tag:blogger.com,1999:blog-3221129106341750825.post4079426319811293190..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සබ්බේ භයන්ති මච්චුනෝ!Unknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3221129106341750825.post-60063033517177687372021-05-05T09:25:11.100-04:002021-05-05T09:25:11.100-04:00ඇල්බම් එක උන්ට ගෙනියන්න දුන්න එකාගෙ කලිසම පාත් කරල...ඇල්බම් එක උන්ට ගෙනියන්න දුන්න එකාගෙ කලිසම පාත් කරල පිටි අත්ලෙන් පාරවල් දහයක් ගහන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20755698455049622532021-05-05T09:10:02.211-04:002021-05-05T09:10:02.211-04:00ඉක්නමැට්ටාගෙන් නීති උපදෙස් ඕන පොඩි වැඩකට,
මම පහුග...ඉක්නමැට්ටාගෙන් නීති උපදෙස් ඕන පොඩි වැඩකට,

මම පහුගිය අප්‍රේල් මාසේ 29 වෙනිදා ලංකාවේ තිබුණ වෙඩිං එන්ගේජ්මන්ට් එකක ඡායාරූප අරගෙන සේරම පින්තූර මුද්‍රණය කරලා ඇල්බම් එක හදල ගෙදර තියලා තිබුණා. වැඩේට මම පොඩි ඇඩ්වාන්ස් එකක් විතරයි ගත්තේ.

අද උදේ මම වෙනත් ඡායාරූප ගන්න වැඩක් සඳහා ගිහින් හිටපු ගෙදර නැති වෙලාවක ඒ කපල් එක ඇවිත් සල්ලි නොදී මුද්‍රණය කළ ඇල්බම් එක අරගෙන ගිහින්. මම කෝල් එකක් දුන්නාම කියනවා ෆොටෝ ටික හරි නෑ ඒ නිසා ඉතුරු සල්ලි දෙන්න බෑ කියල. එතකොට මම කියුව එහෙනම් ඇල්බම් එක රිටන් කරන්න කියලා ඒකත් බෑලු. මේකට මම මොකද කරන්නේ? නීතිමය ක්‍රියාමාර්ග කරා යාමට හැකියාවක් ඇති නිසා මේකට කළ හැකි දේ මොනවාද?

ප.ලි. මේ අය ඒ පින්තූර ෆේස් බුක් එකේ දාල තියෙන්නෙ. මම තව දුරටත් ඔහුගේ ෆේස් බුක් කාලරේඛා බැලුවාම ඔහු උග්‍ර ලෙස ආණ්ඩුව විවේචනය කරන දැඩි ආණ්ඩු විරෝධී දේශපාලන අදහස් දරන අයෙක් බව පැහැදිලියි නමුත් මේක නීතිය ක්‍රියාත්මක කිරීමේදී මගේ වාසියට හරවා ගැනීමට හැකි වෙයිද? කරුණාකර මේකට උදවු කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17782367156913204002021-05-05T08:28:02.716-04:002021-05-05T08:28:02.716-04:00නිදී,
මේකේ තියෙනවා තොරණේ විස්තරය
https://m.face...නිදී,

මේකේ තියෙනවා තොරණේ විස්තරය

https://m.facebook.com/100001536295585/posts/2703189676408882/?sfnsn=mo&__tn__=R-RAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87260599186764815822021-05-05T05:06:17.680-04:002021-05-05T05:06:17.680-04:00සමහර ක්‍රිප්ටෝ කොයින් තියනව අඩු හීප් එකක් (අඩු ප්...සමහර ක්‍රිප්ටෝ කොයින් තියනව අඩු හීප් එකක් (අඩු ප්‍රොසෙසින් පවර් එකක් ඕන) තියන. මේව මයින් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ස්මාට් ෆෝන්. සමහර ඇප්ස් වල මේ වගේ ක්‍රිප්ටො මයිනර් බයින්ඩ් කරල එවනව. ඩිවයිස් මිලියනයක පූල් එකකින් හොඳට හම්බ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සඳහා බලගතු පරිගණක යන්ත්‍ර වෙනුවට ස්මාට් ෆෝන් පාවිච්චි කරන එක නිසා ෆෝන් එකට කෙළවිලා යන්න ඉඩ තියෙනවා සෑහෙන්න.

