tag:blogger.com,1999:blog-3221129106341750825.post5027698291630382061..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මා ඡන්දය නොදැම්මේ ඇයි?Unknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221129106341750825.post-69602343430777163182015-08-25T11:21:37.847-04:002015-08-25T11:21:37.847-04:00වෙනත් භාණ්ඩයකට හෝ සේවාවකට වගේම චිත්‍රපටයකටත් නිශ්ච...වෙනත් භාණ්ඩයකට හෝ සේවාවකට වගේම චිත්‍රපටයකටත් නිශ්චිත නිෂ්පාදන පිරිවැයක් තිබිය හැකියි. ඒත් නිෂ්පාදන පිරිවැය කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක නියම 'වටිනාකම' නෙමෙයි. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයා, නැත්නම් ප්‍රේක්ෂකයා. චිත්‍රපටියක් බාල හෝ උසස් වෙන්නේත් ප්‍රේක්ෂකයාට සාපේක්ෂව. තමන් ගෙවීමට සූදානම් උපරිම මිල තීරණය වෙන්නේ මේ සාපේක්ෂ වටිනාකම අනුව. එක් එක් පුද්ගලයාට සාපේක්ෂව යම් චිත්‍රපටයක් නැරඹීමේ වටිනාකම රූබල් 100ක්, 10ක්, 5ක්, 2ක් හෝ 1ක් විය හැකියි. රජයෙන් චිත්‍රපටය පෙන්වන මිල ඒ සඳහා යන පිරිවැය වන රුබල් 10ක් නම් චිත්‍රපටය නරඹන්නේ දෙන්නයි. මිල රුබල් 2ක් දක්වා අඩු කළොත් 4දෙනෙක් නරඹනවා. ඒත් ඒකෙන් චිත්‍රපටියේ වටිනාකම වෙනස් නොවන නිසා පාරිභෝගිකයින්ට යහපතක් වෙනවා. දැන් මෙතන තියන ප්රශ්නය නිෂ්පාදකයාගේ පාඩුව පියවන්නේ කවුද කියන එකයි. එය පියවන්නට වෙන්නේ චිත්‍රපටය බලන සහ නොබලන අයට පොදුවේ. මෙතන තියෙන ප්රශ්නය චිත්‍රපටය නොබලන අයටත් එය බලන අයගේ වියදමෙන් කොටසක් දැරීමට සිදු වීමයි. එසේ ගෙවීමෙන් ඒ අය සතුටක් ලබනවානම් ප්‍රශ්නයක් නැහැ. (දැන් ඔබ ඔබේ මහන්සියෙන් උපයාගත් මුදලින් බ්ලොග් ලියන්නන්ට මාසෙකට ගානක් දෙනවා වගේ. මෙතෙන්දී ඔබේ අරමුණ ඉටුවීමෙන් ඔබ සතුටක් ලබනවා. ඒ සතුට රුපියල් 1000ට වැඩියි.) ඒත් බොහෝ විට මිනිස්සු ඒ විදිහට හිතන්නේ නැහැ. ඒ නිසා මෙතන සිදුවන්නේ රාජ්‍ය බලහත්කාරයක්. (තවත් පැතිත් තියෙනවා. මේක මූලික අදහස විතරයි.)

//මිනිසුන් වැඩිපුර චිත්‍රපටි බලන්න යවන්න ආණ්ඩුවට ඕන වුණා. ඉතා හොඳ චිත්‍රපටි අඩු මිලට නරඹනවා කියන්නේ..//
මා දකින ප්රශ්නය තියෙන්නේ මෙතැනයි. දැන් "හොඳ" චිත්‍රපටය තීරණය කරන්නේ රජය. එතැන තියෙන දාර්ශනික පදනම මිනිස්සුන්ට හොඳ දේ තෝරා ගැනීමේ හැකියාවක් නැහැ, පුළුවන් කෙනෙක් හොඳ දේ තෝරලා දෙන්න ඕනෑ කියන අදහසයි. ගොඩක් අන්තවාදීන්, ජාතිවාදීන් කරන්නෙත් තමන් හොඳයි කියා තීරණය කරන දෙය අනුන්ට බලෙන් පැටවීම නිසා මෙවැනි මතවාදයක් ඉදිරියට යාමේ ගැටලුවක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14912418730940995312015-08-25T10:55:16.721-04:002015-08-25T10:55:16.721-04:00ග්‍රීන් පක්ෂය දිනන සම්භාවිතාව 99% වුනත් 1% වුනත් ඔ...ග්‍රීන් පක්ෂය දිනන සම්භාවිතාව 99% වුනත් 1% වුනත් ඔබේ මෝටර් රථයේ ඉන්ධන පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවන කොටසට සම්භාවිතාව අදාල නැහැ.

