tag:blogger.com,1999:blog-3221129106341750825.post2009989615594640964..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මාර්තු 9 - අලුත් වෙනසක්!Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-8829835673110451072023-01-23T14:11:05.947-05:002023-01-23T14:11:05.947-05:00දහන්ගැට හත අටක්
එක පෙලට ගහලත්
තවම නම් බැරි හැඩයි...දහන්ගැට හත අටක්
එක පෙලට ගහලත්
තවම නම් බැරි හැඩයි
චන්දෙ කල්දා ගන්න

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55516950053253392932023-01-23T05:01:42.541-05:002023-01-23T05:01:42.541-05:00කොළඹ රෙදි සාප්පුවකදී ඉකොනෝ මහත්තයට පහර දීමක් සිදු ...කොළඹ රෙදි සාප්පුවකදී ඉකොනෝ මහත්තයට පහර දීමක් සිදු උනා කියන්නේ ඇත්තද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84499794876965717322023-01-23T04:53:42.493-05:002023-01-23T04:53:42.493-05:00අයිඑම්එප් සල්ලි වලින් අයිඑම්එප් සල්ලි වලින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80209482869707344362023-01-23T01:31:42.393-05:002023-01-23T01:31:42.393-05:00ශ්‍රී ලංකාවට දී දී ඇති ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක...ශ්‍රී ලංකාවට දී දී ඇති ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට සුදානම් බව චීනයේ එක්සීම් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දන්වා තිබේ. එක්සීම් බැංකුව මෙම ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා ඇපකරයක් වශයෙන් චීනය විසින් මෙරටට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස සිට චීනයෙන් කළ ඉල්ලීමට ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (22) දැනුම් දීමට නියමිතව තිබුණු අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන මෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුබ ආරංචියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව ගිය සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ද ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සුදානම් බව ඉන්දියාව පසුගිය 18 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව එම සහතිකය ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉන්දියානු විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා අනෙකුත් ණය හිමි රටවලින් ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ ප්රයත්නයන් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම සහාය දීමට කැමැත්තෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය හිමි පැරිස් ක්ලබ් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිතය. අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන අතර ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කරන බවට ලබා දෙන සහතිකය අනුව එම පහසුකම ලබා දීම පිළිබඳ එකඟතාවකට එළැඹීමට නියමිතය. චීනය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වූ සාකච්ඡා මේ වන විට අවසන් ව ඇති අතර චීනයේ ප්‍රතිචාරය සුබවාදී වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුබවාදී සහායක් ලබා දෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ආධාර සඳහා අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සපුරාලිය යුතු තවත් ප්‍රධාන නිර්ණායකයක් වශයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දෙන ලෙස එම අරමුදල රජයෙන් ඉල්ලා තිබුණු බව ද අමාත්‍යවරයා පවසයි.

රජය දැනටමත් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහන ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒවා ඇගයීමට ලක් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව ලබන මාසය වන විට ලැබෙනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28918988011766046912023-01-22T21:18:46.213-05:002023-01-22T21:18:46.213-05:00මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් ස...මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් රටට ගැලපෙන විකල්ප නායකයන් වෙයිද?

එහිදී රට අපේක්ෂා කළ නායකත්වය කුමක්ද යන්න ද සිහිපත් කරගත යුතුය. 2015-19 සමයේ තිබූ අර්ධ අරාජිකත්වය නිර්මාණය කිරීමට හේතු වූ ප්‍රධාන කාරණය වූයේ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති නායකත්ව ගැටුමයි. පාස්කු ප්‍රහාරය ආශ්රිත සිදුවීම්වලදී මෙම නායකත්ව ගැටුම පැහැදිලිව ප්‍රදර්ශනය විය. ඒ බව පාස්කු ප්‍රහාරයේ වින්දිතයනගේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව දෙන ලද තීන්දුවෙන් විවෘතව ප්‍රකාශයට පත්වේ. 2019දී ගෝඨාභය රාජපක්ෂගෙන් බලාපොරොත්තු වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන, දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරන, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කරන, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව සිදුකරන නායකත්වයකි. එහෙත්, ඔහු ඒ කිසිවක් සිදු නොකළ අතර, අවශ්‍ය තීරණ නොගෙන කල් මරමින් සිට අවසානයේදී රාජ්‍ය නායකත්වයම අන්ත දියාරු තත්වයකට පත්කර ඉල්ලා අස්වූයේය.

