tag:blogger.com,1999:blog-3221129106341750825.post2314003960581229093..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නෙවිල් මුදලාලිගේ ලාබ Unknownnoreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3221129106341750825.post-58520796131527918172017-07-26T13:11:06.951-04:002017-07-26T13:11:06.951-04:00//සහතියක් පමණක් උවමනාවූවිට ආයතනයට උවමනා අඩු වියදමක...//සහතියක් පමණක් උවමනාවූවිට ආයතනයට උවමනා අඩු වියදමකින් හා වැඩි ලාබයකින් සහතිකය දීමට. ශිෂ්‍යයාට හා දෙමව්පියන්ට උවමනා අඩු වියදමිකින්,අඩු කාලයකින්,ඉතාම ලේසියට, රිපීට් වෙන්නැතුව සහතිකය.//
ඔබ කියන දේ සමඟ එකඟයි. නමුත්, සහතිකය සොයන්නේ එහි ආර්ථික වටිනාකමක් ඇති නිසයි. සහතිකයෙන් කළ හැකි දෙයක් නැත්නම් එය කඩදාසියක් පමණක් වෙනවා. බටහිර වෛද්‍යවරුන් තරඟකාරීන් සමඟ (දේශීය වෛද්‍යවරුන් වැනි) තරඟ කරන්නේම නම පසුපසට එකතු කරන අකුරු වලින් නිසා (මෙය කියන්නේ නිශේධනාත්මක අර්ථයකින් නෙමෙයි) ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරුන්ගේ නම් පසුපසට මේ අකුරු එකතු වීම සියල්ලන්ටම ප්‍රශ්නයක් වෙන එක ඇත්ත. එය නියාමනය මඟින් පාලනය කළ නොහැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. අනික් අතට සහතිකය ලබාගෙන යමෙක් වෛද්‍යවරයෙකු ලෙස කටයුතු නොකර ඉන්නවනම් (ගෙවා තිබෙන්නේ තමන්ගේ මුදල්නම්) එයින් කාටවත් සිදුවන හානියක් නැහැ.

//අපේ රටෙහි ආර්ථික තත්වය අනුව අපිට දරන්ඩ පුළුවන් වෛද්‍යවරු ගණන කොපමනද කියාය.//
මෙය තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළයුතු දෙයක් නොව වෙළඳපොළ විසින් තීරණය කළ යුතු දෙයක්. කොපමණ මුදලක් ගෙවුවත් අදත් මට ලංකාවේ වෛද්‍යවරයෙකුව appointment එක දෙන වෙලාවට හමු වෙන්න බැහැ. පැය ගණනක් රස්තියාදු වෙන්න ඕනෑ. ඇමරිකාවේ හෝ එංගලන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. වෙන කිසිවක් නැතත් මේ සරල දේ මඟින් පමණක් වුවද පෙන්වන්නේ දැනටනම් ලංකාවට වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවයි. වෛද්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නිසා වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වෙන්න සෛද්ධාන්තික ඉඩක් තිබෙනවා. කලා පීඨ වලින් රැකියා විරහිත උපාධිධාරීන් විශාල ලෙස බිහි කළා වගේ. අනාගතයේ රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවීමට නියමිත පිරිස හා රජයේ රෝහල් වල ඇති පුරප්පාඩු ගණන් ආදිය ගැන වැඩි හැදෑරීමක් නොකර මේ ගැන බරපතල ප්‍රකාශයක් කරන්න අමාරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28241507773410606322017-07-26T12:50:08.406-04:002017-07-26T12:50:08.406-04:00//අධ්‍යාපනය ගැන ලෝක පිළිගත් මතවාදය//
ඔබ කියන Artic...//අධ්‍යාපනය ගැන ලෝක පිළිගත් මතවාදය//
ඔබ කියන Article 26 මම දේව වාක්‍යයක් මෙන් සලකන්නේ නැහැ. නමුත්, එය ලෝක පිළිගත් මතවාදය කියන එකේ වැරැද්දක් නැහැ. එහි කියන්නේ පහත කරුණු.
-මූලික අධ්‍යාපනය අනිවාර්ය හා නොමිලේ විය යුතුයි
-කුසලතාවය මත පදනම්ව උසස් අධ්‍යාපනය සඳහා සියල්ලන්ට සමාන අවස්ථා ලබා දිය යුතුයි
-දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීම දෙමවුපියන්ගේ අයිතියක්

මෙහි පදනම වන්නේ කිසියම් දරුවෙකු ඉපදෙන සමාජ ආර්ථික පදනම එම දරුවාගේ තෝරාගැනීමක් නොවීමයි. ඒ නිසා වැඩිහිටියෙකු නොවූ දරුවෙකුට අවස්ථා සීමා වනවානම් එහි වැරැද්දක් තිබෙනවා. ඒ වගේම දරුවෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන් විසින් තීරණ ගැනීමේ පදනම එයයි. විශ්ව ප්රඥප්තියේ නැතත් දරුවන්ට ආහාර, සෞඛ්‍ය වැනි දේත් කිසියම් අවම මට්ටමකින්වත් ලැබිය යුතුයි කියා මම හිතනවා. ඒ තමන් ඉපදෙන තැන ඔවුන්ගේ තෝරාගැනීමක් නොවන නිසා. කෙසේ වුවත්, මෙසේ නොමිලේ බෙදා දීම සඳහා සම්පත් නොමිලේ ලැබෙන්නේ නැහැ. මේ පිරිවැය UN එකෙන් දරන්නෙත් නැහැ. පිරිවැය දැරිය යුත්තේ එක් එක් රටවල ආදායම් උපයන මිනිසුන් විසින්. එය ඔවුන් තමන්ගේ කැමැත්තෙන් කළ යුතු දෙයක්.

ඔබ කියා ඇති පරිදිම, කෙනෙකුගේ "ජාතිය, ලිංගිකත්වය, ආගම, භාෂාව කුලය, සමාජ පසුබිම, දෙමව්පියන්ගේ රැකියාව, ආර්ථික හා සංස්කෘතික කරුණු අනුව" උසස් අධ්‍යාපන අවස්ථා තීරණය නොවිය යුතුයි. ඒ නිසා, කෙසේ හෝ පාඨමාලා ගාස්තුව ගෙවන්නට සූදානමින් සිටින (බැංකු ණය ගැනීමෙන් හෝ දේපොළක් උගස් තැබීමෙන් වැනි අයුරකින් කියමු) කුසලතාවය ඇති අඩු ආදායම් පවුලක සිසුවෙකු වෙනුවට කුසලතාවය අඩු "රෙඩි කෑෂ්" ගෙවන වැඩි ආදායම් සිසුවෙකු සයිටම් එකට තෝරා ගන්නවානම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකියි. (ලංකාව වැනි රටක එහෙම දේවල් වෙන්න පුළුවන් තමයි) ඒ හැර තමන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය හේතුවෙන් කිසියම් තේරීමක් කරන්න නොහැකි වීම අධ්‍යාපනයේ හැම අදියරකදීම සිදුවන සාමාන්‍ය දෙයක්. අධ්‍යාපනය මුදල් අය නොකර ලබා දුන්නත්, අනිවාර්ය කළත් එය වලක්වන්න බැහැ. මේ ගැන වැඩි පැහැදිලි කිරීම් සහිතව ඉදිරියේදී පෝස්ට් එකක් දමන්න ඉන්නේ.

