tag:blogger.com,1999:blog-3221129106341750825.post1690457780567362837..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නටත් අයෙක් සුරා මතින්! Unknownnoreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3221129106341750825.post-12561153236028440192021-06-18T00:15:38.395-04:002021-06-18T00:15:38.395-04:00ඒ කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ පාලනයත් දැන් එංගල...ඒ කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ පාලනයත් දැන් එංගලන්තයේ සිට කරන බවද? බයිඩන් ගොන් බයිය නම් ළඟදිම වලකජ්ජ ගහයි කියලා පේනවා අර කමලා නැන්දාත් එංගලන්තයේ රූකඩයක් ද? එතකොට ලංකාවේ නන්දසේනගේ මල්ලී බැසිලා එම් සී සී ඩීල් දාන්නෙ එංගලන්තේ එක්කද?

අජිත් ඔය උඩ ඇනෝ දාල තියෙන වීඩියෝ එක බලල තියෙනවා ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබත් ඉංජිනේරු ක්ෂේත්රයේ කෙනෙක් විදිහට?

ඇමරිකානු එක්සත් ජනපදයේ තරුණ ව්‍යාවසායකයන් බොහෝ දෙනෙක් ඒ රටේ යල්පැන ගිය infrastructure ඉදිකිරීම් ගැන වගේම ඇමරිකානු තෙල් වෙළඳ මාෆියාව විසින් සැලසුම් සහගතව සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ පොදු ප්‍රවාහන සේවා වල සංවර්ධනය අඩාල කර තිබෙනවා ඔවුන්ගේ පෞද්ගලික ලාභ සහ වාසි වෙනුවෙන්. මේකට ඇමරිකානු වාහන නිෂ්පාදකයන් ද සහය දක්වා තිබේ. කෙසේ වෙතත් ඇමරිකානු පාලකයන්ගේ මෙවැනි ඵලදායී නැති මුග්ධ තීරණ රැසක් නිසා අතිශය අකාර්යක්ෂමතාවය, ඵලදායිතාව පහළ යාම නිසා ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථික දේශපාලනික බලය පරදා කපටි චීනය ලෝක ආර්ථිකය අල්ලේ නටවන තත්ත්වයට එමින් තිබේ. එංගලන්තය ද මේ ආකාරයෙන් අකාර්යක්ෂම සහ ඵලදායී නැති (සරලව non effective and non efficient) තීන්දු තීරණ ගෙන තිබෙන බව මට හිතෙනවා. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15179373748894090882021-06-17T19:17:20.795-04:002021-06-17T19:17:20.795-04:00ඌඅබ හරි මම දන්නේ නැහැ මොකද්ද තිබ්බේ කියල. මම угада...ඌඅබ හරි මම දන්නේ නැහැ මොකද්ද තිබ්බේ කියල. මම угадал කළා විතරයි.ඔබ හරි. නා යෙව්කේ කියල ජගත් කියල තියෙන්නේ ඒකටනේ හා හා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73284240817219012102021-06-17T19:08:03.335-04:002021-06-17T19:08:03.335-04:00"на языке сингалa " meaning 'in sinh..."на языке сингалa " meaning 'in sinhala language'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-126283989180550022021-06-17T16:29:16.456-04:002021-06-17T16:29:16.456-04:00කේන්ති ගෙන නැහැ ඇනෝ , මම සාමාන්‍යයෙන් මට ලැබෙන පිළ...කේන්ති ගෙන නැහැ ඇනෝ , මම සාමාන්‍යයෙන් මට ලැබෙන පිළිතුරට සාපේක්ෂව පිළිතරු සපයන්නෙක් විතරයි. බයියන් සෑහෙන දුරට ඇනගෙන තියෙන නිසා ඒ භූමිකාවත් අපටම කරන්න වෙන සයිස් එකක් තියෙන්නේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28846777385833960162021-06-17T16:26:47.004-04:002021-06-17T16:26:47.004-04:00මේකට අදාල ඔබේ ලිපියේ ලින්ක් එක මොකක්ද , එකොන් ගේ ප...මේකට අදාල ඔබේ ලිපියේ ලින්ක් එක මොකක්ද , එකොන් ගේ පිලිතුරට මමත් කැමතියි (ලාෆ් ගෑස් ගැන කතවක් බව තේරුනේ.)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72681538389758187522021-06-17T15:55:04.405-04:002021-06-17T15:55:04.405-04:00අපේ බොහෝ විවේචනයන්ට පිළිතුරු දුන්නාට ස්තූතියි.අපේ බොහෝ විවේචනයන්ට පිළිතුරු දුන්නාට ස්තූතියි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52228026531059736892021-06-17T15:54:15.576-04:002021-06-17T15:54:15.576-04:00ඉකොනොමට්ටා මහතාණෙනි, මෙතැනින් එහාට නම් ඔබට දීමට පි...ඉකොනොමට්ටා මහතාණෙනි, මෙතැනින් එහාට නම් ඔබට දීමට පිළිතුරක් නෑ. ධනවාදී පැත්තෙන් දිය යුතු සම්පූර්ණ පිළිතුර අඩු නැතුවම ඔබ විසින් දී තිබෙන බව මගේ අදහසයි.

