tag:blogger.com,1999:blog-3221129106341750825.post4707689215534030893..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ගලගොඩඅත්තේ ඥානසාර එ. කුමාර් ගුණරත්නම් Unknownnoreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3221129106341750825.post-52256526819551594062016-02-03T12:11:57.046-05:002016-02-03T12:11:57.046-05:00Pradeep, Econ obala goda naguwe ethaamath rasawath...Pradeep, Econ obala goda naguwe ethaamath rasawath watinaa kathikaawak, Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81946965123715415252016-02-02T22:49:52.868-05:002016-02-02T22:49:52.868-05:00මම කියන දේ ඔබ සාරාංශගත කර ඇති අයුරු නිවැරදියි.
//...මම කියන දේ ඔබ සාරාංශගත කර ඇති අයුරු නිවැරදියි.

//පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය.//

ඔබ හිතන ආකාරය මට තේරුම් ගත හැකියි. මෙය ඔවු හෝ නැහැ ලෙස සරල පිළිතුරක් දිය හැකි කරුණකට වඩා තරමක් සංකීර්ණයි. නීති හදන/හැදෙන ආකාරය සමඟ මම මෙය පසුව පැහැදිලි කරන්නම්. සමහර විට වෙනම පෝස්ට් එකකින්.

ඔබ අවසානයට ලියා ඇති ඉතිරි කරුණු ගැන මගේ සැලකිය යුතු විසම්මුතියක් නැහැ. ආර්ථික විද්‍යාවට අදාළ කරුණු මම අනිත් පිටුවේ ලියන්නම්, ඔබත් එහි පැමිණ ඇති නිසා. මම වෙලාව හොයා ගන්නේ අමාරුවෙන්. පිළිතුරු ප්‍රමාද වුණත් හැකි වුනු වහාම එය කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49603944183888862312016-02-02T06:18:16.061-05:002016-02-02T06:18:16.061-05:00ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා ...ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා හට තේරුම් ගිය පරිදි) “ සමාජය විසින් පොදු සම්මුතියක් ලෙස සකස්කරගෙන ඇති නීතී උල්ලංගනය කරන අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට එරෙහිව සමාන ලෙස නීතීය ක්‍රියාත්මක කල යුතුයි සහ එලෙස පොදු සම්මුතින් උල්ලංගනය කරන අවස්ථාවලදී සමාජයෙන් එවා කඩ කරන්නන්හට එරෙහිව පිඩනයක් ඇතිකල යුතු බවයි. තවද අවශ්‍යතාවයන් අනුව බහුතරයකගේ කැමැත්තෙන් නීතී සංශෝධනය කරගත යුතු බවයි“ යන්නය.

පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය.

එලෙසවු පමණින් එහි සියල්ල බැහැර කල යුතුයැයි මම සිතන්නේ නැතිය. එමෙන්ම දැනට පවතින නීතීය තුල සාමාන්‍ය පුද්ගලයකුට ලොකු රුකවරණයක් ලැබී ඇති බවද මම පිලිගනිමි.

දැනට පවතින පොදු සම්මුතියේද ඇතිවී තිබෙන ගැටලු වැඩි ප්‍රමාණයක් එහි පවතින ක්‍රියාත්මකවීමේ දෝෂයන් නිසා ඇතිවන ඒවාය. සැබවින්ම එම ක්‍රියාත්මකවීමේ දෝෂයන් රහිතව ලියා ඇති ආකාරයටම කටයුතු වන්නේනම් ඉතාමත් අගනේය. එහෙත් ගැටලුව වන්නේ එලෙස සිදු නොවීමය. එලෙස සිදු නොවන්නේ ඇයි යන්න පිලිබදව විමසීමේදි එය පුද්ගල දෝෂයන් ලෙස පමණක් සැලකීමට නොහැකිය. එමෙන්ම නීතීයතුල ක්‍රියාත්මකවීමේ දෝෂයන්ට අමතරව දැනට පවතින සමාජ තත්වයන් මගින්ද අසාධාරණ තත්වයන් ආරක්ෂා කරනවාය.

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89023484684948862752016-02-01T00:09:35.855-05:002016-02-01T00:09:35.855-05:00//එලෙස ඇති තම පුද්ගල ආරක්ශාවෙ අයිතිය අනුව පොලිසිය ...//එලෙස ඇති තම පුද්ගල ආරක්ශාවෙ අයිතිය අනුව පොලිසිය විසින් අපරාධ චුදිතයින් මරාදමන ලදි. සමාජයක් ලෙස බහුතරය විසින් එය අනුමත කරන ලදි හෝ අදාල අවස්තවෙදී නිශ්ශබ්ධව සිටින ලදි.// මෙතැනදී ඇත්තටම වෙන්නේ පොලිසිය විසින් නීතිය කැඩීම සහ සමාජය වරදකරු (පොලිසිය) වෙනුවෙන් පෙනී සිටීම. මෙවැන්නකට එරෙහි වීම නීතිය වෙනුවෙන් පෙනී සිටීමක්. හැබැයි සමාජයම ඉල්ලා සිටින්නේ මෙවැන්නක්නම් මෙතැන තියෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි. සමාජය නීතියට අනුගත නොවීමේ ප්රශ්නය.

//අරයට නීතිය ක්‍රියත්මක කරන්නේ නැතුව මට ක්‍රියත්මක කරන්නේ ඇයි යන්න විමසිය හැකිය.//මෙය විමසීමේ වරදක් නැහැ. එහෙත් එයින් ඔබ කළ වරද නිශේධනය වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැන්නක් නීති පද්ධතිය තුළ විමසීම ප්‍රායෝගිකව ලොකු ප්‍රයෝජනයක් නැති දෙයක්. එසේ සිදු වීම වැළැක්වෙන පරිදි (හුදෙකලා සිද්ධීන්ට අදාළව නොවෙයි, පොදුවේ) කතිකාවක් ඇති කිරීමයි මම හිතන්නේ හොඳම දෙය.

//අධිකරනයකදි සමානයය පුද්ගලයකුට තමට ඇප ලබ නොදෙන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කිරීමට නොහැකිය. තමන්ගේ නඩුව ප්රමාධවන්නෙ ඇයිද යනුවෙන් විමසිමටද නොහැකිය.// මේකනම් තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් තමයි. මෙතනදී ඔබට සෘජුව කළ හැකි දෙයක් නැහැ. මෙය සමස්තයක් වශයෙන් රාජ්‍ය සේවයේ ඇති විනිවිදභාවයක් නොමැති කමේ (පළමු කරුණට අදාළව) සහ අකාර්යක්ෂමතාවයේ (දෙවන කරුණට අදාළව) පිළිබිඹුවක්. ඔබ ගැඹුරින් සිතුවොත් ඔබට පෙනෙයි රජයේ කාර්යාල කොයි එකෙත් තත්ත්වය මෙය බව. වෙන වැඩක් කරගන්න ගියත් වෙන්නේ ඔය ටිකම තමයි.

