tag:blogger.com,1999:blog-3221129106341750825.post2116497078048902363..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අයවැය අභියෝගය Unknownnoreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-3221129106341750825.post-72025347774905992692021-11-21T10:20:12.042-05:002021-11-21T10:20:12.042-05:00In any "free" country a citizen can enjo...In any "free" country a citizen can enjoy a better life than they can afford with their current income by borrowing. In a country like the US, where the financial markets are well developed, this is obviously the case. Many individuals buy a house on a 30-year loan and a car on a 5-6 year loan and start "consuming" the good before they earn enough to purchase the good. I think, UK also is not different from the US in that respect. However, low income earners cannot live a better life than high income earners through debt because one's ability to get a loan depends on the income. I am not sure what you mean by "seemingly affluent" but most Americans, not just low income earners, are net debtors during their young ages and become net creditors later towards the retirement age. Also, most Americans enjoy a better material life during young ages unlike in a country like Sri Lanka where people start enjoying a similar material life when they are in 40s or 50s.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24909513976196782302021-11-21T10:07:01.944-05:002021-11-21T10:07:01.944-05:00//ලංකාව යම් විදියකින් මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනු...//ලංකාව යම් විදියකින් මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට තවත් වසර 10ක පමණ කාලයක් මීට වඩා අමු කට්ටක් කන්න වෙන බවත් CBSL ගවනර් අජිත් නිවාඩ් කබ්රාල් මෑතකදී ලංකාවේ ආර්ථික මූල්‍ය විශ්ලේෂකයන් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද?//

තවත් වසර 10ක පමණ කාලයක් කට්ටක් කන්න වෙනවා කියන එක ඇත්ත. මොකද දැන් IMF ගියත් වැඩේ අනලා තිබෙන තරමේ හැටියට ගොඩ දාන්න අවුරුදු 10ක්වත් යනවා. IMF වැඩ සටහනෙන් ගැලවී නැවත පෙර මෙන් පිස්සු කෙලින්න පුළුවන්කමක් ලැබෙනු ඇත්තේ ඉන් පසුවයි.

//"මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට ලංකාවට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ"//

පුළුවන්නම් ඉතාම හොඳයි. හැබැයි ඔහොම පුළුවන් කියලා අත ගහලා වැඩේ අනාගත්තට පස්සේ IMFම යන එකයි බොහෝ විට සිදු වී ඇත්තේත්, සිදු විය හැක්කේත්. "අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්" කිවුවට වැඩක් නැහැනේ. මොකක්ද ඔය කියන වැඩසටහන? හදන්නේ කවුද කියන එක නෙමෙයි ප්රශ්නය වැඩසටහන මොකක්ද කියන එකයි.

//මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව.//

මේක ඇත්ත. ලංකාවට සුදුසු ආර්ථික වැඩපිළිවෙලක් හැදිය හැකි අය ලංකාවේ ඉන්නවා. වැඩපිළිවෙලෙහි අඩුපාඩු නැත්නම් IMF එකට වුවත් එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

//IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා.//
මේ ප්‍රකාශය සමඟ එකඟයි.

//ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්.//

අමාරුවක් නැත්නම් ඉස්පිරිතාලේ යා යුතු නැහැ. කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන් කියන ප්‍රකාශය අගයා බලන්න වෙන්නේ අනාගතයේදී.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25585009854611903392021-11-21T09:47:48.075-05:002021-11-21T09:47:48.075-05:00දිගු ලිපියක්නේ, ඇනෝ. හොඳ ලිපියක් වුවත් ඔය හැම දෙයක...දිගු ලිපියක්නේ, ඇනෝ. හොඳ ලිපියක් වුවත් ඔය හැම දෙයක් ගැනම පුළුල්ව කතා කරන්න ඉතා දිගු ලිපියක් හෝ ලිපි මාලාවක් ලියන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42902504464325405702021-11-21T09:43:38.294-05:002021-11-21T09:43:38.294-05:00//"විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා...//"විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි.//

පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කළ එවක විපක්ෂය වූ වත්මන් ආණ්ඩුව ජනතාවට වඩා හොඳ විකල්පයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළා. ඒ නිසා, පසුගිය ආණ්ඩුව අමාරුවේ වැටුණා. දැන් මේ ආණ්ඩුව IMF ගොස්, පසුගිය ආණ්ඩුව කළ දේවල්ම කරන්න ගියොත් මේ ආණ්ඩුව ඔවුන් විසින්ම කාලයක් තිස්සේ කපා ඇති වලේ වැටෙනවා. ඒ නිසා "ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි" කියන ප්‍රකාශය මේ ආණ්ඩුව හා අදාළව නිවැරදි ප්‍රකාශයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61343225974636885402021-11-20T09:30:00.461-05:002021-11-20T09:30:00.461-05:00(these days). (these days). Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73451971352864993292021-11-20T09:29:34.506-05:002021-11-20T09:29:34.506-05:00Econ, I am helping a stranded American Women in SL...Econ, I am helping a stranded American Women in SL tehse day. This is what her Aunt sent to me. (Only a part of an email)

It is true how the world views people who live in the United States without realizing the abject poverty and violence that many (possibly the majority) live here especially women and children who are still without complete protections and human rights. People actually starve to death here, die frozen on door steps, and suffer homelessness. Women pay for any mistake more harshly than men. These things have always been here but hidden behind a fairy story which the world believes. More disturbing is a certain class of people here believe the fairy tale or knowingly hide behind the lie or deny what is in front of their eyes.//

It is true that there are those that live a seemingly affluent material life but they pay for it through heavy debt and often low wages. Those who are a economic level above that do truly have privileged lives just like other places in the world.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91734825414047999292021-11-20T09:17:35.813-05:002021-11-20T09:17:35.813-05:00ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත...ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය මේ අවස්ථාවේ දී අනවශ්‍ය බවත්, ලංකාව යම් විදියකින් මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට තවත් වසර 10ක පමණ කාලයක් මීට වඩා අමු කට්ටක් කන්න වෙන බවත් CBSL ගවනර් අජිත් නිවාඩ් කබ්රාල් මෑතකදී ලංකාවේ ආර්ථික මූල්‍ය විශ්ලේෂකයන් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද?

අ.නි.ක: "මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට ලංකාවට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ",

අ.නි.ක. මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ;

"IMF එක අපේ තරහාකාරයෙක් නෙමෙයි. IMF එකත් එක්ක අපිට කිසි ගැටළුවක් නැහැ. අපි යම් අවස්ථාවක දී තාක්ෂණික සහායන් ඒ අයගෙන් ලබා ගන්නවා. ඒ වුණාට අපි ඒ අයගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕන නැහැ කියලා තමයි අපි කියන්නේ. අපි දැනට අපේ රටේ ඕන තරම් සාක්ෂරතා දියුණුවක් වෙලා තියෙනවා. අපිට තොරතූරු තියෙනවා. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ."

"අපේ රට ගැන වොෂිංටන් නගරයෙන් කෙනෙක් ඇවිල්ලා සති දෙකක් ඒ දිහා බලලා, ඒ පිළිබඳ තීරණයක් ගන්න එකද අපිට වැඩිය සුදුසු, නැත්නම් මේ රටේම, මේ රටට වගකියන අය කරන එකද සුදුසු කියලා අපි මුලින්ම තීරණය කරන්න ඕන. මම මීට පෙර IMF සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරද්දී කියලා තියෙනවා, "For you this is a case study", ඔබට ශ්‍රී ලංකාව කියන්නේ ඔබ ලියන රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් ඒත් එහෙමයි. ඔබතුමා ඒ රිපොර්ට් එක ලියලා. පස්සේ කාලෙක ඔබතුමාගේ CV එක ලියද්දී මේ රිපෝර්ට් එක ලිව්වා කියලා කියයි. අපිට එහෙම නෙමෙයි. මේක අපේ රට. මේක අපේ ආර්ථිකය, මේක අපේ මිනිස්සු. කාටද වැඩි කැක්කුමක් තියෙන්නේ. මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව."