ග්‍රීන් පක්ෂයට ඔබ ඡන්දය දුන්නේ ඇයි කියන එක ඔබෙන්ම ප්‍රශ්න කළොත් එයින් ඔබට ඇති වාසිය ඔබට තේරුම් ගන්න පහසු වෙයි. මට පුළුවන් guess කිරීමක් හෝ යෝජනා කිරීමක් කරන්න පමණයි. එය ඔබ සිතන ආකාරයට සාපේක්ෂ නිසා. මොන විදිහෙන් හරි ඔබ එයින් ලබන සතුට ඔබේ වාසියක්. බොහෝ විට මේ වාසිය මෙවර නොහැකි වුනත්, පසුව ඔවුන්ට ඉදිරියට පැමිණීමට ලැබෙන තල්ලුව විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11387257195445654092015-08-25T09:42:49.464-04:002015-08-25T09:42:49.464-04:00ඔබේ විග්රහයේ (b1 - b0) මේක p1 න සම්භාවිතාවෙන් වැඩ...ඔබේ විග්රහයේ (b1 - b0) මේක p1 න සම්භාවිතාවෙන් වැඩි නොකළේ ඇයි ?
මම නම් ජයග්‍රහණයක් නොලැබුනත් චන්දය දුන්න. මේ පාර ග්‍රීන් පක්ෂයට. මට වාසියක් වත් අවාසියක් වත් නැහැ. ඔබේ අදහස් මේ වගේ රටවල වලංගුද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27376056663667814842015-08-25T09:41:04.441-04:002015-08-25T09:41:04.441-04:00//සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්...//සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්‍රපටිය පෙන්වීම වෙනුවෙන් අය කරන මිල ඔබ සමඟ කේවල් කරයිනම් අපේක්ෂිත තෘප්තිය පරයා සිනමාහල්කරු ඉල්ලා සිටින මිල වැඩි වන මොහොතේ ඔබ චිත්‍රපටය නොබලා ආපසු හැරීයාමට තීරණය කරයි. මෙවැනි නිරීක්ෂණ උපකාරයෙන් කෙලින්ම මුදලින් අගය සටහන් නොවන සාධකයක වුවද සැබෑ වටිනාකම මුදලින් ගණනය කළ හැකිය.//
දැන් අපි හිටි සෝවියට් දේශයේ සිනමා ටිකට් පතක මිල ඉතාම අඩුයි. මිනිසුන් වැඩිපුර චිත්‍රපටි බලන්න යවන්න ආණ්ඩුවට ඕන වුණා. ඉතා හොඳ චිත්‍රපටි අඩු මිලට නරඹනවාකියන්නේ චිත්‍රපටියට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියන එක. නමුත් එයින් එය බාල වෙනවද? නැහැ. සැබෑ වටිනාකම මුදලින්ගන්නය කරන්න බැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61761552786683930412015-08-24T14:00:15.643-04:002015-08-24T14:00:15.643-04:00කොයිතරම් අසාධාරණද දේශපාලකයින්ට බණින එක? පක්ෂ බදා ග...කොයිතරම් අසාධාරණද දේශපාලකයින්ට බණින එක? පක්ෂ බදා ගෙන ඉන්න එක තේරුමක් නැති බව ඡන්දදායකයින්ට ආදර්ශයෙන්ම පෙන්නලා දෙන්න වුනෙත් ඒ අයටමනේ...ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9296794306309789672015-08-24T13:55:21.879-04:002015-08-24T13:55:21.879-04:00කමී, මම හිතන්නේ ගාන ටිකක් වැඩියි වගේ. අපේක්ෂකයෙක් ...කමී, මම හිතන්නේ ගාන ටිකක් වැඩියි වගේ. අපේක්ෂකයෙක් ඡන්දෙට වියදම් කරන ගාන ලැබෙන මනාප ගානෙන් බෙදුවොත්නම් ගාන සාධාරණයි වගේ පේනවා. වැඩේ තියෙන්නේ සතා ෂුවර් නෑනේ! සල්ලිත් අරගෙන වෙන කාට හරි දුන්නොත්?