ඒ වගේම තවත් දෙයක් තමයි පරිගණක මෘදුකාංග ලියන්න මුලින්ම මම උගත්තේ වයස දහයේදී විතර ශිෂ්‍යත්ව විභාග කාලයෙන් පස්සෙ මගේ පියාගේ යෝජනාවක් අනුව පරිගණක අධ්‍යාපන ආයතනයක. ඒකෙදි BASIC කියන පරිගණක භාෂාවෙන් එකතු කිරීම් අඩු කිරීම් ගුණ කිරීම් වැනි කුඩා දේවල් කරන්න තමයි මුලින් උගත්තේ. ඒවායින් ඇති ප්‍රයෝජනය ගැන අදහසක් මට එකල තිබුණේ නැතත් මෘදුකාංගයක් පිටුපස ඇති තර්ක (Logic) ගැන හරියටම උගත්තේ කොළඹ NIBM එකේ පරිගණක පාඨමාලාවෙන්. පාසලේ නවය දහය පන්ති වලදි එයට බැඳුනේ මගේ පියා බලෙන්ම වගේ ඒකට එක්කගෙන ගිය නිසා, IQ පරීක්ෂණයක් තියලා සම්මුඛ පරීක්ෂණයකුත් තිබුණා. විශ්වවිද්‍යාල දේශන ආකාරයෙන් පැවැත්වූ ඒ ඉගැන්වීම මට අලුත් අත්දැකීමක්. සීයක් දෙසීයක් හිටිය පන්තියේ ළාබාලතම දොළහක් පමණ දෙනාගෙන් එකෙකු වී අපි විවිධ ගැටලු විසඳීම සඳහා Flow Chart හෙවත් ගැලීම් සටහන් අඳින්න උගෙන සරල ගැටලුවලින් පටන්ගෙන සංකීර්ණ ගැටලු දක්වා ගියා. සමහර ගැලීම් සටහන් පිටු ගණන් දිගයි. ඒවා හරි ලස්සනට පාට පාටින් නිවැරදි හැඩතල අඳිමින් පිළිවෙලකට කළ යුතු වුණා. නැත්නම් බැනුම්. සිය ගණනක් විතර සටහන් අඳිනකොට තාර්කික සිතීම පත්තියම් වෙලා. ඊට පස්සේ ඒ හැම එකකටම Pseudo Code ලියන්න ඉගැන්නුවා. ඒක අර රූපමය සටහන් කේත ආකාරයෙන් ලියන ක්‍රමයක්. ප්‍රාථමික මෘදුකාංග භාෂාවක් වගේ. ඊළඟට තමයි ඒ හැම ගැටලුවකටම සහ තවත් ගැටලුවලට පැස්කල් භාෂාවෙන් මෘදුකාංග ලීවේ. ඒකත් මුලින් පොතේ ලියලා තමයි පරිගණකයේ ලියා බලන්නේ. ඒ වෙනකොට ඕනෑම ගැටලුවකට තාර්කිකව විසඳුමක් හොයන හැටි හීනෙනුත් පේනවා. මා හිතනවා අදටත් මා සිතන තාර්කික ආකාරයට එය තදින්ම බලපෑවා කියා. ඔය කාලේ (2001/02 වගේ මතක) තමයි මුලින්ම Microsoft Windows XP ආවේ. මට මතකයි NIBM එකේ පරිගණකයක ඒක Install කරලා අපට පෙන්නුවේ හරියට වටිනා මැණිකක් ප්‍රදර්ශනය කරනවා වගේ. ඊට කලින් වින්ඩෝස් 2000 වගේ යන්තම් පාට තියෙන කළු සුදු ටීවී වගේ මගුල් වලට හුරු වෙලා හිටපු අපට XP පාට පිරිච්ච ලෝකයක් අමුතුම මිහිරක්...

