පසුගිය ලිපිය කියවා මැරෙන දවස දැනගෙන සිටින අයට ඊළඟට මතුවන ප්‍රශ්නය මැරෙන විදිහ කුමක්ද යන්නයි. වෙනත් බොහෝ ප්‍රශ්න වලට වගේම මේ ප්‍රශ්නයටත් නිශ්චිත පිළිතුරක් නැති වුවත් අවිනිශ්චිත පිළිතුරක් තිබේ.
පහතින් ඇත්තේ (ලංකාවේ ජීවත් වන) ඔබ මියයන්නට ඉඩ ඇති ප්‍රධාන ක්‍රම දහය සහ ඒ එක් එක් ක්‍රමයෙන් මියයාමට ඇති සම්භාවිතාවයි.
හෘදයාබාධයකින් - 25.74%
ආඝාතයෙන් -11.98%
දියවැඩියාවෙන් - 8.05%
ඉන්ෆ්ලුවන්සාවෙන් හෝ නියුමෝනියාවෙන් - 5.76%
සියදිවි නසාගැනීමෙන් - 4.87%
පෙනහළු ආබාධයකින් - 4.84%
වකුගඩු ආබාධයකින් - 2.76%
අක්මා ආබාධයකින් - 2.65
ඇදුම හේතුවෙන් - 2.33%
වාහන අනතුරකින් - 2.19%
(Source: http://www.worldlifeexpectancy.com/country-health-profile/sri-lanka)
මේ අනුව ඔබ මියයාමට ඉඩ ඇත්තේ රුධිර සංසරණය පිලිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බව 38%ක් සහතික කර කියන්නට පුළුවන. උඩින්ම ඇති කරුණු තුනටම අපේ ජීවන විලාසිතා හේතු වේ. ආහාර පුරුදු හා දුම්පානය ඒ අතරින් ප්‍රධානය.
කොයි තරම් ප්‍රවේශම් වුණත් හෘදයාබාධයක් හැදෙන එක සම්පූර්ණයෙන් නවත්වන්නට නුපුළුවන. ඒ වගේම, කිසිම පරිස්සමක් නැතුව හිටියත් හෘදයාබාධයක් නොහැදෙන්නත් පුළුවන. කෙසේවුවත්, ජීවන විලාසිතා වෙනස් කර ගැනීමෙන් හෘදයාබාධයක් හැදීමට ඇති ඉඩකඩ අඩු කරගෙන මැරෙන දිනය තරමක් කල් දාගන්නට බැරිකමක් නැත.
ඉදිරි වසර 10 තුළ ඔබට හෘදයාබාධයක් හැදෙන්නට ඇති ඉඩකඩ කොපමණද? ඔබේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම දන්නවානම් මෙය සමීකරණයක් මඟින් සොයාගත හැකි දෙයකි.
පහත සබැඳිය වෙත ගොස් ඔබේ අවදානම ඔබම සොයාගන්න. (එහෙත්, අවදානම වැඩියි කියා හෘදයාබාධ හදාගන්න එපා!)
http://cvdrisk.nhlbi.nih.gov/
)
දන්න තරමිං අද වෙද්දි ලංකාවෙ පිළිකා රෝගීනුත් හුප්පෙට වැඩි වෙලා තියෙය්
ReplyDeleteඒ අයව මේ සංඛ්‍යා ලේඛන වල නැත්තෙ උංනැහේල පිළිකාවක් කියල දැනගත්තත් මැරෙන්න සයිස් මැන්ටල් ඩවුන් යන හිංදද දන්නෑ නේහ්.
නෑ මේකයි. අද වෙද්දි බහුතරයක් පිළිකා මුල් අවස්ථාවෙදිම විනාශ කරල දාන්ට පුලුවං නෙ. සමහරක් ඒව ඔඩු දුවන්ට කලිං හොයාගත්තොත් විනාශ කරනට පුලුවං. ඒ අස්සෙ සමහරක් ඒව බෑ කියල කියන්ටත් පුලුවං.
ඒත් මේ හැම දේටම ලෙඩාගෙ මානසික සමබරතාව වගේම ඩොක්ටර්ල කියන නියම කරන බේත් හේත් නිවැරදිව කරගන්න ඕන
බට්-නමුත් අපේ අයියල ඕකෙ අනිත් පැත්ත, සම්පූර්ණම අනික් පැත්ත.
