Wednesday, January 25, 2023

පොලී අනුපාතික ප්‍රවණතා...


ඊයේ පැවති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙය ඉතා නිවැරදි තීරණයක්. 

උද්ධමනය අඩු වෙමින් තිබෙනවා වගේම ඉදිරි කාලයේදී විශාල ලෙස අඩු වීමට නියමිතවද තිබෙනවා. එහෙත්, එය තවමත් සියල්ලන්ටම පැහැදිලිව පෙනෙන දෙයක් නෙමෙයි. උද්ධමනය අඩුවීම සියල්ලන්ටම පැහැදිලිව පෙනෙනු ඇත්තේ වසරේ මැද භාගය වන විටයි. ඊට පෙර පොලී අනුපාතික පහළ දැමීමෙන් උද්ධමන අපේක්ෂාවන් ඉහළ ගොස් උද්ධමනය පහළ යාම ප්‍රමාද විය හැකියි.

අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් තිබුණත්, තවමත් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික හා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ වගේම, වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය තිරසාර ලෙස පියැවී නැහැ. වසර මැද වන තුරු මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වේයැයි සිතන්න අමාරුයි. 

අද (ජනවාරි 25) පැවති බිල්පත් වෙන්දේසියේදී වැඩි බිල්පත් ප්‍රමාණයක් (රුපියල් බිලියන 120ක්) අලෙවිකරමින් වුවද පොලී අනුපාතිකද අඩු මට්ටමක තබා ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. පෙර සතියට සාපේක්ෂව දින-91 පොලී අනුපාතික පාදක අංක 17කින්ද, දින-182 පොලී අනුපාතික පාදක අංක 35කින්ද, දින-364 පොලී අනුපාතික පාදක අංක 47කින්ද පහත වැටී තිබෙනවා. ආයෝජකයින්ගේ රුචිය වඩා දිගු පරිණත කාල වෙත විතැන් වෙමින් තිබීම හොඳ ලකුණක්. 

මේ දවස් වල රජයේ අරමුදල් කළමනාකරණය සිදු වන්නේ කොහොමද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව, මෙහෙයුම් ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය හිඟයයි. එය වැඩි වෙන්නට ඉඩ හැරීමේ හැකියාවක් රජයට නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද?

ප්‍රායෝගික තත්ත්වයන් යටතේ රජය විසින් පිළියෙළ කර සම්මත කරගෙන තිබෙන ආදායම් ඉලක්ක ඒ විදිහටම සපුරා ගැනීම අසීරු විය හැකියි. එහෙත්, ඒ හේතුව මත ප්‍රාථමික අයවැය හිඟය ඉලක්ක මට්ටමට වඩා වැඩි වීමට ඉඩ දිය නොහැකි නිසා, ආදායම අඩුවීමට අනුරූපව රජයේ වියදම් සීමා කරන්නට සිදු වෙනවා. මෙය රාජ්‍ය අයවැය කළමනාකරණයේදී මුහුණ දෙන්නට සිදු වී තිබෙන පළමු අභියෝගයයි.

දෙවන අභියෝගය වන්නේ සල්ලි අච්චු ගැසීමක් නොකර ඉහත ප්‍රාථමික අයවැය හිඟයද ඇතුළුව සමස්ත අයවැය හිඟය පියවා ගැනීමයි. විදේශ ණය නොලැබෙන තත්ත්වයක් තුළ මෙම අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමයි. එහිදී අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දිය යුතු වෙනවා. 

අසීරුවෙන් වුවත්, රජය ඉහත ඉලක්ක දෙක තුළම රැඳී සිටිනවා. එහි ප්‍රතිඵලය ඉහළ පොලී අනුපාතිකයි. කෙසේ වුවත්, අඩු වශයෙන් කරුණු දෙකක් නිසා දෙවන කාර්තුව තුළ පොලී අනුපාතික මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි.

පළමුවැන්න, රජයේ බදු ආදායම් ක්‍රමක්‍රමයෙන් එකතු වන්නට පටන් ගැනීමයි. බදු අනුපාතික ඉහළ දමනු ලැබුවද එම ඇතැම් බදු ආදායම් තවමත් එකතු වන්නට පටන් ගත්තා පමණයි. 