රනිල් වික්‍රමසිංහ අගමැති හා ජනාධිපති ධුරයන්ට පත්වීමෙන් පසු ඔහු දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නායකත්වය දෙමින් සිටියි. එය පහසු කාර්යයක් නොවේ. එසේම, ක්ෂණිකව කළ හැකි කාර්යයක් ද නොවේ. කල් අල්ලමින්, ඉවසීමෙන් කළ යුතු දෙයකි. අතරමග ඇති බාධක අනන්තය; අප්‍රමාණය. වැරදි සිදුවීමේ හැකියාව උපරිමය. ජනප්‍රිය ක්‍රියාමාර්ග ඇත්තේම නැති තරම්ය.

සාර්ව ආර්ථික කළමනාකරණය අර්බුදයෙන් ගොඩඒමේදී ඉතා වැදගත් වන අතර දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ දැඩි පාලනය ද වැදගත් වේ. එහෙත්, පහළ සමාජ මට්ටම්වල පුරවැසියන් හට තවදුරටත් මෙම කම්පනය දරාගැනීම ද දුෂ්කරය. එම නිසා ඔවුන්ට සහන ලබාදිය යුතුය. වේදනාකාරී පියවරවලින් තොරව මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ද නැත. වේදනාකාරී පියවරවලට ප්‍රතිරෝධය එල්ල වීම ස්වභාවිකය. රජය අනුගමනය කරන මූල්‍ය විනය තුළ මේ වන විට උද්ධමනය පාලනය කරගෙන තිබේ. 2024 වසර තුළදී එය නැවත තනි ඉලක්කමක අගයට ගෙන ඒම සඳහා රජය අධිෂ්ඨානයෙන් කටයුතු කරයි. රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගෙන තිබේ. ආර්ථික කටයුතු මහත් දුෂ්කරතා මැද ඉදිරියට යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණයට වඩා, එකී විස්තීර්ණ අරමුදල් පහසුකමේ කාර්යරාමුව තුළ වැඩකිරීම ශ්‍රී ලංකාවට මූල්‍ය විනය නැවත නිර්මාණය කරගැනීම සඳහාත්, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකිරීම සඳහාත් ඉවහල් වනු ඇත. බොහෝ දේශපාලනඥයන් එයට අකැමැති විය හැකිය. එයට හේතුව වන්නේ දුෂ්කර මෙන්ම අත්‍යවශ්‍ය ද වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වගකීම ගැනීමට බිය වීමයි.

මේ වන විට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය එයයි. ඔහුට පිතිකරණයට ලැබී තිබෙන විකට්ටුව පන්දු යවන්නන්ට අතිශය වාසිදායක කඩතොලුවලින් පිරුණු එකකි. මේ වනවිට වේග පන්දු මෙන්ම දඟ පන්දු ද ඔහුගේ ඇඟට ද විකට්ටුවට ද කැපෙමින් තිබේ. ජනවරම පිළිබඳ සාධකය ඒ අතරින් ප්‍රධාන එකකි. එය මේ වන විට ජාත්‍යන්තරව ද බලපා තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම හා ඔහුගේ ආණ්ඩුවේ සියලු කටයුතු ව්‍යවස්ථානුකූලය. එසේම, මේ මොහොතේ බලයේ සිටින ඕනෑම ආණ්ඩුවකට කළ හැකි උපරිම හොඳ මට්ටම ලෙස සැලකිය හැකි ලෙස ඔවුන් කටයුතු කරමින් තිබේ. එයින් අදහස් කරන්නේ මෙවැනි තත්වයක් තුළ මීට වඩා වෙනස් අයුරින් වැඩකරන්නට කිසිවකුට හැකි යයි අප නොසිතන බැවිනි. මහජන සහාය යන්න අපැහැදිලි, වියුක්ත කාරණයකි. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කිසිවෙකුට මහජන සහාය බලමුළුගන්වාගැනීමට හැකි වේ යයි සිතිය නොහැකිය. එය දේශපාලන නායකත්වයේ මෙන්ම, මහජන දේශපාලනයේ ද තත්වයයි.

