tag:blogger.com,1999:blog-3221129106341750825.post7934414839795602101..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මිනිස්සුන්ගේ ප්‍රශ්නUnknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-90269246933093447272021-02-06T11:22:43.233-05:002021-02-06T11:22:43.233-05:00ගරු අ.බහිජටා තුමණි, 1815 දී සිංහලයාට අහිමි වූ දේවල...ගරු අ.බහිජටා තුමණි, 1815 දී සිංහලයාට අහිමි වූ දේවල් 10 ක් පමණ නම් කරනවද? කරුණාකර මෙය උපහාසය හෝ අපහාසය පිණිස ඇසූවක් නොවන බව සලකන්න.UKThttps://www.blogger.com/profile/10795704804932576082noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85353705315141145012021-02-04T04:42:56.965-05:002021-02-04T04:42:56.965-05:00ලංකාවට චීන ජාතිකයන් මිලියනයක් පමණ ගෙන්වාගෙන පදිංචි...ලංකාවට චීන ජාතිකයන් මිලියනයක් පමණ ගෙන්වාගෙන පදිංචිකල යුතුයි. ඔවුන් සිංහලජාතිය සමඟ මිශ්‍රවී වඩා දියුණු සිංහල ජාතියක් සෑදෙයි. 1815න් පසු සිංහලයාට අහිමිවූ දේ නැවත ලබාගැනීමට එය උපකාරිවෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78283249374303739622021-02-03T23:32:12.773-05:002021-02-03T23:32:12.773-05:00පුංචි අපේ එංගලන්තේ
අපේ රටට කියන්නේ ලංකාව කියලා. න...පුංචි අපේ එංගලන්තේ

අපේ රටට කියන්නේ ලංකාව කියලා. නිකම් ම නිකම් ලංකාව නෙවෙයි - ශ්‍රී ලංකාව. දූපතකට කියන්න ඕන ලංකාව කියලා තමයි. මොකද “ලංකාව” කියන වචනයේ තේරුම “දූපත” කියන එකනේ. ඉතින් ශ්‍රී ලංකාව කියලා කිව්වාම මහා ශ්‍රේෂ්ඨ දූපතක් කියන එක ඒකෙන් කියැවෙනවා. ඒත් මේ ශ්‍රේෂඨ දූපතේ ඉන්න අපේ කට්ටිය කැමැති, මීටත් වඩා ශ්‍රේෂ්ඨ රටක් තියෙනවා. ඒකට කියන්නේ මහා බ්‍රිතාන්‍යය කියලා. මේ රටට මහා බ්‍රිතාන්‍යය කියලා කියන්නේ නැතුව “ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍යය” එහෙමත් නැති නම්, “ශ්‍රී බ්‍රිතාන්‍යය” කියලා කියන්න බැරි ද?

මහා බ්‍රිතාන්‍යය කියලා කියන්නෙත් දූපතකට. ඒක එක්සත් රාජධානිය කියලා කියන රටෙන් කොටසක්. ඔය වටේ තියෙන පොඩි පොඩි දූපත් ඇරුනාම එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය කියන “රටවල්වලින්” වැඩි බිම් ප්‍රමාණයක් තියෙන්නේ මේ “මහා බ්‍රිතාන්‍යය” කියන දූපතේ. මේ ලංකාවේ ඉන්න අපිට නම් ඔය වේල්සය, ස්කෝට්ලන්තය වගේ ඒවා ගැන වැඩි නිනව්වක් නෑ. අපි ඔය ඔක්කොට ම කියන්නේ එංගලන්තේ කියලා. කොහොම වුනත් පුංචි ලංකාවේ ඉන්න අපිට එංගලන්තේ කියලා කියන්නේ කොදෙව්වක් නෙවෙයි. ඒ දූපතේ ඉන්නේ අපි වගේ දූපත් මානසිකත්වයෙන් කොටුවෙච්ච අය නෙවෙයි. අපි වුනත් ලෝකය කියලා කියන්නේ ඒ අය හදලා දීලා තියෙන එකකටනේ.

අපි වාහන එළවන්නෙත් එංගලන්තේ මිනිස්සු එළවන විදිහට. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුරුදු හුරුවෙන එකේ වැරැද්දක් නැහැ. ඒත් මේ ලෝකයේ ගොඩක් රටවල්වල මිනිස්සුන්ට ඒ වාසනාව නෑ. මේ ලෝකයේ තියෙන රටවල් 163 ක ම මිනිස්සු වාහන එළවන්නේ පාරේ දකුණු පැත්තෙන්. හොඳ පුරුදු හුරුවෙන්න වාසනාවක් නො ලැබුණාම ඔහොම තමයි. ඒත් මහා බ්‍රිතාන්‍යයට පිංසිද්ද වෙන්න වනචාරි ගති නැති කරගත්ත රටවල්වල අයට ඒ දුක නෑ. මේත් එක්ක පළ කරන සිතියම බලන්න.

ජපානය, තායිලන්තය, සුරිනාමය කියන රටවල් තුන අරුනා ම වම් පැත්තෙන් වාහන එලවන අපේ හැම රටක් ම මහා බ්‍රිතාන්‍යයේ උතුමන්ලාගේ පාදස්පර්ශයේ පහස ලබන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ උතුම් ආභාසය නො ලැබුණා නම්, අපිටත් වාහන එළවන්න වෙන්නේ පාරේ දකුණු පැත්තෙන් තමයි. මදැයි. පුදුම බේරිල්ලක්නේ අපි බේරිලා තියෙන්නේ.

