tag:blogger.com,1999:blog-3221129106341750825.post8802919674776865537..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ධනවාදයේ හා සුබසාධනවාදයේ දරුවා Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3221129106341750825.post-14209009399450208492021-10-28T07:05:46.357-04:002021-10-28T07:05:46.357-04:00AnonymousOctober 28, 2021 at 3:17 AM
//ලංකාවේ සැබ...AnonymousOctober 28, 2021 at 3:17 AM

//ලංකාවේ සැබෑ ප්රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් ඉකොනොමැට්ටා//

මම මේ ලිපියෙහි ලංකාව හා අදාළ කිසි දෙයක් කතා කළේ නැහැ. ලංකාව ඉලක්ක කර ව්‍යංගයෙන් කතා කළේත් නැහැ. මෙහි මම පැහැදිලි කළේ වඩා නිදහස් වෙළඳපොළක් වෙනුවෙන් පෙනී සිටින යම් තරමකින් සම්ප්රදායවාදී (දක්ෂිණාංශික) පක්ෂයක් හා එයට සාපේක්ෂව ආදායම් විෂමතා අඩු කිරීම (සුබසාධනවාදය) වෙනුවෙන් පෙනී සිටින (බටහිර සම්මත අනුව වාමාංශික) පක්ෂයක් අතර කාලයක් තිස්සේ සිදු වන ආවර්තීය බල හුවමාරුවෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ජාතිකවාදය මතු වීම නොවැලැක්විය හැකි බවයි. මොකද සෘජුව හෝ වක්‍රව කණ්ඩායම දෙක අතින්ම සිදු වන්නේ ජාතිකවාදයට දැල්වෙන්නට තෙල් සපයන එකයි. මේ කරුණ අදාළ වන්නේ බටහිර ප්රජාතන්ත්රවාදී රටවලටයි.

ලංකාව සම්බන්ධව ඔබ සඳහන් කරන බොහෝ දේ සම්බන්ධව එකඟ විය හැකියි.

//ඒ වගේම ගෝලීය පරම්පරා බෙදන (සෝ කෝල්ඩ් Baby Boomer, Gen X, Gen Y, Gen Z...) ක්‍රමය ලංකාවට එතරම් අදාළ නොවන බව මගේ අවබෝධයයි.//

එය එලෙසම ලංකාවට යෙදිය නොහැකි බව ඇත්ත. මේ බෙදීම අදාළ වන්නේ බටහිර රටවලට. හැබැයි මේ බෙදීමෙහි නිර්ණායක වල සමහර කරුණු ලංකාවටද අදාළයි. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ලෝකයට නිරාවරණය වුනේ කවර වයසකදීද කියන කාරණය. ඊට අමතරව ඔබ සඳහන් කරන යුද්ධය මතක නොතිබීම, 88/89 කාලය මතක නොතිබීම, 1970-77 කාලය මතක නොතිබීම, ඊටත් පෙර 71 මතක නොතිබීම ආදිය බෙදුම් ඉරි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11716191280938820282021-10-28T06:45:04.168-04:002021-10-28T06:45:04.168-04:00පැහැදිලි නැහැ. ධනවාදී ඉදිරි දැක්මක් කියන එකෙන් අදහ...පැහැදිලි නැහැ. ධනවාදී ඉදිරි දැක්මක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12108058125055172672021-10-28T06:44:17.527-04:002021-10-28T06:44:17.527-04:00Gasgemba October 28, 2021 at 3:02 AM
That is the ...Gasgemba October 28, 2021 at 3:02 AM

That is the exact problem I discuss in this article and in the previous articles referenced here. Most people to not like the idea of allowing markets to determine all outcomes for various reasons. That's why no country is purely capitalistic. The exact reason to deviate from pure capitalism is a matter of debate. Reviewing a book, full of ideas, is a complex thing and too much effort for a blog post. But if you or someone can express an opinion in support for or against any single argument of Stiglitz (at a time) I can express my view.

ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46576924309599885152021-10-28T03:17:26.329-04:002021-10-28T03:17:26.329-04:00ලංකාවේ සැබෑ ප්රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් ඉක...ලංකාවේ සැබෑ ප්රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් ඉකොනොමැට්ටා, ලංකාවේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම් වල සහ අනෙකුත් හැම දේශපාලනික පක්ෂ වල අයට මේ ගැන හරි හමන් අදහසක් හෝ අවබෝධයක් නැහැ වගේ මට නම් පේන්නෙ. ඉකොනොමැට්ටා මෙතන සාමාන්‍යයෙන් සාකච්ඡා කරන වඩාත්ම බරපතල වන ආර්ථික ප්‍රශ්න වලට අමතරව ලංකාවේ සමාජ දේශපාලනික අර්බුදකාරී වටපිටාව ගැන සරල උදාහරණයක් කියන්නම්, හැබැයි මෙය තවත් සමාජ විද්‍යාත්මකව පර්යේෂණ කළ යුතු අදහසක්.

ලංකාවේ පොදු සමාජය නිරික්සද්දී මට පෙනෙන්නේ දැන් ලංකාවේ පරම්පරා දෙකක් අතර උග්‍ර සංස්කෘතික ඝට්ටනයක් සිදු වෙමින් තිබෙන බවයි. එක් පරම්පරාවක් යුද්ධය අත්දුටු පරම්පරාවයි. අප වැනි වසර 2,000 ට පෙර උපන් පිරිස ලෙස දළ වශයෙන් ඔවුන් හඳුනාගත හැකිය. “පූර්ව-සහස්ර පරම්පරාව” (pre-millennium generation) ලෙස මා ඔවුන් පොදුවේ හඳුන්වනවා. එම පරම්පරාව සතුව සාම්ප්‍රදායික සිංහල/දෙමළ/මුස්ලිම්... සංස්කෘතික ලක්ෂණ සෑහෙන දුරකට ඉතිරිව පවතින අතර අධ්‍යාපනය, මාපිය දූදරු සම්බන්ධය, විවාහය, දරුවන්, රැකියාව, ආගම, ජාතිය වැනි කාරණා පිළිබඳව අනන්‍ය ලක්ෂණ එම පරම්පරාවේ දැක ගත හැකියි. එමෙන්ම ලංකාවේ තිස් වසරක යුද්ධය වෙනුවෙන් පරම්පරාවක් විසින් කළ කැප කිරීම් ඔවුන්ගේ මනසේ දැඩි ලෙස කාවැදී තියෙනවා.

ඊළඟට අනෙක් පරම්පරාව යුද්ධය අත් නොදුටු පරම්පරාවයි. එනම් වසර 2,000 න් මෙහා උපන් පිරිස ලෙස දල වශයෙන් හඳුනාගත හැකි “පශ්චාත්-සහස්ර පරම්පරාව” (post-millennium generation) ලෙස මා ඔවුන් හඳුන්වනවා. ඔවුන් ඉහත පරම්පරාවේ සංස්කෘතියෙන් බොහෝ සේ වෙනස් ලක්ෂණ ඇති සම්පූර්ණයෙන්ම වෙනස් පරම්පරාවක් බව මට නිරීක්ෂණය වේ. (මා වැරදි විය හැකිය). ඒ වෙනස්කම් මොනවාද යන්න දැනට මට සවිස්තරව කිව නොහැකි වුවත් ඒවා ඉහත පරම්පරාවේ සංස්කෘතික ලක්ෂණවලින් බරපතළ ලෙස වෙනස් බව පමණක් දැනට කිව හැකිය. මේ ගැන සමාජ විද්‍යාත්මකව ගැඹුරින් පර්යේෂණ මගින් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව මගේ හැඟීමයි. කෙසේ වෙතත් මේ තත්ත්වය සමාන වෙන්නේ දෙවන ලෝක යුද්ධයට මුහුණ දුන් බ්‍රිතාන්‍ය පරම්පරාව සහ ඉන් පසු එහි පරම්පරාව අතර 1960 ගණන් වල සිට ඇති වුණු සංස්කෘතික ඝට්ටනයට යැයි මට සිතේ. ඒ වගේම ගෝලීය පරම්පරා බෙදන (සෝ කෝල්ඩ් Baby Boomer, Gen X, Gen Y, Gen Z...) ක්‍රමය ලංකාවට එතරම් අදාළ නොවන බව මගේ අවබෝධයයි. මෙමගින් අද සමාජයේ නිරීක්ෂණ බොහෝමයක් පැහැදිලි කළ හැකි යැයි මට සිතේ.