ඇයි මංද ඒ එඑහෙම වෙන්නෙ
උදාහරණයක් විදියට කීමෝතෙරපි යන කාලෙ සිංහල බේත් වර්ග භාවිතා කර්න එපා විස වෙන්න පුලුවං කියල අනතුරු අගවනව. ඒත් අරකා කරන්නෙම ඔය කටුපිල අරව මේව කැදයි එක එක සිංහල බේතුයි කරනව අන්තිමට ලෙඩා සෙත්තපෝච්චි
බේරෙන්න ඉඩ තියෙන එකත් නිස්කාරණේ මැරිල යනව.
බුහ්
// දන්න තරමිං අද වෙද්දි ලංකාවෙ පිළිකා රෝගීනුත් හුප්පෙට වැඩි වෙලා තියෙය් //
Deleteඔහෙත් විට කනවා කීවේ ඕසෙට...
එයත් පිලිකාවට අත වැනීමක් තමා
මහේෂ්, ඔබ හරියටම හරි. පිළිකා කියන්නෙත් මේ ගොඩේ තිබිය යුතු හේතුවක් තමයි. එය නැත්තේ මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්රාශ පිළිකා (0.17%) ආදී ලෙස තවදුරටත් වර්ගීකරණය කර තිබීමේ හේතුව නිසා පමණයි. සියල්ල එකතු කළොත් පිළිකා තුන්වන තැනට එනවා.
Delete// මුඛ පිළිකා (1.51%) //
Deleteලන්කාවේ දත්ත නෙවෙයි නේද?
//ලන්කාවේ දත්ත නෙවෙයි නේද?//
Deleteලංකාව හා අදාළ ලෝකබැංකු දත්තයි. මේ ප්‍රතිශතය සුළු නැත. මුඛ පිළිකා මරණ අතින් ලංකාව සිටින්නේ 8 වන තැනය. මීට වඩා ඉහළින් සිටින්නේ සියදිවිනසාගැනීම් වලින් පමණි.
බුලත් විටේ තිබෙනා පුවක් ඔය පිලිකා සෑදීමට මුල් වෙනවා කියලා කොහේදෝ කියෙවුවා මතකයි!
Deletehttp://www.ncbi.nlm.nih.gov/pubmed/17448137
පුවක් පිළිකාකාරකයක් කියා දැනගෙන හිටියේ නෑ. මම දැනගෙන හිටියේ දුම්කොළ ගැන පමණයි. ලින්ක් එකට ස්තුතියි!
Delete//ලින්ක් එකට ස්තුතියි! //
Deleteපොයින්ට් එක මිස් වුනා නේද?
පැහැදිලි නෑ. ඔබ කියන්නේ මෙය බොරුවක් කියලද?
Delete// පැහැදිලි නෑ. ඔබ කියන්නේ මෙය බොරුවක් කියලද? //
Deleteඑම ලෝක පූජිත සඟරාවේ (ජර්නල් ඔෆ් ඕරල් පැතොලොජි ඇන්ඩ් ඔරල් මෙඩිසින්) පල වූ පුවක් වලට පිලිකා තත්වයන් ඇති කල හැකිය කියා තිබෙන පරීක්ශනය කලේ කවුරුන්ද කියා ඕතර්ස් ලිස්ට් එක කියවන්න....
මම එය ලියු අය දැක්කා, සා රස. ඒ නිසයි මම උඩින් ප්‍රශ්නය ඇහුවේ. ඒ කණ්ඩායමට බොරුවක් කරන්න අව්ශ්‍යත්වයක් නැති නිසා.
Delete// මම එය ලියු අය දැක්කා, සා රස. ඒ නිසයි මම උඩින් ප්‍රශ්නය ඇහුවේ. ඒ කණ්ඩායමට බොරුවක් කරන්න අව්ශ්‍යත්වයක් නැති නිසා. //
Deleteතේරෙන්නේම නැහැ නේ හෆ්ෆා!!
සා රසත් ඔය කණ්ඩායමේ කෙනෙක්ද?