මා රාජකාරි වශයෙන් සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ඉතා උනන්දුයි (මා නීතිඥයෙක් නොවෙයි... -ඉතිරිය බලධාරියා විසින් කපා හරින ලදී-

සමහර විට මේ නිශ්චිත අවස්ථාවේ මාගේ සිතුවිළි පරම්පරාව සහ මා ඒ අයුරින් ක්‍රියා කිරීමට සහ හදිසියේ ලිපියක් (ඇත්ත වශයෙන් ගතහොත් කිහිපයක්) ලිවීමටත් ඒ පසුබිම හේතුවක් වූවා විය හැකියි. ප්රස්තුත ලිපිය ලියැවෙන්නේ මැයි 29, ඊට පෙර ලිපිය පල වී තිබෙන්නේ ජනවාරි 8.

ඔබේ පිළිතුර ධනවාදී පරමාදර්ශයට අනුව නිවැරදිම පිළිතුර වුවත් ලංකාවේ එය ක්‍රියාත්මක කරන්නට ගියහොත් මතු වන්නේ ධනවාදයෙන් පිට ගැටළු. ඔරුමිත්තනාඩුවේ සමාජ පරිණාමය බාහිරින් පැමිණ බලෙන් පැටෙව්වොත් මිස මෙහි එළෙසින්ම සිදු වීමේ ඉඩක් මා දකින්නේ නෑ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62306594125368036332021-06-17T14:43:07.838-04:002021-06-17T14:43:07.838-04:00දැන් මේ අවස්ථාවේදී ලිට්රෝ සමාගම විසින් "සාපර...දැන් මේ අවස්ථාවේදී ලිට්රෝ සමාගම විසින් "සාපරාධි විශ්වාසය කඩ කිරීමක්" හෝ "තුප්පහි වැඩක්" කරන්නේ සමාජවාදයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. (එවැනි කොටසක් තිබෙන බව මම කලින් ලිවුවා. දැන් මම කතා කරන්නේ ඒ කොටස ගැන නෙමෙයි). මෙතැනදී අපට පැහැදිලිව පෙනෙනවා ප්‍රායෝගික තත්ත්වය හා ධනවාදී පරමාදර්ශය අතර පරතරයක් තිබෙන බව. ලැදියා ප්රශ්නය ස්වභාවික සේ සැලකුවොත්, ධනවාදී පරමාදර්ශය වෙතට ගමන් කළ පමණින් මේ ප්රශ්නය විසඳෙන්නේ නැහැ. තව තරඟකාරී සමාගම් සීයක් තිබුණත් ඔබ ඉන්නේ ඔබේ සමාගම සමඟමනම් ඔබව ඕනෑම මොහොතක රැවටෙන්න පුළුවන්. පුද්ගල නිදහස ප්රමුඛ සේ සලකනවානම් ඔබේ හැසිරීම් වෙනස් කරන්න කියා බලපෑමක් කරන්නත් බැහැ. එසේ නොකර ධනවාදී ක්‍රමය තුළ ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

මෙහිදී රැවුලත් කැඳත් බේරාගත හැකි පරිදි ධනවාදය ක්‍රියාත්මක වන සම්මත වෙනස් කරන්න වෙනවා. සරලම විසඳුම අලිඛිත ගිවිසුම ලිඛිත ගිවිසුමක් බවට පරිවර්තනය කිරීමයි. ඇමරිකාවේ ඉතාම පොඩි ගනුදෙනු හා අදාළව පවා මෙවැනි ලිඛිත ගිවිසුම් තිබෙනවා. ඒ නිසා ඒකපාර්ශ්වික "තුප්පහි වැඩ" කළ හැක්කේ ඉතා අඩුවෙන්. එක පැත්තකින් වැරැද්දක් වූ වහාම ඔබ යෝජනා කරන පරිදිම කවුරු හෝ විසින් නඩු දමනවා. එම නඩු දැමීම සිදු වන්නේ ලංකාවේ මෙන් පාරිභෝගික ආරක්ෂණ පණත වැනි පොදු නීතියක් යටතේ නොව නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩකිරීම මත නිසා හරි වැරැද්ද බොහෝ විට පැහැදිලියි. ඇමරිකාව අද තිබෙන තැනට පරිණාමය වෙන්න ඇත්තේ ලංකාව දැන් සිටින තැන ඉඳලා. ඒ දවස් වල ඇමරිකාවෙත් ඔය වගේ දේවල් වෙන්න ඇති. (තවමත් සිදු නොවෙනවා නෙමෙයි.)

කෙටියෙන් කිවුවොත් ධනවාදය තුළ, පරමාදර්ශී තත්ත්වයන් යටතේ වුවත්, මේ වගේ සීමාවන් තිබෙනවා. නමුත් එවැනි සීමාවන් තිබීම දරුවා සමඟ බේසම වීසි කරන්න තරම් හේතුවක් නෙමෙයි. මේ වගේ ප්‍රශ්න වලට ධනවාදී රාමුව ඇතුළේම විසඳුම් සෙවිය හැකියි. ආර්ථික විද්‍යඥයින්ගේ රස්සාව එසේ කරන එකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11608896919509168102021-06-17T14:42:47.890-04:002021-06-17T14:42:47.890-04:00මේ දවස් වල වෙනත් වැඩ කිහිපයක් වෙනුවෙන් කාලය යොදවන්...මේ දවස් වල වෙනත් වැඩ කිහිපයක් වෙනුවෙන් කාලය යොදවන්න වී තිබෙන නිසා බ්ලොග් එක පැත්තේ එන්න කාලය හොයා ගන්න අසීරුයි. පිළිතුරු ප්‍රමාදය ගැන සමාවෙන්න.