අධිකරණ කටයුතු ප්‍රමාද වීමට හේතුනම් (ඔබ ඉදිරිපත් කර ඇති ඒවා ඇතුළු) ගොඩක් තියෙනවා. මේ ඇතැම් ඒවා වෙනස් කරගත හැකි දේවල්. මම දැනට ඒවා ගැන කතා කරන්නේ නැහැ.

//ඇප ලබාදීම බෝහෝ අවස්තාවලදි ප්‍රමාද කරණුයෙ වීමර්ශනයන් වලට බාධාවක් වනවාටත්වඩා වරද සම්බන්දයෙන් නීතිය ක්‍රියත්මක කිරීමට විශාල කාලයක් ගතවන නිසා වරද කරුට දඩුවමක් ලබාදීමටය// මෙය වැරදියි. මෙවැනි අදහස් සමාජගත වීමට උදවු දීමත් නොකළ යුතුයි. මෙවැනි දෙයට එරෙහිව කතා කිරීම නීතිමය රාමුව තුලම කළ හැකියි.

//ගැටුම ඇතිවීමේ පළමු වරද කරුවන් ඔවුන්ය// එය එසේ වුවත් පොලිස් නිලධාරීන්ට මේ අයුරින් ක්‍රියා කිරීමේ හැකියාවක් නැත.

//ඔබගේ කරුණු දැක්වීම තුල ඇති තනි තනි පුද්ගලයින් කාර්යක්ශමවීම, නිවරදිවීම, නීතිගරුකවීම තුලින් සමජය කාර්යක්ශම, නීතිගරුක වඩා යහපත් වීම දැනට පවතින සමාජය තුලදි ප්‍රයොගිකව සිදුනොවන බව සිතමි.// තනි පුද්ගලයින් වෙනස් නොවන තාක් කල් සමාජය වෙනස් නොවේ. එහෙත්, එසේ කීමෙන්, එක් එක් පුද්ගලයා තනි තනිව වෙනස් වන තුරු පැත්තකට වී සිටින්නට මම ඔබට යෝජනා නොකරමි. පුද්ගලයින් කණ්ඩායම් ලෙස පොදු අරමුණු වෙනුවෙන් සංවිධානය වීම සහ එක් අයෙකු විසින් වෙනත් අයව දැනුවත් කිරීම යහපත් ප්රජාතන්ත්රවාදයක ලක්ෂණයි.

ඔබ හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකු හිතන ආකාරයට වෙනස් නැත. මෙසේ සිතීමට එක් හේතුවක් වන්නේ පවතින (ඇතැම් විට යල් පැනගිය) නීතිය තුළ වුවත් තවමත් සාමාන්‍ය පුරවැසියෙකුට ඇති රැකවරණය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නොවීමයි. නීති වෙනස් කර ගැනීමද අවශ්‍යය. එහෙත්, ඔබ ප්‍රශ්න ලෙස දකින දේවල් වලින් ඉතා විශාල ප්‍රමාණයක් පවතින නීති රාමුව යටතේම කර ගත හැකි දේවල්ය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21290736044742610012016-02-01T00:09:11.652-05:002016-02-01T00:09:11.652-05:00ප්‍රදීප්, ඔබ හිතන ආකාරය මට තේරුම් ගන්න පුළුවන්.
...ප්‍රදීප්, ඔබ හිතන ආකාරය මට තේරුම් ගන්න පුළුවන්.

ඔබ මෙසේ හිතීමට එක හේතුවක් වන්නේ ඔබ නීතිය කියා පොලිසිය, අධිකරණය වැනි තැන් වල කටයුතු කරන පිරිස වෙන් කරගෙන ඔබ ඇතුළු ඉතිරි පිරිස (දේශපාලන බලය ඇති පිරිස් හැර) නීතියට යටත් වෙනම කොටසක් ලෙස දැකීමයි. එය එහෙම නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් කියන්නෙත් නීතියට යටත් විය යුතු තවත් කණ්ඩායමක් පමණයි. ඒ වගේම නීතිය රැකීම ඔබෙත් මගෙත් වගකීමක්. මා මෙහිදී නීතිය රැකීම කියන්නේ අප විසින් පුද්ගලයින් වශයෙන් වැරදි නොකර සිටීම පමණක් නෙමෙයි. රටේ නීතිය ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමත් එයට අයිතියි.

දැන් ඔබ කියයි මෙය තමයි බිම් යථාර්තය කියා. එහි ඇත්තක් තිබෙනවා තමයි. කොහොම වුණත් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු නීතියට අනුව කටයුතු නොකරනවානම් එයට විරුද්ධ වීම ඇත්තටම නීතිය රැකීමක්. එය නීතියට එරෙහි වීමක් නෙමෙයි.

නීතිය කැඩීමට සිදුවන අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස හදිසි අනතුරකට ලක්වුණු කෙනෙකුව රෝහලකට ගෙන යාමේදී වේග සීමා උල්ලංඝනය කිරීමක් සලකමු. මෙවැනි අවස්ථාවක නීතිය තියෙන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කියන එක තේරුම් ගත් නිලධාරියෙක් ඔබට දඩ කොළයක් නොදෙනු ඇති වුණත් සමහර විට කෙනෙක් දෙන්නත් පුළුවන්. මෙහිදී ඔබ සදාචාරාත්මකව වරදක් කර නැතත් නීතිමය වරදක් කර තිබෙනවා. මෙවැනි අවස්ථා වල සමාජයේ සාකච්ඡාවක් ඇති වී නීතිය වඩාත් සුනම්‍ය වීමයි සිදුවිය යුත්තේ. ඒ කියන්නේ, මෙවැනි අවස්ථාවක වේග සීමා උල්ලංඝනය වරදක් නොවන බව (ඇතැම් විට වෙනත් කොන්දේසි යටතේ) නීතියට එකතු වීම.

//එහෙත් මට අවශය නීතියේ අසාධාරණත්වය පෙන්විමටනම් එලෙස ලැබෙන දඩුවම සහ නීතිය ක්රියත්මකවීමෙ අඩුපාඩුද මම විසින් පෙන්විය යුතුය.// මේ දෙක දෙකක්. නීතිය ක්රියාත්මකවීමෙ අඩුපාඩු ඔබ විසින් සෑම විටම පෙන්විය යුතුයි. මෙය නීතියේ අසාධාරණත්වය පෙන්වීමක් නෙමෙයි. පවතින නීතිය ඇතුළේම මෙය කිරීමට විශාල අවකාශයක් තියෙනවා. නීතිය යම් පුද්ගලයෙකු විසින් (උදාහරණයක් ලෙස පොලිස් නිලධාරියෙකු) අවභාවිතයේ යොදවන පළමු අවස්ථාවේම විරුද්ධ නොවීම නිසා තමයි ඒවා සම්මත බවට පත්වී විරුද්ධ වීමට අපහසු තත්ත්වයකට වර්ධනය වන්නේ.

