tag:blogger.com,1999:blog-3221129106341750825.post5877123773658850587..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : විජේතුංග ව්‍යතිරේඛය Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-56970390892078686862019-11-27T00:08:40.626-05:002019-11-27T00:08:40.626-05:00කිරිබත් කෑ දින දෙකක්: https://katha32.blogspot.com...කිරිබත් කෑ දින දෙකක්: https://katha32.blogspot.com/2015/05/may-18.htmlකතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17739524462938524502019-11-27T00:03:57.440-05:002019-11-27T00:03:57.440-05:001994 දී හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ භූමිකාව ගැන හ...1994 දී හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ භූමිකාව ගැන හරි මතකයක් නෑ. මහින්ද නම් පැහැදිළි වාමාංශික නැඹුරුවක් පෙන්නුවා. ඒ වාමාංශික නැඹුරුව තිබුණත් ඔහු සිරිමාවෝ මැතිණිය යටතේ ගොඩ නැගුණු නිදහස් පක්ෂ ප්‍රතිපත්ති (දේශීය වශයෙන් ජාතිකවාදී හා විදේශ වශයෙන් නොබැඳි) සමග බද්ධ වුණු පුද්ගලයෙක් ලෙසයි මා දුටුවේ. පැහැදිළිවම 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ මා පෞද්ගලිකව ඉතාම ප්‍රිය කළ අමාත්‍යවරයා මහින්ද වුණත් මා සහය පල කළේ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණට. යම් හෙයකින් දෙමළ ජාතිවාදී චන්ද්‍රිකා ආගමනය සිදු නොවී නම් මහජන එක්සත් පෙරමුණ නිදහස් පක්ෂය හා සංධානගත වීම 1994 දී ම සිදු විය හැකිව තිබුණා.

එසේ වී නම් 1994 අගමැති වන්නේ සිරිමාවෝ. ජනාධිපතිවරණයෙන් පසු අගමැති ධුරය අනුරට හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබුණා. නමුත් ඒ මහින්ද සේ ම, පසුගිය දා දිවංගත වූ ජයරත්න සහ වසර කීපයකට පෙර දිවංගත වූ වික්‍රමනායක ඇතුළු බොහෝ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිටියදී. එවැනි සමාන්තර විශ්වයක පිහිටි ශ්‍රී ලංකාවක් ගැන කතාවක් ගෙතිමත් යම් ආශ්වාදයක් ගෙන දෙන කටයුත්තක්.

ඉංදු-ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ පස් කෑ, පළමු පළාත් සභා මැතිවරණය වර්ජනය කළ මැතිණියගේ ආණ්ඩුවක් යටතේ දෙමළ ජාතිවාදී කුමාරතුංග අවතාරය වන චන්ද්‍රිකා සහ ඇගේ සහචරයන්ට බලයක් නොමැති තත්වයක් යටතේ, මීට වඩා බොහෝ වෙනස් ලංකාවක් බිහි වීමට ඉඩ තිබුණා. මා විශ්වාස කරන්නේ එසේ වී නම් එක්සත් ජාතික පක්ෂය දැන් පවත්නා දුර්වල තත්වයට පත් නොවනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතිවාදයට යට වීම සහ ඔහුගේ ක්රිස්තියානිකරණ ව්‍යාපාරය හේතු කොටගෙන ඒ පක්ෂයෙන් ගිළිහෙන යම් ජාතිකත්වයක් ඇති සිංහල ඡන්ද විසිර යා නොදී එකතු කර ගැනීම හෙළ උරුමය නම් දේශපාලන පක්ෂයේ ඓතිහාසික කාර්ය භාරයයි. එය 2015 දී අවසන් වුණා. මහින්ද ජාතිකත්වය වෙත ගෙන ඒමට ඔවුන්ගේ විශේෂ බලපෑමක් වුණේ නෑ. නමුත් සිංහල ජනයාගේ හඬ ජනාධිපති මහින්ද වෙත ගෙන යාම නම් ඔවුන්ගෙන්, විශේෂයෙන් මන්ත්‍රී භික්ෂූන්ගෙන්, යම් තරමකට සිදු වුණා.

