tag:blogger.com,1999:blog-3221129106341750825.post1865055074787515619..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කොයිදෝ යන්නේ මසකට පස්සේ...Unknownnoreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-3221129106341750825.post-75402360270764235982021-09-02T11:18:00.883-04:002021-09-02T11:18:00.883-04:00ඔබ මගේ බ්ලොග් එක දිගටම කියවූ අයෙකුදැයි මම දන්නේ නැ...ඔබ මගේ බ්ලොග් එක දිගටම කියවූ අයෙකුදැයි මම දන්නේ නැහැ. ඕක තමයි මම වසර ගණනාවක සිට පෙන්වා දෙන ලංකාවේ ආර්ථික ප්රතිපත්තියෙහි මූලික ප්රශ්නය. ඔබට වුනත් මෙහි බරපතලකම හරියට තේරී තිබෙන්නේ දැන් කියා මම හිතනවා. තේ කර්මාන්තයේ, ඇඟලුම් කර්මාන්තයේ හා මැදපෙරදිග සේවයේ යෙදෙන ශ්‍රමිකයන්ට (මොවුන් වැඩි වශයෙන්ම ශ්රමිකාවන්) හා එම පවුල් වල අයට ලංකාවේ දේශපාලන බලයක් නැති තරම්නේ. ජවිපෙ වැනි පක්ෂ සේවය කරන්නේත් මධ්‍යම පන්තියටයි. විණිමය අනුපාතිකය පාලනය කිරීම ඉහත කණ්ඩායම් වලට ලැබිය යුතු ශ්‍රමයේ පංගුව මධ්‍යම පන්තිය විසින් උදුරා ගන්නා ප්‍රධානම යාන්ත්‍රනයයි. ලංකාවට වසරකට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ. අපි නිකමට හිතමු මේ අතරින් විශාල පිරිසක් සංවිධානය වී ඩොලර් බිලියනයක සංචිතයක් හදා ගත්තා කියා. මම මෙයින් අදහස් කළේ ඩොලර් බිලියනයක් වසරකට ලංකාවට එවන පිරිස එකට එකතු වුනා කියා. දැන් මේ අයට කියන්න පුළුවන් මේ ඩොලර් බිලියනය ඩොලරය රුපියල් 250කට වඩා අඩු මිලකට විකුණන්නේ නැහැ කියලා. රටට ඩොලර් නැතුව බැරිනම් මේ මිල ගෙවන්න වෙනවා. ඇත්තටම මෙසේ සංවිධානය නොවුනත් නිදහස් වෙළඳපොලකින් මීට කිට්ටු දෙයක් වෙනවා. හැබැයි ආණ්ඩුවට මෙය වැළැක්විය හැකියි. එය කරන්නේ කොහොමද? ආණ්ඩුව කොහෙන් හෝ ණයට ඩොලර් බිලියනයක් අරගෙන රුපියල් 200 බැගින් විකුණනවා. දැන් අර පිරිසටත් වෙන්නේ ඒ මිලටම ඩොලර් විකුණන්න. රුපියල් 200ට ඩොලර් තියෙද්දී කවුරුවත් රුපියල් 250 බැගින් ඩොලර් ගන්නේ නැහැ. ඕක තමයි ආණ්ඩුව මෙතෙක් කළ සෙල්ලම. දැන් ආණ්ඩුව හිර වී සිටින්නේ ඔය වැඩේ කරගන්න බැරිවයි. විණිමය අනුපාතිකයේ පාලනය මහ බැංකුව අතින් යම් තරමකට ගිලිහී තිබෙන මේ වෙලාවේ රටට ඩොලර් ගේන අයට සංවිධානය නොවුනත් දැනුවත් වීමෙන්ම පමණක් වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. රටට ඩොලර් ගේන බොහෝ දෙනෙක් අඩුවට ඩොලර් නොවිකුණුවොත් ඩොලර් අවශ්‍ය අයට ඔවුන් ඉල්ලන මිල ගෙවන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12160279103994542312021-09-02T09:54:03.986-04:002021-09-02T09:54:03.986-04:00දැනට මට ඔඒන හොඳම විසදුම තමයි විදේශ ස්රමිකයො අතරෙ ...