මීට සරල උදාහරණයක් ලෙස සැලකිය යුතු හේතු පැහැදිලි හේතුවක් නොමැතිව ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින සහ බොහෝ විට කෙසේ හෝ රට හැර යා යුතු යැයි සිතන පිරිස වැඩිපුරම අයත් වන්නේ පශ්චාත්-සහස්ර පරම්පරාවට යැයි මට පෙනේ. එම චර්යාව මෙම සංස්කෘතික වෙනස්කමෙන් පැහැදිලි කළ හැකිය. සරලව කිවහොත් ඔවුන්ට ලංකාවේ ප්රමුඛ ජාතික සංස්කෘතිය (Dominant National Culture) ගැලපෙන්නේ නැත. ඔවුන්ගේ සංස්කෘතික විතැන් වීමට යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කිරීමට උත්සාහ කළ සෝ කෝල්ඩ් "බටහිර" පන්නයේ ඇඟට දැනෙන සංවර්ධනය උත්තේජනයක් වී ඇති බවක්ද පෙනේ. එම ව්‍යාපෘතිය අසාර්ථක වීමම මේ නව පරම්පරාවේ අපේක්ෂා භංගත්වයට හේතුවක් වී තිබීම සිත් ගන්නා සුලුය. මෙම සංස්කෘතික ඝට්ටනය ඊළඟ වසර දහය විස්ස තුළ කෙසේ සකස් වේවිද කියා පරිස්සමින් නිරීක්ෂණය කර බැලිය යුතුය. මේ ඝට්ටනයේ උච්චස්ථානය තවම එළැඹි නැතැයි මට සිතේ. පුද්ගලිකව මම නම් පුද්ගලිකව මේ පශ්චාත්-සහස්ර පරම්පරාවේ සැලකිය යුතු මට්ටමකින් විශාල පිරිසක් හෝ නැවත නොඑන්නම රටින් පිට වෙනවාට කැමතියි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට ස්වාධීන බාහිර නිරීක්ෂකයකු ලෙසින්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28376734324184562332021-10-28T03:02:44.607-04:002021-10-28T03:02:44.607-04:00Econo, I have written the above comment based on a...Econo, I have written the above comment based on a book written by Joseph Stiglitz some time back. Its name is "Great Divide". I assume the name it self suggest his criticism on US system. Its difficult to explain all, but the chapters such as "The anatomy of a murder: who killed American economy?" focusing on global financial crisis, chapter titled "of the one percent, by the one percent , for the one per cent" describing the income distribution, chapter titled "equal opportunity, our national myth", chapter titled "inequality and the American child" and "America's socialism for the rich" etc. he describes the failures in the US system. I understand that these needs to evaluate in detail for providing comprehensive answers.
However, my issue is how an economist, a Nobel laurate such as Stiglitz be so deviant from the basic concepts of capitalism. Gasgembahttps://www.blogger.com/profile/04983018970088183292noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47074454920250347982021-10-28T00:19:21.007-04:002021-10-28T00:19:21.007-04:00ඇමරිකාවෙ අවුරුදු 13ක් හිටිය්ත් දනවාදී ඉදිරිගාමී ද...ඇමරිකාවෙ අවුරුදු 13ක් හිටිය්ත් දනවාදී ඉදිරිගාමී දැක්මක් ඇතිකර ගන්න බෑ නේද sithumhttps://www.blogger.com/profile/05992918456459177659noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39426414015117268152021-10-27T11:20:10.606-04:002021-10-27T11:20:10.606-04:00Can you express your own views on the three listed...Can you express your own views on the three listed issues, equitable distribution of opportunities, income distribution and bailing out of the financial institutions, please? What you say is not very clear to me.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41243802824067831572021-10-26T23:49:40.332-04:002021-10-26T23:49:40.332-04:00Econo
I have an issue on the statement "පූර්ණ...Econo
I have an issue on the statement "පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි".
Despite, I agree with the Capitalist concept I have seen some part of economists within the capitalist system such as Joseph Stiglitz and Jeffry Sachs are against many phenomena associated with capitalism such as equitable distribution of opportunities, income distribution and bailing out of the financial institutions that are too large to fail. I see their view goes far beyond usual economic principles of Democrats. Any views on that pls. Gasgembahttps://www.blogger.com/profile/04983018970088183292noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33692968255742617442021-10-25T10:40:34.825-04:002021-10-25T10:40:34.825-04:00සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොද...සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං

සියලු දෙනාටම තෙරුවන් සරණයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86262671068087795652021-10-24T08:46:06.240-04:002021-10-24T08:46:06.240-04:00විය හැකියි. එහෙත් ස්ථිරව කියන්න තවමත් කල් වැඩියි. ...විය හැකියි. එහෙත් ස්ථිරව කියන්න තවමත් කල් වැඩියි. කොහෙන් හෝ ඩොලර් බිලියන තුනක් පමණ හොයා ගත්තොත් මාස හය හතක් ඇද ගන්න පුළුවන්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2894372858832140642021-10-24T08:43:51.079-04:002021-10-24T08:43:51.079-04:00//ඩොලරය 200 මට්ටමේ තියා ගත්තත් ඩොලර් වලින් 2021 ඒක...//ඩොලරය 200 මට්ටමේ තියා ගත්තත් ඩොලර් වලින් 2021 ඒක පුද්ගල ආදායම 2020 මට්ටමටත් වඩා අඩු වෙනවා.//
නැවත ඇස්තමේන්තු කර බැලූ විට, 3%ක පමණ වැඩි වීමක් විය හැකියි. එහෙත්, උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි නොවුනොත් upper middle income තත්ත්වයට යන්න අසීරුයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20934666785515849372021-10-24T08:04:58.663-04:002021-10-24T08:04:58.663-04:00ඒ කියන්නේ ගිය අවුරුද්දේ gdp per capita එක වෙච්ච 36...ඒ කියන්නේ ගිය අවුරුද්දේ gdp per capita එක වෙච්ච 3682 ටත් වඩා මේ අවුරුද්දේ අඩු වෙනවා කියන එකද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26524584772928172972021-10-24T01:37:26.570-04:002021-10-24T01:37:26.570-04:00//රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇත...//රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇති වෙයිද කියන එක සැක සහිතයි//
මේ අවස්ථාවේ ඒ මිල ගෙවන්න සිදු වීමට සෑහෙන ඉඩක් තියනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66133114632437728482021-10-23T22:05:07.618-04:002021-10-23T22:05:07.618-04:00මේ ප්රශ්නය මේ දවස් වල ඇමරිකාවෙත් තියෙනවා. කෝවිඩ් ...මේ ප්රශ්නය මේ දවස් වල ඇමරිකාවෙත් තියෙනවා. කෝවිඩ් නිසා රජයෙන් සල්ලි බෙදුවනේ. දැන් බොහෝ පුරප්පාඩු තිබුණත් ශ්‍රමිකයන් නැහැ. මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නවා. (තවත් හේතුත් තිබෙනවා).ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21244488572277404322021-10-23T22:02:20.044-04:002021-10-23T22:02:20.044-04:00මේ අවුරුද්ද අවසන් වෙද්දී නැවත upper middle income ...මේ අවුරුද්ද අවසන් වෙද්දී නැවත upper middle income තත්ත්වයට යාමේ හැකියාවක් නැහැ. ඩොලරය 200 මට්ටමේ තියා ගත්තත් ඩොලර් වලින් 2021 ඒක පුද්ගල ආදායම 2020 මට්ටමටත් වඩා අඩු වෙනවා. NIC ලෙස නම් කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84380745965921913042021-10-23T19:28:13.800-04:002021-10-23T19:28:13.800-04:00සුබසාධනය ගැන කියනකොට මතක්වුනේ මේ ලඟදි දන්න කෙනෙකුට...සුබසාධනය ගැන කියනකොට මතක්වුනේ මේ ලඟදි දන්න කෙනෙකුට කතා කලා යම් රැකියා අවස්තාවක් ගැන තොරතුරක් දෙන්න. ඔහු කියනවා 'මට ආන්ඩුවෙන් ඕනෙවටත් වඩා සල්ලි හම්බවෙනවා, මේ වෙලාව රස්සාවක් කරන්න අවශ්‍ය නැහැ' කියලා. ඒකෙ තියෙන අවාසනාවන්ත (කියලා මට හිතෙන) දෙය තමයි ඒ තැනැත්තා සම්මත අධ්‍යාපන ක්‍රමය තුල කෙනෙකුට ලබාගන්න පුලුවන් ඉහලම සුදුසුකම ලබා තිබීම. සෑහෙන කාලයක් රැකියාවක් නොකර සුබසාධනය මත යැපුනොත් ඔහුගෙ දක්ශතා (skills) නැතිවෙන්න පුලුවන් වගේම ඒවගේ සුදුසුකමක් ලබාගන්න ඔහු කල emotional and physical investment එකට සාධාරනයක් නොවෙන්නත් පුලුවන්. ඒ වගේම ඒ තැනැත්තාගෙ ආත්මාභිමානයට වෙන හානිය. නමුත් ඒ හැමදේම පෞද්ගලික තේරීම්.