දෙවන වාසිදායක සාධකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත පළමු ණය වාරිකයයි. සාමාන්‍යයෙන් මෙම අරමුදල් රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා යොදා ගත නොහැකි වුවත්, විශේෂ තත්ත්වයක් සේ සලකමින් අරමුදල ඒ සඳහා ඉඩ දී තිබෙනවා. එම අරමුදල් රජයට ලැබෙද්දී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය අනුරූප ලෙස පහල ගොස් පොලී අනුපාතික මත පීඩනය අඩු වෙනවා.

මේ කරුණු දෙකට අමතරව වසර මැද වන විට උද්ධමන අපේක්ෂාවන් පහත වැටීමේ වාසියද පොලී අනුපාතික කෙරෙහි යටිකුරු තෙරපුමක් ඇති කිරීමට නියමිතයි. 

19 comments:

  1. ඉකොනොමැට්ටා

    //රජයේ බදු ආදායම් ක්‍රමක්‍රමයෙන් එකතු වන්නට පටන් ගැනීමයි. බදු අනුපාතික ඉහළ දමනු ලැබුවද එම ඇතැම් බදු ආදායම් තවමත් එකතු වන්නට පටන් ගත්තා පමණයි.//

    මේ කියන තරම් ලේසියෙන් බදු ආදායමක් උපයා ගැනීමට පුළුවන් වෙයි ද? මේ දවස් වල ලංකාවේ රුපියල් 45,000 කට වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් ආදායම් බද්දක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ රජයට දැඩි කොන්දේසියක් පැනවීමට සූදානම් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පැවසූ කතාව සත්‍ය විය හැකි ද?

    තව දුරටත් ඒ ගැන පැහැදිලි කරමින් ජනමාධ්‍ය හරහා ඔහු පෙන්වා දෙන්නේ එනමුදු ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලංකාවේ රජයේ නියෝජිතයින් එම ප්‍රමාණය රුපියල් ලක්ෂය දක්වා ආදායම් බද්දෙන් නිදහස් කර ගැනීමට හැකි වූ බවද ඇමතිවරයා මාධ්‍ය මගින් පෙන්වා දුන්නා.

    එයද නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීම කිසිසේත්ම නොහැකි වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවහොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි වනු ඇතැයිද කියා සිටියා.

    ලංකාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරින් මෙම අදහස් පළ කළා ඔබ දකින්නට ඇති;

    "//ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවලදී ලංකාවට නියෝග කර තියෙන්නේ හැකි ඉක්මනින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන ලංකාවේ සියලුදෙනාගෙන් බදු වශයෙන් අයකරන්න ඕන කියලා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේක කොහොමත්ම කරන්න බෑ කියලා තර්ක විතර්ක ඉදිරිපත් කරලා කරුණු සහිතව විස්තර ඉදිරිපත් කරලා තමයි හරිම අමාරුවෙන් එම අගය රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කරලා ලබාගෙන තිබෙන්නේ."

    "ඒ නිසා අපිට මේ බදු අඩුකරලා බදු වෙනස් කළොත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරිවෙනවා. මේ ගිවිසුම නැතිවෙනවා. එහෙම වුනොත් අපේ රට සති දෙකකට වඩා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය කවුරුහරි කියන්න පුළුවන් නම්. අපි ඒ එකකට කන්දෙන්න සූදානම්. මොකද හේතුව රටට අවශ්‍ය ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය අපි ගෙන්වන්න ඕන. ඉතින් මේවා පිටරටින් ආනයනය කරන්න නම් ආනයන හැකියාවක් තියෙන්න ඕන. ඒකට ප්‍රමාණවත් සංචිතයක් තියෙන්න ඕන. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත සූත්‍රයක් තියෙනවා. දළ විදේශ වත්කම්වල ආනයන ශක්‍යතාවය. දළ විදේශ වත්කම්වලින් මාස කිහිපයක ආනයන වියදම් පුරවගන්න පුළුවන් ද කියලා දර්ශකයක් තියෙනවා. එතකොට අඩුගානේ මාස තුනකවත් ආනයන වියදම් පියවා ගන්න හැකියාවක් විදේශ වත්කම් පැත්තෙන් තියෙන්න ඕන."

    "අපිට ඒ හැකියාව දැන් නෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා තියෙන්නේ ව්‍යුහගත ගැලපුමක් සිද්ධකිරීම සඳහා."