ඕකටත් විසඳුම්නම් සමහර අය හොයාගෙන තිබුණනේ...පළමුවෙනි එක්කෙනාට හිස් කොළයක් පෙට්ටියට දාල තමන්ගේ නීත්‍යානුකූල ඡන්ද පත්‍රිකාව පන්නගෙන එනවට දෙදාහයි. අනෙත් අයට තමන්ට දෙන ඡන්දය සහ මනාපය ලකුණු කරපු එක පෙට්ටියට දාල එතනින් ලැබෙන හිස් එක රිටර්න් කරනවට දෙදාහයි. වැඩේ හරියට කළා කියලා තහවුරු කරන්න ඡන්ද නියෝජිතයෝ ඉන්න නිසා හොර බොරු බෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25895786348788564342015-08-24T13:44:59.784-04:002015-08-24T13:44:59.784-04:00Some still wait until the dinner is served!Some still wait until the dinner is served!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18921386713976120102015-08-24T13:42:47.226-04:002015-08-24T13:42:47.226-04:00කුරුටු, මම හිතන හැටියටනම් ඔය දෙක දෙකක්. ඔය පළවෙනි ...කුරුටු, මම හිතන හැටියටනම් ඔය දෙක දෙකක්. ඔය පළවෙනි කරුණ ගත්තහම ඔතන තියෙන්නේ අහවලා දේශප්‍රේමියෙක් අනිත් කෙනා බටහිර ගැත්තෙක්, ඔය දැනුම අපිට ප්රත්යක්ෂයෙන්ම තියෙන නිසා චිත්‍රපටිය බලන්න දෙයක් නැහැ වගේ අදහසක්නේ. මෙතැන තියෙන වැරැද්ද මේ මිනිස්සු වෙනස් නොවන අය ලෙස සැලකීම. ඔය ගුරුකුලේම මූලධර්ම අනුව කොහොම වුණත් ප්‍රායෝගිකව තවමත් ඔය වැඩේ වෙනවනේ. මමනම් කැමති එක ගඟක් දෙවරක් නොදැකිය හැකියි කියන සෙන් සංකල්පයට. වාසු, කාලෝ...තව ඕනෑ තරම් ප්‍රයෝගික උදාහරණ තියෙන්නේ.

ඡන්දය දැමීම සහ දේශපාලනය කතා කිරීම කියන දෙකම ප්‍රායෝගික ප්රජාතන්ත්රවාදයක වැදගත් අංග. දැන් අපි නාවල සුළු දැන්වීම් ප්‍රචාරණ සහ මුද්‍රණ ව්‍යාපාරයක යෙදෙන සුගත් වගේ මනඃකල්පිත පුද්ගලයෙක් ගත්තොත් ඡන්දෙන් පස්සේ ස්තුති කරලා ගහන පක්ෂ දෙක තුනකම අයගේ පෝස්ටර් ටික මුද්‍රණය කරන එක පැත්තක දාලා ඡන්දේ දාන්න මාතර යන්න ඕනෑද? කීයක් හරි හොයාගන්න තියෙන්නේ මේ වෙලාවේ. ඒත් සුගත් දේශපාලනය කතා කිරීමෙන් සතුටක් ලබනවානම්, තමන්ගේ ව්‍යාපාරය නිසා දේශපාලකයෝ ගොඩක් ලඟින් ඇසුරු කරන සුගත් දන්න විස්තර අහගෙන ඉන්න අයට වාතයක් නෙමෙයිනම් සහ අහගෙන ඉන්න අයත් සතුටක් ලබනවානම් මොකක්ද ඕකේ වැරැද්ද? සමහර අය දේශපාලනය කතා නොකර ඡන්දේ දානවා. සමහර අය ඡන්දේ නොදා කතා කරනවා. සමහර අය දෙකම කරනවා. දෙකම නොකරන අයට වඩා අඩුගානේ කතා කරන අයගෙන් ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට මොනවා හරි දෙයක් වෙනවා කියලයි මට හිතෙන්නේ.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13119926947981548982015-08-24T13:22:23.746-04:002015-08-24T13:22:23.746-04:00ඔව්, නලින්. ඇත්තටම හැමෝම වගේ මේ තීරණය ගන්නේ මහ ලොක...ඔව්, නලින්. ඇත්තටම හැමෝම වගේ මේ තීරණය ගන්නේ මහ ලොකු විශ්ලේෂණ නොකර තමන්ට හිතෙන හැටියටයි. මෙතැනදී ආකෘතියක් යොදා ගැනීමෙන් කරන්නේ ඒ තීරණ සරලව පැහැදිලි කල හැකි විදිහක් හොයා ගැනීමයි. ගලක් උඩ දැම්මහම බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ නියම වලට අනුව බව ගල දන්නේ නැහැ වගේ. මිලියන් ගණනකගේ පුද්ගලික තීරණ වලින් අවසාන සමතුලිතතාව හැදෙන මහ මැතිවරණයක් වගේ අවස්ථාවකදී තීරණය ක්‍රමෝපායික එකක් ලෙස නොසැලකීම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

