ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම අගය 3%-7% සීමාව තුළ රඳවා ගත යුතුයි.
උද්ධමනය 6.8% දක්වා ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හේතුවෙන් සිදුව ඇති ප්‍රවාහන සේවා ගාස්තු, විදුලි ගාස්තු ආදියේ ඉහළ යාම වුවත්, පොදුවේ මිල ගණන් ඉහළ යාමද නොසලකා හැරිය නොහැකියි. පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල්, LP ගෑස් හා විදුලි ගාස්තු ඉහළ යාම 6.77%ක උද්ධමනයෙන් 2.93%කට දායක වී තිබෙනවා. මේ වන විට ඉන්ධන මිල ගණන් අඩු කර ඇති බැවින්, උද්ධමනය තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ඉදිරි මාසය තුළද 5% සීමාවෙන් ඉහළ රැඳී තිබිය හැකියි.
අර ඉස්සර මහපොළොවේ උද්ධමනය වෙනස් කියල හැමදාම කොමෙන්ට් දාන කෙනෙක් හිටියා නේද? දැන් එයා ඇත්තටම උද්ධමනය වැඩි වෙනකොට කොමෙන්ට් දන්නේ නැත්තේ මොකද? :D
ReplyDeleteඇත්තටම මේ ඉන්ධන පර්ශ්නේ නිසා මහපොළොවේ බඩු මිල වෙන්සස් වීම සහ උද්ධමනය අතර ලොකු පරතරයක් තියනන්ව...
ඇත්තටම මේ ඉන්ධන මිල මෙහෙම්මම තිබුනොත් උද්ධමනය තව වැඩි වේවි.
අපි හිතනවා අර මහපොළොවේ උද්ධමනය ගැන කොමෙන්ට් දාන කෙනා ඉක්මනට කොමෙන්ට් එකෙක් දාවි කියාලා... :D මොකද පොර සැහෙන කාලයක් බලාගෙන හිටියා උද්ධමනය වැඩි වෙනකම්...
@ ඉකොනොමැට්ටා මෙහෙම කිව්වාට තරහ ගන්න එපා. ඔය ආණ්ඩුවේ බෝඩ් ලෑලිවල දාන 6.8% බොරු ඉලක්කම්වලින් රටේ අතිබහුතර මිනිස්සුන්ගේ බඩගින්න මනින්න බෑ. ඇත්තම උද්ධමනය අඩුම තරමින් 25% වත් පැනලා තියෙන්නේ. අර මැරයින් ඩ්‍රයිව් එකේ තමන්ගේ රස්සාව කරපු ත්‍රීවීල් එකටම ගිනි තියාගෙන මැරුණ කොල්ලගේ කඳුළු ඇතුළේ තියෙන්නේ අද රටේ හැම සාමාන්‍ය මනුස්සයෙක්ම විඳින අපා දුක.
ReplyDeleteරස්සාවක් කරන්න තියෙන වාහනේ දුවන්න ගහන තෙල් ටිකට, කෑම ටිකට මහා තුප්පහි විදියට සීමා දාලා, මිනිස්සුන්ගේ දෛනික ජීවිකාව QR කෝඩ් එකකට හිර කරලා, ඒ අස්සේ මැදපෙරදිග යුද්ධයක් අල්ලගෙන එක එක බයිලා ගහනවා. ලෝකෙම යුද්ධෙට මුහුණ දෙනවා තමයි, හැබැයි අපේ එහා පැත්තේ තියෙන ඉන්දියාවේවත්, ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේවත් මිනිස්සුන්ගේ රස්සාව කරන්න, දෛනික ගමන් බිමන් යන්න මෙහෙම සතිපතා QR කෝටා දාලා බෙල්ලෙන් අල්ලලා හිර කරලා නෑ. ඒ හැම රටක්ම තමන්ගේ ජනතාවට මේ විගඩම් පාලන පොලු දාල හිර කරන්නේ නැතුව ආර්ථිකය කළමනාකරණය කරද්දී, අපේ රටේ විතරක් යුද්ධය නිදහසට කරුණක් කරගෙන මිනිස්සුන්ගේ බඩට ගහන එක සිරාවටම කැතයි. ඕක යුද්ධයේ ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවේ කාලකණ්නි පාලකයන්ගේ තියෙන දූෂණ වංචා සහ අසමත්කම වහගන්න කරන මන්දබුද්ධික වැඩක්!