//ඔවුන් වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය නිරතුරුවම numerus clausus( closed number ) කියන මූලධර්ම මත පාලනය කරනවා. මෙම පාලනයට විවිධ හේතු තියෙනවා.
1. සිසුන් ප්‍රායෝගිකව පුහුණු කිරීමට ඇති සීමිත රෝහල් හා අනෙකුත් සීමිත පහසුකම්.
2. වෛද්‍යය අධ්‍යාපනයට අධික ලෙස වියදම් කිරීමට සිදුවීම.
3. අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට. රැකියා නොමැති වෘත්තිකයින් සෑදිමට රටෙහි මුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් හා ඉතා දීර්ඝ පාඨමාලාවකට අනවශ්‍ය ලෙස සිසුන් ඇතුළු කිරීමෙන් රටෙහි ආර්ථිකයට නරක ලෙස බලපෑම් කිරීම.//

ඔබේ ලැයිස්තුවේ ඇති ඉහත කරුණු අතරින් "අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට" කියන එක හැර ඉතිරි සියල්ල ප්‍රශ්නයක් වෙන්නේ රජයේ වෛද්‍ය පීඨ හා අදාළවයි. සයිටම් එක නිසා ඒ එක දෙයක්වත් වෙන්නේ නැහැ. සයිටම් වලින් රටට ලැබෙන වාසිය ලෙස මම දකින්නේ ඒකයි.

"අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම" කියන කරුණ ගත්තොත්, මුදල් අය කරන වෛද්‍ය පීඨ නිසා එය සිදුවෙන්න කිසිම හැකියාවක් නැහැ. ලබාගන්නා උපාධිය ගෙවන මිලට නොවටිනා තරමට සැපයුම වැඩි වූ වහාම මුදල් අය කරන වෛද්‍ය පීඨයකට ඇති ඉල්ලුම අඩු වෙනවා. වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි විය හැක්කේ නොමිලේ අධ්‍යපනය ලබා දීමේදී පමණයි. වසර ගණනක සිට ලන්ඩන් AL වැනි විභාග සමත් අයට ඩොලර් 60,000ක පාඨමාලා ගාස්තුවක් ගෙවා ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළු විය හැකි බව ඔබ දන්නවා ඇතිනේ. පුරප්පාඩු ගණනින් 4.5% දක්වා මේ ක්‍රමයට පිරවීමට වෙන් කර ඇතත් සැබෑවටම පිරවී තිබෙන්නේ එයින් අඩක් පමණයි. එයින් පෙනෙන්නේ අවස්ථා තිබූ පමණින්ම මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් නොපැමිණෙන බවයි. මෙයට සයිටම් විරෝධීන් කියන නවක වද භීතිකාව වැඩි දේ මෙන්ම, ඔබ කියන සයිටම් වලට සාපේක්ෂව විභාග සමත්වීම අසීරුවීම වැනි දෙවර්ගයේම කරුණු හේතු වෙනවා ඇති.

පෞද්ගලික වෛද්‍ය පීඨ නිසා ගුණාත්මක භාවය අඩුවෙන්න ඉඩ තිබෙන බව ඇත්ත. නියාමනය මඟින් එය පාලනය කළ හැකියි. ඔබ කියන numerus clausus මඟින් බොහෝ දුරට අපේක්ෂා කරන්නේ ස්වභාවික ඉල්ලුම ඇති ප්‍රමාණයටම වෛද්‍ය සැපයුම වැඩි වෙන්න ඉඩ නොදී, ගුණාත්මකභාවය සමතුලිත මට්ටමට වඩා තරමක් ඉහළින් තබා ගැනීමයි. එසේ කිරීමේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. එය කරන්න සයිටම් අහෝසි කළ යුතු නැහැ. කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය පිළිබඳ වාස්තවික නිර්ණායක *වෛද්‍යවරුන් විසින් එකතු වී* හැදීමයි.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5676024392730292752017-07-26T11:29:42.634-04:002017-07-26T11:29:42.634-04:00//මම විශ්වාස කරන්නේ විවියක ගුණාත්මක භාවය මැනීමට......//මම විශ්වාස කරන්නේ විවියක ගුණාත්මක භාවය මැනීමට...//
ඔබ ඉදිරිපත් කරන නිර්ණායක ගැන මගේ පෞද්ගලික විරුද්ධත්වයක් නැත. විවියක ගුණාත්මක භාවය මැනීම අසීරු හා සංකීර්ණ කටයුත්තකි. මගේ ප්‍රකාශය පදනම් වූයේ සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාල/ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී බොහෝ විට භාවිතා වන නිර්ණායක මතය. උදාහරණයක් ලෙස USNews නිර්ණායක පහත දැක්වේ. මේවා හොඳම හෝ එකම නිර්ණායක කියා මා කියන්නේ නැත.

https://www.usnews.com/education/best-graduate-schools/articles/medical-schools-methodology?int=a6e809

//මෙය ඔබ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබදව කරුණු අධ්‍යයන කිරීමෙන් තොරව දේශපාලකයන් මෙන් සමහර කරුණු පමණක් බලා කරන ප්‍රකාශයක්//
මෙයද වැරදි ප්‍රකාශයක් නොවේ. ඔබ පහලින් ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි බව මට විශ්වාස කිරීම අපහසු නැත. එහෙත්, එසේ විශ්වාස කළද ඔබ ඔබේ දැනුම මත ඉදිරිපත් කරන කරුණු මත මට සංසන්දනාත්මක විග්‍රහයක් කළ නොහැකිය. කිසියම් ශ්‍රේණිගත කිරීමක් සඳහා තොරතුරු හොයන බාහිර පුද්ගලයෙකු විසින් බොහෝ විට එය කරන්නේ තමන්ට ලබා ගත හැකි සම්මත මූලාශ්‍ර වල ඇති කරුණු මතය. එහි අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඔබ ඉදිරිපත් කරන සංකීර්ණ කරුණු සියල්ල සලකමින් වඩා හොඳ සංසන්දනයක් කිරීම අදාළ සියලු දත්ත ලබා ගැනීමේ හැකියාව ඇති, එය තමන්ගේ වෘත්තීය වූ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරුන් වැනි අය විසින් කළ යුතු කාර්යයකි. (ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව පෞද්ගලිකව මගේද ශාස්ත්රාලීය උනන්දුවක් ඇතත් එවැනි දෙයකට යොමු නොවන්නේ අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගත නොහැකි බැවිනි.)

//සමහරු ඔවුන්ට විවි දී සිටින විට chair එකට ලැබුණු මහාචාර්ය කියන නාමය භාවිතා කරනවා.// සමහර අයට (විශේෂයෙන්ම රජයේ වෛද්‍ය පීඨ වල) මහාචාර්ය තනතුරු ලැබීමේ පදනම ගැන මට ගැටළුවක් තිබුණේය. ඔබේ කරුණු දැක්වීම එය පැහැදිලි කරයි. මහාචාර්ය තනතුරු දීමේදී සයිටම් නිර්ණායක රජයේ වෛද්‍ය විද්‍යාල වල නිර්ණායක වලට වඩා වෙනස් බවට ඔබ කරන ප්‍රකාශය පිළිගැනීමට මට අපහසුවක් නැත.

//බහුතරයකට ගුණාත්මකභව අවශ්‍යනම් ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඔවුන්ට යෑමට අවශ්‍ය මුදල( ඔවුන් කියන විදිහට ඔවුන්ගේ සුදුසුකම් ඉතා හොඳනම්) ඔවුනට ගැටලුවක් නෙවෙයි.//
මුදල් තිබුණා කියා මේ අයට ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඇතුළු වීමට නොහැකි බව අප දෙදෙනාම දන්නා පැහැදිලි කරුණකි. (රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළු වන අයගෙන් විශාල පිරිසකටද මුදල් තිබුණත් එසේ ඇතුළු වීම පහසු නොවනු ඇත.) එහෙත්, ඔවුන්ට ඇතුළු විය හැකි වෙනත් වෛද්‍ය විද්‍යාල නැතැයි මා සිතන්නේ නැත. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝ වෙනත් දකුණු ආසියාතික රටක කිසියම් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට සයිටම් සිසුන් වැඩි ගණනකට හැකියාවක් ඇති බව මගේ අදහසයි. ඔවුන්ගේ තීරණයට බොහෝ කරුණු හේතුවන අතර ගුණාත්මක භාවය ඒ අතරින් එකකි. අනිත් කරුණු සියල්ලම නොවෙනස්ව ඇත්නම් ගුණාත්මක භාවය වැඩි තැනට ඉල්ලුම වැඩි වේ.