//තමන්වෙත ලැබේන යුක්තිය පිලිගෙන නිහඩව සිටිම මගින් නීතියේ ඇති දොශයන් නිවරදි වන්නෙ නැත.// රටක අධිකරණ පද්ධතියක ධුරාවලියක් තියෙන්නේ මේ නිසා. පහළ උසාවියක තීන්දුවෙන් ඔබ සෑහීමට පත් නොවන්නේනම් ඔබට ඊළඟ මට්ටමට යා හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25736188824944585602016-01-30T23:58:31.896-05:002016-01-30T23:58:31.896-05:00ඉකෝන්,
අපූරු ලිපියක් ඒ වගේම අගනා සංවාදයක්....:)ඉකෝන්,

අපූරු ලිපියක් ඒ වගේම අගනා සංවාදයක්....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45724734365419006452016-01-30T23:51:27.824-05:002016-01-30T23:51:27.824-05:00ස්තූතියි ඇනෝ...අපූරු පොතක්......:)ස්තූතියි ඇනෝ...අපූරු පොතක්......:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15127443827371108132016-01-30T14:55:32.404-05:002016-01-30T14:55:32.404-05:00සමාජය තුලින් පොදු සම්මුතින් ලෙස පනවාගනු ලැබු නීති ...සමාජය තුලින් පොදු සම්මුතින් ලෙස පනවාගනු ලැබු නීති පද්දතින් ආරක්ශා කිරිම සම්බන්දයෙන් මමද පෙනී සිටිමි. (උදා - ඇඹිලිපිටිය සිද්දියෙදී පොලිසියේ පමනක් නොව ගැටුමට අදාල අනෙක් පාර්ශවයේද වරදක් ඇතිබව මම විශ්වාස කරමි, ගැටුම ඇතිවීමේ පළමු වරද කරුවන් ඔවුන්ය, අදාල සිද්දිය පිලිබදව කතාකිරිමේදි බෝහෝදෙනා එම පාර්ශවය පිලිබදව කතාකලේ නැත ).

ඔබගෙ පැහැදිලිකිරීම් සම්බන්දව බෝහෝ දුරට එකගවිය හැකිවුවද, ඔබගේ කරුණු දැක්වීම තුල ඇති තනි තනි පුද්ගලයින් කාර්යක්ශමවීම, නිවරදිවීම, නීතිගරුකවීම තුලින් සමජය කාර්යක්ශම, නීතිගරුක වඩා යහපත් වීම දැනට පවතින සමාජය තුලදි ප්‍රයොගිකව සිදුනොවන බව සිතමි.
ප්‍රදීප් මංගල
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7337999899456183042016-01-30T14:27:36.154-05:002016-01-30T14:27:36.154-05:00අධිකරනයකදි සමානයය පුද්ගලයකුට තමට ඇප ලබ නොදෙන්නේ ඇය...අධිකරනයකදි සමානයය පුද්ගලයකුට තමට ඇප ලබ නොදෙන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කිරීමට නොහැකිය. තමන්ගේ නඩුව ප්රමාධවන්නෙ ඇයිද යනුවෙන් විමසිමටද නොහැකිය. හාමුදුරුවන්ගෙ ක්‍රියාව මම ඒතැනින් අනුමත කරමි. ඒ අරමුනින් කලාවුවද යම් දඩුවමක් ලබාදීම සම්බන්දයෙන් මම විරුද්ධ නැත. අධිකරනමය කටයුතු ප්‍රමාදවීම පිලිබදව විශාල පිරිසක් එලෙස කතාකරන්නෙනම් (දඩුවම් ලැබිමට යටත්ව ) ඒ පිලිබදව වගකිවයුතු පාර්ශවයන් විසදුම් සොයනු ඇත. ( පොදු ජනතව , නීතිය පිලිබන්දව අවබෝධයක් ඇති පිරිස සහ නීති රීති සකස් කරන්නන්)

අධිකරණ කටයුතු ප්රමාධවීමට එක් කරුනක්නම් අනවශය කරුනුද අදිකරනයටම ගෙන ඒමය (උදා - රථවාහන වැරදි සම්බන්ද නඩු අධිකරනයට ගෙන ඒම.......)

ඇප ලබාදීම බෝහෝ අවස්තාවලදි ප්‍රමාද කරණුයෙ වීමර්ශනයන් වලට බාධාවක් වනවාටත්වඩා වරද සම්බන්දයෙන් නීතිය ක්‍රියත්මක කිරීමට විශාල කාලයක් ගතවන නිසා වරද කරුට දඩුවමක් ලබාදීමටය.( ආයුධ පෙන්වීමට ගොස් මරාදමන ලද්දෙද ඒ හේතුවෙන්මය ) මෙය යුක්තිසහගත තත්වයක් නොවෙය. ආයුධ පෙන්වීමට ගොස් මරාදැමීම සම්බන්දවවූ වීරෝදය ආකාරයටම මෙයටද විරුද්ධවිය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91243878636093570142016-01-30T13:10:15.981-05:002016-01-30T13:10:15.981-05:00යමෙකුට ඔහුගේ ජීවිතය තර්ජනයකට ලක්වී ඇතිබව දැනේන්නේ...යමෙකුට ඔහුගේ ජීවිතය තර්ජනයකට ලක්වී ඇතිබව දැනේන්නේනම් ඔහුට ජීවිතය ආරක්ශා කරගැනීම සදහා සමහර නීති කැඩිමට සිදුවේ (කුමාර් සහ අනෙක් සමහර දෙශපාලන ක්රියදරයන්ට සහ මාධය වෙදින්ට තම ජීවිත ආරක්ශව සදහ නීති වීරොධිලෙස රටින් බැහැර වීමට සිදුවිය. තවත් සමහරුන් වෙලදපොල අවශයතාවයන් සදහා එලෙස රටින් බැහැර වෙති ) එලෙස ඇති තම පුද්ගල ආරක්ශාවෙ අයිතිය අනුව පොලිසිය විසින් අපරාධ චුදිතයින් මරාදමන ලදි. සමාජයක් ලෙස බහුතරය විසින් එය අනුමත කරන ලදි හෝ අදාල අවස්තවෙදී නිශ්ශබ්ධව සිටින ලදි.

