අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්‍රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ. බොහොම සංවරව උත්තර දෙනවා.
Hello, I am Lisa, the AKD AI Assistant. Let's make our country great together! Ask me anything, and I'll explain how we can achieve a brighter future for Sri Lanka. How can I assist you today?
ජනාධිපතිවරණය කටේ තියලා මේ වගේ උපාංගයක් බස්සලා තියෙන්නේ හොඳට පුහුණු කරලා, පරීක්ෂා කරලා විය යුතුයි. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් එළියට දමලා නැති නිසා මමත් ප්‍රශ්න කිහිපයක් ලීසා සහෝදරීගෙන් අහලා බලන්න හිතුවා. එක පාරටම මතක් වුනේ පසුගිය ලිපි කිහිපය තුළ කතා කරමින් සිටි මාතෘකාව. අහපු ප්‍රශ්න සියල්ලටම සුටුස් ගාලා උත්තර ආවා.
ඉදිරි 2025 වර්ෂයේදී කොපමණ රාජ්‍ය ආදායමක් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවද?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්.
What is
the planned government revenue in 2025 as a % of GDP?
The
planned government revenue for 2025 is targeted to be 20% of the Gross Domestic
Product (GDP). This goal is part of the National People's Power (NPP) strategy
to enhance economic stability and support various development initiatives. If
you have any more questions about the NPP's economic policies or other
initiatives, feel free to ask!
පොලී වියදම් අත හැරලා ඉතිරි රාජ්‍ය වියදම කොයි මට්ටමේ තියාගන්නද සැලසුම් කරලා තියෙන්නේ?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක්.
What is
the planned government expenditure excluding interest payments in 2025 as a %
of GDP?
The
planned government expenditure excluding interest payments for 2025 is targeted
to be 25% of the Gross Domestic Product (GDP). This expenditure plan is part of
the National People's Power (NPP) strategy to ensure effective allocation of
resources towards essential services and development initiatives. If you have
more questions about the NPP's economic plans or any other topics, just let me
know!
එතකොට පොලී ගෙවීම් එක්ක රාජ්‍ය වියදම?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක්.
The
total expenditure, including interest payments, is planned to be 30% of the
Gross Domestic Product (GDP) in 2025. This comprehensive expenditure plan
reflects the National People's Power (NPP)'s commitment to managing the
country's financial responsibilities while investing in development
initiatives. If you have any further questions or need more information, feel
free to ask!
පසුගිය 2023 අවුරුද්දේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%යිනේ. දැන් ඕක 2025 වෙනකොට 20%ක් කර ගන්නේ කොහොමද?
1. දැනටත් වඩා වැඩියෙන් වැඩි ආදායම්ලාභීන්ගෙන් බදු ගන්නවා. මේ වැඩෙන් රජයේ ආදායම වැඩි කරගන්න ගමන් ආදායම් විෂමතා අඩු කරන්නත් පුළුවන්.
2. බදු ක්‍රමයේ හිල් වහලා, බදු නිදහස් කිරීම් ඉවත් කරලා බදු පදනම පුළුල් කර ගන්නවා.
3. බදු පැහැර හැරීම් අඩු කරලා බදු ගෙවීම් වැඩි කර ගන්න තාක්ෂනය යොදා ගන්නවා.
4. සමහර විට වැට් බදු අනුපාතය තවත් වැඩි කරන්න සහ දැනට වැට් අය නොකරන දේවල් වලටත් වැට් ගහන්න වෙයි.
5. සමාගම් විසින් ආදායමෙන් සාධාරණ පංගුවක් බදු ලෙස ගෙවන පරිදි බදු අනුපාත සංශෝධනය කරනවා. ඒ වගේම බදු ක්‍රමයේ හිල් වහනවා.
6. දේශීය හා විදේශීය ආයෝජන ඉහළ යන වටාපිටාවක් හදනවා. එයින් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ ගිහින් බදු ආදායම් ඉහළ යනවා.
7. ස්වභාවික සම්පත් මත සාධාරණ බද්දක් අය කරලා රජයේ ආදායම් වැඩි කරගන්නවා.
8. බදු ගෙවීමේ වැදගත්කම ගැනත්, බදු මුදල් වලින් කරන දේවල් ගැනත් මහජනතාව දැනුවත් කරනවා.
To
increase government revenue from around 11% of GDP in 2023 to 20% of GDP by
2025, the National People's Power (NPP) has outlined several strategies,
particularly focusing on tax reforms and enhancing efficiency in revenue
collection. Here are some key strategies:
1. Progressive Taxation: Implementing a more progressive tax system
where higher income brackets are taxed at higher rates. This aims to reduce
inequality while increasing revenue.
2. Broadening the Tax Base: Expanding the tax base by reducing
exemptions and loopholes, ensuring that more individuals and businesses
contribute to the tax system.
3. Improving Tax Compliance: Strengthening tax administration to
enhance compliance and reduce tax evasion. This includes investing in
technology for better tracking and enforcement.
4. Value Added Tax (VAT) Reforms: Reviewing and potentially
increasing VAT rates or expanding the range of goods and services subject to
VAT to boost revenue.
5. Corporate Tax Reforms: Revising corporate tax rates and ensuring
that corporations pay their fair share, possibly through closing loopholes and
ensuring compliance.
6. Encouraging Investment: Creating a favorable environment for
local and foreign investments, which can lead to increased economic activity
and, consequently, higher tax revenues.
7. Enhancing Revenue from Natural Resources: Implementing fair
taxation on natural resource extraction to ensure that the government benefits
from these sectors.
8. Public Awareness Campaigns: Educating the public about the importance
of tax compliance and how tax revenues are utilized for public services.
These strategies are designed to create a more equitable and efficient tax
system, ultimately aiming to achieve the revenue target while supporting
economic growth. If you have more questions or need further details, feel free
to ask!
හරි. දැන් ඔය කියපු විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවනේ. ඒක හොයා ගන්නේ කොහොමද?
1. ණය අරගෙන
2. විදේශාධාර වලින්
3. සල්ලි අච්චු ගහලා
4. රාජ්‍ය දේපොළ විකිණීමෙන් හා පෞද්ගලීකරණය කිරීමෙන්
5. රාජ්‍ය-පෞද්ගලික හවුල්කරිතාවයන් මගින්
6. දැනට ලැබෙන සල්ලිම වෙනත් දේවල් වලට යෙදවීමෙන්
7. ආදායම වැඩි කර ගැනීම මගින්
(ඔය උත්තර වලින් අන්තිම උත්තර දෙක පැහැදිලි ලෙස වැරදි උත්තර. මොකද අයවැය හිඟයක් කියන්නේ ඔය දේවල් කළාට පස්සේ ඉතිරි වන හිඟයක්. කෘතීම බුද්ධි උපාංගයකට එය පුහුණු කළ දත්ත වල තියෙන විදිහේ උත්තර මිසක් ඊට වඩා නිවැරදි උත්තර දෙන්න බැහැ.)
1. Borrowing:
The government may issue bonds or take loans from domestic and international
financial institutions to cover the deficit. This can include treasury bills,
bonds, or loans from development banks.
2. Foreign Aid and Grants: Seeking assistance from foreign
governments or international organizations can provide additional funding to
help bridge the deficit.
3. Monetary Financing: In some cases, the central bank may finance
the deficit by purchasing government bonds, effectively increasing the money
supply. However, this approach must be managed carefully to avoid inflation.
4. Asset Sales: The government may consider selling non-essential
state assets or privatizing certain state-owned enterprises to raise funds.
5. Public-Private Partnerships (PPPs): Engaging in partnerships
with the private sector for infrastructure projects can also provide financing
while sharing the risks and benefits.
6. Reallocation of Existing Budgets: The government may look for
areas within the current budget where funds can be reallocated to cover the
deficit without compromising essential services.
7. Increasing Revenue: As previously discussed, implementing
strategies to increase tax revenue can also help reduce the deficit over time.
These financing methods are part of a broader fiscal strategy to manage the
budget deficit while ensuring that essential services and development
initiatives continue to be funded. If you have more questions or need further
information, just let me know!
දැන් තියෙන මහ බැංකු පණත අනුව සල්ලි අච්චු ගහන්න බැහැනේ. ඒ කියන්නේ මහ බැංකු පණත වෙනස් කරනවද?
ඔව්. දැන් තිබෙන මහ බැංකු පණත සීමාකාරී වැඩි නිසා ඒක වෙනස් කරන්න වෙනවා.
But the
current central bank act restricts monetary financing. Do you plan to change
the act?
The National People's Power (NPP) recognizes the importance of maintaining a stable monetary policy and the restrictions that the current central bank act imposes on monetary financing. While the act is designed to prevent excessive money printing and inflation, the NPP is committed to exploring necessary reforms that ensure fiscal sustainability while adhering to sound economic principles.
Any potential changes to the central bank act would be approached with caution,
focusing on:
1. Maintaining Independence: Ensuring that the central bank remains
independent in its operations to effectively manage inflation and monetary
policy.
2. Balanced Approach: Considering amendments that allow for more
flexibility in financing without compromising the integrity of monetary policy.
3. Public Consultation: Engaging with stakeholders, including
economists, financial experts, and the public, to gather insights and opinions
on potential reforms.
4. Focus on Sustainable Growth: Any changes would aim to support
sustainable economic growth while managing the budget deficit responsibly.
The NPP is committed to transparency and accountability in its approach to
economic reforms, ensuring that any changes made serve the best interests of
the country and its citizens. If you have further questions or need more
details, feel free to ask!
මේක "වෙළඳ දැන්වීමක්" වුනත් ප්‍රචාරය කරන්න පෙළඹුණේ හේතු කිහිපයක් නිසා. එකක් මේක ටිකක් ඉදිරිගාමී වැඩක්. ආර්ථික අර්බුදය වෙලාවේ ආණ්ඩුව මේ වගේ දෙයක් කළානම් මිනිස්සු රටේ ඇත්ත තත්ත්වය ගැන හොඳින් දැනුවත් කරන්න තිබුණා. ඒ අතින් මාලිමාව ඉදිරිගාමීයි.
අනෙක් පැත්තෙන් මාලිමාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනගත කරන්න මාර කට්ටක් කද්දී රටේ ගොඩක් අයට මාලිමාව ඇවිත් මොකක් කරයිද කියන ප්‍රශ්නය ඉතිරි වෙලා තියෙනවා. මේ "වෙළඳ දැන්වීම" ඒ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා තොරතුරු අසමමිතිය අඩු කරන්න පොඩ්ඩක් හරි උදවුවක් වෙයි කියලා හිතෙනවා. එවිට ඔය ගැන අහන්න ගිහින් යාලුකම් නැති කරගන්න එහෙම අවශ්‍ය නැහැනේ. ඒ වගේම, මාලිමාව පැත්තේ ඉන්න අයට වුනත් විරුද්ධවාදීන් අහන ප්‍රශ්න වලට උත්තර නැත්නම් ලීසා සහෝදරීගෙන් උදවුවක් ගන්න පුළුවන්.
ලින්ක් එක කෙළින්ම දාන එකේ අවුලක් තියෙනවා. AKD ගහලා තිත තියලා LK ගහලා බලන්න. කැමති ඕනෑම ප්‍රශ්නයක් කෙළින්ම අහලා සැක දුරු කරගන්න.
ලීසාව සමාන්‍යය ජවිපෙ/මලිමා පාක්ෂිකයන්ගෙන්, හරියටම කිව්වොත් වහල්ලුන්ගෙන් පරිස්සම් කරගන්න වෙයි.. නැත්නම් හෙටානිද්දා මොනා හරි අහද්දි http වලින් උත්තර හම්බෙන්න පුළුවන්.. :)
ReplyDelete🤣👌
Delete+++++++++++++++++++++++++
Deleteකොහෙ පරිස්සම් කරගන්නද? ආන්න ලීසාව වගකීම් වලින් අයින් කරවලා. ලීසා සහෝදරීට වෙච්ච දේ හරිනී සහෝදරියටත් වේවිද? ☹️🤔
Delete+++++++++++++++👌💐
ReplyDelete😂😂😂
ReplyDeleteඅලුත් අලුත් දේ නොකරන පක්ෂ යාවි වියැකී
ReplyDeleteඅලුත් තාක්ෂණයෙන් වැඩ ගැනුම ඉතා යෙහෙකී
දෙකට බෙදුණු හොර නඩවල හැටි හෙළිවෙන සෙයකී
පළ දෙන්නේ පව්- දේටයි උන්දැල පෙර කළ කී
ඔය කොයික ආවත් මහ වෙනසක් වෙන්නෙ නෑ. ලන්කාවෙ මිනිස්සුන්ගෙ කැපෑසිටි එකටතමයි රට . ගෝට තරම් බදු අඩුනොකර හිටියම අවුරුදු 5ක් ඇදගෙන යන්න පුලුවන්. මිනිස්සුත් හැම එකාටම බැන බැන ඔය විදියටම ජීවත් වෙයි
ReplyDelete+++++++++++
Deleteමෙහෙම කියන උන් තමයි ලංකාව මේ දක්වාම විනාස කලේ කාලකන්නි වසර 76 ට හේතුව ඕක තමයි, නමුත් ඔය සේරම එකමිටට පරද්දන්න මේ සැරේ ජනතාව එකතු වෙලා විශාල සමාජ පරිවර්තනයක් කරනවා සැප්තැම්බර් 21 වෙනිදා සිට ඔය වගේ මෝඩ තකතීරු පුහු තර්ක සේරම ඔය හාමුලාත් එක්කම එකමිටට පරාජය කරනවා කරනවාමයි. ඕව කියපු උන්ට යන්න තැනක් නැතිවෙයි එදාට...! මඩ කරියන්ට නිසි විපාක හිමිවෙයි ඉක්මනින්ම.
Deleteමඩ කරියන්ට නිසි විපාක
Deleteමලිමාවට මඩ ගහන්නේ මේ රට කාබාසිනියා කරපු උන් ගැන පේන්නේ නැද්ද? උන් ගැන ලියපන්. එක එකාගේ සල්ලි වලට කඩේ යන්නේ නැතුව.
ReplyDeleteඇයි උඹ බබාද ජෙප්පො ඔය කියන හැම කාබාසිනියාවකටම සම්බන්ද්‍යි කියලා නොදැන ගන්න.. එක අතකින් වෙන්නත් පුළුවන්.. මාලිමාවට් කඩෙ යන, මහා ලොකුවට කෑ ගහන හුගක් උන් 2009 න් පස්සෙ ඉපදුන බබාලා. එහෙම නැත්නම් ඉතිහාසය අමතක වෙච්ච ඇල්සයිමර් කාරයො.. නැත්නම් ඉතින් උන් මාලිමාවට කඩේ යන්නෙත් නෑනෙ..
Deletehttps://www.akd.lk/ එකට ගිහින් බැලුවා. මෙහෙම එකක් හම්බුනේ නෑ.
ReplyDeleteලීසා සහෝදරී පේන්න නෑ තමයි. වගකීම් වලින් අයින් කරලා වගේ. :)
Deleteඉකොනෝ ඔබගේ ආර්ථික දැනුම හරිම ප්‍රාථමිකයි.. ගූගල් එකෙන් හොයලා ඒකේ එන විකාර බහුබූත සිංහලට හැරෙව්වා කියලා සත පහකට වැඩක් නෑ හැබැයි ඉතින් ඒකට දුක් වෙන්න එපා මේ ලෝකෙම හොඳම ආර්ථික විද්‍යාඥයා කියලා තියෙනවා. (ලංකාවට ආපු) ආර්ථික විද්‍යාව එයාටවත් පීරිසිඳ තේරෙන්නෙ නෑ. මොකද හේතුව ඒකේ එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් විභේදන අතිවිශාල ගොඩක් තියෙන නිසා කියලා. තවත් උදාහරණයක් ගමු මේ ලෝකේ ඉන්න හොඳම දොස්තරවරයා වන ජීවක නම් වෛද්‍යවරයාට ඉස්සෙල්ලා ඉගැන්නුවා මෙන්න මෙන්න මෙන්න මේ ගස් වලින් මෙන්න මේ බේත් හදන්න පුළුවන් කියලා නමුත් අන්තිම පාඩමේ ඔප්පු කරලා පෙන්නුවා බේතකට ගන්න බැරි ගහක් මේ ලෝකේ නෑ කියල. ආර්ථික විද්‍යාවත් ඒ වගේ දෙයක්. තවත් උදාහරණයක් ගත්තොත් සත්ව පුද්ගල සංඥාව වගේ. තවත් උදාහරණයක් දෙන්නම් රටක් දියුණු වෙන්නේ ඒක පුද්ගල ආදායම හැටියට නම් ලෝකයේ දියුණුම රට ලංකාව. මොකද පහුගිය 76 වසර පුරාම රට පාලනය කල කොල නිල් තට්ටුමාරු වලව්කාර අපත හැතිකරය මහබැංකුව කඩලා ඒකට උත්තරේ විදියට ඉවක් බවක් නැතුව ට්‍රිලියන ගනන් සල්ලි අච්චු ගහපු හැටියටයි ඡන්ද වැඩිකරගන්න හිතාගෙන රජයේ සේවකයන්ට පඩි වැඩි කරපු හැටියටයි.