ඔබ කියන දෙය මට දැන් බොහෝ දුරට පැහැදිලියි. ඇත්තටම ඔබ දැන් ප්‍රවේශ වී තිබෙන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන ඉතා වැදගත් මාතෘකාවකට. ඒ වගේම සාපේක්ෂව අලුත් කොටසකට. අලුත් කියා කිවුවේ අවුරුදු පණහකට පමණ වඩා පැරණි නැති වැනි අර්ථයකින්.

සාරාංශයක් ලෙස ගත්තොත් ඔබ කියන්නේ ඔබ සහ අනෙකා අතර අලිඛිත එකඟතාවයක් තිබුණා, අනෙක් පාර්ශ්වය විසින් එය ඒකපාර්ශ්වික ලෙස කැඩුවා කියන එකයි. සේතුවා විසින් හැමදාම තමන්ගේ කරුංකා මරික්කාර් මුදලාලිටම දීම සහ ගාණ ටිකක් වැඩියෙන් ගෙවන්න ඉදිරිපත් වුනත් අලුතෙන් එන වෙළෙන්දෙකුට නොදීම මීට සමාන උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. සිංහල චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකථා ආදියේ ඔය වගේ අවස්ථා නොඅඩුව තිබෙනවා වගේම මම පෞද්ගලිකවත් ඔය වගේ අවස්ථා ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඔබත් දැකලා ඇති. ඔබ කියන කතාව මේ කතාවේම අලුත් වර්ෂන් එකක්.

මේ වගේ අලිඛිත එකඟතාවයක් මරික්කාර් මුදලාලිට වාසි බව බැලූ බැල්මටම පේනවා. ඔහුගේ පැත්තෙන් මෙවැනි අලිඛිත එකඟතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයත් පැහැදිලියි. දැන් මෙහි ප්රශ්නය තිබෙන්නේ මේ අලිඛිත එකඟතාවයට සේතුවා විසින් කැමති වන්නේ ඇයි කියන එකයි. සේතුවා එසේ එකඟ වනවානම් එසේ කරන්නේ ඔහුට කෙටිකාලීන අවාසියක් සිදු වුනත් දිගුකාලීනව වාසියක් සිදු වෙන නිසයි. අඩු වශයෙන් එවැනි විශ්වාසයක් තිබෙන නිසයි. තවත් උදාහරණයක් ලෙස රත්නපුරේ මැණික් මුදලාලිලාගේ භූමිකාව ගන්න පුළුවන්. පතල්කරුවන් බොහෝ විට ගලක් අරන් යන්නේ එකම මුදලාලි කෙනෙක් ළඟට. ඔහු ගල නොගත්තත් පතල්කරුට ගල ආපසු දී කීයක් හෝ මුදලක් අත මිට මොලවනවා. එහි අරමුණ ඔබ කියන අලිඛිත එකඟතාවය දිගටම නඩත්තු කිරීමයි.

වත්මන් ලෝකයේ බොහෝ සමාගම් විසින් මේ ආකාරයේ අලිඛිත එකඟතා ඇති කරගෙන පවත්වා ගැනීම සඳහා බොහෝ දේ කරනවා. පොදුවේ ගත් විට ලැදියා වැඩසටහන් (loyalty programs) වල ඉලක්කය මෙවැනි අලිඛිත එකඟතා ඇති කරගෙන පවත්වා ගෙන යාමයි. ක්‍රෙඩිට් කාඩ්, ගුවන් සේවා සමාගම් ආදිය උදාහරණයි. ඔබ ලිට්රෝ සමාගම සමඟ ලැදියාවක් ඇති කර ගන්නේ මේ කිසිවක් නැතුව. සාමාන්‍ය මූලධර්මයක් ලෙස කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඔබේ "ඇල්ම" වැඩි වූ තරමට ඔබට ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙනවා. ලැදියාවන් නිසා වෙන්නේත් ඒකයි. ඒ වගේම මේ වගේ අලිඛිත එකඟතා වල එල්බ සිටි විට අනෙක් පාර්ශ්වය විසින් එකඟතාවය කැඩීමේ අවදානමට ඔබට මුහුණ දෙන්න වෙනවා. දැන් ඔබට සිදු වුනා වගේ.

හැබැයි ඔබ මෙහිදී මෝඩයෙක් ලෙස හැසිරී තිබෙනවා කියා හෝ ඔබේ වැරැද්දෙන් පාඩුවක් කරගෙන තිබෙනවා කියා ධනවාදය විසින් යෝජනා කරන්නේ නැහැ. ධනවාදය විසින් එසේ යෝජනා කරනවානම් එයින් අදහස් වන්නේ ඔබ වෙනස් විය යුතු බව ධනවාදය විසින් යෝජනා කරනවා කියන එකයි. මිනිස්සු වෙනස් විය යුතු බව යෝජනා කිරීම ධනවාදී ප්‍රවේශය නෙමෙයි. ධනවාදය විසින් කවර හෝ පවතින මිනිස් චර්යාවන් ස්වභාවිකත්වය සේ භාර ගන්නවා. දැනට තිබෙන ආකෘතියක් සමඟ පවතින මිනිස් චර්යාවන් ගැලපෙන්නේ නැත්නම් ආකෘතිය වෙනස් කරගන්නවා මිස ආකෘතියට ගැලපෙන සේ මිනිස්සු වෙනස් කරන්න යන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47386232958895759752021-06-17T09:41:25.146-04:002021-06-17T09:41:25.146-04:00අජිත් සහ කතා කතු මිත්‍රවරුනි,
අගනා වටිනා සාකච්ඡාව...අජිත් සහ කතා කතු මිත්‍රවරුනි,

අගනා වටිනා සාකච්ඡාවක්, නමුත් මෙහිදී කේන්ති නොගෙන සමගියෙන් හා සාමයෙන් මේ ගැන කතා කරනවා නම් හොඳ බවයි මගේ හැඟීම.