අවිඥානකව කළත් තමන්ට උපරිම යහපත සැලසෙන තීරණය ගැනීමේ හැකියාව මිනිස්සුන්ට තියෙනවා කියන උපකල්පනය විතරයි අවශ්‍ය. එතකොට අපිට නිරීක්ෂණය කළ හැකි තීරණ එක් එක් පුද්ගලයා විසින් ගත්තේ ඇයි කියන කරුණ පැහැදිලි වෙනවා. මම හිතන හැටියට බොහෝ අවස්ථාවන් සඳහා දේශපාලනිකව නිවැරදි එහෙම හිතන එකයි.

මේකට තියෙන විකල්ප චින්තනය තමයි "අනිත් මිනිස්සුන්ට තමන්ට හොඳ දෙය තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අය වෙනුවෙන් පුළුවන් කෙනෙක් ඒ දේ කළ යුතුයි කියන එක." ඔය දෙවෙනි චින්තනයට මම පුද්ගලිකව ඒ තරම් කැමති නැහැ. සීමිත තත්ත්වයන් යටතේ හැර.

කොහොම වුණත් කුඩා පිරිසක් හෝ කණ්ඩායමක් තීරණ ගන්නා ආකාරය විශ්ලේෂණය කරන කොටනම් මිනිස්සු කියන්නේ උඩ දාපු ගල් නොවන බව අපට අමතක කරන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83299992909825187242015-08-24T13:02:13.782-04:002015-08-24T13:02:13.782-04:00ඉතා හොඳ විග්‍රහයක් . මම දකින තරමක් හොඳ ලක්ෂණයක් අප...ඉතා හොඳ විග්‍රහයක් . මම දකින තරමක් හොඳ ලක්ෂණයක් අපේ සමාජයේ තියෙනවා . ඒ කැපුවත් කොළ කැපුවත් නිල් කියන මුරණ්ඩු උදවිය අඩු වෙමින් යෑම . අනිත් පැත්තෙන් එහෙම අය දේශපාලකයින් අතරවත් දැන් නෑනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80596182244029714242015-08-24T13:00:49.837-04:002015-08-24T13:00:49.837-04:00"තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම ව..."තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම වැලැක්වීමට චන්දය දීම" බහුලව නිරීක්ෂණය කළ හැකි සංසිද්ධියකි. බලයෙන් පහකිරීම යනු නැවත බලයට ඒම වැලැක්වීම ලෙස අර්ථ දැක්වූ විට මේ දෙකම එකකි. මෙහිදී a0 විශාල සෘණ අගයක් ගන්නා නිසා තීරණයක් ගැනීමේදී කොහොමටත් විශාල (a1 - a0) පරතරයට වඩා වැදගත් වන්නේ p1 වැඩිම කාගේද යන්නයි. ඒ අනුව බලයට ඒමට වැඩියෙන්ම ඉඩකඩ ඇති ප්‍රතිවාදියාට ඡන්දය ලැබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58353198284972803022015-08-24T12:49:27.266-04:002015-08-24T12:49:27.266-04:00//සුමිත් කල්‍යාණ ගේ ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් ත...//සුමිත් කල්‍යාණ ගේ ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. නමුත් හෙන්රිලාට නම් බේත් තියෙයිද මන්දා?//
සුමිත් කල්‍යාණ ගේ තීරණය වෙනස් කරන විසඳුමක් කාර්යක්ෂමතාව ඉහළ නංවන විසඳුමකි. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය දියුණු කිරීමෙන් එය කළ හැකි අතර සමස්තයක් වශයෙන් එයින් සමාජයට වන්නේ යහපතකි. හෙන්රිගේ තීරණය වෙනස් කිරීමට බලපෑම් කරන විසඳුමක් මා සිතන පරිදි ඔහුගේ පුද්ගල නිදහසට බාධා කිරීමකි. උදාහරණයක් වශයෙන් නීතියෙන් ඡන්දය දීම අනිවාර්යය කළේනම් ඔහු අතින් වියදම් කරගෙන ගොස් ඡන්දය කුරුටුගා එනු ඇති අතර ඔහු වැය කරන මුදලින් කිසිවකුට ප්‍රයෝජනයක් නොවේ. ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යම් මුදලක් ගෙවුවද සිදු වන්නේ මේ දෙයමය.