Delete//සා රසත් ඔය කණ්ඩායමේ කෙනෙක්ද? //
Delete:D
සාරස ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කිවලා දෙනකං ඉකොනොට තෙරුනෙම නෑනේ , :P
Deleteඑතකොට හුණු වලින් බලපෑමක් වෙන්නේ නැද්ද
Delete// එතකොට හුණු වලින් බලපෑමක් වෙන්නේ නැද්ද //
Deleteඉතාම වටිනා ප්‍රශ්නයක් අටම් තුමෝ....
ඇත්තටම අපේ කන්ඩායමේ ඊලඟ ප්‍රයත්නය ව තිබුනේ ද එම ප්‍රශ්නයට උත්තර දෙන්න පාවිච්චි කල හැකි මොඩලයක් තැනීමයි..
එහෙත් බොහෝ ප්‍රායෝගික ප්‍රශ්න වැලකින් පසුව.... කන්ඩායම සතුටින් විසිර ගියහ!
ඒකනේ, ඉවාන්! ඇහැක් විදිහට තේරුම් ගන්න හැදුවට ටියුබ් ලයිට් එක පත්තු වෙන්න වෙලා ගියා. දැන් ඇහැකට බෙහෙත් දානවා!
Delete//ප්‍රායෝගික ප්‍රශ්න වැලකින් පසුව// කණ්ඩායම් වැඩ සම්බන්ධ ජාතික ප්‍රශ්න වෙන්න ඇති සමහර විට.
Delete//එතකොට හුණු වලින් බලපෑමක් වෙන්නේ නැද්ද// පුවක්, හුණු, දුම්කොළ රහිත බුලත් විටක්! අයවැය මතක් වුණා.
ඔය සමීකරන ඔච්චර විස්වාස කරන්න එපා....
ReplyDeleteජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි....
ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!
//ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!//
Deleteස්ටැටින්ස් ගැන ඊළඟ ලිපි වල තියෙනවා, සා රස. සාමාන්‍යයෙන් කිසිකෙනෙක් පාන් ගන්නවා වගේ කඩේට ගිහින් ස්ටැටින්ස් ගන්නේ නෑනේ සා රස. ඔබ කියන දෙය වෙනවනම් එය වෙන්නේ වෛද්‍යවරුන් හරහා. යමෙක් ස්ටැටින්ස් ගන්න පෙළඹෙන්නේ වෛද්‍ය නිර්දේශ මත. මෙතැනදී වෛද්‍යවරයා දන්න, රෝගියා නොදන්න (ලංකාවේදී රෝගීන්ට වෛද්‍යවරුන්ව ප්‍රශ්න කළ නොහැකි බව මම කියන්න අවශ්‍ය නැහැනේ.) හරි හෝ වැරදි සමීකරණ රෝගිනුත් දන්නවනම් ඒ අයට වෛද්‍යවරයා කියන එක මතම ඩිපෙන්ඩ් නොවී තරමක් දුරට හෝ දැනුවත් තීරණයක් ගත හැකියි. මොකද අන්තිමට ස්ටැටින්ස් වලට ගෙවන්නේ රෝගියනේ.
//ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි//
Deleteඅනිත් එක ඔබ හොඳටම දන්නවා ඇතිනේ බටහිර රටක වෛද්‍යවරයෙකු රෝග නිශ්චයේදී සහ බෙහෙතක් නියම කිරීමේදී බොහෝ විට එය කරන්නේ මේ වගේ සමීකරණ මත පදනම් වුනු decision support systems මත බව.
// වෛද්‍යවරයා දන්න, රෝගියා නොදන්න //
Deleteවෛද්යවරයාත් නොදන්න රෝගියාත් නොදන්න පරීක්ශන සහ ප්‍රතිකාර බටහිට වෛද්ය ක්‍රමය තුල බොහෝ තිබේ....
// බටහිර රටක වෛද්‍යවරයෙකු රෝග නිශ්චයේදී සහ බෙහෙතක් නියම කිරීමේදී බොහෝ විට එය කරන්නේ මේ වගේ සමීකරණ මත පදනම් වුනු decision support systems මත බව. //
Deleteවසර දෙසීයකට තුන්සීයකට පෙර බටහිර වෛදයවරුන් බොහෝ රෝග වලට බ්ලඩ් ලෙට්ටින්ග් හෝ බ්ලීඩින් හෙවත් ලේ ඉවත් කිරීම ප්‍රතිකාරයක් ලෙස සිදු කලා.