    "ඉතින් ඒ දේ සිද්ධ කරනකොට අපිට නියමයන් කිහිපයක් පනවලා තියෙනවා. අනාගත කාලයේදී ණය ගෙවීමේ ශක්තිය ඇතිවෙලා ආර්ථිකය නියම පීල්ලට ගන්න නම් මේ මේ දේවල් කරන්න ඕන කියලා, අපි අසාධ්‍ය තත්ත්වයේ මරණාසන්න තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් නම් එතකොට සමහර එන්නත් දෙනවා අපිට දරාගෙන ඉන්න බෑ. එය දරාගෙන ඉන්න බැරිවුණත් අනාගත ජීවිත පැවැත්ම සඳහා එය දරාගෙන ඉන්න සිද්ධවෙනවා, එවැනි තත්ත්වයකට තමයි මේ ආර්ථික දේහය ඔත්පල වෙලා මරණාසන්න වෙලා ගොඩයන්න බැරි තත්ත්වයෙන් තියෙන්නේ. ඉතින් මේ තිත්ත බෙහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිල්ලුවා කියලා නොගිල ඉන්න බෑ. මොකද වෙන විකල්පයක් අපිට නැති නිසා//"

    මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද? මේ ගැන පැහැදිලි කළ හැකි ද? බදු වැඩි කිරීමෙන් රජයට දැඩි බලපෑමක් එල්ල කරනවා විපක්ෂ කණ්ඩායම් සහ වෘත්තීය සමිති ආදී වශයෙන් විශාල පිරිසක් විසින්. ඒ නිසා රජයට මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද? මට නම් ෂුවර් නෑ මේ කතාව ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මෙය ඔබ බන්දුල ගුණවර්ධන කියපු දෙය වැරදියට තේරුම් ගැනීමක් හෝ අර්ථකථනය කිරීමක්. බන්දුල කියපු විදිහට රුපියල් 45,000 ඉක්මවා ආදායම් ලබන අය මත බදු අය කරන්න කියලා IMF එක යෝජනා කරලා තිබෙනවා. පසුව රජය මෙය 100,000 ලෙස වෙනස් කර ඒ සඳහා IMF එක එකඟ වී තිබෙනවා. බන්දුල දැන් කියන්නේ පරණ කතාවක්. එහෙම නැතුව බදු සීමාව පහළ දමන්න කියලා IMF එක මෑතකදී අළුතෙන් කියලා නැහැ.

      ගෝඨාභය බදු සීමා ඉහළ දමන්න පෙර වාර්ෂික ආදායම් බඳු සීමාව වුනේ රුපියල් 500,000. ඒ කියන්නේ මාසයකට රුපියල් 41,667ක්. 2019 පැවැති මට්ටමට ආපසු ගියානම් බදු සීමාව රුපියල් 41,667 කරන්න වෙනවා. ඒ නිසා, මේ වගේ යෝජනාවක් කළානම් එය සුදුසුයි. එය කලින් තිබුණු මට්ටමට වඩා ඉහළ මට්ටමක්. දෙවනුව, රුපියල් 42,578ක් ආදායම් උපයන කෙනෙක් කියන්නේ ලංකාවේ ඉහළම ආදායම් ලබන 30%ට අයත් කෙනෙක්. ඉහළම 30%ට අයත් අය ආදායම් බදු ගෙවන එකේ වැරැද්දක් නැහැ. මෙම සීමාව පහළට ගෙනාවානම් බදු ගෙවන අය මත මේ තරම්ම බදු පටවන්න වෙන්නේ නැහැ. ආණ්ඩුව මෙහිදී දේශපාලන තීරණයක් ගනිමින් ඉහළ ආදායම් ලබන 7%ක පමණ පිරිසක් මත වැඩි බදු බරක් පටවා තිබෙනවා. එයට IMF එක එකඟ වී තිබෙනවා.

      Delete
    2. 42,578 ඉහල අදායමක් වෙනවා කියන එක පුදුමයි. මම හිතුවේ 100000 ට උඩින් ඉහල අදායමක් කියල.

      Delete
    3. රුපියල් 100,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබනවා කියන්නේ ඉහළම 7%ක පමණ ආදායම් ස්ථරය. රුපියල් 42,578 කියන්නෙත් ඉහළම 30%. (පවුලේ ආදායම නෙමෙයි. පුද්ගල ආදායම)

      Delete
    4. මෙතැන ඇත්තටම තියෙන්නේ declare කරන ආදායම නේ?
      සමෘද්ධි ලාභීන් ගෙන් 40% ක් ද කොහෙද නුසුදුසු අය කියලා පාර්ලිමේන්තු කාරක සභාව කදී කිව්වා.
      ලංකාවේ පාර්ලිමේන්තු වට හොරු පත් කරන්නේ හොර ජනතාවම තමයී.