//ප්රජාතන්ත්රවාදය යනු ඉතා බිදෙන සුලු ආයතනයක්, අප දකින්නට අකමැතිම දෙය තමයි ඒ කෙරෙන් පුද්ගලයින් ඉවත්ව යෑම.//
පුද්ගලයින් ඉවත්ව යෑම ප්‍රශ්නයක් බවත්, කොතැනක හෝ ඇති වරදක් පිළිබිඹු වීමක් බවත් මගේද පුද්ගලික අදහසයි. එහෙත්, එයට දිය යුත්තේ ස්වභාවික විසඳුම්ය. නැති කළයුත්තේ එසේ වීමට මුල් වන සාධකයි. මා සිතන පරිදි ඡන්දය දීම අනිවාර්ය කිරීම වැනි දෙයක් රාජ්‍ය බලහත්කාරයකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85807043146204117252015-08-24T12:29:52.810-04:002015-08-24T12:29:52.810-04:00ඔබ ගැන මා සඳහන් කර ඇති නිසා මුලින්ම ඔබට පිළිතුරක් ...ඔබ ගැන මා සඳහන් කර ඇති නිසා මුලින්ම ඔබට පිළිතුරක් දී සිටීමට ඇති වගකීම නොසලකා හැරිය නොහැක. මෙවැනි සරල ආකෘතියකට ලඝු නොවන ව්‍යතිරේඛ ඕනෑ තරම් තිබිය හැකිය. එහෙත්, මේ සරල ආකෘතිය යටතේ වුවද ඔබ සඳහන් කර ඇති කරුණු සමඟ ගැටුමක් මට නොපෙනේ.
//1. මා සැමවිටම ඡන්දය දෙන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතයි. වාසි අවාසි සලකා නොවේ.//
ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වීම නිසා ඔබ ලබන සතුට ඔබට ලැබෙන වාසියකි. ඔබ යාචකයෙකුට රුපියලක් දෙන්නේද එයින් ඔබට ලැබෙන සතුට රුපියල ගෙවා ටොපියක් කෑමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසාය.

//4. මා ඡන්දය නොදෙන පක්ෂය බලයට පැමිණීම මට ආර්ථික වශයෙන් වාසි ගෙන දෙයි. නමුත් මා උන්ට කිසි දිනක ඡන්දය දී නැත. දෙන්නේ ද නැත!//
ඔබ සඳහන් කරන "ආර්ටික වාසි" බදු සහන වැනි දේ විය හැකිය. මෙහිදී පාඩුවක් විඳිමින් (ඔබ කියන පරිදි) ඔබ අනෙත් පක්ෂයට ඡන්දය දෙන්නේ ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වීම නිසා ඔබ ලබන සතුට ඒ පාඩුවට වඩා වටිනා බැවිනි. මෙතනදී ඔබ කැප කරන බදු සහනය (උදාහරණයක් වශයෙන්) සහ ඔබ සහයෝගය දක්වන පක්ෂයට කරන මුදල් ආධාරයක් හෝ නොමිලේ කරන ප්‍රචාරණයක් සඳහා ගත කරන කාලය ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා ඔබ ගෙවන මිලයි.

