Saturday, April 22, 2017
දකුණු කුරුසිය
ලංකාව වැනි සමකය ආසන්න රටක සිට දැකිය හැකි රෑ අහසේ තරු රටා සියල්ල සමකයෙන් ඈත රටක සිට දැකිය නොහැකිය. උතුරු ඇමරිකාවේදී රාත්‍රී කාලය පුරාවටම අහසේ දැකිය හැකි "බැස නොයන" ධ්‍රැව තාරකාව ඕස්ට්‍රේලියාවේ සිට දැකිය නොහැක. සප්තාර්ශි තාරකා මණ්ඩලයද ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළේ පිහිටි ප්‍රධාන නගර වලට නොපෙනේ. මේ අයුරින්ම, දක්ෂිණ ධ්‍රැවය ඉහළින් ඇති, ඕස්ට්‍රේලියානු අහසින් බැස නොයන ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. දකුණු කුරුසිය එවැනි තාරකා මණ්ඩලයකි.
උතුරු අර්ධගෝලයේදී ධ්‍රැව තාරකාව නාවිකයින්ට මඟ පෙන්වා ඇති අයුරින්ම, දකුණු කුරුසිය වසර දහස් ගණනක් පුරා දකුණු අර්ධගෝලයේ යාත්‍රා කළ නාවිකයින්ට මඟ පෙන්වා තිබේ.
දකුණු කුරුසිය කුරුසියක හැඩයට පෙනෙන ප්‍රධාන තාරකා හතරකින්ද, සාපේක්ෂව කුඩා පස්වන තාරකාවකින්ද සමන්විත කුඩා තාරකා මණ්ඩලයකි. ප්‍රධාන තාරකා හතර ඇල්ෆා කෘෂියස්, බීටා කෘෂියස්, ගැමා කෘෂියස් හා ඩෙල්ටා කෘෂියස් ලෙස හඳුන්වන අතර කුඩා තාරකාව එප්සිලෝන් කෘෂියස් ලෙස හැඳින්වේ.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිවුගිනි, සමෝවා හා බ්‍රසීලය යන ලෝකයේ රටවල් පහක ජාතික කොඩිවල දකුණු කුරුසිය දකින්නට ලැබේ. නවසීලන්ත කොඩියේ දැකිය හැක්කේ ප්‍රධාන තාරකා හතර පමණි.
(Image: http://scienceblogs.com/startswithabang/2012/06/15/its-my-______-in-a-box/)
"....ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. "
ReplyDeleteලෝකේ හෝ තාරකා රාශි කැරකෙනවනම් මෙහෙම වෙන්නේ කොහොම ද ?
ඇත්තටම මම හිතන් හිටියේ ඔය කොඩි වල තියන තරු නිකන් ලස්සනට දාපු ඒවා කියලා.. බලන් යද්දී මොකක් හරි තේරුමක් තියනවා වගේ...
ස්තූතියි ඉකොනො
Deleteබ්‍රසීලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් කුඩා තාරකාව පැති මාරු වී ඇති බව පැහැදිලිවම පේනවා. මෙය රූපයේ පැති මාරුවීමක් (mirror image) නොවන බව උතුරෙන් ඇති තාරකාවට සාපේක්‍ෂව බටහිර සහ නැගෙනහිර තාරකාවල පිහිටීම අනුව පේනවා.
ReplyDeleteමෙයට හේතුව බ්‍රසීලියානුවන් සදර්න් ක්‍රොස් දකින්නේ උඩුයටිකුරු ලෙස නිසා ද?
