ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අගෝස්තු උද්ධමනය 70.2% ලෙස වාර්තා වෙනවා. ආහාර උද්ධමනය 84.6%ක් ලෙස වාර්තා වන අතර අනෙකුත් භාණ්ඩ හා සේවා වල වාර්ෂික මිල වැඩිවීම 57.1%.
කිසියම් මාසයක උද්ධමනය තුළින් නිරූපණය වන්නේ ඊට පෙර මාස 12ක කාලය තුළ සිදු වූ මිල වැඩි වීමයි. ඒ නිසා, උද්ධමන පීඩන අඩු වී යද්දී වුවත්, ඒ බව උද්ධමන අගයන් තුළ නිරූපණය වන්නේ යම් කාල පමාවක් ඇතිවයි. පසුගිය ජූනි මාසයේ සිට උද්ධමන පීඩන අඩුවීමක් දැකිය හැකියි.
පහත තිබෙන්නේ පසුගිය වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගයේ මාසික වෙනස්වීමයි.
2021
සැප්තැම්බර් - 0.3%
ඔක්තෝබර් - 2.1%
නොවැම්බර් - 3.1%
දෙසැම්බර් - 3.7%
2022
ජනවාරි - 3.1%
පෙබරවාරි - 1.1%
මාර්තු - 2.9%
අප්‍රේල් - 10.2%
මැයි - 9.7%
ජූනි - 10.9%
ජූලි - 5.6%
අගෝස්තු - 2.5%
දර්ශක අගයේ මාසික වෙනස්වීම් නිරීක්ෂණය කළ විට 2022 අප්‍රේල්-ජූනි අතර තෙමස නරකම තත්ත්වය ලෙස හඳුනාගත හැකියි. ඉන්පසුව තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙනවා. එසේ වුවද, පසුගිය මාස වල බලපෑම ඉවත් වීමට කාලයක් යන නිසා සැප්තැම්බර් මාසයේදීද උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි. උද්ධමනය වැඩි වීමේ ප්‍රවනතාව ආපසු හැරෙනු ඇත්තේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි.
ලෙඩා මළත් කිම, බඩ සුද්දයි නං
ReplyDeleteමැරුණත් මැරෙන්නෙ ලොක්කො නෙවෙයි නං
පොඩ්ඩන් දැනටම වීලා නට්ටං
තව වැඩි වේවා අමාත්‍ය පට්ටං!
මේ ඔබ Facebook වල දමා තිබූ ප්‍රතිචාර දෙකක්. මේ දෙක එකට ගත් විට මට පැහැදිලි මදි.
ReplyDelete//හැන්කිගේ ඇස්තමේන්තු නිවැරදිනම් පසුගිය මාස දෙක තුන තුළ ලංකාවේ බඩු මිල 20%කින් පමණ අඩු වී තිබිය යුතුයි. 132%ට තිබුණු උද්ධමනය 110% වී තිබෙන්නේ ඒ නිසා. එහෙම බඩු මිල අඩු වෙලා කියලා ඔබට මහ පොළොවේ පේන්න තිබෙනවානම් හැන්කි හරි!//
//උද්ධමනය කියා කියන්නේ මිල වැඩි වීමේ වේගය. උද්ධමනය අඩු වුනත් අඩු වේගයකින් මිල වැඩි වෙනවා. ඒ නිසා, සමස්තයක් ලෙස වැඩි වූ මිල ගණන් අඩු වෙන්නේ නැහැ. ඇතැම් හුදෙකලා භාණ්ඩ වල මිල අඩු විය හැකියි.//
හැන්කිගේ මිනුම අනුව, 2021 ජූලි හා 2022 ජූලි අතර මිල වැඩි වීම 132% පමණ. (මම දින වකවානු හා ගණන් නැවත පරීක්ෂා කළේ නැහැ. ඒ නිසා අදහස පමණක් ගන්න). එම වැඩි වීම තනිකරම වගේ ආවේ 2022 මාර්තු වලින් පසුව. ඔහුගේ දර්ශකය අනුව ඊට පෙර මාස වලදී (2021 ජූලි- 2022 පෙබරවාරි) මිල වැඩි වීම ඉතාම සුළු අගයක්. ඒ වගේම, ඔහුගේ මිනුම අනුව 2021 අගෝස්තු හා 2022 අගෝස්තු අතර මිල වැඩි වීම 110%ක් පමණයි. ඒ කියන්නේ 2022 ජූලි හා අගෝස්තු අතර 20%කින් පමණ මිල මට්ටම පහත වැටිලා! (මේකට හේතුව ඔහු උද්ධමනය ගණන් හදන්නේ බඩු මිල නොසලකා හැර එකම එක නිර්ණායකයක් දිහා පමණක් බලාගෙන නිසා. ඒ ඩොලරයක කළුකඩ මිල. එය පසුගිය දෙමස තුළ අඩු වී තිබෙනවා) අපැහැදිලිනම් තවදුරටත් පැහැදිලි කළ හැකියි.
