ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි.
සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි.
ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. මෙය ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමානයි. මෙම කටයුත්තේදී සිදු වන්නේ ඉතාම කුඩා අගය එකතු කිරීමක්. ඒ වෙද්දී, බොරතෙල් නිෂ්පාදන කර්මාන්තය තුළ සහ පිරිපහදු කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීම් සිදු වෙලා ඉවරයි. මිල තීරණය වෙලාත් ඉවරයි.
ලංකාව තුළ කෙසේ වුවත්, ඇමරිකාව තුළ පිරිපහදු කිරීමේ කර්මාන්තයත් සෑහෙන තරමින් තරඟකාරී කර්මාන්තයක්. 2023 ජනවාරි 1 දින වන විට ඇමරිකාවේ තිබුණු ඉන්ධන පිරිපහදු ප්‍රමාණය 129ක්. ඒවායේ සමස්ත ධාරිතාවය දිනකට බොර තෙල් බැරල් 19,156,781ක්. මීට සාපේක්ෂව (මම දන්නා තරමින්) සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 50,000ක් පමණයි.
ඇමරිකාවේ දැනට තිබෙන ඉන්ධන පිරිපහදු අතරින් විශාලතම පිරිපහදුව තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝර්ට් ආතර්හියි. එහි ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 626,000ක්. මෙය අයිති මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම සම්පුර්ණයෙන්ම අයිති සවුදි ඇරම්කෝ සමාගමටයි. සවුදි ඇරම්කෝ සමාගම අයිති සවුදි අරාබි රජයටයි. මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළද ක්‍රියාකාරී සමාගමක්. මීට අමතරව ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ ඉදිරියෙන් සිටින එක්සොන් මොබිල්, බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්), ශෙව්රන්, මැරතන් පෙට්‍රෝලියම් වැනි සමාගම්ද ඉන්ධන පිරිපහදු කර්මාන්තය තුළ ඉදිරියෙන් සිටිනවා.
ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල කෙරෙහි පිරිපහදු අදියරේදී යම් බලපෑමක් සිදු වෙනවා. එහෙත්, එම බලපෑම බොරතෙල් වෙළඳපොළේ මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව කුඩා එකක්. බොරතෙල් වෙළඳපොළේ මිල තීරණය වන විටම ඉන්ධන වල සිල්ලර මිල බොහෝ දුරට තීරණය වී අවසන්. සිල්ලර වෙළඳපොළේ තරඟය නිසා මෙන්ම පිරිපහදු වෙළඳපොළේ තරඟය නිසාද සිදු වන්නේ බොර තෙල් මිල මත අගය එකතු වීම කාර්යක්ෂම ලෙස සිදු වීම පමණයි. එතරම්ම තරඟකාරී නොවන ලෝක බොරතෙල් වෙළඳපොළ තුළ බොර තෙල් මිල විචලනය වීමේ බලපෑම තව දුරටත් එලෙසම තිබෙනවා.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙන් පැහැදිලිව දකිය හැකි පරිදි ඇමරිකාව තුළ ඉන්ධන ගැලුමක සිල්ලර මිල තීරණය කරන ප්‍රධාන සාධකය බොරතෙල් බැරලයක මිලයි. එහෙත්, ඇමරිකාවේ ඉන්ධන මත අය කරන බදු සාමාන්‍යයෙන් බොර තෙල් මිලට හෝ සිල්ලර ඉන්ධන මිලට අනුපාතික නොවන නිසා බොර තෙල් මිල විශාල ලෙස ඉහළ යද්දී ඉන්ධන වල සිල්ලර මිල ඉහළ යන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. එමෙන්ම, බොර තෙල් මිල විශාල ලෙස පහළ යද්දී සිල්ලර මිල අඩු වෙන්නේත් තරමක් අඩු ප්‍රතිශතයකින්. එම වෙනස හැරුණු විට ඉන්ධන ගැලුම් 20ක මිල සහ බොරතෙල් බැරලයක මිල සැසඳූ විට විචලනයන් සිදු වන්නේ එකම රටාවකටයි.
තෙල් වලට ගහන බදු ගත්තම ෆෙඩරල් ටැක්ස් සහ ස්ටේට් ටැක්ස් කියලා වෙන වෙනම ගහනවා නේද. ස්ටේට් එකෙන් ස්ටේට් එකට මිල වෙනස් වෙන්න මේ ප්‍රාන්ත බදු අතර වෙනස්කමුත් බලපානවා නේද
ReplyDeleteකාබන් එමිශන් සම්භන්ධයෙන් ප්‍රානතයෙන් ප්‍රාන්තයට වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරනවද?
