මෙවර පළාත් පාලන මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වුණු බව බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා දෙයකි. එහෙත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදීනම් මැතිවරණ කොමිසම හොඳටම නාගත්තේය. මේ පිළිබඳව සමාජ මාධ්‍ය වල පළ වූ විවේචන වලට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමසාරිස් වරයා නිවේදනයක්ද නිකුත් කර තිබුණේය.
අවුලට හේතු වී තිබුණේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා යොදාගන්නට සැලසුම් කර තිබුණු පරිගණක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. ඒ හේතුව නිසා මැතිවරණ කොමිසමට ප්‍රතිඵල ගණනය කරන්නට සිදු වී ඇත්තේ අත්හුරු ක්‍රමයටය.
මේ ආකාරයේ අනපේක්ෂිත තාක්ෂණික ගැටළු මතුවීම කිසිවෙකුට වැලැක්විය නොහැකිය. කොපමණ පෙර සූදානමක් තිබුණත් එවැනි දේ සිදුවන්නට පුළුවන. ඒ නිසා, පරිගණක පද්ධතියේ උපකාර නොලබමින් වුවද මැතිවරණ කොමිසම විසින් කෙසේ හෝ ප්‍රතිඵල නිකුත් කිරීම අපට අගය කල හැකිය. කෙසේ වුවත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද අවම වැරදි සහිතව ප්‍රතිඵල නිකුත් කිරීම ඉතා වැදගත්ය.
මැතිවරණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පෙර පහළ නිලධාරීන් විසින් සකසන නිල ප්‍රතිඵල ලේඛන සියල්ලම එකින් එක ගණක යන්ත්‍රයක උපකාරයෙන් නැවත පරික්ෂා කිරීම මැතිවරණ කොමසාරිස් වරයාට කළ නොහැක්කකි. ඔහුට ප්‍රායෝගිකව කළ හැක්කේ පහළ නිලධාරීන් විසින් සකසන නිල ප්‍රතිඵල ලේඛණ වලට කණ අස්සන ගැසීම පමණි. එසේ වුවත්, මේ ප්‍රතිඵල සම්බන්ධව වග කිව යුත්තේ මැතිවරණ කොමසාරිස් වරයාය.
නිල ප්‍රතිඵල ලේඛණ පරීක්ෂා කරන විට බොහෝ තැන් වල යම් යම් වැරදි හමුවේ. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වැනි ඇතැම් ප්‍රතිඵල ලේඛණ වල මෙවැනි වැරදි හදා සංශෝධිත ප්‍රතිඵල ලේඛණ නැවත ප්‍රකාශයට පත් කර ඇතත් තවත් තැන් ගණනාවකම බැලූ බැල්මටම පෙනෙන වැරදි දකින්නට පුළුවන. මේ වැරදි සුළු වැරදියයි යම් අයෙකුට කියන්නට හැකි වුවත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සිදුවන වැරදි කිසිවක් සුළු වැරදි ලෙස නම් කළ නොහැකිය. සුළු වුවත්, එවැනි වැරදි නිසා බිඳ වැටෙන්නේ මැතිවරණ ක්‍රමය ගැන පවතින විශ්වාසයයි.
මා හිතන පරිදි මැතිවරණ කොමසාරිස් විසින් නිල ප්‍රතිඵල ගැසට් කරන්නට පෙර කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සියලුම නිල ප්‍රතිඵල ලේඛණ නැවත පරික්ෂා කළ යුතුය. ඉතා සංකීර්ණ ක්‍රමයක් වන අලුත් මැතිවරණ ක්‍රමය අනුව එක ඡන්දයකින් වුවත් ප්‍රතිඵලය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි අතර පළාත් පාලන ආයතන දෙසීයකට වැඩි ගණනක් තුළ කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රීන් නොමැති තත්ත්වයක් යටතේ මෙවැනි වෙනසක ජාතික මට්ටමේ බලපෑමක් වුවද තිබිය හැකිය.
නිවැරදි කළ යුතු බව බැලූ බැල්මටම පෙනෙන වැරදි කිහිපයක් පහත පෙන්වා දී තිබේ.
1. මහනුවර දිස්ත්‍රික්කය- තුම්පනේ ප්‍රාදේශීය සභාව: පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 13ක් නොව 16ක් විය යුතුය. පණත අනුව කොට්ඨාශ වලින් තේරී පත් වී ඇති මන්ත්‍රීවරුන් තේරීපත් නොවන්නේ නැත.