මේ ලංකාවේ වගේ QR කෝටා ක්‍රමයකින් ආර්ථිකයට වෙන සෘණාත්මක බලපෑම ගැන ලියන්න පුළුවන් වෙයි ද?
මීට වඩා ගන්න තිබුණු විකල්ප ආර්ථික විසඳුම් මොනවාද කියලා ලියන්න පුළුවන් ද? දැන් කරන්න ඕන මොනවද කියලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ ගැන විග්‍රහ කරන්න පුළුවන් ද?
මෙහෙමයි වැඩේ, ලංකාවේ අතිශය බහුතරය වෙන අපි වගේ පෞද්ගලිකව ස්ථාපිත පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් වගේම ස්වයං රැකියා කරන අය, පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත අය සහ සේවා සපයන අය වගේම අතිබහුතර සාමාන්‍ය මනුස්සයා ආණ්ඩුවෙන් නිකන් කන්න බොන්නවත්, කිසිම විශේෂ වරප්‍රසාදයක්වත් ඉල්ලන්නේ නැහැ
ReplyDeleteඋන් ඉල්ලන්නේ තමන්ගේ දහඩිය මහන්සියෙන් රස්සාවක් කරලා, දරු පැටවුන්ට වේලක් කන්න දීලා, කාටවත් අත නොපා ගෞරවනීය විදිහට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ පරිසරයක් විතරයි. හැබැයි ආණ්ඩුව තමන්ගේ වාසිදායක සංඛ්‍යාලේඛන බෝඩ් ලෑලිවල දාගෙන ආර්ථිකය සුරපුරයක් වෙලා කියාගෙන ඩෙඟා නැටුවට, රටේ ඇත්තම තිත්ත යථාර්ථය ඕක නෙවෙයි කියලා රටේ ටිකක් ඇවිදලා බලලා මිනිස්සුන්ගේ සැබෑ තොරතුරු සහ අසරණකම දකිද්දී ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. තමන්ගේම කියලා රස්සාවක් කරලා ජීවත් වෙන්න හදන වෘත්තීය රියදුරෙකුට තමන්ගේම සල්ලිවලට ඉන්ධන ටිකක් ගන්න අදටත් සීමා, කෝටා සහ QR කෝඩ් පස්සේ හිඟාකන්න සිද්ධ වෙනවා නම්, ඒක ආර්ථිකය ස්ථාවර වීමක් නෙවෙයි, රටේ ජනතාව පණපිටින් අපායක හිර කිරීමක්. පුද්ගලික දෛනික ගමන් බිමන් සහ රස්සාවක් විදිහට වාහනය පාවිච්චි කරන වෘත්තීය ජීවිකාවන් අතර තියෙන වෙනසවත් තේරුම් ගන්න බැරි මේ අදූරදර්ශී, අසාධාරණ කෝටා ක්‍රමය වහාම අකුලාගෙන දත්ත මත පදනම් වූ සාධාරණ ක්‍රමවේදයකට නොගියොත්, මිනිස්සුන්ගේ ජීවන අරගලය තවත් දරුණු වෙලා, අර මැරයින් ඩ්‍රයිව් එකේ සිද්ධ වුණා වගේ තවත් අහිංසක ජීවිත වන්දි ගෙවන ලේ වැකි ඛේදවාචකයන් වැලක් මේ රට ඉදිරියේ නැවත නැවතත් දිග හැරෙන එක සිරාවටම වළක්වන්න බැහැ ඊකෝන්, තත්ත්වය හරිම දරුණුයි දැන් නම්.
