Thursday, April 30, 2026

උද්ධමනය - අප්‍රේල් 2026


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අප්‍රේල් මාසයේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 2.8% මට්ටමේ පැවතියද, ආහාර නොවන උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යාම මෙයට ප්‍රධානම හේතුව සේ සැලකිය හැකි අතර ඉන්ධන මිල ඉහළ යාම පොදුවේ ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබෙනවා. 

අප්‍රේල් මාසය තුළ පමණක් සමස්ත මිල මට්ටම 3.0%කින් ඉහළ ගොස් ඇති අතර, ඉතිරි 2.4% පෙර මාස 11ක කාලය තුළ සිදු වූ මිල ඉහළ යාමයි. දැනට පවතින ලෝක යුද වාතාවරණය තුළ ලංකාවේ ඉන්ධන හා විදුලි ගාස්තු තව දුරටත් ඉහළ යාමේ විභවයක් මිස අඩු වීමේ නැඹුරුවක් නොපෙනෙන බැවින් කෙටිකාලීනව උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි. 



8 comments:

  1. ඔය කියන සංඛ්‍යාලේඛනයි, ඇත්තටම පොළොවේ තියෙන තත්ත්වයයි අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ආර්ථික විද්‍යාව අනුව මේ ආණ්ඩුව කරන්නෙ සංඛ්‍යාලේඛන "මේකප්" කරලා මිනිස්සුන්ව රවට්ටන එක. මෙන්න මේ කරුණු ටික බලන්න:

    1. බාස්කට් එකේ ප්‍රශ්නය (The Flawed Basket): උද්ධමනය මනින්න ගන්න "භාණ්ඩ කූඩය" ඇතුළේ තියෙන බඩු වල බර තැබීම් (weights) දැන් පරණයි. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවන වියදමෙන් වැඩි හරියක් යන්නේ කෑම බීම, ප්‍රවාහනය සහ විදුලියට. ඒත් රජයේ දත්ත වලින් මේවායේ බලපෑම යටපත් කරලා පෙන්වනවා.

    2. පදනම් බලපෑම (Base Effect) පාවිච්චි කිරීම: ගිය අවුරුද්දේ බඩු මිල අහස උසට තිබ්බ නිසා, මේ අවුරුද්දේ ඒ සාපේක්ෂව පොඩි වැඩි වීමක් වුණත් සංඛ්‍යාලේඛන වල පෙන්වන්නේ අඩු ප්‍රතිශතයක් විදිහට. ඒ කියන්නේ බඩු මිල අඩු වෙලා නෙවෙයි, වැඩි වුණ වේගය විතරයි අඩු වෙලා තියෙන්නේ.

    3. සැබෑ වෙළඳපොළ මිල ගණන්: කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) 5.4% කියලා තිබ්බට, ඇත්තටම වෙළඳපොළේ හාල්, එළවළු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගණන් බැලුවොත් ඒවා 15% කට වඩා වැඩියි. NPP පාලනය යටතේ වෙන්නේ දූෂිත ක්‍රමයක් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලවා තමන්ට ඕන විදිහට දත්ත හදාගෙන ජනතාව මුලාවේ දැමීම.


    4. ප්‍රවාහන සහ බලශක්ති පිරිවැය: ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙනස් වීම් වලට වඩා දරුණු විදිහට ලංකාවේ මිල ගණන් වැඩිකරලා, ඒකෙන් උද්ධමනය පාලනය කරනවා කියන එක විහිළුවක්. මේකෙන් වෙන්නේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා අන්තිමේදී පාරිභෝගිකයා මතම බර වැටෙන එක.

    කෙටියෙන් කිව්වොත්, මේ දත්ත පෙන්වන්නේ රටේ ඇත්ත ආර්ථිකය නෙවෙයි, පාලකයන්ට තමන්ගේ ප්‍රතිරූපය බේරගන්න ඕන කරන බොරු ලස්සන චිත්‍රයක්වි විතරයි. ඇත්ත උද්ධමනය 10% - 15% අතර තියෙන බව ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක්ට කඩේට ගියාම තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. "NPP පාලනය යටතේ වෙන්නේ දූෂිත ක්‍රමයක් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලවා තමන්ට ඕන විදිහට දත්ත හදාගෙන ජනතාව මුලාවේ දැමීම."

