tag:blogger.com,1999:blog-3221129106341750825.post2091688130495197322..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?Unknownnoreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20044237803029724632021-10-05T15:30:38.069-04:002021-10-05T15:30:38.069-04:00//@ අජිත් බ්‍රිතාන්‍යයේ තෙල් අර්බුදය විසඳිලාද දැන්...//@ අජිත් බ්‍රිතාන්‍යයේ තෙල් අර්බුදය විසඳිලාද දැන්? මම හිතන්නේ ඒකත් ඩ්රයිවර්ලාගේ කේස් එකකට වඩා මැදපෙරදිග රටවල බලපෑමක් නිසා වීමට ඉඩ ඇති කරුණක් විය හැකි බවයි.//ඩ්‍රයිවර් කේස් එක තියනවා. ඒක හරි. මිනිස්සු පෙට්රෝල් ගබඩා කර ගන්න එකත් ප්‍රශ්නයක්. මම ෆේස්බුක් එකේ අද වීඩියෝ එකක් දැම්ම. මලු වලට පෙට්රෝල් දාගන්නවා. මැද පෙරදිග තෙල් indirect පාවිච්චි කරන්නේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ය . ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. BP එක සහ ඇමෙරිකාව මුල ඉඳන් ම බ්‍රෙක්සිට් එකට විරුද්ධයි. අනික මාකට්, නව ලිබරල් ආර්ථිකයක් වශයෙන් බොරිස් ජොන්සන් මේ ප්‍රශ්නෙට රජය මැදිහත් නොකිරීම හරි. නමුත් දැන් ඔන්න හමුදා රියදුරන් ඇතැම් තැන්වල දාලලු Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26545845146627899092021-10-05T00:26:43.479-04:002021-10-05T00:26:43.479-04:00බොහොම ස්තූතියි. දීර්ඝ පිලිතුරුවලට හා ඒ සදහා ගත කල ...බොහොම ස්තූතියි. දීර්ඝ පිලිතුරුවලට හා ඒ සදහා ගත කල කාලයටත් ස්තූතියි. හොද පැහැදිලි කිරීම් ලැබී තියෙනවා. බොහොම ස්තූතියි. යුගදනවි එක සහ ලෝක බැංකු ආධාර යටතේ මාර්ග සංවර්ධනය තුළින් විදේශ ණය බර වැඩිවීම ගැනත් පැහැදිලි කිරීම් කරන්න පුළුවන් නම් වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78031901460324270062021-10-04T23:38:30.897-04:002021-10-04T23:38:30.897-04:00බැඳුම්කර පාඩුව
http://economatta.blogspot.com/2020...බැඳුම්කර පාඩුව
http://economatta.blogspot.com/2020/02/blog-post_22.html

බැඳුම්කර දේශපාලනය
http://economatta.blogspot.com/2020/01/blog-post_26.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17581285341481592842021-10-04T23:37:40.174-04:002021-10-04T23:37:40.174-04:00යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන...යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන්නා දෙයක් ගැන මට අදහස් පළ කළ නොහැකියි. මේ ගැන හැදෑරීම සඳහා යෙදිය හැකි අමතර කාලයක්ද මේ වෙලාවේ නැහැ. ඒ වගේම මේ හා අදාළ ගිවිසුම් ආදිය තිබෙන තැන් ගැනද මා දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48070635474767529892021-10-04T23:36:29.335-04:002021-10-04T23:36:29.335-04:00යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන...යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන්නා දෙයක් ගැන මට අදහස් පළ කළ නොහැකියි. මේ ගැන හැදෑරීම සඳහා යෙදිය හැකි අමතර කාලයක්ද මේ වෙලාවේ නැහැ. ඒ වගේම මේ හා අදාළ ගිවිසුම් ආදිය තිබෙන තැන් ගැනද මා දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28696595953658854112021-10-04T23:32:52.797-04:002021-10-04T23:32:52.797-04:00බැඳුම්කර පාඩුව
http://economatta.blogspot.com/2020...බැඳුම්කර පාඩුව
http://economatta.blogspot.com/2020/02/blog-post_22.html

බැඳුම්කර දේශපාලනය
http://economatta.blogspot.com/2020/01/blog-post_26.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14532921550307671072021-10-04T22:59:49.036-04:002021-10-04T22:59:49.036-04:00ඉකොනොමැට්ටාගේ හොඳ පෝස්ට් එකක් සහ ඇතැම් ඇනෝවරු අසා ...ඉකොනොමැට්ටාගේ හොඳ පෝස්ට් එකක් සහ ඇතැම් ඇනෝවරු අසා තිබෙන ප්‍රශ්නත් ඉස්තරම්, විශේෂයෙන්ම මේ දවස්වල ලංකාවේ දැවෙන ප්‍රශ්න විදිහට කෙළවරපිටිය බලාගාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රශ්නය ගැන සැලකිය හැකියි. මේ ගැන ඉකොනොමැට්ටාගේ පැහැදිලි කිරීමක් තිබේනම් ඉතා වටිනවා. අනෙත් වැදගත්ම ප්රශ්නය ලෙස බැඳුම්කර සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන්ය, මේ ගැන ලංකාවේ ආණ්ඩුව විශාල මුදලක් වියදම් කොට ඉන්දීය සමාගමඉක්න් වාඅර්තාවක් ලබාගෙන තියෙනවා, මේ වෝහාරික විගණන වාර්තාව ගැන පැහැදිලි කරමින් ඉකොනොමැට්ටා කඉල්න් පෝස්ට් එකක් දැම්ම බවක් මතක නැහැ. දැම්ම නම් ඒකෙ ලින්ක් එක දෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මණින් ලබා දිය හැකිනම් හොඳයි. බොහොම ස්තූතියි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6252153457329684402021-10-04T21:05:02.965-04:002021-10-04T21:05:02.965-04:00ඉකොනෝ අනාවැකි කියනවා කියලා මම කොහෙද කියලා තියෙන්නේ...ඉකොනෝ අනාවැකි කියනවා කියලා මම කොහෙද කියලා තියෙන්නේ? එහෙම කිව්වා නං පෙන්වන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62935132417365550022021-10-04T11:01:57.022-04:002021-10-04T11:01:57.022-04:00ඉකොනො,
ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා වූ ...ඉකොනො,

ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා වූ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා අයි බී ආර් ඩී (ලෝක) බැංකුව මගින් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ණයක් අනුමත කර ඇති බව කියනවා.

https://www.dailymirror.lk/business-news/Loans-US-500mn-to-upgrade-transport-connectivity/273-221719

මේ නිසා ලංකාවේ විදේශ ණය තවත් උග්‍ර වෙයිද? මේ ලෝක බැංකුවේ ණය වල පොළී අනුපාතික සාමාන්‍යයෙන් මොන වගේ ද? ඉස්සර යුද්ධය තිබුන කාලයේ ලංකාව අඩු ආදායම් ලාභී රටක් නිසා ඉතාමත් සහන පොළියට ණය ලැබුණු නමුත් දැන් මැදි ආදායම් තත්ත්වය නිසා පොළී වැඩියි ද?

