tag:blogger.com,1999:blog-3221129106341750825.post6976938729988074573..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රටේ වත්කම් වැඩි වෙලා නැද්ද?Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-9030746042103509422022-10-06T23:34:58.720-04:002022-10-06T23:34:58.720-04:002010 සිට household wealth එකේ ලොකු uptick එකක් තිය...2010 සිට household wealth එකේ ලොකු uptick එකක් තියෙනවා. මේ කාලයේදීම තමයි ලොකුවට විදේශීය ණය ලබාගෙන තිබෙන්නේ. එහෙම බැලුවාම රටේ මිනිස්සුන්ගේ අනාගතය උකස්කර පිටින් ණය අරගෙන, ඒවා ඒ මිනිස්සුන්ටම බෙදලා, ඒ මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවා. උරගේ මාළු උරාගෙ පිටේම තියල කපල.ironically, දැන් මිනිස්සු හොයනවා ඒ ණය වලින් කරපු දේවල්,ඒ මුදල් තමන් ගේම ගෙවල් වල ගොඩ ගසා තියෙන බව දන්නැහැ.

රැවුටුන බව තේරුම් ගන්න මිනිස්සුන්ට දැනුමකුත් නැහැ, mainstream media වලින් දැනුවත් කරනෙත් නැහැ (ඒ media control කරන්නෙත් එක්කෝ ඒ මිනිස්සුන්ව රවටපු පාලකයෝ හෝ ඒ පාලකයෝ හරහා ගොඩගිය දනවතුන් විසින්). පාලකයෝ, පාලකයෝ හරහා capital ගොඩගහාගත් දනවතුන්, එකටම එක්වුන රාජ්‍ය සේවකයන් විසින් හදා ගත්ත ලොකු network එකක්.

මෙතරමින් හෝ දැනුවත් කරන්න ගන්න උත්සාහයට economatta ට බොහොම ස්තුතියි. නමුත් ලොකු වෙනසක් වෙයි කියල මටනම් හිතන්න අමුරුයි. ප්‍රදාන වශයෙන්ම media වල control නිසා.Ahttps://www.blogger.com/profile/04088879203424380446noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81398535223925744072022-10-06T20:22:00.240-04:002022-10-06T20:22:00.240-04:00මේකේ කතා කළේනම් රටේ මුළු වත්කම් ප්‍රමාණය ගැන නෙමෙය...මේකේ කතා කළේනම් රටේ මුළු වත්කම් ප්‍රමාණය ගැන නෙමෙයි. නිවාස ඒකක වල වත්කම් ගැන. (Household assets)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39408096120224141342022-10-06T18:42:50.233-04:002022-10-06T18:42:50.233-04:00රටේ මුලු වත්කම් ප්‍රමානයට ඉන්ග්‍රිසියෙන් කියන්නෙ ම...රටේ මුලු වත්කම් ප්‍රමානයට ඉන්ග්‍රිසියෙන් කියන්නෙ මොකක්ද?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55994720926584876562022-10-06T08:24:32.338-04:002022-10-06T08:24:32.338-04:00රටේ නිවාස ඒකක වල වත්කම් වැඩිවීම විදේශ ණය වැඩිවීමට ...