කෙසේ නමුත් මේ වනවිට ඉතාමත් යල් පැන ගිය තාක්ෂණයෙන් සහ යටිතල පහසුකම් නිසා ආර්ථිකයට ඇතිවී තිබෙන දැඩි පීඩනය අවම කර ගැනීමට දීප ව්‍යාප්ත යටිතල පහසුකම් නවෝදයක් සඳහා වූ බෛඩන් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයි ද දේශපාලන වේදිකාවල පොර ටෝක්ස් දුන්නා වගේ?

මේ ගැන කෙටියෙන් කියන මේ වීඩියෝ එකත් බලන්න;

https://youtu.be/I034BVDxvzQ

මේ බයියන්ගේ සැලසුම් සාර්ථක වෙයිද කියලා දැඩි අවදානමක් තියෙනවා, ඒ වගේම තමයි එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ අපනයන වලට බලපෑමක් තියෙනවා මොකද අපේ ප්‍රධානතම අපනයන වෙළඳ පොළ නිසා.

ඒ වගේම චීනයේ මේ දවස් වල වේගයෙන් ගොඩ නගමින් යන ක්ෂොංගැං (Xiongan) නම් වූ අලුත් නගරය ඉදිරියේ චීනයේ පරිපාලන අගනුවර බවත් සමස්ත ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සෑදූ අතිවිශාලතම සහ වඩාත්ම ඇඩ්වාන්ස් අධිතාක්ෂණික සහ පරිසර හිතකාමී නගරයක් බව පැවසේ. මේක නිව්යෝක් වගේ කිහිප ගුණයක් විශාල දැවැන්ත නගරයක් ලෙස ඇත්තටම සාර්ථක වේවිද? මේක ලංකාවේ පෝට් සිටි සහ හම්බන්තොට කර්මාන්ත පුරය වගේ ඒවා ඉක්මනට පටන් ගැනීමට නියමිත ව්‍යාපෘති සමග කෙසේ පෑහෙයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44051755429314568752021-06-17T04:52:36.667-04:002021-06-17T04:52:36.667-04:00"මේ ආකෘති ගැන කිසිවක් නොදන්නා ගමේ සිල්ලර කඩේ ..."මේ ආකෘති ගැන කිසිවක් නොදන්නා ගමේ සිල්ලර කඩේ මුදලාලිත් තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඔබ ඇතුළු පාරිභෝගිකයන් විසින්ද ඒ දෙයම කරනවා. ඔබ ගෑස් සිලින්ඩරය මාරු නොකර ඔබේ ලිපියේ විස්තර කර තිබෙන ඉතිරි පියවර ගන්නේ ඒ නිසා. ආකෘති ගැන දැන නොසිටියත් හැමෝම වගේ තමන්ට සිදුවන පාඩු අඩු කර ගැනීම සඳහා සහ වාසි වැඩි කර ගැනීම සඳහා මොනවා හෝ කළ හැකි දේවල් කරනවා"

මා සළකන්නේ ලිට්රෝ සමාගම සහ අප (පාරිභෝගිකයන්) අතර අලිඛිත එකඟතාවයක් ඇති බවයි.

ඊට අනුව අතීතයේ එක්තරා දිනෙක කිලෝ ග්‍රෑම් 12.5 වායුව පිරවිය හැකි ටැංකියක් ඒ සමාගමෙන් මිලදී ගැනීමටත්, එහි වායු අවසන් වූ පසු ඔවුන් වෙතින්ම එය පුරවා ගැනීමට (නොහොත් වායු පිරවූ ඒ හා සමාන ටැංකියක් හුවමාරු කර ගැනීමටත්) මා එකඟ වෙයි. මිල අඩුවට දෙද්දීත්, ලිට්රෝ ටැංකිය වෙනුවට ලාෆ්ස් ටැංකි නිකුත් කරද්දීත් මා ඒ කරා නොයන්නේ ඒ එකඟතාවය මගේ පාර්ශවයෙන් ආරක්ෂා කර ගත යුතු බැවින් මිස පාඩු අඩු කර ගැනීම සඳහා හෝ වාසි වැඩි කර ගැනීම සඳහා හෝ නොවෙයි. ඒ සඳහා නම් කළ යුතුව තිබුණේ එහි අනික් පැත්තයි.

ඒ අයුරින්ම මා සළකන්නේ ලිට්රෝ සමාගමේ අන්තයෙන් ඒ ගිවිසුම ප්‍රකාරව අපගේ ටැංකි වලට වායුව 12.5 kg පුරවා දීමේ අතහැරිය නොහැකි වගකීමක් ඔවුන්ට ඇති බවයි. එසේ කිරීම වෙනුවට 12.5 ටැංකි සාමාන්‍ය වෙළෙඳ පොළෙන් තුරන් කොට ඒ වෙනුවට 18 L ලෙස සඳහන් කර 9 kg ටැංකියක්, ඊට 12.5 kg දක්වා (සමහර විට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා) පිරවිය හැකිව තිබියදී අප මත පැටවීම සාපරාධි විශ්වාසය කඩ කිරීමක් බවයි.