ඒ වගේම මම හිතන්නේ මාර්ග පද්ධතියට වඩා දුම්රිය පද්ධතිය electrification කරලා රේල් කාගෝ වැඩි කරන්න පුළුවන් නම් ඒක මීට වැඩිය වඩාත් ලාභදායී ප්‍රවාහන කර්මාන්තයක් විය හැකි බව.

රජය මේ ගැන කියන්නේ රජයේ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවේ ඇගයීමට ලක්වී ඇති බවත් ඒ ව්‍යාපෘතිය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීමට ලෝක බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලංකාවට ලබා දීමට තීන්දු කර ඇති බවයි. මේක ඇත්ත ද දන්නේ නෑ.

ලංකාවේ රට පුරා ගම් හා නගර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව මඟින් මෙම මුදල ලංකා රජය වෙත අනුමත කර දුන් බවත් මෙම ව්‍යාපෘතියෙන් සමස්ත දිවයින ආවරණය වන පරිදි මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට යෝජිතයි.

මීට අමතරව රට පුරා ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික භෝග එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ බෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද මෙම ව්‍යාපෘතිය මඟින් ඉදි කරන බව කියනවා. හැබැයි මෙය සාර්ථක වෙයි ද දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82320728572138565082021-10-04T09:53:13.398-04:002021-10-04T09:53:13.398-04:00දැන්නම් එපා වෙනව හැබැයි දාපු කමෙන්ට් එකක රිප්ල්යි...දැන්නම් එපා වෙනව හැබැයි දාපු කමෙන්ට් එකක රිප්ල්යි එක හොයාගන්න එකත්.මොකෝ මේ කුලී බයිසන්ල මැස්සො වගේ මේක වටේ කැරකෙන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34004312776310806512021-10-04T08:18:54.809-04:002021-10-04T08:18:54.809-04:00ඉකොනොමැට්ටා,
මේවාට පිළිතුරු මොනවාද?
01. ලංකාවේ ආ...ඉකොනොමැට්ටා,

මේවාට පිළිතුරු මොනවාද?

01. ලංකාවේ ආණ්ඩුව යුගදනවි බලාගාරය ඇමරිකන් ෆෝට්‍රෙස් සමාගමට දීම දූෂිත ගණුදෙනුවක් බව පැවසේ. මේක ඇත්තද?

02. මේ ගණුදෙනුව හරහා ලංකාවට වන පාඩුව කොපමණද? මෙයින් ඩොලර් බිලියන් හයක් පමණ ඉදිරි කාලයේ රජයට පාඩු වන බව ඇත්තද?

https://economynext.com/sri-lankas-could-lose-billions-through-unsolicited-new-fortress-energy-deal-cebeu-86396/

03. මේ හරහා ෆෝට්‍රෙස් සමාගමට හෝ ඇමරිකන් එක්සත් ජනපදයට ලංකාව අල්ලේ නැටවීමට අවස්ථාවක් ලැබෙයිද?

04. සිරස ටී වී ආයතනය පෙන්වා දෙන ආකාරයට මෙම වීඩියෝ එකේ කියන දේවල් අනුව ලංකාවට විශාල පාඩුවක් වෙයිද? ආණ්ඩුව මේක කළොත් ඩොල්ර මිලියන් 750 ක විතර ලාභයක් (profit) ආණ්ඩුවට ලැබෙයි ද?

https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

කෙළින්ම ගෑස් ආනයන කර කලොම්බො ඩොක්යාඩ් සමාගමට කියලා මේ නල පද්ධතිය රජයේ මුදලින් ඩොලර් මිලියන 50 කින් කරලා රජයේ මුදලින් ඩොලර් මිලියන 100 - 150 කින් විදුලි ජනක පද්ධතිය සහ පවර් ස්ටේශන් ටික ෆේස් බයි ෆේස් හයි කරලා ලංවිම හරි ලෙකෝ එක හරි යටතේ මේක ඔපරේට් කළොත්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36382628415209916872021-10-04T08:09:45.327-04:002021-10-04T08:09:45.327-04:00මේ තියෙන්නේ ලංකාවේ ජනපති නන්දසේනගේ කසින් සිස් ලංකා...මේ තියෙන්නේ ලංකාවේ ජනපති නන්දසේනගේ කසින් සිස් ලංකාවේ නිරූපමා රාජ පක්ස ගැන, ඇගේ සැමියා වන තිරු කුමාර් නටේසන් සමග ව්‍යාපාර කරලා හම්බ කරපු ඩොලර් මිලියන 18ක් විතර අති විශාල මුදලක් හන්ගපු එකක් ගැන විස්තරයක් කියලා අද සමාජ ජාල වල පේජ් කීපයකම දාල තිබුණා

https://projects.icij.org/investigations/pandora-papers/power-players/en/player/nirupama-rajapaksa

//Nirupama Rajapaksa and Nadesan together controlled a shell company they used to buy luxury apartments in London and Sydney, and to make investments, according to leaked files. Nadesan set up other shell companies and trusts in secrecy jurisdictions, and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government and to buy artwork.

In 2018, one of the companies, Pacific Commodities, transferred 31 paintings and other South Asian art pieces to the Geneva Freeport, an ultra-secure warehouse where assets are not subject to taxes or duties.

In confidential emails to Asiaciti Trust, a Singapore-based offshore services provider, a longtime adviser of Nadesan’s put his overall wealth, as of 2011, at more than $160 million. ICIJ couldn’t independently verify the figure.

