tag:blogger.com,1999:blog-3221129106341750825.post8841124765654572322..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මහ බැංකුව ඩොලර් ප්රශ්නය විසඳලාද?Unknownnoreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20329165855255841112021-10-12T11:37:12.408-04:002021-10-12T11:37:12.408-04:00In addition, this is about domestic debt securitie...In addition, this is about domestic debt securities, not about ISBs.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1432238461970248712021-10-12T10:11:35.969-04:002021-10-12T10:11:35.969-04:00it says nothing. we are talking about secondary ma...it says nothing. we are talking about secondary market here.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90251450031754402292021-10-12T09:02:07.967-04:002021-10-12T09:02:07.967-04:00Check in here:
https://www.cbsl.gov.lk/en/faq/gove...Check in here:
https://www.cbsl.gov.lk/en/faq/government-debt-securitiesmasuhttps://www.blogger.com/profile/02389587659220155916noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72506373618892545322021-10-11T18:32:52.114-04:002021-10-11T18:32:52.114-04:00මාත් ඒකයි හිතුවෙ. ගන්න හොඳ වෙලාවමාත් ඒකයි හිතුවෙ. ගන්න හොඳ වෙලාවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14244415746641402162021-10-11T12:18:23.830-04:002021-10-11T12:18:23.830-04:00සුරැකුම්පත් තැරැව්කරුවන් හරහා මිල දී ගත හැකි විය ය...සුරැකුම්පත් තැරැව්කරුවන් හරහා මිල දී ගත හැකි විය යුතුයි. මම හරියටම දන්නේ නැහැ. පහසුවෙන් මිල දී ගත හැකි ක්‍රමයක් තිබේනම් මම වුනත් මේ යම් ප්‍රමාණයක් මිල දී ගන්නවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1418197612396093742021-10-11T11:05:23.416-04:002021-10-11T11:05:23.416-04:00ලන්කා ISB පිටරටක ඉන්න කෙනෙක් මිලදී ගන්න ක්‍රමයක් ත...ලන්කා ISB පිටරටක ඉන්න කෙනෙක් මිලදී ගන්න ක්‍රමයක් තියෙනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50850395885511944162021-10-10T22:03:39.857-04:002021-10-10T22:03:39.857-04:00අදාළ වන තැන් වලදී එයත් බලනවා. නිල සංචිත ප්‍රමාණය හ...අදාළ වන තැන් වලදී එයත් බලනවා. නිල සංචිත ප්‍රමාණය හරියටම දන්නා දෙයක්. ඒ වගේම එය තිබෙන තැනත් නිශ්චිත තැනක්. තියා ගන්නෙම හදිසියකට ගන්න. වෙනත් විදේශ විණිමය ප්‍රමාණ තිබෙන්නේ තැන් තැන් වල ටික ටික. ඒ ප්‍රමාණය හරියටම දන්නෙත් නැහැ. ඇස්තමේන්තුවක් පමණයි. ඒ වගේම, ඕනෑ වෙලාවට ගන්න පුළුවන් නිශ්චිත තැනක නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29093097215423021062021-10-10T14:51:48.331-04:002021-10-10T14:51:48.331-04:00ඇයි සන්චිත ගැන කියද්දි gor එක ගැන සලකල කතා කරන්නෙ?...ඇයි සන්චිත ගැන කියද්දි gor එක ගැන සලකල කතා කරන්නෙ? රටේ සමස්ත සන්චිත ප්‍රමානය නෙමෙයිද බලන්න ඕන? ප්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43144271556720089632021-10-10T12:02:52.246-04:002021-10-10T12:02:52.246-04:00ඔය මිනිත්තු තුනේ කතාව ගැන ලිපියක් ලියන්න හිතා ගෙන ...ඔය මිනිත්තු තුනේ කතාව ගැන ලිපියක් ලියන්න හිතා ගෙන හිටියත් තවම වෙලාවක් ලැබුණේ නැහැ. මෙහි වියත්මග කියනවායැයි ඔබ කියන දෙයත්, අකුදි මතු කරන කරුණත් යන දෙකේම යම් ගත යුත්තක් තිබෙනවා.