අද එසේ කරන්නේ නම් ඒක ගොන් පාට් එකක්.
අද පවතින වෛද්ය ක්‍රමත් අන්ග සම්පූර්න, නැවත වැඩිදියුනු කල නොහැකි ඒවා නොවෙයි.... ක්‍රමයෙන් ඒවා වෙනස් වෙනවා....
තව වසර සීයකින් අද පවතින සියලු ප්‍රතිකාර ක්‍රම ගොන් පාර් බවට පත් වන බව ස ර ස තුමා ගේ විස්වාසයයි!
//වෛද්යවරයාත් නොදන්න රෝගියාත් නොදන්න පරීක්ශන සහ ප්‍රතිකාර බටහිට වෛද්ය ක්‍රමය තුල බොහෝ තිබේ//
Deleteලැයිස්තුවක් ඉදිරිපත් කළහොත් වැඩිදුර කරුණු සොයාබැලිය හැකිය.
//තව වසර සීයකින් අද පවතින සියලු ප්‍රතිකාර ක්‍රම ගොන් පාර් බවට පත් වන බව ස ර ස තුමා ගේ විස්වාසයයි!//
Deleteඑය එසේ වීමට ඇත්තේ ඉතා විශාල ඉඩකඩකි. වසර 300 පමණ යන විට අද සිටින හෝමෝ සේපියන්ස්ලාත් සම්පූර්ණයෙන්ම වෙනස්වනු ඇති බව ඉකොනොමැට්ටාගේ විශ්වාසයයි.
Risk Score එක 1%. ඇති යන්තං මම මේ බයේ උන්නේ කෑම වෙනස් කරන්න වෙයි කියලා. දැන් බය නැතුව බර්ගර්ස් කන්නයි කොකාකෝලා බොන්නයි පුළුවන් දවස ගානේ :)
ReplyDeleteTV බැලුවම හෘදයාබාධ හැදෙන රටක් ගැන ඉකෝන් අහල නැද්ද?
//Risk Score එක 1%. ඇති යන්තං// ඕකේ ගණන් වෙනස් කරලා බලන්න වයස යන විට, කොලෙස්ටරෝල් තවටිකක් වැඩි වුනොත් ආදී වශයෙන්.
Deleteමා වසර සීයක් ආයු වළදා මැරෙන විදිිය මෙහි නැත.
ReplyDeleteඒ හුස්ම ගැනීමට අමතක වීමයි!
මෙහි උඩින්ම ඇත්තේ ආයු 'වළඳා' හෝ ආයු 'වළ දා' ඉක්මණින් මැරෙන ආකාරයි.
Deleteවසර සීයක් ජීවත් වන අයෙකුට ඩිමෙන්ශියාව හැදීමට විශාල සම්භාවිතාවක් ඇතත් හුස්ම ගැනීම අමතක වීමට ලොකු ඉඩක් නැත. කෙසේවුවද, මගේ විශ්ලේෂණය අනුව අමතක වීමට අදාළ හේතුවකින් රසික වරක් හෝ කිහිප වරක් මිය යාමට සැලකිය යුතු ඉඩකඩක් තිබේ.
කිමොතෙරපි කියල කියන්නේ, ලෙඩාට කලින් රෝගය මැරීමේ ඉලක්කය මත ඇතිව්ච්ච ක්‍රමයක්, ඔබ හොයල බැලුවොත් තේරෙයි ලෙඩා මැරෙන්නේ පිළිකාවෙන් නෙමෙයි කිමොතෙරපි වලින්.
ReplyDeleteබටහිර හ්ර්දයාබද පිළිබද මත කලින් කලට වෙනස් වෙනවා
https://www.facebook.com/7NewsMelbourne/videos/10153764210729301/?theater
පාසල් යන අවදියේ මගේ මිතුරෙක් සිටිය ඔහුට තිබුන දනිස්සේ “bone marrow” කශය්ය වීමෙන් ඇතිවන ආබාදයක්, දොස්තර්වරු කිව්වේ එය සුවකළ නොහැකි බවයි. මිට දැන්නම් බටගිර “bone marrow transplantation” තිබුනත් අදත් මිට යන වියදම $360,000 පමණ වෙනවා.