ඉකෝන් කතා කරන්නෙ ආර්ථික සාධක ගැන විතරයි කියලා පැහැදිලිව සඳහන් කරලා තිබුනත් මට හිතුනා ඒක සුබසාධනයේ non-monetary (at least in the short term) බලපැමක් හා උදාහරණයක් කියලා 'ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා' කොටසට.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64525282032052623602021-10-23T14:01:52.821-04:002021-10-23T14:01:52.821-04:00මේ අවුරුද්ද අවසානයේ අපිට upper middle income ආර්ථි...මේ අවුරුද්ද අවසානයේ අපිට upper middle income ආර්ථිකයක් බවට පත්වෙන්න පුලුවන් වෙයිද
අපිට newly industrialized රටක් වෙන්න පුලුවන් වෙයිද 2024 ට කලින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55433688597981420122021-10-23T09:53:30.516-04:002021-10-23T09:53:30.516-04:00බොහොම හොඳ සාකච්චාවක්. ඇනෝ, ඉකනො දෙන්නාටම ස්තූතියි....බොහොම හොඳ සාකච්චාවක්. ඇනෝ, ඉකනො දෙන්නාටම ස්තූතියි.🙏👌ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34300405868253209902021-10-23T08:21:45.293-04:002021-10-23T08:21:45.293-04:00අනිත් එක ලංකාවේ සන්දර්භයේ නීතියෙන් බලාත්මක කිරීම ක...අනිත් එක ලංකාවේ සන්දර්භයේ නීතියෙන් බලාත්මක කිරීම කියන එක විහිළුවක්. ආණ්ඩුව මාරු වූ ගමන් නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතා කෙටි කලකින් සංශෝධනය විය හැකියි. ඒ නිසා, බහුතර ජනතාව තුළ පහසුවෙන් කඩා නොවැටෙන බලාපොරොත්තුවක් හා අචල විශ්වාසයක් ඇති නොවන තාක් දිගුකාලීන ජාතික වැඩ පිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ නැහැ. එවැන්නක් ඇති කළ හැක්කේ කරුණු හා සාක්ෂි මත පදනම් වූ, ඕනෑම විවේචනයකට පිළිතුරු තිබෙන වැඩ පිළිවෙලකට පමණයි. එවැනි වැඩ පිළිවෙළක් හදා ගැනීමේ ප්‍රවේශය විය යුත්තේම හැකි තාක් විවේචන වලට විවෘත වීමෙන් හා විවේචන නිවැරදි බව පෙනෙන තැන් වලදී වැඩ පිළිවෙළ සංශෝධනය කර ගැනීමට අවංක වීමෙන්. මුලදීම ඔය වැඩේ නොකළොත් කල් පසුවී වැඩ පිළිවෙළේ අඩුපාඩු පේන්න පටන් ගැනීම හා ඒ හේතුවෙන් ඒ පිළිබඳ විශ්වාසය පළුදු වීම නොවැලැක්විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82388211486124909482021-10-23T08:13:19.697-04:002021-10-23T08:13:19.697-04:00අඩු වැඩි වශයෙන් එකඟයි. මේ ආණ්ඩුව දිගටම ආණ්ඩු කළත්,...අඩු වැඩි වශයෙන් එකඟයි. මේ ආණ්ඩුව දිගටම ආණ්ඩු කළත්, ආණ්ඩුව මාරු වුනත්, මුහුණ දෙන්න වන ලංකාවේ ආර්ථිකය පිළිබඳ දරුණු ආකෘතිමය ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නොවිසඳා දිගුකාලීනව ලංකාවට කෙසේවත් ගොඩ යා නොහැකියි. මේ ප්‍රශ්න ඔලු ගෙඩි මාරු කරලා හෝ නාස්තිය දූෂණය අඩු කරලා විසඳිය හැකි සරල ප්‍රශ්න නෙමෙයි. (වෙනත් විදිහකින් කිවුවොත් නාස්තිය දූෂණය අඩු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි) එදා වේල විසඳුම් වලින් මේ මොහොතේ ප්රශ්නය ගොඩ දා ගන්නවා කියන්නේ වසර කිහිපයකට පසුව වඩා දරුණු කඩා වැටීමක අභියෝගයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි. මේ ප්‍රශ්න වලට කෙටිකාලීන විසඳුම් නැහැ. එහෙත් හරි මාර්ගයේ ගියොත් වසර 20ක පමණ කාලයකින් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එම කාලය අතරතුර බහුතරයට පිළිගත හැකි ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලක් වෙනස් නොකර එක දිගට ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන ස්ථාවරත්වය යන්නෙන් අදහස් කළේ ආණ්ඩු මාරු නොවී, එකම පක්ෂයක් බලයේ සිටිය යුතු බව නෙමෙයි. ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන ස්ථිර වැඩ පිලිවෙලක් අවශ්‍ය බවයි. ආණ්ඩු වෙනස් කිරීමේ නිර්ණායකය විය යුත්තේ අදාළ වැඩ පිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එකයි. විපක්ෂය විසින් පවතින කවර හෝ ආණ්ඩුව විවේචනය කළ යුත්තේත් එම පදනමේ සිටයි. මෙවැන්නක් සිදු විය හැකි එකම ක්‍රමය එවැනි පොදු වැඩ පිලිවෙලක් සම්බන්ධව රටේ බහුතර ජනතාවට බලාපොරොත්තුවක්, විශ්වාසයක් හා අවබෝධයක් ඇති වීමයි. මේ කාරණය ඉටු කර ගැනීම සඳහා එවැනි වැඩ පිළිවෙලක් සම්බන්ධව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හා යම් ජන පදනමක් ඇති තෙවන පක්ෂ අතර පුළුල් එකඟතාවක් ඇති විය යුතුයි. රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇති වෙයිද කියන එක සැක සහිතයි. . (වැඩේ පටන් ගන්න කවුරු හෝ කණ්ඩායමක් මුල් වී එවැනි පුළුල් වැඩ පිළිවෙලක් හදා එය සංවාදයට බඳුන් කළ යුතුයි.) කොහොම වුනත් අයි.එම්.එෆ්. සහ අයි.බී.ආර්.ඩී. සහාය ගත් පමණින් ලංකාවට දිගුකාලීනව ගොඩ යා හැකි වනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. එවැන්නක් මූලික වැඩ පිළිවෙලකට උදවුවක් විය හැකි නමුත් අවශ්‍ය වන්නේ තාවකාලික ස්ථාවරත්වය ඉක්මවා යන දිගුකාලීන ජාතික උපාය මාර්ගයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4977304265242131552021-10-23T06:39:24.144-04:002021-10-23T06:39:24.144-04:00ජවිපෙ විසින් සාමාන්‍යයෙන් කරන ආකාරයේ තවත් කතාවක්. ...ජවිපෙ විසින් සාමාන්‍යයෙන් කරන ආකාරයේ තවත් කතාවක්. පිළිතුරු දෙන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. කෙසේ නමුත් මේ ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේක ඉන්දීය රජයේ මැදිහත්වීමකට අනුව ඉන්දියාවේ රාජ්‍ය සමාගමකින් මේ පොහොර ආනයනය කරන ප්‍රමාණයෙන් 90% දෙන්නෙ ණයට. මාසෙකින් ලංකාවේ ආණ්ඩුව මුදල් ගෙවන්නේ. ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් ගෙවන්නෙත් නැති නමුත් පළවෙනි කොන්ටිටි එක එවන්න ඒගොල්ලන්ට පොඩි ඇඩ්වාන්ස් මුදලක් ගෙවන්න වෙනවා. එම මුදල ගෙවන්න යනකොට මුලින්ම ශ්‍රි ලංකන් එයා කාගෝ සමාගම කියල තියෙනවා මෙට්‍රික් ටොන් 55,000 ක් ප්ලේන් එකේ ගෙන්න පුළුවන් කියලා. නමුත් එල් සී අරින්න බැංකුවට ගියාට පස්සේ කියල තියෙනවා ඉඩ තියෙන්නේ මෙට්‍රික් ටොන් 25,000 යි කියලා. ඒ නිසා ක්ෂණිකව පොහොර ගෙන්වීමට එයාර් ෆ්‍රයිට් කරන්න පුළුවන් කියලා ඒ අනුව එහෙම දුන්න මුදල් ගානෙන් ප්‍රමාණයක් ඒ සමාගමේ ඉතුරු වෙලා තියනවා. නමුත් ඒ මුදල් ලංකාව ඇතුලේ ලොජස්ටික් සහ ඒ සියලු දේ සඳහා ලංකාවේ ආනයනය කරන සමාගමේ අය ගේන්න ඕන. (ඒත් පොහොර එහෙන් එවන එකට ඉන්දියානු රජයේ සමාගමකට තමයි ගෙවිය යුතු.)