මා තුප්පහි ක්‍රියාවක් යැයි හඳුන්වන්නේ එයයි; කවුරුන් හෝ නඩු දැමිය යුතු යැයි කියන්නේ ඊට විරුද්ධවයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58293854631045498632021-06-17T04:36:18.435-04:002021-06-17T04:36:18.435-04:00පැහැදිලි කිරීම් දෙකක් තිබීම ප්‍රශ්නයක් නොවෙයි. එයි...පැහැදිලි කිරීම් දෙකක් තිබීම ප්‍රශ්නයක් නොවෙයි. එයින් පෙන්වන්නේ ඔබ නොයෙක් මාන ඔස්සේ ප්රශ්නය විග්රහ කර ගැනීමට දක්වන පරිචයයි. එය මා මනුෂ්‍යයෙකුගේ ඉතාම අගය කරන ගුණාංගයක්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71285241641698204562021-06-17T04:04:06.798-04:002021-06-17T04:04:06.798-04:00"ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා ..."ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා" යැයි කවුරුන් විසින් හෝ කියා ඇත්නම් එය "උගතුන්ට පහළ වන නොයෙක් අදහස් අතර ගොබ්බම ගොබ්බ අදහසක්" බව එකඟ විය හැකියි. ආචාර්ය උපාධි ගත් අය අතර පවා ඔහු කියන දේ නොතේරෙන අය බොහෝමයි. සමහර අවස්ථා වල භාෂා තුන හතරක් දන්නා අයත් ඔහු සරල සිංහලෙන් කියන දේ තේරුම් ගැනීමට නොහැකිව ඇඹරෙනවා.

එසේ වුවත්, යම් කෙනෙක් "මා ඔහුගේ ලිපි සහ ඔහුට පිළිතුරු ලියන අයගේද ලිපි දශක තුනකට වඩා ඈත කළෙක සිට පරිශීලනය කර ඇති බැවිනුත් ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරා ඇති බැවිනුත් ඔහු කියන දේ යම් තරමකින් තේරෙයි." යි කියා ඇති විට දෙවැන්නෙක් එයින් "ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා"යි අදහසක් ගනී නම් ... ඒ ගැන අදහසක් පල නොකරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39129218678626143982021-06-17T02:07:03.860-04:002021-06-17T02:07:03.860-04:00ඉකෝන් ඔබ ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී ලෙස බිඳ වැට...ඉකෝන් ඔබ ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී ලෙස බිඳ වැටී මේ වනවිට පවතින බරපතල ලෙස දැඩි අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව දන්නවා නේද? මේ ගැන කෙටි අදහසක් පහත දැක්වෙන ඉතා කෙටි සාකච්ඡාවක තිබෙනවා. මේක ගැන හිතන්නේ මොකද? පුළුවන් නම් පොඩි කාලයක් වැය කොට මෙම කෙටි සාකච්ඡාවම බලලා මේක ගැන පෝස්ට් එකක් දාන්න. කබරරාල කබ්බා කියන්නේ ලෝක හොරෙක් උනත් මම හිතන්නේ මිනිහා මෙතන කෙළින් කතා කරනවා වගේ;