ඔය මොකක් හරි පොට්ට චාන්ස් එකක් වැදිලා තායිලන්තයේ මිනිස්සු පාරේ වම් පැත්තෙන් වාහන එළෙව්වාට සමහර පැතිවලින් ඒ අය තාමත් හරි ම පසුගාමියි. හොඳ ම උදාහරණය තමයි තායිලන්තයේ මහ බැංකුව තායි භාෂාවෙන් ප්‍රසිද්ධ කරන වාර්ෂික වාර්තාව. ඒ වාර්තාවේ තාමත් ලියන්නේ බුද්ධ වර්ෂ කියලා. උදාහරණයක් විදිහට 2017 අවුරුද්දට නිකුත් කරපු වාර්තාවේ හැම තැන ම තියෙන්නේ 2560 කියලා. මොන තරම් පසුගාමී මිනිස්සු කොට්ඨාශයක් ද?

ලොකේ ජනගහනයෙන් පහෙන් පංගුවක් ම චීන්නු. ඒත් උන් ඉංග්‍රීසියෙන් ලියන වාර්තාවල විතරයි මිලියන, බිලියන, ට්‍රිලියන ගැන කතාකරන්නේ. චීනෙන් තාමත් ගණන් හිලව් කියන්නේ අර පරණ ක්‍රමයටමයි. ක (1 – 9), ෂි (10 – 99), පැයි (100 – 999), ඡියැන් (1000 – 9999), වන් (10000 – 99999999) විදිහට ගණන් හිලව් කියනවා. මොන තරම් පසුගාමී ද?

අපි එහෙම නෑ. බලන්න ශේක්ෂ්පියර් දිහා. එහෙම කෙනෙක් මේ තුන් ලෝකයේ වෙනත් කිසිම තැනක, කිසිම දවසක පහළවෙලා නැති බව අපි දන්නවා. අපේ මුළු අධ්‍යාත්මය ම ඒ උත්තමයාගේ නිර්මාණ රස විඳලා පෝෂණය කරගන්න පුළුවන්. කරුමේ තියෙන්නේ අපේ හුඟක් එවුන්ට තාමත් ඉංග්‍රීසි බෑනේ. ගෙඩි පිටින් අවුරුදු දෙසීයකටත් වඩා ආශ්‍රය කරලාත් ඒ වගේ භාෂාවක් ඉගෙනගන්න බෑ කියලා කියන්නේ ඉතින් කරුමේ තමයි.

කොහොම වුනත් අපිට පුළුවන් චීන්නුන්ට වඩා හොඳින් ඉංග්‍රීසි කතාකරන්න. ඒ අතින් අපි වගේ දියුණුවෙන්න චීන්නුන්ට මේ සම්ම කපේ බැරිවෙයි. උන්ට ඉංග්‍රීසි බැරිවෙන්න හේතුවෙච්ච මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි හැම වචනයකට ම චීන වචන හදන කර්මාන්තය. වෑන් එකකට, බස් එකකට කියන වචනවත් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බැරි ඇයි? තියෙන ඔලමොට්ටලකම තමයි ඉතින්.

අපි එහෙම නෑ. ඔය ලක්ෂ, කෝටි මඟුල් කිය කියා ඉන්නේ මේ ලෝකය යන පැත්ත ගැන දන්නේ නැති ළිං මැඩියෝ. සිය දහස්, මිලියන, බිලියන, ට්‍රිලියන කියලා කියද්දි තමයි නියම ඉන්ටර්නැෂනල් ගතියක් තියෙන්නේ. දෙලක්ෂ තිස් පන්දාහයි කියලා කියනවාට වඩා දෙසිය තිස් පන්දාහයි කියලා කිව්වොත් තමයි මිනිස්සුන්ට ඒක තේරුම් කරවන්න පුළුවන්. දෙසිය තිස් පන්දාහ කියලා කියන එක කාට හරි තේරුම්ගන්න බැරි නම් ඒක ඉතින් ඒ මනුස්සයාගේ අඩුපාඩුවක්. පවට පිං දෙන්න බෑනේ.

අපි අපේ උරුමය අත් අරින්න හොඳ නෑ. මේ වගේ උතුම් උරුමයක් ලබාගන්න හැම රටකට ම වාසනාවක් ලැබුණේ නැහැනේ. පුංචි අපේ එංගලන්තේ හැම එකෙක්ට ම දෙන්න ඕනත් නෑ. ඒක අපේ!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්තිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16081648523284059422021-02-03T23:16:17.905-05:002021-02-03T23:16:17.905-05:00ඒ කියන්නෙ ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක තියන පට්ටපල් බොර...ඒ කියන්නෙ ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක තියන පට්ටපල් බොරු.ඔය පට්ටපල් බොරු වලින් ප්‍රතිඵල විතරක් ලැබුනනං අප්පා...
හීනෙක උනත් මොකෝ කාමෙ ලැබෙනවනං...නාගර්ජුනnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9956894766965762662021-02-03T19:36:18.093-05:002021-02-03T19:36:18.093-05:00සිහින නිසා ඇති විය අපගේ දියුණ
සීමා නැති නිසා වුණිව...සිහින නිසා ඇති විය අපගේ දියුණ
සීමා නැති නිසා වුණිවද පිරිහෙන්න
මිහි මව අපේ විතරද මට පවසන්න
ඉඩ දෙමු සිතනු බැරි අයටත් පවතින්න නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com