ඒත් එදා සහ අද පරිගණක තාක්ෂණය අතර ලොකු වෙනසක් තියෙනවා. අද මෘදුකාංග ලියන විවිධ භාෂා තිබෙනවා. ඒවායේ කේත සහ ව්‍යාකරණ ඉගෙන නොගත්තත් ඒවා ලියන තාර්කික පියවර මට අදටත් පහසුවෙන් කිව හැකියි. ඒ පදනම දැමූ ගුරුවරුන්ට මාගේ ස්තුතිය සමග මා ඒ සඳහා යොමු කළ මගේ පියාණන්ට මගේ ආදරය හිමිවේ. අද දරුවන් මෘදුකාංග ඉගෙන ගන්නේ ඒ විදිහට නොවෙයි. කෙලින්ම භාෂාවක් ඉගෙන ගන්නවා. නමුත් එයත් අද ප්‍රමාණවත් නැහැ. ඔවුන් සොයනවා එම මෘදුකාංගයෙන් කිසියම් අතට අහුවෙන ප්‍රතිඵලයක්. පරිගණක තිරයේ දිස්වෙන ප්‍රතිඵලය ඔවුන්ට මදි. ඒ නිසා තමයි මෘදුකාංගයක් ලියා කිසියම් වැඩක් කළ හැකි ආකාරයේ කුඩා පරිපථ සහිත මෙවලම් නිර්මාණය වී තිබෙන්නේ. මට ළඟදී මුණ ගැසුණා එවැනි මෙවලමක් හදපු ලාංකික තරුණ ව්‍යවසායකයන් කණ්ඩායමක්. ඔවුන්ගේ නිෂ්පාදනය තමයි MagicBit. ඒකත් ඇත්තටම කුඩා පරිගණකයක්. නමුත් වෙනස තමයි ඒකට විවිධ උපකරණ පහසුවෙන් අමුණන්න පුළුවන්. උදාහරණයක් ලෙස කාමරයේ උෂ්ණත්වය මනින උපකරණයක් අමුණලා ඒ උෂ්ණත්වය අනුව එයටම අමුණන මෝටරයක් කරකවා සුළං පහරක් එන්න හදන්න පුළුවන්. ඒ උපකරණ භාවිතා කරලා කිසියම් වැඩක් කරගන්න පුළුවන් විදිහට ඒ මෙවලමට මෘදුකාංග ලියන්න පුළුවන්. එවැනි සරල වැඩක සිට අඟහරු මතට ගොඩබස්සවන රොබෝ යානයක් දක්වා මේකෙන් හදන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ව්‍යවසායකයන්ට අප මුල් තැන දෙන්න ඕනා. ඔවුන්ට හැකි උපරිමයෙන් අප ආයෝජනය කරලා උඩට ගන්න ඕනා. මේ මෙවලම් භාවිතා කරලා අපේ රටේ හැම පාසලකම පරිගණක විද්‍යාව උගන්වන්න ඕනා. එතකොට තමයි ඒවායින් අලුත් අලුත් අදහස් විසඳුම් නිෂ්පාදන බිහිවෙන්නේ. මම ඔවුන්ගේ වටිනා නිෂ්පාදනය මගේ කුඩා පුතුන්ට තිලිණ කරනවා, සමහර විට මගේ පියා මට දුන්නා වගේ දැනුමක් මගේ කුඩා පුතුන් දෙදෙනාටත් ඉදිරි කාලයේදී එයින් ලැබේවි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66661721260932593812021-05-05T05:04:52.776-04:002021-05-05T05:04:52.776-04:00බ්ලොක්චේන් එකක් වැඩ කරන්නේ මෙහෙමයි, හිතන්න ඔබ ගාව ...බ්ලොක්චේන් එකක් වැඩ කරන්නේ මෙහෙමයි, හිතන්න ඔබ ගාව ලෙජර් එකක් තියනව, ඒකේ 100% නිවරදි කොපියක් කීප දෙනෙක්ට දෙනව. එයාල ඒක තවත් කීප දෙනෙක්ට කොපි කරල දෙනව. මේ කොපිවල නිවරදි බව තහවුරු කරන්න මෙයාලා තම තමංගෙ කොපි අනිත් අය එක්ක සසඳනව. අව්ලක් තියනවනම් තියන මුලු කොපි වලින් 51%ක තියන දත්ත නිවරදි දත්ත ලෙස සලකල අනිත් කොපි වල දත්ත නිවරදි කරනව.

දැන් හිතන්න දැවැන්ත ඩේට බේස් එකක් මේ විදිහට මිලියනයක් අතර බ්ලොක්චේන් ක්‍රමේට බෙදල දුන්න කියල. එතකොට කව්රුහරි සිතාමතා ඩේටාබේස් එක විකෘති කලා කියල හිතන්න. එතකොට ඒක පට්ගාලා අහුවෙනව. මොකද මේ ඔක්කෝම ඩේට බේස් එකිනෙකා සමඟ සම්බන්ධ නිසා නිතරම ඩේට නිවරදිද කියල චෙක් කරන නිසා. ඒනිසා බ්ලොක්චේන් එකක තියන ඩේට බේස් එකක් විකෘති කරන්න බැහැ. (හැබැයි තනි කෙනෙක් මේ ඩේටාබේස් වලින් 51%ට වඩා ප්‍රමාණය පාලනය කරනව නම් ඔහුට පුළුවන් වෙනස් කරන්න. මේකට අපි කියනව 51% ඇටෑක් කියල)

ඒ අනුව බ්ලොක්චේන් කියන්නේ කාටවත් අයිති නැති තනි පුද්ගලයකු විසින් පාලනය නොකරන විසිරී පවතින එකක්. (Decentralized/ Peer-to-Peer/Digital)

බිට්කොයින් බ්ලොක්චේන් එක කියන්නේ බිට්කොයින් ගනුදෙනු, ප්‍රොටෝකෝල් වගේ දත්ත තියන ඩේටා ස්ට්‍රක්චර් එකේ බ්ලොක්චේන් එක. මේ හේතුව නිසා බිට්කොයින් කව්රුහරි පාලනය කරන දෙයක් නෙවෙයි.