@Economatta ඔයා හිතනවා නම් උද්ධමනය උඩ යන්නේ තෙල් මිල විතරක් නිසා කියලා, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
ReplyDeleteඇත්තම කතාව තෙල් මිල කියන්නේ මතුපිටින් පේන එක ලක්ෂණයක් විතරයි, උද්ධමනය පාලනයෙන් තොරව ඉහළ යන්න සැබෑම හේතුව ලංකා ආර්ථිකයේ තියෙන ව්‍යුහාත්මක සහ මූල්‍ය ප්‍රතිපත්තිමය බිඳවැටීමයි. ආර්ථික විද්‍යාවට අනුව මේකට හේතුව මුදල් ප්‍රසාරණය (Monetary Expansion) සහ රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයි
ඒ කියන්නේ සරලවම කිව්වොත්, රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැතුව, ආණ්ඩුව දිගින් දිගටම දේශීය ණය ගනිමින් සහ මහ බැංකුව හරහා සල්ලි අච්චු ගසමින් වෙළඳපොළට මුදල් සැපයුම (Money Supply) අධික ලෙස මුදාහැරීමයි. උදාහරණයක් විදිහට, රටේ තියෙන එළවළු, හාල් හෝ පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී, ඒ භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න ජනතාව අතේ ගැවසෙන රුපියල් ප්‍රමාණය (Velocity of Money) සීඝ්‍රයෙන් වැඩි වුණාම, භාණ්ඩ ප්‍රමාණයට වඩා මුදල් පසුපස හඹායෑම නිසා ස්වාභාවිකවම මිල මට්ටම් අහස උසට යනවා. ඒ වගේම ලංකාවේ කර්මාන්ත භාණ්ඩ නිමැවුම් ආර්ථිකය කඩා වැටිලා, ඩොලර් හිඟය නිසා ආනයන සීමා කරලා, රුපියලේ අගය බාල්දු වෙද්දී (Currency Depreciation), පිටරටින් එන අමුද්‍රව්‍යවල මිල ඉබේම වැඩි වෙනවා
මෙන්න මේ ව්‍යුහාත්මක ප්‍රශ්න සහ දූෂිත මූල්‍ය කළමනාකරණය නිසයි තෙල් මිල අඩු වුණත් ලංකාවේ වෙළඳපොළේ කිරිපිටි, බෙහෙත්, හාල්, පරිප්පු වගේ අත්‍යවශ්‍ය හැම දේකම මිල පහළ නොබැස උද්ධමනය 15% - 20% හෝ ඊටත් වඩා ඉහළ සීමාවෙන් උඩ දිගටම රඳා පවතින්නේ
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක මිල යුද්ධය පටන් ගන්න කලින් ඩොලර් 72ට තිබිලා, යුද සමයේ $115 සීමාව දක්වා උපරිම ඉහළ ගිහින්, දැන් ආයෙමත් සීස්ෆයර් එකත් එක්ක ඩොලර් 70-73 සීමාවටම බහිනකම්, ලංකාවේ දේශීය තෙල් මිල 200%කින් විතර අහස උසට උස්සලා අඩු කළේ යන්තම් සොච්චමයි. ඒ වගේම ඩීසල් බැරල් එකක් ඩොලර් 286 වගේ අධික ගණන්වලට අරන් පිටුපසින් සිද්ද වෙච්ච මහා පරිමාණ දූෂණ සහ හොරකම් ගැන මිනිස්සුන්ගේ තියෙන කේන්තිය සාධාරණයි. හැබැයි අපි මේක මැක්‍රෝ-ඉකොනොමික්ස් (Macroeconomics) පැත්තෙන් බැලුවොත් ආණ්ඩුවේ අදූරදර්ශී බදු ප්‍රතිපත්තිය සහ දුර්වල කළමනාකරණය නිසා අද රටේ සමස්ත කර්මාන්ත සහ සේවා අංශයම සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ.