වසර 30කට පමණ පෙර බටහිර කිසිදු ප්‍රතිකාරයක් නොතිබුන නිසා (තිබුනත් මෙවැනි වියදමක් දැරීමට මගේ මිතුරාගේ දෙමාපියන්ට නොහැකියි ) ඔවුන් සිංහල වේදමහතකු වෙත යොමුවුනා, මට පළාත මතක නෑ නමුත් එම වෙදමහතා සිටියේ මායිම් ගමක, ත්‍රස්තවාදී කලබල ඇති යුගයේ තමයි ඔහුව වෙදමහතා වෙත ගෙනයන්නේ, මෙහිදී වෙදමහතා අහනවා මාස 3ක් නැවතී ප්‍රතිකර ගන්න කැමතිද කියල නමුත් මගේ මිත්‍රයාගේ දෙමාපියන් ඉල්ලාසිටින්නේ බෙහෙත් ලබාදෙන ලෙසත් ගෙදර් ගොස් අදාළ බෙහෙත් ලබාදිය හැකි බවයි.
කෙසේවෙතත් අවසානයේ මගේ මිත්‍රය කියනවා ඔහුට ගෙදර ඇවිත් පත්තුවක් බැදීමට සිදුවූ බව මෙය මාස 3ට පසු ඔවුන් වෛද්‍යවරයා පරික්ෂා කල විට කියා ඇත්තේ නැවත යතාතත්වයට පත්වී ඇතිබවයි, අද වනතුරු ඔහුට කිසිම ප්‍රශ්නයක් නෑ
ප්‍රශ්නය මෙවැනි වෙදමහතුන් අද වනවිට සොයාගැනීම ඉතා දුෂ්කරයි, අනෙක් අතට ගුරුමුෂ්ටි නිසා සිංහල වෙදකමේ වැදගත් කොටස් නැතිවෙලා ගිහින්.
//කිමොතෙරපි කියල කියන්නේ, ලෙඩාට කලින් රෝගය මැරීමේ ඉලක්කය මත ඇතිව්ච්ච ක්‍රමයක්//
Deleteඔව්, ඔබ හරි. ලෙඩා මැරෙන්න කලින් රෝගය මැරීම තමයි අරමුණ.
සමහර අයනම් උත්සාහ කරන්නේ රෝගය නොමරා ලෙඩාව මරාගෙන කන්නනේ.
//බටහිර හ්ර්දයාබද පිළිබද මත කලින් කලට වෙනස් වෙනවා//
ඔව්, එය විද්‍යාවක් කියන්නේ ඒ නිසයි. මේ මත සෘෂිවරයෙක් හෝ දෙවිකෙනෙක් හරහා ආපු පරීක්ෂාවට ලක් කළ නොහැකි මත නොවන නිසා ඕනෑම කෙනෙකුට පරික්ෂාවට ලක් කර වැරදි නිවැරදි කළ හැකියි.
//ප්‍රශ්නය මෙවැනි වෙදමහතුන් අද වනවිට සොයාගැනීම ඉතා දුෂ්කරයි// හරිම දුෂ්කරයි. මටනම් හම්බ වෙලාම නැති තරම්. ගොඩක් වෙලාවට දැනගන්න ලැබෙන්නේ කලකට පෙර සිටි එවැනි අය ගැනයි. ඉඳහිටලා හම්බවෙලා තියෙන අයනම් ඔක්කොම වගේ හොරු.
රිස්ක් එක 6% යි, මදෑ ඔයින් ගියා...
ReplyDelete6%ක් කියන්නේ මටනම් සැලකිලිමත් විය යුතු මට්ටමක්.
Deleteඅනේ ඔන්න ඔහේ මැරෙන දවසක මැරෙන්නැතෑ. අය ඕක හොය හොයා ඉන්නේ මොකටද?
ReplyDeleteඕවා ඕනෑවට වඩා ඔළුවට ගත යුතු නැහැ තමයි, විචාරක. කෙසේ වුවත්, අඩු වශයෙන් වසරකට වරක්වත් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරනවානම් ඇතැම් දේවල් ගොඩදමන්න බැරි තරමට දරුණු වීමට පෙර මුල් අවදියේදී හඳුනාගත හැකියි.