සුලබ වරදවල් සම්බන්දයෙන් සියල්ලන්ටම නීතිය ක්‍රියත්මක කල නොහැකිබව මමද පිලිගනිමි. (කුමර් විසින් කරනලද වරද ලන්කාවේදි සුලබ වරදක් වීමට ඉඩ ඇත ) එමෙන්ම පවතින නීතිය සාධාරණ නැතැයි සහ එය වෙනස්විය යුතුයැයි සිතා කටයුතු කිරීමෙදි යම් යම් නීති කඩා දමන්නෙනම් පවතින නීතිය අනුව දඩුවම් විදිමටද මිනිසුන් සුදනම් විය යුතුබවද මම පිලිගනිමි. එහෙත් මට අවශය නීතියේ අසාධාරණත්වය පෙන්විමටනම් එලෙස ලැබෙන දඩුවම සහ නීතිය ක්රියත්මකවීමෙ අඩුපාඩුද මම විසින් පෙන්විය යුතුය. තමන්වෙත ලැබේන යුක්තිය පිලිගෙන නිහඩව සිටිම මගින් නීතියේ ඇති දොශයන් නිවරදි වන්නෙ නැත.

ඔබ විසින් ඉදිරිපත්කරන තර්කයන් නීතිය අපක්ශපාතිව සහ සාධාරනව යෙදෙන්නෙනම් ක්‍රියත්මක කලහැකිය. එවිට මිනිසුන් ස්වයක්තයෙන්ම ඒ අනුව කටයුතු කරනු ඇතැයි මමද සිතමි. එලෙස නොවන සෑම අවස්තාවකදීම අරයට නීතිය ක්‍රියත්මක කරන්නේ නැතුව මට ක්‍රියත්මක කරන්නේ ඇයි යන්න විමසිය හැකිය. (වයවස්තාදායකය සහ විධායකය නීතිය ක්‍රියත්මක කිරීමට බලපැම් ඇතිකරන අවස්තවලදි සහ අධිකරන නිලධරින් පක්ශක්ග්රහී වන අවස්තවලදි )

එමෙන්ම දැනට අඩුපාඩු සහිතව හෝ ක්‍රියත්මකවන නීතිය මගින් සමජයතුල තුලිතතාවය පවත්වාගෙන යනබව මමද විශ්වාස කරමි. එබැවින් සමාජයේ බහුතරයක් තුල නීතිය, පොලිසිය පිලිබදව අවිශ්වාශයක් අප්‍රසාදයක් තිබුනද තමන්ට එම ආයතනයෙන් සහනයක් ලැබේයැයි මිනිසුන් අපෙක්ශා කරයි.

ප්‍රදීප් මංගල

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81215525552447414562016-01-30T12:23:22.547-05:002016-01-30T12:23:22.547-05:00ආර්ථිකය හා අදාළ කොටස ගැන පසුව ප්‍රතිචාර දමන්නම්. ආර්ථිකය හා අදාළ කොටස ගැන පසුව ප්‍රතිචාර දමන්නම්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70305144271387110792016-01-30T12:21:44.887-05:002016-01-30T12:21:44.887-05:00//හාමුඩුරුවන්ගෙ ක්‍රියාව මම අනුමත නොකරන්නෙ එහි අවස...//හාමුඩුරුවන්ගෙ ක්‍රියාව මම අනුමත නොකරන්නෙ එහි අවසන් අරමුන ගැටලුසහගත බැවින් පමනී// මෙයින් ඔබ අදහස් කරන්නේ අවසන් අරමුණ ඔබේ අරමුණු සමඟ ගැලපේනම් මේ ක්‍රියාමාර්ගය නිවැරදියයි ඔබ සිතන බව විය යුතුය. (ඇතැම් විට ඔබේ 'යහපත්' අරමුණ වෙනුවෙන් හාමුදුරුවන්ව පූර්වාදර්ශයකට ගැනීම හොඳ දෙයක්යැයි ඔබ සිතනවා විය හැකිය.) ඔබ මෙන්ම හාමුදුරුවන්ගේ අවසන් අරමුණ නිවැරදියයි සිතන අයද සිටිති (මා ඒ ගොඩේ නැති වීම වෙනම කරුණකි.) මෙසේ තමතමන් නිවැරදියයි සිතන අවසන් අරමුණු වෙනුවෙන් විවිධ කණ්ඩායම් මේ අයුරින් ක්‍රියා කරන්නට පටන් ගත්තොත් ඇති වන අවුල් ජාලය ගැන මා වැඩිපුර විස්තර කළ යුතු නැත. එවැන්නක් ගෝත්‍රික සමාජයකට වඩා වෙනස් නොවනු ඇත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21326716455723033272016-01-30T12:12:50.107-05:002016-01-30T12:12:50.107-05:00//තනි තනිව තමන්ගේ ගැටලුව විදදරා ගැනීම වෙනුවට ජනතව ...//තනි තනිව තමන්ගේ ගැටලුව විදදරා ගැනීම වෙනුවට ජනතව තම්ගේ නඩු පමාවීම පිලිබඩව සාමුහිකව ප්‍රස්න කල යුතුය//
මෙයට මා එකඟය. එහෙත් මෙසේ ප්‍රශ්න කරන ක්‍රම ඵලදායී විය යුතුය. ප්‍රශ්න සමඟම විසඳුම් යෝජනාද ඉදිරිපත් විය යුතුය. ඒවා පුළුල්ව සාකච්ඡා විය යුතුය. විසඳුම් ලබා දීම වෙනත් අයෙකුගෙන් බලාපොරොත්තු වීම එතරම් ඵලදායී දෙයක් නොවේ. (කැමතිනම් මගේ ඊළඟ පෝස්ට් එකේ ඇති මහජන පෙත්සම් මඟින් නීති වෙනස්කිරීම පිලිබඳ ඔබේ අදහස කියන්න.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12857435309297043382016-01-30T12:04:39.811-05:002016-01-30T12:04:39.811-05:00//ඇපදිම ප්‍රමාද කිරිම, නඩු දිගින් දිගටම කල් ඩෙමිම,...//ඇපදිම ප්‍රමාද කිරිම, නඩු දිගින් දිගටම කල් ඩෙමිම, විමර්ශන්යන් පමවිම, නඩු වීස්දීමට අවශය ප්‍රමානයට නිලධරින් පත්නොකිරිම පිලිබලව ජනතාව ප්‍රස්න කල යුතුව ඇත.//
පළමුව මේ ප්‍රශ්න වල මුල් හඳුනාගත යුතුය. ඒ මුල් කොටස් දෙකකට බෙදිය හැකිය.
1. සම්පත් පිලිබඳ ප්‍රශ්න
2. කාර්යක්ෂමතාවය පිලිබඳ ප්‍රශ්න

