Saturday, August 12, 2023

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබීම තව දුරටත් කල් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට නිකුත් ඇති භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර හා හුවමාරු කර ගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට දෙවන වරටද දීර්ඝ කරනු ලැබ ඇති අතර මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 28 දින දක්වා කාලය ලැබෙනවා. අගෝස්තු 29 දින ප්‍රතිඵල නිවේදනය කෙරෙනු ඇති අතර අගෝස්තු 31 දින බැඳුම්කර හුවමාරුව සිදු වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර ලෙස සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අනුව මුළු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 94%ක් අගෝස්තු 15 දින හුවමාරු වීමට නියමිතයි. මුල් නිවේදනය අනුව මෙය සිදු විය යුතුව තිබුණේ ජූලි 31 දින වුවත් පසුව එම දිනය අගෝස්තු 15 දක්වා කල් දමනු ලැබුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියරේදී නම් කර ඇති නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර වලට හිමිකම් කියන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වුවත්, මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කරයි. අනෙක් බොහෝ බැඳුම්කරහිමියන්ට විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට මෙන් දීර්ඝ කාලයක් තමන්ගේ මුදල් හිර කර තැබීමට අපහසු බැවින් ඔවුන් මේ හුවමාරුව සඳහා ඉල්ලුම් කිරීමට විශාල උනන්දුවක් දැක්වීමේ ඉඩක් නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් අදාළ බැඳුම්කර අනිවාර්යයෙන්ම හුවමාරු කෙරෙනවා. එහෙත්, අනෙකුත් බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් හා අදාළව එවැනි සහතිකයක් නැහැ. එම ඉල්ලීම් පිළිගන්නේද යන්න එකින් එක වෙන වෙනම සලකා බැලීමට නියමිතයි. 

ඉහත අයදුම් කිරීම් සඳහා මුලින්ම ජුලි 25 දින දක්වා කාලය ලබා දුන් අතර පසුව එම දිනය අගෝස්තු 11 දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඊයේ (අගෝස්තු 11) මෙම දිනය දෙවන වරටද දීර්ඝ කර තිබෙනවා. මෙයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ ණයහිමියන් විසින් එසේ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඇතැම් විට අදාළ බදු සංශෝධන සිදු වීමේදී වූ ප්‍රමාදය මෙම කල් යාමට හේතු වූවා විය හැකියි. 

3 comments:

  1. මේක හැමෝම අනිවාර්යයෙන්ම කියවන්න

    EPF/ETF ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි ව ජෙප්පො දාපු නඩුව පරාදයි කියලා බුකියේ හුරේ දාන ආණ්ඩුවට ජය වේ වා! ජෙප්පො භංග වේ වා කියන උන්ටයි මේ

    ජයපැන් බොන ගමන් මේකත් කියවපල්ලා

    දේශීය ණය ප්‍රශස්තකරණය කියල එකක් පහුගිය කාලෙ කළා නෙ. දැන් මේකෙදි සරල ව වෙන්නෙ රජය විසින් දේශීය ණයහිමියන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය සඳහා කල්දැමීම්, පොළී අනුපාතික වෙනස් කිරීම් ආදී ක්‍රියාමාර්ග හරහා රජයේ ණයබර තාවකාලිකව අඩු කරගැනීම සහ පසුකාලීනව ඇරියස් එක්ක විශාල ණයක් වැඩිපුර ගෙවීම

    මේ කතාවට EPF/ETF සම්බන්ධ වෙන්නෙ, රජය විසින් ගෙවිය යුතු මුදල්වල ලොකු ම කොටසක් අයිති ඒවාට නිසා. දැන් වෙලා තියෙන දේ තමයි, EPF/ETF සඳහා ඉදිරි අවුරුදු 04ක කාලය සඳහා 9%ක "අවම" පොළියක් ගෙවීමට තීරණය වීම. (අවම කිව්වට ඔයිට උඩට යන්නෙ නෑ; අවමය ගෙවලා ෂේප් වෙනවා මිසක්.)