එහෙත්, බලාපොරොත්තු සහගත එක් ප්‍රතිචාරයක් මෙම ලිපිය අවසන් කරන මොහොතේ සටහන් කිරීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත්, ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91023800334867442862023-01-22T21:18:20.447-05:002023-01-22T21:18:20.447-05:00අජිත් පැරකුම් ජයසිංහ
“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියා...අජිත් පැරකුම් ජයසිංහ

“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ, පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ. සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1978

ශ්‍රී ලංකාව බරපතළ නායකත්ව අර්බුයක් සහිත රටකි. එය සැබෑ ජාතික ක්‍රීඩාව ලෙස සැලකිය හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් නායකත්වයේ සිට ජනාධිපති ධුරය දක්වා විහිදෙයි. එයින් අදහස් වන්නේ නායකත්ව අර්බුදය තිබෙන්නේ දේශපාලනයේ පමණක් නොවන බවයි. නායකත්ව අර්බුදය අනාගතය දක්වා විහිදෙන බව ප්‍රදර්ශනය කරන ප්‍රධාන ස්ථානය පාර්ලිමේන්තුව නොව පාසලයි. වර්තමානයේ පාසල් අධ්‍යාපනය තුළ නායකත්ව සංකල්පයම විකෘති වී තිබේ. අධ්‍යාපන ක්‍රියාවලියට නායකත්වය දිය යුතු නිලධාරියකු වන පාසල් විදුහල්පතිවරයා හුදු පරිපාලකයකු බවට පරිවර්තනය වී තිබේ. පාසල යනු පෞද්ගලික අධ්‍යාපනය හෙවත් ටියුෂන් වෙනුවෙන් භූමිය සකස්කරන, තරග විභාග හා වෙනත් ක්‍රියාකාරකම් පවත්වන ස්ථානයයි. ගුරුවරයාගේ නායකත්ව භූමිකාව ඒ අනුව හැඩගැසී ඇත. ශිෂ්‍ය නායක, පන්ති නායක ආදී වශයෙන් සිසුන්ට දෙන නායකත්වය පුහුණුව මගින් නිර්මාණය වන්නේ නායකයන් නොව ලොක්කන්ය.

ලංකාවේ බොහෝ අය නායකත්වය ලෙස දකින්නේ මොබ් එකක ඉදිරියෙන් සිටීමට තිබෙන හැකියාවයි. මේ තත්වය 2022 වසරේදී අරගලය තුළ උච්චස්ථානයට පත්විය. 2005දී ජාතිවාදී ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණ රාජපක්ෂවාදී ආණ්ඩුකරණය යනු ජාතිවාදය, ආගම්වාදය, දෙමළ – මුස්ලිම් විරෝධය, සමලිංගික විරෝධය, රාජ්‍ය නොවන සංවිධාන විරෝධය, බටහිර විරෝධය වැනි ජනප්‍රියවාදයන් පාවිච්චි කරමින් බලය ගොඩනගාගත් එකකි. මහින්ද රාජපක්ෂ යනු මෙවැනි ජනප්‍රියවාදයන් සමග රැල්ලට ගහගෙන යාමෙන් අසීමිත ජනප්‍රියත්වයක් ගොනු කරගෙන සිටින අයෙකි. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් වූ මුත් කෙතරම් දුරට නායකයෙක් ද? මහින්ද රාජපක්ෂ යුද්ධය සම්බන්ධයෙන් දුන් නායකත්වය සමස්ත දේශපාලනය සම්බන්ධයෙන්ම සාර්ථක නොවූයේ ඇයි?

නායකයා යනු අනුගාමිකයන් කියන විදියට නටන නැට්ටුවෙකු නොවේ. නායකයා යනු අනුගාමිකයන්ගේ නර්තන වින්‍යාසය නිර්මාණය කරන්නාය. එවැනි නායකත්වයක් හා සමාජය අතර ප්‍රජාතාන්ත්‍රික සම්බන්ධය ජනප්‍රියවාදය මත පදනම් වන්නේ නැත, තීන්දු ගැනීමට විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්රියාකාරිකයන්ගේ සහාය ඉතා වැදගත් වේ. මෙහිදී මාධ්‍යවලටත් සුවිශාල කාර්යභාරයක් තිබේ. ජනප්‍රියවාදයෙන් විනාශයට යනවාද, නායකත්ව ප්රජාතන්ත්රවාදයක් ගොඩනගාගන්නවාද යනු වර්තමාන යුගයේ රත්තරන් ප්රශ්නය වී ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28787838200125143042023-01-22T21:14:45.451-05:002023-01-22T21:14:45.451-05:00මුං රට කාගෙන කාගෙන කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා ර...මුං රට කාගෙන කාගෙන කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා රට කාගෙන කාගෙන කාගෙන යන්න අරුංට චාන්ස් එකක් දෙමුද?

(1994 මහ ඡන්දයේ දී ඇසුණු කතාවකි)
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com