ඒ හැර දැන දැනම තමන්ට පාඩුවක් වන තීරණයක් ගැනීමට ඔබට ඇති අවශ්‍යතාවක් මට නොපෙනේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69653642171583486512015-08-24T09:50:57.272-04:002015-08-24T09:50:57.272-04:00මේ ලිපියේ මා ගැන දෙතුන් වරක් සඳහන්ව ඇති නිසා තවත් ...මේ ලිපියේ මා ගැන දෙතුන් වරක් සඳහන්ව ඇති නිසා තවත් කරුණු එක් කරනවා නම්-

1. මා සැමවිටම ඡන්දය දෙන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතයි. වාසි අවාසි සලකා නොවේ.

2. එසේ නොව වෙනත් ආකාරයටකට දුන්නේ 1999 දී පමණි. ඒ චන්ද්‍රිකා වෙනුවට යලි යූඇම්පීය ඒ යැයි ඇති වූ බිය නිසාය!
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

3. ඕස්ටේර්ලියාවේ දී ද, මා ඡන්දය දෙන්නේ මගේ වාසියටම නොවේ. එක් වරක් පමණක් (1999) දුරදාන්ත ප්‍රාන්ත පාලකයෙකු ඉවත් කරන්නට සිතා ඡන්දය දුණ් නමුත් අන් හැඟ විටකම මා ඡන්දය දුන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතය.

4. මා ඡන්දය නොදෙන පක්ෂය බලයට පැමිණීම මට ආර්ථික වශයෙන් වාසි ගෙන දෙයි. නමුත් මා උන්ට කිසි දිනක ඡන්දය දී නැත. දෙන්නේ ද නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2293574901407834232015-08-24T09:44:32.936-04:002015-08-24T09:44:32.936-04:00/* මේ මැතිවරණයේදී හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩ.../* මේ මැතිවරණයේදී හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩි වුනත් ඔහු ඡන්දය නොදමා ඇත්තේ ඔහුගේ පළමු කෑල්ල කුඩා නිසා බව මගේ අදහසයි. දෙවන කෑල්ල විශාල නොවූ අවස්ථාවලත් ඔහු ඡන්දය දමා නැත්තේ ඒ නිසාය. */

හෙන්රි මෙය කියවුවොත් දැක ගැනීම පිණිස-

ඉහත සටහනේ කෑල්ල යන්නට මස්තිශ්කය කියා යොදමුද?

කෙසේ වෙතත් ප්‍රායෝගිකව සළකන විට හෙන්රි ඡන්දය නුදුන්නේ ද, මා නොදුන් හේතුව නිසාමය. නැතහොත් කල්‍යාණ මිත්‍ර නුදුන් හේතුව නිසාමය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14561947434253211612015-08-24T09:39:20.121-04:002015-08-24T09:39:20.121-04:00මුලින්ම එකක් කියව යුතුයි. හෙන්රිගේ කතාව නම් මෝඩ කත...මුලින්ම එකක් කියව යුතුයි. හෙන්රිගේ කතාව නම් මෝඩ කතාවක්. ඒ නැති වුනත් එය වගකීම් විරහිත කතාවක්.

දැන් පැයකට පමණ කලින් මා ඕස්ටේර්ලියාවේ ප්‍රචාරය වෙන නමැති වැදගත් දේශපාලන වැඩසටහනක් නැරඹුවා. එහිදී හිටපු ස්වාධීන මන්ත්‍රිවරයෙකු පැවසුවේ මෙයයි.

ප්රජාතන්ත්රවාදය යනු ඉතා බිදෙන සුලු ආයතනයක්, අප දකින්නට අකමැතිම දෙය තමයි ඒ කෙරෙන් පුද්ගලයින් ඉවත්ව යෑම.