බිට්කොයින් නෙට්වර්ක් එකේ තියනව "Nodes" කියල මගුලක්. මේව සාමාන්‍යය පරිගණක. මේවායේ බිට්කොයින් ලෙජර් එක තියෙන්නෙ. මෙයාල බිට්කොයින් බ්ලොක්චේන් එකේ කොටසක්.

ඕනම කෙනෙක්ට බිට්කොයින් නෝඩ් එකක් වෙන්න පුළුවන්. බිට්කොයින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඊටපස්සේ ඕන වෙන්නේ 145 GB හිස් ඉඩක් විතරයි. (මේක ඩවුන්ලෝඩ් කරන්න නෙට්වර්ක් කනෙක්ෂන් එකක් ඕන. ඊට පස්සේ එච්චර ඩේට යන්නේ නෑ). (145GB තමයි බිට්කොයින් ස්ට්‍රක්චර්/ලෙජර් එක)

අයෙක් මෙහෙම නෝඩ් එකක් හදාගත්තම ඒ නෝඩ් එක තවත් නෝඩ් කීපයක් එක්ක කනෙක්ෂන් එකක් හදාගෙන බ්ලොක්චේන් එකට කනෙක්ට් වුණාම මේ ඩේට වෙනස් කරන්න බැහැ තනි කැමැත්තට. වෙනසක් උන ගමන් අනිත් නෝඩ් වලින් අහල වැරැද්ද නිවරදි කරගන්නව.

බිට්කොයින් වල මේ ලෙජර් එක තියෙන්නෙ බ්ලොක්, බ්ලොක් විදිහට. (වගුවක වගේ)

මේ නෝඩ්ස් වලින් සමහර නෝඩ්ස් තියනව මයිනින්ග් නෝඩ්ස්, ඒවායින් බිට්කොයින් මයින් කරන්නේ.
සරලව කිව්වොත් බිට්කොයින් මයින් ප්‍රොටෝකෝල් එකේ තියෙන ගණිතමය ගැටළුවකට අවශ්‍ය සංඛ්‍යාත්මක පිළිතුර පරිඝනකයෙ CPU, GPU පාවිච්චි කරල ගණනය කිරීම. ලේසී වගේ පෙනුනට මේක පට්ටම පට්ට විදියට සංකීර්ණයි.

මෙම අගය බ්ලොක් එකකට සෙට් කරල හෑෂ් ෆන්ක්ෂන් එකක් ඇතුලෙන් රන් කලාම එන අගය 0ත් 4,294,967,296ත් අතර පිහිටන අගයක් වියයුතුයි. (මේ රේන්ජ් එක බිට්කොයින් වලට. අනිත් ඒවට වෙනස් රේන්ජ් එකක් එන්නෙ)

මේ අගය හොයන්නේ අහඹු අගයන් දම දමා බලල. හෑෂ් එකෙන් ගියාම එලියට එන අගය අනුමාන කිරීම කරන්න බැරි වැඩක්. ඒනිසා කණා පොල්ලන් ගහ ගහ බලල තමා අගය හොයන්නේ. මුලින් නිශ්චිත බිංදු ගානක් දෙනව ප්‍රොටෝකෝල් එකෙන් මේන් මේකෙන් පටන් ගනින් කියල.

එකම මොහොතේ එකම බ්ලොක් එකට මයිනර්ල කීප දෙනෙක්ම ට්‍රයි කරනවනේ. එතකොට මුලින්ම මේ අගය හොයාගන්න කෙනා ක්ෂණිකව බ්ලොක්චේන් එකට කියනව එයා අගය හොයාගත්ත බව. එතකොට අනිත් මයිනර්ස්ල ඒ බ්ලොක් එක ඇතෑරලදාලා ඊලඟ එක පටන් ගන්නව. අර අගය හොයාගත්ත කෙනාට යම් බිට්කොයින් ප්‍රමාණයක් ලැබෙනව.

කාලයත් එක්ක මේ දෙන බිංදු ගණන වෙනස් කරනව. එතකොට මේ ගැටලුව විසඳන එක අමාරු වෙනව. ඒකයි දැන් එන්න එන්නම බිට්කොයින් මයින් කරන්න අමාරු.

ඒවගේම බ්ලොක් එකක් විසඳුවාම විසඳපු කෙනාට දෙන බිට්කොයින් ප්‍රමාණය කාලෙන් කාලෙට අඩුවෙනව. ඉස්සරහ නම් දුන්න ලොට් එකක්. දැන් නම් ලැබෙන්නෙ බිට්කොයින් 12.5ක් විතරයි. තව කාලෙකින් මේක 6.25ක් වෙනව.