සම්පත් අසීමිතව නැත. සම්පත් වැඩිකිරීමේදී එහි බර අවසාන වශයෙන් දරන්නට වෙන්නේ ජනතාවටමය. උදාහරණයක් ලෙස හන්දියක් හන්දියක් ගානේ පොලිස් නිලධාරියෙක් දමා (ඔවුන් කාර්යක්ෂමව සහ සාධාරණව කටයුතු කරනවායැයි සිතමු) හෝ රටෙන් බාගයක් සිරගෙවල් වල දමා නීතිය හා සාමය රැකීම ඉතා වියදම් අධික කටයුත්තකි. මෙසේ කිරීමෙන් ජනතාවට ලැබෙන වාසිය එහි වියදමට වඩා වැඩිය. ඒ නිසා, එක්තරා අවස්ථාවක අසාධාරණත්වය ඉවසා ගැනීම සාධාරණත්වය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වාසිදායක විය හැකිය. තනි පුද්ගලයින් වශයෙන් වැඩි දෙනෙකු සමාජයේ පොදු සම්මුතීන් සමඟ අනුගත වන විට ඒ පොදු සම්මුතීන් රැකීම සඳහා වැය වන වියදම විශාල ලෙස අඩුවේ. පොදු සම්මුතීන් සමඟ එකඟ නොවෙන ප්‍රතිශතය වැඩි වන තරමට සාධාරණත්වය වෙනුවෙන් පුද්ගලයෙකු ගෙවිය යුතු මිල වැඩිවේ. සමාජය ශිෂ්ඨ සම්පන්න වන තරමට (මෙය සාපේක්ෂ දෙයකි) නීතිය, සාමය, සාධාරණත්වය ආදී සියල්ල වඩා ලාභදායක/ මිල අඩු වේ.

කාර්යක්ෂමතාවය පිලිබඳ ප්රශ්නය එවැන්නක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ තිබෙන සම්පත් වලින් මෙයට වඩා වැඩිදෙයක් කළ නොහැකිද යන ප්රශ්නයයි. අධිකරණ හා නීතිය හා සාමය රැකීමට අදාළව අකාර්යක්ෂමතාවයන් ඇත්නම් එහි ප්රභවය මේ ක්ෂේත්‍ර වල සේවය කරන තනි පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවයන්ය. තනි පුද්ගලයින් කාර්යක්ෂම වුවහොත් නිකම්ම සමස්ථ පද්ධතියද කාර්යක්ෂම වේ. යමෙකුට ක්‍රමවේද (procedures) ගැන මතක් කළ හැකිය. ක්‍රමවේද හදන්නේත් පුද්ගලයින්ය. අවසන් වශයෙන් ඇත්තේ තනි පුද්ගලයින්ගේ හැසිරීම්/තීරණ/කාර්යක්ෂමතාව පිලිබඳ ගැටළුවකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32867234875647283572016-01-30T11:43:20.374-05:002016-01-30T11:43:20.374-05:00//එහෙත් පවතින පොදු සම්මුතින් සියල්ලම සාධරනයැයි මම ...//එහෙත් පවතින පොදු සම්මුතින් සියල්ලම සාධරනයැයි මම සිතන්නේ නැතිය//
කිසියම් නිශ්චිත මොහොතක පවතින කිසියම් පොදු සම්මුතියක් සාධාරණ නැති බව ඔබට හෝ මට පෙනෙන්නට පුළුවන. එහෙත්, සමාජයේ බහුතරයක් එය නිවැරදියයි සිතනවානම් මට එවැනි සම්මුතියකට අනුගත වීමට සිදුවේ. බොහෝදෙනෙකු නොපිළිගත්තත් මා සාධාරණයයි සිතන සම්මුතියක් වෙනුවෙන් හඬක් නැඟීමේ අයිතිය සහ වෙනත් අය දැනුවත් කිරීමේ අයිතිය මට තිබිය යුතුය. එහෙත් මා විශ්වාස කරන දෙය සමාජයේ පොදු සම්මුතිය බවට වෙනස් වන තුරු මා ඒ සම්මත සමඟ අනුගත විය යුතුය. (එසේ නැත්නම් දඬුවමක් විඳීමේ අවදානම ගත යුතුය)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27092424847108421012016-01-30T11:35:31.647-05:002016-01-30T11:35:31.647-05:00ප්‍රදීප්, නැවතත් ඔබ සංයමයෙන් යුතුව සහ පැහැදිලිව ඔබ...ප්‍රදීප්, නැවතත් ඔබ සංයමයෙන් යුතුව සහ පැහැදිලිව ඔබ සිතන දේ ඉදිරිපත් කිරීම මම අගය කරනවා. මෙය අවශ්‍ය වුනොත් මම මෙහි හෝ මගේ අනිත් බ්ලොගයේ ඉදිරියට ගෙනයන්නම්. විශේෂයෙන්ම ආර්ථිකය හා අදාළ කොටස.

//මගේ පළමු කොටසේදි මම කීමට උත්සහ කරන ලද්දේ කුමර්ට එරෙහිව නිතිය ක්‍රියත්මක වන්නෙ ඔහු වරදක් කල බැවින් පමනක් නොව ඔහු දෙශපාලනය කරන නිසද බවයි. ( ඔහු නීතිය කඩකර නැතැයි මම කියන්නේ නැත )// එය එසේ විය හැකි බව ඔහු ගැන විශේෂ කැමැත්තක් හෝ ද්වේශයක් නැති තුන්වන පාර්ශ්වයක් වන මටද හැඟෙන දෙයයි. යම් වරදක් කරන සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැත. උදාහරණයක් ලෙස වේග සීමා ඉක්මවන සියල්ලන්ම සෑම විටම ඇල්ලීම ප්‍රායෝගික දෙයක් නොවේ. සුලභ වැරදි වලට දඬුවම් දීමේදී වඩා කාර්යක්ෂම ක්‍රමය අහඹු ලෙස වරදකරුවන් අල්ලා ගැනීමයි. (වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍යනම් කළ හැකිය.). ඒ නිසා සියල්ලන්ටම දඬුවම් නොදීම පිළිබඳව මට ප්‍රශ්නයක් නැත. එහෙත්, මෙහිදී ඔබ කරන චෝදනාව (මා එයට එකඟය) එවැන්නක් නොවේ. තෝරාගත් පිරිසකට එරෙහිව දඬුවම් දීම සහ වෙනත් අය බේරා හැරීම අහඹු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා වෙනස් දෙයකි. එයින් නීතියේ අපේක්ෂාවන් ඉටුවන්නේ නැත. මෝටර් රථයේ වර්ගය අනුව හෝ එහි සිටින පුද්ගලයින් අනුව තෝරාබේරා නීතිය ක්‍රියාත්මක කිරීම නිවැරදි නැත. එය වෙනස් විය යුතු දෙයකි. එය වෙනස් කරගැනීම සඳහා කටයුතු කිරීමද නිවැරදිය. ඇතැම් අය වේග සීමා උල්ලංඝනය කරන බව මට පෙනේනම්, ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේනම් එයට විරෝධය පාමින් මාද වේග සීමා උල්ලංඝනය කිරීම සහ එසේ නොකරන අයටත් වේග සීමා උල්ලංඝනය කිරීමට පෙළඹවීම මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට විසඳුමක්යැයි මා සිතන්නේ නැත. එවැනි ප්‍රවේශයක් අවසන් වන්නේ අවුල් ජාලයකිනි. එවැනි විටෙක වේග සීමා උල්ලංඝනය කිරීම හා අදාළව මට චෝදනා කෙරේනම්, මා ඒ වරද කළ බව පැහැදිලිනම් මා වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකු පරිදිම ඒ චෝදනාවට මුහුණ දිය යුතුය. මා නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන්නේනම් ඒ සඳහා මට ඇති සැබෑ කැමැත්ත මට ආදර්ශයෙන් පෙන්විය හැක්කේත්, සමාජය නිවැරදි දිශාවට මෙහෙයවීමට උත්තේජනයක් සැපයිය හැක්කේත් එසේ කිරීමෙනි. (තනි පුද්ගලයින්ට වෙනස් විය හැකිනම් සමාජය අමුතුවෙන් වෙනස් කරන්නට අවශ්‍යතාවයක් ඇති නොවේ.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43038439842001186592016-01-30T02:29:02.395-05:002016-01-30T02:29:02.395-05:00මගේ පළමු කොටසේදි මම කීමට උත්සහ කරන ලද්දේ කුමර්ට එර...මගේ පළමු කොටසේදි මම කීමට උත්සහ කරන ලද්දේ කුමර්ට එරෙහිව නිතිය ක්‍රියත්මක වන්නෙ ඔහු වරදක් කල බැවින් පමනක් නොව ඔහු දෙශපාලනය කරන නිසද බවයි.( ඔහු නීතිය කඩකර නැතැයි මම කියන්නේ නැත )