    මේකෙ තියෙන අසාධාරණය තේරුම් ගන්න, සේරට ම කලින් අපි EPF/ETF කියන්නෙ මොකක්දැයි තේරුම් අරං ඉමු. EPF/ETF කියන්නෙ අපේ පඩියෙන් කපන කැපිල්ලක්. ඒක අපේ කැමැත්තෙන් කපන එකක් නෙවි. අපි කැමති වුණත් නැතත් අපේ අතට එන්න ඕන මුදලින් 20%ක් වගේ දැවැන්ත ප්‍රතිශතයක් ආණ්ඩුව කපාගන්නව. (සේවකයාගෙන් 8%යි; සේව්‍යයාගෙන් 12%යි.) මේක කපාගන්නෙ ණයක් ලෙස. ඒ කිව්වෙ මේ අපි දෙන්නෙ ආණ්ඩුවට ණයක්. ඒක තැන්පත් කරන්නෙත් මහාබැංකුවෙ.

    ඊගාව කාරණය; විශ්‍රාම වැටුපක් කියන නමින් කපාගත්තට මේක අපට ඕන ඕන තැන්වල ආයෝජනය කරන්න බෑ. උදාහරණයක් ලෙස ඇමරිකාවෙ මේ හා සමාන්‍තර ක්‍රමය වන 401(k) යටතේ පෞද්ගලික අංශයෙ සේවකයන්ට තෝරාගැනීමක් තිබෙනවා තමන්ගෙ විශ්‍රාම අරමුදල ආයෝජනය කරන්නෙ කොහේදැයි තෝරගන්න. ලංකාවෙ එහෙම බෑ. මහබැංකුවට ණයක් තමයි දෙන්නෙ. ඒ ණයට ගෙවන පොළියත් තීරණය කරන්නෙ මහබැංකුව ම තමයි. එතකොට ඔබට පේන්න ඕන මේක විශ්‍රාම අරමුදලක් වත්, ආයෝජනයක් වත් නෙමෙයි; රටේ සෑම සේවකයකුගේ ම පඩියෙන් 20%ක් ආණ්ඩුවට ආපහු ඇදගන්න හදල තියෙන ක්‍රමයක්.

    වැදගත් කාරණයක්: රටේ හැම සේවකයකුගේ ම අර්ථසාධක අරමුදල් මේකට යන්නෙ නෑ. විශේෂයෙන් ම මූල්‍ය ක්ෂේත්‍රයෙ සහ ආණ්ඩුවෙ යම් යම් ආයතනවල සේවකයන්ගෙන් කපාගන්න කොටස, EPF/ETF අරමුදලට එකතු වෙන්නෙ නෑ. ඒක වෙන ම නඩත්තු වෙන්නෙ. මේක පස්සෙ අපට වැදගත් වෙනවා. දැනට ඔළුවෙ තියාගන්න. ;) 😉

    එතකොට ඇයි EPF/ETF සඳහා ඉහළ පොළියක් ලැබෙන්න ඕන? සරලයි. ඔය අරමුදල් දෙක ලේසියකට හොල්ලන්න බෑ. එක්කො ඉඩම්/නිවාස ණයක් ගන්න වෙලාවක් වෙන්න ඕන; නැත්නම් රට හැර යාමක් වෙන්න ඕන; කාන්තාවක නම් කසාද බඳිනකොට ගන්න පුළුවනි; නැත්නම් ඉතිං 55දී තමයි. එතකොට අපි වයස 18-20 ඉඳන් ආණ්ඩුවට ණය දුන්නට ආණ්ඩුව අපට ඒ ණය ආපසු ගෙවන්නෙ අපට වයස 55දී. ඒ කිව්වෙ අවුරුදු 35ක් විතර ගිහිල්ලා. අවුරුදු 35ක් වගේ විශාල කාලයක් තුළ උද්ධමනය නිසා රුපියල කොච්චර අවප්‍රමාණ වෙනව ද කියල මම අමුතුවෙන් කියාදෙන්න ඕනැ නෑ නේ.

    අන්න ඒ නිසයි EPF/ETF සඳහා උද්ධමනයෙන් බලපෑමක් නොවන මට්ටමේ ඉහළ පොළියක් ගෙවිය යුත්තෙ. සාමාන්‍යයෙන් උද්ධමනය වගේ 1.5-2.0 අතර පොළියක් තිබුණොත් තමයි ඒ මුදලට වටිනාකමක් ලැබෙන්නෙ.

    දැන් මොකක් ද එතකොට වෙලා තියෙන්නෙ?