මේකට කීපයක් හේතු නිසා, ඒ අතිශය ඉක්මනින් සම්පූර්ණ බිට්කොයින් බ්ලොක් ඔක්කෝම පිරෙන එක නවත්තන්න ඕන නිසා බිට්කොයින් චේන් එක පිරෙන්නේ 2140දි විතර කියලා කියන්නේ.

නමුත් කාලයත් එක්ක මේ මයිනින්ග් අමාරු වෙන නිසා සාමාන්‍යය පරිගණකවලින් බිට්කොයින් මයින් කරන්න බැරිවෙලා තියනව. දැන් බිට්කොයින් මයින් කරන්න අති දැවැන්ත ප්‍රොසෙසින් පවර් එකක් ඕන. අනාගතයේදී මේක තව දුරටත් අමාරු වෙනව.

එතකොට වැයවන විදුලි බිල, උපාංග වියදම කවර්කරගන්න ලැබෙන බිට්කොයින් වලින් බැරිවෙනව සාමාන්‍යය යූසර්ලට. එතකොට මයින් කරන්න වෙන්නේ පූල් වලින්.

පූල් කියන්නේ සාමාන්‍යය කම්පියුටර් දහස් ගානල් එකතුකරල හදපු නෙට්වර්ක් එකක්. මේවයින් බ්ලොක් බෙදාගෙන විසඳනව. සමහරු මැල්වෙයා පාවිච්චි කරනව පූල් හදන්න.

නැත්නම් වෙබ්සයිට් වල ස්ක්‍රිප්ට් පාවිච්චි කරනව යූසර්ල වෙබ් පේජ් එක ඕපන් කලාම එයාගේ CPU එක පාවිච්චි වෙලා Mine වෙන්න. (උදාහරණයක් විදියට Piratebay වගේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61805127017921076402021-05-05T05:02:51.590-04:002021-05-05T05:02:51.590-04:00@ Anonymous May 4, 2021 at 7:38 AM
දැන් දැන් බොහෝ...@ Anonymous May 4, 2021 at 7:38 AM

දැන් දැන් බොහෝ සමාගම් ක්රිප්ටොකරන්සි වලින් ගණුදෙනු කිරීම අරන් තියෙනවා. ටෙස්ලා වාහන මිලදී ගැනීමට, පේපෑල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට දැන් ක්‍රිප්ටෝ වලින් පුළුවන්.

ගොඩක් අය ක්රිප්ටොකරන්සි ගැන, නැත්නම් අඩුමගානේ ඒක මොනවගේ දෙයක්ද කියල දන්නව උනත් ගොඩක් අය දන්නේ නැත්තේ ක්‍රිප්ටෝ මයිනින් ගැන. ලංකාව 2018 - 2021 කාලයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන බිට්කොයින්/ ක්‍රිප්ටෝ මයිනින් රටක් අනික් දකුණු ආසියාතික රටවල් වලට වඩා පස් ගුණයක් විතර වැඩියි. සාමාන්‍යයෙන් බලගතු පරිගණක මයිනින් යන්ත්‍ර දෙකක් විතර පැය 24 ම යොදාගනිමින් මයින් කරන්න ඔබට විශාල මුදලක් ආයෝජනය කරන්න ඕන. ලංකාවේ රුපියල් මිලියන 20 - 25 ක් විතර හොඳින් හිරු එළිය ලැබෙන සූර්ය පැනල් එක්ක අවම 15 kW යුරෝපීය හෝ හොඳ බ්‍රැන්ඩ් එකක චීන ඉන්වර්ටර් වගේ ගහල නෙට් මීටරින් කරගන්න ඕන. ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් තියෙනවා නම් සෑහෙන හොඳයි. සීඊබී/ ලෙකෝ විතරක් නම් රුපියල් 75,000 කට වඩා බිලක් එනවා.

මේකේ මූලධර්මය සරලව කිව්වොත් දැනට තියෙන සියගානක් ක්‍රිප්ටෝ මුදල් ඒකක හැම එකේම වගේ මයින් වෙන ක්‍රමය මූලිකව එකයි. යම් යම් වෙනස්කම් තියනව එකින් එකට. ඒනිසා අපි දැනට ජනප්‍රියම හා වටිනාම ක්‍රිප්ටෝ ඒකකය වන බිට්කොයින් මයින් වෙන විදිහ බලමු එතකොට අනිත් ඒව වෙන්නෙ කොහොමද කියල අදහසක් ගන්න ඇහැකි. (වඩාත් සුදුසු එතීරියම්) හොඳ මෘදුකාංග සහ මල්ටි ලෙවෙල් ඩිෆෙන්ස් සහිත, MFA වගේ ආරක්ෂාවක් අත්‍යවශ්‍යයි.