ආණ්ඩුව තමන්ගේ නාස්තිය, දූෂණය සහ පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ලෙහෙසිම ක්‍රමය විදිහට වැට් (VAT) බද්ද සහ ආනයනික බදු අහස උසට දැම්මාම, ඒකෙන් දේශීය කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය දරුණුවටම ඉහළ ගියා. උදාහරණයක් විදිහට ඇඟලුම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල වැඩි වෙච්ච නිසා ලෝක වෙළඳපොළේ අපේ තරඟකාරීත්වය නැති වෙලා ඕඩර්ස් පිටරටවලට ඇදිලා යනවා; ඒ වගේම වෘත්තිකයන් මත පටවපු අධික උපයන විට ගෙවීමේ බද්ද (APIT) නිසා ඉංජිනේරුවන්, අයිටී (IT) වැඩ්ඩන් සහ දොස්තරලා රට හැර යන මහා බුද්ධි ගලනයක් (Brain Drain) නිර්මාණය වෙලා සේවා අපනයන ආයතන සේවකයෝ නැතුව වැසී යන තත්ත්වයට පත්වෙලා. මෙහෙම ආයතනික බදු සහ පිරිවැටුම් බදු වැඩි වෙද්දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ දෛනික වැඩකරන ප්‍රාග්ධනය (Working Capital) පවා හිරවෙලා සේවකයෝ කප්පාදු කරන්න හෝ ව්‍යාපාර වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා.
අනිත් පැත්තෙන්, හැම දේටම බදු ගැහුවාම මිනිස්සුන්ගේ අතේ ඉතිරිවෙන ශුද්ධ ආදායම (Disposable Income) බින්දුවටම වැටෙන නිසා හෝටල්, ප්‍රවාහන වගේ සේවා අංශවලට තියෙන පාරිභෝගික ඉල්ලුම සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා. ආණ්ඩුව තමන්ගේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කරන හොරකම් වංචා අධික දූෂණ නාස්තිකාර වියදම් තව තවත් බරපතල ලෙස වැඩි කරන ගමන් රටේ සාමාන්‍ය ජනතාවට බලපාන බදු දැල පුළුල් කරලා ආණ්ඩුවේ හොරකම් වංචා නතර කරන්නේ නැතුව, තවමත් සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ සහ ජනතාවගේ ලේ උරා බොන මේ ක්‍රමය නිසා මුළු රටේම භාණ්ඩ සේවා කර්මාන්ත ආර්ථික අංශ හැම දෙයක්ම දිනෙන් දින ඛේදවාචකයක් දෙසට ඇදී යනවා. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල යුද්ධයට පෙර තිබුණ ගානටත් වඩා අඩු වෙලා තියෙනවා 72 to 115 to 70 නමුත් 2022 මාර්තු මාසයේ යුක්රේන යුද්ධය නිසා මේක 125 ට ගිහින් මාස ගානක් ඉහළ තිබුණා මේ වතාවේ යන්තම් පොඩි spikes ඉහළ ගියා විතරයි ඇවරේජ් එක ලොකුවට වැඩි වුණේ නෑ. ඒ නිසා තෙල් මිල බයිලාව නම් අපට කියන්න එපා මාලිමා ඩෝබිලා වගේ කේප්ප මීහරකුන්ට විතරයි ඒ කතන්දර ගැලපෙන්නේ.
ඉකොනෝ, අපි ඕක ගැන කලින් ඉඳලාම පෙන්වා දුන්නේ ඕක තමයි, ඒ කාලේ ඔයාලත් උද්ධමනය 2% යි කිව දිගටම 2% - 5% තියෙනවා කීවා, කෝ දැන් ඒකේ කෑලිත් නෑ, දැන් උද්ධමනය 6.8% යි කියල තවම ලැජ්ජ නැතිව බොරු සංඛ්‍යාලේඛන පෙන්නනවා, හැබැයි මහපොළොවේ සැබෑ උද්ධමනය ගැන දැනගන්න ලංකාවට ඇවිල්ල වෙළඳපොලේ රවුමක් යන්න මිලගණන් දැනගන්න ආපහු ඇවිල්ල කලින් මිලගණන් එක්ක සන්සන්දනය කරන්න එතකොට ඔයාටම තේරෙයි. ඔය උඩ ඇනෝ කියන කතාව ඇත්ත, ඉන්ධන මිල ඉහල යාම නිසාම උද්ධමනයට වන ඍජු බලපෑම 40% කට අඩුයි. CPC ලොක්ක කියනවා බාල ගල් අඟරු වංචාව නිසාම සිදුවන විදුලි හිඟය නිසාම වැඩිපුර තව තෙල් නැවක් බැගින් ගෙන්වීමට සිදුවන බව.