රසිකගේ නිරීක්ෂණ නරක නැහැ. මෙය මගේ ඊළඟ ලිපියේ කතාකරන්න හිටි දෙයට සම්බන්ධයි. උත්තර අර්ධගෝලයේ ඉන්න කෙනෙක්ට දකුණේ ඇති තාරකා මණ්ඩලයක් උඩු යටිකුරු වී පෙනුණත්, බ්‍රසීලයට (වඩා නිවැරදිව දකුණේ පිහිටි රියෝ ඩි ජනෙයිරෝ වලට) පේන්නේ ඕස්ට්‍රේලියාවට පෙනෙන ලෙසටම විය යුතුයි. කොඩියේ තරු මෙසේ ලකුණු කර ඇත්තේ වෙනත් හේතුවක් නිසා. පෙරදිග මෙන්ම අපරදිගත් මුලින් විශ්වාස කළේ පොළොව වට කර ඇති විශාල ගෝලයක පෘෂ්ඨයේ තැන් තැන් වල තරු පිහිටා ඇති බවනේ. (වෙනත් විදිහකින් කිවුවොත් තරු ගැන පැරණි සංකල්ප සමාන වෙන්නේ එවැනි මනඃකල්පිත ගෝලයක් මත තරුවලින් එන එළියේ ප්‍රක්ෂේපනයට) බ්‍රසීල කොඩිය ඇඳ තිබෙන්නේ බ්‍රසීලය ජනරජයක් වූ දින මේ මනඃකල්පිත ගෝලයෙන් පිටත සිට රියෝ ඩි ජනෙයිරෝ නගරය දෙස බලන නිරීක්ෂකයෙකුට පෙනෙන ආකාරයෙන්.
Deleteස්තුතියි ඉකො..කොඩි වල තරු ගැන දැනං හිටියෙ නෑ
ReplyDeleteඉකොනොමැට්ටාගේ තරු පෙන්වීම!
Deleteඉකොන්,
ReplyDeleteඔබගේ මේ ලිපි පෙල අසීමිත වටිනා කමකින් යුතු ශාස්ත්‍රීය ලිපි පෙලක්.
එය අපිට විශාල දැනුමක් එකතු කරනවා.
සෙන්නා කීවා සේම මේ ජාතික කොඩි වල ඇත් තරු වලින් ඔවුන්ගේ අහස නිරූපනය කරන වගක් මාත් දැන සිටියේ නැහැ. එය නිකම් තරු රටා ලෙස තමයි සිතුවේ. ඒ වගේම බ්‍රසීල කොඩියේ වෙනස මාත් නිරීක්ශනය කලා. ඒ ගැන ඔබ කර ඇති පැහැදිලි කිරීම හරිම අපූරුයි.
මිනිසුන් මොනතරම් දේ සිතනවාද?
එකිනෙකා එකම දේ නිරීක්ශනය කිරීමේ විව්ධත්වය නිසාමයි ලෝකයේ දැනුම මේ තරම් විශාල වී ඇත්තේ.
ශ්‍රී ලංකාව වැනි සමකාශ්‍රිත රටකට එක කාලයකදී ද්‍රැව තාරකාවත් අනෙක් කාලයෙදී දකුණු කුරුසියත් වෙරලකදී හෝ දැකිය හැකි විය යුතුයි නේද?
ලංකාවේදී මේ දෙකම දකින්නට හැකි විය යුතුයි.
Deleteඔය සදර්න් කොස් එක වගේ ම, හැබැයි හොඳින් බැලූ විට කුරුසි ලකුණ මදක් ඇදවී ඇති තාරුකා හතරක මණ්ඩලයකුත් තියෙනවා. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ False cross කියායි!
ReplyDeletehttp://www.starrynightphotos.com/southern_sky/images/crosses.jpg
ඔසී ජාතික ගීයේ දෙවෙනි කොටසේ ඔය සදර්න් ක්‍රොස් ගැන සඳහන් වෙනවා.
ReplyDeleteBeneath our radiant Southern Cross,
We'll toil with hearts and hands,
To make this Commonwealth of ours
Renowned of all the lands,
For those who've come across the seas
We've boundless plains to share,
With courage let us all combine
To advance Australia fair.
In joyful strains then let us sing,
Advance Australia fair.
Very nice 👍👍
ReplyDelete