"දෙවෙනි එක අපි දේශපාලනිකවත් මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. රට කැළඹෙන්න දෙන්න බැහැ. රටේ කීර්තිනාමය හානිවෙන්න දෙන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, ණය පැහැර හැරියාම ඒකෙන් වෙන විපාක කොච්චර දරුණු ද කියලා. IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා. ඒ අවුරුදු 10 දී අපේ තරුණයන්ට අපි මොනවාද කියන්නේ? රුකියාවන් නැතුව ඉන්න කියලාද කියන්නේ? ඒ නිසා credibility කියන එක එන්නේ අපේ කරන ක්‍රියාවන්වලින්. IMF ආවා කියලා credibility එකක් එන්නේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ රටේ කැළඹීමක් ඇති වෙනවා නම් මොන credibility එකක් තිබුණත් එතනින් වැඩක් වෙන්නේ නැහැ. අපිට මේවා පුරුදුයි. මේවා ගැන සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්."

මේ අදහස් ගැන ආර්ථික විද්‍යාත්මකව ඔබට එකඟ විය හැකිද? නැත්නම් මේ අදහස් වල ඇති වැරැදි අඩුපාඩු මොනවාද? මේ ගැන පෝස්ට් එකක් දමා කරුණු සහිතව විස්තර කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18028988511690886182021-11-19T10:39:03.747-05:002021-11-19T10:39:03.747-05:00මේ කතාව මට තේරුම් ගන්න අමාරුයි මේ ගැන පැහැදිලි කිර...මේ කතාව මට තේරුම් ගන්න අමාරුයි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඔබගේ ඊළඟ පෝස්ට් එකට මේ කතාව ඇසුරින් ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් වෙයි නේද?

https://economynext.com/why-sri-lankas-rupee-is-in-crisis-dragging-the-economy-down-bellwether-87690/#modal-oneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36329735284389951462021-11-19T09:52:30.744-05:002021-11-19T09:52:30.744-05:00//ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය ...//ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය අංශයක් මත පදනම්ව නිසා ඔවුන් IMF වෙත යාමට අකමැති එබැවින් ද//

ඔව්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83480855979218939472021-11-19T09:34:15.076-05:002021-11-19T09:34:15.076-05:00එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල්...එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ හෝ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන පරිදි උද්ගතව ඇති එක්සත් ජනපද ඩොලර් හිඟය පියවා ගැනීමට මේ මොහොතේ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්නේ දැයි ‘කළ විමසුමකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැති බව පැහැදිලි වුණා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස අවධාරණය කළේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක් කරමින්, කබ්රාල් කබ්බාට අනුව ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදු වෙනවා. එම කොන්දේසි ජනපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දරන ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම රටත් ජනතාවත් දිනවන ප්‍රතිපත්ති මාලාවට, එය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට බාධා පමුණුවන ඒවා විය හැකි බවත් එවැනි බාධාකාරි කොන්දේසිවලට යටත්ව IMF වලින් ණය ගැනීමට ලංකාවේ ආණ්ඩුව සූදානම් නැති බවයි අධිපතිවරයා සඳහන් කළේ. මේක ගැන හිතන්නේ මොකද?

කබ්බගේ වචන වලින් "විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි. අපේ රටේ ජාතික ආරක්ෂාව, ජනතා සුබසාධනය, සංවර්ධනය ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සාර්ථක කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා රටේ ආර්ථිකයේ දැවැන්ත අභියෝගයක් අපට එල්ලවී තිබෙනවා. එය කෙතරම් අභියෝගාත්මක උවත් ජාතික ආරක්ෂාව පාවාදීමට හෝ ජනතා සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල් කප්පාදුවකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා එවැනි කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමටයි අපගේ සූදානම. බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීමයි අපේ ඉලක්කය. ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා අප විවිධ පියවර ගෙන තිබෙනවා. මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීමටයි අපි ඉලක්ක කොට තිබෙන්නේ. අපේ අරමුණ සහ විපක්ෂයේ අරමුණ අතර වෙනස එයයි. ඔවුන් සෑම දේටම IMF වෙත ගියත්, අප එසේ කටයුතු කරන්නේ නැහැ."

"ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී විශාලම ණයක් ලබාගත්තේ වසර 2008 – 2014 කාලයේ, එවකට ජනාධිපතිවරයා වූ වත්මන් අගමැතිවරයා එදා මුදල් අමැතිවරයායි. එතුමා වෙනුවෙන් රජය නියෝජනය කරමින් IMF සමඟ ණය ලබාගැනීමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ මමයි. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතායි. ඒ නිසා අපට IMF වෙත යෑමට බණ කියන පිරිසට වඩා අප ඔවුන් සමඟ කරුණු කතිකා කරගෙන තිබෙනවා. ඒ සියලු අත්දැකීම් යොදාගෙන තමයි අපි මෙවැනි තීරණයකට එළැඹ තිබෙන්නේ. අපේ අරමුණ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව කිව යුතුයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මංගල අය වැය කතාවෙන් මේ බව ඉතා පැහැදිලිව රටටත් ජනතාවටත් ප්‍රකාශ කළා."

මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? මේ වැඩේ හරි යාවිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48988193115304769252021-11-19T09:20:04.634-05:002021-11-19T09:20:04.634-05:00ඉකොනො,
ඔබ මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකද කියලා කියන...ඉකොනො,

ඔබ මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකද කියලා කියන්න;

https://www.facebook.com/headlinenewslk/videos/159699243013250/

මේ කියන දේ ඇත්ත මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනිවාර්යයෙන්ම ලංකාවේ රජයට දැඩි බලපෑමක් එල්ල කරනවා, ඒ දැඩි කොන්දේසි රාශියක් සමගින්, ඒ වගේම ආණ්ඩුව කුඩා කරනව කියන්නෙ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය හෙවත් පෞද්ගලික ව්‍යවසායකයන්ට විකුණනව කියන එක.

