වසර ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වීමෙන් පසුවත්, දැනට ඇමරිකාවේ ඉන්ධන පිරවුම්හල් 132,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා [1]. මීට වසර තිහකට පමණ පෙර මෙම ප්‍රමාණය 200,000 ඉක්මවා තිබුණත් [2] දැඩි තරඟකාරිත්වය හා නියාමනය හමුවේ වසරින් වසර ඉන්ධන පිරවුම්හල් එකින් එක වැසී යාම නිසා දැනට ඉතිරි වී තිබෙන්නේ මෙම ප්‍රමාණයයි.
ඉහත පිරවුම්හල් ප්‍රමාණයෙන් 45%කට ආසන්න ප්‍රමාණයක්, එනම් පිරවුම්හල් 58,000ක් පමණ අයිති ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ සිටින ප්‍රධාන පිරවුම්හල් දාම 10ට වුවත් තවත් තරඟකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් මේ වෙළඳපොළේ ඉන්නවා. පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් අයිති එම කුඩා සමාගම් වලටයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් පවුලේ ව්‍යාපාර. ප්‍රධාන තරඟකරුවන් 10 දෙනා සහ ඔවුන් සතු පිරවුම්හල් ප්‍රමාණය පහත තිබෙනවා [3].
1. ෂෙල් - 12,306
2. එක්සොන් මොබිල් - 11,892
3. බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්) - 7,078
4. ශෙව්රන් - 7,014
5. සර්කල් කේ - 6,792
6. සිට්ගෝ - 4,396
7. ස්පීඩ්වේ - 3,284
8. පිලිප්ස් 66 - 2,511
9. 76 - 1920
10. කනකෝ - 1,716
ඉහත ලැයිස්තුවේ සඳහන් කිසියම් පිරවුම්හල් දාමයක පිරවුම්හල් ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ එම පිරවුම්හල් අදාළ සමාගම් විසින්ම කළමනාකරණය කරන බව නෙමෙයි. මෙම පිරවුම්හල් කළමනාකරණය කරන්නේ වෙනත් ස්වාධීන පුද්ගලයින් විසින්. කැමති අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ආසියානු රටවලින් සංක්‍රමණය වූ බොහෝ අයද මෙම ව්‍යාපාරයේ නියැලී ඉන්නවා. එහෙත්, ඔවුන් ව්‍යාපාරය මෙහෙයවන්නේ අදාළ සන්නාමය අයිති සමාගමේ කොන්දේසි අනුවයි. ඒ නිසා, කළමනාකරණය කවුරු කළත් පිරවුම්හල් වල බාහිර ආකෘතිය සමානයි. මෙය ලංකාවේ පෞද්ගලික පිරවුම්හල් හිමියන්ගේ ව්‍යාපාරික ආකෘතියට සමානයි.
ඉහත පිරවුම්හල් දාම 10ට අමතරව මීට වඩා කුඩා තවත් පිරවුම්හල් දාම ගණනාවක් මෙන්ම කිසිදු පිරවුම්හල් දාමයකට අයත් නැති ස්වාධීන පිරවුම්හල් ගණනාවක්ද තිබෙනවා. දාමයකට අයිති වුවත් නැතත් ඉන්ධන පිරවුම්හල් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ වෙනත් සිල්ලර බඩු විකුණන ව්‍යාපාරයක්ද (convenience stores) සමඟයි. එසේ නැත්නම්, සිල්ලරට ඉන්ධන විකිණීමෙන් පමණක් ලාබ ලබමින් වෙළඳපොළේ රැඳී සිටින්න අමාරුයි.
මේ වසරේ ක්‍රියාත්මකව පැවති මේ ආකෘතියේ කුඩා සිල්ලර වෙළඳසැල් 150,174ක් අතරින් 118,678ක්, එනම් 79%ක් පමණ ඉන්ධන විකිණීමද කර තිබෙන අතර, මුළු සිල්ලර ඉන්ධන වෙළඳාමෙන් 80%ක් සිදුව තිබෙන්නේ මේ තැන් වලයි. මේ අතරින් 60%ක් පමණම කළමනාකරණය කර තිබෙන්නේ එක් පිරවුම්හලක් පමණක් අයිති අයයි. මීට අමතරව තවත් පිරවුම්හල් 13,346ක සිල්ලර වෙළඳාමද සුළු වශයෙන් සිදුව ඇතත් ප්‍රධාන වශයෙන්ම සිදුව තිබෙන්නේ ඉන්ධන විකිණීමයි.
ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. (ප්‍රධාන පිරවුම්හල් දාම ගණනාවක්ම ඉන්ධන නිෂ්පාදනය හා බෙදා හැරීමද කිරීම වෙනම කරුණක්.) මෙම කර්මාන්තය තුළ සිදුවන්නේ ඉතා සුළු අගය එකතු කිරීමක් පමණක් නිසා ඉන්ධන මිල කෙරෙහි මෙම සිල්ලර වෙළෙන්දන්ට විශාල බලපෑමක් කළ නොහැකියි. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල උච්ඡාවචනය වන්නේ තොග මිල වෙනස් වන ආකාරය අනුවයි. එහෙත්, දැඩි තරඟකාරිත්වය නිසා පාරිභෝගිකයාට ලැබෙන මිල අඩු නොවන බවක් එයින් අදහස් වන්නේ නැහැ.
සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. මෙම මිල පිරවුම්හලෙන් පිරවුම්හලට වගේම දවසින් දවසටද වෙනස් වන මිලක්.
මේ වන විට ජෝජියා ප්‍රාන්තයේ වේක්‍රොස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 2.91කට පමණ (ලීටරයක් රුපියල් 249ක් පමණ) විකිණෙද්දී, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ෆෝට් ජෝන්ස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් විකිණෙන්නේ ඩොලර් 6.49ක පමණ මිලකටයි (ලීටරයක් රුපියල් 555ක් පමණ) [4]. වෙළඳපොළ තරඟය තුළ යම් නගරයක ඉන්ධන මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එහෙත්, ඉන්ධන ඉල්ලුම එතරම් නම්‍ය නොවන නිසා මිල කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ සැපයුම් සාධකයි.
තැනින් තැනට මිල මේ විදිහට වෙනස් වෙද්දී. පසුගිය මාසයේදී ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.958ක්. එනම් ලීටරයක් රුපියල් 339ක පමණ මිලක් [5].
1. https://www.convenience.org/Research/Convenience-Store-Fast-Facts-and-Stats/FactSheets/IndustryStoreCount
2. https://www.fueleconomy.gov/feg/quizzes/answerquiz16.shtml
3. https://www.scrapehero.com/location-reports/10-largest-gas-stations-in-the-usa/#:~:text=Shell%2C%20Exxon%20Mobil%20and%20BP,7%2C078%20locations%20in%20the%20US.
4. https://www.gasbuddy.com/gaspricemap?lat=38.822395&lng=-96.591588&z=4
5. https://www.eia.gov/dnav/pet/PET_PRI_GND_DCUS_NUS_M.htm
++++++++++
ReplyDeleteචීනෙට දුන්නට මිල අඩුවෙන්නෙ නෑ කියන එක අන්තිමට නොකිව්වෙ ඇයි
ReplyDeleteපහත කරැණු ක්‍රියාත්මක කිරීමට රජය කල්මැරීමට හේතු සහ ඒ සදහා බලපාන ආර්ථික සාධකය ගැන ලිපියක් සම්පාදනය කරන්නේ නම් සමාජයට මේ අවස්ථාවේ ඉතා වැගත් යැයි සිතමි.---------------------------------- 01. 2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයින්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.
ReplyDelete02. දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ (ජනාධිපති, අගමැති, ඇමති සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වනවිට ප්‍රසිද්ධ කිරීම.
03. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.
04. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.
05. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.
06. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.
07. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබදව වාර්තාවක් 2024 දෙසැම්බර් වනවිට වෙබ් අඩවියක පළ කිරීම
08. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියළුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියළුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමිවූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම. මෙම තොරතුරු මාස 06 කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.
09. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
10. විනිවිද භාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.
11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැලැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.
12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැලැක්වීම සඳහා ඒවා තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ගැනීම.
13. සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වනවිට ඉදිරිපත් කිරීම