සමජයක් පාලනය වීම සදහා සියලුදෙනාම පිලිගන්නා පොදු සම්මුතියක් තිබිය යුතුබව මම පිලිගනිමි. එහෙත් පවතින පොදු සම්මුතින් සියල්ලම සාධරනයැයි මම සිතන්නේ නැතිය

සාමන්‍ය පුද්ගලයකුට තමන්ගේ ඉඩමෙ අයිතිය නිරවුල් කරගෙනීම සදහා ඉතා විශාල කාලයක් බලාසිටිමට සිදුවේ. මනුශ ගාතනයකට එරේහිව නිතිය ක්‍රියත්මක වන්නෙ වසර 10ක්ට 20කට පසුවය. මෙම නීතිය පිලිබදව ජනතව ප්‍රස්න නොකිරීම ගැටලුවක්ය.

ඇපදිම ප්‍රමාද කිරිම, නඩු දිගින් දිගටම කල් ඩෙමිම, විමර්ශන්යන් පමවිම, නඩු වීස්දීමට අවශය ප්‍රමානයට නිලධරින් පත්නොකිරිම පිලිබලව ජනතාව ප්‍රස්න කල යුතුව ඇත. තනි තනිව තමන්ගේ ගැටලුව විදදරා ගැනීම වෙනුවට ජනතව තම්ගේ නඩු පමාවීම පිලිබඩව සාමුහිකව ප්‍රස්න කල යුතුය |( හාමුඩුරුවන්ගෙ ක්‍රියාව මම අනුමත නොකරන්නෙ එහි අවසන් අරමුන ගැටලුසහගත බැවින් පමනී

ප්‍රදීප් මංගලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5744416447009196212016-01-30T01:41:30.767-05:002016-01-30T01:41:30.767-05:00ආයෝජකයින් සිදුකරන කාර්යය වරදක් ලෙස මම දකින්නෙ නැති...ආයෝජකයින් සිදුකරන කාර්යය වරදක් ලෙස මම දකින්නෙ නැතිය. මට තිබෙන ගැටලුවනම් ආයෝජකයින් අසිමිතව ලබන ලාභය එනම් තම අවදනම වෙනුවෙන් ලැබෙන කොටසට වැඩිපුර දෙයක් ලබන බවයි. අනෙක් අතට ආයොජකයින් තමන්ගේ ලාභයේ කොටසක් නිශ්පදනය දියුනුකිරීම සදහාද යොදවයි. සමහර අවස්තවලදි එය නව නිශ්පදනයක් වැලැක්විම සදහා යෙදවිමටද කටයුතුකරයි. මෙම ද්ත්ව කාර්යයම සිදුකිරිම සදහා ඔවුනට බාධාවක් නොමැතිය. එමෙන්ම තම ඒකධිකාරිය ආර්ක්ශාකර ගනිමින් අනවශයය ලාභයන් ලැබිමද සිදුකරයි.

දෙවන කරුනනම් ආයොජකයා නිශ්පදකයාගෙන් (ශ්‍රමය යොදවන්නගෙ ශ්‍රමය ) අඩු මුදලකට ලබාගන්නේ ඔහුට ඇති අවශයතාවයන් සීමකිරිම මගින්ය
සමස්තයක්ලෙස ආයොජනයන් (නිශ්පාදනයන්) ඉහල නැන්විම මගින් ශ්රමිකයගේත් ආයොජකයාගේත් ආදයම් මට්ටම ඉහලයයි. එය සමස්තයක් ලෙස සැලකිමේදි සමාන අනුපතයන්ගෙන් සිදුනොවේ |(සෑම ආයොජකයෙක්ම ලාභ ලබන්නෙ නැත|, එමෙන්ම ආයොජන්යන් සිදුවන්නෙ ලාභ ලැබිමට වැඩි සම්බවිතාවක් තිබෙනා නිසාය ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78710667486306897292016-01-30T00:05:42.889-05:002016-01-30T00:05:42.889-05:00...//මේ කණ්ඩායම් දෙකටම, විශාල පිරිස් බලයක් නැතත්, ......//මේ කණ්ඩායම් දෙකටම, විශාල පිරිස් බලයක් නැතත්, සමාජයට දැනෙන තරමේ බලපෑමක් කිරීමේ ශක්තියක් තිබේ/...

අන්න ඒ නිසාමයි මොවුන් සම්බන්ධ සිදුවීම් දින ගනනාවක් පුරාවටම කතා බහට ලක් වන මාතෘකා බවට පත් වෙන්නෙත්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35519826886637836252016-01-29T22:50:54.761-05:002016-01-29T22:50:54.761-05:00//ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකි...//ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය. //

Well said Bro!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81811809267128397722016-01-29T17:05:33.546-05:002016-01-29T17:05:33.546-05:00එය හොඳ පොතක්, ඇනෝ. බාගත කළ හැකි සබැඳියක්ද සමඟ දැමී...එය හොඳ පොතක්, ඇනෝ. බාගත කළ හැකි සබැඳියක්ද සමඟ දැමීම ගොඩක් වටිනවා. ඔහුගේ අනිත් පොතුත් හොඳයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80150252370555275552016-01-29T17:01:01.513-05:002016-01-29T17:01:01.513-05:00//එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු...//එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත.//

මම මේ විදිහට නම් ටිකක් යොදාගන්නම්.
සෝමලතා- භාණ්ඩය සකස්කර රු 100ට විකුණයි.
රාමන්- රුපියල් 25කට භාණ්ඩය ප්‍රවාහනය කරයි.
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී.
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ.
රත්නායක- පැත්තක සිට රුපියල් 100ක් යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි.
භාණ්ඩය- කෙසෙල්කැනක් යැයි සිතමු.