කොහොම හරි එයාලගෙ ප්‍රධානම කොන්දේසිය තමයි රුපියල අවප්‍රමාණය කිරීම. ඒ අනුව ඩොලර් එකක් රුපියල් 300 ක් විතර හෝ ඊට වඩා වැඩි වෙනවා ලේසියෙන්ම. ඒ වගේම IMF එකට ගියාම ඒ අයගේ කොන්දේසි මාලාවකට යටත් විය යුතුයි. සාමාන්‍යයෙන් ප්‍රධානතම කොන්දේසිය තමා ආණ්ඩුව කුඩා කිරීම. ලංකාවේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලංකාවේ ජාතික ආයතන වල, පළාත් සභා සහ අනෙකුත් රජයේ ආයතන වල සිටින බව ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන්නේ ලංකාවේ දේ භශපාලනඥයින්ගේ සමීපතම අයට ඉහළ පෙළේ වැටුප් සහිත තනතුරු දීම සහ පහළ ආධාරකරුවන්ට රැකියා අවස්ථා සඳහායි මෙපමණ ප්‍රමාණයක් යොදවා ඇත්තේ කියා. නමුත් ලංකාවේ උග්රලෙස රැකියා විරහිත තරුණ තරුණියන් බිහිවුණු නිසා බරපතල විදිහට තරුණ අසහනය මෝදු වෙමින් රටේ තරුණ කැරැලි දෙකක් දකුණේත් තව එකක් උතුරේත් ඇතිවූ විට ඊට පිළිතුරු වශයෙන් 1990 දශකයේ පමණ සිට විශාල වශයෙන් රාජ්‍ය ආයතන වලට, යුධ ගුවන් නාවික හමුදා නිලධාරීන් පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින්, වෙනත් සියලු අංශ වලට රජයේ සේවයට මිලියන එක හමාරක් පමණ දෙනා බඳවා ගැනීම සහ රජයේ විශ්ව විද්‍යාල වලින් වසරකට පිටවන 35,000 ක් විතර වෙන අයගෙන් භාගයක් පමණ පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ අයට රජයේ පරිපාලන කටයුතු වල රැකියා අවස්ථා ලබා දෙනවා. කෙසේ නමුත් IMF හිතන්නේ වෙනස් ආකාරයකට නිසා ඒ අනුව IMF යෝජනා කරාවි මේ රජයේ සේවකයන් සහ අනෙකුත් අනවශ්‍ය බවට ඔවුන් සිතන වෙනත් රජයේ සේවකයන්ව ඉවත් කරන ලෙස සහ රටේ ආදායමක් නොලබන පාඩු ලබන දෙපාර්තමේන්තු වසා දමන ලෙස අපට අණ කරාවි. විශේෂයෙන්ම හොඳින් සකස් කරපු විගණන වාර්තා පෙන්විය යුතුයි. මුදල් වියදම් කිරීම දැඩි ලෙස සීමා කර ඉතා ඉහළ සහ ප්‍රායෝගික නොවන තරමට විනිවිදභාවයකින් යුතු විය යුතුයි. ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය අංශයක් මත පදනම්ව නිසා ඔවුන් IMF වෙත යාමට අකමැති එබැවින් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51508439013037476122021-11-16T15:06:27.204-05:002021-11-16T15:06:27.204-05:00මැරුනත් IMF යන්නෑ...!මැරුනත් IMF යන්නෑ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8899096084652349402021-11-15T16:35:46.554-05:002021-11-15T16:35:46.554-05:00//. අතීතයේ කළ දේවල් පිළිබඳ අවංක ස්වයං විවේචනයක් ප්...//. අතීතයේ කළ දේවල් පිළිබඳ අවංක ස්වයං විවේචනයක් ප්‍රසිද්ධියේ කළොත් ජවිපෙ ජවිපෙටම එරෙහිව යන නිසා ඉතිරි වී සිටින කාඩර් එක තියා ගන්න බැරි වෙනවා. එසේ නොකර පුළුල් ජනතා සහයෝගයක් ලබා ගන්නත් අමාරුයි. // හරියට හරි . මට තියෙන්නෙත් ඔය අදහසම තමයි .//එවැනි අවස්ථාවක් ජවිපෙට කලකට පෙර ලැබුනත් (මන්ත්‍රීධුර 41) ඒ වෙලාවේ ආපු රැල්ලට ජවිපෙ බය වුනු එකයි වුනේ. දැන් වුනත් අවිඥානිකව ජවිපෙ සාමාජිකයා ප්රජාතන්ත්රවාදී ලෙස බලය ලැබෙනවට බයයි. ප්රජාතන්ත්රවාදී ලෙස බලය ලැබුනොත් ජවිපෙට තවදුරටත් ජවිපෙ විය නොහැකියි.// සුපර්බ් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53813712667311038622021-11-15T16:33:53.165-05:002021-11-15T16:33:53.165-05:00ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමනම් සිදු ව...ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමනම් සිදු වෙයි. නමුත්, ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්න සුවවෙයිද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74500238134030403692021-11-15T16:31:52.046-05:002021-11-15T16:31:52.046-05:001. ආදායම් ඉලක්ක ප්‍රායෝගිකද? කිසිසේත්ම නැහැ. හැබැය...1. ආදායම් ඉලක්ක ප්‍රායෝගිකද? කිසිසේත්ම නැහැ. හැබැයි එසේ ඉලක්ක කිරීම වුවත් නරක නැහැ.