දැනට මට ඔඒන හොඳම විසදුම තමයි විදේශ ස්රමිකයො අතරෙ වෘත්තීය සමිතියක් පටන් ගැනීම. මුකින් බලපෑමක් නැති උනත් කැම්පේන් කලොත් කට්ටිය එකතු කරගන්න පුලුවන් වෙයි ටික ටික.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24727400710165891592021-09-02T09:31:13.838-04:002021-09-02T09:31:13.838-04:00මේ ක්‍රමය වෙනස් කරන්නෙ කොහොමද. මේ ක්‍රමය වෙනස් කරන්නෙ කොහොමද. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65602451482798254162021-09-02T09:29:47.015-04:002021-09-02T09:29:47.015-04:00සිරාවට. ඇඟලුම් වගේ අපනයනකරුවන්ට්ටටත් මාර අසාදාරනයක...සිරාවට. ඇඟලුම් වගේ අපනයනකරුවන්ට්ටටත් මාර අසාදාරනයක්නෙ. මම ඒ පැත්ත ගැන හිතුවෙම නෑ.
අන්තිමට හිඟන මද්යම පන්තිකයන්ගෙන් ඹනුම් අහන්නත් ඕන මැදපෙරදිග යන උනුයි ගාමන්ට් උනුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7987569359000333362021-09-02T07:40:48.770-04:002021-09-02T07:40:48.770-04:00අනිවාර්යයෙන්ම. මෙය මා කාලයක් තිස්සේ දිගින් දිගටම ව...අනිවාර්යයෙන්ම. මෙය මා කාලයක් තිස්සේ දිගින් දිගටම විස්තර කර පැහැදිලි කර ඇති දෙයක්. අසාධාරණය වෙන්නේ සල්ලි එවන අයට හා ඔවුන්ගේ පවුල් වල අයට පමණක් නෙමෙයි. ඇඟලුම්, තේ ආදී අංශ වල ශ්‍රමිකයන්ට ලැබිය යුතු ආදායමෙන් කොටසක් මේ හරහා මධ්‍යම පන්තිය වෙත සම්ප්‍රේෂණය වෙනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක්ද වන්නේ ඒ නිසා.මේ ඔස්සේ හිතුවොත් ලංකාව හැම දෙයක්ම පිටරටින් ගෙන්වන තැනට වැටෙන්නට මේ ප්‍රතිපත්තිය හේතු වන ආකාරයත් පැහැදිලි විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73210665011874836262021-09-01T22:28:37.177-04:002021-09-01T22:28:37.177-04:00ඩොලර් එක කෘතිමව පහලින් තියාගන්න එකෙන් පල්න්කාවට සල...ඩොලර් එක කෘතිමව පහලින් තියාගන්න එකෙන් පල්න්කාවට සල්ලි එවන් මිනිස්සුන්ට අසාධාරනායක් නෙමෙයිද වෙන්නෙ?