තවමත් මෙහි ඇත්තේ ඔබ සඳහන් කළ කරුණු පමණි. මේ කතාවේ රත්නායක ආයෝජකයාගේ සහ ව්‍යවසායකයාගේ කාර්යයන් දෙකම කරයි.

දැන් අපි මේ ගනුදෙනුවෙන් එක් එක් පුද්ගලයාට ලැබෙන ලාභය බලමු.
සෝමලතා- කෙසෙල්කැන රු 100ට විකුණන්නේ එසේ කිරීමෙන් ඇයට ලාභයක් ලැබෙන නිසාය. ලාභයක් නැත්නම් ඇයට මෙය ප්‍රතික්ෂේප කළ හැකිය. ඇගේ නිෂ්පාදන වියදම සහ ශ්‍රමයේ වටිනාකම රුපියල් 75ක් නම් ඇයට රුපියල් 25ක ලාභයක් තිබේ.
රාමන්- රුපියල් 25කට කෙසෙල්කැන ප්‍රවාහනය කර දෙන්නේ ඒ ගණනට ප්‍රවාහනය කර දීමෙන් ඔහුට ලාභයක් ලැබෙන නිසාය. රාමන් මෙය කර තියාගෙන යයි. ඔහු එදින එය නොකළොත් ඔහුට වෙනත් වැඩක් නොලැබේ. ඒ නිසා රාමන්ට ලැබෙන වාසිය රුපියල් 25කි.
පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී. ඇයට ගෙදර උත්සවයකට කෙසෙල්කැනක් අවශ්‍යය. මේ කෙසෙල්කැන ඇයට නොලැබුනානම් ඇයට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිලදී ගැනීමට රුපියල් 275ක් වැයවේ. ඒ නිසා ඇගේ ලාභය රුපියල් 25කි.
නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ. රත්නායක මේ සඳහා ඔහුට කතා කරන විට නවුෆර් රුපියල් 25ක කුලියකට වෙනත් වැඩක් භාර ගැනීමට සූදානම් වුණා පමණි. මේ වැඩෙන් ඔහුට වැඩිපුර රුපියල් 25ක් ලැබේ.
රත්නායක- සෝමලතාට රුපියල් 100ක් අතින් ගෙවයි. රාමන්ට සහ නවුෆර්ට ගෙවන්නේ පැට්‍රීෂියාගෙන් ලබාගත් මුදලිනි. යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි. එය ලබා ගැනීම සඳහා රත්නායක කළේ කුමක්ද?

-රත්නායක අවදානමක් ගත්තේය. ප්‍රවාහනය කරන විට පැට්‍රීෂියා රුපියල් 275කට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිල දී ගෙන තිබුණානම් සිදුවන්නේ කුමක්ද?
වෙනත් කෙනෙකුට කෙසෙල්කැන විකුණන්නට වෙන්නේ රුපියල් 200කටය. මේ අවදානම 50%ක් විය. එසේ වුණානම් ඔහුගේ ලාභය රුපියල් 25ක් පමණි. ඒ කියන්නේ ඔහුගේ අපේක්ෂිත ලාභය වූයේ රුපියල් 50කි. (25 සහ 75 සාමාන්‍ය අගය). දැන් ඔහුගේ රුපියල් 75න් 25ක් ඒ අනුව ලැබුණේ ඔහුගේ 'වෙලාව හොඳ' නිසාය. (සම්භාවිතාව අනුවය) මෙය රුපියල් 25ක පාඩුවක් විය හැකිව තිබුණි.
-මේ රුපියල් 100 පොලියට දුන්නානම් ඔහුට රුපියල් 25ක් ලබාගන්නට තිබුණේය. (වෙනත් අයුරකින් කියනවානම්, මේ රුපියල් 100 ඔහුගේම මුදල් නොවී, ඔහු ගත්තේ සැබෑ ආයෝජකයා වන හේමලතාගෙන් පොලියටනම් ඔහු හේමලතාට රුපියල් 25ක් ගෙවිය යුතුය.)
-ඉතිරි රුපියල් 25 ඔහුට ලැබෙන්නේ ඔහු ව්‍යවසායකයෙකු වශයෙන් කළ ඉතාම වැදගත් කාර්යය නිසාය. ඔහුට ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගත හැකි විය. ඒ නිසා, සෝමලතා, රාමන්, පැට්‍රීෂියා, නවුෆර්, හේමලතා යන පස් දෙනාටම රුපියල් 25 බැගින් වාසි විය. ඔහුට රුපියල් 50ක වාසියක්ද සිදුවිය.

ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය.

මේ කොටසේ ඔබට අපැහැදිලි හෝ අවුල් සහගත යමක් ඇත්නම් කරුණාකර අහන්න. මට මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89516757315297560962016-01-29T16:05:21.119-05:002016-01-29T16:05:21.119-05:00අවසන් කොටස මා කැමතිම කොටසයි. මා මේ බ්ලොග් එක ඇරඹුව...අවසන් කොටස මා කැමතිම කොටසයි. මා මේ බ්ලොග් එක ඇරඹුවේම මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමටය. එක් අතෙකින් මෙවැනි සරල දේවල් මුලින් විස්තර නොකිරීම ගැන මට මා ගැනම කණගාටුවක් තිබේ. අනෙක් අතට, වෙනත් කරුණු ගැන නොලිවුවානම්, ඇතැම් විට මේ ප්රශ්නය අසන්නට ඔබ මෙහි එන්නේද නැත.

//එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත.//

ඔබේ විස්තරය ඉතා පැහැදිලි, හොඳ විස්තරයකි. ඒ නිසා විශ්ලේෂණය කිරීම පහසුය. 'වරදක්' යන වචනය ගත්තොත් මෙය සාපේක්ෂ සංකල්පයකි. ඔබ වරදක් සේ දකින දෙයක් මා එසේ නොදකින්නට පුළුවන. එවිට පුද්ගල සම්බන්ධතා සුමට ලෙස සිදුනොවේ. මෙය අප දෙදෙනාටම ප්රශ්නයකි. වරද කුමක්ද යන කරුණ ගැන අප දෙදෙනා එකඟතාවයකට පැමිණීම මෙයට විසඳුමකි. උදාහරණයක් ලෙස පන්සල් ගෙනයාමට අවසරයකින් තොරව ඔබේ වත්තේ මල් කැඩීම මා වරදක් ලෙස නොදකිද්දී ඔබ එසේ දැකිය හැකිය. නීතිය යනු සමාජයක් මෙසේ එකඟ වන කරුණු සමූහයකි. යම් කරුණක් සම්බන්ධව බොහෝ දෙනෙකුට සම්මුතියකට පැමිණීම අපහසුය. ඒ නිසා, එක් පුද්ගලයෙකු වරදක් ලෙස දකින දෙයක් අදාළ සමාජයේ නීතිය අනුව වරදක් නොවිය හැකිය.