//සහතිකය උවමනා අරමුණ විවිධයි. එය නිවරැදිවම කිය හැක්කේ එහි සංයුතිය අධ්‍යයන කිරීමෙන්. නමුත් එයින් ඉතාම තීරණාත්මක හා වැදගත් කොටසකට නම් එය උවමනා වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට නොව එය දේශපාලන ආභරණයක් කර ගැනීමට සහ දේශපාලනයේ උඩට නැගීමට.//
එවැනි කිසියම් පිරිසක්ද සිටින බවට ඔබ පළ කරන අදහසට මගේ විරුධත්වයක් නැත. ඉතා සීමිතව වුවත්, රජයේ වෛද්‍ය පීඨ වලද එවැනි අය සිටි බව අප දෙදෙනාම දන්නා කරුණකි. නීති ක්ෂේත්රයේ එවැනි අය විශාල පිරිසක් සිටිති.

//මොකද ඔවුන් තමා එම අංශ පිළිබදව කිසිම අවබෝධයක් නැතිව අනාගතයේ අපේ රටේ එම අංශවල සංවර්ධන ක්‍රියා මාර්ග පිළිබදව නීති සැකසීමට නියමිත.//
මෙය කිසියම් දුරකට මෙලෙස සිදුවිය හැකි වුවත් එය නරක දෙයක් කියා මා සිතන්නේ නැත. උදාහරණයක් ලෙස "බාල" වෛද්‍ය උපාධියක් කොහෙන් හෝ ලැබූ කෙනෙක් අටපාස් කෙනෙකුට වඩා සෞඛ්‍ය ඇමති ධුරයට සුදුසු බව මගේ අදහසයි. එවැන්නෙකු තමන්ගේ උපාධිය ගැන අධි තක්සේරුවක සිටිමින් "පණ්ඩිත වැඩ" කරන්නට ඉඩ ඇති බව ඇත්තකි. එහෙත්, එවැන්නෙකුගේ තීරණයක ඇති වැරැද්ද පෙන්වා දීම අටපාස් කෙනෙකුට එය පෙන්වා දෙනවාට වඩා පහසුය. නීති සකසන්නන් හිතුමතේට ක්‍රියා කිරීම ලංකාවේ ක්‍රියාත්මක වන ප්රජාතන්ත්රවාදයේ ප්රශ්නයකි. සයිටම් තිබීම හෝ නැතිවීම මත ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79523574895788024962017-07-25T22:54:35.974-04:002017-07-25T22:54:35.974-04:00දිගු පිළිතුරක් ලිවීමට කාලය වැය කිරීම ගැන ඉතාම ස්තු...දිගු පිළිතුරක් ලිවීමට කාලය වැය කිරීම ගැන ඉතාම ස්තුතියි! ඔබේ අවසන් පිළිතුරු බැඳීම කියා කියා තිබෙන නිසාත්, දිගින් දිගටම විශාල කාලයක් යොදවමින් නැවත නැවත මෙහි ප්‍රතිචාර දක්වන්න ඔබව පෙළඹවීම අසාධාරණ නිසාත් පහළින් ලියා ඇති හැම දෙයක් ගැනම කතා කරන්නේ නැහැ. අවශ්‍යයයි හිතුනොත් පසුව කරුණු කිහිපයක් ගැන පමණක් වැඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

//නමුත් පහත තිබෙන සමහර කරුණු සමග මම එකග වන අතර, සමහරකට විරුද්ධයි.//
ඔබේ උඩම කමෙන්ටුවේ ඇති ලැයිස්තුවේ # ලකුණු දමා ඇති කරුණු අතරින් ඔබ එකඟ නොවන ඒවා මොනවාද කියන එක පැහැදිලි නැහැ. මේ කරුණු වැඩි ගණනක් facts. ඔබ එකඟ නොවන ඒවා කිවුවොත් අදාළ මූලාශ්‍ර ඉදිරිපත් කළ හැකියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11596376242897408292017-07-25T21:29:50.875-04:002017-07-25T21:29:50.875-04:00# වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පු...# වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පුරප්පාඩු ගණනට තරඟ කරන ඉහත අවම සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් ගණන 25,000 ඉක්මවයි. ඒ නිසා, ඉහත වෛද්‍ය පීඨ අටෙන් එකකට ඇතුළු වීමේ අවස්ථාව හිමිවන්නේ ආසන්න වශයෙන් අයදුම්කරුවන්ගෙන් 5%කට පමණි.#

අනිත් අතට ලංකාව ආර්ථික අතින් වර්ධනය නොවුනොත් අපි දැන් ඉන්නේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට හැකි උපරිමයට ලංවී.

අනිත් කරුණ ඔබ නිතර කියන නිපුණත්වය ගැනත් හා තරඟය තුලින් සේවාවක ගුණාත්මකභාවය වැඩිවෙනවයි කීමත් විවාදිතයි. මෙයත් වෛද්‍ය පුහුණුවට යෙදෙන විට පසුගාමි සමාජයක ප්‍රායෝගිකව සිදුවෙන්නේ සිද්ධාන්තවල විස්තර කරන ආකාරයට නෙවෙයි. හොඳම උදාහරණය ඉන්දියාව.
නිපුණත්වය අතවශ්‍යම වන රැකියාත් තිබෙනවා. ජනප්‍රියම උදාහරණය වන ගුවන් යානා නියමු පුහුණුව එවැන්නක්. මොකද ඔහුගේ ජීවිතයත් එම පුහුණුව මතම රඳා පවතින නිසා.
නමුත් වෛද්‍ය පුහුණුවෙන් පසු බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ රස්සාවක් සඳහා සහතියක්. ලංකාවෙ බහුතරයක් මොන්ටිසෝරි පුහුණුවෙනුත් බලාපොරොත්තු වෙන්නෙත් සහතිකයක්. ඒකයි ඔවුන් එය තැපෑලෙන් ඉගෙන ගන්නේ.
පුහුණුවෙන් පසු සහතිකයක් බලාපොරොත්තු වෙන පාඨමාලා තරඟයට යොමු කලවිට වෙළදපොල තුල හැසිරෙන විදිහ සාමාන්‍ය සමාජයක සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් සමහර රැකියා එසැනින්ම නියාමනයට ලක්වෙනවා , විවිධ තලයන් තුල. නමුත් වෛද්‍ය වෘත්තිය හැසිරෙන ආකාරය හා නියාමනය වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. මම හිතන්නේ සියලුම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිලිගන්නා රටවල් මේ පිලිබදව අධ්‍යනය කර තියෙනවා.

සහතියක් පමණක් උවමනාවූවිට ආයතනයට උවමනා අඩු වියදමකින් හා වැඩි ලාබයකින් සහතිකය දීමට. ශිෂ්‍යයාට හා දෙමව්පියන්ට උවමනා අඩු වියදමිකින්,අඩු කාලයකින්,ඉතාම ලේසියට, රිපීට් වෙන්නැතුව සහතිකය. හා ඔයා apply කරන්ඩ ඔයාගෙ ආර්ථික විද්‍යා දැනුම. ඒකයි විවාහවූ ළමයි පවා ඉතා වෙහෙසකර පාඨමාලාවක් SAITM හි ඉගන ගන්නේ. එතකොට ආයතන දෙකක් අතර තරගය වැඩිවූ විට ගුණාත්මකබව තව අඩු වෙනවා. ඉන්දියාවෙදි සිදුවූයේ සම්පූර්ණයෙන්ම මේ සිදුවීම. පොඩ්ඩක් කල්පනා කරන්ඩ ලංකාව ඉන්නේ දූෂණය හා වංචාව අතරින් ඉන්දියාවටත් වඩා පහල තැනක.

# සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් කළොත් සිදුවන යහපත හෝ අයහපත කුමක්ද?#

මේ ගැන නෙවෙයි අපි රටක් විදිහටයි හිතන්න ඕන. අපේ රටෙහි ආර්ථික තත්වය අනුව අපිට දරන්ඩ පුළුවන් වෛද්‍යවරු ගණන කොපමනද කියාය. අපි හිතන්න උවමනා අපේ රට මීට ඉස්සරහට ගැනීමට හැකි ක්‍රියා මාර්ග කුමක්ද කියායි. මම ඇමෙරිකාව බලවත් රාජ්‍යයක් බවට පත් කිරීමට මූලික වූ ප්‍රධාන පීතෘවරු සත් දෙනාගෙන් කනෙක් වන ජෝන් ඇඩම්ස් 1780 දී ලියන ලද ලිපියකින් අවසන් කරන්නම්. ' අද මම දේශපාලනය හා යුද්ධය ඉගෙන ගත යුතුව ඇත. එයින් මගේ පුතුන් ගණිතය හා දර්ශණය ඉගෙනගැනීමට අවශ්‍ය නිදහස ලබාගනු ඇත. මගේ පුතුන් ගණිතය, දර්ශනය, භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, නාවික ඉංජිනේරු විද්‍යාව, නාවික ශාස්ත්‍රය, වාණිජ්‍ය හා කෘෂිකර්මය ඉගෙන ගත යුත්තේ ඔවුන්ගේ පුතුන්ට චිත්‍ර ශිල්පය, කාව්‍ය ශාස්ත්‍රය, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කලාව සහ ගෙත්තම් කලාව ඉගෙනගැනීමේ අයිතිවාසිකම් හිමිකර දෙනු පිනිසය.' මෙයින් ඔහු අවධාරණය කරන්නේ පලමුව දේශපාලන වශයෙන් ස්වාධීන හා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීමයි. දෙවනුව එසේ ගොඩනගන රාජ්‍යය ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමයි. තුන්වෙනුව එම සමාජය සංස්කෘතික වශයෙන් පොහොසත් දියුණු සමාජයක් බවට පත් කිරීමයි.
අපේ අවාසනාව කියන්නේ අපිට ඒ වගේ දැක්මක් ඇති නායකයන් හා නිලධාරින් නැති කමය.
HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17378577901880984082017-07-25T21:28:24.243-04:002017-07-25T21:28:24.243-04:002. ඔබගේ න්‍යායාත්මක විග්‍රහය
මෙයට පිවිසීමට පෙර අධ...2. ඔබගේ න්‍යායාත්මක විග්‍රහය

මෙයට පිවිසීමට පෙර අධ්‍යාපනය ගැන ලෝක පිළිගත් මතවාදය ගැන විමසමු. ලෝකය පිළිගන්නවා උසස් අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබද විශ්වීය ප්‍රකාශණයට අනුව අධ්‍යාපනයේ නිදහස කියන්නේ අධ්‍යාපනය හැදෑරීම සෑම අතින්ම නිදහස්ව, කිසිම බාදා කිරීමකින් තොරව, දක්ෂතාවය, හැකියාව, උත්සාහය, කැපවීම සහ සාධාරනත්වය මත පමණක්ම සිදුවිය යුතු බවයි. එය කෙනෙකුගේ ජාතිය, ලිංගිකත්වය, ආගම, භාෂාව කුලය, සමාජ පසුබිම, දෙමව්පියන්ගේ රැකියාව, ආර්ථික හා සංස්කෘතික කරුණු අනුව තීරණය නොවිය යුතුයි.

ඔබ නම් කරන නව ලිබරල් ආර්ථිකය ක්‍රියාත්මක කරන සියලුම රටවල් මෙය උල්ලංගනය නොකිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අපේ රටෙත් අධ්‍යාපනයේ නිදහස සාධාරණව ක්‍රියාත්මක උවහොත් මම හිතන්නෑ කවුරුවත් විරුද්ධ වේයැයි කියා.

# සයිටම් යනු ලංකාවේ ඇති සියලු ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සැලසෙන අමුතු යහපතක් නැත. එහෙත්, සිදුවන අයහපතක්ද නැත. එහෙත්, සීමිත පිරිසකට එයින් යහපතක් සැලසේ. එය වැළැක්වීමේ කිසිදු සාධාරණත්වයක් නැත.#

මෙය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මෙයින් රටෙහි සීමිත පිරිසකට යහපතක් කිරීමට ගොස් රටෙහි සමස්ත ජනතාවගේම මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංගනය කරයි. එයට රටෙහි සියලුම ජනතාව විරුද්ධ විය යුතුයි හා එය වැලැක්වීමට සියලුම සංවිධාන එකට එකතු කල යුතුයි. කවුරු හෝ එය කුහක කමැකයි කියා නම් කලොත් ඔහුගේ හෝ ඇයගේ මානසික තත්වය පරික්ෂා කල යුතුයි.

දෙවනුව ඔබ සෛද්ධාන්තික කරුණු මත වෛද්‍යය අධ්‍යාපනය පහදන්ට යනවිට මට මතක් වෙන්නේ උසස් පෙලදි ඉගෙන ගත් ස.උ.පී. දි කියන අවස්ථාව. බොහෝ නියමයන් අපි යොදන්නේ එහෙම උපකල්පනයක් කරලා. ඔබේ වෙළද පොල නියමයන් වෛද්‍ය අධ්‍යාපනයට යොදනකොටත් ඒ වගේම දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන්, බලපෑම්වලින් හා ඇඟිළි ගැසීම් වලින් තොර පාලනයක් හා ඒවට අනුබල නොදෙන සමාජයක් සිටිය යුතුයි කියා යෙදිය යුතුයි. මම එහෙම ලිච්චවී පාලනයක් සහිත කේතුමති පුරයක් බලාගෙන සිටිමි.
ඔබ ඉල්ලුමට අනුව සැපයුම තුලනය වෙනවයි කියන ඔබ අදහන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටවල් අයත් OECD සංවිධානයේ වෛද්‍යය අධ්‍යාපනය පිළිබද දත්තවලට අනුවනම් ඔවුන් අනුගමනය කරන්නේ වෙනත් ක්‍රම වේදයන්. ඔවුන් වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය නිරතුරුවම numerus clausus( closed number ) කියන මූලධර්ම මත පාලනය කරනවා. මෙම පාලනයට විවිධ හේතු තියෙනවා.
1. සිසුන් ප්‍රායෝගිකව පුහුණු කිරීමට ඇති සීමිත රෝහල් හා අනෙකුත් සීමිත පහසුකම්.
2. වෛද්‍යය අධ්‍යාපනයට අධික ලෙස වියදම් කිරීමට සිදුවීම.
3. අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට. රැකියා නොමැති වෘත්තිකයින් සෑදිමට රටෙහි මුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් හා ඉතා දීර්ඝ පාඨමාලාවකට අනවශ්‍ය ලෙස සිසුන් ඇතුළු කිරීමෙන් රටෙහි ආර්ථිකයට නරක ලෙස බලපෑම් කිරීම.