සහ
ලන්කාවෙ ඉන්න මද්යම පන්තිය එයින් අනියම් ලාබයක් ලබනව නේද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58264022371790855772021-08-31T12:18:42.433-04:002021-08-31T12:18:42.433-04:00ස්තුතියි, Lotus! මම ප්‍රතිචාර වල සංයුතියට මිසක් ප්...ස්තුතියි, Lotus! මම ප්‍රතිචාර වල සංයුතියට මිසක් ප්‍රතිචාර ප්‍රමාණයට බර තබන කෙනෙක් නෙමෙයි. මේ ලිපියට ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රතිචාර සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීම සතුටට කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58200111583486455702021-08-31T12:16:25.146-04:002021-08-31T12:16:25.146-04:00එවැනි නරක තත්ත්වයක් ගැන දැනට අපි කතා නොකර ඉඳිමු. ම...එවැනි නරක තත්ත්වයක් ගැන දැනට අපි කතා නොකර ඉඳිමු. මෙය තීරණය වන්නේ අලුත් මුදල් ඒකකයක් එන්නේ කොහොමද කියන එක අනුවයි. එය අසීරු තත්ත්වයන් යටතේ වුවත් සැලසුම්සහගතව සිදු වන දෙයක්නම් බොහෝ විට මේ වගේ දේවල් එම සැලසුමේම කොටසක් විය හැකියි. ඒ කියන්නේ සුමට ලෙස අලුත් මුදල් ඒකකයට මාරු වීමක්. ණය හා තැන්පතු වලට බලපෑමක් නැහැ. අලුත් මුදල් ඒකකය සියල්ල කඩා වැටීමෙන් පසුව වෙන කරන්න දෙයක් නැති කමට තෝරා ගන්න සිදු වන එකක්නම් ඊට පෙර ඕනෑම දෙයක් විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15315087125890222662021-08-31T11:49:18.008-04:002021-08-31T11:49:18.008-04:00එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික...එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන රජය 2015 ජනවාරි 29 අතුරු අයවැය මගින් බලාපොරොත්තු වුණේ 2015 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණයේදී උපරිම ලෙස ඡන්ද ලබාගෙන බලවත් එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවීමටයි. ඒ සඳහා හැකි පමණ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමට සිදුවූ අතර එය තාවකාලික පදනමක් යටතේ ක්‍රියාත්මක කල මැතිවරණයෙන් පසුව ජනප්‍රිය නොවන දැඩි තීන්දු ගැනීමට සැලසුම් කරලා තිබුණා.

ඒ අනුව එජාපයේ අයවැය මගින් රජයේ සේවකයන්ට වැටුප් රුපියල් 10,000 ක් ඉහළ නැංවීම, තෙල් වල බදු අඩු කර ඉතාමත් අඩු මිලට තෙල් ලබාදීම, පෙට්‍රල් රුපියල් 117 සහ ඩීසල් රුපියල් 95 ක් විතර, නාගරික ජනයාගේ හිත් දිනාගැනීමට ආනයන බදු හැකි තරම් අඩු කර ආනයනික පරිප්පු, ටින් මාළු, ආහාර පාන, පාන් පිටි, සම්බා සහ නාඩු හාල් සහ වෙනත් බොහෝ දේවල මිල අඩු කිරීමට කටයුතු කිරීම, වැට් බදු 12% සිට 11.5 % ට අඩු කිරීම, අධික ලෙස හාල් ආනයනය කර මිල පහළ යැවීම, රජය ඉහළ මිලකට ගොවීන්ගෙන් වී ටොන් ලක්ෂ එක හමාරක් විතර මිලදී ගෙන මත්තල ගබඩා කිරීම ආදී දේවල් හරහා මෙය සිදු වුණා.

නමුත් මැතිවරණයේදී හිතපු තරම් හොඳට ඡන්ද ලැබුණේ නෑ. එජාපයේ ආසන 106 ට සාපේක්ෂව සංධානය ආසන 96 ක් ලබා ගත්තා. මෛත්‍රිපාලගේ සහය ඇතුව සංධානය දෙකට කඩලා පාලනය කළත් ආණ්ඩුවේ නිදහස් පක්ෂයේ ඇමති මන්ත්‍රීවරුන්ගේ දෙබිඩි පිළිවෙත නිසා එජාපයට අවශ්‍ය දැඩි තීරණ ගන්න බැරි වුනා.