කොහොමත් ජාතිකවාදී නැඹුරුවක සිටි මහින්ද දෙමළ ත්රස්තවාදයට එරෙහි පූර්ණ මෙහෙයුමකට ගියේ සිංහල ජාතික ව්‍යාපාර වල තෙරපුම හා සිංහල ජනයා දේශපාලනික වශයෙන් තමා සමග සිටින බවට ඔහුටම ඒත්තු යාම නිසා බව අපගේ අදහසයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51791637047276086592019-11-26T21:10:20.297-05:002019-11-26T21:10:20.297-05:00කතා කතෘ,
ඔබ සමග බොහෝ දුරට එකඟයි. නමුත් 1994 අපේ ස...කතා කතෘ,

ඔබ සමග බොහෝ දුරට එකඟයි. නමුත් 1994 අපේ සහය පොදුජන එක්සත් පෙරමුණට ලබා දුන්නේ තිබ්බ එකම විකල්පය නිසා.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දිනුවේ යන කෝච්චියට ගොඩ වීම නිසා. එතකොට එක්සත් ජාතික පක්ෂය කුජීත වෙලා නායකයින් මැරිලා කෑලි වලට කැඩී නාය ගිහින් තිබුණා. අනෙක 1994 ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වුනේ කිසිම වැඩක් නැති ශ්‍රීමා දිසානායක...

හැබැයි ඉතින් අනික් අතට විකල්ප කණ්ඩායම් වලට 225න් පිට අලුත් ම අලුත් අමුතු විදියේ නායකත්වයක් මාකටින් කරගත්තොත් විශාල වශයෙන් ඡන්ද ලබා ගැනීමට හැකි බව පෙනුනා. මේ මාකටින් කැම්පේන් එක රාවය ඩලස් ඇතුලු පිරිස ජවිපෙ සහ වෙනත් වාමාංශික ව්‍යාපාර එකතු වෙලා කරා. චන්ද්‍රිකා කියල කියන්නේ මෙලෝ හසරක් නැති කමකට නැති පුස් චරිතයක් නමුත් චන්ද්‍රිකා බලයට ආවේ ඒ ඊට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පිරිස පජාත විදියට දුර්වලකම් වලින් පිරිලා ඉතිරිලා හිටපු නිසා.

ඒ කාලේ හොඳ නායකත්වයක් පෙන්නූවේ සුළු පක්ෂයක හිටපු හරිස්චන්ද්‍ර විජේතුංග සහ පොදුජන එක්සත් පෙරමුණේ නම් අනුරුද්ධ රත්වත්තේ වගේ ටික දෙනෙක්. මහින්ද රාජපක්ෂත් වාමාංශික මතවාද වලට සිරව හිටියා. මම හිතන්නෙ මහින්ද වෙනස් කරල යුදකාමී කලේ ගෝඨාභය සහ හෙළ උරුමය ඇතුලු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු කියලා. ඔබට ඒ ගැන හිතෙන්නෙ කොහොමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5033073633117631192019-11-26T13:28:41.743-05:002019-11-26T13:28:41.743-05:00@ Ano 9.48
ඔය අප්‍රියජනක භීෂණකාරී පුද්ගගලයෙක් මළා...@ Ano 9.48

ඔය අප්‍රියජනක භීෂණකාරී පුද්ගගලයෙක් මළාම කිරිබත් හදන එක සහ පස්සේ රතිඤ්ඤා පත්තු කරලා චූන් එකක් දාන එක වගේ දේවල් ඊට ගොඩක් ඉස්සර ඉඳන්ම ලංකාවේ තියෙන තවත් පිස්සු පුරුද්දක්. ඕක 1970 ගණන් වල විතරක් නෙමෙයි ඊටත් ඉස්සර ඉදන්ම තියෙනවා. හැබැයි ඉතින් ප්‍රාදේශීය වශයෙන්.

උදාහරණයක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉස්සර හිටපු (1979/80 වගේ මතකයි) හරක් හොරකම් කරපු දරුණු මිනීමරු පුද්ගලයෙක් මළාම අවට ගම් කීපයක මීනිස්සු කිරිබත සමඟ රතිඤ්ඤා වලින් සැමරුම් කලා කියලා මතක් උනා. හැබැයි ඉතින් මූලික වශයෙන් මුලු රටම එකතු වෙලා එකට සැමරුම් කලේ නම් විජේවීර මරණය (එජාපයේ පාක්ෂිකයන් සහ ජවිපෙ විරෝධීන්) සහ ප්‍රේමදාස මරණය (එජාප විරෝධීන්) කියලා කියන්න පුළුවන් නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58481238887844999592019-11-26T09:48:15.673-05:002019-11-26T09:48:15.673-05:00'මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ ...'මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි.'