ණය වැඩි වූ පමණින් වත්කම් වැඩි වෙන්නේ නැහැ. මේ ට්‍රිලියන 11 හා අදාළ කාලය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. රාජපක්ෂ දශකය තුළ ට්‍රිලියන 5.34කින් හා යහපාලන දශක බාගය තුළ ට්‍රිලියන 5.55 කින් සිදු වූ ණය වැඩි වීම ආසන්න වශයෙන් ට්‍රිලියන 11ක් පමණ වන නිසා අපි එම කාලය සලකමු. මේ ආකාරයෙන් ණය වැඩි වුනේ කොහොමද කියා පහත ලිපියේ තිබෙනවා.

යහපාලන ණය හා රාජපක්ෂ ණය
https://economatta.blogspot.com/2021/10/blog-post_9.html

යහපාලන දශක බාගය තුළ ණය වල වටිනාකම වෙනස් වීම හා පොලී වියදම් අඩු කළ පසු වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ලෙස ඉතිරි වන්නේ රුපියල් බිලියන 371ක් පමණයි. රාජපක්ෂ දශකය තුළ එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. එවිට එකතුව රුපියල් බිලියන 1,337ක් පමණයි. ගාමිණී විජේසිංහගේ ඇස්තමේන්තු අනුව බැලුවොත් අදාළ වසර 15ක කාලය තුළ ට්‍රිලියන 1.3ක් ණය ගනිද්දී ට්‍රිලියන 1.8ක වත්කම් හැදී තිබෙනවා. මෙය ආයෝජනය සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නෙමෙයි. 2019 වන විට අඩු වශයෙන් ට්‍රිලියන 3.0ක පමණවත් වත්කම් හැදී තිබිය යුතුයි. ලංකාවේ ප්රශ්නය ණය ආයෝජන වලින් ණය පොලී ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්රතිලාභ නොලැබීමයි.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78928412265715199872021-10-10T11:22:19.391-04:002021-10-10T11:22:19.391-04:00//Gross official reserves සහ total reserves වල වෙන...//Gross official reserves සහ total reserves වල වෙනස මොකක්ද? Totl reserves බිලියන් 6කට වඩා තියෙනව.//

පළමුවැන්න මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය. දෙවැන්න එම ප්‍රමාණය හා මහ බැංකුවෙන් පිටත රටේ වෙනත් කවර හෝ තැනක තිබිය යුතු විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22249930168551278242021-10-10T11:20:56.729-04:002021-10-10T11:20:56.729-04:00ඉකොනොමැට්ටා ලංකාවේ ණය ගැන මේ කියන දේවල් ඇත්තද?
ht...ඉකොනොමැට්ටා ලංකාවේ ණය ගැන මේ කියන දේවල් ඇත්තද?

https://fb.watch/8qpXb1iVvr/

මේ කියන්නේ ගාමිණී විජේසිංහ හිටපු විගනකාදිපති කිව්වා කියලා ලංකාවෙ ආණ්ඩුව පසුගිය කාලයේ ගත්තු ණය රුපියල් trillion 11යි නිර්මාණය කල වත්කම වල අගය trillion 1.8 කියල.. මේ ගැන වියත් මග කට්ටිය කියුවේ මේ ගැන හරියටම කියන්න නම් හොඳින් ඇනලයිස් කරන්න අවශ්‍ය බවත්, කෙටියෙන් කිව්වොත් එක පැත්තකින් ලංකාවෙ රජයේ වියදමින් 10 % පමණ Capital Expenditure වන බවත්, තවත් 5 - 7% පමණ රජයේ විවිධ ආකාරයේ ආයෝජන විය හැකි බවත් ඒ නිසා වත්කම් ලෙස ඉතුරු වෙන්නේ ඒවා පමණක් බවත් 80 - 85% පමණ වන පුනරාවර්තන වියදම් සඳහා ගෙන ඇති ණය වලින් වත්කම් ඉතුරු නොවන අතර එය ගෙවී අවසන් වන බවයි. එමෙන්ම මීට ඩොලර් රුපියල් සාපේක්ෂ වශයෙන් අව ප්‍රමාණය වීම නිසා ණය වැඩිවීමත් මෙහිදී බලපෑමක් ඇති බව.