    EPF/ETF වලට කෙළලා. ඕකයි වෙලා තියෙන්නෙ.ඒ කිව්වෙ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් රටේ වැඩකරන ජනතාවගෙ (ඔබේ සහ මගේ) පඩිපතෙන් බලෙන් කපලා මහබැංකුවෙ බලෙන් තැන්පත් කරපු ණය, ගෙවීමේ කාලය දික්කරලා සහ පොළිය 9%ට කපලා දාලා. තවත් සරල කරනවා නම්, ආණ්ඩුව අපෙන් බලෙන්ම ණය අරං, දැන් ඒක ගෙවන කාලය එයාල ම දික්කරගෙන; ඒ මදිවාට පොළියත් කපලා.

    (බයි ද වේ: අර මං කිව්ව නේද සමහර රාජ්‍ය සේවකයන්ගෙ epf/etf අපේ අරමුදලට නෙමෙයි යන්නෙ කියල? එයාලගෙ කොටස වෙනම කියල? ආ ඒකට මොකුත් වෙලා නෑ හොඳේ. ඒක සුරක්ෂිතයි.)

    දැන් මෙන්න මේ අසාධාරණයට එරෙහි ව තමයි ජනඅරගල ව්‍යාපාරය බොරැල්ලෙ පාගමන් ගියේ. ඒ අතරෙ තමයි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සහෝදරයව පොලිසියෙන් බලෙන් පැහැරගෙන අමානුශික විදියට පභරදුන්නේ. මේ අසාධාරණයට එරෙහි ව තමයි ජෙප්පො නඩුවක් දැම්මෙ. ඒ නඩුව තමයි පරාද වෙලා තියෙන්නෙ. ඒ ගැන තමයි අර අටවන ජනපති මහබැංකු හොර රනිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ ම සද්දෙ දැම්මේ, "මූල්‍ය කටයුතුවලට අතදාන්න උසාවියට බෑ, උසාවිය මොනවා කිව්වත් අපි වැඩකරන්නෙ පාර්ලිමේන්තුව කියන පරිදියි" කියල.

    ReplyDelete
  2. Cont'd

    දැන් එතකොට මේ රටේ ජනතාවගෙ පඩිපතෙන් කපාගන්න සේවක අරමුදලට කෙළල අරින්න පාර්ලිමේන්තුව ඒකපාර්ශ්වික ව තීරණය කළාම, අපට ඒකට නඩු යන්නත් බෑ! ඇයි පාර්ලිමේන්තුව නේ මුදල් ගැන තීරණ ගන්නේ? මුදල් ගැන තීරණ ගැනීමේ කේවල බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට නිසා අපේ පඩිපතට උකවන්ඩෝන කියලා පාර්ලිමේන්තුව තීරණය කළත් අපි කටපුප පියාන ඉන්ඩෝන. එහෙමෙයි?

    මෙන්න මේ නිසා තමයි අපි කියන්නෙ; මේ ජෝක් එක දුරදිග ගියා හොඳට ම ඇති. දැන් මේකෙ අවසානයක් තියෙන්ඩ ඕන. ධනවත් සුළුතරයකගෙ කිරිපල්ල අතගාන ගමන් නිර්ධන බහුතරයකගෙ බඩ සෝපොත්තට ම කෙළල අරින ක්‍රමය ඉවරයක් වෙන්ඩ ඕන. ණය ප්‍රතිව්‍යුහගත කරන්ඩ එපා කියල නෙමෙයි මේ කියන්නෙ. ඒ කරද්දි අඩු ආදායම් ලබන මිනිස්සුන්ගෙ එකම විශ්‍රාම වැටුපටත් කෙළින්ඩ එපා කියලයි අපි කියන්නෙ. ලොකු ලොකු ගස්වලට අතවත් නොතියා පොඩි පොඩි ගස් ටික හූරං කන්ඩ එපා කියලයි අපි කියන්නෙ.

    ඒ වුණාට කමක් නෑ ජෙප්පො නඩුව පරාදයි නෙ. එන්න අපි ඒ සතුටට හුරේ දාමු.

    හිප් හිප්... හුරේ..!
    හිප් හිප්... හුරේ..!
    හිප් හිප්... හුරේ..!

    (හෙන ගහල මදි තොපට... නොදකින් අමන හැත්ත)

    ReplyDelete
  3. 1956 අපේ රටේ ආර්ථික වෙනස සිද්ද වුනේ නැත්නම් ඒ කියන්නේ 1956 සිට 1977 දක්වා අපේ ආර්ථිකය සංවුර්ත වෙලා තිබ්බේ නැත්නම් අපේ රට‍ කොහොම වෙන්න තිබ්බද අද වෙනකොට

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.