ඒ සමග අර මුලදි ගත්ත ජනප්‍රිය තීන්දු තීරණ නිසා ඉතා විශාල වශයෙන් රජයේ එදිනෙදා පුනරාවර්තන වියදම් අධික ලෙස වැඩි වූ අතර බදු ආදායම් ඉතාමත් පහළ ගියා. මේ නිසා මෛත්‍රිපාල සහ නිදහස් පක්ෂයේ මෝඩරැලට බම්බු ගහගන්න කියලා 2016 - 18 කාලයේ අධික ලෙස බදු අය කිරීම වැඩි කර රජයේ ආදායම් ඉහළ නැංවීම කර සුබසාධන වැඩ, වී මිලදී ගැනීම වගේ දේවල් නවතා දැමීමට කටයුතු කිරීම හරහා එජාපයේ ජනප්‍රියතාව අහිමි වීම නිසා අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වී ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් රැසක් කිරීමට නොහැකි වූ අතර අර්බුදය කල්දැමීමට බොන්ඩ් හරහා ණය ගැනීමට සිදුවූ අතර එය තත්ත්වය දිගුකාලීනව නරක අතට හැරීමට හේතු වීම කණගාටුවට කරුණක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84159798681638655552021-08-31T11:16:15.002-04:002021-08-31T11:16:15.002-04:00යහපාලන රජය රජයේ සේවකයන්ගෙ පඩි විශාල ලෙස වැඩි කිරීම...යහපාලන රජය රජයේ සේවකයන්ගෙ පඩි විශාල ලෙස වැඩි කිරීමෙන් බලාපොරොත්තු උනේ මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10245886381518563332021-08-31T10:44:18.432-04:002021-08-31T10:44:18.432-04:00අනිවා මේ බ්ලොග් එක ලන්කාවෙ හැමෝම කියවිය යුතු බ්ලොග...අනිවා මේ බ්ලොග් එක ලන්කාවෙ හැමෝම කියවිය යුතු බ්ලොග් එකක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30395310528605895582021-08-31T10:29:25.029-04:002021-08-31T10:29:25.029-04:00ලංකාවේ මේ දවස්වල ඇති ප්රශ්නය විසඳීමට ඇති එකම ක්ර...ලංකාවේ මේ දවස්වල ඇති ප්රශ්නය විසඳීමට ඇති එකම ක්‍රමය ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ අගමැති ධූරයට පත් කර පොහොට්ටු කල්ලියේ මන්ත්‍රී පිරිස ඔහුට පූර්ණ වශයෙන් ලංකාවෙ පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩදී ඔහු ගන්නා සියලුම තීරණ කොන්දේසි විරහිතව අනුමත කර ක්‍රියාත්මක කිරීමට කැපවීම පමණි. ජනාධිපති නන්දසේනට කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ බවත් රටේ පාලනය තමාට කිරීමට බැරි බවත් ප්‍රසිද්ධියේ ජාතිය අමතා ජනතාවට ප්‍රකාශ කර සිටීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට පාලනය බාර ගැනීමට ප්‍රසිද්ධියේ ආරාධනා කළ යුතුයි. හමුදාව යොදා කරන කොවිඩ් පාලනය නවතා දමා ඊට සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා වෛද්‍ය රාජිත සේනාරත්නගේ සහය ඇතුව ඉක්මනින් ලංකාවේ වසංගත තත්ත්වය පාලනය කර ගෙන වහාම IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර සියලුම බදු 8% සිට 20% පමණ දක්වාවත් වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මුදල් මුද්‍රණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවුරුදු දෙකකට වත් දැඩි ලෙස තහනම් කල යුතු අතර ඩොලරයට සාපේක්ෂව රුපියල එහි සැබෑ වටිනාකම වන රුපියල් 230 පමණ මට්ටමකට නිල වශයෙන් ක්ෂණිකව ගෙන ආ යුතු අතරම දීර්ඝකාලීනව එය රුපියල් 250 - 275 පමණ සීමාවේ ස්ථාවරව තබාගත