මේක හරියට ඛණිජ ද්‍රව්‍යයක්, නැත්නම් රත්තරන් ගරනව වගේ වැඩක්. නිධියක තියෙන රන් හාරල පිරිසිදු කරල ගන්න එක අමාරුයි වගේ නිධිගත රන් වගේම බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් නිධියක් තියනව. ප්‍රොටෝකෝල් එකෙන් බිට්කොයින් නිපදවීමට මයිනිං කියනවා.

(බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් උපරිම ධාරිතාව මිලියන 21ක්.)

ඒ වගේම බිට්කොයින් බ්ලොක් චේන් එක කියන්නේ මොකක්ද කියනවනම් බ්ලොක් චේන් කියන්නේ අතිශය සුවිශේෂී තාක්ශණයක්, සතෝෂි නකොමෝතෝ කියන ෆේක් නේම් එකෙන් හිටපු කෙනා නිර්මාණය කළ බ්ලොක්චේන් වලින් (බිට්කොයින් නිර්මාණය කළ සතෝෂි කව්ද කියල කවුරුත් දන්නෑ. බිට්කොයින් වල අඩුම මුදල් ඒකකය සතෝෂි කියල නම් කරල තියෙන්නෙ මෙයා වෙනුවෙන්.) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45905894535718349792021-05-05T00:35:01.914-04:002021-05-05T00:35:01.914-04:00ඉකෝන් දන්නවා ඇතිනේ ඊයෙ ලංකාවේ උසස් පෙළ සිසුන්ගේ ප්...ඉකෝන් දන්නවා ඇතිනේ ඊයෙ ලංකාවේ උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ නිකුත් වුණ ප්‍රතිඵල එක්ක ගොඩක් අය තමන්ගෙ අනාගත ඉරණම, දැන්ම ඉඳන්ම තීරණය කරලා තිබුණ බව සමාජ ජාල වල දක්නට ලැබෙන ඔවුන්ගේ අදහස් අනුව මම දැක්කා. ඒ අතරිනුත් ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුණෙ හැකි ඉක්මනින් ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එක මිසක්, වැඩිදුර අධ්‍යාපනයක් ලබන එක නෙමෙයි. ඒ නිසා ඒ හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක මම මේ කතාව කියන්න හිතුවෙ.

ඔයාල හැමෝම දන්න විදියට ඒ කාලෙ තිබුණ දුෂ්කරතා එක්ක මට ඉහළට අධ්‍යාපනය ලබන්න අවකාශ නොලැබුණත්, වාසනාව සහ චිත්ත ධෛර්යය මත මම ව්‍යාපාර ගණනාවක් ගොඩනඟාගත්තා. ඒ අතරිනුත් බොහෝ ව්‍යාපාර අතිශයින් සාර්ථක වෙන්න මූලික අඩිතාලම බවට වුණේ මගේ අත්දැකීම්, යාවත්කාලීන වීම සහ මූල්‍ය විනය කියන ගුණාංගයි. එකාතකින්, ඒක මගේ දෛවය සහ ලැබීම වෙන්න ඇති. ඒත් එහෙම වුණා කියලා, මම මගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක කිසිම මොහොතකකදිවත් අතපසු කළේ නෑ.

මම එයාලගෙ මූලික අධ්‍යාපනයෙ සිට ද්විතීය, තෘතීය සහ වෘත්තීමය අධ්‍යාපනය වෙනකල්ම පසුපසින් සිටගත්තා. මට සල්ලි තිබුණ කියල කිසිදවසක මම මගේ දරුවන්ව අධ්‍යාපනයක් සහ දැනුමක් නොමැතිව මගේ ව්‍යාපාර වලට සහ සම්බන්ධ කරගත්තෙ නෑ. උදාහරණයක් ලෙස මගෙ පුතා වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒත්, ඔහු ඔහුගෙ වෘත්තීමය හැදෑරීම් නිමා කරලා අද වෙනකොට මගේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට මගේ ව්‍යාපාර මෑතකාලීනව තාක්ෂණයත් සමඟ දියුණු වුණේ ඔහුගේ දැනුම සහ සංකල්ප මත කියන දේ මම පිළිගන්නවා. මොකද නිසි අධ්‍යාපනයක වටිනාකම අපිට මෙතෙකයි කියා නිමකරන්න බැරි නිසා.

ඒ නිසා මට ඔය දරුවන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම පමණයි. ඔයාලට ඉගනගන්න පුලුවන් කාලෙ අනිවාර්යයෙන්ම ඉහළටම ඉගන ගන්න. නව දැනුම, තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙන්න. මොකද ඕනම ව්‍යවසායක් වෙනුවෙන්, අධ්‍යාපනය මත ලබන අත්දැකීම් ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වන නිසා. ඒ නිසා එක් ප්රථිඵලයක් මත තමන්ගෙ ජීවිතයම තීන්දු නොකර, ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න ඕන එහෙම නේද? මේ ගැන ඔබට මීට වඩා හොඳ පෝස්ට් එකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ලංකාවේ උසස් පෙළ සිසුන් සඳහා වැදගත් වන පෝස්ට් එකක් දාන්න ඊළඟට.