නමුත් මෙතනදි අපි කාවද විශ්වාස කරන්න ඔනෙ.. වියත්මග ද හිටපු විගණකාධිපති ද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද? මීට කලින් පෝස්ට් එකක මේ ගැන පැහැදිලි කිරීමක් කර තිබෙනවා නම් එහි ලින්ක් එකක් දාන්න පුළුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64096348808928462022021-10-10T11:19:59.078-04:002021-10-10T11:19:59.078-04:00//Centra bank holdings of govt securities කියන්නෙ ...//Centra bank holdings of govt securities කියන්නෙ සල්ලි අක්චු ගහපුවද?//

මේ ගැන මම වාර ගණනාවක් පැහැදිලි කර තිබෙනවා. මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නා විට සල්ලි අච්චු ගැහීමක් සිදු වෙනවා. එහෙත්, ඇතැම් විට වෙනත් ගනුදෙනුවක් හරහා මේ ආකාරයෙන් අච්චු ගසා එළියට දමන සල්ලි ක්ෂණිකව අනෙක් පැත්තෙන් ආපසු ගැනීමක්ද සිදු වෙනවා. විදේශ සංචිත විකිණීම හා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යන දෙකම එක විට කළ විට සිදු වන්නේ එවැන්නක්. මෙහිදී රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සඳහා වැය කෙරෙන්නේ ඩොලර් විකුණා ලබාගත් රුපියල් නිසා ශුද්ධ වශයෙන් අලුත් සල්ලි එළියට යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් වලින් හැම විටම සල්ලි අච්චු ගැසීමක් නිරූපනය වෙන්නේ නැහැ. එම ප්‍රමාණයෙන් සංචිත විකුණා ලබාගත් රුපියල් ප්‍රමාණය අඩු විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16944127728862414662021-10-10T11:10:25.661-04:002021-10-10T11:10:25.661-04:00//ලංකාවේ ආයෝජන කරමින් ලංකාවේ සිටිමින් ලංකාව දියුණු...//ලංකාවේ ආයෝජන කරමින් ලංකාවේ සිටිමින් ලංකාව දියුණු කිරීමට කැමති බටහිර රටවල්වල අය, චීනය ඉන්දියාව සහ මියන්මාර්, කාම්බෝජය වැනි වෙනත් ආසියානු, අප්‍රිකානු ජාතීන් ආදී රටවල දක්ෂ අයට ලංකාවේ පුරවැසි භාවය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුයි.//

කළ හැකිනම් ඉතාම සාධනීය, ඵලදායී වැඩක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34704460506496910942021-10-10T10:51:16.708-04:002021-10-10T10:51:16.708-04:00හදිසි කාර්යයක් ලෙස අඩු වශයෙන් ඩොලර් 10,000ක්වත් ලං...හදිසි කාර්යයක් ලෙස අඩු වශයෙන් ඩොලර් 10,000ක්වත් ලංකාවේ බැංකු ගිණුමක තැන්පත් කරන්නැයි විදේශගත ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටීමට බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18110033182159335052021-10-10T08:59:54.365-04:002021-10-10T08:59:54.365-04:00නමුත් මේ ප්රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන ක්‍රම සි...නමුත් මේ ප්රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන ක්‍රම සියල්ලම අඩංගු අපේ ප්‍රයෝගික වැඩ පිළිවෙළක්...

අපි ප්රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්රතිව්යුහගතකිරීමයි.

2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.

රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය.
එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.

රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.

මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත.

සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම ‘රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්’ බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.

–PCR media unitAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13780222467728971352021-10-10T08:58:27.820-04:002021-10-10T08:58:27.820-04:00අනෙක් අතින් තමන්ම අධික ලෙස සල්ලි අච්චු ගසා ඇතිකළ උ...අනෙක් අතින් තමන්ම අධික ලෙස සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය. බලයෙන් පවත්වාගෙන යන ‘නිල’ විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.

ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.

මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් ඇමරිකානු කොල්ලකාරී සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි බඳු රාජ්‍ය දේපළ කොල්ලකමින් විදේශීය සමාගම් වලට විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්රවල සාධාරණත්වය සඳහා වූ දැඩි බලසම්පන්න වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.

මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බ කරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.

ප්රශ්නය කෝවිඩ්ද?

තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය. අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය.

එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ දැනට රට පාලනය කරන නිසි වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් නොමැති නූගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණයි. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්රතිපත්තියයි.

විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.

TbcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46439413676153845112021-10-10T08:57:18.030-04:002021-10-10T08:57:18.030-04:00සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි...සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන විස්තර සහිතව නිකුත් කර ඇති නිල නිවේදනයක් මෙහි දැක්වෙයි.

"මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ.

මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-

1. ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.

2. නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.

3. දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.

4. බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.

5. ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත.

රාජපක්ෂ පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය – නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.

ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස අධික ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ වෙනත් සියලුම විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති කි.මී. ගණන් දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවයි. කෙටියෙන්ම කිව හොත් ලංකාව සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරණය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.

ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම

රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ඉතාමත්ම ආසන්නව පවතින අතර පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ මවා පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ.

මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 09 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙන ඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි.

පසුගිය 2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි. සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි.

TbcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37033821469650100942021-10-10T07:50:43.685-04:002021-10-10T07:50:43.685-04:00ඉකොනො,
ලංකාවේ ආණ්ඩුව විසින් බ්ලොක්චේන් තාක්ෂණය තු...ඉකොනො,

ලංකාවේ ආණ්ඩුව විසින් බ්ලොක්චේන් තාක්ෂණය තුළින් ක්රිප්ටොකරන්සි මයිනින් සදහා ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ලංකාවේ විපක්ශ කණ්ඩායම් මේ ගැන පවසන්නේ "Cryptocurrency කියන්නේ පරිගණක ප්‍රෝග්‍රෑම් දුවවලා එක එකා පරිගණක දත්ත ගබඩා ලෙස හදන ව්‍යාජ මුදල්. මෙ වන විට 6,500 ක් ව්‍යජ මුදල් වර්ග තියෙනව. තව ඕනම කෙනෙකුට හදන්න හෝ දන්න කෙනෙකුට කියා හදවන්න පුලුවන්. පොඩි කොල්ලො විහිලුවට පවා හදන ඒවා විකුණන්න තියෙනව, මේවා ගන්න රටක ඇත්ත මුදල් දෙනවා කියන්නේ මෙ වගේ කුඩා රටක් නන් නත්තාර වෙන්න පුලුවන් දෙයක්, රටට ඩොලර් එන Paypal පහසුකම දෙන්නෙ නැතුව මේ විකාර ගේන" බවයි.

මේ හරහා අධික ලෙස විදුලිය වැයවන ක්‍රිප්ටෝ මයිනින් උපාංග භාවිතයෙන් ලංකාවේ බරපතල විදුලි අර්බුදයක් ඇතිවිය හැකිද?

මෙය සමග ඇමරිකන් නිව් ෆෝට්රස් විදුලි බලාගාර ගණුදෙනුව සමග ඇති සම්බන්ධයක් ගැන කෙරෙන චෝදනා සත්‍ය ඒවා විය හැකිද?

මේ ගැන කෙටියෙන් මෙම ප්‍රවෘත්තියේ තිබෙනවා;

https://www.sinhala.srilankamirror.com/news/31193-2021-10-09-01-06-56Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78045688734125861092021-10-10T05:50:15.940-04:002021-10-10T05:50:15.940-04:00Gross official reserves සහ total reserves වල වෙනස ...Gross official reserves සහ total reserves වල වෙනස මොකක්ද? Totl reserves බිලියන් 6කට වඩා තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70376347024665970922021-10-10T05:16:44.127-04:002021-10-10T05:16:44.127-04:00හපොයි. චීනෙන් ඒත් එන්නෙ යුආන් නේද?
චීන ඉම්පෝට්ට්ස්...හපොයි. චීනෙන් ඒත් එන්නෙ යුආන් නේද?
චීන ඉම්පෝට්ට්ස් වලට ඒව පාවිච්චි කරන්න පුලුවන්.