හැකි බවට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒ සමගම තෙල් මිල සැබෑ මිල ගණන් වන පෙට්‍රල් ලීටරය රුපියල් 250 - 280 පමණ සහ ඩීසල් රුපියල් 180 ක් පමණ ලෙස ගෙනැවිත් මිල සූත්‍රයක් යටතේ ගෝලීය තෙල් මිල අනුව මාසිකව මිල තීරණය වන ක්‍රමවේදයක් අවශ්‍යයි. රජයේ අනවශ්‍ය සහනාධාර කපා හැර රජයේ සමෘද්ධි සහනාධාර, විවිධාකාර බඩු මලු, දීමනා ආදී රජයේ මුදල් නාස්තිය නවතා රජයේ විවිධ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර රජයේ වියදම හැකි තරම් කපා හැර අය වැය හිඟය කපා හැරිය යුතුයි. රජයේ පාලන මිල ආදී විවිධ විගඩම් සම්පූර්ණයෙන් නවතා සියලුම ආනයන සීමා ඉවත් කර නිදහස් ආනයනයට ඉඩදී වෙළඳ පොළ මත සියල්ල තීරණය විය යුතු ක්‍රමයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

රජයේ මුදල් කාබාසිනියා කරන නොමිලේ එන්නත් ක්‍රමය නවතා පෞද්ගලික අංශයේ ඖෂධ සමාගම් වලට ෆයිසර්, මොඩර්නා ආදී අනුමත එන්නත් ගෙන්වීමට ඉඩ දී පෞද්ගලික රෝහල් වල මුදලට එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඉතාමත්ම දුප්පත් අය ප්‍රවේසමෙන් තෝරා ගෙන ඒ අයට විදේශ රටවල ආධාර මත පමණක් නොමිලේ එන්නත් ලබා දිය හැකියි ඉතාම සීමිත පිරිසකට. රජයේ අනවශ්‍ය නාස්තිකාර වියදම් හැකි පමණ සීමා කළ යුතුයි.

අවශ්‍යම අයට සහන දීමට නම් යුරෝපයේ සහ ඇමරිකානු ස්වේච්ඡා චැරිටි සංවිධාන සහ එම රටවල රාජ්‍ය ආධාර මත ඉතාම දුප්පත් මිනිස්සු සීමිත පිරිසක් සඳහා සහනාධාර ලබාදීමට කටයුතු කළ හැකි නමුත් රජයේ මුදල් වියදම් කරලා කිසිම දෙයක් නොකළ යුතුයි. රජයේ සේවකයන්ගේ වැටුප් 25 % පමණ තාවකාලිකව රඳවා ගෙන ආර්ථිකය ශක්තිමත් කරගත් පසු ඒවා කොටස් වශයෙන් ගෙවිය හැකියි. මේ වගේ නිසි ආර්ථික කළමනාකරණ තීන්දු තීරණ ආදී දේවල් ගොඩක් දැඩි ලෙස ගතයුතු අතර එසේ කළොත් පමණයි ලංකාවේ ආර්ථිකය සහ සෞඛ්‍ය ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමට හැකි එකම ක්‍රමය. මීට වෙනස් කිසිම ක්‍රමයක් නැති බව මම ඉතාමත්ම වගකීමෙන් පවසමි.

ඒ වගේම ඉකොනොමැට්ටා නොදැකපු කාරණාවක් ලෙස කුණු පෝසතුන් (Filthy Rich) යන ආන්තික පෝසතුන් ගැන පැවසීමට පුළුවන්. එමෙන්ම ඔවුන් කුණු පෝසතුන් වන්නේ කුණු ක්‍රම වලින්, එනම් අපවිත්‍ර අපිරිසිදු පහත් බාල ක්‍රම වලින්. මොකද කුණු පෝසත් වීමට වෙන ක්‍රම නැති අතර කුණු පෝසතුන් සමග වාද කළ නොහැක්කේ ඒ නිසාම ඔවුන් වාද තර්කණය සාධාරණය ඉක්මවූ පිරිසක් බැවින්, එබැවින් ඔවුන් සමග වාද කිරීම ඵල රහිත අතර ඔවුන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය බස් රථයක අසුන් ගණනට සමාන බැවින් හඳුනා ගැනීම පහසුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50648838108622639362021-08-31T09:04:01.788-04:002021-08-31T09:04:01.788-04:00මේ තත්වය යටතේ රුපියල දිගින් දිගටම කඩාවැටී වෙනත් මු...මේ තත්වය යටතේ රුපියල දිගින් දිගටම කඩාවැටී වෙනත් මුදල් ඒකකයක් හදුන්වා දීමට සිදුවුණා කියා සිතන්න. එවිට බැංකු වල මුදල් තැන්පත් කල පුද්ගලයින්ට. හා ඒවාගෙන් ණය ලබාගත් අයට සිදුවන්නේ කුමක්ද?
jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77569573346676208462021-08-31T08:48:56.006-04:002021-08-31T08:48:56.006-04:00104 comments and counting. Congrats.104 comments and counting. Congrats.Lotusnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90618998575153159922021-08-31T07:07:19.046-04:002021-08-31T07:07:19.046-04:00//ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද?...//ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද?//
ඔබ අහන්නේ ආර්ථික ප්රශ්නය ගැන කියා හිතනවා. ඔව්.

//ඔබට දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය ලැබුනනම් යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත් පසු කරන දේ මොකක්ද?//
යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත්තා කියා මට කිසිසේත්ම දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය නොලැබෙන නිසාත්, එවැනි ඉලක්කයක් හෝ මට නැති නිසාත්, මේ ප්රශ්නය තේරුමක් නැති ප්‍රශ්නයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71240744923468091802021-08-31T03:50:44.235-04:002021-08-31T03:50:44.235-04:00ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද? ඔ...ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද? ඔබට දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය ලැබුනනම් යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත් පසු කරන දේ මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19495295251032127712021-08-30T22:46:03.733-04:002021-08-30T22:46:03.733-04:00"ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ..."ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ ඉහළ අගයක්. මෙය අප 6.5 සේ සැලකුවොත් වසංගතය පාලනය විය හැක්කේ ජනගහණයෙන් 85%ක් පමණ ප්‍රතිශක්තිය ලැබුවහොත් පමණයි. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය මෙසේ ඉහළ යද්දී, ඉහත කී එන්නත් දෙකෙහි ඵලදායීතාවයද ඩෙල්ටා ප්‍රභේදය හමුවේ 80% පමණ මට්ටමට අඩු වී තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ මුළු ජනගහනයම එන්නත් කළද වෛරසය නැත්තටම නැති කළ නොහැකි බවයි."

http://economatta.blogspot.com/2021/08/blog-post_22.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85147239974253997172021-08-30T21:19:59.639-04:002021-08-30T21:19:59.639-04:00ඔබ ඔය කියන මොකුත්ම වෙන්නෙ නෑ. ඔක්තෝබර් වෙනකොට හර්ඩ...