      මේවා කොරේ NPP ආණ්ඩුව නෙමේ මහින්ද සහ මහින්දගේ මහබැංකුවේ හිටපු හේන්චඉයෝ සෙට් එක.
      මේවා හරි පාරට ගන්න 2015 න් පස්සේ සමහර දේවල් ටික ටික වෙනස් කරා... දැන් මහබැංකුව සහ ආණ්ඩුව මේවා වෙනස් කරනවා ලෝකේ බාවිතා කරණ විශේෂ දේවල් සහ IMF එකේ උදව් ඇතුව... මහින්ද ගැටගහපු හොර ගැට එක දවසින් ගොඩදාන්න බැ... නමුත් ටික ටික වෙනස් වෙනවා හරි විදියට...

      Delete
    2. @ Ano 6.34

      මෙතනදි ඉකොනොමැට්ට කියල තියෙන්නෙ මෙතන ඇත්තටම වෙන්නේ සංඛ්‍යාලේඛන අනුව සරලවම කිව්වොත්, රජය කියන විදිහට උද්ධමනය 5%ට බැස්සා කියන්නේ බඩු මිල අඩු වුණා කියන එක නෙවෙයි, කලින් අවුරුද්දේ රුපියල් 100 බඩුව රුපියල් 190ක් වෙනකම් වේගයෙන් වැඩි වුණා නම්, මේ අවුරුද්දේ ඒ 190 බඩුව රුපියල් 200ක් වුණාම මිල වැඩි වෙච්ච "වේගය" විතරක් අඩු වුණා කියන එකයි, හැබැයි මිනිස්සුන්ට තාමත් ගෙවන්න වෙන්නේ අර වැඩි වෙච්ච රුපියල් 200ම තමයි.

      ඒ වගේම උද්ධමනය මනින්න ගන්න භාණ්ඩ කූඩය" ඇතුළේ සාමාන්‍ය පවුලක වියදමෙන් වැඩි හරියක් යන කෑම බීම, කරන්ට් බිල සහ බස් ගාස්තු වගේ දේවල් වලට දිය යුතු නියම බර තැබීම (weightage) නොදී, එදිනෙදා ජීවිතයට ඒ තරම්ම බලපාන්නේ නැති දේවල් දාලා දර්ශකය කෘතිමව පාලනය කරනවා

      උදාහරණයක් විදිහට හාල් මිල 20%කින් වැඩි වෙද්දී දර්ශකයේ ඒක පෙන්වන්නේ හරිම පොඩි අගයකින්. තව පැත්තකින් පදනම් බලපෑම (Base Effect) නිසා කලින් අවුරුද්දේ මිල ගණන් අහස උසට තිබ්බ නිසා මේ අවුරුද්දේ පොඩි වැඩි වීමක් වුණත් ඒක දත්ත වල පෙන්වන්නේ ලොකු සහනයක් විදිහටයි. ඒ වගේම ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙද්දී ඒ වාසිය ජනතාවට නොදී වැඩිපුර බදු ගහන එකෙන් ප්‍රවාහන වියදම සහ කර්මාන්ත ශාලා වල වියදම දිගටම වැඩි වෙනවා, ඒ නිසා වෙළඳපොළේ ඇත්තම මිල ගණන් දත්ත වලට වඩා 10%-15%කින් විතර වැඩියි. කෙටියෙන් කිව්වොත් මේක හරියට ලෙඩාගේ අසනීපය හොඳ කරන්නේ නැතුව උණ කට්ටේ (Thermometer) අගය හොරට අඩු කරලා පෙන්වනවා වගේ වැඩක් නිසා පාලකයෝ තමන්ගේ ප්‍රතිරූපය බේරගන්න හැදුවට සාමාන්‍ය මනුස්සයා කඩේට ගියාම සාක්කුව හිස් වෙන එකෙන් ඇත්ත තත්ත්වය හොඳටම තේරුම් ගන්නවා.

      මේ විදිහට දත්ත සහ සැබෑ මිල අතර තියෙන පරතරය නැති කරන්න නම් රජය වෙළඳපොළ ඒකාධිකාරය පාලනය කරන්න මොන වගේ පියවරක් ගත යුතුයි කියලද ඔයා හිතන්නේ?