2. බදුල්ල දිස්ත්‍රික්කය- ඌවපරණගම ප්‍රාදේශීය සභාව: කොට්ඨාශ මන්ත්‍රීධුර තිබිය හැක්කේ 21ක් පමණි. පොදුජන පෙරමුණ 17 හා එජාප 4 විය යුතුයැයි සිතමි.
3. අනුරාධපුර දිස්ත්‍රික්කය- ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාව: වලංගු ඡන්ද 3ක් ආගිය අතක් නැත.
4. යාපනය දිස්ත්‍රික්කය - වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව: ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 13ක් නොව 16ක් විය යුතු බව පෙනේ.
5. වවුනියා දිස්ත්‍රික්කය - වවුනියාව නගර සභාව: ප්‍රතිඵල ලේඛණයේ ඊපීඩීපී නමින් පේලි දෙකක් තිබේ. දෙකෙන් එකක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂයක් විය යුතුය.
6. මඩකලපුව දිස්ත්‍රික්කය- එරාවුර් පත්තු ප්‍රාදේශීය සභාව: වලංගු ඡන්ද සංඛ්‍යාව 36,613 ලෙස සඳහන්ව ඇතත් පක්ෂ හා කණ්ඩායම් විසින් ලබා ඇති ඡන්ද වල එකතුව ඊට වඩා 500කින් වැඩිය. ඒ නිසා, ප්‍රතිශත වල එකතුවද 100% ඉක්මවයි.
7. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය- සේරුවිල ප්‍රාදේශීය සභාව: භාවිතා කළ ඡන්ද සංඛ්‍යාව නිවැරදි නොවන බව පෙනේ.
8. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- මොරවැව ප්‍රාදේශීය සභාව: පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 4ක් නොව 7ක් විය යුතුය.
මේ ජන්දය අපේ රටේ රාජ්‍ය සේවකයන් අතුරින් ඉහලම IQ එක ඇතැයි සැලකෙන් සිවිල් සේවා නිලධාරීන්ගේ සරල ගණිත හැකියාවන් ගැන හොඳ ඇගයීමක්. රටේ ප්‍රධානියමෙන් නොව වගකිවයුතු නිලධාරියකු ලෙස සියළු අතපසුවීම් වල වගකීම් තමා වෙත පවරාගත් මැකෝ නොකී කතා රාශියක්ම තියේ, තවත් බොහොමයක් අවුල් මැකෝ වෙත වාර්තාවී නොතිබිය හැක.
ReplyDeleteපසුගිය දිනවල මා කතාබස් කළ ජන්දපොළ නිලධාරීන් සියල්ලම වගේ සේවය කළ ජන්දපොළ වල කටයුතු අපේක්ෂිත කාලයට වඩා කාලයක් ඇදී ගොස් තිබුනා, ඒ බොහොමයකට හේතු වී තිබුනේ ජන්දපොළ නිලධාරීන්ට නියමිත පරිපාටිය පිලිබඳ අවබෝදයක් නොතිබීම සහ සරල ගණිත නොහැකියාව නිසා ගණන් වැරැද්ද ගැනීමයි.
දිග නිවාඩුවක් තිබුණු නිසා වාහනයක් හිමි රජයේ සේවකයෝ බොහෝ ප්‍රයත්න දැරුවේ ජන්ද රාජකාරි රාජකාරි මගහැර විනෝද චාරිකා වල යෙදීමටයි, මෙඩිකල් දැම්මොත් එය පැනල් එකක් දමා නැවත විභාග කරන බවත්, මෙඩිකල් අසමත්වන අය විශ්‍රාම ගන්වන බවත් පළමු ජන්ද පුහුණුව මග හැරී අයගේ ආයතන ප්‍රධානීන්ට ටෙලෙෆොන් කර දන්වා තිබුන.