Deleteඔබ ඉදිරිපත් කර ඇති දත්ත අනුව සාමාන්‍යයෙන් ලංකාවේ 6000 කට වැඩි පිරිසක් සියදිවි නසා ගැනිමෙන්ද, 2773ක් මාර්ග අනතුරු වලින්ද, 1800ක් පමණ වැටිමෙන් සිදුවන අනතුරු වලින්ද, 1765 පුද්ගලයින් අතර ඇතිවන ගැටුම් හේතුවෙන්ද,1000 ක් පමණ දියේ ගිලිමෙන්ද, 900 පමණ මන්දපොෂණයෙන්ද 506ක් ගිනි අනතුරු වලින්ද මියයයි ඒ අනුව එම ප්‍රමාණය 15000කට ආසන්නය ඒ අනුව සෑම මියයන පුද්ගලයින් 8 දෙනෙකුගෙන්ම එක් අයෙකු (ලංකාවේ සාමාන්‍ය මරණ ප්‍රමාණය 120000ක් පමණ වේ) මිය යන්නේ සමාජයේ පවතින තත්වයන්වල ප්‍රතිඵලයන් අනුවය.
ReplyDeleteආහාර පාලනය සහ යහපත් සෞඛ්‍ය පුරුදු මගින් අඩුකල හැකි මරණ ප්‍රමාණයට වඩා වැඩි මරණ ප්‍රමාණයක් මෙවැනි තත්වයන් මත මියයන සංඛ්‍යාව අඩු කිරිමෙන් සිදුකල හැකියැයි මම සිතමි. (බොහෝවිට මේ ආකාරයට මිය යන්නේ අඩු වයස්වල පුද්ගලයින්ය) මෙවැනි මරණ අඩු කිරීම සදහා අවශ්‍යවන්නේ බෙහෙත් සහ ආහාර පාලනයට වඩා මිනිසුන් අනෙක් මිනිසුන් ගැන සිතන සමාජ වටපිටාවකි.
කමෙන්ට් දෙකම එකිනෙකට සම්බන්ධ නිසා මම පහළින් පිළිතුරක් දමන්නම්.
Deleteආහාර පාලනය සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකිරීම මගින් සිදුවිය හැකි මරණ ප්‍රමාණය පාලනය කර ගැනීමට නොහැකියැයි මෙයින් අදහස් නොකරන ලදි, එහෙත් සාමාන්‍යයෙන් ඉහත මුල් කරුණු 4න් මියයන 60000න් (මියයන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු)පුද්ගලයින්ගේ වයසේ සාමාන්‍යය අවුරුදු 60 ඉක්මවනු ඇතැයි මම සිතමි.
ReplyDelete//මෙවැනි මරණ අඩු කිරීම සදහා අවශ්‍යවන්නේ බෙහෙත් සහ ආහාර පාලනයට වඩා මිනිසුන් අනෙක් මිනිසුන් ගැන සිතන සමාජ වටපිටාවකි.//
Deleteඔබ නිවැරදිව හදුනාගන්නා පරිදි මරණ වලට හේතුවන කරුණු මෙලෙස කොටස් දෙකකට වර්ග කළ හැකියි. ඔබ කියන පරිදි මිනිසුන් අනෙක් මිනිසුන් ගැන සිතන සමාජ වටපිටාවක් හැදීමෙන් මේ මරණ අඩු කළ හැකියි තමයි. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රදීප් එය කිරීමේ ඇති අපහසුතාවයේ. සමාජය ඒ තැනට ක්‍රමයෙන් පරිණාමය විය යුතුයි. මා කියන්නේ ඒ සඳහා වන උත්සාහයන් අත් හැර දැමිය යුතු බව නෙමෙයි. තමන්ට කෙලින්ම බලපාන තත්ත්වයන්ට (තත්කාලීන සමාජයේ) මිනිස්සු වඩා සංවේදීයි. ඒ වගේම, ඔබ කියන පරිදිම හෘදයාබාධයක් වැළැක්වීමෙන් ඉතිරි කරගන්නා අපේක්ෂිත ආයුකාලයට වඩා හදිසි අනතුරක් වැළැක්වීමෙන් ඉතිරි කරගන්නා අපේක්ෂිත ආයුකාලය