2. රජයේ ආදායම් ඉහළ නංවා ගත යුත්තේ කෙසේද? මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයකට සරල පිළිතුරක් නැහැ.
3. විදේශ ආයෝජන ලංකාවට ඇවිත් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? එය තීරණය වෙන්නේ එන විදේශ ආයෝජන මොනවාද කියන එක මතයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27092035315208703902021-11-15T16:27:19.980-05:002021-11-15T16:27:19.980-05:00එජාප සාමාජිකයින් මරන්න කලින් මුලින්ම මැරුවේ ජවිපෙ ...එජාප සාමාජිකයින් මරන්න කලින් මුලින්ම මැරුවේ ජවිපෙ හැර අනෙකුත් වාමාංශික පක්ෂ වල අයවනේ. එල්ටීටීඊ එක කරපු දෙයම තමයි. ඒ දවස් වල කරපු දේවල් නිසා දැන් ජවිපෙට දිගින් දිගටම පන්න පන්නා ගහන්න අවශ්‍ය නැහැ. දැන් ජවිපෙට නැවත එවැනි තැනකට යාමේ හැකියාවක්ද නැහැ. නමුත් ඔය අතීත උරුමය කර පින්නාගෙන ජවිපෙට පසුපසට මිස ඉදිරියට යන්න අමාරුයි. අනුර කුමාර "අපි අතිනුත් වැරදි වෙලා තිබෙනවා" කියලා කියන්නේ ඒ සන්දර්භයේ. හැබැයි එසේ කියන ගමනුත් කියන්නේ "අපිව මිනී මරන තැනට තල්ලු කළා කියලයි". එයින් ගම්‍ය වෙන්නේ "අපිව මිනී මරන තැනට තල්ලු කළ නිසා ඒ මිනී මැරීම් සාධාරනයි" කියන එකයි. මෙය නියුරම්බර්ග් නඩු විභාගය වැනි අවස්ථා වලදී ලෝක මට්ටමෙන් ප්‍රතික්ෂේප වී තිබෙන අදහසක්. පක්ෂයේ අතීතය නිසා ජවිපෙ ඉදිරියට යා නොහැකි උගුලක හිර වෙලා ඉන්නේ. අතීතයේ කළ දේවල් පිළිබඳ අවංක ස්වයං විවේචනයක් ප්‍රසිද්ධියේ කළොත් ජවිපෙ ජවිපෙටම එරෙහිව යන නිසා ඉතිරි වී සිටින කාඩර් එක තියා ගන්න බැරි වෙනවා. එසේ නොකර පුළුල් ජනතා සහයෝගයක් ලබා ගන්නත් අමාරුයි. යම් හෙයකින් කවර හෝ හේතුවක් නිසා ජවිපෙට ජවිපෙ නොවන 5-10%කගේ සහයෝගයක් ලැබුණොත් ඒ මත හිටගෙන ජවිපෙට ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් ජවිපෙට කලකට පෙර ලැබුනත් (මන්ත්‍රීධුර 41) ඒ වෙලාවේ ආපු රැල්ලට ජවිපෙ බය වුනු එකයි වුනේ. දැන් වුනත් අවිඥානිකව ජවිපෙ සාමාජිකයා ප්රජාතන්ත්රවාදී ලෙස බලය ලැබෙනවට බයයි. ප්රජාතන්ත්රවාදී ලෙස බලය ලැබුනොත් ජවිපෙට තවදුරටත් ජවිපෙ විය නොහැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30061813239923206452021-11-15T15:59:33.774-05:002021-11-15T15:59:33.774-05:00එකොන් ජවිපෙ විසින් මුලින් තමන්ගේ මුලින් හිටි අය ම...එකොන් ජවිපෙ විසින් මුලින් තමන්ගේ මුලින් හිටි අය මරා දමමින් තමා අරගලය පටන් ගත්තේ. එනිසා පුරන් අප්පු කතාව විහිළුවක්. එකොන් මේ කියන දෙයට එකඟයි. ප්‍රශ්නේ ජවිපෙ සාමාජිකයන් ගෙන් බහුතරයක් මේවා පිලි නොගැනීමයි. ඔවුන් සමග වැඩ කිරීමට ඒක ලොකු බාධාවක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69202338312261732132021-11-14T12:54:10.014-05:002021-11-14T12:54:10.014-05:00මේ කුඩා වීඩියෝ clip එකේ වජිර අබේවර්ධන පවසන්නේ 19 ව...මේ කුඩා වීඩියෝ clip එකේ වජිර අබේවර්ධන පවසන්නේ 19 වන සංශෝධනය සමග ලංකාවේ Westminster System එකට සමාන ආකාරයේ අගමැති මූලික කරගත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වූ බවයි, මේක ඇත්ත ද?