Asiaciti Trust managed some of Nadesan’s offshore companies and trusts, with assets valued at about $18 million, according to an ICIJ analysis. The firm listed him as a politically connected individual because of his wife’s political position. Asiaciti kept the family as clients even after Nadesan was charged with embezzlement in 2016.

Rajapaksa and Nadesan declined to answer ICIJ’s questions about their trusts and companies.//

තව කට්ටිය ගැන මේකේ තියෙනවා

https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa

ජනාධිපති කොමිසමක් දාන්න ඕනෙ පිටරට සල්ලි හන්ගලා තියෙන ශ්රීලාන්කිකයෝන්ගේ වත්කම් හොයන්න. සමහර මිනිස්සු ඔය කියන ගනන් හන්ගලා නැතුව ඇති. සමහර මිනිස්සු නීත්‍යානුකූල ව්‍යාපාර කරලා සල්ලි රට හන්ගලා ඇති. හොරුත් ඇති ඔය අතරේ. ඒ හැමෝගෙම සල්ලි හොයලා රජාඅසන්තක කිරීමට ශක්තිමත් දැඩි නීති ගෙන ආ යුතුයි.

හැම එකටම ජනාධිපති කොමිසම් දාන රටේ මේකට අනිවාර්යෙන් ජනාධිපති කොමිසමක් දාන්න්න කියලා බල කරන්න ඕනෙ. තව ඉකොනොමැට්ටා වගේ අයත් ඇමරිකාවේ, පැනමා, බර්මියුඩා, සීශෙල්ස් වගේ රටවල හන්ගලා තියෙන ඩොලර් මිලියන ගණන් හොයලා ඒවාත් සේරම සම්පූර්ණයෙන්ම රාජසන්තක කරන්න ඕනේ, එහෙම හරියට උත්සාහ කළොත් ලංකාවේ විදෙස් විනිමය අර්බුදය ලේසියෙන්ම විසඳන්න පුළුවන්. මේකට රන්ජන් රාමනායක සහ ජවිපෙ වගේ ජනතාවාදී දේශපාලන නායකන් මේ රටේ නායකත්වයට පත්කර ගත යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20666102812553223602021-10-04T07:05:36.161-04:002021-10-04T07:05:36.161-04:00ඉකොනොමැට්ටා මම හිතන්නේ ප්රශ්නය ශේල් ඔයිල් හෝ ලෝක ...ඉකොනොමැට්ටා මම හිතන්නේ ප්රශ්නය ශේල් ඔයිල් හෝ ලෝක තෙල් මිල නෙවෙයි, මෙන්න මේවායි. මේවාට පිළිතුරු මොනවාද?

01. ලංකාවේ ආණ්ඩුව යුගදනවි බලාගාරය ඇමරිකන් ෆෝට්‍රෙස් සමාගමට දීම දූෂිත ගණුදෙනුවක් බව පැවසේ. මේක ඇත්තද?

02. මේ ගණුදෙනුව හරහා ලංකාවට වන පාඩුව කොපමණද? මෙයින් ඩොලර් බිලියන් හයක් පමණ ඉදිරි කාලයේ රජයට පාඩු වන බව ඇත්තද?

03. මේ හරහා ෆෝට්‍රෙස් සමාගමට හෝ ඇමරිකන් එක්සත් ජනපදයට ලංකාව අල්ලේ නැටවීමට අවස්ථාවක් ලැබෙයිද?

04. මෙම වීඩියෝ එකේ කියන දේවල් අනුව ලංකාවට විශාල පාඩුවක් වෙයිද? ආණ්ඩුව මේක කළොත් ඩොල්ර මිලියන් 700 ක විතර profit ආණ්ඩුවට ලැබෙයි ද?

https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

සංවාදය අත්‍යවශ්‍යය. මෙහිදී අදාළ පාර්ශ්වයන් සංවාද කිරීමේ අරමුණ ද හඳුනාගත යුතුය. මේ පිළිබඳව ප්‍රශ්න කරන බොහෝ දෙනෙකු ප්‍රතිපත්තියක් ලෙසම, ඒකීය ශ්‍රී ලංකාව පවා නොපිළිගන්නා පිරිස්ය. එසේ තිබියදී ඔවුන් පවසන්නේ ෆොට්රස් සමාගම සමග ගිවිසුම් ගතවීම හේතුවෙන් රටේ ස්වෛරීභාවය නිමා වන බවය. ඒ නිසා සංවාදයේ යෙදෙන්නාගේ අරමුණ හෝ එහි දේශපාලනික යටි අරමුණු නොව ප්රස්තූත කාර්යයේ සැබෑ වාණිජමය බලපෑම පමණි මට දැනගැනීමට අවශ්‍ය.

රට කොටස් වලට බෙදා උදේ සවස විදුලි කප්පාදුව සිදු කරන විට, පාලකයන් කිසිවක් නොකරන බව කියන පිරිසම, හොඳ තත්ත්වයේ විසඳුමක් ගෙන එන විට, විරෝධාකල්පයක නැගී, ඒ සියල්ල පාගා දමන ආකාරය සඳහා හොඳම උදාහරණය, දැන් ‘තිරගත වන යුග දනවී ඇමරිකාවට’ නාටකයයි. සියල්ලට පෙර බලශක්තියෙන් අප සිටිනා ස්ථානය දෙස බැලිය යුතුය. ඇමරිකන් විරෝධය යන ‘මැක්කා ධජයේ’ සැමදාම නගිනවා වෙනුවට, සංඛ්‍යාලේඛන සහ විශ්ලේෂණ අනුව හැසිරීමේ කාලය දැන් එළඹ තිබේ. රටේ පවතින විදුලිය ඉල්ලූම වාර්ෂිකව 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යන බව ප්‍රසිද්ධ දත්තයකි. එසේ වුවත් ඒ ඉහළ යන පරිමාණය අනුව විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේද යන ගැටලූව සඳහා අපට පූර්ණ පිළිතුරක් නැත.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බවට පුරෝකථනය සිදු කර තිබේ. එය හුදු ඉලක්කයක් නොව සපුරා ගත නොහැකි වුවහොත් දේශය කළුවර වන තත්ත්වයකි. 2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන බලාගාරයක් එක්ව නැති පරිසරයක මෙවැනි ඉලක්කයන් සාධනය කර ගන්නේ කෙසේද…? කුමන අන්දමේ විසඳුමක් මෙවැනි කාර්යයකදී ඉදිරිපත් කළත් විරෝධයක් මිස ඒ සඳහා විකල්පයක් කිසිවෙකු කියන්නේ නැත. ඒ නිසා ඔබ මීට යෝජනා කරන විසඳුම මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87055892064028369742021-10-04T06:48:14.902-04:002021-10-04T06:48:14.902-04:00Pandora Papers, අපේ ලංකාවේ කව්රුවත් මේකේ නැත්ද?
ht...Pandora Papers, අපේ ලංකාවේ කව්රුවත් මේකේ නැත්ද?
https://www.youtube.com/watch?v=Q7XaIHfGh0cAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37174789434151517612021-10-04T01:03:16.222-04:002021-10-04T01:03:16.222-04:00ඉකොන්,
මම ඉහත ඇනෝ නෙවෙයි, මට ප්‍රශ්නයක් තියෙනවා, ...ඉකොන්,

