Thursday, November 12, 2026

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්

මේ වසරේ මැද වන විට (2026 ජූනි 30) ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් පහත පරිදියි. මහ බැංකුවේ වත්කම් මේ වන විට (2026 ඔක්තෝබර් 31) ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස් ඇති අතර බැරකම් වල යම් අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. ඒ අනුව, මේ වන විට මහ බැංකුවේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන හතරකට ආසන්න වී තිබිය යුතුයි.



4 comments:

  1. මට ආරංචි විදිහට මහ බැංකුවේ ශුද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 3.4ක් පමණයි. ඉකොනෝ අයවැය ගැන මොකද හිතන්නේ? ගියපාර ගහපු බයිලා මොකවත් කරලා නෑ ඒ අස්සේ මේ පාර අලුත් වැල් බයිලා ටිකක් ගහලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කරන්න හදන එක සහ මත්තල ගුවන්තොටුපල ඉන්දීය සමාගමකට බදු දීමට තීරණය කිරීම විතරයි නේද ගත යුත්තක් තියෙන්නේ අනිත් බහුතර කයිවාරු මෙලෝ වැඩකට නැති වැල් බයිලානේ පැය පහක පමණ පච වැලක් අතෑරපු එක ගිනස් වාර්තාවක් වෙයිද මන්දා දිගම බොරු මාලාව විදිහට 🫣😃

    ReplyDelete
  2. පැය 5ම අහල ඇවිත් කතා කරන්න. අන්තිමට කියපු ඒව කොච්චරක් පච උනාද කියල මුලින් කතා කරල ඉමු.
    මේ කියෙව්වෙ ඊළඟ අවුරුද්දෙ අපේ ශක්‍යතා වාර්තාව. අවුරුද්ක බජට් එක. 2026 කතා කරන්න තාම කල් වැඩි. හිනා වෙලා අහගෙන ඉන්නත් පුළුවන්. ගත යුත්ත ගන්න.

    ReplyDelete
  3. මේ දිනවල කියපු අයවැය යෝජනාවලිය අනුව ඉදිරි වසරේ විදේශ විනිමය සංචිත වලට මොනවගේ බලපෑමක් වෙන්න ඉඩ තියෙනවාද?

    හැබැයි ඔය අයවැයෙ අනුරට
    තේරෙන දෙයකට තියෙන්නෙ
    2027 ඔලිම්පික් එකට වෙන් කරපු මුදලයි, රජයෙ විධායක ශ්‍රේණි වලට වැඩිකරපු පඩි නඩි ගැන විතරයි. අනික් ඒවා බුවාට කවුරු හරි ලියලා දීපු එකක් කිසිම තේරුමක් ගිරවෙක් වගෙ කියවපු දේවල් බව පැහැදිලිවම පෙනුනා විස්තර කරපු විදියට. මේ ගැන ඉකොනෝට පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

    ReplyDelete
  4. ඉකොනෝ විදුලි බල මණ්ඩලය තමන්ගේ ආදායම තමන්ම උපයා ගන්නවා නම් ආණ්ඩුව බිලියන 26.5 ක් අමුතුවෙන් දෙන්නේ මොකටද අයවැයෙන්? ආණ්ඩුවේ ලොක්ක සහ ඇමතිවරු ටෙන්ඩර් මගඩිවලින් බාල ගල් අගුරු ගෙනාපු පාඩුව අයවැයෙන් පියවනවා කියන්නෙ අපේ බදු සල්ලි තමයි. නැතුව තබුත්තේගමින් ගෙනා සල්ලි නෙමෙයිනේ.එතකොට බාල ගල්අගුරැ වල ලාභය ගියේ කාගේ සාක්කුවටද?

    ගුරා හිටගෙන කරනදේ ගෝලයො දුව දුව කරනවලුනෙ.

    ඒ අස්සේ ඔලිම්පික් නැති 2027 ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට මිලියන 100ක් වෙන්කරලා, තනිකරම බොරුවක් කරලා තියෙන විදිහ බලන්න?

    ඔලිම්පික් තියා පඩිගෙවාගන්න පුලුවන් වෙයිද මුලු ආදායමෙන් 90% ක් බදු මත විශ්වාස කරල හදපු තකතිරැ අයවැයක්.මේ බදු කිසිසේතම අපේක්ෂිත මට්ටමට එකතු කරන්න පුලුවන් කමක් නැහැ.ඒකට හේතුව මේ තියෙන තත්වයෙන් රටවත් ලෝකයවත් පවතින්නෙ නැහැ.උදා ස්වඵාවික විපත් ,ලෝක යුද්ධ,වෙනත් අනපේක්ෂිත වසංගත ඩොලරය අගය මෙකි නොකි කරැනු සිය දහස් ගනනක් මැද බදු එකතු වෙන්නෙ.බදු එකතු නොවුනොත් කාගෙ කාගෙත් කටේ පස්.⁣මොකද අනෙක් සියලුම ආදයම් 10% සිමාවෙ තියෙනනෙ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.