https://www.facebook.com/NewsCenterLka/videos/4407391022641701/?app=fbl

ඒ වගේම 2019 මැද භාගයේ දී ජවිපෙ සහ වෙනත් කුඩා පක්ෂ වල සියලු දෙනා එකතු කරගෙන යම් කිසි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු තෝරාගෙන ඔහු වෙනුවෙන් පෙනී සිට කටයුතු කළා නම් 2019 එජාපයේ සංධානය විසින් ආණ්ඩු බලය අත්පත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතුව ලංකාවේ දැනට පවතින අර්බුද සියල්ලටම පාහේ විසඳුම් සොයා ගැනීමටත් ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගැනීමටත් හැකියාව තිබුණු බව පේනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60831545722626021392021-11-14T10:46:31.693-05:002021-11-14T10:46:31.693-05:00ඉකොන්, ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් ...ඉකොන්, ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ, එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙස, පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා වුණා.

ඒ වගේම 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ නමුත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතුණු අතර 2015 දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 දී 5.3%ක් දක්වා අඩුවුණේ අයවැයේ ප්‍රාථමික ශේෂය 2018 වසරේ දී රුපියල් බිලියන 21.4 ක් විතර අතිරික්තයක් බවට පත්වූ නමුත් 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,550ක්ද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,400ක් ලෙස ගණන් බලා තිබුණාට රජයේ සැබෑ ආදායම් වුණේ රුපියල් බිලියන 1,890 ක් පමණයි. 2017 සහ 2018 වසරවල දී ද රජය අධික ලෙස බදු වැඩි කරපු එකෙන් ආර්ථිකය සංකෝචනය වී ආයෝජන අඩු වෙලා අපේක්ෂිත රුපියල් බිලියන 2200 ක් විතර බදු ආදායම් වෙනුවට රුපියල් බිලියන 1700 - 1800 අතර ආදායමක් පමණයි ලැබුණේ. උදාහරණයක් විදියට 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගියේ 2016 එම කාල වකාවනුව තුළ එම ආදායම වූයේ රුපියල් බිලියන 1333 ක් පමණයි එසේ ම එම මාස දහයක කාලය තුළ රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වූ නමුත් 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය වියදම 2016 වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1,881 ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2,060 ක්, රජයේ ආදායම 2018 දී බිලියන 2,025 ක් විතර සහ 2019 දී බිලියන 2,464 දක්වා 22%කින් වැඩි වන බවට ඇස්තමේන්තු කර තිබුණා නමුත් ඇත්තටම ලැබුණේ නැහැ යාන්තමට 2018 බිලියන 1890 ක් විතරයි.

නමුත් ලංකාවේ සහ ඇමරිකානු යුරෝපීය රටවල් ප්රමුඛ සමස්ත ලෝකයේම ආර්ථිකය ඉතාමත්ම හොඳින් පැවති 2017 සහ 2018 දී ආදායම වැඩි වුණේ කලින්ට වඩා 5%ක් පමණයි නම් ඊටත් වඩා දුෂ්කර වන 2021/22 දී ආදායම 22%කින් වැඩි වෙනවා කියන්නේ කොහොමද? මොකද ඛනිජතෙල් මිල පවා තවදුරටත් වැඩි වෙනවා කියා ආණ්ඩුවම පුරෝකථනය කරනවා.

ඇත්තටම ආණ්ඩුවට ලැබිය හැක්කේ උපරිම බිලියන 2,100 පමණ ආදායමක් පමණයි. ඊටත් වඩා අඩු වේවි, ආදායම බොරුවට වැඩි කරලා පෙන්වන්නේ අයවැය පරතරය අඩුවෙන් පෙන්වලා ණය ගැනීම් අඩුවෙන් පෙන්වන්නයි. මේ අයවැයත් මංගල සහ රවීගේ විගඩම් වගේම තවත් එකම ණය උගුලක්.

මේවන විටත් ලංකාවේ පවතින සමාජ ආර්ථික තත්ත්වය තුළ මෙවර අය වැයෙන් කිසිම විදිහකින් සහන අපේක්ෂා කළ නොහැකියි, එසේ වුවත් වැඩිවන ජීවන වියදම හා අඩු වූ ආදායම් හමුවේ දැඩි ලෙස හෙම්බත්ව සිටින ලංකාවේ ජනතාව යම් ලෙසකින් හෝ සහන අපේක්ෂා කරති. භාණ්ඩ හා සේවා මත බදු තවත් බදු පැනවීම් සිදුකර රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට සුදුසු පරිසරයක් අද ලංකාවේ කිසිසේත්ම නැහැ. එසේ නම් රජයේ ආදායම් ඉහළ නංවා ගත යුත්තේ කෙසේද?