ඔව්. ප්‍රාන්ත අතර මිල වෙනස් වෙන්න බදු වෙනස්කම් ප්‍රධානම හේතුවක්. කාබන් එමිෂන් ප්‍රතිපත්තිත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.
Deleteජවිපේ නායක අනුර දිසානායක මහතාගේ ඇමරිකා එක්සත් ජනපද සංචාරයෙදී කැලිෆෝර්නියා ජනපදයේ පැවති ජනහමුවට පැමිණි ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකු වූ රම්‍යකාන්ත සිල්වා මහතා මුලින්ම තමන් සහ පවුලේ විස්තර ඉදිරිපත් කරමින් තමන් තුල ජවිපෙය කෙරෙහි ඇති විශ්වාසය ගැන පවසන්නේ හඬමිනි.
ReplyDeleteතමන් බෞද්ධයෙකු වුවත් පංසල් නොයන මුත් තම හදවතේ පංසලක් තනාගෙන සිටින බවත් ඔහු පවසයි.තමන් ඇතුළු පිරිස අතීතයේ ලොකු මුදු වලට රැවටුණු බව කියමින් තම අතීත දේශපාලන ලැදියාව ගැනත් ඔහු ඉඟියක් ලබා දෙන බව පෙනෙයි.
තම කථාවේ සෑහෙන දුරක් ගිය පසුව ඔහු තමන්ගේ ප්‍රශ්ණය ජවිපේ නායකයා වෙත යොමු කරන්නේය. ඔහුට ඇති ලොකුම ප්‍රශ්ණය වී ඇත්තේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමය.
හිටපු ජනාධිපති සිරිසේන මහතා මිනිසුන් එල්ලීම පිණිස කඹයක් ගෙනා මුත් එයින් වැඩක් නොගත් බවත්,මරණීය දණ්ඩනයට ලක්වූවන්ට කෑම බීම දෙමින් නඩත්තු කිරීම අපරාධයක් ලෙසත් හදවතේ පංසල තනාගෙන සිටින රම්‍යකාන්ත සිල්වාගේ අදහස ලෙස ඉදිරිපත් වෙයි. අවසානයේ ඔහු අනුර දිසානායක මහතාගෙන් විමසන්නේ ජවිපේ බලයට පැමිණි පසුව ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද යන්නය.
මෙහිදී ජවිපේ නායකයා ලබාදෙන්නේ පරිණත පිළිතුරකි.මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සාර්ථක ලෙස මැඬලීම මිස මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව ඔහුගේ අදහස විය. මේ සංවාදය දෙස බලාගෙන සිටි මගේ සිතට ඇතිවුණු ප්‍රශ්ණය වන්නේ විදෙස් රටක පුරවැසියන්වී සිටින මෙවැනි පුද්ගලයන් තමන් අතහැර දමා ආ රටේ ප්‍රශ්න ගැන කරදර වෙමින් අසහනයෙන් ජීවත්වන්නේ මන්දැයි යන්නය.
තමන් ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම සම්බන්ධයෙන් ඇමරිකානු සමාජයේ පවතින විවිධ අදහස් ගැන ඔහුට අවබෝදයක් ඇතිදැයි නොදනිමි.මරණ දඬුවම සක්‍රීයව පවතින ඇමරිකා එක්සත් ජනපදයේ කොතරම් සමූහ වෙඩි තැබීම් ඇතුළු මාරක අපරාධ සිදුවනවාදැයි මොහු දන්නවාදැයි නොදනිමි.නීතිය ක්‍රියාත්මක වීමේ බලවත් ගැටළු පවතින රටක මරණීය දණ්ඩනය සක්‍රීය කළහොත් සිදුවන්නේ කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවේ කතාන්දරයේ වැනි සිදුවීම් ඇතිවීම බව මේ වයස්ගත නොදරුවා නොදන්නා සේය...
...
ඉකොනෝ ඉහත පොස්ටුව මා දුටුවේ චමින්ද ජයසේන මහතා සටහන් කර තිබෙනවා.
ඔබත් තවත් එක් රම්‍යකාන්ත සිල්වා කෙනෙක් නේද?
හරි දැන් මෙච්චරයි...
ReplyDeleteඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..
එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..
ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.
මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.
ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .
( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )
ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.
ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍
එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.
ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️
දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...
තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..