      Delete
  2. @ Economatta

    මහ භාණ්ඩාගාර හැකර් වංචාවට සම්බන්ධ ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්‍යක්ෂවරයා අභිරහස් ලෙස මරා දමා ඇති අතර නිවස පිටුපසින් සිරුර හමුවී ඇත.

    මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මෙසේ අබිරහස් ලෙස මියගොස් තිබේ.

    ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හමුවී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කර තිබේ.

    ඒ අනුව මේ වනවිට පොලිසිය අදාළ ස්ථානය වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර ඇත.

    කෙසේවෙතත් කවුරුන් විසින් හෝ මොහුව ඝාතනය කළේද ? එසේ නොමැතිනම් සියදිවි හානි කරගත්තේද ? හෝ අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යෑම හේතුවෙන් මියගියේද ? යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

    අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසියේම මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගිය අප්‍රේල් 24 දා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.රංග රාජපක්ෂ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකුද වනවා.සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව මාධ්‍ය වාර්තා කර ඇත. මේ ගැන ඔබේ මතය මොකක්ද? සජබ සැක කරන විදියට දේශපාලක කොන්ත්‍රාත් එකක් ද?

    ReplyDelete
    Replies
    1. @ Ano 9.54 AM

      යම් වංචනික ක්‍රියාවක් වුන ගමන් එයාට අදාළ නිලධාරීන් හෝ සේවකයන්ගේ වැඩ තාවකාලිකව තහනම් කල යුතුයි. ඒ වගේම ජෙප්පන්ට විතරක් නෙමෙයි ඕනිම පක්ෂයක මනුස්සයෙකුට එක පාරටම හොරා කිව්වම අවුල් තමයි. තොපිට ඒක තේරෙන්නේ දැන්ද ..? ඉස්සර අනිත් පක්‍ෂ වල මිනිස්සුන්ට මාලිමාවේ උන් අම්ම මෝ නැතුව කතන්දර ගොත ගොත අතේ පැලවෙන බොරු සංඛ්‍යා ලේඛන එක්ක මඩ ගහන කොට ඒ මිනිස්සුන්ට පවුල්වල සාමාජිකයන්ට මොනවා හිතෙන්න ඇද්ද?

      අනිත් කාරණාව මේ තරම් කල් අරගල කලේ, ජීවිත පිදුවේ, ජෙපි කාඩරය තුල හිටියේ ඒ වගේ මනස සෙලවෙන එකෙක් කියාද උඹල දැන් කියන්න යන්නේ..??? මාර logic ජෙප්පන්ගේ තියෙන්නේ. ඕව කියපල්ලා පැලවත්තේ ඩෝබින්ට. මොකද උන්ව තව තව උඹලට රවටගෙන තියා ගන්න ඕනි රහසින් එපා වුනාම මරා දාන්න හරි. අපි නොදන්නා මිනීමරු ජෙප්පෝ. අපි නොදන්නා ජෙප්පන්ගේ කිඹුල් කදුළු. අපි නොදන්නා ජෙප්පන්ගේ නිර්දෝෂී බාවය, අපි නොදන්නා ජෙප්පන්ගේ තක්කඩිකම්...!!!

      Delete
  3. @ ඉකොනො මුලින්ම අපි මේ උද්ධමනය ගැන ඇත්ත කතා කරමු. ආණ්ඩුව සහ stat dept එකෙන් කියන ඔය 5% හෑල්ල සම්පූර්ණ කෙප්පයක්. කඩේට ගිහින් හාල් කිලෝ එකක්, එළවළු ටිකක්, අත්‍යවශ්‍ය බඩු ටිකක් ගන්න ඕනම මනුස්සයෙක් දන්නවා පහුගිය මාස ටිකට විතරක් බඩු මිල 15% කට වඩා වැඩි වෙලා තියෙනවා කියලා. මේ අය කරන්නේ දත්ත මැනුම් ක්‍රම (CPI baskets) තමන්ට ඕන විදිහට වෙනස් කරලා, ජනතාවට ඇත්ත පේන එක වළක්වන එක. මේක සංඛ්‍යාලේඛන දූෂණයක්