ජන්දපොළ රාජකාරියට වාර්තාකිරීමට සිටී නිලධාරීන් 10 ට අසන්න ගණනක් ජන්දයට පෙර දිනයේ මට වෙනත් කාරියකට ගිය මට හමුවුව, මා සමග ගිය සගය රජයේ ඉහල ශ්‍රේණියක අයෙකු බැවින් ඔවුන් ඒ පිලිබඳව කතා කලා, ඔවුන් සියල්ල තමුන්ට අදාල පුහුණුවේදී ලැබුණු අත්පොත් කියවීමට යොදාගෙන සිටියේ එදින රාත්‍රියෙයි, බොහොමයකට ඒ පොත් නිසි පරිදි අධ්‍යනය කිරීමට නොහැකි වූ බවට කිසිම සැකයක් නෑ, එදින ඔවුන් බොහොමයක් තැපැල් ජන්ද සම්බන්දව කටයුතු කළ ආකාරය පිළිබඳව විවිධ අදහස් දැක්වුවා.
++++++++
Deleteමේ මාතෘකාව ඔස්සේ කථා කිරීමට ඉකොනොමැට්ටා පෙළැඹීම ගැන පලමුව මගේ ස්තුතිය පල කරමි.
ReplyDeleteසමස්තයක් ලෙස ගත හොත් මැතිවරණ කොමිසම මේ ව්‍යායාමය තුල අසමත්ය. එහි භයානකම පැත්ත වනුයේ සාධාරණ මැතිවරණ පැවැත්වීම පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමයි. පවටින රජය කොතරම් ප්‍රභල ශක්තිමත් රජයක් වුවත් එසේ මැතිවරණ විශ්වාසය බිඳ වැටීම දරුනු ප්‍රථිපල ඇතිකිරීමට සමත් වනු ඇත. ඉතින් මේ අවස්ථාවේ ලංකාවේ පවතින දුර්වල රජයක් තුල ඒ තත්වය අතිශයින්ම භයානක විය යුතුය.
මෙසේ අපගේ මට්ටමින් හෝ දකිනා අඩුපාඩු ලැයිස්තු ගත කිරීම වැදගත් විය හැක්කේ එයින් ආදර්ශයක් ගෙන විමර්ශනශීලී මාධ්‍යකරණයේ යෙදෙන්නන් විසින් මේ ගැන ගැඹුරින් හදාරා විමසා අඩුපාඩු ලැයිස්තු ගත කිරීමට පෙළඹවීමක් ඇති වීමයි.
ස්වාධීන බ්ලොග් කරුවෙකුට වඩා වැටුප් ලබන පූර්ණ කාලීන මාධ්‍ය කරුවෙකුට එය වඩා පහසුවෙන් කල හැකි වනු ඇත. එය ජාතික වගකීමකි.
ඔබ සියළු ප්‍රථිපල නිරීක්‍ෂණය කළේද? වැරදි ඇත්තේ මේ කිහිපයේ පමණක්ද?
ReplyDeleteමේ කර්තව්‍යය කිරීමට අපටද අවශ්‍ය වුවත් තවම ඉස්පාසුවක් ලැබුණේ නැත.
නැත. මේ වන විට තවත් වැරදි හමු වී තිබේ.
Deleteඅනික් ඒකාට වැරදුනු තැන් හොයන්න ගියාට ඔහේගේ ජන්ද විශ්ලේෂණ බලු විදියට වැරදුන එක ගැන මීක් නැත්තේ මොකද?
ReplyDeleteමීක් ගාන්න ඇනෝ ඉන්නවනේ!
Delete++++++++++
ReplyDeleteජනාධිපතිවරණෙදි මිනිස්සු මෙයාව වීරයෙක් කළාට, මැකෝ කියන්නෙ නවීන තාක්ෂණය හරියට පාවිච්චි කරන්න දන්නෙ නැති, තවත් කටමැත දොඩවන්නෙක් පමණයි. මැතිවරණ කොමිසමක් පත් කරලා මෙයාව ස්වාධීන කළාම, මෙයා තවත් උඩ ගිහින්. ඔය මැතිවරණවලට ඉන්න නිළධාරි ටිකට කිව්වානම් අඩුම ගානෙ කොට්ඨාශවල ගැනලා දීපු ප්‍රථිඵල ටික, එක්සෙල් ශීට් ටිකක දාන්න කියල, ගණන් වරදින්න විධියක් නෑනෙ. ඒත් ඒ වගේ සරල පරිගනක දැනුමක්වත් මේගොල්ලන්ට තියෙනවද මන්ද. ටැබ් දීල උගන්නන්න ඕනෙ ඉස්කෝලෙ ළමයිට නෙවෙයි, ආණ්ඩුවෙ පුටු රත් කරන ඉහළ ඇවරියෙ රාජ්‍ය සේවකයන්ට.
ReplyDelete