එම රටවල් වල වෛද්‍ය අධ්‍යාපනයට වසරකට එකතු කරන සිසුන් ගණන හා මුළු සිසුන් ගණන අධ්‍යයනය කලොත් ලංකාව සිටින තැන නරක නැති බව ඕනෑම ආර්ථික විශේෂඥයෙකුට තේරෙනවා ඇති.
HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78786592743049662872017-07-25T21:25:24.217-04:002017-07-25T21:25:24.217-04:00සිසුන්ගේ අරමුණු විවිධයි. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු ...සිසුන්ගේ අරමුණු විවිධයි. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වෙන දේත් විවිධයි. පැහැදිලිවම මුදල් ඔවුන්ට ( සයිටම් සිසුන්ට හා දෙමව්පියන්ට) ගැටලුවක් නෙවෙයි. මොකද මෙයට වඩා අඩුවට ඔවුන්ට සහතිකය වෙන පිටරට විවි වලින් ලබා ගත හැකියි. ඒ වගේම බහුතරයකට ගුණාත්මක භව අවශ්‍යතාවයක් නෙවෙයි. මොකද ඔවුන් දන්නවා මෙහි අඩුපාඩු සහ මෙහි පිලිගැනීමක් නැති බව ඇතුලත් කිරීමට පෙරම.අනික බහුතරයකට ගුණාත්මකභව අවශ්‍යනම් ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඔවුන්ට යෑමට අවශ්‍ය මුදල( ඔවුන් කියන විදිහට ඔවුන්ගේ සුදුසුකම් ඉතා හොඳනම්) ඔවුනට ගැටලුවක් නෙවෙයි.
එමනිසා ගුණාත්මකභාවය පහත වැටීම මම හිතන්නෑ සිසුන් හා දෙමව්පියන් ලොකුවට හිතනවා කියා. ඔවුනට උවමනා සහතිකයක්. නමුත් එහි රටේ පිළිගත්බාවය බලෙන් තමා ලබා ගන්ඩ හදන්නේ.
සහතිකය උවමනා අරමුණ විවිධයි. එය නිවරැදිවම කිය හැක්කේ එහි සංයුතිය අධ්‍යයන කිරීමෙන්. නමුත් එයින් ඉතාම තීරණාත්මක හා වැදගත් කොටසකට නම් එය උවමනා වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට නොව එය දේශපාලන ආභරණයක් කර ගැනීමට සහ දේශපාලනයේ උඩට නැගීමට. දැනටමත් එහෙම කොටසක් නීති, වෛද්‍ය සහ අනිකුත් අංශවල සිටින අතර එය තමා රටෙහි අනාගතයට දරුණුවටම බලපාන්නේ. මොකද ඔවුන් තමා එම අංශ පිළිබදව කිසිම අවබෝධයක් නැතිව අනාගතයේ අපේ රටේ එම අංශවල සංවර්ධන ක්‍රියා මාර්ග පිළිබදව නීති සැකසීමට නියමිත.

HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27459085828861059912017-07-25T21:23:40.816-04:002017-07-25T21:23:40.816-04:001. ගුණාත්මක භව
ඔයා මෙහෙම කියනවා.
#විශ්ව විද්‍යා...1. ගුණාත්මක භව

ඔයා මෙහෙම කියනවා.

#විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය මැනීමේදී ප්‍රධානම නිර්ණායකයක් වන්නේ එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. එයට අමතරව සිසුන්ගේ තත්ත්වයද සැලකිල්ලට ගැනේ. වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය පහත වැටීම මූලික වශයෙන්ම බලපාන්නේ එහි ඉගෙන ගන්නා සිසුන්ටය#

මම විශ්වාස කරන්නේ විවියක ගුණාත්මක භාවය මැනීමට
1. සිසුන්ගේ සුදුසුකම.
2. ආයතනයේ ගුණාත්මකභව-අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවය හා එහි සියලුම සම්පත්.
3. විභාගවල පාරදෳශ්යය බව හා ගුණාත්මක බව.

මා දන්නා හා අධ්‍යයන කර ඇති කරුණුවලට අනුව සයිටම්හි මෙම සියලුම අංශ ඉතාම දුර්වලයි. රජයේ විවි තුනක ගුණාත්මක භාවය ඉතාම පහළ අඩියක තිබෙන බව , විශේෂයෙන්ම සයිටම් වලටත් වඩා දුර්වලයි කීම බොහෝ දෙනෙක් කරන්නේ වෛද්‍යය අධ්‍යාපනය ගැන කිසිම දැනුමක් නොමැතිව. සමහරු වෙනත් යටි අරමුණු ඇතිව.
ගුණාත්මක භාවය පහත වැටීම සිසුන්ට බලපාන්නේ ඔවුන්ගේ අරමුණු අනුවයි. ඔබගේ උපකල්පනය සාමාන්‍යය පසුගාමී සමාජයක වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව නම් සිදුවීමට ඉතාම අඩු සම්බාවිතාවයක් තමයි තියෙන්නේ( ඔයා මෙහෙමත් කියනවා #කෙසේ වුවද ලංකාව වැනි රටක "හොර වෙද්දුන්ටත්" ඉල්ලුමක් තිබේ#). ඒ සම්බන්ධව මම පසුව කතා කරන්නම්.