මෙතන ප්‍රශ්නේ ආණ්ඩුව නිසි පරිදි කළමනාකරණය නොකර කාලය නාස්ති කරපු නිසා අන්තිමට වැඩේ පත්තු වුනාම හදිස්සියේ සියලු දේ කරන්න ගිහින් වැඩේ අල කර ගත්ත එක. ජවිපෙ එහෙන් මෙහෙන් දැන ගත්ත අහුල ගත්ත කරුණු වලින් දමල ගහල තියෙනව වගේ පේන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53038333919451564272021-10-23T02:34:35.500-04:002021-10-23T02:34:35.500-04:00බොහොම ස්තූතියි ඉකොන්. මේ නිසා තමයි ඉකොනොමැට්ටා වැන...බොහොම ස්තූතියි ඉකොන්. මේ නිසා තමයි ඉකොනොමැට්ටා වැනි අය පැහැදිලි සාක්ෂි සහ සාධක සහිතව මෙහි සාකච්ඡා කරන ලංකාවේ සැබෑ අර්බුදය ප්‍රධාන ධාරාවේ පොදු ජනයා අතර ඉතා ගැඹුරු සාකච්ඡාවක් දක්වා විහිදිය යුතු වන්නේ, සාමාන්‍ය ජනයාට සරලව තේරෙන බසින් සහ වඩාත් දැන උගත් අයට වඩා ගැඹුරු ලෙසින් ගෝලීය සමාජ ආර්ථික ප්රවණතා අනුව ලංකාවේ රෝග නිධානය තේරුම් ගෙන එයට සාමූහිකව බහුතර මහජන සහාය ඇතිව විසඳුම් සොයා ගත යුතුයි.