බොහොම ස්තූතියි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55830700481873035992021-05-04T20:51:30.059-04:002021-05-04T20:51:30.059-04:00දැනුම උදව් වෙයි පණ බේරා ගන්න
නොදැනුම නිසා සිදු වෙ...දැනුම උදව් වෙයි පණ බේරා ගන්න
නොදැනුම නිසා සිදු වෙයි බිල්ලට යන්න
හිත තිබුණාට දැනුමෙන් පරිණත වෙන්න
ඇහැකිද හැමෝටම? වෙහෙසක් නොදරමින

දෙයියන් දැනුම දෙන තුරු සමහරු සිටිතී
හෙයියන්මාරුවට තව අය කල් බලතී
මරු ආවාම එළිපත්තට සලිත වෙතී
මැරුණම මොකද 'මිනිහෙක්' විදිහට පැවැතී? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35063158303625303272021-05-04T12:48:51.925-04:002021-05-04T12:48:51.925-04:00ඉකොනොමැට්ට දැන් වැඩිය ලිපි දාන්නෙත් නෑ, ප්‍රතිචාර...ඉකොනොමැට්ට දැන් වැඩිය ලිපි දාන්නෙත් නෑ, ප්‍රතිචාර වලට වැඩිය උත්තර දෙනවා දකින්නත් අමාරුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32022222307726077162021-05-04T11:37:49.348-04:002021-05-04T11:37:49.348-04:00කුලියට ලියන, report ගහන ගමන් bitcoin ජුන්ඩක් mine ...කුලියට ලියන, report ගහන ගමන් bitcoin ජුන්ඩක් mine කරගන්න හදන අහිංසකයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69020330257946005892021-05-04T11:06:15.326-04:002021-05-04T11:06:15.326-04:00ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනි...ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75305875942450694402021-05-04T07:55:54.981-04:002021-05-04T07:55:54.981-04:00//ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අ...//ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලා.//

දැනුත් මම ලියන්නේ මට ඕනෑ දේවල්. එහෙම නැතුව වෙනත් අයට අවශ්‍ය දේවල් කුලියට ලියන්නේ නැහැ. ෆේස්බුක් එක නැති වුනා කියලා එය වෙනස් වෙලා නැහැ. ෆේස්බුක් එක නැති වීමෙන් පාඩුවක් වී තිබෙන්නේ කියවන අයට මිසක් මට නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64843765142777584862021-05-04T07:50:37.608-04:002021-05-04T07:50:37.608-04:00//මෙතන මුලින්ම කණිනු ලැබූ කියන එකෙන් අදහස් කරන්නේ ...//මෙතන මුලින්ම කණිනු ලැබූ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කොහොම ඒක කරේ. අලුතෙන් සංස්සරනයට එකතුවෙන බිට් කොයින් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි?//

ඉතාම සරල පිළිතුරක් දෙන්නම්. බිට්කොයින් එකක් කියන්නේ පරිගණක වැඩ සටහනකින් හදන අතාත්ත්වික දෙයක්. යම් කෙනෙක් බිට්කොයින් එකක් අයිති කරගන්නනම් එක්කෝ බිට්කොයින් එකක් හොයා ගන්න ඕනෑ. නැත්නම් හොයාගත් කෙනෙක්ගෙන් සල්ලි වලට ගන්න ඕනෑ. අලුත් බිට්කොයින් එකක් හොයා ගන්න බිට්කොයින් සොයා "කැනීම්" කළ යුතුයි. මෙයින් අදහස් වෙන්නේ පරිගණක වැඩ සටහනක් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම. එහි ප්‍රතිඵලයක් ලෙස අහඹු ලෙස බිට්කොයින් ලැබෙනවා. පරිගණක වැඩ සටහන හදලා තියෙන්නේ අලුත් බිට්කොයින් එකක් හොයා ගැනීම එන්න එන්නම වඩ වඩා අමාරු වන ආකාරයට. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81448670887296129012021-05-04T07:38:49.226-04:002021-05-04T07:38:49.226-04:00ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනි...ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලා.

ඉකොනෝ,

කලින් ඉකොනෝ බිට්කොයින් ගැන දාපු ලිපියක මෙහෙම එකක් තියෙනවා.

"මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා.'