#සයිටම් ආයතනය ආරම්භයේදී එහි පරිපාලකයින් විසින් සිය ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙන බව පැහැදිලිය. මේ අතින් සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ අඩු වශයෙන් යාපනය, රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට වඩා ඉදිරියෙනි.#
මෙය ඔබ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබදව කරුණු අධ්‍යයන කිරීමෙන් තොරව දේශපාලකයන් මෙන් සමහර කරුණු පමණක් බලා කරන ප්‍රකාශයක්.සාමාන්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ අවුරුදු පහෙන් තුනක්ම අපි ලබන්නේ රෝහලක ලෙඩුන් හා වෛද්‍යවරු සමගයි. ඉතින් ඉහත නම්කල විවි තුනේ රෝහල් තුන තුල consultants, acting consultants, senior registrar, registrar, SHO, HO වැනි විවිධ වෛද්‍යවරු විවිධ තලවල සිට සිසුන්ට පුහුණු වීම් කරනවා. මෙම පිරිස ඉතාම විශාලයි ඔබ නම් කල ශික්ෂණ රෝහල් තුනේ. උදාහරණයක් විදිහට අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුම 70 ක් පමණ සිටිනවා. ඔවුන් ඉගැන්වීම ගරු සේවයක් විදිහට කරන්නේ. කිසිම ගෙවීමක් නැහැ. සයිටම් රෝහලේ ලියා පදිංචි වෛද්‍යවරු ඉතාම සුළු ප්‍රමාණයක් තමයි සිටින්නේ. සයිටම්හි මම දන්නා කරුණක් කියන්නම්, මගේ බැචියක් විදේශ පුහුණුවට ගොස් එම රටේ නතර වුනා. නමුත් ඇගේ දියණිය එහි සිටීමට බැහැයි කී නිසා ඇය ලංකාවට පැමිණ සයිටම්වලට සම්බන්ධ වීමට බැලුවා. නමුත් ඔවුන් ප්‍රකාශ කලේ ඇගේ වාට්ටුවේ ඇය පමණක් සිටින බවත් සියලුම රෝගීන් ඇතුළත් කිරීමකදී ඇය මුලින්ම පැමිණ රෝගියා පරීක්ෂා කල යුතු බවත්ය. අපි මෙයට කියනවා first on call කියලා. සාමාන්‍යයෙන් රජයේ රෝහලක මෙය සිදුවෙන්නේ අනිත් පිළිවෙලටයි, HO, SHO, REGISTRAR, SR, ACTING CONSULTANT, CONSULTANT. එයින් පෙනෙන්නේ ඔවුන්ගේ සම්පත් දුර්වලතාවයයි. අනික අපි වෛද්‍යය විද්‍යාලයකදී කරන්නේ ඉතාම කාර්යක්ෂම HO වරයෙකු සැදීමට පුහුණු කිරීමයි. ඒ සදහා HO වරයෙකු වාට්ටුවේ සිටිය යුතුමයි.
අනිත් කරුණ නම් ආයතනයේ සම්පත් වලින් වෛද්‍යය විදුහලක තිබිය යුතු වැදගත්ම එක වන රෝගීන්. අනික රජරට, උතුර හා නැගෙනහිර රෝහල් අවුරුදු ගණනක් තිස්සේ විකාශණය වී, ලෝකයේ තිබෙන ඉහලම ශික්ෂණ රෝහලක සිටිය යුතු රෝගීන් විවිධත්වයකින් හා ඝනත්වයකින් යුතුව පවතින රොහල් තුනකි.
ආචාර්ය මණ්ඩලය ගැනත් එසේමයි. ඔවුන්ගේ ආචාර්යවරුන් බහුතරයක් - senior lecturer අපගේ විවි වලින් හෝ රෝහල් වලින් විශ්‍රාම ගිය පුද්ගලයින්. සමහරු ඔවුන්ට විවි දී සිටින විට chair එකට ලැබුණු මහාචාර්ය කියන නාමය භාවිතා කරනවා. සමහරුන්ට විශේෂයෙන්ම අපගේ රෝහල් වලින් විශ්‍රාම ගිය විශේෂඥ වරුනට සයිටම් ආයතනයම මහාචාර්ය තනතුර දීලා තියෙනවා. සමහරු තවම අපගේ රෝහල් වල වැඩ කරන නමුත් ඔවුන්ගේ දරුවන් එහි ඉගෙන ගන්නා වෛද්‍යවරු ඔවුන් එහි උගන්වන අතර ඔවුන්ටත් මහාචාර්ය තනතුරු දීලා තියෙනවා. අපගේ රජයේ විවි වල මහාචාර්ය තනතුරු දෙන ක්‍රියා පිලිවෙලක් තියෙනවා. සයිටම් වලට එහෙම කිසිම සම්ප්රදායක් නැහැ. අනිත් කරුණ මෙය විවි ශ්‍රේණිගත කිරීමට , විශේෂයෙන්ම පර්යේෂණ වලට වැදගත් මුත් එයින් ඉගැන්වීමට හා අධ්‍යාපනයේ ගුණාත්මක භව මැන බැලීමට යොදා ගැනෙන්නේ නැහැ.
ඔවුන්ගේ කණිෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය බහුතරයක් ලංකාවේ ලියා පදිංචි වෛද්‍යවරු නෙවෙයි.
HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21394952290911166982017-07-25T21:12:27.982-04:002017-07-25T21:12:27.982-04:00ඔයා ලිපි දමන වේගයට පිළිතුරු ලිවීමට විවේකයක් සොයා ග...ඔයා ලිපි දමන වේගයට පිළිතුරු ලිවීමට විවේකයක් සොයා ගැනීමට ඉතාම අපහසුයි. නමුත් මම පොරොන්දුවූ විදිහටම මේ සම්බන්ධව මගේ මතය ප්‍රකාශ කළ යුතුයි. මුලින් ලියූ ලිපි සහ අනිත් blog එකේ ලිපි සියල්ලටමත් උත්තර දීමට ගියොත් මටත් blog එකක් ලියන්ඩ වෙයි. මේ මගේ අවසාන පිළිතුරු බැඳීමයි.
ඔබ මෙය සම්පූර්ණ සත්‍යය කරුණු මතම පදනම්වී මධ්‍යස්තව ලිවීමට උත්සාහ කිරීම පිළිබදව මම සතුටු වෙනවා. නමුත් පහත තිබෙන සමහර කරුණු සමග මම එකග වන අතර, සමහරකට විරුද්ධයි. විශේෂයෙන්ම උසස් පෙළ විභාගය පිළිබදව ඔබ ඉදිරිපත් කරන වාර්තා, විවි ශ්‍රේණිගත කිරීම පිළිබදව, දිස්ත්‍රික් කෝටාව පිළිබදව කතා කල යුතුමයි. මොකද විවිධ මිත්‍යා විශ්වාස මේ සම්බන්ධව සමාජයේ තිබෙන නිසා.මෙයින් දිස්ත්‍රික් කෝටාව පිළිබදව ඔබගේ ගණනය ඉතාම විද්‍යානුකූලව පහදා තිබෙනවා. ඉංජිනේරුවරයෙකු ආර්ථික විශේෂඥ වරයෙකු වීමේ වැදගත්කම පේනවා.

# දැනට සිදුකර ඇති පර්යේෂණ අධ්‍යයන කිහිපයම පෙන්වා දෙන්නේ උසස්පෙළ ලකුණු වෛද්‍ය විද්‍යාල පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් බවයි.#

# ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම ඇති#

# ක්‍රීඩා හෝ කලා කටයුතු වල සුවිශේෂී දක්ෂතා දැක්වීම, ආබාධිතයෙකු වීම, ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වීම, විදේශ උපාධියක් ලබා තිබීම වැනි කරුණු සලකමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල පුරප්පාඩු වලින් 2.5%ක් පුරවන අතර සංඛ්‍යාත්මකව වසරකට 32කට ආසන්න පිරිසක් මෙවැනි අඩු පාරදෘශ්‍ය ක්‍රම වලින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වෙති.#

# මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටිය අනුව, වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සිසුන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ තනිකරම z-ස්කෝර් අගය මත පදනම්වය.#
# මේ සරසවි තුනට ඇතුළු වන මුළු වෛද්‍ය සිසුන් ගණනද 31.2%ක් නිසා එය දිස්ත්‍රික් ක්රමයේ වාසිය ලබන සිසුන් ප්‍රතිශතයේ උපරිම සීමාවයි. සැබෑ ගණන 20-30% අතර ප්‍රමාණයක් විය යුතුය.#
# පුරප්පාඩු සියල්ල දිස්ත්‍රික් පදනම නොසලකමින් z-ස්කෝර් අගය මත පමණක් පදනම්ව පිරවූයේනම් රජයේ කිසියම් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වන්නේ (මගේ ගණනය කිරීම් අනුව) 1.9285ක අවම z-ස්කෝර් අගයක් ලබාගන්නා සිසුන්ට පමණි.## දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි නොකළද තවත් වසර හත අටක් යන විට සරසවි ප්රවේශයේදී එහි බලපෑමක් නැති වී යන්නට ඉඩ තිබේ.#

නමුත් මට දීර්ඝ පිළිතුරක් ලිවීමට නොහැකි නිසා කරුණු දෙකක් ගැන විශේෂයෙන්ම ලිවීමට හිතුවා.

1. විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයේ ගුණාත්මක භාවය

2. ආර්ථික විද්‍යා මූල ධර්ම ආධාරයෙන් උසස් අධ්‍යාපනය ගැන ඔබ වැනි අපක්ෂපාති කෙනෙක් කරන විග්‍රහය. මෙය තමයි ඉතාම හානිදායක. මොකද රොහාන් සමරජීව කියනවට වඩා එය වෙනස්.
HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34751680643813228462017-07-15T19:04:40.005-04:002017-07-15T19:04:40.005-04:00දීර්ඝ ලිපියක්. සයිටම් පිහිටුවීම පිළිබඳව මට තද අදහස...දීර්ඝ ලිපියක්. සයිටම් පිහිටුවීම පිළිබඳව මට තද අදහසක් නැහැ. පිහිටෙව්වොත් එක යම් පිරිසකට හොඳයි. ඒ වගේම එංගලන්තය වගේ රටවලින් පවා ඉගෙන ගන්න එයි තත්වයෙන් උසස් නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81708734339427054982017-07-15T19:02:48.106-04:002017-07-15T19:02:48.106-04:00//දිස්ත්‍රික් කෝටා එක ආවෙ යාපනේ දෙමළ බහුතරයක් විශ්...//දිස්ත්‍රික් කෝටා එක ආවෙ යාපනේ දෙමළ බහුතරයක් විශ්ව විද්‍යාලෙ එන එක අඩු කරන්න. ඒත් ඒකෙන් අවාසිය වුණේ නගරබද විශේෂයෙන් කොළඹ දිස්තික්කයේ ළමයිට. ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඇවිත් ඉගෙන ගන්න ළමයිව අයත් වෙන්නෙත් කොළඹ ජනගහණයෙ කෝටා එකට. ඒත් ඒ අය ඇත්තටම පදිංචි වෙනත් දිස්ත්‍රික්කයක. දක්ෂ ළමයි ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඒම නිසා ඒ දිස්ත්‍රික්කවලින් ඉවත් වෙනකොට, ඒවල ඉන්න අදක්ෂයො දිස්ත්‍රික් කෝටා එකෙන් විශ්ව විද්‍යාලෙ යනවා. මේක අසාධාරණ ක්‍රමයක්, නමුත් කවුරුත් වෙනස් කරන්න යන්නෙ නෑ, දෙමළ ප්‍රශ්නෙ නිසා. //ශිස්යත්වය සමත්වෙලා එන ළමයින්ට පමණක් නොවේ, ඔය ක්රමයකොළඹ ඇති කිඩ පාසල් වල ළමයින්ටත් වුනේ අසාධාරණයක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87532350965708035072017-07-14T08:32:42.391-04:002017-07-14T08:32:42.391-04:00http://www.kdu.ac.lk/wp-content/uploads/2016/12/Fi...http://www.kdu.ac.lk/wp-content/uploads/2016/12/Final.pdf

හයවන පිටුව බලන්න. (අවසාන පිටුවට පෙර පිටුව)

ඔබට අවශ්‍ය තොරතුර ඉහත මූලාශ්‍රයේ තිබෙනවා. එහෙත්, මෙය මම දින කිහිපයකට පෙර කියවූ විස්තරාත්මක ලේඛණය නෙමෙයි. එය වෛද්‍ය උපාධිය සඳහා අය කරන ගාස්තු පමණක් තිබුණු හා විදේශ සිසුන් බඳවා ගැනීමට හේතුව විස්තර කෙරුණු වෙනත් ලියවිල්ලක්. දැන් සර්ච් කළාට එය හමුවන්නේ නැහැ.

ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86917905973466610302017-07-14T07:48:28.307-04:002017-07-14T07:48:28.307-04:00මම හිතන්නේ ඔබ කියන පළමු කරුණ ගම්පහ දිස්ත්‍රික්කයේ ...මම හිතන්නේ ඔබ කියන පළමු කරුණ ගම්පහ දිස්ත්‍රික්කයේ අවම z-ලකුණ පහත වැටීමට හේතු වෙනවා ඇති. මගේ උඩ දෙවෙනි කමෙන්ට් එකේ ඇති 50-55 අධි තක්සේරුවක් වන්නේ ඒ නිසයි. ඔබ කියන අයුරින් කොළඹට එන ගම්පහ සිසුන් ගම්පහම සිටියානම් ගම්පහ අවම ලකුණ දැනට වඩා වැඩි එකක් වන නිසා කොළඹ ලකුණ ඒ මට්ටමට වැටීම ගැන කතා කිරීම හොඳ සංසන්දනයක් නෙමෙයි. එසේ නොවුනානම් මෙය අතරමැද අගයකයි සෙට්ල් වෙන්නේ. මෙය අනෙක් දිස්ත්‍රික් වලටත් අදාළයි. දිස්ත්‍රික් ක්‍රමය නිසා වෛද්‍ය පීඨයට යන්න නොලැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් ගණන පිළිබඳ තක්සේරුවේ අවම හා උපරිම සීමා වන්නේ 33 හා 50. 33 කියන්නේ කොළඹින් යන දන්ත වෛද්‍ය පීඨ සිසුන් ගණන. 50 කියන්නේ එයට පශු වෛද්‍ය සිසුන් (17) එකතු කළ විට ගණන. කොළඹ දන්ත වෛද්‍ය අවම ලකුණ දිස්ත්‍රික් කෝටා නොතිබුණානම් තිබිය හැකිව තිබුණු වෛද්‍ය පීඨ අවම ලකුණට වඩා වැඩියි. ඒත්, පශු වෛද්‍ය අවම ලකුණ ඊට අඩුයි. මෙය ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්ක වලත් සිදු වෙනවා.