Deleteඒකියන්නේ ලබන මාර්තු අප්‍රියෙල් වගේ වෙන කොට ඩොලරයේ කළු කඩ මිල දැන් මට්ටමට ආසන්නව පැවතුනොත් ඒ වන විට හැන්කිගේ මිනුම අනුව උද්දමනය බින්දුවට අසන්න හෝ සෘණ වීමට ලොකු ඉඩක් තියෙනවා නේද
Deleteඅනිවාර්යයෙන්ම! ලබන මාර්තු වෙද්දී හැන්කි ඔහුගේ ලැයිස්තුවෙන් ලංකාව හිමිහිට ඉවත් කරන්නේ නැද්ද කියලා බලන්න! (ඩොලරය පා කරලා මිල ඉහළ ගියොත් පමණක් වෙනසක් වෙයි.)
Deleteඉකොනො ඔබ ස්ටීව් හැන්කී ගැන එසේ පැවසුවත් ලංකාවේ මාධ්‍ය මගින් තවමත් ගෞරවනීය මහාචාර්ය ස්ටීව් හැන්කී මැතිතුමා පවසන කරුණු කාරණා දේවත්වයෙන් සලකන බව පේනවා නේද මේ බලන්න මේ නිව්ස් එක මේද අද මේ දැන් ටිකකට කලින් ආපු නිව්ස් එකක්
Deletehttps://youtu.be/bWa9HSCI23c
ඉකොනො,
ReplyDeleteඔබ විදුලි නිෂ්පාදනය පාඩු නොලැබෙන ලෙස විදුලිය බෙදාහැරීම සහ අලෙවිය වගේම විදුලි පරිභෝජනය ගැන පෝස්ට් ගණනක් දාපු නිසා පොඩි කාරණයක් තියෙනවා අහන්න
ලංකාවේ මේ දවස් වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් විහාරස්ථාන වලින් පලිගන්න හදනවා වගේ පේනවා කියලා ඇතැම් පිරිස් විසින් චෝදනා කරනවා සමාජ ජාල වල
මම යූටියුබ් එකේ දැක්කා ඊයේ ලංකාවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ලංකාවේ විහාරාධිපති හිමිවරුන් කතෝලික සභාවේ බිෂොප්වරු ඉස්ලාමීය මෞලවීතුමන්ලා ඇතුළු පූජ්‍ය පක්ෂයේ විශාල පිරිසක් මේ දවස් වල ලංකාවේ ඇති අධික විදුලි බිල් ගැන විශාල වශයෙන් පැමිණිළි කර ඇති බවයි. උදාහරණයක් විදියට ලංකාවේ එක විහාරස්ථානයක් පැමිණිලි කර ඇති පරිදි මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි බිලක් ගෙවීම සඳහා එබඳු ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය මගින් පැවසීය.