රෝහණ විජේවීර මියගිය පුවත ඇසු විට මිනිසුන් රතිඤ්ඤා පත්තු කළා මට මතකයි. ඒ ප්‍රේමදාස ජනාධිපති මියයාමට වසර 4 කට පමණ පෙරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82977504175730750302019-11-26T08:23:11.977-05:002019-11-26T08:23:11.977-05:00ඉතිහාසය මතක් කිරීම හොඳයි. විජේතුංග ඔය කියන තරම් බල...ඉතිහාසය මතක් කිරීම හොඳයි. විජේතුංග ඔය කියන තරම් බලතල පාවිච්චි නොකළ කෙනෙක් නොවෙයි. නමුත් ඔහු කළ බලතල අවභාවිතාවන් ජනගත වී මනසේ ස්ථාවර වීමට තරම් කාලයක් ඔහුට ලැබුණේ නෑ. එසේම ප්‍රතිවාදී කණ්ඩායම් වලට ඊට වඩා පහසු ඉලක්ක තිබියදී ඔහු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් ද තිබුණේ නෑ. විශේෂයෙන් විපක්ෂය "17 වසරක ශාපය" ගැන කතා කළ පසුබිමක ඔහු එහිම කොටසක් මිස ඉන් වෙන් කරගෙන චෝදනා නැගීම පලක් නෑ.

මා ඔහුගෙන් දකින වැදගත්ම ලක්ෂණය දෙමළ ත්‍රස්තවාදය ගැන ඔහු තුල තිබූ නිවැරදි තක්සේරුව සහ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තිබූ හැකියාවයි. ගාමිණී දිසානායක වෙනුවට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විණි නම් අපගේ නිසැක සහය ලැබෙන්නේ ඔහුටයි. මා 1994 දී ත් චන්ද්‍රිකා කුමාරතුංග (එවකට ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බවට පත් වී සිටියේ නෑ) හැඳින්වීමට භාවිතා කළ වචනය දේශපාලන වෛශ්‍යාව යන්නයි. මා ඒ වචනය යොදා ගත්තේ තම දෙමාපියන්ගෙන් ලැබුණු උරුමය වාසි තකා පිටස්තරයන්ට පරිහරණයට දෙන තැනැත්තිය යන අරුතින්. ඈ රටක් නැති දෙමළුන්ට මගේ රටින් කොටසක් දීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇති බව මා එදත් විශ්වාස කළා. මා නිවැරදි බව ඇය ඔප්පු කළා.

"චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි." යන්නේ සාමයට කැප වී සිටි යන කොටසට අප එකඟ නෑ. ඈ මතවාදීමය වශයෙන් සිංහල විරෝධී තැනැත්තියක්. විජේ සමග ඈ දෙමළ රටේ ගුබ්බෑයම් වල රිංගමින් දෙමළ ත්රස්තවාදීන් සමග මේ රටේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කළා. විජේගේ මරණයෙන් පසු එංගලන්තයට ගොස් සිටි ඈ මෙහි ගෙනාවේ ඊළඟට කොහොමත් දිනන තත්වයක තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක සිංහල බලය දුර්වල කිරීමේ අරමුණින් සිංහල විරොධීන් විසින්. මේ තත්වය විස්තර කිරීම පිණිස, තරමක් උත්ප්රාසජනක ප්‍රකාශයක් වුවත්, ශ්‍රී.ලං.නි.පය දිනන කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග නැවත මෙහි පැමිණ සිටි බව කීමේ වැරැද්දක් නැහැ. චන්ද්‍රිකා වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් වුවත් ජනාධිපතිවරණය දිනන බව සත්‍යයක් වුවත්, ඒ ජය එජාපය මහියංගනයට සීමා කර දෙමළ ජාතිවාදීන්ගේ දේශපාලන ජය භූමි ජය කෙහෙළි නැංවීමට සමත් වූ චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට සම කිරීමට උත්සාහ දරයි නම් එහි ඇත්තේ හුදු අතිශයෝක්තියක්.

කෙසේ වුවත් චන්ද්‍රිකා සාමයට කැප වී සිටි තැනැත්තියක් නොවෙයි. ඈ දෙමළුන්ට සාමය සාමය කීවත් ප්රභාකරන්ට මහත්තයා / ස' කීවත් දේශපාලන විරුද්ධවාදීන්ට අමතන / සළකන ආකාරය දැක ඇති අපට ඇගේ සාමයට ඇති කැප වීම විහිළුවක්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com