සුමිත් කල්‍යාණ ගේ ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. නමුත් හෙන්රිලාට නම් බේත් තියෙයිද මන්දා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67875998477886234352015-08-24T06:57:26.988-04:002015-08-24T06:57:26.988-04:00මං අහපු ප්‍රශ්නෙකට මේ තාක් කවුරු හරි දීපු සාර්ථකම ...මං අහපු ප්‍රශ්නෙකට මේ තාක් කවුරු හරි දීපු සාර්ථකම උත්තරයක්ද මන්දා..
හැබැට සරත් විමලසුරිය ගේ චන්ද 5 විකිනුනාද දන්නේ නෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1481586378569243262015-08-24T06:53:30.762-04:002015-08-24T06:53:30.762-04:00ප්‍රා පහුගිය ටිකේම චන්දෙ දුන්නේ මේ හේතුවට නේද? :p ...ප්‍රා පහුගිය ටිකේම චන්දෙ දුන්නේ මේ හේතුවට නේද? :p කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85621316753269366172015-08-24T05:10:04.273-04:002015-08-24T05:10:04.273-04:00There is no free lunch. :)There is no free lunch. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80673204607179165832015-08-24T01:38:24.869-04:002015-08-24T01:38:24.869-04:00මචං.......... ඒකපාරක් අපේ විස්ස විජ්ජාලේ විවාදයක...මචං.......... ඒකපාරක් අපේ විස්ස විජ්ජාලේ විවාදයක් තිබුණා.... ඒක තිබුනේ නලීන්ද සිල්වා සහ පුත්‍රයෝ සහ හදගම සහ සමාගම අතර..... හදගමගේ මොකක්ද සිනමා පටයක් ගැන.... මේ විවාදයට කලිං දා අපි සිත්තර පටිය බැලුවා.. දැන් අපි අහගෙන ඉන්නවා නලීන්ද සිල්වා පලු යන තුරු අර සිත්තර පටියට බනිනවා.... විවාදයේ මැද හරියෙදි හදගම අහපි සර් (නලීන්ද සිල්වා හදගමගේ ගුරුවරයෙකි) ෆිල්ම් ඒක බැලුවාද????

හත්තිලව්වයි නලීන්ද සිල්වා කියපි.... මං ඔය බහුබූත බලන්නෑ ඔ්යි... ඒත් තමුසේ වැඩක් කරොත් මං දන්නවා ඒක මොකක්ද කියලා.....

මචං ඡන්දය නොදා දේශපාලනය කතා කිරීමත් මට අනූව මෙහෙම තමයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89463692177972489682015-08-24T01:30:34.631-04:002015-08-24T01:30:34.631-04:00ඡන්දය ගැන ආර්ථිකවිද්‍යාත්මක විවරණයක්... ඇත්තටම මේ ...ඡන්දය ගැන ආර්ථිකවිද්‍යාත්මක විවරණයක්... ඇත්තටම මේ තර්ක සමග ඡන්දය අරගන බලන විට තමා හුගක් දේවල් එළියට පේන්න පටන් ගන්නේ. නමුත් බහුතරය අවිඥානිකව වුවත් කරන්නේ මේ දේම තමයි නේද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58863584287070968382015-08-24T00:44:28.568-04:002015-08-24T00:44:28.568-04:00තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම වැලැක්ව...තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම වැලැක්වීමට චන්දය දීම?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28839703901568773702015-08-23T22:38:28.647-04:002015-08-23T22:38:28.647-04:00ඔබේ "ලබා ගන්නට" කෑල්ල: නැතුව නැතුව.ඔබේ "ලබා ගන්නට" කෑල්ල: නැතුව නැතුව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61426571154154771932015-08-23T21:14:19.837-04:002015-08-23T21:14:19.837-04:00සම්පූර්ණයෙනම එකඟයි, ඉවාන්! අගය හරියටම නිශ්චිත නැති...සම්පූර්ණයෙනම එකඟයි, ඉවාන්! අගය හරියටම නිශ්චිත නැති සමහර විචල්‍ය වලට අපි වටිනාකම් දෙන්නේ ඔය වටිනාකම වැඩිවෙන විදිහටය. එවිට අපේ ඡන්දයේ වටිනාකම වැඩි වූ බව අපට පෙනේ. හැමවිටම නොවූවත් මෙතැනදී සමහර විට අපි විසින් අපිවම රවටා ගැනීමක්ද සිදු වීමට ඉඩ තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12522193960101383082015-08-23T20:49:55.314-04:002015-08-23T20:49:55.314-04:00ඉතාම ආකර්ෂණීය විශ්ලේෂණයක්. කොහොම අවුනත් තමාගේ ඡන්ද...ඉතාම ආකර්ෂණීය විශ්ලේෂණයක්. කොහොම අවුනත් තමාගේ ඡන්දයට "වටිනාකමක්" (කුමන ආකාරයක හෝ) ලබාගන්නට බොහෝ සියල්ලම පාහේ කැමති බව කිව යුතුයි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com