      Delete
    5. නැහැ. මේ බදු ගෙවීම සඳහා පෙන්වන ආදායම නෙමෙයි.

      Delete
  2. ඉකොනොමැට්ටා

    මේ පෝස්ට් එක බලන්න

    https://www.facebook.com/106654727476504/posts/pfbid02tB6H4nbZWQ28ggbnP12VRvGK5BoDavw2NAD7MK2Hvz7v4jZ2SZ3zCC5C1HkwE5CDl/?mibextid=Nif5oz

    ජවිපෙ ජාතික ජන බලවේගයේ කට්ටිය වගේම සමගි ජන බලවේගයේ කට්ටියත් ඒ දවස්වල බදු අඩු කලා කියලා නන්දසේන ගෝතයට අමු තිත්ත කුණුහරුප වලින් බැන්නානේ

    දැන් රනිල් රාජපක්ෂ රෙජීමය ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කර නැවතත් බදු වැඩි කිරීමෙන් පසූව ඒ කියපු කටවල් වලින් ලැජ්ජා නැතිව බුදු අම්මෝ බදු වැඩි කරලා කියලා අම්මා මෝඩ නැතුව මේ වගේ බනිනවා

    මේ පෝස්ට් එකෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් පඩියෙන් රනිල්ලා අධික ලෙස වැඩි කරපු බදු මුදල් කපාගෙන ඊට පස්සෙ ගත්ත ණය වාරික ටික කැපිලා ඉවර වුණාම අතට එන්නේ රුපියල් 14,000 යි කියලා මැරෙන්න හදනවා

    මේකේ කමෙන්ට් කියවලා බලන්න ඕන නම්, කට්ටිය කියන කතා කෝමද?

    ඇත්තටම මගේ හැඟීම අනුව ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ පිටරටින් ණය ගැනීමයි, ඒ නිසා මෙච්චර කල් ලංකාවේ දේසපාලුවන්ගේ ක්‍රමය උනේ ණය අරගන් කන්න දියන් කියන දේ

    මිනිස්සු අපට අරක දියව් මේක දියව් කියලා කෑ මොර දෙන කොට එක්කෝ සල්ලි අච්චු ගහලා දෙනවා නැත්නම් ණය අරන් දෙනවා ඕකනේ කොළේ මෙච්චර කාලයක් තිස්සේ

    මිනිස්සු දේසපාලුවන්ටම බනිනවා බුදු අම්මෝ රට ණය කරනවා කියලා... නමුත් මේ වගේ දේවල් වලින් පේන්නේ ඒ කියන උනුත් ඒ වගේම වටේටම අම්බානක ණය වෙලා තමයි මෙච්චර කල් රඟලා තියෙන්නේ කියල, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මතකද ජන කතාවක් තිබ්බා පරණ
      රජුට හකුරු හදනා හැටි ගැන කියන
      උඩට උඩු වියන්- පාවඩ නොමැති තැන
      කියන- කරන දෙකෙහි වෙනස කියා දෙන

      Delete
  3. ඉකොනෝගේ අවධානය පිණිස මේ තියෙන්නේ URBAN .LK විසින් සිදුකරපු සමීක්ෂණයකින් හදපු වාර්තාවක්...

    මේ සමීක්ෂණයට සහභාගී වූ අයගෙන්;

    ⚠️ 69% ක් පිටරටකට යාමට තීරණය කරලා.
    ⚠️ 18% ක් දැනටමත් රට හැර ගිහින්.
    ⚠️ 13% ක් ලංකාවේ ඉන්න තීරණය කරලා.

    🚨 රටින් යන්නේ නැහැ කියලා තීරණය කරපු අයගෙන්;
    ⚠️ 47% ක් යන්නේ නැත්තේ අම්මලා තාත්තලා දාලා යන්න බැරි නිසා.
    ⚠️ 15% ක් යන්නේ නැත්තේ වුවමනා සල්ලි හොයාගන්න බැරි නිසා.
    ⚠️ 10% ක් යන්නේ නැත්තේ ලංකාව මේ තියෙන තත්වයෙන් ගොඩ එයි කියලා හිතන් ඉන්න නිසා.