මම ඉහත ඇනෝ නෙවෙයි, මට ප්‍රශ්නයක් තියෙනවා, මේ කියන ෆොරෙන්සික් ඇනලයිස් එකෙන් රුපියල් මිලියන නම සීයක් ගාස්තු අරන් විශාල පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙන්නේ බැඳුම්කර සිද්ධියේ විශාල වංචාවක් සිදු වූ බව ලු. මේක ඇත්තද?

ඔබ කලින් ලිපි සීරීස් එකක් හරහා පැවසුවේ මෙය වංචාවක්ම නොව කෙටියෙන් කිව්වොත් එය වෙළඳපොලේ ස්වභාවය අනුව සාමන්‍ය සිද්ධියක් බව මට තේරෙන හැටියට. (මමත් හිතන්නේ එහෙමයි මොකද මෙහි යම් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් වගේ දෙයක් හැර ලොකු වංචාවක් විය නොහැකි බවයි.). මීට අමතරව කබ්රාල් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මේ වාර්තාව විවේචනය කළා.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයත් මේ වාර්තාව පිළි ගන්න බවක් පේනවා. ජපුර කළමණාකරණ/ ගණකාධිකාරී උපාධියක් ඇති සුනිල් හඳුන්නෙත්ති සහ ජවිපෙ නායක අනුර කුමාර වැනි අයත් පුන පුනා කියන්නේ මෙහි විශාල හොරකමක් වී ඇති බවත් රාජපක්ෂ හොරමුල සහ වික්‍රමසිංහ රොයල් කොලීජි ගජ මිතුරු හොර කල්ලි උඩින් හතුරු යටින් මිතුරු ලෙස එකට එක්වී වංචා කරන බවයි. ඊට අමතරව වීරවංස ගම්මන්පිල වැනි කටහැකරන්ගේ ද කතා නිසා දැන් මෙය දැඩිව සමාජගත වී වෙනස් කළ නොහැකි තරමට සමාජ සම්මතයක් වී අවසන්.

ඇත්තටම මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද? මෙහි සැබෑ තත්වය ගැන කෙටියෙන් වත් පැහැදිලි කළ හැකි නම් ලොකු දෙයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92190255724181445582021-10-04T00:45:45.753-04:002021-10-04T00:45:45.753-04:00ඉකොනොමැට්ටා/ Ajith Dhrma,
මේක දැක්කාද?
https://w...ඉකොනොමැට්ටා/ Ajith Dhrma,

මේක දැක්කාද?

https://www.themorning.lk/sri-lankas-oil-supply-issue-government-to-secure-3-6-b-from-oman/

මේකෙ හැටියට ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය සමග එකඟතාවකට ඇවිත් තියෙනවා කියලා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයෙත් මාධ්‍ය වලට කිව්වා.

මංගොංපිල කියන විදියට මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද කියනවා, මේක ඇත්තද? මම නම් හිතන්නේ මේක තවත් උගුලක් විය හැකි බවයි. ඒ අනුව පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලදී ගන්න මාසේකට ඩොලර් මිලියන 300 ගණනෑඅ ලංකාවට නිදහස් කිරීමට ඕමානි රජය සමග වූ එකඟතාව බවයි කියන්නේ, මේකෙන් ලංකාව තවත් ණය උගුලක හිර වෙයිද?

මේ ගැන ජවිපෙ සහ සමගි ජන බලවේගයේ අය පවසන්නේ මෙවන් අදහස්;

/// ණය ගත්තත් කමක් නෑ ගන්නවලකෝ ණයක් හරිහමන් රටකින්.

අනේ ඉතිං තනි හිංගල බෞජ්ජ ආණ්ඩුවට වෙච්ච දේට මක්කොරන්නද?
අන්තිමේදි තම්බින්ගේ කකුල් ලෙවකනවා, දැන් ඉතින් ලංකාවේ අන්තවාදී තම්බින්ට අත තියන්න ගියොත් හොම්බ තලා ගන්න තමයි අපට වෙන්නේ.

උන් කියන කියන පදේට නට නට තමයි ඉන්න වෙන්නේ. නැත්නම් තෙල් ගහල ඉවරයි.

මදැයි ඉඳලා ඉඳලා පුන්නක්කු තොග පිටින් ගිලින උන්මාද ගොන් බයියො කියන 69 ලක්ෂයක් මීහරක් තනි සිංහල ආණ්ඩුවක් පත් කළා. එකේ හුලනුත් දැන් හෝස් ගහල බැහැල ගියා. හපොයි හරිම හිනා අපේ රටේ ගව සම්පත ගැන.

ගොම්මන් පිලයා වැඩක් කලොත් ඔහොම්මම තමයි. සිංහලයාගේ බලය දුර්වල කරලා තමයි නවතින්නේ.//

මේ වගේ කතා වල ඇත්තක් නැත්තෙමත් නෑ නේද විශේෂයෙන් ගෝලීය අන්තවාදී බලවේග වල ගොදුරක් බවට ලංකාව පත්විය හැකියි මැද පෙරදිග රටවලින් ණය ගන්න යන එකෙන්. ඒ වෙනුවට අයි.එම්.එෆ්. ගියානම් මේ ප්‍රශ්න මුකුත්ම නැහැ නේද? දැන් වත් ආණ්ඩුව අයි එම් එෆ් යන්න හිතනවනම් මීට වඩා හොඳ නැද්ද? ආණ්ඩුවේම හිතවතුන් වන ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරික ප්රජාවත් මේ ගැන ධනාත්මක අදහසක ඉන්න බව පේනවා.