https://fb.watch/6aDbrwlgg6/

ඒ වගේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටී ජනපතිවරයා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මට මේක කරන්න බෑ කියලා දමල ගහල නැගිටලා යාවි ද ඇත්තටම? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ වටිනා දේපල එම් සී සී ගිවිසුමේ පරිදි ඇමරිකානු එක්සත් ජනපදයට පාවා දී ඇමරිකන් ආධාර විශාල මුදලක් ගෙන ඒමට මැදිහත් වී ඇති බවට පවතින කටකතා ඇත්ත ද? ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මේ වගේ කතාවක් පවසන්නේ මේක ඇත්ත වන්නට පුළුවන් මේ අයගේ ඉතිහාසය අනුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54811184688198314002021-06-16T20:02:54.506-04:002021-06-16T20:02:54.506-04:00ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද...ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව ඉගෙන ගත් නිසා නලින්ද සිල්වා කියන ඒවා තේරෙනවා කියන එකත් එක්තරා විධිහක ගොබබ් අදහසක්. හැබැයි නලින් ගේ දරුවනුත් බටහිර ඉන් නිසා ඒක ගොබ්බ අදහසක්ම නෙමෙයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69771729370345296732021-06-16T19:57:53.347-04:002021-06-16T19:57:53.347-04:00නා කියන්නේ ඉංග්‍රීසියෙන් to කියන එක, නා සවෝද් - කම...නා කියන්නේ ඉංග්‍රීසියෙන් to කියන එක, නා සවෝද් - කම්හලට යෙව්කේ කියල වචනයක් දන්නේ නැහැ. අකුරු ටික ලියන පුලුවන්ද ещё කියන වචනය නම් යෙට් කියන තේරුම - තවම,තිබුනේ මේ ටික නම් на еще синхала තව සිංහල ලෙසන් එකකට වගේ තේරුමක් තමා එන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87514125995696606452021-06-16T19:52:16.115-04:002021-06-16T19:52:16.115-04:00මම ඕක ලිව්වේ ටිකක් sarcastic විධිහට. මට භාෂා තුනක්...මම ඕක ලිව්වේ ටිකක් sarcastic විධිහට. මට භාෂා තුනක් හොඳට පුළුවන්. හතරවන භාෂාව තරමක් දුරට. ඕවට ග්රැම හිටපු ගමන් ටැපලෙනවා. ඔය ඉකොන් කියන ඇප් මම සාමන්‍යයෙන් භාවිත කරන දේ. විශේෂයෙන් ජර්මනියේදී in law හෑ නෑදෑයන් සමග කතා කරද්දී. ඒ වගේමනේ සමහර වෙලාවට ගූගල් නුත් භාවිතා කරන්නේ, පොත් කියවන කොට. නමුත් ගූගල් එපමනම් හොඳ නැහැ තවම. . තනි භාෂාවක් කියා කීවේ එස්පරාන්ටෝ වගේ එකක් නොව , අපි හැමෝටම සීමා මායිම් නැතිව එකිනෙකා වටහා ගන්න පුළුවන් දවසක් ගැනAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10497819137646369052021-06-16T19:14:05.594-04:002021-06-16T19:14:05.594-04:00මම 8 වසරේ ඉන්නකොටයි රුසියන් හෝඩිය ඉගෙන ගත්තේ. ඔය ව...මම 8 වසරේ ඉන්නකොටයි රුසියන් හෝඩිය ඉගෙන ගත්තේ. ඔය වාක්‍යයෙන් තමයි පටන් ගත්තේ. හැම සෝවියට් පොතකම මුල් පිටුවක ඕක තිබුනා. වැල් අකුරු වලින් තිබුනේ. සුන්හල කියලා කියෙව්වට සිංහල වෙන්න ඇති.
නා කියන්නේ the
අනිත් වචනේ නම් හරියට උච්චාරනය වුනාද මන්ද
Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11918980002875764722021-06-15T13:16:56.784-04:002021-06-15T13:16:56.784-04:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84299009522176543202021-06-15T12:40:31.341-04:002021-06-15T12:40:31.341-04:00“නා යෙව්කේ සුන්හල“ කියන එකේ තේරුම මොකක්ද?“නා යෙව්කේ සුන්හල“ කියන එකේ තේරුම මොකක්ද?Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35227650677504642662021-06-15T08:48:07.157-04:002021-06-15T08:48:07.157-04:00ඔබ සඳහන් කළ "තුප්පහි" වැඩේ සම්බන්ධව මා ම...ඔබ සඳහන් කළ "තුප්පහි" වැඩේ සම්බන්ධව මා මෙහි කරන පැහැදිලි කිරීමත්, මුලින් කළ පැහැදිලි කිරීමත් එකම නොවන බව ඔබට පෙනෙනු ඇති. දෙවන ප්රශ්නය (දැනුම් පරතරය නිසා ඇති වන අසමමිතිය) ධනවාදී පරමාදර්ශයේම ප්‍රශ්නයක්. එය සමාජවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත් පළමු ප්රශ්නය ධනවාදී පරමාදර්ශයෙන් ඉවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. කිසියම් සංසිද්ධියකට එකම හේතුවක් නොසොයන ඔබට මෙවැනි පැහැදිලි කිරීම් දෙකක් තිබීම ප්‍රශ්නයක් කියා මම හිතන්නේ නැහැ. මෙය සිදු වන්නේ ඔය හේතු දෙක ඇතුළු තවත් හේතු නිසා. ඔබ හිතපු ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි නැති බවත්, ඔබේ ප්‍රකාශය සමඟ මම *මුළුමනින්ම* එකඟ නොවන බවත් (යම් තරමකින් එකඟ වන බවත්) මුලින්ම කිවුවේ මේ හේතුව නිසා. මෙහි තිබෙන්නේ තනිකරම ධනවාදයේ ප්‍රශ්නයක් නොවුවත් එවැනි සංරචකයක්ද මෙහි තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11257651339613427892021-06-15T07:26:38.241-04:002021-06-15T07:26:38.241-04:00//සැබවින්ම මේ දෙකම ස්වභාවික සංසිද්ධි (නිරීක්ෂණ) ප...//සැබවින්ම මේ දෙකම ස්වභාවික සංසිද්ධි (නිරීක්ෂණ) පැහැදිළි කිරීම සඳහා මිනිසුන් විසින් තැනූ ආකෘති. ඒවා ස්වභාවික නෑ.//

ඔබ මේ කියන දෙය අදාළ වෙන්නේ මගේ ලිපි වල මම ඉදිරිපත් කරපු ආකෘති වලට. ඔබ කියනවා වගේම මේවා ආකෘති. ඒ වගේම ස්වභාවික නැහැ. මම මේ බ්ලොග් එක පටන් අරගෙන වසර ගණනක්ම මේ ආකෘති වලින් කියන දේවල්ම ආකෘති කිසිවක් නැතිව විස්තර කර තිබෙනවා. මෑතකදී ආකෘති ඉදිරිපත් කරන්න හේතුව වුනේ දිගින් දිගටම වැටුණු ප්‍රතිචාර කිහිපයක්. (එම ප්‍රතිචාර සම්බන්ධ විවේචනයක් නෙමෙයි- මා එම ප්‍රතිචාර බොහෝ සේ අගය කරනවා.). ඇතැම් අය ආකෘති ඇසුරෙන් වඩා පහසුවෙන් ලෝකය තේරුම් ගන්නවා. ඒ වගේම මාක්ස්වාදය විසින් ලෝකය පැහැදිලි කරන්නේත් ආකෘතියක් ඇසුරෙන්. ඒ නිසා මා විසින් මෑතකදී කළ සංසන්දනයන් සඳහා අනිවාර්යයෙන්ම ආකෘති අවශ්‍ය වෙනවා.