    🚨 රටින් ‍යන්න හදන/හදපු අයගෙන්,
    ⚠️ 30% ක් යන්නේ දේශපාලකයන් ගැන බලාපොරොත්තුවක් නැති නිසා.
    ⚠️ 25% ක් යන්නේ ආර්ථික ප්‍රශ්න නිසා.
    ⚠️ 16% ක් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන බය නිසා.
    ⚠️ 10% ක් යන්නේ අති විශාල බදු බර නිසා.

    🚨 රට යන අයගේ වීසා වර්ග දිහා බැලුවොත්,
    ⚠️ 63% ක් Skilled Migration ඇප්ලයි කරලා.
    ⚠️ 53% ක් Sponsored Jobs ඇප්ලයි කරලා.
    ⚠️ 40% ක් Student Visa ඇප්ලයි කරලා.

    🚨 රටින් ‍යන්න හදන/හදපු අයගෙන්,
    ⚠️ 30% කට ආයේ ලංකාවට එන්න අදහසක් නෑ.
    ⚠️ 20% ක් ආයේ ලංකාවට එන්න හිතන් තමයි රට යන්නේ.
    ⚠️ 50% ක් තාම ඒක තීරණය කරලා නෑ.

    අයිස්බර්ගරයක් තරම් විශාල වූ ප්‍රශ්නයක ඉතාමත් අංශු මාත්‍රික නිරීක්ෂණයක් මේ. ඇත්ත මීට වඩා ඛේදනීය ඇති. මේ ගැනත් මේ බ්ලොග් එකේ සාකච්ඡාවක් කිරීමට ඔබට යෝජනා කරනවා

    ReplyDelete
    Replies
    1. //🚨 රට යන අයගේ වීසා වර්ග දිහා බැලුවොත්,
      ⚠️ 63% ක් Skilled Migration ඇප්ලයි කරලා.
      ⚠️ 53% ක් Sponsored Jobs ඇප්ලයි කරලා.
      ⚠️ 40% ක් Student Visa ඇප්ලයි කරලා.//

      එකතුව 156%ක් වුනේ කොහොමද?

      Delete
    2. ඉකොනොමැට්ටා ඔය කැටගරි එක විතරක් 100% එකතුව ඉක්මවා ගිය එක ගැන මම හිතන්නේ නම් ඒ ඔය කට්ටිය ඕන මගුලක් කියලා දෙක තුන බැගින් ඇප්ලයි කරලා තියෙනවා වගේ පේන්නේ, ස්කිල්ඩ් සහ ස්පොන්සර්ඩ්, සමහරු ස්ටුඩන්ට් (මාස්ටර්ස්/ පීඑච්ඩ්) සමග ස්කිල්ඩ්/ ස්පොන්සර්ඩ් දාල අනික වෙනස් රටවල් වලට එකසැරේ දාල තියෙන්නෙ යූකේ ඊයූ කැනඩා ඔසී නිව්සී ආදී වශයෙන් එන මොකක් හරි එකකට යන්න බලාගෙන දාපුවා වෙන්න පුළුවන් එතකොට එකතුව සීය පනිනවානේ ඩබල් කවුන්ට් වෙලා

      ඇත්තටම ඉකොනොමැට්ටා ලංකාවේ මහ බැංකුවේ සේවකයන් ප්‍රමුඛ බැංකු සේවකයන්, ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බුද්ධිමත් විද්වතුන්, ආර්ථික හා මූල්‍ය පීඨවල මහාචාර්ය වරු වගේ ගොඩක් කට්ටිය ලංකාවේ ආදායම් බදු පේයී ටැක්ස් වැඩි කරලා කියලා දැඩි ලෙස විවේචනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර හා වැඩවර්ජනය කරන බව මාධ්‍ය වලින් දකින්න පුළුවන්, ඔවුන් එහෙම කරන්නේ ඇයි?

      මම එහෙම අහන්නේ හේතුව දැන් ඔබ පුන පුනා ප්‍රකාශ කළ සහ තවමත් ඔබ කියන පරිදි ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න නම් බදු වැඩි කරලා රජයේ වියදම් අඩු කර ගැනීම සමගම විදේශ ණය ගැනීම සහ මුදල් අච්චු ගහන එක නවත්තන්න ඕනේ, මමත් ඒ මතයේ ලොජික් එකක් තියෙනවා කියලා හිතනවා නමුත් ලංකාවේ ආර්ථික විද්‍යාව වගේ අපි නොදන්න විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අය මේකට දැඩි ලෙස විරෝධයක් එල්ල කරන එක හරිම පුදුමයි නේද? මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    3. වැඩියෙන් බදු අය කරන එකට කවුද කැමති? ඕනෑම කෙනෙක් කැමතියි තමන්ට ගෙවන්න වෙන බදු අඩුනම්. ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තිබුණා හෝ නොතිබුණා කියලා ඒකේ වෙනසක් නැහැ.