එම උදාහරණයට ගත්ත විහාරස්ථානයේ ඊට කලින් මසතුල ඒකක 9000 ක් විතර භාවිතා කල නමුදු ඒකකයක් රු. නවයක් පමණ සහන මිලට පැවති එම කාලසීමාවේ විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී ජනක රත්නායක කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය පෞද්ගලික හෝටලයේ මාසික විදුලි පරිභෝජනය පවා ඒකක 7,500 ක් වන බව ද සඳහන් කළේ මෙය සාධාරණීකරණය කරමින්.
මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ආගමික සිද්ධස්ථාන වලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම තමාට දී ඇති බලතල ප්‍රකාරව සහ රජයේ තීරණය අනුව වැලැක්විය නොහැකි බව කී ඔහු ඒ වෙනුවෙන් සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත් සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 300 කට වඩා අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් ඒවයින් 50% ක් විතර ඒකක 180 ටත් අඩු බවත් මෙබඳු සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන වෙනුවෙන් රජය මැදිහත් වී වෙනමම එම බිල් ගෙවාගෙන දැමීමට සූදානම් විය යුතු බවයි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
ආගමික ස්ථාන වල විදුලි බිල සුබසාධනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බව රටේ බහුතරයකගේ ඉල්ලීමක්නම් ඒ සඳහා "ආගමික ස්ථාන වල විදුලි බිල සුබසාධනය කිරීමේ බද්ද" වැනි විශේෂ බද්දක් හෝ "ආගමික සේවා බද්ද" වැනි පොදු බද්දක් අය කර එසේ කිරීමේ වරදක් නැහැ. අදාළ ප්‍රදේශ වල වාසය කරන අයගෙන් ප්‍රාදේශීය බද්දක් අය කිරීම වඩාත් සුදුසුයි. බද්දේ බර ආගමික ස්ථාන වලින් "නිපදවන" සේවා පරිභෝජනය කරන අය මත වැටෙන පරිදි එම බද්ද අය කිරීමයි වඩා සාධාරණ ක්‍රමය. එවිට ආගමික සේවා අවශ්‍ය නැති අයට අසාධාරණයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස පූජා භාණ්ඩ අලෙවිය මත හා ආගමික ස්ථාන වලට ලැබෙන ආදායම් මත බදු අය කර වියදම ආවරණය කරගන්න පුළුවන්. තවත් පහසු ක්‍රමයක් වන්නේ ආදාහන/ භූමිදාන බද්දක් අය කිරීමයි. එවිට හරියටම අදාළ ආගමික සංස්ථාවට බදු මුදල දෙන්න පුළුවන්. ලංකාවේ ආගම් නොඅදහන අය බොහෝ අඩු නිසාත්, රජය ආගම් නඩත්තු කිරීම වෙනුවෙන් කොහොමටත් බදු මුදල් වැය කරන නිසාත් පොදුවේ බද්දක් අය කර එසේ කළා කියලාත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ආගමික සේවා බදු කියන්නේ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් රටවල එවැනි බද්දක් ගෙවීම අනිවාර්යයි. උදාහරණයක් ලෙස ඉතාලියේ 0.8%ක ආදායම් බද්දක් ආගමික කටයුතු වෙනුවෙන් අය කරනවා. බදු ගෙවන්නාගේ ආගම (හා නිකාය) අනුව මේ මුදල් බෙදී යනවා. ඇතැම් රටවල ආගම් නොඅදහන අයට තමන් ගෙවන "ආගමික" බදු මුදල වෙනත් සමාජ කටයුත්තක් වෙනුවෙන් යෙදවීම තෝරාගත හැකියි. ස්වීඩනය වැනි රටවල "පල්ලි බද්ද" ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. ලංකාවේ පෙර පැවති නින්දගම්/ රාජකාරි ක්‍රමය කියන්නෙත් ප්‍රාදේශීය බදු ක්‍රමයක්. අවශ්‍යනම් තමන්ගේ දායකයින්ගෙන් බදු අය කර ගැනීමේ අයිතිය එක් එක් ආගමික ස්ථානයටම හෝ ආගමික ස්ථාන හා සම්බන්ධ දායක/ පාලක සභාවකට පවරන්නත් පුළුවන්. එවිට රජය නිදහස්.
Delete