ඔබ ඔය කියන මොකුත්ම වෙන්නෙ නෑ. ඔක්තෝබර් වෙනකොට හර්ඩ් ඉමියුනිටි එනව. එතකොට රටේ ජනගනයෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත් කරල. දැන ලෝකෙ වැඩි ප්‍රමානයක ආසාදිතයන් හා මරන අඩුවෙලා. ඔබේ අශුභවාදී අදහස් ගැන පුදුමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80457266220060687232021-08-30T15:54:19.444-04:002021-08-30T15:54:19.444-04:00"සහචර ධනවාදය" ලෙස ඇතැමුන් හඳුන්වන්නේ සමා..."සහචර ධනවාදය" ලෙස ඇතැමුන් හඳුන්වන්නේ සමාජවාදයේ වත්මන් ස්වරූපයයි. ධනවාදය යනු සියළු දෙනාට සම අවස්ථා ලබා දෙන ක්‍රමයක් මිස රජයට සම්බන්ධ අයට විශේෂ වරප්‍රසාද ලබා දෙන ක්‍රමයක් නෙමෙයි. ධනවාදය තුළ සහචරයින්ට සැලකීමට සෛද්ධාන්තිකවම ඉඩක් නැහැ. එසේ කරන අයෙකුට එසේ නොකරන අයෙකු තරම් කාර්යක්ෂම විය නොහැකි නිසා ධනවාදී තරඟය තුළ ස්වභාවික ලෙසම පරාජය වී පැවැත්මක් නැති වී යනවා. සෛද්ධාන්තික ධනවාදයට කිට්ටු සමාජ ආර්ථික ක්‍රමයක් තිබෙන බටහිර රටවල මේ තත්ත්වය ප්‍රායෝගිකවද දැකිය හැකියි. ධනවාදය තුළ සහචරයින්ට විශේෂ වරප්‍රසාද දීමට ඉඩක් හෝ හැකියාවක් නැතුවාක් මෙන්ම එවැන්නක් සිදුවන ක්‍රමයක් ධනවාදයද නොවේ. ඒ වගේම මේ ක්‍රමය දේශීය විකෘතියක්ද නෙමෙයි. චීනය ඇතුළු ලෝකයේ හැම සමාජවාදී රටකම දැකිය හැකි ක්‍රමය මෙයයි. මෙයට හේතුව රජය ඕනෑවට වඩා ශක්තිමත් වීම මිස රජය දුර්වල වීම නෙමෙයි. රජය දුර්වල වූ විට සහචරයින්ට සැලකීමේ ශක්තිය එන්නේ කොහෙන්ද? මේ කතාවම විසංවාදයක්. 1956දී හා 1970දී විශාල වශයෙන්ද, අනෙකුත් වසර වල යම් තරමකින්ද රජය බලවත් කරනු ලැබීමේ ප්‍රතිවිපාක වලින් රටට තවමත් නිදහස් වීමට ඉඩ ලැබී නැහැ. සම්ප්‍රදායික සමාජවාදී ආකෘතිය තුළ රජය විසින් සූරාකනු ලබන ශ්‍රමය බෙදා ගන්නට විශාල පරපුටුවන් පිරිසක් සිටි නිසා එම ක්‍රමය එහි අභ්‍යන්තරය ප්රතිවිරෝධතා තුළම පැවැත්මක් නැතිව ගියා. කැඳ බොන්න මිසක් හාල් දමන්න කවුරුත් නැති වූ විට ක්‍රමය බිඳ වැටෙනවා. සෝවියට් සමාජවාදය බිඳ වැටුනේ ඒ නිසා. නමුත්, චීනය හැලියට හාල් දැමිය හැකි පිරිසක් ගොඩ නගා ගත්තා. එසේ ගොඩ නගා ගත් පිරිස රජයට සම්බන්ධ සහචරයින් පිරිසක්. ඔවුන්ට රජයෙන් බාහිර නිදහස් පැවැත්මක් නැහැ. මෙය ධනවාදය නොවූවත් ධනවාදයේ සාධනීය ලක්ෂණ උකහා ගනිමින් හදා ගත් විකෘතියක්. ධනවාදයෙන් ගත් සාධනීය අංග නිසා මේ ක්‍රමයට තවමත් පැවැත්මක් තිබෙනවා. එහෙත් යම් අවස්ථාවක මේ ක්රමයද තව දුරටත් යා නොහැකිව හිර වෙනවා. ලංකාවේ තියෙන්නෙත් මේ ක්‍රමය මිසක් ධනවාදය නෙමෙයි. ජේආර් හඳුන්වා දුන්නේත් සමාජවාදයේම විකෘතියක්ම මිසක් ධනවාදය නෙමෙයි. ජේආර් විසින් ලංකාව සමාජවාදී ජනරජයක් ලෙස නිවැරදිව නම් කළේත්, එජාපය සමාජවාදී පක්ෂයක් බව රනිල් වික්‍රමසිංහ දැනටත් කියන්නේත් ඒ නිසා. රාජපක්ෂලා ඉදිරියට ගෙන යන්නේත් විශාල රාජ්‍යයක් නඩත්තු කරන ජේආර්ගේ ක්‍රමයමයි. මේ ක්‍රමය තුළ ඇතැම් දේවල් පුද්ගලික අංශයෙන් සිදුවන බව මතු පිටින් පෙනුනත් මේ පුද්ගලික අංශය රජයෙන් නිදහස් නැහැ. පුද්ගලික අංශය තුළ බොහෝ දෙනෙක් ඉහළට එන්නේ කුසලතා තුළින්ම නෙමෙයි. එසේ ආවත් දුරස්ථ පාලකය තිබෙන්නේ රජය සතුවයි. මෑතකදී ජැක් මාගේ ධනයට ක්ෂණිකව සිදු වූ දෙය දෙස බලන්න. ගෝඨාභයම ගත්තත් විධායක බලය, තුනෙන් දෙක ආදී සියල්ල තිබිලත් කෝවිඩ් හමුවේ අන්දමන්ද වී සිටින්නේ පුද්ගලයෙකු ලෙස ඔහු අසමත් නිසා නෙමෙයි. කොයි තරම් උත්සාහ කළත් රජයකට කළ නොහැකි දේ කළ නොහැකියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68924538960435702452021-08-30T14:24:53.310-04:002021-08-30T14:24:53.310-04:00එහෙම වෙන්න පුළුවන්. වසංගතයට පෙර තිබුණු මානව හිමිකම...එහෙම වෙන්න පුළුවන්. වසංගතයට පෙර තිබුණු මානව හිමිකම්/ සම්බාධක කතා සමඟ එකට අරගෙන හිතන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45693058724674254562021-08-30T14:17:00.066-04:002021-08-30T14:17:00.066-04:00මෙයට comment කරන චරිත හේරත් පවසන්නේ ලංකාවේ සිටින්න...මෙයට comment කරන චරිත හේරත් පවසන්නේ ලංකාවේ සිටින්නේ ඩීල් කාරයින් මිස "industrial capitalists" ලා නොවන බවයි. මම හිතන්නේ මේක අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කලයුතු යථාර්ථය ක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42124449439120825242021-08-30T14:13:17.595-04:002021-08-30T14:13:17.595-04:00https://www.colombotelegraph.com/index.php/dhamma-...https://www.colombotelegraph.com/index.php/dhamma-dissanayake-30-august-2021/

මේ ලිපියේ මතුකරන "සහචර ධනවාදය" කියන දේශීය විකෘතිය ගැන ඔබගේ අදහස කුමක්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62256105780275656892021-08-30T13:57:23.207-04:002021-08-30T13:57:23.207-04:00//විපක්ශය imf යන්න කියල කිව්වෙම ආන්ඩුවට යාගන්න බැර...//විපක්ශය imf යන්න කියල කිව්වෙම ආන්ඩුවට යාගන්න බැරිවෙන තැනට වැඩ සිද්ද කරන්න නේද?//
අද ඇමරිකානු තානාපතිත් කියනවා IMF එකට යන්න කියලා. මේ සියලු දෙයින්ම වෙන්නේ ආණ්ඩුව IMF එකට නොයන තැනට තල්ලු කරන එක කියලත් වෙලාවකට හිතෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51191030710845121362021-08-30T13:52:10.165-04:002021-08-30T13:52:10.165-04:00බොහොම ස්තුතියි, අපි මේ දවස්වල ඉන්නේ හරිම දෙගිඩියාව...බොහොම ස්තුතියි, අපි මේ දවස්වල ඉන්නේ හරිම දෙගිඩියාවෙන් මොනවා වෙයිද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61136902914141388202021-08-30T11:53:33.395-04:002021-08-30T11:53:33.395-04:00පොදු අවකාශයක මේ දත්ත ඇති බවක් මා දන්නේ නැහැ.පොදු අවකාශයක මේ දත්ත ඇති බවක් මා දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com