මෙතන මුලින්ම කණිනු ලැබූ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කොහොම ඒක කරේ. අලුතෙන් සංස්සරනයට එකතුවෙන බිට් කොයින් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59907304307093636542021-05-04T07:20:41.757-04:002021-05-04T07:20:41.757-04:00මෙහි පළ කරන ලිපි සමාජයට හානිකර බව බොහෝ දෙනෙකු විසි...මෙහි පළ කරන ලිපි සමාජයට හානිකර බව බොහෝ දෙනෙකු විසින් FB වෙත වාර්තා කිරීම මත පදනම්ව එහි ෂෙයාර් කිරීම වාරණය කර තිබෙනවා. ඒ වගේම වසර පහක් පමණ තිස්සේ FBහි ෂෙයාර් කළ සියළුම ලිපි ඉවත් කර තිබෙනවා.

"වත්පොත ඉකොනොමැට්ටා තහනම් කරයි!"
http://economatta.blogspot.com/2021/01/blog-post_22.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61708781398498760332021-05-04T07:10:27.474-04:002021-05-04T07:10:27.474-04:00ඔබගේ ලිපි FB හී ෂෙයාර් කරන්නට සීමා පනවා ඇත්තේ ඇයි?...ඔබගේ ලිපි FB හී ෂෙයාර් කරන්නට සීමා පනවා ඇත්තේ ඇයි?Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36059128615268370712021-05-03T23:03:46.093-04:002021-05-03T23:03:46.093-04:00//චීනය කොරෝනාව සාර්ථකව පාලනය කරගෙන තියෙන්නේ මේ එන්...//චීනය කොරෝනාව සාර්ථකව පාලනය කරගෙන තියෙන්නේ මේ එන්නතින්ද?//
එන්නතෙන්නම් වෙන්න බැහැ. චීන ජනගහණයෙන් ඕනෑනම් 15%ක් එන්නතක් ලබාගෙන ඇති. ලංකාව මුලින් අනුගමනය කළ ක්‍රමය චීනය තවමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. මුලින්ම රට ඇතුළේ කෝවිඩ් පාලනය කර ගත්තා. ඉන් පසුව එළියෙන් එන එක වලක්වාගෙන ඉන්නවා.

//ඇයි චින්නුන්ට ගහන්න හොද අපිට හොද නැත්තේ?//
ඒ ගැනනම් කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ වෛද්‍යමය නොවන හේතුවක් මත ගත් තීරණයක් කියලා.

//මුලින්ම ගහපු ඇස්ට්‍රා සෙනිනා එන්නතේ දෙවන මාත්‍රාව තාම ලැබිලා නෑ. මාස ගනනාවක් පරක්කුවෙලා ගැහුවාම එකේන් ලැබෙන ප්‍රතිශක්තිය හරියටම ලැබෙයිද?//

මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැති නිසා හරියටම කියන්න බැරි වුනත් මගේ පෞද්ගලික අදහසනම් මෙයින් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියන එකයි. කොහොමටත් මේ එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය ගොඩක් කල් තියෙන්නේ නැහැ. බොහෝ විට අවුරුද්දකට වරක් බැගින් එන්නතක් ගන්න වෙයි. කලින් කෝවිඩ් ලොකුවට පැතිරී නොතිබුණු අවස්ථාවේ දෙවන මාත්‍රාව ගැනීමට සාපේක්ෂව දැන් ලංකාවේ කෝවිඩ් පැතිරෙන වෙලාවේ දෙවන මාත්‍රාව ගන්න එකේ වාසියකුත් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2000735508544072292021-05-03T21:04:48.091-04:002021-05-03T21:04:48.091-04:00අපි නං නියම පිරිමි වගේ මරණයට එඩිතරව මුහුණ දෙනවා. ග...අපි නං නියම පිරිමි වගේ මරණයට එඩිතරව මුහුණ දෙනවා. ගෙවල් පල්ලේ හැංගි හැංගි ඉන්නේ නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16632786296340064842021-05-03T20:31:23.504-04:002021-05-03T20:31:23.504-04:00මෙරට රැදි ඉන්න චිනුන්ට ගෙනත් එන්නත් කල චින එන්නතට ...මෙරට රැදි ඉන්න චිනුන්ට ගෙනත් එන්නත් කල චින එන්නතට අපේ රටේ අනුමැතිය දුන්නේ නෑ. චිනය කොරෝනාව සාර්ථකව පාලනය කරගෙන තියෙන්නේ මේ එන්නතින්ද? ඇයි චින්නුන්ට ගහන්න හොද අපිට හොද නැත්තේ? මුලින්ම ගහපු ඇස්ට්‍රා සෙනිනා එන්නතේ දෙවන මාත්‍රාව තාම ලැබිලා නෑ. මාස ගනනාවක් පරක්කුවෙලා ගැහුවාම එකේන් ලැබෙන ප්‍රතිශක්තිය හරියටම ලැබෙයිද? කොරෝනාව සමහරුන් ඉල්ලමක් කරගෙන වාගේ පෙනෙනවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com