    මේ විදිහට බොරු දත්ත පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන ආණ්ඩුවක් වට්ටන්න කියලා අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ, මොකද මේ යන විදිහට ආණ්ඩුව වැටෙන්න කලින් රට මුළුමනින්ම කඩාගෙන වැටෙන එකයි වෙන්නේ. මේ අවුරුද්දේ අන්තිම වෙද්දී අපිට එන ආර්ථික කුණාටුව ගැන මේ පාලකයන්ට කිසිම අයිඩියා එකක් නැහැ. ලෝක යුද වාතාවරණය නිසා තෙල් මිල අහස උසට යද්දී, පොහොර ගේන්න ඩොලර් නැති වෙද්දී, ඒක කෙලින්ම බලපාන්නේ අපේ බත් පිඟානට. මේ එන දරුණු ආහාර අර්බුදය ඉදිරියේ NPP ආණ්ඩුව අසරණ වෙන එක වළක්වන්න බැහැ.

    දැන් බලන්න මේ අයගේ 'දේශපාලන ෂෝ' එක නඩත්තු කරන්න කරන විකාර වැඩ. තමන්ගේ ඡන්ද පදනම නැති වෙයි කියලා තියෙන බයට, ලෝක වෙළඳපොළෙන් වැඩි මිලට ඩීසල් ගෙනල්ලා පාඩුවට දෙනවා. මේක හරියට ලෙඩේට බෙහෙත් නොදී පැනඩෝල් දීලා රෝගියා රවට්ටනවා වගේ වැඩක්. අනිත් පැත්තෙන්, ගොවියට වගා කරන්න තියෙන වතුර ටික කළමනාකරණය කරන්නේ නැතුව, තාවකාලිකව විදුලි බිල අඩු කරලා පෙන්වන්න ඒ වතුර ටික ජල විදුලියට පාවිච්චි කරනවා. මේ වගේ කෙටි කාලීන මෝඩ තීන්දු නිසා ඉස්සරහට රටේ කෘෂි/ කාර්මික/ නිෂ්පාදන ඇතුළු සමස්ත ආර්ථිකයම විනාශ වෙලා අපිට කන්න වෙන්නේ වස විස විතරයි.

    මේ npp jvp පාලකයන්ගේ ලොකුම ප්‍රශ්නය තමයි තමන් කලින් ගහපු පල් කයිවාරු වලට දැන් තමන්ම හිරවෙලා ඉන්න එක. ගල් අඟුරු ටෙන්ඩර් වල ඉඳන් ඩීසල් ගනුදෙනු දක්වා සිද්ධ වෙන අතිවිශාල වංචා වහගන්නයි, තමන්ගේ හෙළුව වහගන්නයි දඟලන දඟලිල්ල අස්සේ රටේ ඇත්තටම වෙන්න ඕන ප්‍රතිසංස්කරණ ඔක්කොම අතපසු වෙලා. මේ එන මහා විනාශයට රාජ්‍ය යන්ත්‍රය සූදානම් කරනවා වෙනුවට මුන් කරන්නේ තව තවත් බොරු දත්ත පෙන්නලා මිනිස්සුන්ව නිදි කරවන එක.

    හැබැයි එකක් මතක තියාගන්න, මේ වගේ වගකීමක් නැති, හැමදේම නොමිලේ ඉල්ලන, ඉවසීමක් නැති ජනතාවක් ඉන්න රටක මොන පාලකයා ආවත් මේක ගොඩදාන්න බැහැ. ඒ නිසා මේ විකාර දේශපාලනය නිර්මාණය කරපු ජවිපෙටයි, ඒකට උඩගෙඩි දුන්න ඊනියා ජනතාවටයි කැමති දෙයක් කරගන්න ඇරලා, අපි අපේ පවුල්වල ජීවිත බේරගන්න විදිහ ගැන බුද්ධිමත්ව හිතන්න ඕනේ. මේ ජනප්‍රිය රැල්ල අන්තිමේදී කෙළවර වෙන්නේ මහා සාගින්නකින්. ඒ නිසා රැල්ලට අහුවෙන්නේ නැති බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න දැන්වත් ජනයා පෙළගැස්සීම තමයි අපි කරන්න ඕනේ නැද්ද?