//ඔබ "ධනවාදය" ඇති දෙයක් ලෙස සළකනවා.// මෙහිදී මා "ඇති දෙයක්" සේ සලකන්නේ ධනවාදය මගින් පැහැදිලි කරන ස්වභාවික ක්‍රියාකාරීත්වය මිසක් මේ ලිපි වල තිබෙන ආකෘති නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම ආකෘති. උදාහරණයක් ලෙස නැට්ටෙන් ගැලවෙන පොල් ගෙඩියක් බිමට වැටීම මිසක් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නෙමෙයි. මම මාක්ස්වාදය ස්වභාවික නැහැ කියා කියන්නෙත් එම අර්ථයෙන්. මාක්ස්වාදය අනුව අනාගතයේ යම් දිනක නැට්ටෙන් ගැලවෙන පොල් බිම නොවැටී උඩ යනවා. එය වෙන්නේ පොල් ගහට බිලි පූජාවක් දීමෙන් පසුවයි. හැබැයි කවදාවත්ම එහෙම වෙලා නැහැ. කොයි තරම් බිලි පූජා දුන්නත් පොල් වැටෙන්නේ බිමට. මෙය නැවත නැවත සිදු වෙනවා. ඒ හැම විටකම පිළිතුර බිලි පූජාව හරියට සිදු වුනේ නැහැ කියන එකයි. ආකෘතිය අනුව හරියට බිලි පූජාව කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම පොල් බිම නොවැටී උඩ යා යුතුයි. හැබැයි ආකෘතිය ඇතුළේ මිසක් සැබෑ ලෝකයේ කවදාවත් එය සිදු වෙන්නේ නැහැ. එයින් වෙනස්ව ගුරුත්වාකර්ෂණය කියා දෙයක් තිබුණත් නැතත් එයින් පැහැදිලි කරන ආකාරයට පොල් වැටෙනවා. පරිපූර්ණ ලෙසම ආකෘතියට අනුව නොවූවත් සෑහෙන තරමේ ගැලපීමක් ඇතිව. ඔබේ ධනවාදය පිළිබඳ විවේචනයේ පදනම වන්නේ එය තවත් ආකෘතියක් පමණයි කියන එක. ඒ ප්‍රකාශය සමඟ මම මුළුමනින්ම එකඟයි. නමුත් ඒ හේතුව නිසා මාක්ස්වාදය හා ධනවාදය යන දෙකම ඔබ කියන ආකාරයේ එක සමාන ඇදහීම් වෙන්නේ නැහැ. මාක්ස්වාදය ආකෘතියක් ලෙසම අසමත් ආකෘතියක්.

//මා කියන්නේ සමාගම එම ආකෘති පිළිබඳ දැනුම (සහ හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කිරීම ගැනයි. ඔබට අනුව එය ස්වභාවික ක්‍රියාවලියක්. මට එය තුප්පහි වැඩක්.//

සමාගම් කියා පවතින දෙයක් නැහැ. සමාගමක් කියන්නේ වියුක්ත දෙයක්. ආකෘති පිළිබඳ දැනුම (සහ ඔබට අනුව හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කරන්නේ සමාගම් පාලනය කරන මිනිස්සු. මේ ආකෘති ගැන කිසිවක් නොදන්නා ගමේ සිල්ලර කඩේ මුදලාලිත් තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඔබ ඇතුළු පාරිභෝගිකයන් විසින්ද ඒ දෙයම කරනවා. ඔබ ගෑස් සිලින්ඩරය මාරු නොකර ඔබේ ලිපියේ විස්තර කර තිබෙන ඉතිරි පියවර ගන්නේ ඒ නිසා. ආකෘති ගැන දැන නොසිටියත් හැමෝම වගේ තමන්ට සිදුවන පාඩු අඩු කර ගැනීම සඳහා සහ වාසි වැඩි කර ගැනීම සඳහා මොනවා හෝ කළ හැකි දේවල් කරනවා. ඔබ කියනවා වගේම ආකෘති පිළිබඳ දැනුම තිබෙන කෙනෙකුට මෙහිදී සාපේක්ෂ වාසියක් තිබෙනවා. ඇමරිකාව හා ලංකාව වෙනස් වෙන එක තැනක් මෙතැන. මේ ඔබ කියන ආකෘති පිළිබඳ දැනුම පොදු දැනුමක් වූ විට එයින් කාටවත් විශේෂ වාසියක් නැහැ. එවැනි පරතරයක් ඇති විට සමාගමකට (එහි කළමනාකරුවන්ට) ඔබ කියන ආකාරයේ "තුප්පහි වැඩ" කිරීමේ යම් අවකාශයක් හැදෙනවා. මෙහිදී ඔබට සමාගම සහ ඔබ අතර තිබෙන දැනුම් පරතරය නැති කරගනු මිස එම පරතරය තිබියදී සමාගම විසින් "තුප්පහි වැඩ" කරන එක නතර කරන්න පුළුවන්කමක් නැහැ. එය ඔබෙන් බාහිරව සිදුවන දෙයක්. රටවල් අතර ගනුදෙනු වලදී වෙන්නෙත් ඔය වැඩේමයි. අර රාහුල හාමුදුරුවෝ වටාපොත අල්ලා පිළිමයක් බිම වට්ටපු කතාව ඔබ අසා ඇතිනේ. දැනුම නැති අය හමුවේ පිළිම අහසේ පා කර පෙන්විය හැකියි. මේ විස්තරය ඔස්සේ හිතුවොත් මම මේ තරම් කැප වී, මගේ පෞද්ගලික කාලය වැය කර, සිංහලෙන් ධනවාදය ගැන ලියන්නේ ඇයි කියන කරුණ ඔබට තේරුම් යා යුතුයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54922359320127242782021-06-15T07:21:36.268-04:002021-06-15T07:21:36.268-04:00`ලොවටම එක බසක්` යනු අධිපතිවාදී අදහසක්.
නමුත් විශේ...`ලොවටම එක බසක්` යනු අධිපතිවාදී අදහසක්.