රටේ නිවාස ඒකක වල වත්කම් වැඩිවීම විදේශ ණය වැඩිවීමට වඩා ගොඩක් වැඩියි. නමුත් ලංකාවේ ප්රශ්නය විදේශ බැරකම් වැඩි වෙන එක (ණය, විදේශ ආයෝජන ලබා ගන්න එක) ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ බැරකම් නිසා රට ඇතුළේ හැදෙන වත්කම් විදේශිකයින්ට විකුණන්න බැහැ. ඔන්න රට විකුණනවෝ! ඉතිං ඔය වත්කම් ටික ආච්චිගේ පෙට්ටගම වගේ තියාගෙන, ඒවායෙන් ආදායමකුත් නැතිව, නොකා නොබී පොලී ගෙවනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23962401124212945572022-10-06T08:17:25.496-04:002022-10-06T08:17:25.496-04:00ඔබ හරි. රට ඇතුළේ ප්‍රමාණවත් වත්කම් තිබෙනවා. මේක 19...ඔබ හරි. රට ඇතුළේ ප්‍රමාණවත් වත්කම් තිබෙනවා. මේක 1948 නෙමෙයි. 1977ත් නෙමෙයි. අඩු වශයෙන් 2001 හෝ නෙමෙයි. ඒ වත්කම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගන්නවානම් ණය වෙන්න අවශ්‍ය නැහැ. එක්තරා කණ්ඩායමක් අතේ රුපියල් ගොඩ ගැසී තිබෙනවා. නමුත්, ඒ අය අවදානමක් අරගෙන ඒ රුපියල් ඵලදායී නිෂ්පාදන වෙනුවෙන් ආයෝජනය කරන්නේ නැහැ. ඒකත් ඒ අයගේ වැරැද්දක්ම නෙමෙයි. රජයට ණය දී ඉහළ පොලියක් ගන්න පුළුවන් වුනාම ලොකු අවදානමක් ගන්න පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැ. මෙතැනත් පාදක ප්රශ්නය රජයේ අයවැය හිඟය. අනෙක් පැත්තෙන් ඇතැම් වත්කම් වල මිල බලා ඉඳිද්දී ඉහළ යනවා. ඒ නිසා ආදායමක් නොලැබුණත් වත්කම් ඉහළ යාමක් වෙනවා. ඇමරිකාවේ අලුත් කාර් එකක් ගත්තොත් අවුරුදු පහකට පස්සේ වටිනාකම තුනෙන් පංගුවක් පමණ වෙලා. ඒ නිසා, කාර් එකක් අරගෙන තියාගෙන ඉන්න එකේ වැඩක් තියෙන්නේ එය පාවිච්චි කරනවානම් හෝ ආදායම් උපයන වැඩකට යොදවනවානම් පමණයි. නමුත් ලංකාවේදී වාහනයක් අරගෙන ගෙදර තියාගෙන ඉඳලා සමහර විට අවුරුදු පහකට පස්සේ ගත්ත ගාණට වඩා වැඩියෙන් විකුනන්න පුළුවන්. මේවා සාර්ව ආර්ථික ආකෘතියේම ප්‍රශ්න. ගෙවල් වලට ආවොත්, ඇමරිකාවේ කාට හරි රස්සාව නැති වුනොත්, ආදායම් අඩු වුනොත්, ඉන්න ගේ විකුණලා පොඩි ගේකට යනවා. වැඩි ආදායමක් ලැබෙන රස්සාවක් ලැබුණොත් ඉන්න ගේ විකුණලා ලොකු ගේකට යනවා. නමුත් ලංකාවේ එවැන්නක් වෙන්නේ නැහැ. මෙයට හේතුව නෛතික බාධාවන් හා සංස්කෘතික කරුණු වල එකතුවක්. අවසාන වශයෙන් මෙහි ප්‍රතිඵලය රටේ වත්කම් වලින් ලොකුම කොටස ද්‍රවශීල නොවීමයි. ඒ නිසා, ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මිනිස්සුන්ට දැනෙන පීඩාව වැඩියි. වෙළඳපොළ ද්රවශීලනම්, සක්රියනම්, මේ වගේ වෙලාවක ණය අඩු කර ගෙන වියදම් කළමණාකරනය කරගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ලොකු ගෙයක් ඇතුළට වී හූල්ල හූල්ල ඉන්න. අර යශෝරවයේ වගේ ගෙදර ශීතකරණ තිබෙනවා. නමුත් හිස්. කවුරු හරි ආවහම කඩෙන් ඔරේන්ජ් බාර්ලි අරගෙන හොරෙන් කුස්සිය පැත්තෙන් ගෙනත් ශීතකරණයට දමන්න ඕනෑ. ගෙදර වාහන තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ. හැබැයි කොච්චර අමාරු වුනත් ඕවා අතාරින්නේත් නැහැ. මොකද නිකම් ගෙදර තියාගෙන හිටියත් වටිනාකම වැඩි වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89788466385069896562022-10-06T05:37:20.720-04:002022-10-06T05:37:20.720-04:00ඔබ කියන වත්කම් ආසන්න ලෙස නිවැරදි පුරෝකථනයන්. ඕනෑම ...ඔබ කියන වත්කම් ආසන්න ලෙස නිවැරදි පුරෝකථනයන්. ඕනෑම රටක ක්‍රමිකව වත්කම් වැඩිවීම සිදුවිය හැකියි කාලානුරූපව. මොකද මේ වන විට ලෝකයේ කිසිදු රටක් පූර්ණ සංවෘත තත්වයක නැහැ. ඒ නිසා කුඩා පරිමාන ආර්ථික කටයුතුවලින් පවා රටක වත්කම් ඉහල යනව. කොරියන් ගිය තරුණයින් හැමෝටම වගේ උදාහරණ ලෙස ගෙයක් තියෙනව. ඒව වත්කම්. කාගෙ හෝ වියදමක් කාගෙ හෝ ආදයමක් තමයි. නමුත් අපි වගේ රටක තියෙන්නෙ බොහෝ දෙනෙක්ගෙ වියදම් පවුල් කීපයක ආදායම් වීම. ඒ පවුල් ඒව වියදම් කරනවාද නැවත? මම හිතන්නෙ වැඩි ප්‍රමාණයක් සංචිත බවට පත් වෙනව වතකම්වලින් එයාල පූර්ණ වුනාට පස්සෙ. ඉතින් ඔය කියන වත්කම් තිබුණට දැන් ඒව ඵලදායී නැහැ රටක ආර්ථිකය දිව වීමට තරම්. ඔහේ තියෙනව.

ගෙවල් තියෙනව. ගෙවල් ඇතුලෙ මිනිස්සුනට කන්න නැහැ. ඔබ කියන ලෙස විදේශ ණය හෝ අපනයන ආදායම්, ප්‍රේශණ හෝ වෙනත් ඕනෑම ලැබීමක් ආදායම් උපයන ආයා්ජනයක නොයෙදවන්නනෙම් වෙන්නෙ මේක තමයි. මොන මගුලක් හරි හදල පිටරටට විකුණනන්නෙ නැත්තම් මේ වගෙ හොම්බෙන් යන්න පුළුවන්. නෙළුම් කුලුණු, ක්‍රීඩාංගනත් එහෙම වත්කම්. හැබැයි ඵලක් නැහැ. ඉතින් ඔය කියන ගෙවල් දොරවල් තිබූණත් ඒවත් නිෂ්ඵලයි දැන්. නමුත් අපිට ලොකු ගෙයක් තියෙනව කිය කියා ඉන්න පුළුවන්. ඇතුලෙ ජීවිතේ හිස්.දුප්පත්. buwahttps://www.blogger.com/profile/06942140401599203172noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88301750585059804972022-10-05T22:24:17.966-04:002022-10-05T22:24:17.966-04:00ඉකොනෝමැට්ටා අදහස් කරන්නේ ණය වෙලා කිව්වට ඒවාගෙන් වෙ...ඉකොනෝමැට්ටා අදහස් කරන්නේ ණය වෙලා කිව්වට ඒවාගෙන් වෙන වත්කම් අරන් තියෙනවා කියලද? එහෙම බැලුවොත් ඒ වත්කම් වල වටිනාකම අනුව අපි නය නැතුවත් ඇති නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46699783643632982262022-10-05T21:56:23.322-04:002022-10-05T21:56:23.322-04:00නොහිතන දෙයකි අද ඉකොනෝ පෙන්වන්නේ
මට නං හොඳයි, මගෙ ...නොහිතන දෙයකි අද ඉකොනෝ පෙන්වන්නේ
මට නං හොඳයි, මගෙ දැනුමයි වඩවන්නේ
ඒත් කොහේ හරි වැරැදී තියෙනවනේ
ඒ කරුමයද අපි අද මේ විඳවන්නේ? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com