tag:blogger.com,1999:blog-3221129106341750825.post6353567687798022870..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ටියුෂන් බයෝ... ටියුෂන් ඉකෝන්...Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-4026311191911916152016-10-02T10:56:45.650-04:002016-10-02T10:56:45.650-04:00මේ ටික ලියන්නට හිටියේ තවත් පෝස්ට් එකක් ලෙසය.
මේ ටික ලියන්නට හිටියේ තවත් පෝස්ට් එකක් ලෙසය.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66723974312902348582016-10-02T10:55:38.237-04:002016-10-02T10:55:38.237-04:00මා එක් විෂයයක් සඳහා පැවැත්වුණු පුනරීක්ෂන පංතියකට ට...මා එක් විෂයයක් සඳහා පැවැත්වුණු පුනරීක්ෂන පංතියකට ටික කලක් අතරින් පතර ගිය නිසා ටියුෂන් ගියේ නැතැයි කිව නොහැකිය. මේ පංතියට ගියේ එවකට ටියුෂන් යාම සියළුම දෙනා විසින් කළ කටයුත්තක් වීම නිසා මේ අත්දැකීම (ප්‍රධාන වශයෙන්ම ටියුෂන් සංස්කෘතිය හා අදාළව පැවති විෂය කරුණු නොවන දේ) ලබාගන්නට මට අවශ්‍ය වූ බැවිනි. මෙය සමාන කළ හැක්කේ දැන් රැල්ලට පොත් ප්‍රදර්ශනයට යාමටය. මෙයට හේතු වූයේ අධ්‍යයන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට තිබුණු අකැමැත්ත (කම්මැලිකම) හා සරසවි ඉලක්කය සපුරා ගැනීම එතරම් අපහසු දෙයක් නොවන බවට වූ අධි තක්සේරුවයි. උසස් පෙළ පංති ආරම්භයේදී මෙසේ දැඩි ස්ථාවරයක සිටියත් ටික කලක් යන විට මේ හේතුව නිසා මට සති අන්තයේ ටියුෂන් යන මිතුරන් විසින් කරන වෙනත් බොහෝ දේ මිස් වන බව තේරුණේය. ඒ නිසා, ඒ වන විට මට අඩුවෙන්ම අමාරු විෂයය සඳහා පැවති පුනරීක්ෂන පන්තියකට එකතු වුනෙමි. මේ පංතියට නොයන දවසට මුදල් නොගෙවිය යුතු වීම වාසියක් විය. එතරම් ජනප්‍රිය නොවූ මේ පංතියේ ගුරුවරයා එවකට සරසවි සිසුවෙකු වූ බව මගේ අදහසයි. ඔහු ඔහුගේ විභාග දිගටම ඇනගැනීම හේතුවෙන් මා ඇතුළු වී ටික කලකින් මේ පංතිය නැවතුණේය.