නමුත් විශේෂිත අවස්ථාවල එවැන්නක් නරකම අදහසක් නොවෙයි, උදාහරණ ලෙස (බිහිරි අය සඳහා වන) සඥා භාෂාව, බ්‍රේල් හෝඩිය, මෝස් කේත ක්‍රමය දැක්විය හැකියි.

නමුත් සාමාන්‍ය තත්වය යටතේ 'අප හිතන විදිහ මවුබස අනුව වෙනස් වෙනවා.' යන්න ඉතාම හොඳ ගැඹුරු පිළිතුරක්. එක ලෝක භාෂාවක් යටතේ "මිනිස් නිර්මාණශීලිත්වය අඩු වෙන්නත් පුළුවන්" පමණක් නොව සියවස් ගණනක් තුළ එකිනෙකින් ස්වාධීනව ගොඩ නැගුණු මහත් දැනුම් සම්භාරයක් දශක කිහිපයක් තුල නැති භංගස්ථාන වී යනු ඇත.

ඒ නිසා මා නම් සිතන්නේ මෙය උගතුන්ට පහළ වන නොයෙක් අදහස් අතර ගොබ්බම ගොබ්බ අදහසක් වශයෙන්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54762396578607181232021-06-15T06:19:28.447-04:002021-06-15T06:19:28.447-04:00ඔබේ මේ පැහැදිළි කිරීම සමග එතරම් ගැටීමක් නැති නිසා ...ඔබේ මේ පැහැදිළි කිරීම සමග එතරම් ගැටීමක් නැති නිසා වෙනත් දෙයක් පැහැදිළි කිරීමට කැමතියි.

"කොපමණ බාධා කළත් වෙළඳපොළ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. මා ධනවාදය ස්වභාවිකයි කියන්නේ ඒ අර්ථයෙන්."

ස්වභාවික දේ තිබෙනවා, නමුත් "ධනවාදය" ස්වභාවික යැයි ඔබ කියන්නේ නම් ගුරුත්වාකර්ෂණයත් ස්වභාවික විය යුතුයි. සැබවින්ම මේ දෙකම ස්වභාවික සංසිද්ධි (නිරීක්ෂණ) පැහැදිළි කිරීම සඳහා මිනිසුන් විසින් තැනූ ආකෘති. ඒවා ස්වභාවික නෑ. පරමාදර්ශී ධනවාදයක් ලෝකයේ කොහෙවත් නැති බව ඔබත් පිළිගන්නා කරුණක්. එය ස්වභාවික නොවන බවයි එහි අර්ථය.

මාතෘකාවට අදාළ නූනත්, සිංහයා තණකොළ නොකන්නේ යැයි මා සිතන්නේ නෑ. ඌ සමහර විට තණකොළ කනවාත් විය හැකියි. නමුත් ඔහුගේ ප්‍රධාන ආහාරය නම් තණකොළ නොවන බවට අපට එකඟ විය හැකියි.

බටහිර විද්‍යාව අදහන්නන් ගුරුත්වාකර්ෂණය "ඇති දෙයක්" ලෙස සළකනවා. ඔබ "ධනවාදය" ඇති දෙයක් ලෙස සළකනවා. මා සළකන්නේ මේ දෙකම දෙන ලද පරාමිතීන් නිශ්චිතව ඇති විට පද්ධතියක හැසිරීම පැහැදිළි කිරීම පිණිස මිනිසුන් විසින් තැනූ ආකෘති වශයෙන් පමණයි. මා කියන්නේ සමාගම එම ආකෘති පිළිබඳ දැනුම (සහ හුදී ජනයාගේ නොදැනුම) තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට භාවිතා කිරීම ගැනයි. ඔබට අනුව එය ස්වභාවික ක්‍රියාවලියක්. මට එය තුප්පහි වැඩක්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40151995304512757862021-06-15T00:25:20.205-04:002021-06-15T00:25:20.205-04:00normally distributed population එකක මධ්‍යන්‍යය සඳහ...normally distributed population එකක මධ්‍යන්‍යය සඳහා නියැදියේ මධ්‍යන්‍යය sufficient statistics එකක්. මධ්‍යන්‍යය සහ සම්මත අපගමනය දන්නවානම් මුළු ශ්‍රිතයම හඳුනාගත හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com