer. But, your question, I think is whether someone can become an engineer without an engineering degree. The answer depends on how you define an engineer. If someone wants to get a license as an engineer, usually an accredited engineering qualification is required. This requires taking a minimum number of required courses.

      Delete
  3. //ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. //

    In my personal view, this is the biggest difference between SL and USA.

    ReplyDelete
  4. Hayleys සමාගම ලඟදි දැණුම් දුන්නා වැඩ සහිත නිවාඩු ක්‍රමයක් ගැන.. මට වැඩි විස්තර මතක නෑ ඒ ගැන..

    ReplyDelete
  5. // සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද?

    නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා. //

    අම්මෝ බන් උබ වගේ බොරු කියන්ඩ විමල් විරවන්සයාට වත් බෑ නේ........

    උබට කියක් ගෙවනවද මේ බොරු ලංකාවේ ගොන්නුන්ට ඇදබාලා මිනිස්සු ගොනාට අන්දනවට ?

    මේ හලෝ ධනවාදී ක්‍රමය තමුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා මිනිසුන් මිරිකා සාරය උරාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදියට එකී ක්‍රියාවලිය කෙරෙහි මිනිස්සුන්ගේ දැනුවත් සහ ස්වයංක්‍රීයව එන විරෝධය එන්න එන්න වැඩි වෙනවනේ...........

    දැන් එක තෙරු අරගෙන ඇමරිකාවේ උන් කැමති තරම් නිවාඩු ගන්න පුළුවන් පහසුකමක් දීලා කියලද ඔයා කියන්නේ........

    ඔය පහසුකම ඇමරිකන් වැඩ කරන ජනතාවගෙන් කියක ප්‍රතිශතයකට මේ වෙනකොට බුක්ති විධින්න පුළුවන් වෙලා තියනවද ?

    බොරු කියන්ඩ එපා බන්, තොරතරු තාක්ෂණයේ දියුණුව එක්ක, යම් නිශ්චිත රැකියා කාණ්ඩයක නියුතු වන සේවකයන් සාම්ප්‍රධයිකව සේවා ස්ථානයට ගෙන්වාගැනීමට වැඩ තමුන්ට කැමති වෙනත් ස්ථානයක වැඩ කරන්න ලබා දීමෙන් උන්ගේ ටාර්ගට් කවර කරගැනීමේ ප්‍රතිෂතය ඉහල යන බව තේරුම් ගිහිල්ලා තියන නිසා ඉතා සීමිත කොටසකට ඔය වරප්‍රසාදය දීලා තියනවා...........

    එකට අනිත් හේතුව ශ්‍රමිකයන් ආයතන ගතව ශ්‍රමය සුරාකෑමට අකමැති වීමේ ප්‍රතිශතය වැඩි වීමත් එක්ක දක්ෂ සේවකයන් ස්වාධීනව වැඩකරන්න පෙළබි තියෙනවා...........

    එක ශ්‍රමය සුරාකෑමට විරුද්ද වීමේ එක ප්‍රතිපලයක්..........

    ඒ නිසා යම් ඉතා සීමිත කොටසකට පමණක් මේ වරප්‍රසාදය දෙන්න වෙලා තියනවා, ඔවුන් ආයතනගතව ශ්‍රමය කැබිරිම ප්‍රතික්ෂේප කිරීම නිසා............

    දැන් උබලා ඉතාම සීමිත ගණනකට පමණක් දෙන්න සිද්ද වෙලා තියන මේ තත්වය අපිට මාකර්ට් කරන්න එන්නේ ඇමරිකාවේ ජනතාවට ගෙදර ඉදන් පඩි ගන්න පුළුවන් කියලද ?

    ඒ අපේ බුරුවෝ හැම මගුලම විස්වාස කරනවා කියලා හිත හින්දද ???

    අනේ පවු උබලා.............ඔච්චර ලිබරල් නම් ඇමරිකන් සමාගම් වලට පුළුවන් නේ රජය එක්ක එකතුවෙලා ව්‍යවස්තාපිතවම ඔය අයිතිය දෙන්න.......

    ඇමරිකාව වගේ ව්‍යවස්ථාව ගරු කරනවා කියන රටවල නිවැරදි ක්‍රමය එක නේද ?

    එහෙම එකක් දීලා තියනවද ?
    නෑ නේද ?

    දනවාදයේ කෙලවිම නිසා එය අත හැර යන ජනතාව එයට ලගු කරගන්න ගෙනාපු පරාජිත උපක්‍රමයක් දනවාදයේ පට්ට වැඩක් විදියට උබ අපිටම මාර්කට් කරන්න යන්නේ ලංකාවේ ඉන්නේ නැට්ට කපපු වදුරෝ කියලා ඇමරිකන් ධාරාව උබලට උගන්නන හින්දද ???

    පව් බන් උබලා බඩයන ධනවාදයට පඩියට අමුඩ ගහන පිස්සෝ...............!!!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: