Monday, October 9, 2023

මළ ගිය නැත්තෝ


"අපි ඇයට ෆර්නැන්ඩා කියා කියමු. ෆර්නැන්ඩා අපට හමු වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ බී කුටියෙන්. 

ෆර්නැන්ඩා පෘතුගීසි සම්භවයක් ඇති, වයස අවුරුදු පනස් හතක කාන්තාවක්. ඇඳ ඇතිරිල්ල මත කැපී පෙනෙන ඔලිව් පැහැති ඇගේ නිරෝගී සම දෙස බැලු විට දැකිය හැක්කේ මේ දැන් සාප්පු සවාරියක් ගොස් පැමිණි කාන්තාවකගේ පෙනුමක්. එහි දුකක හෝ වේදනාවක කිසිදු සලකුණක් පෙනෙන්නට නැහැ. පියැවී ඇති ඇගේ දෑස් වලට උඩින් දැකිය හැක්කේ කළු, ඝන ඇහි බැමි දෙකක්. තැනින් තැන පැසී ඇති කැරලි ගැසුණු කළු කොණ්ඩය මනාව සකස් කර තිබෙනවා. පාද පියකරුයි. මුහුණේ තිබෙන්නේ නිස්කලංක පෙනුමක්. සාමාන්‍ය මිනිසෙකු හුස්ම ගන්නා විට දැකිය හැකි රිද්මයෙන්ම ඇගේ පපුව උස් පහත් වෙනවා. ඈ හරියටම සුරංගනා කතා වල සිටින මායාකාරියක විසින් නින්දට යවා ඇති අයෙකු වගෙයි. ඇගේ පෙනුම මගේ පෙනුමට වඩා හොඳයි.

වෛද්‍ය සිසුන් හා සීමාවාසික පුහුණුව ලබන්නන් ඇතුළු අප කණ්ඩායම බලා සිටින්නේ වෛද්‍ය තෝමස් හිගින්ස් විසින් ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව නිවේදනය කරන තුරුයි. කාර්යාල පරිශ්‍රයේ බිම වැටී සිටියදී ඇගේ කාර්යාල සගයින්ට ඇයව හමු වෙනවා. ඔවුන් ඇගේ මුහුණට වතුර ගැසුවත් එය ආඝාතයට පිළියමක් නෙමෙයි. වෛද්‍ය හිගින්ස්ට අනුව, ඇයට කුඩා හිසරදයක් හැදී ඒ එක්කම වගේ සිහි විසංඥව යන්න ඇති. බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට අනුව ඇය නැවත යථා තත්ත්වයට පත් වීමේ ඉඩක් නැහැ. මොළය මිය යාම තහවුරු කරන කණ්ඩායම පැමිණ තිබෙන්නේ මේ බව නිල වශයෙන් තීරණය කිරීමටයි.

විදුලි පන්දමක් හා අයිස් වතුර ආදිය යොදාගෙන ඇගේ ප්‍රතිචාර දැක්වීම් නිරීක්ෂණය කිරීම පිණිස සරල පරීක්ෂාවන් කිහිපයක් කරනු ලබනවා. ඇස් වලට විදුලි පන්දම් එළිය. කන් වලට අයිස් වතුර. ඉන් පසුව ඔලුව දෙපසට හරවා බලනවා. මෙසේ කිරීමෙන් පසුව ඇයව වෙන්ටිලේටරයෙන් ගලවා ඇයට තනිව හුස්ම ගත නොහැකි බව තහවුරු කර ගැනෙනවා. 

අක්ෂි වෛද්‍යවරයෙකු විසින් ඇස් පරීක්ෂා කිරීම සඳහා ගන්නා කාලයට වඩා අඩු කාලයක් තුළ ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව තීරණය කෙරෙනවා. ඒ අනුව, එතෙක් නීතිය අනුව ජීවත් වන පුද්ගලයෙකු වූ ඇය නීතිය අනුව මිය ගිය අයෙකු වෙනවා. හදවත නැවතුනු අයෙකු නීතිය අනුව මිය යාම සහ මෙම මරණය අතර නීතිමය වෙනසක් නැහැ. 

ඒ එක්කම ඇයගේ "මිය ගිය" සිරුර නැවත වෙන්ටිලේටරයට සම්බන්ධ කෙරෙනවා. ඒ වෙනත් කිහිප දෙනෙකුට බද්ධ කිරීම සඳහා ඇගේ සිරුරේ අවයව නිරෝගීව තබා ගැනීමටයි. ඇගේ හෘදය නැවතත් පෙර මෙන්ම හොඳින් ස්පන්දනය වෙනවා. පෙනහළු පෙර මෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට මිය ගොස් සිටියත් ටික වෙලාවකට පෙර "පණ පිටින්" රෝහල් ඇඳ මත සිටි ෆර්නැන්ඩා සහ දැන් එහි "මිය ගොස්" සිටින ෆර්නැන්ඩා අතර කිසිම වෙනසක් නැහැ. ඈ මිය යාම භෞතික වෙනසකට වඩා සම්මුතියක්."

ඉහත කොටස ඩික් ටෙරසිගේ "මළ ගිය නැත්තෝ (The Undead)" පොතේ පූර්විකාවෙන්. මේ පූර්විකාවෙන් පටන් ගන්නා ජීවිතය හා මරණය පිළිබඳ සාකච්ඡාව පරිච්ඡේද ගණනක් දිගට ඇදී යනවා. එය වෛද්‍ය විද්‍යාව, නීතිය, දර්ශනය, සංස්කෘතිය ආදී මාන ගණනාවක් පිළිබඳ සාකච්ඡාවක්. 

"මරණය නියතයි" කියන එක ලංකාවේ ගොඩක් අයට පුරුදු පාඨයක්. ඇත්තටම මරණය නියතද? මරණය කියා නියත, නිශ්චිත අවස්ථාවක් තිබෙනවාද? එහෙමත් නැත්නම් මරණය කියා කියන්නෙත් සාපේක්ෂ සමාජ සම්මතයක් පමණක්ද? 

මරණය ගැන වැඩි වැඩියෙන් දැන ගනිද්දී වැඩි වැඩියෙන් පෙනෙන්නේ මරණය ගැන අපේ නොදැනුමයි. ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර සම්මතයක් මිසක් භෞතික වෙනසක් නෙමෙයි. එය පැහැදිලිව පෙනෙන්නේ එවැනි ඉරක් හොයා ගෙන ජීවිතය හා මරණය අතර සීමාව වෙත යන තරමටයි. තාක්ෂනය නිසා මේ ඉර කාලයක් තිස්සේ ජීවිතය පැත්තට ක්‍රමක්‍රමයෙන් තල්ලු වී ඇතත් ජීවිතය හා මරණය අතර වෙනස තනි ඉරකින් වෙන් කළ නොහැකි බව කාලයත් සමඟ වෙනස් වී නැහැ. 

පුද්ගලයෙකු මිය යාම කියා කියන්නේ සමාජ සම්මතයක් පමණයි. උපත වගේම තමයි. සම්මුතියක් නැත්නම් මිනිසෙකු උපදින හෝ මිය යන නිශ්චිත මොහොතක්ද නැහැ. කවුරු හෝ අයෙකු ජීවත් වන්නෙකු විය යුතුද නැත්නම් මිය ගිය අයෙකු විය යුතුද කියන එක තීරණය කරන්නේ වෙනත් අයයි. ඉතිහාසය පුරාම සිදු වුනෙත්, දැන් වෙන්නෙත් එයයි. වෙනත් කරුණු අතර ආර්ථික කරුණුද මෙම තීරණය කෙරෙහි විශාල ලෙස බලපානවා.

4 comments:

  1. හොඳ පෝස්ට් එකක් ඉකොනො, ඔයා මොකද ඇත්තටම හිතන්නේ මැදපෙරදිග රටවල මේ දිනවල පවතින බරපතල අර්බුදය පිළිබඳව?

    ඒ අස්සේ කට්ටියක් ආතල් කතාවක් කියෝනවා හමාස් එක ගහන බව මොසාඩ් එක දැනන් උන්නය​... ඒත් ගහන්න දුන්නය​... ඊට පස්සෙ ගාසා තීරය අතුගාලා දානවය​... ඊට පස්සෙ හමාස් පිටිපස්සෙ හිටියෙ ඉරානෙ කියල උන්ට ගහන්න පොටක් පාදගන්නවය​... ඊට පස්සෙ ඇමරිකා එක්සත් ජනපදය සහ ඇමරිකන් පරිවාර නේටෝ ආදී රටවල් එකතුවෙලා ඉරානෙට ගහලා එහෙ ඉස්ලාමීය ආණ්ඩුව පන්නනවාය ආදී වශයෙන්. 😂

    මරු කතාව​...

    ඒ සේරම හරි කියමුකො. මට තියෙන ප්‍රශ්නෙ, ස්ටේජ් එකකට නැග්ගාම බහින පැත්තවත් මතක නැති අවුරුදු අසූව පැනපු සිහිකල්පනාවත් නැති හද්ද ගොන් විහිළු සුප්‍රීම් කමාන්ඩර් අන්දරේ කෙනෙක් එක්ක ඉරානෙට ගහන්නෙ කොහොමද කියන එක? හරිම ලොල් සහගතයි නේද?

    ReplyDelete
  2. 'ඇගේ පෙනුම මගේ පෙනුමට වඩා හොඳයි'

    හොදයි.

    ReplyDelete
  3. ලංකාවේ මේ දවස්වල දස දහස් ගණනින් රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ?

    නෑ...

    දිගටම ලංකාවේ ඉඳගෙන ළමයි ලපටි හදාගෙන ගෙවල් හදාගෙන වහනයක් අරගෙන ගේමක් ගහගෙන වයසක දෙමාපියනුත් බලාගෙන හිටපු රටේත් යම්කිසි තැනක හිටපු මිනිස්සු යනකොට අපිට හිතෙන්නේ
    මොන මගුලටද යකෝ යන්නේ මේ ඔක්කොම තියාගෙන කියලාද?

    ඒ මිනිස්සුන්ට මහජන සම්පත ඇදුනේ නැහැ මචං, මොන level එකේ මිනිහත් අමුතුම ගේමක් ගහගෙන ඔලුව උස්සගෙන හිටියේ. පඩියක් තිබ්බ, රස්සාවක් තිබ්බ එහෙම නැත්නම් බිස්නස් එකක් තිබ්බ, මේව කරගෙන ගේමක් ගහගෙන මිනිස්සු ජීවත් වුනා.
    මිනිස්සුන්ව මාධ්‍ය හා දේශපාලනය එකතු වෙලා 2015 යහපාලනේ කියලා සහ 2019 වැඩකරන විරුවෝ කියලා හොඳට ඇන්දුවා

    මිනිස්සු රැවටුනා

    දැන් එහෙම 2015 යහපාලන බයිලාවක් ගහලා රටම රවට්ටපු එකාම දැන් රටේ පළාත් වල සමුළු සංවිධානය කර කර යනවා, අනිත් උනුත් ඒකම කරනවා රට වටේටම..

    ඇයි ලංකාව දාලා සල්ලි තියෙන මිනිස්සු පවා යන්නේ එහෙනම්?

    ඇමරිකන් පුරවැසි වැඩකරපු විරුවාගේ ඇමරිකන් ගොන් ආතල් නිසා රටටම කෙල වුනා ආර්ථිකය වැටුනා, අන්තිමට
    නහුතෙටම වැටිලා අපි බංකොලොත් රටක් වෙලා නැවතුනේ, එතකොට අපිම රට බේරගන්න හිතාගෙන 2022 අරගලයක් කරලා පට්ට පොරක් ගෙනාවා...

    ඉතිං බංකොලොත් රටේ තෙල් නැති වුනා ගෑස් නැති වුනා
    කන්න අදින්න නැති වුනා, රස්සාවල් නැති වුනා
    උද්දමනය වැඩි වුනා 80ට කාපු හාල් කිලෝ එක 200 පැන්න

    මිනිස්සුන්ගේ පඩිය එහෙම්මම තිබ්බ, මිනිස්සුන්ගේ බිස්නස් වැටුනා
    ගොඩ එන්න බැරි විදියටම වැටුන

    එත් මිනිස්සු ඉවසුව

    අන්තිමට රට ගොඩ ගන්න කියලා අරගලයෙන් පසුව පත්වූ ජනපතිඳා දරාගන්න කාටවත්ම බැරි තරමට නහුතෙටම tax ගහන්න ගත්ත. තෝරු මෝරු ඔක්කොම මග ඇරලා සාමාන්‍ය එදාවේල පඩියක් ගන්න එකාට නැතිවෙන්නම කෙලින්න ගත්ත, කුඩා ව්‍යාපාරයක් කරගෙන ඉඳපු මිනිහට හුස්ම ගන්න බැරිවෙන්නම කෙලිය tax නිසා ඒවගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වැසිලා ගිහින්, ලයිට් බිල් අම්බානක වැඩි වුනා, වතුර බිල් දරාගන්න බැරිතරමටම වැඩි වුනා, telephone බිල් බලන්න බැරිවෙන්න වැඩි වුනා, ගත්ත බැංකු ලෝන් වල පොලිය අම්බානකට වැඩි වෙලා වාරික වැඩි වුනා

    තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් වගේ අපනයන භෝග වල නිෂ්පාදන වියදම අම්බානක වැඩිවෙනකොට ආදායම ඒ ගානමයි, එතකොට වතු සහ අපනයන භෝග වැවිලි කර්මාන්ත වැහිලා ගියා

    රට වටේටම අපනයන කර්මාන්ත කරපු එකෙන් එක දිනෙන් දින වැටෙන්න අරන් කර්මාන්ත පුර පිටින් කම්හල් පිටින් වැහිලා සේවකයන් ලක්ෂ ගණනකට රැකියා නැතිවෙන්න ගත්ත, සමහර ඒවා ආණ්ඩුව හිතාමතාම වැට්ටුවා
    මිනිස්සුන්ගේ පඩිය ඒ ගානටම තිබ්බ,

    ජීවත් වෙන්න අමාරු ලෙවෙල් එකටම ආව, මාසේ පඩියෙන් ඉතුරු වෙලා අනාගතේ plan කරගන්න ගේම ගහපු මිනිස්සුන්ට අනාගතේ තියා මාසේ plan කරගන්න බැරි වුනා, මිනිස්සුන්ගේ ගොඩක් දේවල් ජීවිත වල කැප කරන්න වුනා, එක දේශපලුවෙක් එක දශමයක් කැප නොකර ලල් එකේ ඉන්නකොට
    මේ රටේ යමක් කරපු හැම උගත් මිනිහම උත්සහවන්තයාටම දරාගන්න බැරි තරමටම රට වෙනුවෙන් කැප කරන්න වුනා, මිනිස්සුන්ට ජීවත් වෙන එකත් මාර කට්ටක් කියන තැනටම වැටුන

    එත් හොරකම් දශමයක් අඩු වුනේ නෑ, අඩුවුණා නෙවෙයි තව වැඩිවුණා

    ඉතීන් හීනෙකින්වත් යන්න හිතපු නැති මිනිස්සු ඔක්කොම රට අතැරලා යන්න ගත්ත, සියලු ධන සම්පත් විකුණලා දාල ලංකාව කියන රටෙන් තොරෝන්චි වෙලා යන්නම යන්න ගත්ත,,

    ඒ මිනිස්සු ඒ රටේ ගිහින් බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕනේ, මේ වගේ කිසිම දෙයක් නෑ ,
    ඉන්න ගෙයක් නෑ
    වාහනයක් නෑ
    යාලුවෝ නෑ
    නෑදෑයෝ නෑ

    එත් මිනිස්සු හිත හදාගෙන යන්න වුනා

    යන හැම මිනිහගේ කටේම වචන කීපයක් තිබ්බ

    " බින්දුවෙන්ම පටන් ගන්න වෙනවා මචං, ලොකු කට්ටක් තමයි, එත් අවුරුදු 5-6ක් ඇද ගත්ත නම් ගොඩ දාගන්න පුළුවන් "

    ලංකවේ ඉඳල අපිට අවුරුදු 5-6කින් වත් ඔය ගොඩ යාම ගන්න බැහැ මචං
    මේ රටේ මුල ඉඳන්ම කුණුවෙලා ඉවරයි, මේක ආයේ හැදෙන ගහක් නෙමෙයි.

    මිනිස්සු යන්නේ ආසාවට නෙමෙයි, පේන අනාගතයක් ලංකාවේ නැති නිසා, නීතියක් රටේ නැති නිසා, රට අන්තෙටම දුෂණය වෙලා නිසා, රට ගැන අම්බානක කළකිරිලා

    යන හැමෝටම හැම අතින්ම සාර්ථක වෙන්න පතනවා. ජය වේවා. රට විනාස කරපු සහ ඒවට සහය දුන් හැම එකාටම ජාති ජාතිත් සාප වේවා..

    - ඉසුරු නිසල් -

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.