@ අජිත් බ්‍රිතාන්‍යයේ තෙල් අර්බුදය විසඳිලාද දැන්? මම හිතන්නේ ඒකත් ඩ්රයිවර්ලාගේ කේස් එකකට වඩා මැදපෙරදිග රටවල බලපෑමක් නිසා වීමට ඉඩ ඇති කරුණක් විය හැකි බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69457106526574651702021-10-03T16:41:22.952-04:002021-10-03T16:41:22.952-04:00කියෙව්වා. ලියන්න තරම් දෙයක් ඔළුවට එන්නේ නැහැ. කබ්ර...කියෙව්වා. ලියන්න තරම් දෙයක් ඔළුවට එන්නේ නැහැ. කබ්රාල් , කබ්රාල්, කබ්රාල් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32258444491034184892021-10-03T13:35:53.859-04:002021-10-03T13:35:53.859-04:00//එසේම කබ්රාල් “රට වසා ඇති නිසා මුදල් සංසරණය අඩු න...//එසේම කබ්රාල් “රට වසා ඇති නිසා මුදල් සංසරණය අඩු නිසා මෙවන් මුදල් අච්චුගැසීමෙන් උද්ධමනයක් ඇති නොවන බවද” මීට ටික දිනකට පෙර කීවේය.//

මේ ප්‍රකාශය සම්බන්ධව වෙනත් අයටද ප්‍රශ්න තිබෙන නිසා මේ ගැන පමණක් යමක් කියන්නම්. මෙය නිවැරදි ප්‍රකාශයක්. මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු වන්නේ එම වැඩි වූ මුදල් නිසා භාණ්ඩ වලට ඉල්ලුම ඉහළ යාම නිසයි. එසේ භාණ්ඩ ඉල්ලුම ඉහළ යන්නේ මිනිස්සු එම මුදල් වියදම් කරන්න පටන් ගෙන මුදල් සංසරණය වෙන්න පටන් ගනිද්දී. ඒ නිසා, මුදල් සැපයුම ඉහළ යාම හා උද්ධමනය ඇති වීම අතර මාස 18-36 පමණ දක්වා වන කාල පරතරයක් තිබෙනවා. මේ වෙලාවේ මුදල් සැපයුම වැඩි වී තිබෙන තරමට උද්ධමනය වැඩි වී නැත්තේ කෝවිඩ් හමුවේ මිනිස්සු ගෙවල් වලට වී සිටින නිසා. රට සාමාන්‍ය තත්ත්වයට පැමිණි වහාම භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය විශාල ලෙස වැඩි වීමේ අවදානම තිබෙනවා. ANC මේ බව පිළිගන්නවා. ඔහු කියන්නේ එවැන්නක් සිදු වීමට පෙර එළියට දැමූ මුදල් නැවත මහ බැංකුව වෙත ඇද ගන්නා බවයි. ඔහු එසේ කරයිද නැද්ද යන්න ඔහුගේ (හා පොදුවේ මහ බැංකුවේ) කාර්ය සාධනය පිළිබඳ ප්‍රශ්නයක්. මෙය කළ හැකි දෙයක්. වඩා බැරෑරුම් ප්‍රශ්නයක් වන විදේශ අංශයේ ප්රශ්නය විසඳා ගතහොත් මේ ප්රශ්නය විසඳා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඩොලර් ප්රශ්නය විසඳා නොගත්තොත් මේ ප්‍රශ්නයද ඉතිරි වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41876200392056158202021-10-03T13:23:38.470-04:002021-10-03T13:23:38.470-04:00ඔබට මෙහි ලියා ඇති කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු බව...ඔබට මෙහි ලියා ඇති කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු බවට ඔබම කරන ප්‍රකාශය අවංක ප්‍රකාශයක් සේ භාර ගන්නම්. අවශ්‍යනම් මේ දේවල් මට පැහැදිලි කරන්න පුළුවන්. ඇතැම් දේවල් පෙර ලිපි වල පැහැදිලි කරලත් තිබෙනවා. එහෙත් "කට උත්තර නැති වුණා නේද ඉකොනොමැට්ටා?" යැයි ඇසීමෙන් පෙනෙන්නේ මෙම ප්‍රතිචාරය දමා තිබෙන්නේ ඔබට එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය බැවින් නොවන බවයි. එවැනි පැහැදිලි කිරීම් වෙනුවෙන් වචන නාස්ති කිරීම මගේ ප්රමුඛතාවයක්ද නොවන නිසා ඔබට හෝ මට වැඩක් නැති දෙයක් වෙනුවෙන් මම කාලය නාස්ති කරන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75896505195054796272021-10-03T12:43:54.076-04:002021-10-03T12:43:54.076-04:00මේ වගේම ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ භයානකම හොරා ලෙස...මේ වගේම ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ භයානකම හොරා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන කබ්රාල් නමැත්තා ගැන කෙටියෙන් කියනවනම් ඔන්න ඔහොමයි. “තප්පරයට සැතපුම් එක්ලක්ෂ අසූහය දහසක (1,86,000) ආලෝකයේ වේගය කිසියම් කෙනකුට අභිභවා යා හැකි නම් ඔහු වයසට නොයන්ණේය” යන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ ප්‍රකාශය මට නොතේරුණද එහි බැරෑරුම් දෙයක් ඇති බව නම් සැබැවි.

“පහුගිය 2020 වසරේ සීනි බදු අඩුකිරීමෙන් කිසිදු වංචාවක් සිදුවී නැති බව” වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබරාල් නමැත්තා විළි ලැජ්ජා නැතුව පසුගිය දිනවල මුදල් රාජ්‍ය ඇමැතිව සිටියදී පසුගිය මාර්තු (2021.03.23) වැනිදා පාර්ලිමේන්තුවේ දී කීවේ රෙදි ඇඳගෙන ද යන්න අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.

එසේම කබ්රාල් “රට වසා ඇති නිසා මුදල් සංසරණය අඩු නිසා මෙවන් මුදල් අච්චුගැසීමෙන් උද්ධමනයක් ඇති නොවන බවද” මීට ටික දිනකට පෙර කීවේය.

මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි. අඩු වශයෙන් ඉකොනොමැට්ටාට මේ රටබයිලා පැහැදිලි කරන්න පුළුවන් ද දැන්? කට උත්තර නැති වුණා නේද ඉකොනොමැට්ටා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11831254570285003292021-10-03T12:38:08.776-04:002021-10-03T12:38:08.776-04:00(බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණනය පැවැත්වීමට...(බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණනය පැවැත්වීමට පෙර කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රී ඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති ගිණුම් කාරකසභා අවස්ථාවකදී මේ කරුණු අනාවරණ වීම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මහ බැංකුව කැඳවුවත් ඒ අවස්ථාවේදී රාජපක්ෂ බලපෑම් මත ආණ්ඩුව විසුරුවා හැරීම නිසා සිද්ධිය එතැනින්ම යටපත් වූ බව ගිණුම් ආරංචි කියයි. මේ පාර්ලිමේන්තුවේ ගිණුම් කරකසභාවේ සාකච්ඡා වූ කරුණුය)

එවකට විරුද්ධ පක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව බැඳුම්කර වංචාව යහපාලන ආණ්ඩුව සමයේ පමණක් සිදුවූවක් බවටම ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ කාල සීමාවේදී ජන හදට කිඳා බැස්සුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දැරූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ නම මතුවී ඒන්නේ මෙන්න මේ වෝහාරික විගණන අවස්ථාවේදීය.

මන්ද ඇය ඒ වෝහාරික විගණන පරීක්ෂණවලට මහත් සේ කැපවී අවංකවම රාජකාරි වශයෙන් සහය දැක්වූ හෙයිනි. අදාළ විස්තර වාර්තා ආදිය ඇය සන්තකයේ (භාරයේ) තිබූ බැවිණි.

මුදල් මණ්ඩලයේ ලේකම් වනාහි මහා භාරදූර කාර්යයක් ඉටුකරන්නෙකි.

මුදල් මණ්ඩලය කැඳවනු ලැබීම රාජකාරියකි. භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කෙරෙන මුදල් සැපයෙන්නේ එමගිනි. රටේ සංසරණයට අවශ්‍ය මුදල් සැපයෙන්නේ ඉන් ගැනෙන තීරණ මතය. සෑම මාසයකම අවසාන සති දෙක තුළ (වැටුප් ගෙවීම) මුදල් සංසරණය විවිධ වේ. ඉහළ මට්ටමකට පත්වේ. ඒ ලිපි කටයුතු කිරීම, තීරණ සටහන් තැබීම සියල්ලෙහි වගකීම දැරිය යුතුය. ලේඛණ ආරක්ෂණය පරම වගකීමය.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොලේ යෙදවූ බව කියන සිද්ධියේ තොරතුරු විස්තර ඇතුළත් ලිපිගොනු ආදිය තිබී ඇත්තේ ද කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ ආරක්ෂාව යටතේය.

විගණන ආරංචි පවසන අන්දමට ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය රුපියල් කෝටි විසිඑක් දාහකි (21,000) එසේ මුදල් යොදවන විට එහි කොටස් වෙළෙඳ පොළ හොඳටම වැටී තිබූ අවස්ථාවකි.

එමගින් සිදුවූයේ අපේ ආයෝජනය පවා අපට ආපසු ගත නොහැකි වීමය.

ඒ නිසා අපට අපේ මුදලුත් නැත. ලැබුණු ප්‍රතිලාභයකුත් නැත. ඒ කෝටි 21,000 නිකම්ම නිකම් මකර කටකට වීසි කළා වගේ දුන්න එකක් බව මහ බැංකුවේ බහුතර නිලධාරීන්ගේ අදහසයි.

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව ලොව විශාලම විගණන ආයතන හතරෙන් එකක් වන කේ.පී.එම්.ජී. ආයතනයෙන් නිකුත් කර ඇත.

එපමණක් නොව කුප්‍රකට සූදුවක් වූ හෙජිං ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරුවල විස්තර ආරක්ෂාකෙරී ඇත්තේද මුදල් මණ්ඩල ලේකම්වරිය භාරයේ තිබීමෙනි. ඒ ඉන්ධන මිලදීගැනීම සම්බන්ධයෙනි.

ගිණුම් ආරංචි පවසන අන්දමට ලංකාවේ ආණ්ඩුව තෙල් බැරලයකට $ එකසිය දහයක් (110) වන ස්ථාවර මිලකට තෙල් ලබාගැනීමට ගිවිසුම්ගතව තිබේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක වටිනාකම $ අසූව දක්වා පහත වැටුණද අපට ගිවිසුම ප්‍රකාර $ 110 බැගින්ම ගෙවීමට සිදුවිය.

දැරිය නොහැකි වූ මේ මහා පරිමාණ වංචාවේ බර රුපියල් කෝටි දහස් ගණනාවකි. මෙපමණක් නොවේ. ඔය කියන කාල සිමාවේදී කෙරුණු අප රට සතුව තිබූ (ශ්‍රී ලංකාව) රන් (රත්රන්) තොග විකිණීම ගැනද වෙනම මෙවැනි වෝහාරික විගණනයක් කළ යුතුය. (ඒවා වෙනමම සාකච්ඡා කළ යුතු කරුණුය).

ඒ සමයේ (2006 සිට 2014) දක්වා මහබැංකු අධිපතිවරයා වශයෙන් වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් නමැති දූෂිතයාම රාජකාරි කර ඇති බවද වාර්තාවේ සඳහන්.

මූල්‍ය මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ සේවා කාලය වසර තිහකට (30) ආසන්න බව මහබැංකු ආරංචිවලින් පැවසිණි.

TBCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71542800113481329272021-10-03T12:28:45.934-04:002021-10-03T12:28:45.934-04:00බැඳුම්කර හොරුන් සමග සිටිය නොහැකි බව පවසමින් එවක ජන...බැඳුම්කර හොරුන් සමග සිටිය නොහැකි බව පවසමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මහබැංකුවේ දවුල්ගල මහත්මිය ඇතුළු විශාල පිරිසක් වෙත එම ඉන්දියන් සමාගම ඉදිරිපත් කළ එම සුවිශේෂී වාර්තාවට අනුව 2002 ජනවාරි සිට 2015 පෙබරවාරි අවසානය දක්වාම බැඳුම්කර වංචාව ඉතාමත්ම බරපතල විදිහට ක්‍රියාත්මක කෙරී තිබේ.