කෙසේ වුවද, සාමාන්‍යයෙන් ඒ දිනවල කළ පරිදි උසස් පෙළ විභාගයෙන් පසුව ගෙදර පැමිණ මගේ පිළිතුරු ස්වයං ඇගයීමකට ලක් කිරීමෙන් පසු පැහැදිලි වුණේ මා මෙන්ම පවුලේ, පාසැලේ, අහල පහළ සියල්ලන් බලාපොරොත්තු වූ "ඉහළ ප්‍රතිඵලය" නොලැබෙන බවයි. ඇතැම් විට ඉංජිනේරු පීඨයට යාමට නොහැකි වීමේ අවදානමක්ද පෙනුණේය. මෙය දැනුම් දීමෙන් පසු මා මෙන්ම මගේ පියාද විශාල ලෙස කලබලයට පත් විය. ඒ අනුව, අවශ්‍ය වුවහොත් දෙවන වර විභාගය ගැනීම සඳහා අගනුවර ආසන්න 'සල්ලි තිබුණු' ඥාතියෙකුගේ නිවසක නැවතී ටික කලක් (මාස එකහමාරක් පමණ) නැවත ටියුෂන් වලට ගියෙමි. ප්‍රතිඵල පැමිණි පසුව එය උසස් පෙළ පටන් ගන්නා විට හිතා සිටි ආකාරයේ "ඉහළ ප්‍රතිඵලයක්" නොවූවත්, ඉංජිනේරු පීඨයට ඇතුළු වීමේ හැකියාව සුරක්ෂිත බව තහවුරු කළ ප්‍රතිඵලයක් වූයෙන් මේ දෙවන ටියුෂන් යාමද අවසන් විය. ඉන්පසු, ටියුෂන් නවතා ව්‍යාපාරිකයෙකු වූ මේ දුර ඥාතියාගේ සේවකයෙකු ලෙස, පසුව රජයේ ඉංග්‍රීසි උපගුරු පත්වීමක් ලැබෙන තුරු, කලක් වැඩ කළෙමි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24456183920559849882016-10-02T10:25:09.236-04:002016-10-02T10:25:09.236-04:00දැන් වියදම් ගැන මට නිවැරදි තක්සේරුවක් නැත. අපේ කාල...දැන් වියදම් ගැන මට නිවැරදි තක්සේරුවක් නැත. අපේ කාලයේදී එය සාමාන්‍යයෙන් මසකට රුපියල් 20ක් විය. රුපියල් 25ක් ගත් තැන්ද තිබුණේය. මා ඉඳහිට ගිය ටියුෂන් පංතියේ මේ අය කිරීම කළේ දිනකට රුපියල් 5ක් ලෙස නිසා මාසයේ සති ගණන අනුව රුපියල් 20 හෝ 25 ලෙස වෙනස් විය. ඒ අනුව මාසයක ටියුෂන් වියදම රුපියල් 80-100 අතර විය. මේ වියදමද ඒ වන විට අපේ පවුලේ ආදායම අනුව දරා ගැනීමට අමාරු වියදමක් විය. මගේ ඇතැම් පාසැල් මිතුරන් සහභාගී වූ ග්රූප් පන්ති වල එක් විෂයකට රුපියල් 100ක් ලෙස මුළු වියදම රුපියල් 400ක් විය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44667058269472175242016-10-02T09:12:52.208-04:002016-10-02T09:12:52.208-04:00ටියුෂන් නොගොස් විශ්ව විද්‍යාලයට ගිය මගේ සමාන්තර හෝ...ටියුෂන් නොගොස් විශ්ව විද්‍යාලයට ගිය මගේ සමාන්තර හෝ ඊට පසු අයෙකුට මා දන්නේ මගේ ප්‍රිය බිරිඳ පමණි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-710834070694583682016-10-02T09:10:10.188-04:002016-10-02T09:10:10.188-04:00මේ රුපියල් 20,000 කතාව ඇත්තක් ද? ඒ කියන්නේ එක උසස්...මේ රුපියල් 20,000 කතාව ඇත්තක් ද? ඒ කියන්නේ එක උසස් පෙළ විෂයකට රුපියල් 6,600 ක්?

මං ගෙවපු වැඩිම ටියුෂන් ගාස්තුව මාසෙකට එක විෂයකට රුපියක් 15 යි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57783037577128905862016-10-01T19:22:03.249-04:002016-10-01T19:22:03.249-04:00ටියුෂන් වල බලපෑමක් තියෙනවා තමයි. ඒත් ටියුෂන් නැති ...ටියුෂන් වල බලපෑමක් තියෙනවා තමයි. ඒත් ටියුෂන් නැති වුණත් මේ තත්ත්වය විශාල ලෙස වෙනස් වෙයි කියා මම හිතන්නේ නැහැ. මේ ගැන ඉදිරියේදී තව කතා කරන්නම්!

//පව්ලේ ආදායම අනුව IQ එක වැඩිවීමක් පෙන්නුම් කරනවා ඒක සමාන්‍ය තත්වයක් නොවේ.//
ආදායම වැඩි වූ පමණින් IQ එක වැඩි නොවුණත් ආදායම වැඩිවීමට IQ එකේ බලපෑමක් තියෙන නිසා මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. දෙමවුපියන්ගේ ජාන වලින් වගේම, ඊටත් වඩා බොහෝ දුරට ගෙදර සංස්කෘතියෙන් දරුවන්ට ලැබෙන දේ ඔවුන්ගේ අනාගතයට බලපානවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11353286824011257962016-10-01T01:15:57.200-04:002016-10-01T01:15:57.200-04:00වෛද්‍ය, ඉංජිනේරු වැනි පාඨලමාලාවලට වැඩි වශයෙන් තේරෙ...වෛද්‍ය, ඉංජිනේරු වැනි පාඨලමාලාවලට වැඩි වශයෙන් තේරෙන්නේ ලංකාවෙන් වැඩි ලකුණු ගන්න 40% ප්රතිඡතය අනුව විශ්ව ව්ද්යාලවලට ඇතුලත්වන ළමයි. එයිනුත් කොළඹ වෛද්‍යපීඨය තම preferance වල ප්රමුඛ ස්ඨානයක් ගන්නා නිසා එයට වැඩිවශයෙන් ඇතුලත්වන්නේ A 3 ගත්ත IQ එක වැඩි සිසුන් කියල අනුමාන කරන්න පුළුවන් . ඒ අනුව බලන කොට ඉකොන්ගේ උදාරණය(table) අණුව පව්ලේ ආදායම අනුව IQ එක වැඩිවීමක් පෙන්නුම් කරනවා ඒක සමාන්‍ය තත්වයක් නොවේ. ඒක නිසා ටියුශන්වල බලපෑම මෙතනදී පැහැදිලියිserendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com