දෙවන කරුණත් වැදගත් කරුණක්. මෙයත් රට පුරාම සිදුවන දෙයක්. රටේ හැම දිස්ත්‍රික්කයකම වාගේ ප්‍රධාන නගරය හා ප්‍රත්‍යන්ත නගර අතර ඇති වෙනස්කම් දිස්ත්‍රික්ක අතර ඇති වෙනස්කම් වලට වඩා ගොඩක් වැඩියි. විශාලම අසාධාරණය තිබෙන්නේ එතැනයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70524994311734558522017-07-14T03:01:23.314-04:002017-07-14T03:01:23.314-04:00කොතලාවල වෛද්‍ය උපාධියේ පාඨමාලා ගාස්තු වල මිල සඳහන්...කොතලාවල වෛද්‍ය උපාධියේ පාඨමාලා ගාස්තු වල මිල සඳහන් කරන්න භාවිත කල මුලාශ්‍ර මොනවද ? ලිඛිත ඉලෙක්ට්‍රොනික මුලාශ්‍ර තිබෙනවද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61499357301781810892017-07-14T01:37:36.781-04:002017-07-14T01:37:36.781-04:00දිස්ත්‍රක් කෝටා ක්රමයේ බලපෑම ගැන වඩා හොඳ කොමෙන්ට්...දිස්ත්‍රක් කෝටා ක්රමයේ බලපෑම ගැන වඩා හොඳ කොමෙන්ට් එකක් දන්න තමයි එය ඉවත් කලේ නමුත් මට එයට වෙලාවක් නැතිව ගියා. අපි පදිංචි කොලඹ දිස්ත්‍රක්කයේ මගේ පුතා යන්නේ කොළබ ප්‍රධාන පාසලකට එයාගේ පංතියේ සෑහෙන ළමයි පිරිසක් ඉන්නවා කැළණි පාලමෙන් එහා පැත්තේ(ගම්පහ දිස්ත්‍රක්කය) පදිංචි ඒකට හේතුව ගම්පහට වඩා කොළඹ පාසල් "ජනප්‍රිය" වීම නිසා වෙන්න පුළුවන් . ඉතිං ඒ ළමයි කවදාහරි විශ්ව විද්‍යාලයට තෝරාගන්නා දවසට කොළඹ ළමයෙක් විදියට තමයි සැලකෙන්නේ.
කොළඹ, ගම්පහ කීවට අපි මතක තියා ගන්න ඕන මීරිගම චහේ අෑත නගර ගම්පහට අයිතිවෙන බවත් , පාදුක්ක , අවිස්සාවේල්ල වගේ සුළු නගර කොළඹට අයිතිවෙන බවත්. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92172684823428236102017-07-13T11:37:29.225-04:002017-07-13T11:37:29.225-04:00ඔබ කියන දේ මට පිළිගත හැකියි. සමහර වෙලාවට තමන්ගේ හෘ...ඔබ කියන දේ මට පිළිගත හැකියි. සමහර වෙලාවට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න සිදුවෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59291678565040139352017-07-13T11:33:59.588-04:002017-07-13T11:33:59.588-04:00ඔබ ඉවත් කළ ප්‍රතිචාරයේ ඇති කරුණ ගැන (එය තිබුණත් වර...ඔබ ඉවත් කළ ප්‍රතිචාරයේ ඇති කරුණ ගැන (එය තිබුණත් වරදක් නැහැ). මම මෙහිදී කතා කළේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 55% දිස්ත්‍රික් කෝටාව ගැන නෙමෙයි. ඔබ ඉවත් කළ කමෙන්ට් එකේ සඳහන් කර තිබුණු පරිදිම කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඒ කෝටාව පිළිවෙළින් 76ක් හා 75ක්. මේ පවතින ක්‍රමය අහඹු ක්‍රමයක් නිසා, ඒ ක්‍රමය මත තීරණය වන මේ සංඛ්‍යා ගැන කතා කිරීම එතරම්ම තේරුමක් නැහැ. මම උඩින් පළමුව කතා කළේ ලංකාවම 100%ක් කුසලතා ක්‍රමයට යාමට සාපේක්ෂව. දෙවනුව කතා කළේ (ඉගෙන ගන්නා පාසැල අනුව නොව) නියම පදිංචිය මත 100%ක් දිස්ත්‍රික් ක්‍රමයට යාමට සාපේක්ෂව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71152814304030131822017-07-13T11:13:28.739-04:002017-07-13T11:13:28.739-04:00මගේ බිරිඳ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිස...මගේ බිරිඳ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියක්. අවසන් වසරේ ඉන්නේ දැන්. ඒත් දැන් ඇය මාස 6 ක් තිස්සේ ගෙදර. ඇයගේ මිතුරු මිතුරියන් බොහොමයක් දෙනා මා දන්නා හදුනනවා. ඒ අනුව මා නිරීක්ෂණය කල දෙයක් තියෙනවා. එනම් කොළඹ නගරයේ පාසැල් වල අධ්‍යාපනය ලබා, දැන් රජයේ වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුවියන්, සිසුන් අති බහුතරය පුද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනවට විරුද්ධ නෑ. මගේ බිරිය උනත් සයිටම් විරෝධී රැස්වීම් වලට සහභාගී වී නිවසට පැමිණියාම මාත් එක්ක කියන්නේ අපේ ළමයෙක් උනත් මෙව්වට දාගන්න පුළුවන් නේද අනාගතයේ කියායි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17728113711255463862017-07-13T11:12:29.855-04:002017-07-13T11:12:29.855-04:00This comment has been removed by the author.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69999212842170300492017-07-13T10:38:25.458-04:002017-07-13T10:38:25.458-04:00//අඩුම ගන්නේ උන් ලංකාවේ ඉඳගෙන ලංකාවට සේවයක් කලොත් ...//අඩුම ගන්නේ උන් ලංකාවේ ඉඳගෙන ලංකාවට සේවයක් කලොත් ඒ සල්ලිවලින් අපිට ප්‍රතිලාභයක් ලැබේවි.//
ඇනෝ, ඔතන "උන්" සහ "අපි" කවුද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56305657315190765902017-07-13T09:57:16.656-04:002017-07-13T09:57:16.656-04:00"එසේ මහජන මුදල් වියදම් කළ යුතු ද?"
ඔව් එ..."එසේ මහජන මුදල් වියදම් කළ යුතු ද?"
ඔව් එය නම් ඇසිය යුතුම ප්‍රශ්නයක්.

අඩුම ගන්නේ උන් ලංකාවේ ඉඳගෙන ලංකාවට සේවයක් කලොත් ඒ සල්ලිවලින් අපිට ප්‍රතිලාභයක් ලැබේවි.
අනුවේ දශකයේ ඉංජිනේරු පාඨමාලාව තියන්න නම් සතයක්වත් රටේ සල්ලි වියදම් උනේ නැහැ නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79496818983986880592017-07-13T08:40:43.575-04:002017-07-13T08:40:43.575-04:00ඔබ කියන ගම්පහ සමඟ කරන සන්සන්දනයත් නරක එකක් නෙමෙයි....ඔබ කියන ගම්පහ සමඟ කරන සන්සන්දනයත් නරක එකක් නෙමෙයි. ඒ පදනම මත බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ 50-55 අතර ප්‍රමාණයකට වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව අහිමි වන බව කිව හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25304262920317210122017-07-13T08:36:27.965-04:002017-07-13T08:36:27.965-04:00ඔබේ තර්කය පදනම් වන්නේ සරසවි ප්‍රවේශය සිදුවිය යුත්ත...ඔබේ තර්කය පදනම් වන්නේ සරසවි ප්‍රවේශය සිදුවිය යුත්තේ දිස්ත්‍රික්කයේ ජනගහණ අනුපාතය අනුව යන්න මතයි. එසේ නැත්නම් දිස්ත්‍රික් කෝටා කියා දෙයක් අර්ථ දැක්විය නොහැකියි. කොළඹ දිස්ත්‍රික්කයේ ජන අනුපාතය ලංකාවෙන් 11.4%ක්. මේ පදනම මත සැලකුවොත්, වෛද්‍යපීඨ පුරප්පාඩු 144ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට හිමි විය යුතුයි. කොළඹින් වෛද්‍ය පීඨයකට තේරෙන ප්‍රමාණය 225ක් පමණ. මේ අයගෙන් 81කට වඩා පිටපළාත් වල අයනම් ඔබේ තර්කය නිවැරදියි. එය එසේ වෙන්න ඉඩ තිබෙන නිසා මේ පදනම මත බැලුවත් කොළඹට කිසියම් අවාසියක් වෙනවා. නමුත් අමතර දත්ත නැතිව ගණන නිවැරදිව ඇස්තමේන්තු කරන්න අමාරුයි. කුසලතා පදනම අනුව බැලුවොත් පවතින ක්‍රමය නිසා කොළඹ දිස්ත්‍රික්කයේ 33-50 අතර සිසුන් ප්‍රමාණයකට වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව නැති වෙනවා. මේ ගණන බොහෝ විට 40කට ආසන්න විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9664407954186249232017-07-13T08:10:51.729-04:002017-07-13T08:10:51.729-04:00ශිෂ්තත්වය සමත් වෙලා කොලඹට ඵන බහුතරයක් කූසලතා කෝටා...ශිෂ්තත්වය සමත් වෙලා කොලඹට ඵන බහුතරයක් කූසලතා කෝටා එකෙන් යනවා කියලා පිලි ගන්න අමාරුයි. සෑහෙන පිරිසක් දිස්ත්‍රික් ඡන අනුපාත කෝටා එකට තමයි අහුවෙන්නෙ. කොලඹ සහ ගම්පහ Z ලකුණු පරතරයක් බැලුවහම මේක පැහැදිලි වෙනවා.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89730462850074942592017-07-13T08:08:12.062-04:002017-07-13T08:08:12.062-04:00මෙහි වැරැද්ද තිබෙන්නේ සියලු දෙනාටම එකම වැටුප ලැබෙන...මෙහි වැරැද්ද තිබෙන්නේ සියලු දෙනාටම එකම වැටුප ලැබෙන ක්‍රමය තුළයි. වෘත්තීය සමිති නිසා සිදුවන්නේ සියලු දෙනාගේ සාමාන්‍ය ඵලදායීතාවයට (average productivity) සමාන වැටුපක් හැම කෙනාටම ලැබීමයි. එසේ නැතුව වැඩි වැටුප් ලැබීමක් නෙමෙයි. මෙය අඩු ඵලදායී අයට වාසි වුවත් (ගොඩක් වෘත්තීය සමිති නායකයෝ එවැනි අය) වැඩි ඵලදායී අයට අවාසියි. ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ අඩු වැටුප් වලටත් මෙය හේතුවක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com