      Delete
  4. ඉකොනෝ,

    පහල ප්‍රවුත්තිය දැක්කම අපිට පේන්නේ මහ බැංකුවේ අයත් බදු ප්‍රතිපත්ති යට එකග නැහැ කියලා. බැංකුවේ අයත් විරුද්ධයි කියන්නේ මේකේ අවුලක් ඇති නේද. මොකද ඒ අයට අපිට වැඩිය ආර්ථිකය ගැන තේරෙනවා ඇතිනේ.

    ,,,
    උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති

    උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.

    ශ්‍රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද පෙරවරු 9 සිට පස්වරුව දක්වා සේවයෙන් ඉවත්ව සිටි අතර ඔවුහු මහ බැංකුවේ ශ්‍රවණාගාරය අසල පිහිටි ශාලාවකට රැස්වී එම වෘත්තීය සමති ක්‍රියාමාර්ගයේ නරත වූහ.

    එම පිරිස වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර දහවල් මහ බැංකුව ඉදිරිපිට මාර්ගයට පැමිණ එම මාර්ගය දෙපස කලු කොඩි හා කලු පටි ඔසවූ අතර එහිදි එම ස්ථානයට ආ පොලිස් නිලධාරීහු ඒවා ඉවත් කළහ.

    එම සිද්ධියත් සමග බැංකු සේවකයන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගත්තේය

    ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද දහවල් කෑම පැයේ විරෝධතාකරුවන් අතර පැමිණ විරෝධයට සහාය දක්වන බව ප්‍රකාශ කළහ.

    ReplyDelete
  5. පුංචි ප්‍රේමදාස මහත්තයා

    ReplyDelete
  6. ගෝලීප් දෙකක් ගහමු

    ReplyDelete
  7. ඉකොනෝමැට්ටාට අකර තැබිබක්

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු තවත් ඉකොනෝමැට්ටාට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඉකොනෝමැට්ටා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

    පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින ඉකොනෝමැට්ටාට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

    ඉකොනෝමැට්ටා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා ඉකොනෝමැට්ටා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින් 45 හැවිරිදි රැඳවියකු ගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ ඉකොනෝමැට්ටාගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කිය.

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

    ReplyDelete
  8. අර පොතලන් මාන්නයා කුලී කාර් ඩ්‍රයිවර් ටුවර් ගයිඩා දැන් ආර්ථික විශේෂඥයෙක් වෙලා නේද ?

    ReplyDelete
  9. Hi econ, is there any article related to Cobb-Douglass production function ???

    ReplyDelete
    Replies
    1. There are many. Here are some of them.

      සූරාකෑම් නැති කරමු!
      http://economatta.blogspot.com/2021/05/blog-post.html

      ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය
      http://economatta.blogspot.com/2021/02/blog-post_23.html

      දැය දියුණට පැද යන නැවියා
      http://economatta.blogspot.com/2021/02/blog-post_12.html

      රටවල් දියුණු වෙන්නේ කොහොමද?
      http://economatta.blogspot.com/2021/02/blog-post_4.html

      අරගල වලින් ලැබී තිබෙන ශ්‍රමයේ පංගුව
      http://economatta.blogspot.com/2021/02/blog-post_19.html

      ශ්‍රමය, ප්‍රාග්ධනය හා ආර්ථික වර්ධනය
      http://economatta.blogspot.com/2021/01/blog-post_26.html

      දියුණුවට විකල්ප මාර්ග
      http://economatta.blogspot.com/2021/05/blog-post_5.html

      නොපවතින සමාගම් සමඟ දීග කෑම
      http://economatta.blogspot.com/2021/01/blog-post_28.html

      ලාබ බෙදීම
      http://economatta.blogspot.com/2021/01/blog-post_27.html

      ප්‍රාග්ධනය එක්රැස්වීම
      http://economatta.blogspot.com/2021/03/blog-post_10.html

      ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය
      http://economatta.blogspot.com/2021/05/blog-post_29.html

      ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය
      http://economatta.blogspot.com/2021/05/blog-post_19.html

      ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!
      http://economatta.blogspot.com/2021/05/blog-post_10.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.