වැඩියි. අවුරුදු සීය පන්නා ජීවත් වන අය අතීතයේත් සිටියා. මොන නරක තත්ත්වය යටතේ වුණත් එසේ දිගු කලක් ජීවත් වන සීමිත පිරිසක් ඉන්නවා. ඒ වුනත්, ඔබ කියන ආකාරයේ හදිසි අනතුරු ආදියත් බෝවන රෝග ඇතුළු වෙනත් රෝගත් නිසා බොහෝ දෙනෙකු ඒ තරම් දුර ගියේ නැහැ. සෞඛ්යාරක්ෂනය හා ප්‍රතිකාර ක්‍රම පිලිබඳ අපේ දැනුම වැඩි වීමත් සමඟ අපේක්ෂිත ආයුකාලය වැඩි වීමට බොහෝ දුරට හේතුවෙන්නේ අවුරුදු අසූවක් ජීවත් වුනු ටික දෙනෙක් අසූ පහක් ජීවත් වීමේ හේතුවෙන් නෙමෙයි. උපතේදී, පළමු අවුරුද්දේදී හෝ අඩු වයසකදී මියයන අය බොහෝ දෙනෙක් අඩු තරමේ පනහක් හැටක් දක්වාවත් ජීවත් වන නිසා. මෙයට ගොඩක්ම හේතු වුනේ බෝවන රෝග නිසා සිදුවන මරණ සැහෙන දුරට පාලනය කර තිබීම. සියවසකට පමණ පෙර පරම්පරා වලට හෘද රෝග, දියවැඩියාව වැනි "පොෂ් ලෙඩ" අඩුවෙන් තිබුණානම් එයට හේතුව ඒ යුගයේ යහපත් සෞඛ්‍ය පුරුදුම නෙමෙයි. ඒ ලෙඩ හැදෙන්න තරම් කාලයක් බොහෝ දෙනෙක් ජීවත් නොවීම. දශකයකට පමණ පෙර 33%ක් පමණ HIV ආසාදිතව, අපේක්ෂිත ආයුකාලය 40ක් පමණ වූ ඇතැම් දකුණු අප්‍රිකානු රටවල මේ "පොෂ් ලෙඩ" නොතිබුණුම තරම්. දැන් අපි ඉන්න තත්ත්වය අනුව (අපේක්ෂිත ආයුකාලය 75 මට්ටම) තව ඉස්සරහට යන්න තනි පුද්ගලයින් තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සහ විශේෂයෙන්ම දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යම දෙයක්. ඒ අතරම, ඔබ පෙන්වා දෙන අනිත් කරුණු ගැන තනි තනිව හා සමාජයක් ලෙස දැනුවත් වීමත් වැදගත්.
මෑතක ඉදලා ඔය කියන සියලු ආකාර පාලනයන් පටන් ගත්තා..... ඒ නොමැරී ජීවත් වෙන්න නෙමෙයි. මැරෙන කල් ජීවත් වෙන්න....... සුපිරිය
ReplyDeleteඔව්, කුරුටු. මැරෙනකම් අනුන්ට හැකිතාක් අඩුවෙන් බරක් වී ජීවත්විය හැකිනම් එය වැදගත්.
Deleteබලලා වැඩක් නැහැ දුමක් දාලා එන්නම්.
ReplyDeleteමෙන්ඩා, මම මෙහේ තාම බලා ඉන්නවා. හාට් ඇටෑක් එකක් එහෙම හැදුනෙ නෑ නේද?
Deleteමැරෙන විදිහනම් ඉතින් කොහොම හිතාගන්නද.
ReplyDeleteඔවු, දිනේෂ්. ඒ අපේ නොදන්නා සීමාවේ ඇති දේවල්.
Deleteරිසක් එකක් නෑනේ මට , සමීකරණ වැරදිද මන්දා
ReplyDeleteඒකනම් වෙන්න බෑ. බයිට් වලටත් හෘදයාබාධ හැදීමේ අවදානමක් තියෙනවා.
Deleteහොඳ පෝස්ට් සෙට් එක. තුනම කියෙව්වෙ අදයි. ටැංකිව්.
ReplyDeleteඅපේ ඩොක්ටර් මාම කියන්නෙ අපේ තාත්ත නං මැරෙන්න බය ඇති කෙනෙක් නෙවෙයි කියල. මාත් එහෙමයි. ඒ නිසා අර සමීකරණය බලන්න ඕනෙ උනේ නෑ.