රාජපක්ෂ කල්ලියේ වංචනික ඉපැයීමේ ආරම්භය 2006 සහ 2014 සමයේ දී බව විගණන වාර්තාවේ සඳහන්. ඒ කාලය තුළ සිදුවී ඇති වංචාව රුපියල් බිලියන දහයයි දශම හතරයි හතක් හෙවත් රුපියල් කෝටි එක් දහස් හතළිස් හතකි (10,470,000,000).

(මේ සිද්ධිය පාරාවළල්ලක් වූ බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැකිළුණා, එපමණක් නොව එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂද නීතිපතිවරයාත් සමග විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බවම කීහ. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා ඒ කිසිවක් නොසලකා බලෙන්ම මේ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්රශස්ත ලෙස කටයුතු කළා)

එමතුද නොව පර්පෙචුවල් ටේරෂරීස් ආයතනයේ ඇලෝසියස්ලාටත් වඩා තවත් ආයතන කීපයක් (එන්ට්‍රස්ට් ඇතුළු) මේ අන්දමින් බරපතල විදිහට මහජන මුදල් වංචාකර ඇතැයි වාර්තාවේ තිබිණි.

ළබැඳියන්ගේ ගැටුම් ගැන සඳහන් වාර්තාවේ 2015-2016 අතර සමයේ වංචනින ඉපැයූ ධනයෙන් කොටසක් ලබාගත් ඇතැම් බාහිර පිරිස ගැනද අනාවරණය කර ඇත.

විගණන වාර්තාවෙන් පැවසෙන අන්දමට 1998 සිට බැඳුම්කර නිකුත් කෙරී තිබේ. එහෙත් 2004 වනතුරු ඒ පිළිබඳ ප්‍රමාණවත් ලේඛණගත කිරීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තිබී නැති තරම්ය. ඒ සමයේ මීටත් වඩා අති විශාල ප්‍රමාණයේ ගනුදෙනුද සිදුවී ඇත.

2008 පමණ කාලයේ සිට බැඳුම්කර ක්‍රියාවලිය දැවැන්ත මුල්‍ය ක්‍රියාවලියක් වී ඇත. සේවක අර්ථසාධක අරමුදල් ආරංචි පවසන අන්දමට තම ආයතනයට ප්‍රාථමික ගැණුම්කරුවකු ලෙස තරග කිරීමට පවා ඉඩ ලැබී නැත.

එහෙත් 2011-2013 සමයේදී කිසිදු ප්‍රමිතියකින් හෝ විධිමත් ක්‍රියාවලියකින් තොරව දූෂිත පුද්ගලයන්ට අයත් සමාගම් ප්‍රාථමික ආයෝජකයන් ලෙස ලියාපදිංචි කර ඇති බවද වාර්තාවේ සඳහන්ය.

2012 ඔක්තෝබර් සිට 2015 පෙබරවාරි අවසානය දක්වා කාලය තුළ යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් තොරව අධ්යක්ෂ ජනරාල්වරයා අනුමත කරනු ලදුව රුපියල් බිලියන හැත්තෑ හතයි දශම හයයි තුනක් හෙවත් කෝටි හත් දහස් හැටතුනක් (77,630,000,000) වටිනා ඍජු බැඳුම්කර තිස් තුනක් නිකුත් කර තිබේ.

එමගින් සිදුවී ඇති හානිය රුපියල් බිලියන අටසිය හැත්තෑඑකයි දශම එකයි බින්ඳුවක් හෙවත් රුපියල් අසූහත් කෝටි දසලක්ෂ දස දහසක් (871,010,000) බව ඉන්දියානු සමාගමේ විගණන වාර්තාවෙන් ඉතාමත්ම විස්තරාත්මක ලෙස සියලුම ආකාරයේ සාක්ෂි සහිතව අවශ්‍ය පරිදි පැහැදිලි කර ඇත.

TBCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79174096014247650422021-10-03T12:22:56.715-04:002021-10-03T12:22:56.715-04:00ලෝක දේශපාලනය හා තෙල්
https://economatta.blogspot.c...ලෝක දේශපාලනය හා තෙල්
https://economatta.blogspot.com/2020/01/blog-post_10.html

බටහිර සංවර්ධනය හා තෙල්
https://economatta.blogspot.com/2018/12/blog-post_24.html

තෙල් මිල හා සංරක්ෂණවාදය
https://economatta.blogspot.com/2018/12/blog-post_27.html

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...
https://economatta.blogspot.com/2018/12/blog-post_11.html

තෙලේ බලේ දැලේ වෙලේ?
https://economatta.blogspot.com/2018/12/blog-post_8.html

නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...
https://economatta.blogspot.com/2016/03/blog-post_30.html

ඉරාන තෙල් සහ ඉරාන ඩොලර්
https://economatta.blogspot.com/2016/01/blog-post_14.html

ඇමරිකාවේ බොරතෙල් අපනයන තහනම ඉවතට!
https://economatta.blogspot.com/2015/12/blog-post_21.html

සල්ලි එක්ක තෙල්!
https://economatta.blogspot.com/2020/04/blog-post_21.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21039068636199609962021-10-03T12:21:34.603-04:002021-10-03T12:21:34.603-04:00මේ වෝහාරික විගණනය පිළිබඳ පෘථුල වශයෙන් පළමුවෙන්ම සම...මේ වෝහාරික විගණනය පිළිබඳ පෘථුල වශයෙන් පළමුවෙන්ම සමාජගත වූයේ යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා එල්ල වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය නිසාය.

විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට “සංවෘත” අවස්ථාවලට ඉඩදීම නීත්‍යානුකූල වුවද, රහස්‍ය තොරතුරු හුවමාරුවෙන් (දීම සහ ගැනීම) අයුතු වාණිජමය වාසියක් ලබාගැනීම බරපතල අපරාධයක් බව එමගින් පැහැදිලි කෙරිණි.

2015 පෙබරවාරි 27 දින සිදුවූ බව කියන "බැඳුම්කර සිද්ධිය ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ දවල් සිදුවූ බැංකු කොල්ලය" බව එවකට විපක්ෂය වූ වත්මන් (දූෂිත රාජපක්ෂ) ආණ්ඩුව මහත් සේ විලාප දුන්නේය.