මේ වගේ හිසරදයට කොට්ට මාරු කරන විසඳුම් වලින් වෙන්නේ රෝගය උත්සන්න වී ලෙඩා මියයාම පමණයි.

දැනට මම සිතන විසඳුම වන්නේ පවතින රජය පියවරක් පසුපසට ගෙන විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, හර්ශ ද සිල්වා, චම්පික වැනි දැක්මක් ඇති යමක් කමක් තේරෙන අයගේද සහය ඇතුව වෙනත් තෙවන බලවේගවලද සහාය හැකි තරමින් ලබාගෙන සාමූහිකව විසි වසරක දිගු කාලීන සැලැස්මක් (අවම දස වසරක් වත්) සහිතව වෙනස් නොවන ස්ථිරසාර සැලසුමක් ක්‍රියාත්මක කිරීමයි, ආණ්ඩු වෙනස් වුණත් වෙනස් නොවන සේ මේ වැඩපිළිවෙන අවශ්‍යනම් නීතියෙන්ද බලාත්මක (ලීගලි එන්ෆෝස්) කරගත හැකි වේවි.

විපක්ෂ සහාය ඇතුව ජාතික වැඩපිළිවෙලක් ලෙස අයි.එම්.එෆ්. සහ අයි.බී.ආර්.ඩී. සහාය ඇතුව ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්, නැතුව පැහැදිලි සැලැස්මක් නොමැතිව මාධ්‍ය හරහා කයිවාරු ගසන පුද්ගලයන් යොදාගෙන ඔලුගෙඩි මාරු කරන එකෙන් වන්නේ මහත් ව්‍යසනයක් පමණයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7072354156388567532021-10-23T01:42:27.479-04:002021-10-23T01:42:27.479-04:00https://youtu.be/SrwtdZPtwDY
what do you think ab...https://youtu.be/SrwtdZPtwDY

what do you think about this Mr. ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53802837919109610352021-10-23T01:10:29.382-04:002021-10-23T01:10:29.382-04:00ඔබ කියන දේ ඇත්ත. විශේෂයෙන්ම පහත කොටස.
//ලැබුණු උත...ඔබ කියන දේ ඇත්ත. විශේෂයෙන්ම පහත කොටස.

//ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා.//

වැරදි උත්තරයක් හොයා ගත්තොත් නවතින්නේ ගොඩ එන්න බැරි අගාධයක.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79219746767408634132021-10-23T01:06:49.637-04:002021-10-23T01:06:49.637-04:00ලොකු ඩොලර් කුට්ටියක් කොහෙන් හෝ හොයා ගන්න ආණ්ඩුව සෑ...ලොකු ඩොලර් කුට්ටියක් කොහෙන් හෝ හොයා ගන්න ආණ්ඩුව සෑහෙන ගේමක් ගහනවා. සමහර විට එකක් පත්තු වෙයි. නැත්නම් ඔය කියා තිබෙන විදිහට කළුවරේ ඉන්න වෙන්න වුනත් ඉඩ තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com