Centra bank holdings of govt securities කියන්නෙ සල්ලි අක්චු ගහපුවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89783521704185304232021-10-10T04:52:06.977-04:002021-10-10T04:52:06.977-04:00ඩිෆෝල්ට් වෙන්නෙ නෑ බන්.ඩිෆෝල්ට් වෙන්නෙ නෑ බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33899126329187421522021-10-10T03:58:52.323-04:002021-10-10T03:58:52.323-04:00මේ යන විදිහට ගියොත් 2022 ජුලි ISB settlement එක de...මේ යන විදිහට ගියොත් 2022 ජුලි ISB settlement එක default වෙන්න ලොකු සම්බවිතාවක් තියෙනවා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6071989685416920732021-10-10T02:52:29.596-04:002021-10-10T02:52:29.596-04:00කෙසේ නමුත් මම හිතන්නේ මෙය වෙනස් කළ යුතු බවත් එය හැ...කෙසේ නමුත් මම හිතන්නේ මෙය වෙනස් කළ යුතු බවත් එය හැකි බවත්ය. මේ සඳහා ලංකාවේ ඉඳන් ලංකාවට කෙළවෙනකම් යටි හිතින් කෙළ හලමින් සමාජ ජාල වල වැලපෙන උන්ට ලංකාවෙන් පිට වී කැමති රටවල් වලට සංක්‍රමණය වීමට සියලුම පහසුකම් ලබා දෙමින් හැකි තරම් ඉඩ දිය යුතු අතර ලංකාවේ ආයෝජන කරමින් ලංකාවේ සිටිමින් ලංකාව දියුණු කිරීමට කැමති බටහිර රටවල්වල අය, චීනය ඉන්දියාව සහ මියන්මාර්, කාම්බෝජය වැනි වෙනත් ආසියානු, අප්‍රිකානු ජාතීන් ආදී රටවල දක්ෂ අයට ලංකාවේ පුරවැසි භාවය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුයි. චීනයේ ඇති දැඩි රාජ්‍ය පීඩනය සහ ඉන්දියාවට සහ අනිත් ආසියානු රටවලට වඩා මනස්කාන්ත පිරිසිදු පරිසරයක් ඇති බව අපිට මේ සඳහා මාකටින් කිරීමට ප්‍රයෝජනවත් වේවි. ලංකාවේ දැනටමත් ලංකාවට බොහෝ කැමති විදේශිකයන් රැසක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ මධ්‍යම පළාතේද නිවාස දේපළ කුලියට ගෙන ජීවත් වන අතර සමහරු රිටයමන්ට් එකට ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ වගේම ලංකාවේ ෂැංග්‍රි ලා වැනි ලක්ෂරි හෝටල්වලට පැමිණෙන යුරෝපීය සහ ආසියානු රටවල ඉතාමත්ම ධනවත් සහ අතිශය නිර්මාණශීලී ව්‍යවසායයන් ලංකාවේ නව ව්‍යාපාර කටයුතුවලට සහභාගිවී තියෙනවා. මම දන්නා තරමින් දකුණේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ සුළු රැකියාවක් කළ තරුණයෙක් මෙසේ ලංකාවේ සංචාරයක පැමිණි ස්කැන්ඩිනේවියානු රටවල ධනවත් තරුණ ව්‍යාවසායකයෙක් සමග මිතුරු වී කුරුඳු තෙල්, කටු අනෝදා කොළ සහ මුරුංගා සාරය රට යැවීමේ ව්‍යාපාර ආරම්භ කර ඉක්මනින් ඉතාමත් විශාල ධනවතෙක් වුණ අතර තවත් කීපදෙනෙක්ම මේ වගේ සංචාරක ව්‍යාපාරය හරහා යුරෝපීය දක්ෂ මාකටින් වෘත්තීයවේදීන් සමග මිතුරු වී බොහෝ අලුත් වෙනස් ව්‍යාපාර වල ආයෝජනය කර ඉක්මනින් ධනවත් වී තියෙනවා. මම හිතන්නේ තවමත් අපට ඔප්ෂන් සහ ඔපොචුනිටීස් තියෙනවා කියලා. නමුත් ලංකාවේ ළිංමැඩියන්ගේ අදහස් වෙනස් කිරීමට ලංකාවේ සාපේක්ෂව දේශපාලන වශයෙන් වඩාත් ස්ථායී වන රාජපක්ෂ පවුලේ කල්ලියටවත් හැකිවෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32145057898219622052021-10-10T01:21:35.044-04:002021-10-10T01:21:35.044-04:00ඉකොනොමැට්ටා,
ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව...ඉකොනොමැට්ටා,

ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි තබා ඇති මේ සටහන ගැන ඔබගේ අදහස් මොනවා ද? මේ හා සමාන ලංකාවේ සමාජවාදී භාවිතාව සහ නලීන් ද සිල්වා ප්රමුඛ සිංහල ජාතික සමාජවාදීන් ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳ පොළ ක්‍රමය වෙත කෙමෙන් කෙමෙන් රූපාන්තරණය වීම ගැන ඔබ මීට වසරකට පමණ පෙර දීර්ඝ වශයෙන් පෝස්ට් කීපයක් පුරා සාකච්ඡා කළ නිසා මෙය වැදගත් යැයි සිතමි.