එම බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබූ කොමිසමේ නිර්දේශය මත මහ බැංකු වංචාව පිළිබඳව වෝහාරික විගණනයක් ආරම්භ කෙරිණි. යුරෝපීය ආයතනයක් වන බී.ඩී.ඕ. ආයතනයේ ඉන්දියානු ශාඛාව එම කාර්යභාරය ඉතා මැනවින් ඉටු කෙළේය. බී.ඩී.ඕ. ආයතනය විශාලත්වයෙන් ලෝකයේ පස්වැනි තැන හිමි විගණන ආයතනයයි. මේ කාර්ය සමාගමේ විගණන ගාස්තුව රුපියල් කෝටි අනූවකි. (900,000,000)

රුපියල් මිලියන නවසියයක රජයේ වියදමින් ඉන්දීයාවේ සිටින දක්ෂතම විගණන ක්ෂේත්රයේ විශේෂඥ ඥානයක් සහිත ගණකාධිකාරී වෘත්තීයවේදීන් විසින් ඉතාමත්ම ගැඹුරින් සහ සැලකිල්ලෙන් අධ්‍යයනය කර එම වාර්තාවේ දැක්වෙන හරය මෙසේ සංක්ෂේපයෙන් කිව හැකිය.

“පරපෙචුවල් ටේරෂරීස්” ආයතනය රජයට අලාභයක් සිදුවන අන්දමට අයථා ලෙස ලාභ උපයාගෙන තිබේ. වෙන්දේසියේ ස්වරූපය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෙනස් කර තිබේ.”

මේ කරුණ තවත් සරලව කියන්නේ නම් “අඩු මිලට ගත් බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට විකුණා ඇත. බැඳුම්කර මිලදීගැනීමට අවශ්‍ය ධනයද රාජ්‍ය බංකුවලින්ම ලබාගෙන තිබේ” යන්නයි.

(පර්පෙචුවල් ටේරෂරීස් ආයතනයේ අධ්යක්ෂවරියක වශයෙන් ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නමැත්තිය කටයුතු කළ බවත් ඇය එවකට මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් නමැත්තාගේ නැගණිය බවත් හැමෝම ඉතාමත්ම හොඳින් දන්නා කරුණක්.)

බැඳුම්කර ගනුදෙනුවෙන් මහජනයාට සිදුවූ පාඩුව (වංචාව) රුපියල් කෝටි එක්දහස් දෙසීයක් (12,000,000,000) බවට කරුණු අනාවරණ විය.

එහෙත් වෝහාරින විගණනය පෙන්වා දෙන අන්දමට මේ වංචාව 2015-2016 යන දෙවර්ෂය අතර කාලයේ පමණක් සිදුවූ “හුදකලා” සිදුවීමක් නොව ඊටත් වඩා බෙහෙවින් බරපතල ලෙස රාජපක්ෂ කල්ලියේ පරිපාලනය යටතේ කාලයක් තිස්සේ සිදුවූ බරපතල ලෙස වංචනික ක්‍රියාවලියකි.

TBCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61419148469894385542021-10-03T12:07:28.363-04:002021-10-03T12:07:28.363-04:00//මේ කියන්නෙ කල් නොපිරුනු බැඳුම්කර සෙකන්ඩරි මාර්කට...//මේ කියන්නෙ කල් නොපිරුනු බැඳුම්කර සෙකන්ඩරි මාර්කට් එකෙන් මහ බැන්කුවට බයි බැක් කිරීම තහනම් කියලද?//

පළමුව, ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ රජය විසින්. මහ බැංකුව විසින් නෙමෙයි. WAW මෙහි කියන්නේ මෙම ස්වෛරිත්ව බැඳුම්කර කල් පිරීමට පෙර රජයටම ආපසු මිල දී ගත නොහැකි බවයි. අදාළ කොන්දේසි පිලිබඳව මා හදාරා නැහැ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ හා ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ කටයුතු වලට සම්බන්ධව සිටි අයෙකු වූ, WAW මෙහි කරන ප්‍රකාශය නිවැරදියි කියා මම හිතනවා.

රජයට අවශ්‍යනම් රාජ්‍ය බැංකුවක් හෝ වෙනත් ආයතනයක් හරහා මෙම කල් නොපිරුනු බැඳුම්කර මිල දී ගත හැකි නිසා මෙය එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් කරුණ වන්නේ එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන එකයි. අපි හිතමු ලංකා බැංකුව හරහා මෙසේ මිල දී ගත්තා කියලා.

ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ. බැඳුම්කර මිල දී ගැනීමේදී හා විකිණීමේදී මිල විචලනය වන ආකාරය අනුව වාසියක් වෙන්න හෝ පාඩුවක් වෙන්න පුළුවන්.

අපි හිතමු ඩොලර් 60ට මිල දී ගන්නා බැඳුම්කර කල් පිරෙන තුරු තියා ගත්තා කියලා. එහිදී ලංකා බැංකුවට යම් ලාබයක් ලැබෙනවා. කල් පිරීමේදී රජයට කොහොමටත් ඩොලර් 100ක් ගෙවන්න වෙනවා. එහි වෙනසක් නැහැ. එහෙත් එක්තරා වාසියක් තිබෙනවා. ලංකා බැංකුව විසින් ඩොලර් 100ක මුහුණත අගය සහිත බැඳුම්කරය මිල දී ගනිද්දී එළියට යන්නේ ඩොලර් 60ක් පමණයි. කල් පිරීමේදී රජය විසින් ගෙවන ඩොලර් 100 රට ඇතුළේ ඉතිරි වෙනවා. බැඳුම්කරයේ අයිතිකරු විදේශිකයෙක් වුනානම් ඩොලර් 100ම රටෙන් එළියට යනවා. එයට සාපේක්ෂව මෙහිදී ඩොලර් 40ක් රට ඇතුලෙ ඉතිරි වෙනවා. එම ඩොලර් ප්‍රමාණය රජයට මහ බැංකුව හරහා මිල දී ගත හැකියි. රජයට සම්බන්ධයක් නැති වෙනත් දේශීය ගැණුම්කරුවෙකු විසින් මේ වැඩේ කළත් මේ වාසිය තිබෙනවා. මෙවැන්නකින් රජයේ අයවැය පරතරය වෙනස් වෙන්නේ නැතත් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට යම් සාධනීය බලපෑමක් විය හැකියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com