    ReplyDelete
  4. උද්ධමනය පාලනය කරන්න නම් ඉතින් පක්ෂේ විපක්ෂේ හැම එකාම බලයේ හිටපු බලයේ ඉන්න බලයට නො ආපු වෘත්තීය සමිතිවල හොර රැල වගේ ඔක්කෝම අයගේ උපයාගත් විදිහ පෙන්නන්න බැරි දේවල් රජයට පවරාගෙන රටට යහපතක් කරනවා දකින්න ලැබුණොත් ඇති ..🙏(ඩේසි ආච්චි ගේ මැණික් මල්ල, මල්වාන ගෙවල්, මහබැංකු බැඳුම්කර, සමාජ ප්‍රාග් ධනය, වෘත්තීය සමිතිවල ආදායම්, crypto ආයෝජන, කොටහළුවට ආපු ලැබුණ මිලියන ගනන් තෑගි, කෝටි ගණනක ආදායම් ලැබුණු අක්කර දෙකේ ගම්මිරිස් වගාවල්... etc etc...)

    ReplyDelete
  5. රංග නිශාන්ත සහෝදරයාව ඝාතනය කළ බවට විපක්ෂයෙන් එල්ල කරන චෝදනා පට්ට පල් බොරු බවත්, එය සිය දිවි නසාගැනීමක් බවටත් හේතු මෙලෙසයි.

    1. රංග සහෝදරයා ජවිපෙ සාමාජිකයෙක්. අපේ පාක්ෂයේ ආදරණීය සහෝදරයෙක්ව අපිම ඝාතනය කළා කියන එක තරම් මෝඩ කතාවක් තවත් තියෙනවාද?

    2. පොලිසිය කියන පරිදි ඔහු සිය දිවි නසාගෙන තිබෙන්නේ ඔහුගේම නිවසේ පහළ කොටසේ. එසේම ගෙ#ල කපාගෙන සිය දිවි නසාගෙන තිබෙන්නේ. ඒකෙන්ම පේනවා තමන්ගේම නිවසේ ඔහු සිය දිවි නසාගත් බව.

    3. අවස්ථා දෙකේදීම CID එකට ඇවිත් නැහැ. ඒකෙන් පේනවා රංග සහෝදරයා ආතතියෙන් හිටපු බව. එ නිසා එය සිය දිවි නසාගැනීමක්.

    4. ජනතා විමුක්ති පෙරමුණ වැනි ජනතාවාදී පක්ෂයක් රට පාලනය කරද්දී, ඉස්සර දූෂිත පාලකයින් මෙන් නිලධාරීන්ව ම#රා දානවා කියල ඔබ සිතනවාද?

    5. ඩොලර් මිලියන 2.5 යනු විපක්ෂයේ හුදු මඩ චෝදනාවක් විතරයි. ඒක ඇත්තටම හැක් වුණා. එතකොට ඒ ගැන උසාවියේදී කරුණු දක්වලා පක්ෂයට එල්ල වූ මඩ සියල්ල සෝදගන්න පුලුවන් වෙලා තියෙද්දී, ඒ වෙනුවට මිනීමැරුමකුත් පටලවාගන්න තරම් ජවිපෙ මෝඩයි කියල ඔබ සිතනවාද?

    6. රංග නිශාන්ත සහෝදරයව මැරුවනම් ඒකේ වාසිය ලැබෙන්නේ විපක්ෂයට. නැතිව ආණ්ඩුවට නෙමෙයි. නොකරපු ඩොලර් මිලියන 2.5 ක්, මිනීමැරුම් කරමින් හංගන්න දෙයක් නෑ.

    7. පාදයේ සහ අතේ කැපුම් තුවාල තුනක් තිබීම විය හැක්කක්. සිය දිවි නසාගැනීමට උත්සාහ ගැනීමේදී එලෙස කැපුම් තුවාල වෙන්න පුලුවන්.

    8. ඔහු සිය දිවි නසාගත් බව පොලිසිය පවසනවා. චැප්ටර් ක්ලෝස්.

    ඉතින් පොලිසිය පරීක්ෂණයක් කරලා සිය දිවි නසාගැනීමක් බව කියද්දී, ෆේස්බුක් මරණ පරීක්ෂකවරුන් කියන දේවල් වලට ඔබත් ‍රැවටෙනවාද?

    ආදරණීය රංග නිශාන්ත සහෝදරයා, ඔබට අපේ විප්ලවීය ආචාරය !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.