//“උපන්ගෙයි සමාජවාදය" හා "යොහානි ආචරණය“

(අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්)

ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය වශයෙන් හුදෙකලා වූ, කුඩා ගැමිගොවි (Peasant) ඒකක විශාල ප්‍රමාණයකින් සමන්විත වූ සමාජයකි. මේ තත්වය වෙනස් වූයේ 1930 ගණන්වල සිට සිදුවූ අති දැවැන්ත ජනගහන වර්ධනය නිසාය. අමරසේකර “සමාජවාදී“ නමින් හදුන්වන්නේ මේ ගැමිගොවි සමාජවල පැවති ඥාතිත්වය මත පදනම් වූ සාමූහික ජීවිතයයි.

දැන් ධනවාදී බවට පත් කිරීමට උත්සාහ කරන්නේ මේ ගැමිගොවි සමාජයයි. කලක් අමරසේකරගේ සගයා වූ නලින් ද සිල්වා ද මෙම ධනවාදීකරණය වෙනුවෙන් පෙනී සිටින බව පෙනේ.

දින කීපයකට පෙර අයිලන්ඩ් පුවත් පතේ පළ වූ ලිපියක් මගින් ප්‍රකාශ කෙරුණේ දැන් ලෝක ප්‍රසිද්ධ යොහානි ගේ මැණිකේ මගේ හිතේ“ ගීතයෙන් ඉන්දියාව වාසි ලබන අතර ලංකාව ඉන් වාසි ලැබීමට අසමත් වී ඇති බවයි. මෙය ඇත්තකි. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වීමටත් පෙර ශක්තිමත් ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්ඡනයක් හා ධනවාදී ආර්ථික ක්‍රියාකාරකම් ක්ෂේත්රයක් වර්ධනය විය. ලංකාව තුළ තත්වය එසේ නොවේ. ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය මුල්කාලයේ පාලනය කලේද ඉන්දියාවෙන් සංක්‍රමණය වූ නාට්ටුකොට්ටු චෙට්ටියාර් වරුය. අනගාරික ධර්මපාලට මේ තත්වය ගැන හොද ඉවක් තිබුණද ඒ පිළිබද වැදගත් යමක් කිරීමට ඔහු සමත් වූයේ නැත.
ලංකාවේ නවීන යැයි කිව හැකි පසුව වාණිජකරණය වූ සෑම දෙයක්ම බිහි වුනේ ඉන්දියාව (සංගීතය, සිනමාව වැනි) හෝ බටහිර (ක්‍රීඩා සහ වෙනත් බොහෝ දේ) සාධක මැදිහත් වීමෙනි.
මේ නිසා “යොහානි“ වැනි සංසිද්ධීන් වලින් ඵල ලැබීමට ලංකාවට නොහැකිය. මෙය ක්‍රිකට් වලටත් අදාළය. 1990ගණන්වල අගභාගයේ ලෝකයේ හොදම සහ වාණිජ වශයෙන් ආකර්ශණීයම ක්‍රිකට් කණ්ඩායම සිටියේ ලංකාවටයි. නමුත් එය සාර්ථක ලෙස වාණිජ කරණය කිරීමට ලංකාව සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ක්‍රීඩකයින්, ක්‍රිකට් පරිපාලකයින් හා දේශපාලකයින් තාවකාලිකව සල්ලි ටිකක් හම්බ කරගැනීමයි. ඉන්දියාව සාර්ථක ලෙස ක්‍රිකට් වාණිජකරණය කරමින් අයිපීඑල් නම් දැවැන්ත ධන නිධානය බිහිකළේය.

මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාට හා චම්පිකට පමණක් නොව නාමල් රාජපක්ෂටත් හැකි වේ යැයි නොසිතමි. කළ හැක්කේ බිහිවන ධනවාදී ලෝක පද්ධතියක (එම්මෑනුවෙල් වොලර්ස්ටීන්ගේ අර්ථයෙන්) පරිවාර ප්‍රදේශයක් වීම පමණි.
මෙහි දේශපාලන නිගමනය වන්නේ ලංකාව ධනවාදී කිරීමට උත්සාහ කිරීම කළ නොහැකි බැවින් කිරීමට උත්සාහ නොකළ යුතු දෙයක්ය යන්නයි.//

මූලාශ්‍රය:

https://www.facebook.com/100000285106001/posts/4804723082880481/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60467995483920775572021-10-10T00:38:45.475-04:002021-10-10T00:38:45.475-04:00මුල කොටස හරි. දෙවන කොටස ගැන හරියකට කරුණු නොදැන යමක...මුල කොටස හරි. දෙවන කොටස ගැන හරියකට කරුණු නොදැන යමක් කිව නොහැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com