ReplyDeleteඒ වගේම තෙල් මිලට වඩා වෙනත් ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම ගැන කතා කළා මදි මේ බ්ලොගය තුල, විශේෂයෙන්ම මේ ආණ්ඩුව හැමදෙයක්ම ඉන්ධන මිල වැඩිවීමට විතරක් කර පිට දාලා අත හෝදගන්න හැදුවට, ඇත්තටම අද සාමාන්‍ය සේවා සහ භාණ්ඩ මිල අහස උසට පැනලා තියෙන්නේ රජය විසින් අසීමිත විදිහට ජනතාව පිට පටවලා තියෙන දරුණු බදු බර නිසයි කියන එක රහසක් නෙවෙයි. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකටම වක්‍රව වදින වැට් (VAT) බදු සහ වෙනත් බදු ප්‍රතිශතයන් ඉහළ දැමීම නිසා සාමාන්‍ය මිනිහෙක් කන කෑම වේලට, දරුවෙක්ගේ පොතට-පැන්සලට පවා අද අත තියන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
බ්‍රිතාන්‍ය ඇතුලු සමහර යුරෝපීය රටවල අධික බදු බර නිසාම ආර්ථික කඩා වැටුණු බව අමතක කරලා ලංකාවටත් ඒ විදියටම බදු වැඩි කරපු නිසා ව්‍යාපාරිකයන් තමන්ට වැටෙන මේ අධික බදු බර කෙළින්ම පාරිභෝගිකයාගේ කරපිටින් යවන නිසා, ආදායම් මාර්ග සීමා වෙච්ච රටේ පහළ සහ මැද පාන්තික ජනතාවට එදිනෙදා ජීවත් වීමම ලොකු සටනක් වෙලා. රජයක වගකීම වෙන්න ඕනේ ආර්ථිකය ස්ථාවර කරන ගමන්ම ජනතාවට සහන දෙන එක වුණත්, මේ ක්‍රමය ඇතුළේ වෙන්නේ බදු ආදායම් එකතු කරගන්න මහජනයාව තව තවත් අගාධයකට ඇදලා දාන එකයි කියන බරපතළ විවේචනය සමාජය ඇතුළෙන් දැඩිව මතු වෙනවා.
++
ReplyDeleteAnonymousJune 30, 2026 at 4:48 PM
ReplyDeleteමේ කතාවේ තාක්ෂණික කාරණා ගොඩක් වැරදි තියනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න නමුත් මහබැංකු දත්ත එක්ක හරියට කියන්න එක තමා අපිට පිළිගන්න පුළුවන් වැරද්දක් තියනවනම්...
පළවැනි වැරැද්ද තමා මේ වැරදි කරණු අච්චු ගැසීම සහ බාන්ඩ සහ සේවා වැඩි වීමට වඩා මුදල් සැපයුම වැඩිවීම. මේ කතාව ඉස්සර තිබුණා 2024 ට කලින් නමුත් අලුත් මහබැංකු පණතට කලින් දැන් කතාව වෙනස්.
ඩොලර් හිඟය - ඩොලරය රුපියලට සාපේක්ෂව වැඩි වීම සහ ඩොලර් හිඟය කියන්නේ දෙකක් අපි එක දැක්ක 2022 දී.
සාමාන්‍ය පෙළ කොමස් කරන ලමයකුත් දන්නවා උද්ධමනය 1% කින් වැඩි උනාම සහ උද්ධමනය 1% කින් අඩු උනාම
බඩුමිල කාලයට සාපේක්ෂව වැඩි වීම = බඩුමිල කාලයට සාපේක්ෂව අඩු වීම කවදාවත් සමාන වෙන්නේ නැ. බඩුමිල අඩු වීම වෙන්නේ බොහොම හිමින් ගොඩක් වෙලාවට වෙන්නේ තියන මිල එහෙම්මම තියනවා විවිද ක්‍රම මගින් තාවකාලිකව බඩුමිල අඩු වෙනවා හරියට හැමදාම වට්ට්ටම් දෙනවා වගේ...