එහෙත්, ඒ සමාජයේ බොහෝ දෙනෙකු වරදක් ලෙස සිතන දෙයක් එහි නීතිය අනුවද වරදක් බවට පත්වේ. ඉහත උදාහරණයේ ඇති කරුණ නීතිමය වරදක් නොවූවත් සදාචාරාත්මක වරදක් ලෙස ඔබ සලකනවා විය හැකිය. ආගමික හෝ සදාචාරාත්මක වැරදි හැමවිටම නීතිමය වැරදි සමඟ සමපාත නොවේ. දැන් ඉහත කරුණට ආපසු ආවොත්, මෙවැන්නක් වරදක්යයි ඔබ සිතනවානම් ඔබ එවැනි ලාභයක් ලැබෙන කටයුත්තක නොයෙදීමට ඉඩ තිබේ. එවැන්නක් කළද, වරදකාරී හැඟීමකින් එය කරනු ඇත. ඒ නිසා, එය සැබවින්ම ඔබට අනුව වරදකි. එහෙත්, එසේ නොසිතන අයට එය වරදක් නොවේ. මෙය නීතිමය වරදක් වී නැත්තේ එය සදාචාරාත්මක වරදක් බව බොහෝ දෙනෙකු නොසිතන නිසාය. එසේ නොවන්නේ ඇයිද යන කරුණ මට ආර්ථික විද්‍යා මූලධර්ම ඇසුරෙන් පැහැදිලි කළ හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16633814965100273722016-01-29T15:25:03.376-05:002016-01-29T15:25:03.376-05:00//මෙය ප්‍රසිද්ධියේ සිදු නොවුනද දුරකතන මාර්ගයෙන් මෙ...//මෙය ප්‍රසිද්ධියේ සිදු නොවුනද දුරකතන මාර්ගයෙන් මෙයටත් වඩාවන බලපෑම් අධිකරණයට ඇත.// මා ඔබ සමඟ එකඟය. ඇත්තටම මෙවැනි දේ ගැන මට සැලකිය යුතු අවබෝධයක් තිබේ. මේ තත්ත්වය සාපේක්ෂව මෑතකාලීනව සිදුවූ වර්ධනයකි. දශක ගණනකට පෙර රටේ නිලධාරීතන්ත්රය දේශපාලන අධිකාරිය සාපේක්ෂව ඉතා ප්‍රබල තැනක සිටියේය. දිසාපති වරයෙකුට පළාතේ මන්ත්‍රීට 'ගෙටවුට්' කීමට හැකි කාලයක සිට මෙය ටිකින් ටික දුර්වල වී (මෙහිදී මා පළමු ක්‍රමය වෙනුවෙන් කොන්දේසි විරහිතව, මුළුමනින් පෙනී සිටිනවා නොවේ) ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුටත් ඔලුව නමන්නට වන තැන දක්වා වෙනස් වෙද්දී අධිකරණයට සාපේක්ෂව ස්වාධීනත්වය රැකගෙන සිටීමට හැකි විය. මේ තත්ත්වය මෑත කාලයේදී සීඝ්රයෙන් වෙනස් වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබුණේය. එය හොඳ ප්‍රවණතාවක් නොවේ. මොන අඩුපාඩු යටතේ වුවත්, තවමත් සාමාන්‍ය පුරවැසියෙකුට රාජ්‍ය (දේශපාලන) යාන්ත්රණයට එරෙහිව ඇති ප්‍රධානම විකල්ප බලය රටේ අධිකරණ පද්ධතියයි. ඒ ශක්තිය නැති වූ විට සිදුවන්නේ පුරවැසියා තවත් අන්ත අසරණ තත්ත්වයකට පත්වීමයි. (මේ තත්ත්වය අපේක්ෂා කරන කණ්ඩායම්ද සිටිති.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11761168087896257932016-01-29T15:09:15.803-05:002016-01-29T15:09:15.803-05:00//කුමාර් ගුණරත්නම් නඩුවේදි ඇප ලබාදීම හෝ ඒ පිලිබදව ...//කුමාර් ගුණරත්නම් නඩුවේදි ඇප ලබාදීම හෝ ඒ පිලිබදව අධිකරණමය කටයුතු සිදුකිරීම හිතාමතාම පමා කරමින් සිටියි.// එය එසේ විය හැකිය. මෙය පමා කිරීමට සාධාරණ හේතු ඇත්දැයි මා දන්නේ නැත. ඒ නැතත්, නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් නැත. එය සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබීමද අවශ්‍යය.

//නීතී විරෝධී ලෙස රටින් බැහැරවු වෙනත් රටවල පුරවැසිභාවය ගත් පිරිස් නැවත ලංකාවට පැමිණි පසු ඔවුන් දේශපාලනයට සම්බන්ධ නොවේනම් ඔවුන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත.//
මෙහි ඇති වරද ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමයි. වෙනත් අය වැරදි කිරීම නිසා මා වරදක් කිරීම සාධාරණ වන්නේ නැත. යම්කිසි හේතුවක් නිසා නීතියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකිනම් එවැනි නීතියක් සංශෝධනය විය යුතුය. එහෙත්, එය සිදුවන තුරු එය ක්‍රියාත්මක විය යුතුය.

//සමාජයක් වෙනස් කිරීමේදි පවතින නීතීය කඩ කීරීමට සිදුවනවාය එය අනිවාර්යයක්ය.//
එය කිසිසේත්ම එසේ නොවේයැයි මා කියන්නේ නැත. එවැනි අවස්ථාවකට සමාජයක් එළඹිය හැකිය. එහෙත්, එසේ කිරීමට අවශ්‍ය තරමට ලංකාවේ ප්රජාතන්ත්රවාදී/ නීතිමය රාමුව දුර්වල වී ඇතැයි මා සිතන්නේ නැත. මේ රාමුවේ අඩුපාඩු ඇත්නම් ඒ අඩුපාඩු සකස්කර ගැනීමට ඉඩප්‍රස්තාවන් තවමත් ඕනෑ තරම් තිබේ. එක් අයෙකු රාමුවෙන් බැහැර වූ විට තවත් අය එයම අනුගමනය කිරීමෙන් එය සිදු නොවේ. එයින් වන්නේ මේ රාමුව තවත් දුර්වල වීම පමණි. (ඇතැම් අය මේ බව දැනගෙන චේතනාන්විතවම මෙය කරනවා විය හැකිය.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com