ReplyDeleteදැන් මේ ලීසා සහෝදරිය පේන්න නෑ.
ReplyDeleteමේකත් මාලිමා ආන්ඩුවක් ආවොත් වෙන දේ ගැන ප්‍රායෝගිවම දැක බලා ගන්න පුලුවන් උනු අවස්ථාවක්.
තමන් නව තාක්ෂණය සමග ඉන්නවා කියලා මිනිස්සුන්ට පෙන්වන්න AI තාක්ශණය , ලීසා සහෝදරිය පාවිච්චි කලා. හරියට දැන් තමන් මද්‍යස්ථ මථධාරීන් සමග වැඩ කරන්න පුලුවන් කියලා පෙන්වන්න හරිනිලා පාවිච්චි කරනවා වගේ.
හැබැයි තමන්ටත් නොතේරෙන AI මොඩලය තමන්ට බැක් ෆයර් වෙන බව දැන ගත්තම ලීසාව අකුල ගත්තා. ඔයවගේ තමයි ඉස්සරාට හරිණි ප්‍රමුඛ මාලීමාවේ මධ්‍යස්ථ පිරිසටත් ජේවිපි කාඩරයේ ගිලටීනයට අහුවෙන්න වෙන්න. ඒකට නම් කමක් නෑ කියමුකො..ඒක ඒගොල්ලන්ගෙ කැමැත්තනේ.
ප්‍රශ්ණෙ වෙන්නේ ආර්ථිකය සම්බ්න්ධයෙනුත් මේවගෙ තමන් නොදන්න අත්හදා බැලීම් තමයි ජෙප්පො කරන්න හිතන් ඉන්නේ. අන්න ඒක බැක් ෆයර් වෙන දවසට තමයි රටටම පරිප්පු කන්න වෙන්නෙ. මැතිවරණ වේදීකා වල, කොන්ටම් ලීප්, ඒ අයි, කියලා මිනිස්සු රවට්ටනවා වගේ ආර්ථික විද්‍යා මූලධර්මවලට බොරු කරන්න බෑ.
ඕක සරලව මිනිස්සුන්ට කියලා දෙන ඉකොන් වගේ අයත් එක්ක මේ මිනිස්ස්සු වෛරයෙන් ඉන්න විත්තිය, උඩ කමෙන්ට් බැලුවම පේනවා.
"ඉතාම තීරණාත්මක අවස්ථාවලදී සියලුම දෙනා එකම සැලසුමකට එක් පණිවිඩයට ක්‍රියාත්මක වීමටද මෙය උපකාරී වනු ඇත."
Deleteමේක ඔය උඩ කමෙන්ට් එකකින් ගත්තෙ. මේක ඇත්තක්නම්, ඇත්තටම ලියුවෙ ජෙප්පෙක්නම් මේක බොහොම බරපතල, භයානක ප්‍රකාශයක්.. මොකද මෙයාලට මේ වගේ තීරණාත්මක අවස්තාවක් උදා වුන මැයි 9 වෙනි දා? කඩු පොලු අතේ තියාගෙන හයි වේ එක බලෙන් අත් අඩංගුවට අරගෙන වාහන චෙක් කෙරුවෙ...
මඩ කරියන්ට නිසි විපාක
Delete