විදේශ ආයෝජන ලංකාවට ඇවිත් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21517742499398411832021-11-14T09:32:32.922-05:002021-11-14T09:32:32.922-05:00සංකීර්ණ සාධක ගණනාවක් මත තීරණය වන දෙයක් නිසා මේ ගැන...සංකීර්ණ සාධක ගණනාවක් මත තීරණය වන දෙයක් නිසා මේ ගැන පුරෝකථන කරන්න අමාරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47271255997722523852021-11-14T09:31:08.616-05:002021-11-14T09:31:08.616-05:00විශ්‍රාමිකයන් ආකර්ෂණය කර ගැනීම ලංකාවේ විදේශ විණිමය...විශ්‍රාමිකයන් ආකර්ෂණය කර ගැනීම ලංකාවේ විදේශ විණිමය ප්‍රශ්නයට හොඳ විසඳුමක්. ශ්‍රමික ප්‍රේෂණ වලට සාපේක්ෂව මෙහි අවදානම අඩුයි. ඒ සඳහා, ලංකාව විශ්‍රාමිකයන්ට ප්‍රසස්ථ තැනක් විය යුතුයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77378203518079018212021-11-14T09:28:27.138-05:002021-11-14T09:28:27.138-05:00මම මේ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි විශේෂඥයෙක් නෙමෙය...මම මේ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි විශේෂඥයෙක් නෙමෙයි. මෙහි නීතිමය වරදක් ඇතැයි මම හිතන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59031200419583035432021-11-14T09:26:23.796-05:002021-11-14T09:26:23.796-05:00ඔව්. රුපියල් වලින් හා/හෝ ඩොලර් වලින් ගත යුතු ණය ප්...ඔව්. රුපියල් වලින් හා/හෝ ඩොලර් වලින් ගත යුතු ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම එපමණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32944662809246268732021-11-14T08:15:37.854-05:002021-11-14T08:15:37.854-05:00ඒ කියන්නෙ මේ පාරත් ප්ලස් කරගත්තත් තවත් ඩොල්ර්ර් බ...ඒ කියන්නෙ මේ පාරත් ප්ලස් කරගත්තත් තවත් ඩොල්ර්ර් බිලියන 13ක් ණය ගන්න ඕන?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87721264260039698642021-11-14T07:50:01.840-05:002021-11-14T07:50:01.840-05:00ඉකොන්,
මේ කියන විදිහට පෝට් සිටි එක හරහා ලංකාවේ ආ...ඉකොන්,

මේ කියන විදිහට පෝට් සිටි එක හරහා ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 13.8 ක් පමණ එකතු කරන්න පුළුවන් වෙයි ද? ඩුබායි වල ජබෙල් අලි FTZ කලාපයේ පමණක් ඩොලර් බිලියන 100 ක් විතර GDP එකක් තියෙනවා, චීනයේ ෂෙං ශෙං වගේ නම් මීටත් වඩා ගොඩාක් විශාලයි, තව සිංගප්පූරුව හොංකොං වගේ ඒවාත් මීට සමාන ආකාරයේ විශාල වෙළඳ නගර, ඒ හා සමාන විදිහට මේක දියුණු කරන්නත් පුළුවන් වෙයි ද?

https://island.lk/port-city-colombo-project-to-add-13-8-bln-usd-to-sri-lankan-economy-pwc/

නමුත් මෑත කාලීනව චීනය හා ලංකාව අතර පැවති දැඩි විරෝධය සහ මතභේද ඇතිවීම නිසාත් 2019 අග භාගයේ ඇමරිකානු පුරවැසියන් ලංකාවේ නායකත්වයට පත් කර ගත් පසු ලංකාව වේගයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ සහ ඉන්දීය ඔඩොක්කු කුක්කකු (lap dog) වෙමින් පවතින බවත් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වන නිසා චීනය මේ ව්‍යාපෘතිය අත්හරින්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට නේද? ඒ නිසා බොහෝ විශේෂඥයින් පවසන්නේ මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්න අමාරු බවයි ලංකාවේ විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇමරිකානු ගැති දුර්වල බියසුලු කළමනාකරණය සහ සෙවල විදේශ ප්‍රතිපත්තිය නිසා චීනය අත පුච්චා ගන්නට එන එකක් නැහැ කියලා කියන්නේ. කතාව ඇත්ත තමයි නේද? මේ ගැන තව දුරටත් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.com